පුරාවිද්‍යා ස්ථාන

දුහතර කුමරු පිදූ ලෙනගල ලෙන් විහාරය

කෑගල්ල දිස්ත්‍රික්කය ලෙන් විහාර රාශයකින් යුක්ත පෙදෙසකි. ක්‍රි. පූ. තුන්වන සියවසේ ලංකාවට බුද්ධාගම ලබුණු සමයේ සිටම මෙහි වනගත ලෙන් කටාරම් කොටා පිළියෙල කර  භික්ෂුන් වහන්සේට බවුන් වැඩීමට පිදූ බව...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය...

මුන්දෙනි ආරු නිම්න‌යේ පුරාණ ජනාවාස රටාව හා සංස්කෘතික භූ දර්ශනය

මුන්දෙනි ආරු නිම්නයේ මානව ජනාවාසකරණය පිළිබඳව තතු විමර්ශනය කිරීම සඳහා පර්යේෂණ ආරම්භ වනුයේ මීට ශත වර්ෂයක ට කිහිපකට පෙර සිටය. ක‍්‍රිස්තු වර්ෂ 1872 වර්ෂයේ ස්විස් ජාතික මානව විද්‍යාඥයින් දෙදෙනෙකු වන පෝල් සැරසින් සහ ප‍්‍රිට්ස් සැරසින් ශ‍්‍රී ලංකාවේ වැදි ජනතාව පිළිබඳ පර්යේෂණ කිරීමට දිවයිනට පැමිණියහ. ඔවුන්ගේ අධ්‍යයනයන් මූලික වශයෙන් යථෝක්ත නිම්නය අයත් අම්පාර දිස්ත‍්‍රික්කයේ සිදු කෙරී ඇත (මනතුංග 1996:24). ඔවුන් නැගෙනහිර පළාතේ ගල්ලෙන් කිහිපයක් කැනීම් කර ශිලා මෙවලම් කිහිපයක් සොයා ගත්ත ද ඒවා පිළිබඳ නිසි අවබෝධයක් එවක ඔවුන් සතු නොවීය. එහෙත් 1903 දී සෙලිබීස් දුපත් වල ඔවුන් කළ කැනීමක දී ලැබුණු සාධක අනුව මෙරටින් තමන් සොයා ගත්තේ ප‍්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් බව ඔවුන් තේරුම් ගත්හ (මනතුංග 1996:24). ඔවුන් දිවයිනේ ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ එක්රැස් කරගෙන එම අවශේෂ ස්විසර්ලන්තයේ බේසල් නුවර කෞතුකාගාරයක තැන්පත් කර ඇත. ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ එක්රැස් කර ගත් ස්ථාන නාමාවලියක් ඉදිරිපත් කර ඇති අතර එහි කල්අඩි නමින් හැඳින්වෙන ස්ථානයකින් ලබාගත් ප‍්‍රාග් ඓතිහාසික අවශේෂ පිළිබඳ වර්තා කර ඇති අතර එම ස්ථානය වර්තමාන නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත‍්‍රික්කයට අයත් ස්ථානයකි. විශේෂයෙන් පෝල් සැරසින් සහ ප‍්‍රිට්ස් සැරසින් ප‍්‍රාග් ඓතිහාසික ගුහා කැනීමට භාජනය කිරීමේ දී මුන්දෙනි ආරු නිම්නයේ වැදි ජනතාව විසු ගුහා භාවිත කරන්නට ඇත.

අනුරාධපුරයේ තිසාවැව ආසන්නයේ පිහිටි පැරණි වෙස්සගිරිය

ශකිල රාජකරුණා මහින්දාගමනයත් සමඟ ව්‍යාප්තව යන ලක්දිව බෞද්ධ පුනර්ජීවනය රාජ්‍යත්වයේ පටන් ලාංකික ජන සමාජයේ සෑම ස්ථරයක් කෙරෙහිම අතිශය ප්‍රබල...

දැයට අහිමි කළ පළමු වැනි ගජබා රජු ගේ පාළුමැකිච්චාව ගිරි ලිපිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තෙල්. chandimaambanwala@yahoo.com රටක හෝ යම් ජාතියක අනන්‍යතාව විදහා...

මහනුවර, මැදවල රජමහා විහාරය

මහින්ද මධුමාධව කරුණාරත්න පර්යේෂණ නිලධාරි, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, බාලදක්ෂ මාවත, කොටුව, ගාල්ල. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශීය බලප්‍රදේශයට අයත් මැදවල ග‍්‍රාමනිලධාරි වසමේ...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි