දැක්ම හා අරමුණු

දැක්ම හා අරමුණු

දැක්ම

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීම මගින්, දිවයිනේ පුරාවිද්‍යාව පිළිබඳ ව නව දැනුම බෙදාහදා ගැනීම හා ඒ සම්බන්ධ කථිකාවක් ගොඩනැඟීම

අරමුණු

  • ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යයන, පර්යේෂණ කටයුතු පිළිබඳ ව පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය හා සම්බන්ධ පුද්ගලයන් හා ඒ පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන් දැනුවත් කිරීම
  • දේශීය පුරාවිද්‍යාඥයන්ගේ තෝරාගත් පර්යේෂණ පත්‍රිකා/අධ්‍යයන සංක්‍ෂිප්ත සංචිතයක් නිර්මාණය කිරීම
  • පුරාවිද්‍යා අධ්‍යයන, පර්යේෂණ, සංචාර හා එවැනි වෙනත් කටයුතු සඳහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇති අවස්ථා පිළිබඳ ව තොරතුරු රැස්කොට ඒවා මහජනයා වෙත ලබා දීම
  • ජ්‍යෙෂ්ඨ, යොවුන් හා වෘත්තීය පුරාවිද්‍යාඥයන් සමඟ සිදුකරන විෂයානුබද්ධ සංවාද අන්තර්ජාලය හරහා සමාජගත කිරීම ඔස්සේ විෂයික දැනුම සම්බන්ධයෙන් ප්‍රජාව යාවත්කාලීන කිරීම
  • ශ්‍රි ලංකාවේ පුරාවිද්‍යාඥයන්ගේ තොරතුරු ඇතුළත් දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම හා පුළුල් පරාසයක භාවිතය සඳහා මුදා හැරීම
  • වෙබ් අඩවිය හා සමාන්තර ව, පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය හා සම්බන්ධ “වාරික සඟරාවක්” හා ජාතික උරුමය සම්බන්ධ පොත් මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කිරීම
  • ශ්‍රි ලංකාවේ “අස්පර්ශනීය ජාතික උරුමය” හා “ශිල්පීන්” ජාතික හා ජාත්‍යන්තර තලය වෙත හදුන්වා දීම
  • විවිධ මට්ටමේ පුරාවිද්‍යාඥයින් අතර සහසම්බන්ධතාවක් ගොඩනඟන වේදිකාවක් නිර්මාණය කිරීම