27 C
Colombo
Tuesday, December 1, 2020
පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචාරය කිරීමත්, දිවයිනේ...

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කාරකගේ තේරීම

රට, දැය හා සමය රැකගත් නාරංබැද්ද සටන

ප්‍රසාද් ෆෝන්සේකා ධර්මරත්න මාවත, රාවතාවත්ත, මොරටුව. මෙම සටන ක්‍රිස්තු වර්ෂ 1326-27 දී පමණ මහඔය අසබඩ කෑගල්ල දිස්ත්‍රික්කයේ නාරංබැද්ද නම් ගම්මානයේ සිදු වූ ලංකා ඉතිහාසයේ ඉතාමත් වැදගත්...
- Advertisement -

දේශන

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.

IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය

මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.

මාර්ග පුරාණය

මග්ගානුමග්ග : ලංකාවේ ඓතිහාසික මාර්ග පද්ධතිය

ඓතිහාසික යුගයේ දී ශී‍්‍ර ලංකාවේ භාවිත වූ මාර්ග පද්ධතිය පිළිබඳ දැනුම ඓතිහාසික මුලාශ‍්‍රයවල ඉදහිට වාර්තාවන තොරතුරු, බි‍්‍රතාන්‍ය පාලන සමය තුළ ගවේශන ආශ‍්‍රිත තොරතුරුවලට සීමා වී පැවතිණ.  මෑත කාලීන ගවෙිශන පදනම් කර ගනමින් ක‍්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ සිට ක‍්‍රිස්තු වර්ෂ 13 වන ශත වර්ෂය දක්වා කාලය තුළ භාවිත වූ මාර්ග පද්ධතියේ ව්‍යාප්තිය එහි ගති ලක්ෂණ සහ එම මාර්ග පද්ධතිය යළි ගොඩනැඟීමට මෙහි දී අවධානය කරනු ලැබේ. දේශපාලන ස්ථාවරත්වය හා ප‍්‍රබලත්වය, ආර්ථික වර්ධනය, ආගමික සංස්ථාන්හි බහුලත්වය ආදී සාධක මාර්ග පද්ධතිවල ස්ථාවරත්වය හා ව්‍යාප්තිය සමග බැදී පැවතිණ. දකුණු ආසියාවේ සම කාලීන රාජ්‍යයන්හි පැවති මාර්ග පද්ධතිවල අනුගමනය කරන ලද තාක්ෂණ ක‍්‍රමවේදයන් සහ විධි නියමයන් ශී‍්‍ර ලංකාවේ ජාතික මාර්ග පද්ධතිය තුළින් ද  දක්නට ලැබේ. දිවයිනක් ලෙස පිහිටා තිබීමේ භූගෝලීය ප‍්‍රවේශය සමග අන්තර්ජාතික දිගු මුහුදු වෙළෙඳ මාර්ගවලට තිබි සබඳතාව ද නිසා අගනගරවල සිට ප‍්‍රාදේශීය හා ප‍්‍රත්‍යන්තයන් සම්බන්ධ කළ මාර්ග පද්ධතියට අදාළ යටිතල ව්‍යුහයක් ස්ථාපනය වී පැවතිණ

අපගේ පුවත් පත්‍රිකාව දායක වන්න

සියලුම නවතම පුවත්, දීමනා සහ විශේෂ නිවේදන සමඟ යාවත්කාලීන කිරීම.

සම්බන්ධ වන්න

1,942FansLike
75FollowersFollow
3,713SubscribersSubscribe

පුරා විද්‍යා කෙටි සටහන්

01. ක්ෂුද්‍ර ශිලා මෙවලම්

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සන්දර්භයකින් අනාවරණය වු ක්ෂුද්‍ර ශිලා මෙවලමකි. අඩ සඳ ආකාර මෙය තිරුවාණා ගලකින් නිමවා ඇති අතර සෙන්ටිමීටර් 1.5ක් පමණ දිගු වේ. ප්‍රාග්...

02. ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළම්

මේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළමක්.‍ සෙන්ටිමීටර් 3ක් විතර ඇති. 'බලංගොඩ උල් මෙවළම්' (Balangoda Point) කියල කියන්නේ මෙවට. ජ්‍යාමිතික නොවන හැඩයක් තියෙන 'ක්ෂුද්‍ර ශිලා'...

03. සත්ව අස්ථි මෙවළම්

මෙන්න මෙවුවට තමා කියන්නේ 'සත්ව අස්ථි මෙවළම්' කියල. මේ තියෙන්නේ ගම්පහ අලවල පොත්ගුල් ලෙණ කැනීම අතරවාරයේ ඒ කියන්නේ 2010 විතර අනාවරණය වූ මානව කෘතක කීපයක්.

04. ලංකාවේ මානව අතීතයේ කාලපරිච්ජේද

බ්‍රාහ්මි අකුරු සටහන් කළ පැරණිම ලේඛන හමුවෙන අකුරු ලිවීම හොඳින් සිදුකරන මූළ ඓතිහාසික යුගය තමා අපිට ඊලඟට හමුවෙන්නේ. ක්‍රිස්තු පූර්ව 500 විතර ඉදල ක්‍රිස්තු වර්ෂ 300 දක්වා මූල ඓතිහාසික අවධිය කාලේ අකුරු ලියන එක හොඳින් දැනගෙන ඉදල තියෙනවා.

05.අනුරාධපුර, ඇතුළු නගරය

අනුරාධපුරයේ ඇතුළු නුවර හා යම් ආකාරයකින් සමාන විය හැකි සංස්කෘතික ස්ථරණයක් තියෙන්න පුළුවන් ස්ථාන කීපයක් ලංකාවේ තියෙනවා. ඒ උතුරින් කඳුරුගොඩ, නැඟෙනහිරින් කුච්චවේලි, දකුණින් තිස්සමහාරාම, අකුරුගොඩ හා බටහිර දෙසින් පිහිටි මාතොට කියන ස්ථානයි.

සමුද්‍ර හා ජලාශ‍්‍රිත පුරාවිද්‍යාව
Latest

ලංකාවේ ඔරු වර්ගයේ යාත‍්‍රා

ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල. සංක්‍ෂේපය මෙරට ජල යාත‍්‍රා භාවිතය පිළිබඳ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈතට විහි දී යයි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය...

මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ මඟින් අනාවරණය කරගත් දකුණු මුහුදේ ගිලී ගිය දැව නෞකා

ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිටම ශ‍්‍රී ලංකාවේ නාවුක ගමනාගමනය සිදු වූ බවට සාක්‍ෂි සාහිත්‍ය මූලාශ‍්‍රයන් හී සඳහන් වේ. විජයාගමනයේ සිට සිදුවූ විවිධ සංක‍්‍රමණ පිළිබඳ ව එහි ලා සඳහන්ය. එකී පැමිණීම් ආගමික, සංස්කෘතික, දේශපාලන හා ආක‍්‍රමණික අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා සිදු වී ඇත. ඒ අතර විශේෂ වන්නේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ලූ නෞකාවේ නැවේ කුඹය, කෙනිපතය හා පළපත චූලංගන, මහාංගන, සිරිවඞ්ඩන යැයි මන්දිර තුනක් කරවා තැම්පත් කිරීමයි (මහාවංශය 19 68-70) මෙය විශේෂ වැදගත්කමක් හිමිවන සිදුවීමකි. ලොව සමුද්‍ර කෞතුකාගාර සංකල්පය පිළිබඳ සඳහන් පළමු සිදුවීම වන නිසාවෙනි. මෙරට ඉතිහාසයේ යාත‍්‍රාවන්ගේ කොටස් සඳහන් වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

පැරණි සිංහල නාවික හමුදාව

පුරාතනයේ සිට වර්තමානය දක්වා කාල පරිච්ෙඡ්දය තුළ ලෝකයේ බිහි වූ රෝමන්වරු, ග‍්‍රීක්වරු, පර්සියන්වරු, ෆිනිෂියන්වරු, චීනවරු, ඉන්දියන්වරු, අරාබිවරු, පෘතුගීසිවරු, බ්‍රිතාන්‍යවරු වැනි පෙර අපර දෙදිග ජාතින් සතුව ශක්තිමත් නාවික හමුදා පැවති බවට සාධක ඇත. එසේම ග‍්‍රීක්වරු සහ පර්සියන්වරු අතර පැණ නැගුණු සැලමිස් සටන, නැපෝලියන් (ප්‍රංශ) සහ නෙල්සන් (බි‍්‍රතාන්‍ය) අතර පැණ නැගුණු ට‍්‍ර‍්‍රැෆල්ගාර් නාවික සටන, රෝමන්වරු සහ ෆිනීෂියන්වරු අතර ඇතිවුණු පියුනික් යුද්ධය වැනි අතිශය රණකාමී නාවික යුද්ධ වලින් ලෝක සංග‍්‍රාම ඉතිහාසය වර්ණවත් වී ඇත.

අරිප්පු මුහුදු පතුළින් හමු වූ අල්ලිරාණි රැජිණගේ කරත්තය හෙවත් අරිප්පු ලී නෞකාව

නැගෙනහිර දිශාවට වන්නට රැහැන් ස්වරූපයෙන් යුතු කොටස් ගණනාවක් විසිර පවතී. මෙහි ඇතුළත තන්තුමය කොටසකින් යුක්ත ය. මේවා නෞකාවේ භාවිත කරන ලද කේබල් කොටස් විය හැක.  මෙහි අභ්‍යන්තර කුහරය කාබන් තතත්වයට පත්ව තිබේ. මතුපිට කැල්කේරියස් තදින් ගණට තැම්පත් වී තිබෙන අතර එම කොටස් සමඟ shell, banacules සහ marine oraganisms බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම දණ්ඬේ කැඞී ගිය කොටස් සහ මතුපිට දැකිය හැකි විඛාදන ඵලයන්ගේ භෞතික ලක්ෂණ අනුව රැහැන් කොටස් යකඩ වලින් නිර්මාණය කර තිබෙන බව අනුමාන කළ හැක. මෙහි අභ්‍යන්තරයේ කම්බි කොටස් තන්තු ස්වරූපයට පත්ව ඇත.

ගාලු වරායේ ගිලී ගිය තැපැල් නෞකාව ආර්.එම්.එස්. රැන්ගුන් (R.M.S. Rangoon)

ඩබ්. එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන හා ඉන්දික උපුල් හේවගේ මුහුදු පුරාවිද්‍යා නිළධාරී, මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල. priyandana@gmail.com   සංක්ෂිප්තය මෙරට ඉතිහාසය තුළ ගාල්ලට හිමිවනුයේ විශේෂී ස්ථානයකි....

වාරි පුරාවිද්‍යාව

පොළොන්නරුව නගරයේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ (ඇතුළු නගරය) ජල කළමනාකරණය

ඩී.එම්. සුදර්ශන දිසානායක පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය. මානව සංහතියේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය වු සාධක අතුරින් ජලයට ලැබනුයේ ප‍්‍රධානම ස්ථානයකි. මානව සංහතියට පමණක් නොව සමස්ත ජෛව...

වළවේ උප නිම්නයේ පුරාණ වාරි තාක්ෂණය හා කෘෂි සභ්‍යත්වය : වේළිඔය උප නිම්නය ඇසුරින්

ඩී.එම්. නිරෝෂා උදයංගනී පර්යේෂණ නිලධාරිණි (පුහුණු වන), මධ්‍යම සංස්කෘතික අරමුදල, අභයගිරි විහාර ව්‍යාපෘතිය, අනුරාධපුරය. dm.niroshaudayangani@gmail.com අතීත දවස සිට ම බතබුලතින් සරුසාර වූ දිවයිනක උපන් ජාතියක් වූ ලාංකිකයන් වාරි...

ලංකාවේ වාරි තාක්‍ෂණය හා එහි තිරසාරත්වය උදෙසා බල පෑ සමාජ හා තාක්‍ෂණික සාධක පිළිබඳ විමසුමක්

චන්දිම බණ්ඩාර අඹන්වල සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. පැරණි රජවරුන්ගේ සිත් සතන්හි ජනිත වී, කවුරුන් ද කියා නොදන්නා, සුවහසක් පැරණි හෙළ ඉංජිනේරුවන්ගේ බුද්ධි මහිමයෙන් ලක්බිමට...
- Advertisement -

කලා හා කලා ඉතිහාසය

ටැම්පිට විහාර හා ඒවායේ බිතුසිතුවම්

ටැම්පිට විහාර මහනුවර යුගයේ දී වඩාත් ප‍්‍රචලිත වූ සම්ප‍්‍රදායකි. මෙම පිළිම ගෙවල් ඉදිකරන ලද්දේ බුුදුන් වහන්සේ වෙනුවෙන් අද පූජා කිරීම සඳහා වන අතර ඒවා පිළිබඳව අදහස් ඉදිරිපත් කරන එස්.යු. දැරණියගල මහතා පවසන්නේ "මෙම ටැම්පිට විහාර ඒවා නිර්මාණය කර ඇති අවදියට අයත් දේශීය ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් සහ මූර්ති කලාව මෙන්ම බිතුසිතුවම් ද ආරක්ෂා වී පවතින කුඩා කලාගාර වැනිය." යනුවෙනි.

බදුල්ල, කුරුල්ලන්ගල ප‍්‍රාථමික ශෛලියේ සිතුවම්

ගම්පොළ විජය හිමි හැඳින්වීම කුරුල්ලන්ගල, ප‍්‍රාථමික සිතුවම් සහිත අප‍්‍රකට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයකි. ගමන් කිරීමේ පවතින දුෂ්කරතාව හේතුවෙන් එය නරඹන්නන්ගෙන් ව්‍යුක්තව පවතීයි. ඉකුත් දශකය තුළ පර්යේෂණ කණ්ඩායම් කිහිපයක්...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය

කථිකාචාර්ය චන්දීම අඹන්වල විසින් රචිත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ පාඩම් මාලාව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 12 : ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ අසම්පූර්ණ සටහනක්…

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳ උනන්දු අයගේ විශේෂ අවධානයට පාත‍්‍ර වී ඇති යුගයකි, ගල් යුගයේ මෑතම කාලපරිච්ඡේදය වන නවශිලා යුගය. මානව පරිණාම ගමන් මාර්ගයේ තවත් එක් විශේෂ යුගයක් වන මෙය අලුත් ගල් යුගය යන අරුත ගෙන එන අයුරින් නවශිලා හෙවත් නියෝලිතික කාලපරිච්ඡේදය (Neolithic Period) යනුවෙන් නම්කර ඇත. 'නියෝ' (Neo) යන්නෙන් නව හෙවත් අලුත් (New) යන්නත් 'ලිතික්' (Lithic) යන්නෙන් ගල් (Stone) යන්නත් අදහස් කර ඇත. ශබ්දකෝෂ හා විශ්වකෝෂයන්ගේ මෙම වචනය පිළිබඳ පරික්ෂා කිරීමේ දී හඳුනාගත හැක්කේ මානව පරිණාමයේ හමුවන ශිලා තාක්ෂණික යුගයේ අවසාන කාලපරිච්ඡේදය මෙම යෙදුමෙන් පැහැදිලි වන බවයි. ලංකාවේ දී නවශිලා යුගය, නියෝලිතික යුගය හා අලුත් ගල් යුගය වැනි විවිධ යෙදුම්වලින් මෙම කාලපරිච්ඡේදය හඳුන්වන බව දැකගත හැකි වේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 11 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය III/III – කලාව හා භෞතික මානවවිද්‍යාව

මානවයා විසින් ප‍්‍රධාන වශයෙන් වින්දනය අරමුණු කරමින් කලාව පිළිබඳ ආකල්පය ඇති කරගන්නා අතර මානවයාගේ මනසේ ඇතිවන්නා වූ සංවර්ධනයේ ඵලයක් වශයෙන් ද කලාව කෙරෙහි ආශක්ත වීමට අවස්ථාව ඇතිකර ගනී. ගෝලීය මට්ටමින් සලකා බැලූ විට මානවයා ඉහළ පුරාශිලා යුගයේ අත්කරගන්නා මානසික ප‍්‍රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකෘති නිර්මාණය කරන බව පුරාවිද්‍යාඥයින් හා කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ලොක් ප‍්‍රකට දකුණු ප‍්‍රංශයේ ලැස්කෝස් ගුහා (අදින් වසර 20,000 පමණ) හා උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවන්හි (ක‍්‍රිස්තු පූර්ව 34,000-12,000) ඇතුළු භිත්ති මත සටහන් කර ඇති සත්ව රූ මේ සම්බන්ධයෙන් ඇති ලෝ ප‍්‍රකට සිතුවම් අතර පවතී. ඊට අමතරව ලෝකයේ විවිධ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වී ඇති පැස්බර බිත්තර කටුවල සටහන් කර ඇති සැරසිලි සටහන් මෙන් ම මැටියෙන් සකස් කළ මවුදෙවඟන නිරූපණය වේ යැයි සැලකෙන කාන්තා ස්වරූපි රූ කම් ද ඉහළ පුරාශිලා යුගයේ මානවයාගේ කලාත්මක චින්තනය ප‍්‍රකට කරන නිදර්ශක අතර පවතී. මේ නිර්මාණ කාලනීර්ණ වශයෙන් සලකා බැලූ විට ලංකාවේ මධ්‍යශිලා යුගය හා සැසදෙන 35,000-20,000ක් පමණ කාලයට ගමන් ගන්නා බව ද පෙනී යයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 10 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය II/III – ජීවනෝපාය, හුවමාරුව, ජනාවාස, අභිචාර හා වාස්තුවිද්‍යාව

මෙම සියලුම දත්ත විග‍්‍රහ කර බැලීමේ දී ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයාට තම ආහාරය වශයෙන් සමබර ආහාර වේලක් ලැබීමට ඇති බව උපකල්පණය කළ හැකි ය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 9 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය – හැඳින්වීම, ක්‍ෂේත‍්‍ර, කාලනීර්ණය, පරිසරය හා තාක්‍ෂණය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. හැඳින්වීම මානව අතීතය අධ්‍යයනය කිරීමේ දි හමුවන සංස්කෘතික යුග අතුරින් පුරාශිලා හෙවත් පැලියෝලිතික...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 8 : රත්නපුර ශිලා කර්මාන්තය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. chandimaambanwala@yahoo.com හැඳින්වීම ශ‍්‍රී ලාංකේය මානවයාගේ අතීත සංස්කෘතිය හා තාක්‍ෂණය පිළිබිඹු කරන පැරණිම සාධක අතර...
- Advertisement -

අභිලේඛන හා පුරා අක්‍ෂර විද්‍යාව

අනුරාධපුර, ථූපාරාම ස්තූපයේ සලපතළ මළුවේ ඇති කුරුටු සංකේත

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. සංක්ශේපය අතීත ජනසමාජ ජීවත් වූ ආකාරය ගොඩනැඟීම පුරාවිද්‍යාවේ ප‍්‍රධානතම කාර්ය බව අපි දනිමු. මේ සඳහා, පුරාවිද්‍යාඥයා බහුල...

ආනෙයිකෝඩ්ඩේ ලෝහ මුද්‍රාව දෙමළ නිජ භූමිය පිළිබඳ සාධකයක් ද?

සුමේධ වීරවර්ධන දර්ශන අධ්‍යයන අංශය, ශාස්ත‍්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. ආනෙයිකෝඩ්ඩේ යනු, ශ‍්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්නයේ පිහිටි ගමකි. යාපන දිස්ත‍්‍රික්කයට අයත් ගමක් වන එහි පිහිටා ඇති...

අනුරාධපුර, මිරිසවැටිය ස්තූපයේ සළපතල මළුවේ ගල් පුවරු මත සටහන් කළ සංකේත

බැරගම සද්ධානන්ද හිමි පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. Abstract There can be found many evidences on the symbols that used by...

උරුම කළමනාකරණය
Latest

ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණ ජගත් උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය සහ කළමනාකරණය

අරුණ රාජපක්ෂ පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. හැඳින්වීම මෙම පර්යේෂණය තුළ සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපෘතිය හරහා වූ උරුම සංරක්ෂණය, කළමනාකරණය සහ සැළසුම්කරණය සම්බන්ධව ශී‍්‍ර ලාංකේය සන්දර්භය ප‍්‍රත්‍යෙක්ෂණය කිරීම සිදු කෙරේ. ශී‍්‍ර ලංකාව...

උරුමය ගෝලීයකරණය වීම තුළ ශ‍්‍රී ලාංකේය ජීවමාන පූජනීය උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණයේ දිශානතිය සහ අර්බුදය

අරුණ රාජපක්ෂ පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. හැඳින්වීම පසුගිය දශක කීපය තුළඋරුමය ගෝලීයකරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ජගත් උරුම ක්ෂේත‍්‍රයන්හි උරුම සංරක්ෂණ ප‍්‍රතිපත්ති මූලධර්ම සහ ප‍්‍රවේශ...

උරුම කළමනාකරණය : 2. සම්ප්‍රදායෙන් විද්‍යාත්මක ප්‍රවේශයට : යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත අවධි තුළ අර්බුධයට ලක්වන උරුම සංරක්ෂණයේ තිරසාරබව

ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණය සම්බන්ධයෙන් සිදුවන හඳුන්වාදීම් හරහා සිදුවන පරිවර්ථනයක් අප විසින් තේරුම් ගත යුත්තේ ඊට පූර්ව අවධීන්ට සාපේක්ෂවය. එහි දී පූර්ව යටත් විජිත අවධිය තුළ දේශීය අනන්‍යයතාවන් මත පදනම් වූ සාම්ප්‍රදායික සංරක්ෂණ ප්‍රවේශයක් තුළ දේශීය උරුම ස්ථානයන්ගේ තිරසාරබව තහවුරු වූ අතර යටත් විජිත අවධිය තුළ සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් විද්‍යාත්මක අවශ්‍යතාවන් අරමුණු කරගත් වෘත්තීමය ආයතනමය ප්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනාගත හැකි අතර එය දේශීය ප්‍රජා විරෝධතාවන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනාගත හැකි අතර එය දේශීය ප්‍රජා විරෝධතාවන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප්‍රවේශයක් වෙත දෝළනය වීම තුළ දේශීය ආගමික ප්‍රජා අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වීම වර්තමානයේ උරුමය හා සම්බන්ධ අර්බුධ රැසකට හේතු වී ඇත.

උරුම කළමනාකරණය : 1. සංකල්පමය ප‍්‍රවේශයක්

විශේෂ සංකල්ප වන උරුමය, උරුමය සංරක්ෂණය සහ කළමනාකරණය, සංචාරක ව්‍යාපාරය ආදී මාතෘකා පිළිබඳව මෙන් ම එම සංකල්පවල අෙන්‍යා්න්‍ය අවියෝජනීය සබඳතාව හා විඝටනාත්මක තත්වයන් සාකච්ඡා කෙරේ. උරුම සංකල්පය අතීත, වර්තමාන සහ අනාගතය සම්බන්ධ වන්නා වූ ගතික සංකල්පයක් මෙන් ම කි‍්‍රයාවලියකි. උරුමය ස්වාභාවික මෙන් ම සංස්කෘතික වශයෙන් ස්පර්ශනීය මෙන් ම අස්පර්ශනීය ගති ලක්ෂණයන්ගෙන් ද සමන්විත වේ. උරුමයන් විවිධ සන්දර්භයන්හි දී විවිධ වූ අනන්‍යතා ප‍්‍රකට කරන අතර උරුමයකට ලඟා කර ගත හැකි ඉහළම අනන්‍යතාව වන්නේ ජගත් උරුම අනන්‍යතාවයි.

සැරිසර සමරු

ඉසුරුමුණිය

එන්.එච්. සමරසිංහ හෙළයන්ගේ පළමු වැනි අගනුවර වූ ක්‍රිස්තු පුර්ව 380 දී පමණ පණ්ඩුකාභය රජතුමා පිහිට වූ අනුරාධපුරය ලෝකයේ පැරණිතම නගරයකි. එමෙන්ම හෙළ ඉතිහාසයේ ද වැඩිම...

සිත් අලවන සිතුල්පව්ව

එන්.එච්. සමරසිංහ ශ්‍රී ලංකාවේ  රුහුණු ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බවට සාධක යාල වනෝද්‍යානයේ කරන ලද ගවේෂණ වලින් හෙළි...
- Advertisement -

ශිෂ්‍ය ලිපි

පොළොන්නරුව නගරයේ අභ්‍යන්තර ප‍්‍රදේශයේ (ඇතුළු නගරය) ජල කළමනාකරණය

ඩී.එම්. සුදර්ශන දිසානායක පුරාවිද්‍යා අධ්‍යන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය. මානව සංහතියේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යය වු සාධක අතුරින් ජලයට ලැබනුයේ ප‍්‍රධානම ස්ථානයකි. මානව සංහතියට පමණක් නොව සමස්ත ජෛව...

ඌව-වෙල්ලස්ස නිදහස් සටනේ වීරයෝ

අනුරාධ විජයවර්ධන බණ්ඩාර පුරාවිද්‍යා අධ්‍යන අංශය (විශේෂ, දෙවන වසර), කැලණිය විශ්වවිද්‍යාලය, දළුගම, කැලණිය. ඓතිහාසික වෙල්ලස්ස, වර්තමාන ඌව පලාත පිළිබඳ ප‍්‍රථම වරට ඉතිහාසයේ සඳහන් වන්නේ මහා විජයබා...

ඉබ්බන්කටුවෙන් හෙලිවන පූර්ව ඓතිහාසික යුගයේ ශ‍්‍රී ලංකාවේ සුසානකරණය

ඉසුරු හේරත් සිව්වන වසර උපාධි අපේක්ෂක, මානවශාස්ත්‍ර අධ්‍යයන අංශය, මානවශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්ත‍ලේ. මීට අවුරුදු 125,000 ඉහත දී මෙ රට ආදිතම...
X
X