ශ්‍රි ලංකා පුරාවිද්‍යාව

ලාංකේය මානවයා ගේ අතීත කතාව අදින් වසර 250,000 ඉක්මවා යන බව සියවසරක කාලය ඉක්මවා යන පුරාවිද්‍යා පර්යේෂණ හා අධ්‍යයන තුළින් පෙන්වා දී ඇත. වසර සියදහසක් ඉක්මවා යන මෙම ගමනේ දි අප ගේ මුතුන්මිත්තන් විසින් තමන් ගේ පැවැත්ම තහවුරු කර ගැනීම හා අනන්‍යතාව ගොඩනඟා ගැනීම සඳහා නිරන්තරයෙන් විවිධ සංරචක වෙත සංවේදි වි ක්‍රියාත්මක වී ඇත. මේ අනුව අභ්‍යන්තර මෙන් ම බාහිර වශයෙන් ක්‍රියාත්මක වු පාරිසරික මෙන් ම සංස්කෘතික සාධක සමඟ ක්‍රියාත්මක විය. එ බැවින් ශ්‍රී ලංකා මානවයා ගේ යටගියාවේ කතාව ලෙස සටහන් වී ඇති ලාංකේය මානවයා කාලය හරහා අවකාශය තුළ සිදුකරන ලද ගමනේ දී මුහුණ දුන් එ මෙන් ම පසුකරන ලද සංසිද්ධීන් හා අවස්ථා පිළිබඳ ව සුවහසක් වි පිළිබඳ ව සුවහසක් විශ්විය ජනයා ඥානනය කිරීම මෙම වෙබ් අඩවියේ උත්සාහය වේ.

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 9: මුල් කෘෂිකර්මය හා කෘෂිකාර්මික ජනාවාස

වර්තමාන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා මිහිමත පූර්ණ වශයෙන් පරිණාමය වීම දළ වශයෙන් අදින් වසර 200,000-300,000...

මානව පරිණාමයේ නොනවතින සංවාදය‍ 8: නූතන මානවයා නවලොව ජනාවාසකරණය කිරීම

නැගෙනහිර අප්‍රිකාවේ දී පරිණාමය වූ නූතන මානවයා අප්‍රිකාවෙන් පිටවී යන්නේ අදින් වසර 150, 000කට පමණ පෙර අවධියේ ය....

නවතම ලිපි

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

නාණක විද්‍යාවේ හා පුරාවිද්‍යාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද ශ්‍රාස්ත්‍රීය මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා ජීවිතකාලයේ දී එක්වරක් පමණක් ලබාගත හැකි Sri Lanka Foundation International(SLF INT) සම්මානයෙන් පිදුම් ලැබීය. ඔස්මන්ඩ්...

සෙල්ලිපි කියවීම මුල සිට ඉගෙන ගැනීමට නව පාඨමාලාවක් 2022

සෙල්ලිපි කියවීම පිළිබඳ පාඨමාලාව අප ආයතනයේ අධ්‍යාපනික කටයුතු මෙහෙයවන පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මගින් සෙල්ලිපි කියවීම පිළීබඳ උනන්දුවක් ඇති එය මුල සිටම ඉගෙන ගැනීමට රුචියක් දක්වන අය වෙනුවෙන් නවතම...

ප්‍රාග් ඉතිහාසය පාඩම් මාලාව

අභිලේඛන හා පුරා අක්ෂර විද්‍යාව

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්

මහින්ද, භද්‍රසාල, ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා කරවීමක් එහි අන්තර්ගතය තුළ දක්නා ලැබේ. දෙවැන්න කාල අවකාශීය වශයෙන් ක්‍රි. පූ. දෙවැනි සියවසi  තරම් ඈත අතීතයකට අයත් වූවක් වන අතර වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේii  පර්වත තලයක් මත පිහිටි ගරා වැටුණු ස්තූප ගොඩැල්ලකට ආසන්නයේ කොටවා තිබී සොයා ගන්නා ලද්දකි.

ඇමසන් මහ වනය මැදින් සොයාගත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් සහිත සිස්ටන් දෙව්මැදුර

ඇමසන් වනයේ කොලොම්බියා රාජ්‍යට අයත් කොටසේ වනය තුළින්  සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පියැසි සංකීර්ණයක  ඇති ප්‍රාග්ඓතිහාසික...

උතුරු මැද පලාතේ ස්ථාන කිහිපයකින් අප්‍රකාශිත ශිලාලේඛන සොයා ගැනේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් උතුරු මැද පලාතේ සිදු කරන ලද කේෂත්‍ර නිරීක්ෂණකයදී අප්‍රකාශිත ශිලා ලිපි කිහිපයක් සොයා ගෙන ඇත.

වාරි පුරාවිද්‍යාව

පොළොන්නරුව නගරයේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ (ඇතුළු නගරය) ජල කළමනාකරණය

ඩී.එම්. සුදර්ශන දිසානායක පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය. මානව සංහතියේ පැවැත්ම...

වළවේ උප නිම්නයේ පුරාණ වාරි තාක්ෂණය හා කෘෂි සභ්‍යත්වය : වේළිඔය උප නිම්නය ඇසුරින්

ඩී.එම්. නිරෝෂා උදයංගනී පර්යේෂණ නිලධාරිණි (පුහුණු වන), මධ්‍යම සංස්කෘතික අරමුදල, අභයගිරි...

ලංකාවේ වාරි තාක්‍ෂණය හා එහි තිරසාරත්වය උදෙසා බල පෑ සමාජ හා තාක්‍ෂණික සාධක පිළිබඳ විමසුමක්

චන්දිම බණ්ඩාර අඹන්වල සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය,...

ඓතිහාසික පුරාවිද්‍යාව

සත්ව පුරාවිද්‍යාව

වාස්තු විද්‍යාව හා නිර්මිත පරිසරය

ථූපාරාමය ආරාම සංකීර්ණය, අනුරාධපුරය

මහින්දාගමනයෙන් පසුව මෙරට ඉදිකරනු ලැබූ ප්‍රථම දාගැබ වශයෙන් මහාවංසගත වන්නේ අනුරාධපුර ථූපාරාමය චෛත්‍යය යි. මීට ප්‍රථමයෙන් මහියංගනය සහ ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකර තිබුණ ද ඒ පිළිබඳව ලිඛිත සාධක ප්‍රකට නොවේ. අනුරාධපුර ථූපාරාමය ආරාම සංකීර්ණය හුදෙක් එක් චෛත්‍යයක් පමණක් නොව ස්තූපය හා සම්බන්ධිත විහාර සංකීර්ණයක් වශයෙන් සැලකිය හැකි ය.

පොළොන්නරුව නිර්මිත පරිසරය තුළින් ඉස්මතුවන හින්දු ආගමික ගෘහ නිර්මාණ ශිල්පය

පොළොන්නරු යුගය ට අයත් විහාර, ගොඩනැඟිලි, මාළිගා මෙන්ම, අනෙකුත් ගෘහනිර්මාණයන්ගෙන් යුක්ත වූ පුරාණ නිර්මිත පරිසරය හුදෙක් ම පූර්ව මධ්‍යම සමයට අයත් ගොඩනැඟිලි කර්මාන්තයෙහි ඇති සැලැස්ම හා විශේෂාංග ලක්ෂණ මත පිහිටා ඇත. ඇතැම් තැන්වල දී පල්ලව, චෝළ, පාණ්ඩ්‍ය හා වෙනත් විදේශයන්ගේ ගෘහනිර්මාණ ආභාෂයෙන් මෙන් ම විලාශයන්ගෙන් ද සම්මිශ්‍රණය වූ බව පෙනේ.

කොළඹ, ලන්දේසි බලකොටුව හා එහි අවශේෂ

ක්‍රිෂේන් ‌මෙන්ඩිස් ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලය කොළඹ නැතහොත් කොළොන්තොට, කෝට්ටේ යුගයට පෙර...

මාතර, රත්මලේ දෙ මහල් අම්බලම

බැරගම සද්ධානන්ද හිමි ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම දකුණු...

රුවන්වැලි සෑයෙහි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ

කේ.එච්. තිලිනි දුමින්ද්‍යා පුරාවිද්‍යා නිලධාරි, ආළාහන පරිවෙන ව්‍යාපෘතිය, පොළොන්නරුව. රුවන්වැලි සෑය ඓතිහාසික වශයෙන්...

මග්ගානුමග්ග : ලංකාවේ ඓතිහාසික මාර්ග පද්ධතිය

ඓතිහාසික යුගයේ දී ශී‍්‍ර ලංකාවේ භාවිත වූ මාර්ග පද්ධතිය පිළිබඳ දැනුම ඓතිහාසික මුලාශ‍්‍රයවල ඉදහිට වාර්තාවන තොරතුරු, බි‍්‍රතාන්‍ය පාලන සමය තුළ ගවේශන ආශ‍්‍රිත තොරතුරුවලට සීමා වී පැවතිණ.  මෑත කාලීන ගවෙිශන පදනම් කර ගනමින් ක‍්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ සිට ක‍්‍රිස්තු වර්ෂ 13 වන ශත වර්ෂය දක්වා කාලය තුළ භාවිත වූ මාර්ග පද්ධතියේ ව්‍යාප්තිය එහි ගති ලක්ෂණ සහ එම මාර්ග පද්ධතිය යළි ගොඩනැඟීමට මෙහි දී අවධානය කරනු ලැබේ. දේශපාලන ස්ථාවරත්වය හා ප‍්‍රබලත්වය, ආර්ථික වර්ධනය, ආගමික සංස්ථාන්හි බහුලත්වය ආදී සාධක මාර්ග පද්ධතිවල ස්ථාවරත්වය හා ව්‍යාප්තිය සමග බැදී පැවතිණ. දකුණු ආසියාවේ සම කාලීන රාජ්‍යයන්හි පැවති මාර්ග පද්ධතිවල අනුගමනය කරන ලද තාක්ෂණ ක‍්‍රමවේදයන් සහ විධි නියමයන් ශී‍්‍ර ලංකාවේ ජාතික මාර්ග පද්ධතිය තුළින් ද  දක්නට ලැබේ. දිවයිනක් ලෙස පිහිටා තිබීමේ භූගෝලීය ප‍්‍රවේශය සමග අන්තර්ජාතික දිගු මුහුදු වෙළෙඳ මාර්ගවලට තිබි සබඳතාව ද නිසා අගනගරවල සිට ප‍්‍රාදේශීය හා ප‍්‍රත්‍යන්තයන් සම්බන්ධ කළ මාර්ග පද්ධතියට අදාළ යටිතල ව්‍යුහයක් ස්ථාපනය වී පැවතිණ

අනුරාධපුර යුගයේ සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය හා කලාව

ප‍්‍රස්තූත විෂය කරුණ අරඹයා විමර්ශනයක යෙදීම මෙම ලිපියේ අරමුණ වන අතර එය දුෂ්කර කර්යයක් ද වනු ඇත. සාහිත්‍යයික හා ප‍්‍රායෝගික තොරතුරු සමුදායකින් සුසැදි තත් යුගයේ ඉහත විෂය සුවිසල්, පුළුල්ව විසිරි පවත්නා පරාසයක් නිසාවෙනි. මුඛ්‍යාර්ථ සාහිත්‍යයෙහි ලා අවධානය යොමු කරමින් සම්පිණ්ඩණාත්මක විමසුමක යෙදෙන්නට වැඩිමනක් අදහස් කරමි.

අනුරාධපුරයේ තිසාවැව ආසන්නයේ පිහිටි පැරණි වෙස්සගිරිය

ශකිල රාජකරුණා මහින්දාගමනයත් සමඟ ව්‍යාප්තව යන ලක්දිව බෞද්ධ පුනර්ජීවනය රාජ්‍යත්වයේ...

ඔබේ දැනුම උරගා බලන්න

ජලාශ්‍රීත පුරාවිද්‍යාව

අප හා එක්වන්න

අප හා සහ්බන්ධ වී අපගේ ඉදිරි කටයුතු නවගම ලිපි හා පුරාවිද්‍යාවට අදාල විවිධ වැඩ සටහන් වලට සම්බන්ධ වීමට අපගේ තැපැල් ලැයිස්තුව එක්වන්න.

පැරණි තාක්ෂණය

පොළොන්නරුව ආළාහන පරිවෙණ හා තදාශ‍්‍රිත ලෝහ කර්මාන්තය (නිස්සාරණය, නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්)

සමස්ත අධ්‍යයනයෙහි ලා ඉස්මතු වූ විශේෂ කරුණක් වන්නේ පොළොන්නරුව ආළාහන පරිවෙණ ආශ‍්‍රිත ව වර්ධනය වූ ආරාමික ලෝහ තාක්‍ෂණ සම්ප‍්‍රදායයක් පැවැති බවයිි. මන්දයත් හමු වී ඇති ලෝහ භාණ්ඩයන්ගෙන් වැඩි ප‍්‍රමාණයක් මෙම කොටසින් ලැබුණු ඒවා ය. එම ලෝහ භාණ්ඩ සංචිතය තුළ වූ සියලුම ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කරන උපකරණ ආරාමික ක්‍ෂේත‍්‍රය තුළින් හමුවීම මේ සඳහා තුඩුදුන් ප‍්‍රධාන සාධකය වේ. ආගමික සංකේත සහිත ශී‍්‍ර සංඛ කාසිය ආරාමික නිෂ්පාදිත පරිශ‍්‍රයන්හි නිෂ්පාදනය කළ බවට සාධක හමු වේ. ආරාමික ලෝහ කර්මාන්තයක් තිබුණු බැව් තහවුරු වන නමුත් එම කාර්යය සිදු කරනු ලැබුවේ භික්ෂූන් ද නැතහොත් ගිහියන් ද නැතහොත් භික්ෂු උපදේශකත්වය යටතේ ගිහියන් විසින් සිදුකළේ ද යන්න පිළිබඳ නිරවුල් කරගත හැකි සාධක නොවී ය. අභයගිරිකයන් විසින් රැකගෙන ආ එම සම්ප‍්‍රදාය පොළොන්නරු යුගයේ ආළාහන පරිවෙණ කේන්ද්‍ර කොටගෙන ද වර්ධනය වන්නට ඇති බව නිගමනය කළ හැකි ය.

පොළොන්නරු යුගයේ කාසි නිෂ්පාදන තාක්‍ෂණය

වාත්තු තාක්‍ෂණය එසේ වුව ද මුද්‍රා හා පීඩන තාක්‍ෂණයේ දී විශේෂ ශිල්පීය නිපුණතාවක් තිබිය යුතුවා සේම මනා පළපුරුද්දක් තිබිය යුුතු බව පෙනේ. මේ සඳහා මුද්‍රා සකස් කිරීමේ දී වාත්තු අච්චුවල මෙන් කාසියේ ඝණත්වයෙන් හරි අඩක් මුද්‍රාවේ නිර්මාණය නොකෙරුණ බව සමීප නිරීක්‍ෂණය මඟින් හඳුනාගත හැකි විය. ඒ ආකාරයෙන් අච්චු දෙක එක්වූ කල නිර්මාණය වන කාසියේ ඝණත්වය සම තත්වයක තිබිය යුතු ය. එහෙත් එකම කාසියේ විවිධ ඝණත්වයන් දක්නට හැකිය.

අතීත ශ‍්‍රි ලාංකේය දුනුවායා හා ඔහුගේ අවිආයුධ

එච්.එම්. ඉසුරු හේරත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. ඉපැරණි ශ‍්‍රි ලාංකේය යුද්ධ විද්‍යාව (War...

ශී‍්‍ර ලංකාවේ පුරාණ මැටි බඳුන් (පුරාවිද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ විමසුමක්)

ලෝක මැටි බඳුන් භාවිතය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක දී විශේෂ අවධානයක් යුරෝපියානු කලාපයට හිමි වේ. මැටි බඳුන් නිර්මාණය හා භාවිතය කෙරෙහි මානවයා නව ශිලා යුගයේ දී යොමු වන්නනට ඇති බව විශ්වාස කරන අතර එය යුරෝපියානු කාලාපය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූවක් බව විද්වත් පිළිගැනීම යි. ලෝක මැටි බඳුන් නිෂ්පාදනයේ සකපෝරුව සොයා ගත් ශිෂ්ටාචාරය ලෙස ඊජිප්තු ශිෂ්ටාචාරය හඳුනා ගැනීම ද ඒ අතර විශේෂ වේ. ආසියානු කලාපයේ පුරාණ මැටි බඳුන් භාවිතය පිළිබඳව පැරණිම සාධක අදින් වසර 12,000ක් පැරණි බව විද්වත් පිළිගැනීමයි. යුරෝපය වාසය කළ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයා ආසියාතික කලාපයට විසරණය වීමත් සමග මැටි බඳුන් තාක්‍ෂණය ද සංක‍්‍රමණය වන්නට ඇත. ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය ආසියානු කලාපයේ සෙසු රටවල් සමග සැසදීමේ දී සම කාලීන වේ. ඇතැමෙක් එය නවශිලා යුගයේ සිදුවූවක් බව තර්ක කළ ද පිළිගැනීමට ප‍්‍රමාණවත් සාධක මෙතෙක් නොමැති තරම් ය. දකුණු ඉන්දියානු කාල රක්ත මැටි බඳුන් හා සම කාලීන ව ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය සිදු වූ බව පිළිගැනීම යුක්ති සහගත ය.

කොත්මලේ ජලාශයෙන් යට වී ගිය ලෝහ තාක්ෂණික උරුමය

එච්.ජි. දයාසිසිර කථිකාචාර්ය (තාවකාලික), පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය...

පුර්ව ඉතිහාසය

ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ ඛනිජ සම්පත් පරිහරණය

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විවිධ කාල පරාසවල මානව ජනාවාසකරණය සම්බන්ධයෙන් ඉතා වැදගත් වූ භුමි ප‍්‍රදේශයක් ලෙස ඌව පලාත හැදින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කරන ලද ගිහිපැවිදි විද්වත්හු ශ‍්‍රී ලංකාද්වීපයේ ආදිතම මානව ජනාවාස වීම් සම්බන්ධව ඉතිහාසයේ වැදගත් භූමි ප‍්‍රදේශ ලෙස සළකනු ලැබ ඇත්තේ උතුරු මැද පලාත මුල් කරගත් අනුරාධපුරය හා මාගම මුල් කරගත් තිස්සමහාරාමය ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශ වේ. එම නිසා ශ‍්‍රී ලංකාවේ ආදිතම ඉතිහාසයට අයත් මධ්‍යම කඳුකරය හා ඌව පලාත තුළ වූ ආදිතම ජන පැළපදියම් වීම් හා එහි සම්පත් පරිහරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ඉතිහාසය ලියා ඇති ඉපැරණි මූලාශ‍්‍රය ග‍්‍රන්ථ තුළ තොරතුරු අන්තර්ගත වන්නේ මද වශයෙන් නිසා මෙම භූමි ප‍්‍රදේශයේ ආදිතම ඉතිහාසයට අයත් තොරතුරු ආන්තිකකරණයකට ලක්වී තිබේ. විශේෂ භූ රූපණයක් සහිත මධ්‍යම කඳුකරයේ කොටසකට හා අන්තර් මධ්‍යම මෙන්ම වියළි කලාපයට අයත්ව ඌව පලාත පිහිටා තිබේ. මෙම පලාතට අයත් ප‍්‍රධාන දිස්ත‍්‍රික්ක වන්නේ බදුල්ල හා මොනරාගල දිස්ත‍්‍රික්කයන්ය. ඌව පලාත තුළ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මෙම ප‍්‍රදේශවල මුල් ජන පැලපදියම් වීම් හා සම්පත් පරිහරණ ක‍්‍රියාවලියට අදාළ පුරාවිද්‍යා සාධක උතුරු මැද පලාතට වඩා බොහෝ පැරණි වන බව හඳුනාගෙන තිබේ. මෙම රචනය තුළින් සාකච්ඡාවට බඳුන් වන්නේ ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික සංස්කෘතික අවධිවල සිදු වූ මායව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණයේ ඉතිහාසය පිළිබඳවය.

අන්දරවැව, මහාශිලා සුසානයෙන් හමුවන වීදුරු පබළු හා ලෝහ මෙවලම්

ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් ජනාවාස තොරතුරු අධ්‍යනයේ දී එම ජනාවාස හා සුසාන ආශ‍්‍රිත ව ලැබෙන්නා වූ පබළු පිළිබඳ අධ්‍යයනය කිරීම ද අතිශයින්ම වැදගත් වේ. විශේෂයෙන් ම මෙහි දී කානීලියන් හා ඇගේට් පාෂාණය මෙන් ම වීදුරු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති පබළු වැඩි වශයෙන් වාර්තා වී තිබේ. මෙම පබළු අතර වීදුරු පබළු පූර්ව ඓතිහාසික යුගයේ දී මෙරට නිර්මාණය කළ බවට තොරතරු සුසාන ආශි‍්‍රත ව ලැබී ඇති පබළු හා පබළු නිශ්පාදනයට අදාළ කාර්මික ශේෂ තුළින් පැහැදිළි වේ. ඒ අතර විවිධ හැඩයන්ගෙන් සමන්විත විදුරු පබළු රාශියක් හමු වී තිබේ. ඒවා නිල්, කොළ, දුඹුරු හා සුදු ආදී වර්ණවලින් නිර්මාණය කර ඇති බව හමු වී ඇති සාධක තුළින් පැහැදිලි වේ. අනුරාධපුරයේ වීදුරු පබළු නිර්මාණය සම්බන්ධ ව පැරණිතම කාලනීර්ණ දැනට ලැබී ඇත්තේ කහටගස්දිගිලිය, කොක්එබේ මෙගලිතික සුසානය ඇසුරිනි. එම සුසානයෙ 2016 වර්ෂයේ සිදුකරන ලද කැනීම්වල දී ක‍්‍රිස්තු පූර්ව 790ට දින නියම වී ඇති සුසානය තුළින් නිල් කොළ හා දුඔුරු වර්ණයෙන් නිරිමිත වීදුරු පබළු ලැබී තිබේ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් හා පූර්ව ඓතිහාසික අවධියේ භාවිත ශවෝපාචාර ක‍්‍රම

ශ‍්‍රී ලංකාවේ මානව ජනාවාසකරණය පිළිබඳ ව තතු විමර්ශනය කිරීමේ දී එහි සමාරම්භය පුරා ශිලා යුගයෙන් (Paleolithic period) ආරම්භ ව මධ්‍ය ශිලා යුගය (Mesolithic period), ප‍්‍රාථමික යකඩ යුගය (Early Iron Age) ඔස්සේ විකාශනය වී ඇති ආකාරය ගවේශන හා කැනීම්වලින් තහවුරු කරගෙන තිබේ (Deraniyagala 1992:709-710; Deraniyagala 2007:4). මධ්‍ය ශිලා අවධියට පසුව එළිඹිය යුතු නව ශිලා යුගය පිළිබඳ යම් සාධක ප‍්‍රමාණයක් දොරවක ලෙනෙන් හා හෝර්ටන් තැන්නෙන් මෙන් ම මාන්තායිවලින් වාර්තාවන බව පර්යේෂකයින් (Premathilaka 2003; Wijepala in Deraniyagala  2007:59; Wijepala 2007:97-120).

අනුරාධපුරය හා එහි නැඟෙනහිර පර්යන්ත ප‍්‍රදේශය අතර පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ සම්පත් පරිහරණය

ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය සම්භවන (හැඩගැසීමේ) යුගය වශයෙන් හැඳින්විය හැකි ය (Seneviratne 1996:265). මෙම සංස්කෘතික අවධිය ඇසුරෙන් ශ‍්‍රි ලංකාවේ මානව ආයතනවල ඉස්මතු වීම සම්බන්ධ ද්‍රව්‍යාත්මක සංස්කෘතික තොරතුරු ප‍්‍රාග් ඓතිහාසික යුගය හා සසඳන විට සාපේකෂ වශයෙන් වැඩි ප‍්‍රමාණයක් හඳුනාගැනීමට හැකි ව තිබේ. ශ‍්‍රි ලංකාවේ පූර්ව ඓතිහාසික අවධිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ දී එම සංස්කෘතිය විවිධ කාල පරාසයන් තුළ ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්තව තිබූ බව විකිරණමාන දින නියම කිරීම් මඟින් ලබාගත් කාලානුක‍්‍රම මඟින් තහවුරු කර ඇත. සුදර්ශන් සෙනෙවිරත්න පෙන්වා දෙන ආකාරයට මෙම තාක්ෂණික සංස්කෘතියේ ව්‍යාප්තිය උතුර, උතුරු මැද, නැගෙනහිර, වයඹ දිග, උත්තර මලය රට, බස්නාහිර මෙන් ම අග්නිදිග ශ‍්‍රි ලංකාව ආදී ප‍්‍රදේශ ඇසුරෙන් හඳුනාගත හැකි ය (Seneviratne 1984:237-265). සෙනෙවිරත්නගේ හා ජයරත්නගේ පර්යේෂණ තොරතුරුවලට අනුව මෙම

යාන් ඔය නිම්නයේ පූර්ව ඓතිහාසික අවධියේ ජනාවාස ව්‍යාප්තවීමේ මෝස්තරය පිලිබඳ පුරාවිද්‍යා විමසුමක්

යාන් ඔය නිම්නයේ ස්ථානගත වී ඇති සුසාන ආශ‍්‍රිත වාස්තුවිද්‍යාව අධ්‍යයනය තුළින් එක්තරා ආකාරයකට පැහැදිලි වන්නේ එම සමාජය සංවර්ධනය කරා ලගාවීමේ දී එකිනෙකට වෙනස් සුසාන ආකෘති හඳුන්වා දීම සිදු කර ඇති බව ය. යාන් ඔය නිම්නයේ දක්නට ලැබෙන සුසාන ආකෘති අතරින් බහුතර සුසාන ආකෘතිය වන්නේ ශිලා මංජුසා සුසාන ආකෘතිය වේ. මේ වන විට එම සුසාන ආකෘතියට අයත් සුසානවලින් පැරණිතම කාලනීර්ණ ලැබී ඇත්තේ කොක්එබේ ශිලා මංජුසා සුසානයකිනි. එහි කාලනීර්ණ ක‍්‍රිස්තු පූර්ව 790 වේ.

පුරාවිද්‍යා ස්ථාන

දුහතර කුමරු පිදූ ලෙනගල ලෙන් විහාරය

කෑගල්ල දිස්ත්‍රික්කය ලෙන් විහාර රාශයකින් යුක්ත පෙදෙසකි. ක්‍රි. පූ....

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි....

මුන්දෙනි ආරු නිම්න‌යේ පුරාණ ජනාවාස රටාව හා සංස්කෘතික භූ දර්ශනය

මුන්දෙනි ආරු නිම්නයේ මානව ජනාවාසකරණය පිළිබඳව තතු විමර්ශනය කිරීම සඳහා පර්යේෂණ ආරම්භ වනුයේ මීට ශත වර්ෂයක ට කිහිපකට පෙර සිටය. ක‍්‍රිස්තු වර්ෂ 1872 වර්ෂයේ ස්විස් ජාතික මානව විද්‍යාඥයින් දෙදෙනෙකු වන පෝල් සැරසින් සහ ප‍්‍රිට්ස් සැරසින් ශ‍්‍රී ලංකාවේ වැදි ජනතාව පිළිබඳ පර්යේෂණ කිරීමට දිවයිනට පැමිණියහ. ඔවුන්ගේ අධ්‍යයනයන් මූලික වශයෙන් යථෝක්ත නිම්නය අයත් අම්පාර දිස්ත‍්‍රික්කයේ සිදු කෙරී ඇත (මනතුංග 1996:24). ඔවුන් නැගෙනහිර පළාතේ ගල්ලෙන් කිහිපයක් කැනීම් කර ශිලා මෙවලම් කිහිපයක් සොයා ගත්ත ද ඒවා පිළිබඳ නිසි අවබෝධයක් එවක ඔවුන් සතු නොවීය. එහෙත් 1903 දී සෙලිබීස් දුපත් වල ඔවුන් කළ කැනීමක දී ලැබුණු සාධක අනුව මෙරටින් තමන් සොයා ගත්තේ ප‍්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් බව ඔවුන් තේරුම් ගත්හ (මනතුංග 1996:24). ඔවුන් දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ එක්රැස් කරගෙන එම අවශේෂ ස්විසර්ලන්තයේ බේසල් නුවර කෞතුකාගාරයක තැන්පත් කර ඇත. ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ එක්රැස් කර ගත් ස්ථාන නාමාවලියක් ඉදිරිපත් කර ඇති අතර එහි කල්අඩි නමින් හැඳින්වෙන ස්ථානයකින් ලබාගත් ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ පිළිබඳ වර්තා කර ඇති අතර එම ස්ථානය වර්තමාන නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත‍්‍රික්කයට අයත් ස්ථානයකි. විශේෂයෙන් පෝල් සැරසින් සහ ප‍්‍රිට්ස් සැරසින් ප‍්‍රාග් ඓතිහාසික ගුහා කැනීමට භාජනය කිරීමේ දී මුන්දෙනි ආරු නිම්නයේ වැදි ජනතාව විසු ගුහා භාවිත කරන්නට ඇත.

අනුරාධපුරයේ තිසාවැව ආසන්නයේ පිහිටි පැරණි වෙස්සගිරිය

ශකිල රාජකරුණා මහින්දාගමනයත් සමඟ ව්‍යාප්තව යන ලක්දිව බෞද්ධ පුනර්ජීවනය රාජ්‍යත්වයේ...

දැයට අහිමි කළ පළමු වැනි ගජබා රජු ගේ පාළුමැකිච්චාව ගිරි ලිපිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී...

සංස්කාරක තේරීම්

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ පියදාසග මෙය ඉදිරිපත් කරනුයේ archaeology.lk,...

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.

ටැම්පිට විහාර හා ඒවායේ බිතුසිතුවම්

ටැම්පිට විහාර මහනුවර යුගයේ දී වඩාත් ප‍්‍රචලිත වූ සම්ප‍්‍රදායකි. මෙම පිළිම ගෙවල් ඉදිකරන ලද්දේ බුුදුන් වහන්සේ වෙනුවෙන් අද පූජා කිරීම සඳහා වන අතර ඒවා පිළිබඳව අදහස් ඉදිරිපත් කරන එස්.යු. දැරණියගල මහතා පවසන්නේ "මෙම ටැම්පිට විහාර ඒවා නිර්මාණය කර ඇති අවදියට අයත් දේශීය ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් සහ මූර්ති කලාව මෙන්ම බිතුසිතුවම් ද ආරක්ෂා වී පවතින කුඩා කලාගාර වැනිය." යනුවෙනි.

උරුමය ගෝලීයකරණය වීම තුළ ශ‍්‍රී ලාංකේය ජීවමාන පූජනීය උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණයේ දිශානතිය සහ අර්බුදය

අරුණ රාජපක්ෂ පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. හැඳින්වීම පසුගිය දශක කීපය තුළඋරුමය ගෝලීයකරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ජගත් උරුම ක්ෂේත‍්‍රයන්හි...

‘හෙළ ‌බොදු හැදියාවේ බිහිදොර : මිහින්තලාව’ කෘතිය ගැන අදහසක් ….

එන්.එච්. සමරසිංහ ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට මේ දිවයිනේ ජීවත් වූ මානවයාගේ ක්‍රමවත් සංස්කෘතික හැදියාවට ඉමහත් යහපත් බලපෑමක් සිදුකරනු ලැබුවේ...

සියලු ලිපි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 2 : භූ විද්‍යාත්මක හා භූ ගෝල විද්‍යාත්මක පසුබිම

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. පුරාවිද්‍යාව වනාහි බහු විෂයාත්මක හා අන්තර් විෂයාත්මක විෂයන් වශයෙන් සලකනු ලැබේ. ස්වාභාවික විද්‍යාවන් හා...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 1 : දිගු ගමනක ආරම්භය

චන්දිම බණ්ඩාර අඹන්වල කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්ත ෙල්. chandimaambanwala@yahoo.com පිවිසුම  අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සහිත ලෝකයේ රටවල් කිහිපය අතුරින් ඉදිරියෙන් ම පවතින...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය : ග‍්‍රන්ථ හා ලිපි නාමාවලිය

චන්දිම බණ්ඩාර අඹන්වල කථිකාචාර්ය, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. Archaeology.lk ඔස්‌සේ ප්‍රකාශයට පත්වන ශ්‍රී ලංකාවේ...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව : අතීතය, වර්තමානය හා අනාගතය පිළිබඳ විචාරාත්මක විශ්ලේෂණයක්*

චන්දිම බණ්ඩාර අඹන්වල බාහිර කථිකාචාර්ය, මානවශාස්ත්‍ර අධ්‍යයන අංශය, ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. ක‍්‍රිස්තු වර්ෂ 1863 දී ඉන්දියාවේ මදුරාසියේ දී ආර්. බී. ෆූටේ විසින් ශිලාමෙවලමක් සොයාගැනීමත්...

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ හා සිරාන් දැරණියගල

චන්දිම බණ්ඩාර අඹන්වල සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරා‍දෙණිය. ප්‍රශ්නයක් නෑ, අපි හැමෝගෙම ඇඟේ වැදි ලේ තියෙනවා. (එස්. දැරණියගල, විදුසර, 1995 නොවැ. 1:19) තේමාව : විශ්ව ගම්මානය නම්...

පැරණි කාසි හා මුදල් භාවිතය

මානවවංශ විද්‍යාව

ශිෂ්‍ය ලිපි