Home Blog Page 2

මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය

සංස්කෘතිකව හා කායච්ඡේද විද්‍යාත්මක ව මනුෂ්‍යත්වය ළගා කර ගැනීම හදිසියේ සිදුවූවක් නොවේ. එය වසර මිලියන ගණනක් මුළුල්ලේ, පරම්පරා දහස් ගණනක් සියුම් ලෙස සකස් වීමේ මන්දගාමී ක්‍රියාවලියක කූටප්‍රාප්තිය ද නොවේ. හෝමෝ සේපියන් මානවයා ළගාකරගත් නූතන මනුෂ්‍යත්වය යනු අප්‍රිකාව කේන්ද්‍රකොට ගත් ආදී ප්‍රිමාටා ගෝත්‍රයෙන් පන්නරය ලබා ගනිමින්, නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වූ පරිසර තත්ත්වවලට අනුගත වෙමින්, විටෙක පරිසරය වෙනස් කරමින් ද, කාලයට හා අවකාශයට සමගාමීව නොනැසී පැවතීමේ ක්‍රියාවලියේ සංකීර්ණත්වය ළගා කරගැනීමේ ක්‍රියාවලියක් වෙයි. මෙම සාකච්ඡාවට බදුන් වන හෝමෝ සේපියන්වරු බොහෝ ආකාරවලින් අනෙකුත් පූර්වජ ගහනවලට වඩා අසාමාන්‍ය නමුත්, විටෙක වඩාත් කැපී පෙනෙන ලෙස ඔවුන් අවට ලෝකය පිළිබඳ තොරතුරු සැකසීමේ අද්විතීය දක්ෂතාවයෙන් හා ඊට අවශ්‍ය වන සංජනනාත්මක පරිණතභාවයෙන් යුක්ත වූවෝ විය. මානව පරිණාමය යන්න අනිවාර්යෙන්ම දිගු පරිණාමීය ඉතිහාසයක් මත පදනම් වුව ද, නූතන මානව සංජානන විලාසය එකී දිගු ඉතිහාසය විසින් පුරෝකථනය කිරීමට සමර්ථ වී නැත: එනම් එය මෙතෙක් පැවති මානව සංස්කෘතින්ගේ පිරිපහදුකිරීමක් නොව, පවත්නා පරිසරය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමේ ක්‍රියාවලියේ දී අත්පත් කරගත් වර්ධනාත්මක කුසලතාවයක් ලෙස හුවාදැක්වීම සර්ව සාධාරණ බව විද්වත් පිළිගැනීමයි.

සංස්කෘතික වශයෙන් මෙන්ම භෞතිකව ද, සේපියන්ස්වරු ඉතා සුවිශේෂී වන අතර එය පැහැදිලිවම අස්ථි විද්‍යාත්මක ලක්ෂණ මගින් මූර්තිමත් වේ. මෙලෙස දැකිය හැකි සංකේතාත්මක තර්කනයේ එක් ප්‍රකාශයක් වන්නේ ඔවුන් අත්විදි පාරිසරික අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් තාක්ෂණික වෙනස්කම් අනුගමනය කිරීම ය, ඒවා තවදුරටත් එකල සාමාන්‍යය භාවිතයේ පැවති තාක්ෂණික ක්‍රමවලින් ඉදුරාම වෙනස් විය (සේපියන්වරුන්ගේ ශිලා මෙවලම්වල තිබූ විශේෂ ලක්ෂණ). එය මූලික වශයෙන් නව මෙන්ම ස්වයං විනාශකාරී ප්‍රවේශයක් ජනිත කළේ ය. තවදුරටත් පශ්චාත් ග්ලැසියර යුගයේ වූ දේශගුණික වෙනස්වීම් අරඹයා නව තාක්ෂණික මෙවලම් භාවිතය, කෘෂිකර්මාන්තයේ ආරම්භය හා ස්ථිරවාසිතාවය ආරම්භ වූ අතර, එය වර්තමානය දක්වාම වැඩිදියුණු වී පැවත ඒම සේපියන්වරුන්ගේ අඛණ්ඩත්වය පිළිබිඹු කරයි. ඒ අනුව මානව ජීව පරිණාමීය ඉතිහාසයේ වඩාත් රැඩිකල් මෙන්ම දෛවෝපගත නවෝත්පාදන ලෙස සංකේතාත්මක චින්තනය හා ස්ථිරවාසීතාවයේ ආරම්භය තර්ක කළ හැකි ය. එම පරිණාමීය අංකුර ද්විත්වයම අත්‍යවශයෙන් ම හෝමෝ සේපියන්වරුන්ගේ පරිණාමය හා බද්ධ වී පැවතීම විශේෂ කරුණකි.

නූතන හෝමෝ සේපියන්ස් යනු බොහෝ පැතිවලින් (සාපේක්ෂ ව) අසාමාන්‍ය යැයි සැලකිය හැකි ජීවියෙකි. ඔවුන්ගේ බොහෝ භෞතික විශේෂතා එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් සෘජු කාය විලාසය හා සම්බන්ධ වේ, එය දීර්ඝ මෙන් ම හොඳින් ෆොසිලගත වූ ඉතිහාසයක් සහිත ලක්ෂණයකි. අනෙකුත් ජීවීන් අතර අද්විතීය ලෙස, මිනිසුන් වන අප ජීවත් වන්නේ ස්වභාවධර්මය අපට ඉදිරිපත් කරන පරිදි ලෝකයේ පමණක් නොව, අපගේ මනස තුළ එය ප්‍රතිනිර්මාණය කරන ලද ලෝකයක ය. එය සිදු වන්නේ අප සංකේතාත්මක ජීවීන් වන බැවිනි: සේපියන්වරුන්ට ලෝකය දැකිය හැකිය, වෙනස් කිරීමේ හැකියාව පවතී, නව්‍ය චින්තනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංජානනය පවතී, එසේ නම්, එකී නව හැකියා හා අවස්ථා මනස තුළ නැවත ඒකාබද්ධ කර “එසේ නම් කුමක් කළ යුතුද? (what if?)” වැනි ප්‍රශ්න ඇසිය හැකි තරම් සේපියන්වරු පරිණාමයේ උච්චස්ථානය වෙත ගමන් කර හමාර ය. මෙතෙක් පර්යේෂණ මගින් නිශ්චය කර ඇති පරිදි, වෙනත් කිසිදු මානව පූර්වජයෙකු එම ශක්‍යතාවය අත්පත් කරගෙන නැත.

ෆොසිල හා ජාන විද්‍යාත්මක සාක්ෂි

පසුගිය වසර සිය දහස් ගණනක ෆොසිල වාර්තාවේ, විවිධ රූප විද්‍යාත්මකව වෙනස් මානව වර්ග හඳුනාගෙන ඇත. සේපියන්වරුන්ට වඩා ඉහළ කපාල ධාරිතාවක් නොතිබුණද (නියැන්ඩතාල්වරුන් හැර), එකී පැරණි මානව විශේෂ බොහෝමයක් හෝමෝ ගණයේ ලා වර්ගීකරණය කිරීමට තරම් සංස්කෘතිකව හා කායච්ඡේද විද්‍යාත්මක ව නූතනත්වය අත්පත් කරගෙන සිටිය හ. මෙවන් නූතනත්වයක් අත්පත් කරගෙන සිටි පළමු හෝමෝ සේපියන් ෆොසිල හමුවන්නේ අප්‍රිකාවෙනි. 1967 දී දකුණු ඉතියෝපියාවේ Kibish ප්‍රදේශයෙන් හෝමෝ සේපියන්ස් කෙරෙහි පවරන ලද මුල්කාලීන ව්‍යුහ විද්‍යාත්මක නූතන මානවයන් ලෙස හඳුනාගෙන ඇති හොමිනිඩ් හිස් කබලේ අවශේෂ සොයාගන්නා ලදී (Day, 1969). කෙසේ වෙතත්, ෆොසිලවල ප්‍රභවය සහ කාලනිර්ණය බොහෝ ලෙස විවිධ අවස්ථාවන්හීදී විවාදයට ලක්වී ඇත (Butzer et al., 1972). වඩාත් නිවැරදි හා වර්තමානයේ පිළිගන්නා කාලනිර්ණය වන දකුණු ඉතියෝපියාවේ Omo ද්‍රෝණියේ වූ හිස් කබලක් මෑතදී (McDougall et al., 2005) වසර 195,000කට පමණ පෙර කාල නිර්ණය කර ඇත. ප්‍රතිනිර්මාණාත්මක නිදර්ශක මත පදනම්ව සිදුකරන ලද නිරීක්ෂණවලදී එය නවීන ඇහි බැම සහ නිකට ඇති බවක් නොපෙනුනද, සාමාන්‍ය පෙනුමෙන් විශාල මොළයක් සහිත වේ. තවදුරටත් අදින් වසර 160,000 පමණ කාලයට අයත්, තවත් ඉතියෝපියානු හිස් කබලක්, මධ්‍ය අවාෂ් නිම්නයේ හර්ටෝ හි අනාවරණය කරගෙන ඇත. ඇහිබැමෙහි ඇති තරමක් ප්‍රාථමික ලක්ෂණ හැරුණු විට අනෙකුත් සියලුම කායච්ඡේද විද්‍යාත්මකව නිරීක්ෂණය කළ හැකි ලක්ෂණ සියල්ල නූතන මානවයාට සමාන හෝ ආසන්න බව පුරාමානවවිද්‍යාඥයන්ගේ අදහසයි (White et al., 2003). නමුත් දකුණු අප්‍රිකාවේ Fish Hoek, Boskop, හා Border Cave 5 යන ස්ථානවලින් හමුවන හිස්කබල් හි නිකට හෝ ද්විපාර්ශවීය නොවන ඇහිබැම යන කරුණු වඩාත් තරුණ ජනගහනයකට අයත් විය හැකි බවය ට ද අදහස් පළ වී ඇත (Schwartz & Tattersall, 2005). අවම වශයෙන්, Omo සහ Herto ෆොසිල පෙන්නුම් කරන්නේ වසර 200,000 කට ආසන්න කාලයකට පෙර නූතන මානවයාගේ බාහිර රූපවිද්‍යාත්මක ලක්ෂණ ස්ථාපිත වී තිබූ බව ය. එමෙන්ම, වර්තමාන මානව හිස් කබල සහ පශ්චාත් හිස්කබල ආශ්‍රිත ලක්ෂණ බොහෝ විට DNA නියාමනයේ එක් වෙනසක් නිසා ඇති වූවක් විය හැකි අතර, එහි සංවර්ධිත ප්‍රතිවිපාක ලෙස, නූතන සේපියන්ස් මානවයා ඔහුගේ ආසන්නතම අප්‍රිකානු ඥාතීන් කෙරෙන් ව්‍යුහ විද්‍යාත්මකව බෙහෙවින් ම වෙනස් ස්ථලයක ස්ථානගත කිරීමට හේතු විය.

රූපය 1- නූතන හෝමෝ සේපියන් මානවයාට අයත් ෆොසිල (උපුටා ගැනීම /www.nbcnews.com ඇසුරෙනි)
රූපය 1- සොයාගත් නූතන මානවයාට අයත් ෆොසිල (උපුටා ගැනීම /www.nbcnews.com ඇසුරෙනි)

ජානවිද්‍යාත්මක සාධක සලකා බැලීමේ දී ෆොසිල විද්‍යාත්මකව ලබාගත් දිනයට එපිටින් සාක්ෂි වාර්තා වේ. ලොව පුරා සිටින මිනිසුන් අතර DNA විවිධත්වය විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ පාරම්පරික මානව ජනගහනය අප්‍රිකාවේ ආරම්භ වූ බවත්, එහිදී ජාන විවිධත්වය වැඩිම ප්‍රමාණයක් අප්‍රිකාවේ වාර්තාවන බවත් තහවුරු වී ඇත. ආරම්භක ජනගහනය, නිරිතදිග අප්‍රිකාවේ ජීවත් වූ බවට මෑතකදී යෝජනා කරන ලද අතර (Tishkoff et al., 2009), පසුව මහාද්වීපයේ සෙසු ප්‍රදේශ සහ අවසානයේ ලෝකයේ සෙසු ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වූ බව ඉදිරිපත් කර ඇත. නමුත්, ඊශ්‍රායලයේ Jebel Qafzeh හි හමුවූ, වසර 93,000කට කාලනිර්ණය කරන ලද නූතන මානව සැකිල්ලක් පෙන්නුම් කරන්නේ නූතන ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ ඒ වන විටත් අප්‍රිකාවෙන් ඔබ්බට ව්‍යාප්ත වී තිබූ බවයි. කෙසේ වෙතත්, අණුක විශ්ලේෂණ මෙන්ම පුරාවිද්‍යාත්මක සලකා බැලීම් යෝජනා කරන්නේ Levant ප්‍රදේශයේ වූ මෙම ජනගහනය තාවකාලික බවත්, දැනට පවතින සියලුම මානව ජනගහණයට හේතු වූ නිශ්චිත මානව නික්මයාම මීට වසර 85,000 කට පමණ පෙර හෝ ඊට අඩු කාලයකදී සිදු වූ බවත් ය (Harpending & Rogers, 2000).

රූපය 2- Jebel Qafzeh සොයාගත් නූතන මානවයාට අයත් ෆොසිලය (උපුටා ගැනීම Wikipedia ඇසුරෙනි)
රූපය 2- Jebel Qafzeh සොයාගත් නූතන මානවයාට අයත් ෆොසිලය (උපුටා ගැනීම Wikipedia ඇසුරෙනි)

පසුගිය වසර 10 තුළ දී අනාවරණය කරගැනුණු නූතන මානව ෆොසිල අතර, මොරොක්කෝවෙන් හමුවූ අවශේෂ විශේෂ වැදගත්කමක් දරයි. එනම් මොරොක්කෝවේ Jebel Irhoud හි හමුවූ මානව හිස්කබල අදින් වසර 315 000ක් දක්වාම කාලනිර්ණය වී ඇත. එහි හමුවී ඇති හිස්කබල හා දන්ත විද්‍යාත්මක ලක්ෂණ අනුව නූතන මානවයාට සමාන වුවද, තවදුරටත් පශ්චාත් හා අභ්‍යන්තර හිස්කබලේ ලක්ෂණ අනුව තවමත් යම්තාක් දුරකට ප්‍රාථමික රූපවිද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන බව පුරාමානවවිද්‍යාඥයින්ගේ මතය යි (Hublin et al., 2017). මෙම කාලනිර්ණය අප දැනටමත් දන්නා අප්‍රිකානු දිනනිර්ණ සමග ඝට්ටනය වන අතර, නුතන මානවයාගේ අප්‍රිකානු සම්භවය ප්‍රතික්ෂේප කිරීමට වඩා මානවයා ලෝකයේ විවිධ ප්‍රදේශවලදී ඒ ඒ පරිසර තත්වවලට අනුගතව ජීවත් වීමට ගත් ප්‍රයත්න කෙරෙහි සංවේදී වෙමින් නූතනත්වය අත්කරගත් බව පැවසීම වඩාත් විද්‍යානුකූල වේ. මීට අමතරව 1970 දශකයේ ග්‍රීසියේ අපිඩිමා ගුහාව ආශ්‍රයේ සිදුකරන ලද කැණීම් මගින් අනාවරණය කරගන්නා ලද මානව හිස්කබල් දෙකක් නැවත 2019 වර්ෂයේ දී යුරේනියම් ආවලි කාලනිර්ණ ක්‍රමවේදය යටතේ විශේෂණය කර අදින් වසර 170 000- 210 000 ක් දක්වා පැරණි බවට වාර්තා කරන ලදී. එයින් අදින් වසර 170 000ක් පැරණි දෙවන හිස්කබල තරමක් දුරට නියැන්ඩතාල් ලක්ෂණ පෙන්නුම් කරන බවත්, එමගින් එම ක්ෂේත්‍රයේ විසූ මානව ගහන නියැන්ඩතාල් සම්භවයක් දරන බවට ද විද්‍යාත්මක අදහස් පළ වී ඇත (Harvati et al., 2019).

රූපය 3- ග්‍රීසියේ Apidima ගුහාවෙන් සොයාගත් නූතන මානවයාට අයත් ෆොසිල (උපුටා ගැනීම Nature ඇසුරෙනි)
රූපය 3- ග්‍රීසියේ Apidima ගුහාවෙන් සොයාගත් නූතන මානවයාට අයත් ෆොසිල (උපුටා ගැනීම Nature ඇසුරෙනි)

වඩාත් මෑතකාලීනව එනම් 2020 වර්ෂයේ දී බල්ගේරියාවේ ගුහාවෙන් සොයාගත් ඉහල පැලියෝලිතික පුරාකෘති හා මානව අවශේෂ ඍජු කාලනිර්ණ ක්‍රමවේද යටතේ මෙම පර්යේෂණය මෙහෙයවා ඇත. එනම් අදින් වසර 45 000කට පෙර නූතන මානවයා යුරේසියාවේ මධ්‍ය අක්ෂාංශගත ප්‍රදේශ දක්වා පැතිරීමත් (Hublin et al., 2020), මුල්කාලීන ඉහළ පැලියෝලිතික තාක්ෂණය ව්‍යාප්තවීමත් යන කරුණු ද්විත්වය එම මානව අස්ථි හා mitochondrial DNA (Smith et al., 2021) සාධක මගින් තහවුරු වී ඇත. තවදුරටත් මෙම පර්යේෂණයේ සොයාගැනීම් යුරෝපයේ වූ නියැන්ඩතාල් ජනගනය අඩුවීමත් (Hajdinjak et al., 2021), බහුවිධ අවස්ථාවන්හි නූතන මානවයාගේ යුරෝපීය සංචාර වාර තහවුරු කරයි (Vallini et al., 2022).

ඊළඟ වසර දස දහස තුළ, මෙම මුල් සංක්‍රමණිකයන්ගෙන් පැවත එන්නන් ආසියාවේ දකුණු වෙරළ තීරය දිගේ නැගෙනහිර දෙසට ගමන් කර වසර 75,000 කට පමණ පෙර චීනයට ළඟා විය. එලෙස ඔවුන් මීට වසර 60,000කට පමණ පෙර ඕස්ට්‍රේලියාව ජනාවාසකරණය කරන ලදී. වසර 50,000 කට පමණ පෙර දේශගුණය උණුසුම් වීම නිසා එහි උතුරට වන්නට ඇති Levant හා Fertile Crescent ප්‍රදේශය ආක්‍රමණය කිරීමට හැකි විය. වසර 40,000 කට පමණ පෙර නූතන මානවයා යුරෝපයට සහ මධ්‍යම ආසියාවට ඇතුළු වෙමින් සිටියේය. වසර 25,000 කට පෙර, ඊසානදිග යුරේසියාව ආක්ටික් කවය දක්වාම අල්ලාගෙන තිබුණි. සමහර විට මීට වසර 20,000 කට පෙර, සහ නිසැකවම මෙම දිනයෙන් වසර දහස් ගණනක් ඇතුළත, අඩු ග්ලැසියර මුහුදු මට්ටමින් නිරාවරණය වූ බෙරිං සමුද්‍ර සන්ධියේ ගොඩබිම් පාලමක් හරහා ජනගහනය අමරිකානු මහද්වීපයට ඇතුළු වී ඇත. වසර 15,000 කට පමණ පෙර මිනිසුන් චිලී වෙත ළඟා වී ඇති බව ඇඟවුම් කරයි.

නූතන මානවයාට අනන්‍ය වූ පුරාවිද්‍යාත්මක වාර්තාව

මුල්කාලීනව සොයාගත් නූතන මානව අවශේෂවලට ආශ්‍රිතව පැවති ද්‍රව්‍යාත්මක සංස්කෘතිය එම පර්යේෂකයින් විසින් නොසැලකිය යුතු ලෙස සලකා ක්‍රියාකර ඇත (Klein, 1999). වසර මිලියන 2.5 කට පමණ පෙර  ශිලා මෙවලම් සොයා ගැනීමෙන් පසු හොමිනින් පවුලේ තාක්ෂණික ඉතිහාසය සොල්දාදුවෙකුගේ ජීවිතයට සමාන වූ බව විද්‍යාඥයින්ගේ මතයයි: එනම් ඔවුන් වරින් වර නැගුණු නවෝත්පාදන සැලකිය යුතු නව්‍යතාවයකින් තොරව විශාල කාල පරාසයක් අනුගමනය කරන ලදී. තාක්‍ෂණය ඔවුන්ගේ කාර්යය ඉටු කළ අතර, පාරිසරික තත්ත්ව උච්චාවචනය වන විට අවශ්‍ය ඕනෑම එදිනෙදා කාර්යය කිරීමට ආදි මානවයින් ඒවා භාවිතා කළේය. මෙම දිගුකාලීන රටාව වෙනස් වූයේ නූතන සේපියන් මානවයින්ගේ ආගමනයක් සමග ය. එය වඩාත් විස්තීරණය වන්නේ Chauvet, Lascaux, හා Altamira වැනි යුරෝපීය ගුහා සිතුවම් ආශ්‍රයෙනි. එකී සියුම් සිතුවම් නිර්මාණය කිරීමට අවශය වන සංජානන හැකියාව නූතන මානවයාට පමණක් ආවේණික වූවක් ලෙස සැලකේ. එම සුවිශේෂී හැකියාව බිතුසිතුවම් රූපවලින් ඔබ්බට ගොස් මානවයාගේ එදිනෙදා ජීවිතයේ නිරූපණ අවස්ථා, පුද්ගලික ආභරණ නිර්මාණය, සංකීර්ණ සංගීත භාණ්ඩ නිර්මාණය ආදී නව තාක්ෂණික රටාවලින් පරිපූර්ණ විය. මෙම නව තාක්‍ෂණ පාරිසරික තත්ත්වවල වෙනස්වීම් මගින් උත්තතේජනය කරන ලද අතර, මුල් යුරෝපීය සේපියන්ස් මානවයාගේ මෙම නව්‍ය ප්‍රතිචාරය මුළුමනින්ම පරිසරවිද්‍යානූකූල විය.

රූපය 4- ප්‍රංශයේ ලැස්කෝ ගුහා ච්‍ත්‍ර (උපුටා ගැනීම bradshawfoundation.com ඇසුරෙනි)
රූපය 4- ප්‍රංශයේ ලැස්කෝ ගුහා ච්‍ත්‍ර (උපුටා ගැනීම bradshawfoundation.com ඇසුරෙනි)

මෙලෙස ප්‍රකාශිත සංකේතාත්මක චින්තනයේ මුල්ම සාක්ෂි හමුවන්නේ අප්‍රිකාවෙනි. මහාද්වීපයේ දකුණු කෙළවරට ආසන්නව පිහිටි Blombos ගුහාවේ පර්යේෂකයන් විසින් නිත්‍ය ජ්‍යාමිතික මෝස්තර කැටයම් කරන ලද ගුරුගල් ආලේපිත ඵලක සොයා ගැනීම මෑතකදී වාර්තා කරන ලදී (Henshilwood et al., 2002). මධ්‍ය ශිලා යුගයේ කාර්මික සන්දර්භයක් තුළ හමු වූ මෙම වස්තූන් වසර 77,000ක් පමණ ඈතට දිව යයි; සහ ඒවායේ සංකේතාත්මක විග්‍රහය, නූල් දැමීම සඳහා සිදුරු කරන ලද ගැස්ට්‍රොපොඩ් කවඩ එම ස්ථානයේදීම සොයා ගැනීමෙන් තහවුරු වේ (Henshilwood et al., 2004). අප්‍රිකානු මහාද්වීපයේ අනෙක් අන්තයේ පිහිටි මොරොක්කෝවේ (Bouzouggar et al., 2007) වසර 82,000ක් පැරණි Grotte des Pigeons ඇතුළු අනෙකුත් අප්‍රිකානු මධ්‍ය ශිලා යුගයේ ස්ථානවලින් හමු වූ සමාන “පබළු” Blombos ගුහාවෙන් හමු වූ සාක්ෂිවලට සහාය දක්වයි. සිත්ගන්නා සුළු කරුණ නම්, අප්‍රිකාවෙන් පිටත, වසර 100,000ක් පැරණි ඊශ්‍රායලයේ Skhūl (Vanhaeren et al., 2006) හි එවැනි ආකාරයේ සාක්ෂි මෑතකදී වාර්තා වීමයි. එනම් එම ස්ථානයෙන් හමුවී ඇති සිදුරු සහිත සාගර ගැස්ට්‍රොපොඩ් කවඩ එහි වූ නූතන මානවයා විසින් පබළු භාවිතා කළ බව පෙන්නුම් කරයි. එහි විශේෂත්වය නම් මුහුදු වෙරළේ සිට මෙම ස්ථාන වලට ඇති දුරස්ථභාවය සහ කවච පරිහරණය හා ස්වාභාවික කවච එකලස් කිරීම් සමඟ සංසන්දනය කිරීම තුළින් මෙකී කඩච සංකේතාත්මක භාවිතය සඳහා නූතන මානවයා විසින් හිතාමතා තෝරා ගැනීම සහ ප්‍රවාහනය කිරීම මූර්තිමත් කරයි. ඊශ්‍රාලයෙන් සොයාගත් මෙම නූතන මනාවයා විසින් පුද්ගලික ආභරණ භාවිතය සම්බන්ධ සාක්ෂි අප්‍රිකාවට වඩා තවත් වසර 25 000ක් ඈතට ඇද දමයි.

රූපය 5- Blombos ගුහාවේ නිත්‍ය ජ්‍යාමිතික මෝස්තර කැටයම් කරන ලද ගුරුගල් ආලේපිත ඵලක (උපුටා ගැනීම Britannica ඇසුරෙනි)
රූපය 5- Blombos ගුහාවේ නිත්‍ය ජ්‍යාමිතික මෝස්තර කැටයම් කරන ලද ගුරුගල් ආලේපිත ඵලක (උපුටා ගැනීම Britannica ඇසුරෙනි)
රූපය 6- මොරොක්කෝවේ Grotte des Pigeons හි සොයාගත් පබළු (උපුටා ගැනීම phys.org ඇසුරෙනි)
රූපය 6- මොරොක්කෝවේ Grotte des Pigeons හි සොයාගත් පබළු (උපුටා ගැනීම phys.org ඇසුරෙනි)

මීට පෙර, මානව සංජානනයේ මුල්කාලීන ඉඟි පිළිගැනීමට අපහසු බව විද්වත් මතයයි. උදාහරණයක් ලෙස, වසර 160,000 පමණ (Marean et al., 2007) දකුණු අප්‍රිකානු වෙරළ තීරයේ pinnacle point හි මෑතකදී වාර්තා වූ වර්ණක සැකසීම සහ බෙල්ලන් ඇල්ලීම “නවීන” හැසිරීම් රටා සඳහා සලකුණු ලෙස තර්ක කළ හැකිය. නමුත් එම ක්‍රියාකාරකම් ද්විත්වයම නියැන්ඩතාල්වරුන් විසින් භාවිතා කරන ලද ආර්ථික ක්‍රියාකාරකම්වල ශේෂ වූ සාක්ෂි ලෙස ගිණීම වඩාත් තාර්කික බව විද්වතුන්ගේ ඒකමතික තීරණයයි (Stringer et al., 2008).

සමාලෝචනය

මානව වර්ගයාගේ ඉතිහාසය දීර්ඝතම කාලපර්චඡේදවලින් එකක් වන අතර එය වසර මිලියන හතකට පමණ පෙර පළමු “ද්විපාද වානරයන්” දක්වා විහිදේ. මෙම අසාමාන්‍ය ප්‍රිමාටා පෙනුමෙන් පසුව, හොමිනිඩ් පවුල තුළ පරිණාමීය වෙනස්කම් ඉතා වරින් වර සිදු වූ අතර, නූතන මානවයාගේ පහළවීමට පෙර වඩාත් රැඩිකල් පසුකාලීන නවෝත්පාදනය වූයේ වසර මිලියන දෙකකට පමණ පෙර අත්‍යවශ්‍යයෙන්ම නවීන ශරීර ස්වරූපය සහ බාහිර  පෙනුමයි. ඒහි කූටප්‍රාප්තිය සිදුවන්නේ නූතන සේපියන්ස් ෆොසිල අප්‍රිකානු මහද්වීපය හා ඉන් පිටත යුරේසියාවෙන් ද හමුවීම හේතුවෙනි. නමුත් කොතෙක් මානව පරිණාමයට අදාල වන්නා වූ ෆොසිල අනාවරණය කරගත්ත ද, තවමත් වර්තමානයේ දීත් නොවිසදුණු ගැටළු කීපයක් හමුවේ අප නිරුත්තර වී සිටී. එනම්, නූතන සේපියන් මානවයාගේ ඍජු පූර්වජයා සැබැවින්ම කුමන ආදී මානව වර්ගය ද, නියැන්ඩතාල්වරු හා සේපියන්වරු අතර අන්තර්අභිජනන ක්‍රියාවලීන් සිදු වීයේ ද, සහ අප වර්ගයාගේ අනාගතය කෙබදුවේ ද යන්න යි.

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්
  4. මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. මානව පරිණාමයේ ගමන 5: මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ සම්භවය
  6. ඩෙනිසෝවන් මානවයා හා මානව පරිණාමයේ නව මානව විශේෂ
  7. මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම
  8. මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

References

Bouzouggar, A., Barton, N., Vanhaeren, M., d’Errico, F., Collcutt, S., Higham, T., Hodge, E., Parfitt, S., Rhodes, E., Schwenninger, J.-L., Stringer, C., Turner, E., Ward, S., Moutmir, A., & Stambouli, A. (2007). 82,000-year-old shell beads from North Africa and implications for the origins of modern human behavior. Proceedings of the National Academy of Sciences, 104(24), 9964–9969.

Butzer, K. W., Isaac, G. L., Richardson, J. L., & Washbourn-Kamau, C. (1972). Radiocarbon Dating of East African Lake Levels. Science, 175(4026), 1069–1076.

Day, M. H. (1969). Early Homo sapiens Remains from the Omo River Region of South-west Ethiopia: Omo Human Skeletal Remains. Nature, 222(5199), 1135–1138.

Hajdinjak, M., Mafessoni, F., Skov, L., Vernot, B., Hübner, A., Fu, Q., Essel, E., Nagel, S., Nickel, B., Richter, J., Moldovan, O. T., Constantin, S., Endarova, E., Zahariev, N., Spasov, R., Welker, F., Smith, G. M., Sinet-Mathiot, V., Paskulin, L., … Pääbo, S. (2021). Initial Upper Palaeolithic humans in Europe had recent Neanderthal ancestry. Nature, 592(7853), 253–257.

Harpending, H., & Rogers, A. (2000). Genetic Perspectives on Human Origins and Differentiation. Annual Review of Genomics and Human Genetics, 1(1), 361–385.

Harvati, K., Röding, C., Bosman, A. M., Karakostis, F. A., Grün, R., Stringer, C., Karkanas, P., Thompson, N. C., Koutoulidis, V., Moulopoulos, L. A., Gorgoulis, V. G., & Kouloukoussa, M. (2019). Apidima Cave fossils provide earliest evidence of Homo sapiens in Eurasia. Nature, 571(7766), 500–504.

Henshilwood, C., d’Errico, F., Vanhaeren, M., van Niekerk, K., & Jacobs, Z. (2004). Middle Stone Age Shell Beads from South Africa. Science, 304(5669), 404–404.

Henshilwood, C. S., d’Errico, F., Yates, R., Jacobs, Z., Tribolo, C., Duller, G. A. T., Mercier, N., Sealy, J. C., Valladas, H., Watts, I., & Wintle, A. G. (2002). Emergence of Modern Human Behavior: Middle Stone Age Engravings from South Africa. Science, 295(5558), 1278–1280.

Hublin, J.-J., Ben-Ncer, A., Bailey, S. E., Freidline, S. E., Neubauer, S., Skinner, M. M., Bergmann, I., le Cabec, A., Benazzi, S., Harvati, K., & Gunz, P. (2017). New fossils from Jebel Irhoud, Morocco and the pan-African origin of Homo sapiens. Nature, 546(7657), 289–292.

Hublin, J.-J., Sirakov, N., Aldeias, V., Bailey, S., Bard, E., Delvigne, V., Endarova, E., Fagault, Y., Fewlass, H., Hajdinjak, M., Kromer, B., Krumov, I., Marreiros, J., Martisius, N. L., Paskulin, L., Sinet-Mathiot, V., Meyer, M., Pääbo, S., Popov, V., … Tsanova, T. (2020). Initial Upper Palaeolithic Homo sapiens from Bacho Kiro Cave, Bulgaria. Nature, 581(7808), 299–302.

Klein, R. L. (1999). The human areer (2nd ed.). University of Chicago Press.

Marean, C. W., Bar-Matthews, M., Bernatchez, J., Fisher, E., Goldberg, P., Herries, A. I. R., Jacobs, Z., Jerardino, A., Karkanas, P., Minichillo, T., Nilssen, P. J., Thompson, E., Watts, I., & Williams, H. M. (2007). Early human use of marine resources and pigment in South Africa during the Middle Pleistocene. Nature, 449(7164), 905–908.

McDougall, I., Brown, F. H., & Fleagle, J. G. (2005). Stratigraphic placement and age of modern humans from Kibish, Ethiopia. Nature, 433(7027), 733–736.

Schwartz, J. H., & Tattersall, I. (2005). The Human Fossil Record, Vol. 4: Craniodental Morphology of Early Hominids (Genera Australopithecus, Paranthropus and Orrorin) and Overview. Wiley-Liss.

Smith, G. M., Spasov, R., Martisius, N. L., Sinet-Mathiot, V., Aldeias, V., Rezek, Z., Ruebens, K., Pederzani, S., McPherron, S. P., Sirakova, S., Sirakov, N., Tsanova, T., & Hublin, J.-J. (2021). Subsistence behavior during the Initial Upper Paleolithic in Europe: Site use, dietary practice, and carnivore exploitation at Bacho Kiro Cave (Bulgaria). Journal of Human Evolution, 161, 103074.

Stringer, C. B., Finlayson, J. C., Barton, R. N. E., Fernández-Jalvo, Y., Cáceres, I., Sabin, R. C., Rhodes, E. J., Currant, A. P., Rodríguez-Vidal, J., Giles-Pacheco, F., & Riquelme-Cantal, J. A. (2008). Neanderthal exploitation of marine mammals in Gibraltar. Proceedings of the National Academy of Sciences, 105(38), 14319–14324.

Tishkoff, S. A., Reed, F. A., Friedlaender, F. R., Ehret, C., Ranciaro, A., Froment, A., Hirbo, J. B., Awomoyi, A. A., Bodo, J.-M., Doumbo, O., Ibrahim, M., Juma, A. T., Kotze, M. J., Lema, G., Moore, J. H., Mortensen, H., Nyambo, T. B., Omar, S. A., Powell, K., … Williams, S. M. (2009). The Genetic Structure and History of Africans and African Americans. Science, 324(5930), 1035–1044.

Vallini, L., Marciani, G., Aneli, S., Bortolini, E., Benazzi, S., Pievani, T., & Pagani, L. (2022). Genetics and Material Culture Support Repeated Expansions into Paleolithic Eurasia from a Population Hub Out of Africa. Genome Biology and Evolution, 14(4).

Vanhaeren, M., d’Errico, F., Stringer, C., James, S. L., Todd, J. A., & Mienis, H. K. (2006). Middle Paleolithic Shell Beads in Israel and Algeria. Science, 312(5781), 1785–1788.

White, T. D., Asfaw, B., DeGusta, D., Gilbert, H., Richards, G. D., Suwa, G., & Clark Howell, F. (2003). Pleistocene Homo sapiens from Middle Awash, Ethiopia. Nature, 423(6941), 742–747.

 

ජාත්‍යන්තර භූ කාලානුක්‍රමික සටහන හෙවත් භූ විද්‍යා කාල පරිමාණය

ඩී එස් අනුශාන් මුණසිංහ
සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
Dsamunas_2019@kln.ac.lk

සංක්ෂේපය

පෘථිවිය නිර්මාණයේ පටන් වර්තමානය දක්වා සමස්ථ භූ විද්‍යා කාලය ඒ ඒ කාල වකවානු සුවිශේෂී වූ ලක්ෂණ හා ජීවින් අනුව බෙදා දැක්වීම International Chronostratigraphic Chart – geologic time scale (GTS) හෙවත් භූ විද්‍යා කාල පරිමාණය අනුව සිදු වෙයි. එමෙන්ම මෙයින් පෘථිවියේ සමස්ත ජීව කාලය හැඟවේ. වාර්ෂිකව සිදුකරනු ලබන පර්යේෂණ ඇසුරෙන් භූ කාලානුක්‍රමික සටහන යාවත්කාලීන වන අතරම මෙම ලිපිය සම්පාදනයේ දී ස්ථරායනය පිළිබඳ අන්තර්ජාතික කමිටුව විසින් 2020 වර්ෂය සඳහා සම්පාදිත භූ කාලානුක්‍රමික සටහන භාවිතයට ගනු ලැබීය. මෙම අධ්‍යනය සඳහා ක්ෂේත්‍ර නොවන ගවේෂණ ක්‍රමය භාවිතයට ගත් අතර දත්ත එක්රැස් කිරීම සඳහා සාහිත්‍යය විමර්ශනය හා අන්තර්ජාල ගවේෂණය යන විධික්‍රම යොදාගනු ලැබිය. එහිදී සිද්ධි අධ්‍යයන සම්බන්ධ පුර්ව පර්යේෂණ වලට ප්‍රමුඛත්වය දෙනු ලැබිය. එමෙන්ම පිළිබඳව භූ විද්‍යා කාලය සිංහල භාෂාවෙන් සම්පාදිත ලිපි අල්ප අතර එම හිදැස පිරවීමේ අරමුණින් මෙම ලිපිය සම්පාදනය කරනු ලැබීය.

භූ විද්‍යා කාල පරිමාණය
භූ විද්‍යා කාල පරිමාණය

ප්‍රමුඛ පද: පෘථිවිය, කාලානුක්‍රමික සටහන, භූ විද්‍යා කාලය, ස්ථරායනය, ජීවින්

හැඳින්වීම – භූ විද්‍යා කාල පරිමාණය

පෘථිවිය නිර්මාණයේ පටන් වර්තමානය දක්වා සමස්ථ භූ විද්‍යා කාලය ඒ ඒ කාල වකවානු සුවිශේෂී වූ ලක්ෂණ හා ජීවින් අනුව බෙදා දැක්වීම භූ විද්‍යා කාල පරිමාණයේ දී සිදු වෙයි. මෙම බොහොමයක් ජීවින් පාෂාණීභූත හෙවත් ෆොසිල ලෙසින් හමුවන අතර එම ෆොසිල පෘථිවිය මතුපිට සිට අවසාදිත ස්ථර ආකාරයෙන් රැඳී පවතී. මෙම අවසාදිත ස්ථර භූ කාලානුක්‍රම ඒකක ලෙසින් හඳුන්වනු ලබයි. මුල් කාලීනව භූ විද්‍යා කාල පරිමාණය ගණනය කිරීමේදී සාගරයට ලවණ එකතුවන අනුපාතය ගණනය කිරීම, අවසාදිත තැම්පත් වීමේ සීඝ්‍රතාවය ගණනය කිරීම හා පෘථිවිය සිසිල් වීමේ අනුපාතය ගණනය කිරම ආදී ක්‍රමවේදයන් භාවිතයට ගනු ලැබීය. නුතනයේ දී ඒ සඳහා බහුල වශයෙන් විකිරණශීලි ක්ෂයවීම යොදා ගනු ලබයි. මෙය නිර්මාණය කරනුයේ ස්ථරායනය පිලිබඳ අන්තර්ජාතික කොමිසම හා සම්බන්ධ භූ විද්‍යාඥයින් හා පාෂාණීධාතු විද්‍යාඥයින්ගෙන් සමන්විත කමිටුවක් මගිනි.
නුතන ගණනය කිරීම් අනුව අදින් වසර බිලියන 4.6 ක් දක්වා අතීතයට දිව යන පෘථිවි ඉතිහාසය භූ විද්‍යා කාල පරිමාණය අනුව පිළිවෙලින් අවරෝහණ පෙළගැස්ම අනුව eon, eras, periods, epoch, හා Stages රාශියකට බෙදා දැක්වෙයි. මෙම වදන් සඳහා සිංහල යෙදීම් තරමක් ගැටළු සහගත බැවින් Eon සඳහා මහා භූ යුගය යන්න ද Eras සඳහා යුගය යන්න ද Periods සඳහා කාලපරිච්ඡේදය යන්න ද Epochs සඳහා වකවානුව යන්න ද Stages සඳහා අවධි යන්න ද මෙම ලිපියේ දී යොදනු ලැබේ.

රූපය 1- ජාත්‍යන්තර භූ කාලානුක්‍රමික සටහන හෙවත් භූ විද්‍යා කාල පරිමාණය
රූපය 1- ජාත්‍යන්තර භූ කාලානුක්‍රමික සටහන හෙවත් භූ විද්‍යා කාල පරිමාණය

හේඩියන් මහා භූ යුගය

භූ විද්‍යා කාල පරිමාණය අනුව වඩාත් ඈතම මහා භූ යුගය හේඩියන් ලෙස හඳුන්වයි. මෙය අදින් වසර මිලියන 4600 පමණ පටන් අදින් වසර 4030 දක්වා ව්‍යාප්තව තිබිණි. මෙම මහා භූ යුගය යුග දෙකට බෙදා දැක්වෙන අතර වසර මිලියන 4600 සිට වසර මිලියන 4004 කාලය චාඕෂියන් යුගය ලෙසද එතැන් සිට වසර මිලියන 4030 දක්වා යුගය ජැක් හිල්සියන් හෙවත් ජාකොබියන් යුගය ලෙසින් ද හඳුන්වයි. මෙම යුගය සුර්ය ග්‍රහ මණ්ඩලයේ හා පෘථිවියේ ආරම්භය හා මුලික සකස්වීම් සම්බන්ධයෙන් වැදගත් යුගය වෙයි. චාඕෂියන් යුගය ඉහළ කැල්සියම් හා ඇළුමිනියම් සංයුතියක් සහිත උල්කා වර්ෂාවන්ගෙන් පිරි පැවති කාලයක් වන අතර ජාකොබියන් යුගය වනවිට පෘථිවි කබොලේ මුලික සකස්වීම් ආරම්භ විය. මෙම යුගය පිලිබඳ වැදගත් සාධක රාශියක් ඕස්ට්‍රේලියාවේ යිල්ගාර්න් ආවාටය ආශ්‍රිත ජැක් හිල්ස් ග්‍රීන් ස්ටෝන් පටිය ආශ්‍රයෙන් හඳුනාගෙන ඇත.

ඇකියන් මහා භූ යුගය

මීළඟට උදාවන මහා භූ යුගය ඇකියන් වන අතර එය අදින් වසර මිලියන 4030 සිට අදින් වසර මිලියන 2420 පමණ දක්වා පැවතුණි. මෙය යුග තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් අදින් වසර මිලියන 4030 සිට මිලියන 3490 දක්වා පැවති පෑලියෝකියන් යුගය , එතැන් සිට වසර මිලියන 2780 දක්වා පැවති මේසෝකියන් යුගය හා එතැන් සිට වසර මිලියන 2420 දක්වා පැවති නියෝකියන් යුගය වෙයි.

රූපය 1- ඇකියන් මහා භූ යුගයේ අනුයුග (උපුටා ගැනීම https://www.britannica.com/ වෙතිනි)
රූපය 1- ඇකියන් මහා භූ යුගයේ අනුයුග (උපුටා ගැනීම https://www.britannica.com/ වෙතිනි)

පෑලියෝකියන් යුගය කාලවකවානුව නැවතත් කාල පරිචේද දෙකකට බෙදා දැක්වෙන අතර අදින් වසර මිලියන 4030 සිට අදින් වසර මිලියන 3810 දක්වා කාලපරිච්ඡේදය අකස්ටන් ලෙසින් හඳුන්වනු ලබන අතර ස්තරායානුකුල දත්ත වාර්තාව ආරම්භ වනුයේ මෙම යුගයේ පටන්ය. එමෙන්ම දැනට හමුවන පෘථිවියේ පැරණිතම පාෂාණ වන අකස්ටා ග්නයිස් මෙම කාලපරිච්ඡේදය නියෝජනය කරනු ලබන අතරම කැනඩාවේ ස්ලෙව් ආවාට ප්‍රදේශයෙන් මෙම කාලය සම්බන්ධ භූ විද්‍යාත්මක සාධක රාශියක් අනාවරණය වෙයි. අකස්ටන් හි අවසානයත් සමග ආරම්භ වී අදින් වසර මිලියන 3490 දක්වා දිවෙන කාලය ඉසුආන් කාල පරිච්ඡේදය ලෙස හඳුන්වනු ලබන අතර පළමු වරට සුප්‍රාක්‍රස්ටල් පාෂාණ නිර්මාණය වීම ආරම්භ වෙයි. මෙම කාලපරිච්ඡේදය පිලිබඳ වැදගත් සාධක රාශියක් බටහිර ග්‍රීන්ලන්තයේ උතුරු අත්ලාන්තික් ආවාටය ආශ්‍රිත සුආ සුප්‍රාක්‍රස්ටල් පටියෙන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

ඉසුආන් හි අවසානයත් සමග මෙසෝකියන් යුගය ආරම්භ වන අතර එය කාලපරිච්ඡේද දෙකක් ඔස්සේ හඳුනාගත හැකිය. වසර මිලියන 3490 පටන් වසර මිලියන 3020 දක්වා පැවති කාලය වාල්බ්‍රියන් කාල පරිච්චේදය ලෙසින්ද එතැන් පටන් වසර මිලියන 2780 දක්වා පැවති කාලය පොන්ගොලාන් ලෙසින්ද හඳුන්වයි. පළමු ප්‍රාථමික ජිවින්ගේ අන්වික්ෂීය ෆොසිල ඉතා හොඳින් වාල්බ්‍රියන් කාලපරිච්ඡේදය ට අයත් ශිලාගෝලිය කබොල ස්ථර අතර සුරැකිව පවතින අතර ඕස්ට්‍රේලියාවේ පිල්බරා සුපර්ගෘප් හී වාර්ර්වූනා සමුහය ප්‍රදේශය ඒ සඳහා සාධනීය සාධක සපයයි. පොන්ගොලාන් කාලපරිච්ඡේදය තුළ මහද්වීපික ද්‍රෝණියේ හා ස්ථාවර ක්ෂුද්‍ර ජිවින්ගේ හා ප්‍රභාසංස්ලේෂි බැක්ටීරියාවන් ගේ සම්ප්‍රාප්තිය සිදු වෙයි. මෙම කාලයට අයත් සාධක හමුවන ස්ථානයක් ලෙසට ඕස්ට්‍රේලියාවේ පිල්බරා ආවාටය පෙන්වා දිය හැකිය.

පොන්ගොලාන් කාලපරිච්ඡේදයෙහි අවසානයත් සමග ආරම්භ වන නියෝකියන් යුගය කාලපරිච්ඡේද දෙකකට බෙදා දැක්වෙන අතර අදින් වසර 2780 පටන් වසර මිලියන 2630 දක්වා කාලය මෙතානියන් ලෙසින්ද එතැන් පටන් වසර මිලියන 2420 දක්වා කාලය සිඩේරියන් ලෙසින්ද හැඳින්වේ. ගෝලීය ගිනිකඳු විදාරණයන් සැලකිය යුතු මට්ටමින් අඩු වූ අතර මෙම කාලපරිච්ඡේද පිලිබඳ සාධක පිළිවෙලින් ඕස්ට්‍රේලියාවේ ෆොර්ටෙස්කු සමුහයේ මවුන්ට් රෝයි බැසෝල්ට් , මවුන්ට් බ්රූස් සුපර්ගෘප් හා හැම්ර්ස්ලි සමුහයේ මර්රා මම්බා ප්‍රදේශ වලින් හමු වෙයි.

ප්‍රොටෙරොසොයික් මහා යුගය

අනතුරුව ආරම්භ වන කාලවකවානුව ප්රෝටෙරෝසොයික් මහ භූ යුගය වන අතර එය අදින් වසර 2420 පටන් අදින් වසර මිලියන 541 දක්වා ව්‍යාප්තව පැවතිනි. මෙම මහා භූ යුගය ද නැවත යුග තුනකට බෙදා දැක්වෙන අතර ඉන් පළමුවැන්න වසර මිලියන 1600 දක්වා පැවති පැලියෝප්රෝටෙරෝසොයික් යුගය වේ. දෙවැනි භූ යුගය එතැන් පටන් වසර මිලියන 1000 දක්වා පැවති මෙසෝප්රෝටෙරෝසොයික් යුගය වන අතර තෙවැන්න වන නියෝප්රෝටෙරෝසොයික් යුගය වසර මිලියන 541 දක්වා වූ කාලයක් පැවතින. පැලියෝ ප්‍රොටෙරෝසොයික් යුගය පිළිවෙලින් සිඩේරියන්, රයිශියන්, ඔරෝසිරියන් හා ස්ටාතේරියන් යනුවෙන් කාලපරිච්ඡේදයන් හතරකට බෙදා දක්වයි. ඒවා අදින් වසර මිලියන 2300, 2050, 1800 හා 1600 දක්වා ව්‍යාප්තව පැවතිනි. ගෝලීය උෂ්ණත්වය තව දුරටත් පහළ බසින ලද අතර පළමු වරට ග්ලැසියර් තැම්පත් වීම ආරම්භ විය. වායුගෝලයට ඔක්සිජන් මුදා හැරීම ආරම්භ වූ අතරම ක්‍ 13 සමස්ථානික අධික කැප් කාබොනේටයන් හි ආගමනය ද සිදු විය. මෙය ලොමාගුන්ඩි ජටුලි සමස්ථානික ආගමනය ලෙස හඳුන්වයි. මෙම ක්‍රියාවලියේ අවසානයත් සමග ගෝලීය ගිනිකඳු විදාරණයන් සමග යකඩ සකස් වීමේ ක්‍රියාවලිය ද ආරම්භ විය. කැනඩාවේ කොබෝල්ට් සමුහය හා හුරෝනියන් සුපර්ගෘප්, දකුණු අප්‍රිකාවේ රූයිබර්ග් සමූහය, භූෂ්වෙල්ඩ් මැග්මටික් ප්‍රාන්තය, කාප්යාල් ආවාටය හා කුඑට්ස්ජර්යි යමහල් සැකැස්ම, පෙචෙන්ගා ග්‍රීන්ස්ටෝන් පටිය හා ෆෙනොස්කැන්ඩියා වැනි ප්‍රදේශ වලින් මෙම කාල වකවානුවට අයත් සාධක ලැබෙයි. ප්‍රථම යූකැරියෝටික ජිවින්ගේ ආගමනය ද සිදු විය. ඔවුන් ශක්ති නිෂ්පාදන මයිටෝකොන්ඩියා දැරුහ.

රූපය 2- ප්‍රොටෙරෝසොයික් යුගයේ සිදු වූ විශේෂ සිදුවීම් (උපුටා ගැනීම - https://earthhow.com වෙතිනි)
රූපය 2- ප්‍රොටෙරෝසොයික් යුගයේ සිදු වූ විශේෂ සිදුවීම් (උපුටා ගැනීම – https://earthhow.com වෙතිනි)

අනතුරුව මෙසෝප්රෝටෙරෝසොයික් යුගය ආරම්භ වන අතර එය පිළිවෙලින් කැලිම්මියාන්, එක්ටාසියන් හා ස්ටේනියන් ලෙසින් තුනකින් සමන්විත වන අතර ඒවා අදින් වසර මිලියන 1600 පටන් පිළිවෙලින් 1400,1200 හා 1000 දක්වා පැවතින. මෙම කාලවකවානුවේදී සල්පර් අවශෝෂක සාගරික තැන්පතු, පළමු ඇක්‍රිටාර්ච් හා යෝධ සල්පර් ඕර් තැන්පතු නිර්මාණය ආරම්භ විය. මෙම යුගය තුළ පරිසරය යම් ස්ථායිතාවයකට පත් වූ අතරම ගැඹුරු සාගර පතුල් වල ඔක්සිහරණ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක විය. එමෙන්ම පළමු මහාද්වීපය වන රොඩීනියාව නිර්මාණය වනුයේද මෙම කාලපරිච්ඡේදය තුළය. අනතුරුව නියෝප්රෝටෙරෝසොයික් යුගය ආරම්භ වන අතර එය පිළිවෙලින් ටෝනියන්, ක්‍රියොගේනියන් හා එඩියාකාරන් යන කාලපරිච්ඡේද වලින් සමන්විත වේ. මෙය පිළිවෙලින් අදින් වසර මිලියන 1000 පටන් 850, 630 හා 541 දක්වා පැවතිණි. මේ යුගයේදී අනොමලියාවන් ගේ හා එඩියාකාරන් සතුන්ගේ ආගමනය සිදුවිය. මෙම යුගයේ මුල් කාලපරිච්ඡේද වන ටෝනියන්, ක්‍රියොගේනියන් වකවානු ප්‍රධාන වශයෙන් අයිස් යුගයන් නියෝජනය කරනු ලබන අතර ක්‍රියොගේනියන් කාලපරිච්ඡේදය අවසාන වන විට ගෝලීය ග්ලැසියර්කරණය නිමාවට පත්වෙයි.

හේඩියන්, ඇකියන් හා ප්‍රොටෙරොසොයික් මහ භූ යුග එක්ව ගත්කල එය ප්‍රීකෙම්බ්‍රියන් සුපිරි භූ යුගයක් නිර්මාණය කරයි.
ප්‍රීකෙම්බ්‍රියන් යුගයේ අවසානයත් සමග ආරම්භවන යුගය අදින් වසර මිලියන 541 දී ආරම්භ වී වර්තමානය දක්වාම පවතින අතර පැනෙරොසොයික් යුගය ලෙස හඳුන්වයි. මෙම මහා භූ යුගය තවත් භූ යුග ත්‍රිත්වයකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පැලියෝසොයික්, මෙසෝසොයික් හා සෙනොසොයික් යුගය ලෙසින් හඳුන්වයි.

කේම්බ්‍රියන් කාලපරිච්ඡේදය

අදින් වසර මිලියන 541 න් ආරම්භ වී වසර මිලියන 251.902 දක්වා පැවති පැලියෝසොයිකය තවත් කාලපරිච්ඡේද 6 කට බෙදා දක්වනු ලබයි. ඉන් පළමු වැන්න අදින් වසර මිලියන 541 පටන් වසර මිලියන 485.4 දක්වා පැවති කේම්බ්‍රියන් කාලපරිච්ඡේදය වෙයි. කේම්බ්‍රියන් කාලය තව දුරටත් වකවානු සතරකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ටෙරෙනේඋවියන්, ශේණිය 02, ශේණිය 03 හා ෆුරොන්ජියන් වකවානු ලෙසින් හඳුන්වනු අතර ඒවා පිළිවෙලින් අදින් වසර මිලියන 541 පටන් 521, 509, 497 හා 485.4 දක්වා පැවතුණි. ටෙරෙනේඋවියන් වකවානුව තවදුරටත් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා ෆෝර්චුනියන් හා අවධිය 02 ලෙසින් හඳුන්වයි. මෙම අවධිය සම්බන්ධ භූ විද්‍යාත්මක සාධක රාශියක් කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්තයේ ෆෝචුන් තුඩුව ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත. අනතුරුව එළඹෙන ශේණිය 02 වකවානුව 3 හා 4 ලෙසින් අවධි දෙකකට බෙදා දැක්වෙයි. අනතරුව එළඹෙන ශේණිය 03 වකවානුව අවධිය 5, ඩ්‍රමියන් හා ගුෂැන්ජියන් යනුවෙන් අවධි 3කට බෙදා දක්වයි. ඩ්‍රමියන් අවධිය සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක සාධක ඇමරිකා එක්සත් ජනපදයේ ඌටා හී ඩ්‍රම් කඳු ප්‍රදේශයෙන් ද ගුෂැන්ජියන් අවධිය සම්බන්ධයෙන් චීනයේ ලුයිසි, ගුෂැං, හුනාන් ප්‍රදේශයන්ගෙන් ද හමුවෙයි. අනතුරුව එළඹෙන ෆුරොන්ජියන් වකවානුව පයිබියන්, ජියැංෂානියන් හා අවධිය 10 යනුවෙන් අවධි 03ක් යටතේ හඳුනාගත හැකිය. පයිබියන් අවධිය සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක තොරතුරු චීනයේ හුනාන් හී පයිබි ප්‍රදේශයෙන් ද ජියැංෂානියන් සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක තොරතුරු චීනයේ ඩුබියන්, ෂෙජියැන්ග් ප්‍රදේශයෙන් ද අනාවරණය වෙයි. පළමු කොඩාටාවන්ගේ ආගමනය මෙම යුගයේදී සිදු විය. ප්‍රමුඛ ජීව විශේෂ ලෙසට මුහුදු අපෘෂ්ටවංශින් වන ට්‍රයිලොබයිට්ස්, ප්‍රියාපුලිඩ් පණුවන්, ස්පොන්ජ්, අක්‍රීය බ්‍රැචියෝපොඩ් (නොකැඩූ ලාම්පු බෙල්ලන්) පෙන්වා දිය හැකිය. ඇනෝමලෝකැරිඩ්ස් මෙකලවාසය කළ විශාල විලෝපිකයෙක් විය. එඩියාකාර ජීවින් නෂ්ටව ගිය අතරම ඇල්ගී හා දිලීර තවදුරටත් සිය පැවැත්ම තහවුරු කර ගත්හ. දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිතව ගොන්ඩ්වානා උපරිමහාද්වීපය බිහිවීම සිදු විය. සමුදුරු ජිවින්ගේ මුල්ම භෞමික සංචරණයේ සලකුණු හෙවත් ලාංඡන ෆොසිල මෙම යුගයේදී හමු වයි.විශේෂයෙන්ම උතුරු ඇමරිකානු හා යුරෝපා මහද්වීපයේ කඳුවැටි නිර්මාණයත් සමග මෙම යුගය නිමාවට පත් වි තිබෙයි.

රූපය 3- කේම්බ්‍රියන් යුගයේ දර්ශක ෆොසිලයක් ලෙස හැදින්වෙන ට්‍රයිලොබයිට්ස් ජීවී විශේෂය (උපුටාගැනීම - https://wildaboututah.org ඇසුරෙනි)
රූපය 3- කේම්බ්‍රියන් යුගයේ දර්ශක ෆොසිලයක් ලෙස හැදින්වෙන ට්‍රයිලොබයිට්ස් ජීවී විශේෂය (උපුටාගැනීම – https://wildaboututah.org ඇසුරෙනි)

ඔර්ඩෝවිසියන් කාලපරිච්ඡේදය

කේම්බ්‍රියන් කාලයේ හි අවසානයත් සමග එළඹෙන ඔර්ඩෝවිසියන් කාලපරිච්ඡේදය අදින් වසර මිලියන 485.3 පටන් වසර මිලියන 443.8 දක්වා පැවතිණි. මෙම කාලපරිච්ඡේදය වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ ඔර්ඩෝවිසියන්, මධ්‍ය ඔර්ඩෝවිසියන් හා ඉහළ ඔර්ඩෝවිසියන් වකවානු ලෙස බෙදා දැක්වේ. අදින් වසර මිලියන 485 න් ආරම්භ වී වසර මිලියන 470 න් ගෙවීයන පහළ ඔර්ඩෝවිසියන් වකවානුව තවදුරටත් ට්‍රමෙඩෝසියානු හා ෆ්ලොයියන් යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් කැනඩාවේ ග්‍රීන් පොයින්ට්, නිව්ෆවුන්ඩ්ලන්ඩ් හා ස්වීඩනයේ ඩයබස්බ්‍රොටෙට්, හන්බර්ග් හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 470 න් ආරම්භ වී වසර මිලියන 458.4 න් ගෙවීයන මධ්‍ය ඔර්ඩෝවිසියන් වකවානුව තවදුරටත් ඩැපින්ජියන් හා ඩැරිවිලියන් යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් චීනයේ හුවාංවාචැං, යිචැං, හුබෙයි හා චීනයේ හුවාංනිටැං, ෂෙජියැන්ග් ප්‍රදේශ හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 458.4 න් ආරම්භ වී වසර මිලියන 443.8 න් ගෙවීයන ඉහළ ඔර්ඩෝවිසියන් වකවානුව තවදුරටත් සැන්ඩ්බියන්, කැටියන් හා හර්නන්ටියන් යනුවෙන් අවධි තුනකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් ස්වීඩනයේ ෆැගල්සාන්ග්, ස්කැනියා, ඇමරිකා එක්සත් ජනපදයේ බ්ලැක් නොබ්, ඔක්ලහෝමා හා චීනයේ වැන්ජියවාන්, යිචැං, හූබේ ප්‍රදේශ හඳුනා ගත හැකිය. පළමු අස්ථික ජීවින් බිහිවීම මෙකළ සිදුවිය. ප්‍රමුඛ ජීවි විශේෂ ලෙසට දිගු සෘජු කවච දරන සෙෆලෝපොඩාවන් , මුල් කොරල්, බ්‍රැචියෝපොඩාවන් (ඕර්තිඩා, ස්ට්‍රොෆොමෙනීඩා ආදිය), බයිවැල්වියාවන්, නෞටිලොයිඩ්, ට්‍රයිලොබයිට්, ඔස්ට්‍රාකෝඩ්, බ්‍රයෝසෝවා, බොහෝ වර්ගවල එකයිනොඩර්මෙටාවන් (ක්‍රිනොයිඩ්, සිස්ටොයිඩ් හා පසඟිල්ලන් ආදිය) හා අතු සහිත ග්‍රැප්ටොලයිට් ආදී සමුද්‍රජිවින් පේනවා දිය හැකිය. භෞමික හරිත ශාකයන්ගේ හා දිලීර ආගමනය සිදු විය. මෙම යුගය අවසාන වනවිට පෘථිවි ඉතිහාසයේ ප්‍රථම මහා නෂ්ට වීම සිදුවිය. මෙය ඕර්ඩොවිසියන් – සිලුරියන් නෂ්ටප්‍රාප්තිය ලෙසින් හඳුන්වයි. ටැභූලේට් හා රුගොස් කොරල්, බ්‍රැචියෝපොඩ්ස් (පෙන්ටමෙරිඩා, රයින්චොනෙලිඩා, ආදිය), ට්‍රයිලොබයිට්, මොලුස්කාවන්, ග්‍රැප්ටොලයිට් හා සියලු ක්‍රිනොයිඩ් ජිවින්ගේ ගේ නෂ්ටවිම මෙම මහා වඳවී යාමේදී සිදුව ඇත. මෙම යුගය වනවිට ගොන්ඩ්වානා, බෝල්ටිකා, සයිබීරියා හා ලොරෙන්ශියා යනුවෙන් මහද්වීප හතරක් පැවතුණි.

සිලුරියන් කාලපරිච්ඡේදය

ඕර්ඩොවිසියන් කාලයේහි අවසානයත් සමග එළඹෙන සිලුරියන් කාලපරිච්ඡේදය අදින් වසර මිලියන 443.8 පටන් වසර මිලියන 419.2 දක්වා පැවතිණි. මෙම යුගය වකවානු හතරකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ලැන්ඩෝවරි, වෙන්ලොක්, ලුඩ්ලෝ හා ප්‍රිඩෝලි ලෙස බෙදා දැක්වේ. අදින් වසර මිලියන 443.8 න් ආරම්භ වී වසර මිලියන 433.4 න් ගෙවීයන ලැන්ඩෝවරි වකවානුව තවදුරටත් රුඩානියන්, ඒරොනියන් හා ටෙලිචියන් යනුවෙන් අවධි තුනකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් එක්සත් රාජධානියේ මොෆාට් හී ඩොබ්ස් ලින්න්, ට්‍රෆොවර්, ලැන්ඩෝවරි හා සෙෆ්න් සෙරිග්, ලැන්ඩෝවරි ප්‍රදේශ හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 433.4 න් ආරම්භ වී වසර මිලියන 427.4 න් ගෙවීයන වෙන්ලොක් වකවානුව තවදුරටත් ෂයින්වුඩියන් හා හෝමරියන් යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් එක්සත් රාජධානියේ හියුලිබ්‍රොක්, ඇපඩේල් හා විට්වෙල් කොපිස්, හෝමර් ප්‍රදේශ හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 427.4 න් ආරම්භ වී වසර මිලියන 423 න් ගෙවීයන ලුඩ්ලෝ වකවානුව ගොර්ස්ටියන් හා ලුඩ්ෆෝර්ඩියා යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් එක්සත් රාජධානියේ පිච් කොපිස්, ලුඩ්ලෝ හා සනීහිල්, ලුඩ්ලෝ ප්‍රදේශ හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 423 න් ආරම්භ වී 419.2 න් ගෙවීයන ප්‍රිඩෝලි වකවානුව පිලිබඳ සාධක හමුවන ස්ථානයක් ලෙසට චෙක් ජනරජයේ ප්‍රාග් හී පොසාරී නම් ස්ථානය පෙන්වා දිය හැකිය. භෞමික හරිත ශාක පරිසරයේ ස්ථාපිත වීම මෙකල සිදුවිය. ප්‍රථම භෞමික සත්වයන් ලෙසට කෘමීන්ගේ හා මකුළුවන්ගේ ආගමනය සිදු විය. මිලිපීඩස් හා ආත්‍රොප්ලූරයිඩ් ජිවින්ගේ ආගමනය සිදුවිය. පළමු හනුක මත්සයින් බිහිවිය. විශාල සමුද්‍රික ගොනුස්සන්ගේ ගහනය බහුල විය. ට්‍රයිලොබයිටාවන්ගේ හා මොලුස්කාවන් ප්‍රමුඛ ජීවින් විය. කොරල් විශේෂ මගින් ඉතා විශාල කොරල් පර නිර්මාණය කොට ඇති අතරම නම කොරල් විශේෂ හා මුහුදු උපුලන් විශේෂයන් ද පරිණාමය වි ඇත. කැලිඩෝනියන් කඳු වල සකස්වීම මෙම යුගය අවසානයේදී සිදු වි තිබෙයි.

රූපය 4- සිලූරියන් යුගයේ වූ සාගර පතුල හමු වී ඇති ෆොසිල සාධක ඇසුරින් ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම- https://www.livescience.com)
රූපය 4- සිලූරියන් යුගයේ වූ සාගර පතුල හමු වී ඇති ෆොසිල සාධක ඇසුරින් ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම- https://www.livescience.com)

ඩෙවෝනියන් කාලපරිච්ඡේදය

සිලුරියන් කාලපරිච්ඡේදයෙ හි අවසානයත් සමග එළඹෙන ඩෙවෝනියන් කාලපරිච්ඡේදය අදින් වසර මිලියන 419.2 පටන් වසර මිලියන 358.9 දක්වා පැවතිණි. මෙම යුගය වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ ඩෙවෝනියන්, මධ්‍ය ඩෙවෝනියන් හා ඉහළ ඩෙවෝනියන් ලෙස බෙදා දැක්වේ. අදින් වසර මිලියන 419.2 න් ආරම්භ වී වසර මිලියන 393.3 න් ගෙවීයන පහළ ඩෙවෝනියන් වකවානුව තවදුරටත් ලොච්කොවියන්, ප්‍රාගියන් හා එම්සියන් යනුවෙන් තුනකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් චෙක් ජනරජයේ ක්ලෝන්ක්, ප්‍රාග්, වෙල්කා චුච්ල් හා උස්බෙකිස්ථානයේ සින්සිල්බන් දොරුව යන ස්ථාන හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 393.3 න් ආරම්භ වී වසර මිලියන 382.7 න් ගෙවීයන මධ්‍ය ඩෙවෝනියන් වකවානුව තවදුරටත් අයිෆෙලියන් හා ගිව්ටියන් යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් ජර්මනියේ අයිෆල් කඳුකරයේ වෙටෙල්ඩෝෆ් රිච්ට්ස්නිට් හා මොරොක්කෝවේ ජෙබෙල් මෙක් ඉර්ඩේන්, ටෆිලෝල්ට් ප්‍රදේශ හඳුනා ගත හැකිය.

අදින් වසර මිලියන 382.7 න් ආරම්භ වී වසර මිලියන 358.9 න් ගෙවීයන ඉහළ ඩෙවෝනියන් වකවානුව තවදුරටත් ෆ්රාස්නියානු හා ෆැමේනියන් යනුවෙන් අවධි දෙකකට බෙදා දැක්වෙන අතර මෙම අවධි පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට පිළිවෙලින් ප්‍රංශයේ කොල් ඩු පුච්, මොන්ටැග්නෙ නොයර් හා කොමියාක්, සෙසෙනන්, මොන්ටැග්න් නොයර් යන ස්ථාන හඳුනා ගත හැකිය. පුර්ව පැන්ජියානු ගොඩබිම නිර්මාණය වූ අතරම සාගර තවමත් මිරිදිය මටටමේ පැවතිණි. මත්ස්‍යයින් (ප්ලෙකෝඩර්ම්ස්, බෙදුණු වරල් සහිත හා කිරණ වරල් සහිත මත්ස්‍යයින් හා ආදී මෝරුන්) ප්‍රමුඛ ජීව විශේෂය වූ අතරම ඔවුන් දක්ෂිනාර්ධගොලයේ සිට උතුරට පර්යටනයේ යෙදින. මෙම අවධියේ මැද භාගයේදී අස්ථික මත්ස්‍යයින්ත පෙනහලු මත්ස්‍යයින්, බෙදුණු වරල් මත්ස්‍යයින් හා කිරණ වරල් මත්ස්‍යයින් ලෙස ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදී ගියේය. පෙනහලු මත්ස්‍යයින්ගේ පුර්වජ ආකාරය චෝනික්තියස් වශයෙන් හඳුන්වනු ලබන අතර බෙදුණු වරල් මත්ස්‍යයින් ක්රෝසොප්ටෙරිජියන්ස් වශයෙන් හඳුන්වනු ලබයි. පෑලියෝසොයිකය අවසානය වනවිට මොවුන් වඳවී ගිය අතර ලැටිමේරියා නම් එක් විශේෂයක් පමණක් සූචක ෆොසිලයක් ලෙසට වර්තමානය දක්වාම නොනැසී පවතියි. වර්තමාන ආක්ටික් කැනඩාව එකළ සමකය අසල පිහිටා තිභූ අතරම කාෂ්ටිය ශාකයන්ගේ ආගමනය සිදුවිය. නිවර්තන වනාන්තර, මීවන ශාක හා උභයජිවිගේ බිහිවීම ද සිදුවිය. පළමු ක්ලබ්පාසි, අශ්වවලිග , ලයිකොපොඩ්ස් හා පර්ණාංග ශාක වල ආගමනය මෙන්ම පළමු බිජධාරී ශාක හෙවත් ප්‍රෝගිම්නොස්ෆර්න්ස් හි ආගමනයද සිදුවිය. බ්‍රකියෝපොඩාවන් ඔවුන්ගේ උපරිම වර්ධනයට ලඟා වි ඇති අතර කෙපලපෝඩ් විශේෂයක් වන ඇමනයිට් පරිණාමය වීමද සිදුවිය.

එමෙන්ම පළමු සමුද්‍රීය ටෙට්‍රාපෝඩාවන්ගේ බිහිවීම සිදුවිය. උතුරු අප්‍රිකාවේ ප්‍රති ඇට්ලස් වැටිය , උතුරු ඇමරිකාවේ ඇපලේචියන් කඳු හා නවසීලන්තයේ ඇන්ට්ලර්, වරිස්කන් හා තුහුවා අඩතැන්න බිහිවීම සිදුවිය. පෘථිවිය මත එවකට සිටි ජීවි විශේෂගෙන් හතරෙන් තුනක්ම මිය ගියේ මෙම යුගය අවසන් කරමින් සිදු වූ සමූහ නෂ්ටප්‍රාප්තවීමේදීය. මෙය පශ්චාත් ඩෙවෝනියානු නෂ්ටප්‍රාප්තිය ලෙසින් හඳුන්වයි. ඇතැම්විට මෙය එක් තනි සිද්ධියක් වෙනුවට වසර මිලියන ගණනාවක් තිස්සේ සිදු වූ නෂ්ටප්‍රාප්තවීම් මාලාවක් වූවා විය හැකියි. වඩාත්ම දරුණු බලපෑමක් ඇති වූයේ නොගැඹුරු මුහුදේ ජීවීන්ටය. වසර මිලියන 100ට අධික කාලයකට පසු නව කොරල් පර පරිණාමනය වන තුරු යළි පෙර තිභූ විභූතියට පත් වීමට නොහැකිවන පරිද්දෙන් ඩේවියානු වඳවීයාමේදී කොරල් පරවලට මහත් හානිපැමිණියේ ය. ඉතිරිව සිටි ට්‍රයිලොබයිට්ස් හා සන්නහධාරී අග්නාත් ජීවි විශේෂ තවදුරටත් නෂ්ටව යාම සිදුවිය.මෙම යුගය අවසානයේදී ස්ටේගොසේපාලියන්ස් නමින් හඳුන්වනු ලබන ප්‍රථම භෞමික පෘෂ්ටවංශි ජීව විශේෂය පරිණාමය වි ඇති අතර ඉක්තියෝස්ටේගා එම විශේෂයට අයත් පළමු ජීවි විශේෂය වේ.

මිසිසිපියන් උප කාලපරිච්ඡේදය

අනතුරුව එළඹෙන කාබෝනිෆරස් කාලපරිච්ඡේදය අදින් වසර මිලියන 419.2 පටන් වසර මිලියන 358.9 දක්වා පැවතිණි.  කාබෝනිෆරස් කාලපරිච්ඡේදය එහි ගති ලක්ෂණ අනුව තව දුරටත් උප කාලපරිච්ඡේද දෙකකට බෙදා දක්වයි. ඒවා පිළිවෙලින් අදින් වසර මිලියන 323.2 දක්වා පැවති මිසිසිපියන් උප කාලපරිච්ඡේදය හා එතැන් පටන් වසර මිලියන 358.9 දක්වා පැවති පෙනිසිල්වේනියන් උප කාලපරිච්ඡේදය යනුවෙන් හැඳින්වෙයි. මෙම මිසිසිපියන් උප කාලපරිච්ඡේදය, වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ මිසිසිපියන්, මධ්‍ය මිසිසිපියන් හා ඉහළ මිසිසිපියන් ලෙස බෙදා දැක්වේ. අදින් වසර මිලියන 358.9 න් ආරම්භ වී වසර මිලියන 346.7 න් ගෙවීයන පහළ මිසිසිපියන් වකවානුව තුළ ටුවර්නේෂියන් යනුවෙන් අවධියක් හඳුනාගත හැකි අතර අතර මෙම අවධිය පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට ප්‍රංශයේ ලා සේර්, මොන්ටැග්න් නොයර් යන ස්ථානය හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 346.7 න් ආරම්භ වී වසර මිලියන 330.9 න් ගෙවීයන මධ්‍ය මිසිසිපියන් වකවානුව තුළ වීසියන් යනුවෙන් අවධියක් හඳුනාගත හැකි අතර අතර මෙම අවධිය පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට දකුණු චීනයේ පෙන්චොං යන ස්ථානය හඳුනා ගත හැකිය.

අදින් වසර මිලියන 330,9 න් ආරම්භ වී වසර මිලියන 323.2 න් ගෙවීයන ඉහළ මිසිසිපියන් වකවානුව තුළ සර්පුකොවියානු යනුවෙන් අවධියක් හඳුනාගත හැකිය. මෙකල ව්ශාල ප්‍රාථමික ශාකයන්ගේ හා පළමු භෞමික පෘෂ්ටවංශින්ගේ ආගමනය සිදුවිය. බීජානු දරන ශාකයන්, නොදියුණු බිජ දරන ශාකයන් හා බිජ දරන මීමන ශාකයන්ගෙන් ගොඩබිම සම්පුරණයෙන් පාහේ ආවරණය වීම සිදුවිය. උභයජීවී සමුද්‍රික ගෝනුස්සන් ගේ ආගමනය මෙන්ම ජීවි කොරල් සකස්විමද වෙරළාශ්‍රිත තෘණ නිර්මාණය වීමද ආරම්භ විය. ලොබ්*ෆින්ඩ් රයිසෝඩොන්ට්ස් සාගරයේ වාසය කළ විශාලතම විලෝපිකයෙක් වන අතර පුරාණ මෝරුන් ප්‍රමුඛ මත්ස්‍ය දර්ශය විය. එකිනොඩර්මේටාවන් (විශේෂයෙන් ක්‍රිනොයිඩ්ස් සහ බ්ලාස්ටොයිඩ්), කොරල්, බ්‍රයෝසෝවා, ගොනියාටයිට් සහ බ්‍රැචියෝපොඩ් (ප්‍රොඩක්ටිඩා, ස්පිරිෆෙරිඩා ආදිය) වැනි සතුන් විශාල වශයෙන් ව්‍යාප්තව සිටයහ. ට්‍රයිලොබයිට්ස් හා නෞටිලොයිඩ් යන ජීවින් තව දුරටත් පරිහානියට පත්විය. නැගෙනහිර ගොන්ඩ්වානා ප්‍රදේශ ආශ්‍රිතව ග්ලැසියර්කරණය ආරම්භ විය. එමෙන්ම පළමු ගල් අඟුරු ආකර, තෙල් නිධි, ඊයම් නිධි, රන් ආකර, සින්ක් නිධි, ජිප්සම් ආකර හා ඊයම් නිධි ආදිය නිර්මාණය වි ඇත.

රූපය 5- කාබෝනිෆරස් කාලපරිච්ඡේදයේ වූ වගුරු වනාන්තර දර්ශනයක් ෆොසිල සාධක හා පුරාකාලගුණ දත්ත අනුව ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම https://www.nationalgeographic.com ඇසුරිනි)
රූපය 5- කාබෝනිෆරස් කාලපරිච්ඡේදයේ වූ වගුරු වනාන්තර දර්ශනයක් ෆොසිල සාධක හා පුරාකාලගුණ දත්ත අනුව ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම https://www.nationalgeographic.com ඇසුරිනි)

පෙනිසිල්වේනියන් උප කාලපරිච්ඡේදය

මෙම මිසිසිපියන් උප කාලපරිච්ඡේදයේ අවසානයත් සමග ආරම්භ වන පෙනිසිල්වේනියන් උප කාලපරිච්ඡේදය ද වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ පෙන්සිල්වේනියානු, මධ්‍ය පෙන්සිල්වේනියානු ඉහළ පෙන්සිල්වේනියානු ලෙස බෙදා දැක්වේ. අදින් වසර මිලියන 323,2 න් ආරම්භ වී වසර මිලියන 315.2 න් ගෙවීයන පහළ පෙන්සිල්වේනියානු වකවානුව තුළ බෂ්කිරියන් යනුවෙන් අවධියක් හඳුනාගත හැකි අතර අතර මෙම අවධිය පිලිබඳ භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට ප්‍රංශයේ ලා සේර්, මොන්ටැග්න් නොයර් හා ඇමරිකා එක්සත් ජනපදයේ ඇරෝ කැනියොන්, නෙවාඩා යන ස්ථාන හඳුනා ගත හැකිය. අදින් වසර මිලියන 315.2 න් ආරම්භ වී වසර මිලියන 307 න් ගෙවීයන මධ්‍ය පෙන්සිල්වේනියානු වකවානුව තුළ මොස්කෝවියන් යනුවෙන් අවධියක් හඳුනාගත හැකිය. එමෙන්ම අදින් වසර මිලියන 330,9 න් ආරම්භ වී වසර මිලියන 323.2 න් ගෙවීයන ඉහළ පෙන්සිල්වේනියානු වකවානුව තුළ කාසිමොවියානු හා ග්ෂෙලියන් යනුවෙන් අවධි දෙකක් හඳුනාගත හැකිය. පියාපත් සහිත කෘමීන්ගේ ස්ථාවර වීම සිදුවිය. උභයජිවින් ප්‍රමුඛ සත්ත්ව දර්ශය විය. පළමු උරගයන්ගේ ආගමනය සිදු වූ අතරම සමකය අසල ගල්අඟුරු වනාන්තර ව්‍යාප්ත විය. වයුගොලිය ඔක්සිජන් ප්‍රමාණය ඉහළ මට්ටමින් පැවතුණි.

පර්මියන් කාලපරිච්ඡේදය

කාබෝනිෆරස් කාලපරිච්ඡේදයේ අවසානයත් සමග පැනෙරෝසොයික් යුගයේ අවසන් කාලය වන පර්මියන් කාලපරිච්ඡේදය ආරම්භ වන අතර එය අදින් වසර මිලියන 298.9 සිට වසර මිලියන 251.9 දක්වා පවතින අතර එය වකවානු තුනකට බෙදා දැක්වේ. එනම් පිළිවෙලින් අදින් වසර 272.95න් ගෙවීයන සිසුරලියන්, අදින් වසර මිලියන 259 දක්වා පැවති ග්වාඩෙලෝපියන් හා අදින් වසර මිලියන 251.9 දක්වා පැවති ලොපින්ජියන් වකවානුව වෙයි. සිසුරලියන් වකවානුව නැවත අවධි 4 කට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඇසෙලියන්, සක්මේරියන්, ආර්ටින්ස්කියන් හා කුන්ගුරියන් ලෙසින් හැඳින්වෙන අතර ඇසෙලියන් අවධියට අයත් භූ විද්‍යාත්මක සාධක හඳුනාගත හැකි ස්ථානයක් ලෙසට කසකස්ථානයේ යුරල් කඳුවැටියේ අයිදරාලාෂ් පෙන්වා දිය හැකිය. ග්වාඩෙලෝපියන් වකවානුව නැවත අවධි තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් රෝඩියන්, වර්ඩියන් හා කැපිටන් ලෙස හැඳින්වෙන අතර මෙම අවධි තුනටම අයත් සාධක ඇමරිකා එක්සත් ජනපදයේ ග්වාඩෙලෝප් කඳුකරය ආශ්‍රයෙන් ලැබෙයි. ලොපින්ජියන් වකවානුව ද නැවත අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් වුචියාපින්ජියන් හා චැංසිං ලෙස හැඳින්වේ. මෙම අවධීන්ට අයත් සාධක ලැබෙන ස්ථාන ලෙස පිළිවෙලින් චීනයේ පෙන්ග්ලයිටන්, ගුවැන්සි හා මීෂාන්, ෂෙජියැන්ග් යන ප්‍රදේශ පෙන්වා දිය හැකිය. මේ සමග පැනෙරෝසොයික් යුගය අවසන් වන අතර මෙසොසොයික් භූ යුගය ආරම්භ වෙයි. පැන්ජියා මහාද්වීපය බිහිවීම මෙකළ සිදුවිය.

පෙර යුගයේ සිදු වූ ග්ලැසියර්කරණය නිමාවට පත්විය. පැරාරෙප්ටයිල් සහ ටෙම්නොස්පොන්ඩයිල් උභයජිවින් ප්‍රමුඛ සත්ව දර්ශ විය. මහාද්වීපය උරගයින්ගෙන් පිරි පැවතිණි. පළමු සත්‍ය බීජක ශාක වන කේතුධර ජිම්නෝෆර්න්ස් ශාක හා පළමු සත්‍ය පාසි වැනි ශාක ස්ථාපිත විය. කුරුමිණියන් හා මැස්සන් බහුල විය. ඇමොනයිට් ගහණය වැඩි වි ඇති අතර නව විශේෂණයන් ඇතිවිය. ප්‍රථම උරග ආකාරය වන කොටිලොසෝරස් මෙන්ම ටෙරැප්සිඩාවන් සම්භවය වීමද මෙකළ සිදුවිය. පෘථිවියේ සිදු වූ විශාලතම මහා නෂ්ටවිම පර්මියන් හිදී සිදුවිය.මේ සමූහ නෂ්ට ප්‍රාප්තියේදී සියලු ජීවි විශේෂයන්ගෙන් 96ක්ම විනාශ විය. සියලු ට්‍රයිලොබයිට්, ග්‍රැප්ටොලයිට්, බ්ලාස්ටොයිඩ් ජීවි විශේෂ මෙයට අයත්ය. මෙම නෂ්ටප්‍රාප්තවීම කෙතරම් දරුණු ද යත් එයට ”ර්‍ණමහා මරණය” යනුවෙන් පටබැඳි නාමයක් ද එක්වී ඇත. අද පෘථිවිය මත සියලු ජීවීන් පැවති එන්නේ පර්මියානු නෂ්ටප්‍රාප්තයෙන් ගැලැවුණු සියයට හතරෙනි. ඇපලේචියන් පුනරුදය හේතුවෙන් බොහොමයක් මහද්වීපික භූ ස්කන්ධ පේලියෝසොයික යුගය අවසානය වනවිට මතු වි තිබුණි.

රූපය 6- පර්මියන් මහා වදවීම ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම https://eartharchives.org ඇසුරිනි)
රූපය 6- පර්මියන් මහා වදවීම ප්‍රතිනිර්මාණය කිරීම (උපුටා ගැනීම https://eartharchives.org ඇසුරිනි)

 ට්‍රියාසික් කාලපරිච්ඡේදය

අනතුරුව එළඹෙන මෙසොසොයික් භූ යුගය ද කාලපරිච්ඡේද තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් අදින් වසර මිලියන 251.9 සිට 201.3 දක්වා පැවති ට්‍රියාසික් කාලපරිච්ඡේදය , අදින් වසර මිලියන 145 දක්වා පැවති ජුරාසික් කාලපරිච්ඡේදය හා අදින් වසර මිලියන 66 දක්වා පැවති ක්‍රිටේසියස් කාලපරිච්ඡේදය වේ. බොහොමයක් දියුණු ශාක හා සත්ත්ව වංශයන් හා විශේෂයන් පරිණාමය වීම මෙසොසොයිකයේදී සිදුවිය.

ට්‍රියාසික් කාලපරිච්ඡේදය නැවත වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ ට්‍රියාසික්, මධ්‍ය ට්‍රියාසික් හා ඉහළ ට්‍රියාසික් ලෙසින් හැඳින්වෙයි. අදින් වසර මිලියන 251.9න් ආරම්භ වී වසර මිලියන 247.2 ගෙවීයන පහළ ට්‍රියාසික් යුගය නැවත අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඉන්දුආන් හා ඔලෙනෙකියන් අවධීන් වෙයි. ඉන්දුආන් අවධියට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට චීනයේ මීෂාන්, ෂෙජියැන්ග් ප්‍රදේශය පෙන්වා දිය හැකිය. අදින් වසර මිලියන 247.2 න් ආරම්භ වී වසර මිලියන 237 න් ගෙවීයන මධ්‍ය ට්‍රියාසික් යුගය නැවත අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඇනිසියන් හා ලාඩීනියානු අවධීන් වෙයි. ලාඩීනියානු අවධියට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට ඉතාලියේ බගොලිනෝ ප්‍රදේශය පෙන්වා දිය හැකිය. අදින් වසර මිලියන 237 න් ආරම්භ වී වසර මිලියන 201.3 න් ගෙවීයන ඉහළ ට්‍රියාසික් වකවානුව නැවත අවධි තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් කානියන්, නොරියන් හා රේටියන් අවධීන් වෙයි. කානියන් අවධියට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයක් ලෙසට ඉතාලියේ ප්‍රාටි ඩි ස්ටුවර්ස් ප්‍රදේශය පෙන්වා දිය හැකිය. පළමු ඩයිනොසරයන්ගේ ආගමනය මෙකල සිදුවිය. ඉදිභූවන්ගේ පුර්වජයන් හා කිඹුලන්ගේ පුර්වජයන් වන ආර්ක්සොරස් බිහිවිය. සාගරයේ ටෙරෝසෝරස්. ඉක්තියෝසෝර්ස් හා නොතෝසෝර්ස් වැනි ව්ශාල සමුද්‍රික ජීවන් බිහිවිය. ක්ෂීරපායි ලක්ෂණ දැරූ උරගයින්ගේ හා රොඩෙන්ටියා වන්ගේ ආගමනය සිදුවිය. ඩයික්‍රොයිඩියම් ශාක භෞමික පරිසරයේ බහුල විය. සාගරයේ අධික සෙරෙටිටික් ඇමෝනොයිඩ් ගහනයකින් යුක්ත විය. නුතන කෘමින්, කොරල් විශේෂ හා මත්ස්‍යයන්ගේ ආගමනය සිදුවිය. මෙම යුගයේ අවසාන වසර මිලියන 18 තුළ නෂ්ටප්‍රාප්තවීම් අදියර දෙකක් හෝ තුනක් ඇති විය. මේ එකතුවෙන් ත්‍රියාසික ජුරාසික සමූහ වඳවී යාමේ සිද්ධිය නිර්මාණය විය. මේ මහා විනාශය සම්බන්ධයෙන් වගකීම පිටාර බැසෝල්ට් විදාරණයන් හා ග්‍රහක කඩාවැටීමක් වෙත පැවරේ.

රූපය 7- මධ්‍ය ට්‍රයාසික යුගයේ වූ Pachypleurosaurus edwardsi උරගයාට අයත් ස්විස්ටර්ලන්තයෙන් හමු වූ ෆොසිලය (උපුටා ගැනීම https://www.nationalgeographic.com ඇසුරිනි)
රූපය 7- මධ්‍ය ට්‍රයාසික යුගයේ වූ Pachypleurosaurus edwardsi උරගයාට අයත් ස්විස්ටර්ලන්තයෙන් හමු වූ ෆොසිලය (උපුටා ගැනීම https://www.nationalgeographic.com ඇසුරිනි)

ජුරාසික් කාලපරිච්ඡේදය

ට්‍රියාසික් කාලපරිච්ඡේදය අවසන් වීමත් සමග ජුරාසික් කාලපරිච්ඡේදය ආරම්භ වන අතර එය නැවත වකවානු තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් පහළ ජුරාසික්, මධ්‍ය ජුරාසික් හා ඉහළ ජුරාසික් ලෙසින් හැඳින්වෙයි. අදින් වසර මිලියන 201.3 න් ආරම්භ වී වසර මිලියන 174.1 න් ගෙවීයන පහළ ජුරාසික් වකවානුව නැවත අවධි හතරකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් හෙට්ටන්ජියන්, සිනමූරියන්, ප්ලීන්ස්බැචියන් හා ටෝර්සියන් අවධීන් වෙයි. මෙම අවධීන්ට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයන් ලෙසට පිළිවෙලින් ඔස්ට්‍රියාවේ කුජ්ජොක්, ටයිරෝල්, එක්සත් රාජධානියේ නැගෙනහිර ක්වොන්ටොක්ස් හෙඩ්, බටහිර සොමර්සෙට් හා රොබින් හුඩ්ස් බොක්ක, යෝක්ෂයර් යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකිය. අදින් වසර මිලියන 174.1 න් ආරම්භ වී වසර මිලියන 163.5 න් ගෙවීයන මධ්‍ය ජුරාසික් වකවානුව නැවත අවධි හතරකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඇලෙනියන්, බජෝසියානු, බැතෝනියානු හා කැලෝවියානු අවධීන් ලෙස හැඳින්වේ. මෙම අවධීන්ට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථානයන් ලෙසට පිළිවෙලින් ස්පාඥ්ඥයේ ෆුවෙන්ටෙල්සාස්, බටහිර පෘතුගාලයේ කබෝ මොන්ඩෙගෝ හා ප්‍රංශයේ රවින් ඩු බාස් යන ප්‍රදේශයන් පෙන්වා දිය හැකිය. අදින් වසර මිලියන 163.5 න් ආරම්භ වී වසර මිලියන 145 න් ගෙවීයන ඉහළ ජුරාසික් වකවානුව නැවත අවධි තුනකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඔක්ස්ෆර්ඩියන්, කිම්රිඩ්ජියන් හා ටයිටෝනියන් ලෙස හැඳින්වේ. ජිම්නේෆර්න්ස් (විශේෂයෙන් කේතුධර, බෙනටිටේල්ස් සහ සයිකැඩ්) ශාක හා පර්ණාංග බහුල ශාක දර්ශය විය.

රූපය 8- ඩයිනොසරයින් ප්‍රමුඛ ජීවීන් වූ ජුරාසික් යුගය ෆොසිල සාධක ඇසුරෙන් කරන ලද ප්‍රතිනිර්මිත අවකාශය (උපුටා ගැනීම https://www.sciencenewsforstudents.org ඇසුරිනි)
රූපය 8- ඩයිනොසරයින් ප්‍රමුඛ ජීවීන් වූ ජුරාසික් යුගය ෆොසිල සාධක ඇසුරෙන් කරන ලද ප්‍රතිනිර්මිත අවකාශය (උපුටා ගැනීම https://www.sciencenewsforstudents.org ඇසුරිනි)

විවිධ වර්ගයේ විවධ ප්‍රමාණයේ සෞරෝපොඩ්ස්, කාර්නෝසෝරයන් , ස්ටෙගෝසෝරයන් වැනි ඩයිනොසොරයන් ප්‍රමුඛ ජීවින් උරගයින් විය. පළමු පක්ෂීන්ගේ හා කටුස්සන්ගේ ආගමනය සිදු විය. විශාල සමුද්‍ර උරගයින් වන ඉක්තියෝසොරස් හා ප්ලේසියෝසෝරස් ආගමනය සිදුවිය. සාගරයන් තුළ මුහුදු ඉකිරියන්, ක්‍රිනොයිඩ්ස්, පසඟිල්ලන්, ස්පොන්ජ්, ටෙරෙබ්‍රැටුලිඩ්, රයින්චොනෙලිඩ් හා බ්‍රැචියෝපොඩ්ස් ජීවින් බහුල විය. නමුත් බයිවැල්වියා, ඇමොනයිට් හා බෙලෙම්නයිට් වැනි ජිවින්ගේ පරිහානියක් ඇතිවිය. පැන්ජියා මහාද්වීපය කැඩී වෙන්වී යමින් පවතින අතර උතුරු ඇමරිකානු ගොඩබිම් අප්‍රිකාවෙන් බිඳී වෙන්වීම සිදුවිය ශ්‍රී ලංකාවේ ඉහළ ජුරාසික යුගයට අයත් අවසාදිත තැන්පතු අවම වශයෙන් ආකාර තුනක් ලෙස ශ්‍රී ලංකාවේ වයඹ දිග පෙදෙසෙ ප්‍රාග් කේම්බ්‍රිය සම්භවයක් සහිත විජයානු සංකීර්ණයේ වූ සානු තුළ තැන්පත්ව ඇත. ජුරාසික තැන්පතු අතරින් පුත්තලම අනුරාධපුර මාර්ගයේ සැතපුම් 8 ක් ගිය තැන පිහිටි තබ්බෝව වැවේ බටහිර පෙදෙසේදී මෙම අවසාදිත පොළොව මතුපිට පිහිටා ඇත. අනෙකුත් ජුරාසික තැන්පතු වන තබ්බෝවට දකුණින් පිහිටි ආඩිගම හා පල්ලම තැන්පතු නූතන හෙවත් හොලෝසින පාංශු තැන්පතු මගින් මුළුමනින්ම පාහේ ආවරණය වී ඇත. ආඬිගම තැම්පතු තබ්බෝවේ සිට කිලෝ කිලෝමීටර 32 කින් ද පල්ලම තැන්පතු තබ්බෝවේ සිට කිලෝ කිලෝමීටර් 43 කින් ද වන්නට ඈතින් පිහිටා ඇත.

රූපය 9- ලංකාවේ ජුරාසික යුගයට අයත් ෆොසිල තැන්පතු හමුවන තබ්බෝව ප්‍රදේශයෙන් හමු වූ ජුරාසික යුගයට අයත් ශාක ෆොසිල (උපුටා ගැනීම Plant Insect-Interactions in Jurassic Fossil Flora from Sri Lanka පර්යේෂණ පත්‍රිකාවෙනි)
රූපය 9- ලංකාවේ ජුරාසික යුගයට අයත් ෆොසිල තැන්පතු හමුවන තබ්බෝව ප්‍රදේශයෙන් හමු වූ ජුරාසික යුගයට අයත් ශාක ෆොසිල (උපුටා ගැනීම Plant Insect-Interactions in Jurassic Fossil Flora from Sri Lanka පර්යේෂණ පත්‍රිකාවෙනි)

ක්‍රිටේසියස් කාලපරිච්ඡේදය

ජුරාසික කාලපරිච්ඡේදයේ හි අවසානයත් සමග මෙසොසොයික යුගයේ අවසාන කාලපරිච්ඡේදය වන ක්‍රිටේසියස් කාලපරිච්ඡේදය ආරම්භ වෙයි. ක්‍රිටේසියස් කාලය නැවත වකවානු දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා පහළ ක්‍රිටේසියස් හා ඉහළ ක්‍රිටේසියස් ලෙසින් හැඳින්වේ. අදින් වසර මිලියන 145 පටන් අදින් වසර මිලියන 100.5 දක්වා දිවෙන භූ විද්‍යා කාලය පහළ ක්‍රිටේසියස් ලෙස හඳුන්වනු ලබන අතර එය නැවත අවධීන් හයකට බෙදා දක්වයි. ඒවා පිළිවෙලින් බෙරේසියානු, වලන්ගීනියානු, හෝටරිවියන්, බැරේමියානු, ඇප්ටියන් හා ඇල්බියන් ලෙස හැඳින්වෙයි. අදින් වසර මිලියන 100.5 පටන් අදින් වසර මිලියන 66 දක්වා දිවෙන භූ විද්‍යා කාලය ඉහළ ක්‍රිටේසියස් ලෙස හඳුන්වනු ලබන අතර එය නැවත අවධීන් හයකට බෙදා දක්වයි. ඒවා පිළිවෙලින් සෙනෝමනියානු, ටුරෝනියානු, කොනේෂියන්, සැන්ටෝනියානු, කැම්පානියානු හා මාස්ට්‍රිචියන් හැඳින්වෙයි. සෙනෝමනියානු හා ටුරෝනියානු අවධීන් සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක සාධක හමුවන ස්ථාන ලෙස පිළිවෙලින් ප්‍රංශයේ මොන්ට් රිසෝ, රොසෑන්ස්, හෞට්-ඇල්පස් හා ඇමරිකා එකසත් ජනපදයේ රොක් කැනියොන්, පියුබ්ලෝ, කොලරාඩෝ යන ස්ථාන පෙන්වා දිය හැකිය. මාස්ට්‍රිචියන් අවධියට අයත් භූ විද්‍යාත්මක සන්දර්භයන් හමුවන ස්ථානයක් ලෙසට ප්‍රංශයේ ටර්සිස්-ලෙස්-බෙයින්ස්, ලෑන්ඩස් ප්‍රදේශය පෙන්වා දිය හැකිය. මෙම යුගයේදී සපුෂ්ප ශාකයන්ගේ ස්ථාපිත වීම සිදුවිය. නව කෘමි විශේෂයන්ගේ ආගමනය සිදුවිය. සාගරයේ ප්‍රමුඛ ජීවින් ලෙසින් ඇමෝනොයිඩ්, බෙලෙම්නයිට්ස්, රුඩිස්ට් බයිවැල්වියාවන් , එකිනොයිඩ් ස්පොන්ජ් විශේෂ ව්‍යාප්ත විය. ටිරාන්නෝසෝර්ස්, ටයිටනෝසෝර්ස්, හැඩ්රෝසෝර්ස් හා සෙරාටොප්සිඩ්වැනි නව ඩයිනොසර් විශේෂ රාශියක් ව්‍යාප්ත විය. යුසුචියා (නූතන කිඹුලන්), මොසසෝරස් හා නුතන මෝරුන්ගේ ආගමනය සිදුවිය. දත් සහිත හා රහිත පක්ෂීන් බහුල විය.මොනෝට්‍රීම්, මාෂුපියල්ස් සහ කළල බන්ධ ක්ෂිරපායින්ගේ ආගමනය සිදුවිය.

ගොන්ඩ්වානාලන්තය තව දුරටත් බිඳී ගිය අතර රොකි කඳුවැටිය පැනනැගීම ද සිදුවිය. භූ ඉතිහාසයේ අවසාන හා මහා ජීවී වඳවීම ක්‍රිටසියස් යුගයේ දී සිදුවිය. ක්‍රෙටේසියස් යුගයේ සිදුවූ ජීවීන්ගේ වඳවීම් විද්‍යාවේදී ආකාර කිහිපයකින් විස්තර කෙරේ. එනම් ක්‍රිටේසියස්-තෘතීය වඳවීමේ සිදුවීම, ක්‍රිටේසියස් – පැලියෝජීන් වඳවීමේ සිදුවීම, කේ-ටී වඳවීමේ සිදුවීම (කේ- ක්‍රිටේසියස්, ටී- තෘතියික) ආදී වශයෙන් හැඳින්වේ. එමෙන්ම මෙම වඳවීමේ සිදුවීම ක්‍රිටේසියස් පැලියෝජීන් වඳවීම (K-Pg) යනුවෙන්ද පර්යේෂකයින් හඳුන්වනු ලැබේ.උල්කා පතනයක් නිසා සිදුවූවක් ලෙස විස්තර කෙරේ. මෙතෙක් වායව, ජලජ හා භෞමික නිකේතන සියල්ලම ආක්‍රමණය කර සිටි ඩයිනොසෝරයන් (උරගුන්) මෙම උල්කාවෙන් ඇති වූ අහිතකර පාරිසරික තත්ත්වයන් නිසා මුළුමනින්ම පාහේ වඳ විය. මෙම වඳවීමේ ක්‍රියාවලිය තුළ සිදු වුණු විශේෂ සිදුවීම් අතරින් එවකට ජීවත් වූ සමහර ක්ෂීරපායි කාණ්ඩ මෙම දුෂ්කර කාලය තරණය කළද තවත් ක්ෂීරපායි කාණ්ඩ සදහටම වඳවිය. ජලයේ ආම්ලිකතාවය ඉහළ යාමේ හේතුවෙන් මොලස්කාවන් ආදී කැල්සියම් කවච දරන සතුන් සමහර මුහුදු කලාපවලින් මුළුමනින්ම පාහේ වඳ විය. වඳවී ගිය අපෘෂ්ඨවංශීන් අතරින් නොගැඹුරු හා උණුසුම් මුහුදු කලාපවල ජීවත් වූ කොරල් විශේෂ වලින් 98ක් පමණ විනාශ විය. මීට අමතරව බ්‍රැචියෝපොඩ්ස්, පසැඟිල්ලන්, ඉකිරියන් ආදී ජීවීන් අයත්වන එකිනොඩර්මේටාවන් දෙපියන් බෙල්ලන් භූවල්ලන්, දැල්ලන් ආදීන් අයත් වන සෙපලපෝඩා ජිවින්ද බහුතරයක් විනාශ විය. සැලකිය යුතු ප්‍රමාණයක් සපුෂ්ප ශාක වඳවී ගිය අතර ඇමොනයිට් විශේෂ සම්පුර්ණයෙන් විනාශයට පත්විය.

 සෙනොසොයික යුගය

ක්‍රිටසියස් කාලපරිච්ඡේදයේ අවසානයත් සමග මෙසොසොයික යුගය අවසානයට පත්වන අතර සෙනොසොයික යුගයේ ආරම්භය සිදුවෙයි. අදින් වසර මිලියන 66 න් ආරම්භ වී වර්තමාන දක්වා පවතින මෙම යුගය කාලපරිච්ඡේද තුනකින් සමන්විත වේ. එනම් පිළිවෙලින් පෑලියෝජීන්, නියොජීන් හා චතුර්ථක කාලපරිච්ඡේදයන් වෙයි. මෙම කාලපරිච්ඡේදයන් පිළිවෙලින් අදින් වසර මිලියන 23.03, 2.58 හා වර්තමානය දක්වා ක්‍රියාත්මක වෙයි.

අදින් වසර මිලියන 66න් ආරම්භ වී වසර මිලියන 23.03 දක්වා පවතින පෑලියෝජීන් කාලපරිච්ඡේදය පිළිවෙලින් අදින් වසර මිලියන 56න් ගෙවීයන පෑලියොසීන, වසර මිලියන 33.9 න් ගෙවීයන ඉයොසීන හා වසර මිලියන 23.3 දක්වා පැවති ඔලිගොසීන ලෙසට වකවානු තුනකට බෙදා දක්වයි. පෑලියොසීන වකවානුව ඩැනියන්, සෙලන්ඩියානු හා තෙනේටියන් යනුවෙන් අවධි තුනකට බෙදා දැක්වෙන අතර එම අවධීන්ට අයත් සාධක පිළිවෙලින් ටියුනීසියාවේ එල් කෙෆ් හා ස්පාඥ්ඥයේ සුමාය්යා වලින් හමුවෙයි. මෙය කේ*ටී නෂ්ටප්‍රාප්තියේ පසු ප්‍රතිඵල ඇතිවූ කාල වකවානුව විය. දේශගුණය නිවර්තන ගති ලක්ෂණ පෙන්නුම් කරනු ලැභූ අතර පළමුවන විශාල ක්ෂිරපායින්ගේ ආගමනය සිදුවිය. අශ්වයන්ගේ පුර්වජයින්ගේ ආගමනය සිදු වූ අතරම නිවර්තන ශාක බහුල කාලයක් විය.

ඉයොසීන වකවානුව යෙප්‍රේෂියන්, ලුටේෂියන්, බාර්ටෝනියානු හා ප්‍රියාබෝනියන් යනුවෙන් අවධි හතරකට බෙදා දැක්වෙන අතර ඒවාට අයත් සාධක ඊජිප්තුවේ ලක්සොර් හී දබායියා හා උතුරු ස්පාඥ්ඥයේ ගොරොන්ඩැටෙක්ස් යන ස්ථාන වලින් හමුවෙයි. ක්‍රියෝඩොන්ට්ස්, ,කොන්ඩිලාර්ත්ස්, යුන්ටතෙරස් වැනි ආකයික ක්ෂිරපායින්ගේ ආගමනය සිදුවිය. තල්මසුන්, ඇතුන් හා රයිනෝසිරස් වැනි සතුන්ගේ පුර්වජයන් බිහිවිය. තෘණභූමි පැතිරයාම ආරම්භ විය. ඉයෝසීනයේ අවසානය වන විට තල්මසුන්ගේ හා ඩොල්පින් මසුන්ගේ පුර්වජයන් වන කෙටසියාවන් හා මුහුදු ඌරන්ගේ පුරවජයන් වන සිරේනියාවන් කරදිය පරිසර වලට අනුවර්තනය වි ඇති අතර වවුලන්ගේ පුර්වජ ආකාරයක් වන චිරෝප්ටෙරාවන් වායව පරිසරයට අනුවර්තනය වි ඇත. මුහුදුමට්ටම් ඉහළ ගිය අතර හුණුගල් තම්පත්විම සිදුවිය. ඉන්දියානු උපමහද්විපයේ හිමාලයන් කඳු හා ග්‍රීසියේ හෙලනික් කඳු ආශ්‍රිතව පර්වතකාරක ක්‍රියාකාරකම් සිදුවිය. නුතන සපුෂ්ප ශාකයන්ගේ පරිණාමය හා පැතිරයාම සිදුවිය. ඇන්ටාක්ටික් ග්ලැසියරයේ පැතිරයාම ආරම්භ විය.

ඔලිගොසින වකවානුව රුපෙලියන් හා චැටියන් ලෙසට අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවාට අයත් භූ විද්‍යාත්මක සාධක හමුවන ස්ථානයක් ලෙසට ඉතාලියේ මැසිග්නානෝ, ඇන්කෝනා ප්‍රදේශය පෙන්වා දිය හැකිය. නුතන සපුෂ්ප ශාකයන්ගේ පරිණාමය හා පැතිරයාම සිදුවිය. එමෙන්ම ආකයික ක්ෂීරපායී විශේෂ බොහොමයක් නෂ්ට වීමද සිදු විය. කළල බන්ධ ක්ෂිරපයින්ගේ ව්‍යාප්තිය වැඩි වි ඇති අතර ප්‍රයිමේටාවන්ගේ පරිණාමය ද මෙකළ සිදුවිය. රයිනෝසිරස්, ඉබ්බන් හා ඇලිගේටාවන්ගේ වර්ධනය හා ව්‍යාප්තියද බහුල යුගයක් විය.ඇන්ටාක්ටික් ග්ලැසියරයේ පැතිරයාම ආරම්භ විය. සමුද්‍රික ඔලිගෝකිටාවන් බහුල විය.

රූපය 10- ප්‍රොටෙරෝසොයික් යුගයේ සිදු වූ විශේෂ සිදුවීම් (උපුටා ගැනීම - https://earthhow.com වෙතිනි)
රූපය 10- ප්‍රොටෙරෝසොයික් යුගයේ සිදු වූ විශේෂ සිදුවීම් (උපුටා ගැනීම – https://earthhow.com වෙතිනි)

මයෝසීන වකවානුව

මීළඟට එළඹෙන නියොගීන කාලපරිච්ඡේදය අදින් වසර මිලියන 23.03 ආරම්භ වී වසර මිලියන 5.333 දක්වා පැවති මයෝසීන වකවානුව හා වසර මිලියන 2.58 දක්වා පවතින ප්ලියෝසින වකවානුව ලෙසට වකවානු දෙකකට බෙදා දැක්වේ. මයෝසීන වකවානුව තවදුරටත් අවධි 06 කට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ඇක්විටානියානු, බර්ඩිගාලියන්, ලැන්ගියන්, සේරාවලියන්, ටෝටෝනියානු හා මෙසීනියානු ලෙස හැඳින්වෙයි. ඇක්විටානියානු අවධ්ය සම්බන්ධ භූ විද්‍යාත්මක සාධක උතුරු ඉතාලියේ ලෙම්*කැරොසියෝ ප්‍රදේශයෙන් හමුවන අතර ශ්‍රී ලංකාවේ මයෝසීන සාධක බර්ඩිගාලියන් අවධියට අයත් බව මෑතකදී කරනු ලැභූ පර්යේෂණයකින් පෙන්වා දී ඇත. සේරාවලියන්, ටෝටෝනියානු හා මෙසීනියානු අවධීන්ට අයත් භූ විද්‍යාත්මක සාධක හමුවන ස්ථාන ලෙසට පිළිවෙලින් මෝල්ටාවේ රාස් ඉල් පෙලෙග්‍රින්, ෆොම් ඉර්-රි බොක්ක, ඉතාලියේ මොන්ටේ ඩී කෝර්වි බීච්, ඇන්කෝනා හා මොරොක්කෝවේ ඕඩ් අක්රෙක්, රබ්බාත් යන ප්‍රදේශ පෙන්වාදිය හැකිය. මේ කාලය හරිතාගාර දේශගුණයකට සමාන වූ උෂ්ණත්වයක් පැවැති අවධියක් ලෙස සැලකේ. මයෝසීන අවධියේදී ඇති වූ වැදගත් සිදුවීම් අතර, හිමාලය කඳුවැටිය ආරෝහණය වීම, ආසියාවේ ඇතැම් ප්‍රදේශ මහාද්වීපයෙන් වෙන් වී වීශාල දූපත් බවට පත්වීම (ශ්‍රී ලංකාව, සුමාත්‍රා, බෝර්නියෝ ආදි) දැක්විය හැකිය. හයිනාවන්. ජිරාෆ් හා ඇන්ටිලෝපයන් හා මුවන් වැනි ක්ෂීරපායින් ආසියාවේ හා යුරෝපයේ බිහි විය. සිරේනියානුවන් පළමුව ගන කිහිපයකින් නිරූපණය වූ අතර, සෙටාතෙරිස් තල්මසුන් පළමුව බිහි වූයේද පහළ මයෝසීනයේදීය. නුතන ක්ෂිරපායින්ගේ හා පක්ෂීන්ගේ පුර්වජයන් විශාල ප්‍රමාණයක ආගමනය සිදු විය. අශ්වයන්, ඇතුන්, ඔටුවන් බල්ලන් හා බළලුන් මේ ගණයට අයත් වයි. එමෙන්ම වානරයන්ගේ පුර්වජයන්ගේ ආගමනය ද සිදුවිය. චිමපසින්ගේ හා මානවයන්ගේ පුර්වජයන්ගේ වෙන්වීම සිදුවිය. අප්‍රිකාව සහලෙන්ට්‍රොපස් ටැචෙන්සිස් වානර මානව විශේෂය බිහිවිය.

මයෝසීන අවධියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පිහිටා ඇති ගොඩබිම් ප්‍රදේශය ගිලී යෑම හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන්විය. මයෝසීන අවධියේදී ඇති වූ වැදගත් සිදුවීම් අතර, හිමාලය කඳුවැටිය ආරෝහණය වීම, ආසියාවේ ඇතැම් ප්‍රදේශ මහාද්වීපයෙන් වෙන් වී වීශාල දූපත් බවට පත්වීම (ශ්‍රී ලංකාව, සුමාත්‍රා, බෝර්නියෝ ආදි) දැක්විය හැකිය. හයිනාවන්. ජිරාෆ් හා ඇන්ටිලෝපයන් හා මුවන් වැනි ක්ෂීරපායින් ආසියාවේ හා යුරෝපයේ බිහි විය. සිරේනියානුවන් පළමුව ගන කිහිපයකින් නිරූපණය වූ අතර, ක්‍ැඒඑයැරසි තල්මසුන් පළමුව බිහි වූයේද පහළ මයෝසීනයේදීය. මයෝසීන හුණුගල් උතුරේ යාපනය අර්ධද්වීපය ප්‍රදේශයේ දැකිය හැකි අතර, මයෝසීන වැලිගල් ගිනිකොනදිග ප්‍රදේශයේ මිනිහාගල්කන්ද ප්‍රදේශයේ හමුවේ. යාපනය හුණුගල ආවරණය කරමින් සංවර්ධන කටයුතු සිදුවී ඇති අතර, ඉතිරිව ඇත්තේ රතු පසින් යටවී පිහිටා ඇති අරුවක්කාලූ පොසිල පමණකි. යාපනය අර්ධද්වීපයේ මයෝසීන හුණුගල හා මිනිහාගල්කන්ද යනු පරිහානියට පත් වූ හුණුගල් වෙයි. මේවායේ හමුවන්නේ කොරල් හා දෙපියන් බෙල්ලන් පමණක් වන අතර, එමගින් පෙනෙන්නේ එම ප්‍රදේශය අදාළ කාලයේදී අන්තර් උදම් කලාපයක්ව පැවැති බවයි. විශාල අපෘෂ්ටවංශීන් හා පෘෂ්ටවංශීන් හමුවන්නේ හා ඉහළ ජෛවවිවිධත්වයක් දැකිය හැක්කේ අරුවක්කාලූ මයෝසීන නිධියේ පමණකි. අරුවක්කාලූ පොසිල මගින් ගැස්ට්‍රොපෝඩාවන්, දෙපියන් බෙල්ලන්, එකිනොඩර්මාවන්, සාගර ඇල්ගාවන්, නාලපණුවන් මඩුවන්, තල්මසුන්, ඩොල්පිනුන්, මත්ස්‍යයින්, ඉදිභූවන් හා කැස්බෑවුන් නිරූපණය වෙයි. අරුවක්කාලූ නිධි පිහිටා ඇති ප්‍රදේශය මයෝසීන යුගයෙන් පසුව මුහුදු මට්ටම පහළ යෑම නිසා අනාවරණය වන්නට ඇති බව සිතිය හැකිය. මුහුදු ඌරා, ගැස්ට්‍රොපෝඩාවන් හා දෙපියන්බෙල්ලන්ගේ පොසිලවලින් පෙනීයන්නේ අන්තර් උදම් කලාපයක් පැවැති බව වන අතර, තල්මසුන් හා ඩොල්පින් වැනි සතුන්ගේ පොසිලවලින් පෙනීයන්නේ ගැඹුරු මුහුදු මට්ටමක්ද පැවැති බවයි. යාල ජාතික උද්‍යානයේ ෂෂ වන කලාපයේ පිහිටා ඇති මිනිහාගල්කන්ද ප්‍රදේශයෙන් පොසිල ස්පොන්ජි හා කොරල් සමග හමු වී ඇති ඔස්ට්‍රයො කවච මගින් පෙනී යන්නේ එම ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික සමයේදී වෙරළක්ව පැවැති බවයි.

රූපය 11- ලංකාවේ මයෝසීන යුගයට අයත් ෆොසිල හා තැන්පතු හමුවන අරුවක්කාලු ප්‍රදේශය (උපුටා ගැනීම https://www.earthsciences.hku.hk/ වෙතිනි)
රූපය 11- ලංකාවේ මයෝසීන යුගයට අයත් ෆොසිල හා තැන්පතු හමුවන අරුවක්කාලු ප්‍රදේශය (උපුටා ගැනීම https://www.earthsciences.hku.hk/ වෙතිනි)
රූපය 12- ලංකාවේ යාපනය අර්ධද්වීපයේ හමුවන මයෝසීන යුගයට අයත් ෆොසිල (උපුටා ගැනීම https://www.sciencedirect.com ඇසුරිනි)
රූපය 12- ලංකාවේ යාපනය අර්ධද්වීපයේ හමුවන මයෝසීන යුගයට අයත් ෆොසිල (උපුටා ගැනීම The role of sea-level and climate changes in the assembly of Sri Lankan biodiversity: A perspective from the Miocene Jaffna Limestone – ScienceDirect පර්යේෂණ පත්‍රිකාව ඇසුරිනි)

මීළඟට එළඹෙන ප්ලියෝසින වකවානුව අවධි දෙකකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් සැන්ක්ලීන් හා පියසෙන්සියන් ලෙසින් හඳුන්වයි. එම අවධීන්ට අයත් භූ විද්‍යාත්මක සාධක ලැබෙන ස්ථාන ලෙසට ඉතාලියේ එරක්ලියා මිනෝවා, සිසිලිය හා පුන්ටා පිකෝලා, සිසිලිය යන ස්ථාන පෙන්වා දිය හැකිය. අප්‍රිකාවේ ආර්ඩිපිටෙකස් හා ඔස්ට්‍රේලෝපිටිකස් මානවයන්ගේ පරිණාමය සිදුවිය. ග්‍රෑන්ඩ් කැන්යෝන් නිර්මාණය වනුයේ ද මෙම යුගයේ වන අතර මෙය අයිස් යුගයක් ලෙස සැලකේ.

චතුර්ථක කාලපරිච්ඡේදය

නියෝගීන් කාලපරිච්ඡේදයේ අවසානයත් සමග එළඹෙන චතුර්ථක කාලපරිච්ඡේදය මානව පරිණාමීය ක්‍රියාවලියේදී අතිශයින් වැදගත් වෙයි. අදින් වසර මිලියන 2.58 කට පෙර ආරම්භවන චතුර්ථක කාලය වර්තමානය දක්වාම පවතී. මෙම කාලපරිච්ඡේදය අවධි දෙකකට බෙදා දක්වන අතර අදින් වසර 11 700 දක්වා පැවති කාලය ප්ලයිස්ටොසීන් වකවානුව ලෙසත් එතැන් පටන් අද දක්වා කාලය හොලෝසීන වකවානුව ලෙසත් හැඳින්වේ. ප්ලයිස්ටොසීන් වකවානුව නැවතත් අවධීන් හතරකට බෙදා දැක්වෙන අතර ඒවා පිළිවෙලින් ගෙලාසියන්, කැලිබ්‍රියන්, මධ්‍ය ප්ලයිස්ටෝසින් හෙවත් චිබානියන් හා ඉහළ ප්ලයිස්ටෝසින් ලෙස හැඳින්වේ. ගෙලාසියන්, කැලිබ්‍රියන් අවධි සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍ර අතර පිළිවෙලින් ඉතාලියේ මොන්ටේ සැන් නිකොලා, සිසිලි හා වර්කා, කැලාබ්‍රියා යන ස්ථාන වැදගත් වේ.. ගෙලාසියන් යුගයේදී චතුර්ථක ග්ලැසියර්කරණය ආරම්භ වූ අතර ප්ලයිස්ටොසීන මහා සත්ත්ව සංහතිය හා හෝමෝ හැබිලිස් මානවයාගේ පැතිරයාම සිදුවිය. කැලිබ්‍රියන් අවධිය හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ පැතිරයාම සම්බන්ධයෙන් වැදගත් වන අතරම චිබානියන් අවධිය නුතන මානවයාගේ ආගමනය සම්බන්ධයෙන් වැදගත් වෙයි. ඉහළ ප්ලයිස්ටෝසින යුගය තුළ සුප්‍රකට ටෝබා විදාරණය සිදුවන අතර ප්ලයිස්ටොසීන මහා සත්ත්ව සංහතියේ නෂ්ටව යාම සිදුවිය.

සිතියම 1 දැරණියගල ගංගාව (උපුටාගැනීම Deraniyagala, P.E.P, (1958), The Pleistocene of Ceylon ඇසුරිනි)
සිතියම 1 දැරණියගල ගංගාව (උපුටාගැනීම Deraniyagala, P.E.P, (1958), The Pleistocene of Ceylon ඇසුරිනි

වර්තමාන ජීවවිවිධත්වය ලොව ස්ථාපිත වීමත්, එමෙන්ම අද දක්නට ලැබෙන සමස්ත භූ දර්ශනය නිර්මාණය වීමත් සහ නූතන මානවයා උපත ලැබීමත් ආදී බොහෝ හේතූන් මත ප්ලයිස්ටොසීන අවධිය භූ යුග අතර ඉතා වැදගත් කාලපරිච්ඡේදයක් ලෙස සඳහන් කළ හැකිය. ප්ලයිස්ටොසීනයේ ජීවත් වූ ජීවීන් බොහෝමයක් අඛණ්ඩව අද දක්වාම ජීවත් වන අතර යම් කොටසක් වඳවීමටද භාජනය වී ඇත. ප්ලයිස්ටොසීනයේ ඇතිවූ ග්ලැසියර හා අන්තර් ග්ලැසියර තත්ත්වයන්ගේ හේතුවෙන් මුහුදු මට්ටම වෙනස්වීම සිදුවිය. මුහුදු මට්ටම පහත බැසීමේ ප්‍රතිඵලයක් ලෙස නොගැඹුරු දූපත් හා යාබද මහාද්වීප එක් ගොඩබිමක් වූ බැවින් ඒ අතර ගොඩබිම් සබඳතා ඇති විය. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දියානු කලාපය එකිනෙක භෞතිකව සම්බන්ධ වූ අතර නැගෙනහිර ආසියානු දූපත් අතරද ගොඩබිම් සබඳතා ඇති විය. මිට වසර 15 000 කට පෙර සිට ක්‍රියාත්මක වන අන්තර් ග්ලැසියර බලපෑමේ හේතුවෙන් සාගර ජලය මට්ටම උස්වීමෙන් අදින් වසර 10 000 කට පෙර එතෙක් දකුණු ඉන්දියාවත්, උතුරු ශ්‍රී ලංකාවත් අතර පැවති ගොඩබිම් සබඳතා බිඳවැටුණි. මේ සබඳතා පැවති සමයේ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර ජීවීන්ගේ සංක්‍රමණ පැවති බව ජාන විද්‍යාත්මක සාධකවලින් මේ වන විට මනාව අනාවරණය වී ඇත. ලංකාවේ ප්ලයිස්ටොසීනයේ ජීවත්ව වඳවී ගිය සතුන්ගේ පාෂාණිභූත හෙවත් ෆොසිල ප්‍රධාන වශයෙන් හමු වන්නේ රත්නපුරය කේන්ද්‍ර කොටගත් සබරගමුව ප්‍රදේශයේ වූ දියළු තැන්පතු වලිනි. මෙම ප්ලයිස්ටොසීන සත්ත්ව ෆොසිල රත්නපුරය ආශ්‍රිතව සුලභව හමුවීම නිසා එම සත්ත්ව පරපුරට රත්නපුර සත්ත්ව සන්තතිය යන නාමය ව්‍යවහාර කෙරේ. මේ රත්නපුර සත්ත්ව පරපුර ඉන්දියාවේ නර්මදා හා ශිවාලික් ෆොසිල සත්ත්ව පරපුරට සමීප ඥාතීත්වයක් දක්වනු ලබන බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

හොලෝසීන වකවානුව පිලිබඳ භූ විද්‍යා පර්යේෂණ සිදුකරන ස්ථානයක් වශයෙන් ග්‍රීන්ලන්තයේ උතුරු අයිස් හරය ක්ෂේත්‍රය වැදගත් වෙයි. සහරා කාන්තාරය නිර්මාණය වනුයේද මෙම අවධිය සිදු වුයේද මෙම වකවානුවේදීය. මෙම වකවානුව ග්‍රීන්ලන්ඩියානු, නෝර්ත්ග්‍රිපියන්ට් හා මෙගාලයන් යනුවෙන් අවධි තුනකට බෙදා දැක්වෙන අතර නුතන මානවයාගේ නියෝලොතික විප්ලවයේ පටන් අතිශය අහිතකර හරිතාගාර වායු විමෝචනය කරන්නා වූ නුතන තාක්ෂණික පරිණාමය දක්වා සියලු කාර්යය සංසිද්ධීන් සිදු වුයේ මෙම යුගයේදීය.

සමාලෝචනය

පෘථිවිය නිර්මාණයේ පටන් වර්තමානය දක්වා සමස්ථ භූ විද්‍යා කාලය ඒ ඒ කාල වකවානු සුවිශේෂී වූ ලක්ෂණ හා ජීවින් අනුව බෙදා දැක්වීම International Chronostratigraphic Chart – geologic time scale (GTS) හෙවත් භූ විද්‍යා කාල පරිමාණයේ දී සිදු වෙයි. නමුත් මෙම භූ විද්‍යාත්මක කාල පරිමාණය තුළ හඳුනා ගැනෙන දත්ත නිරන්තරයෙන් යාවත්කාලීන වන අතර එනිසා භූ විද්‍යා කාල පරිමාණයේ තොරතුරු සහ කාල වකවානු එක් එක් යුගයක් පිළිබඳ කරන පර්යේෂණ අනුව වෙනස්කම් වලට භාජනය වෙයි. එම වෙනස්වීම් තුළ සිදුවනුයේ නමුත් ගත්කල භූ විද්‍යා කාලපරිමාණයට නව දත්ත ආදේශනය වීමය. එනිසා භූ විද්‍යාකාල පරිමාණය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අධ්‍යයනයක් සිදු කරන්නන් විසින් එහි ගතිකත්වය අවබෝධ කර ගනිමින් ස්ථරායනය පිළිබඳ අන්තර්ජාතික කමිටුව විසින් වාර්ෂික යාවත්කාලීන කිරීම් සහිතව සම්පාදනය කරනු ලබන භූ කාලානුක්‍රමික සටහන හා ඔවුන්ගේ අන්තර්ජාල ප්‍රකාශනයන් හා පරිශීලනය කළ යුතුය.

උපකාරානුස්මෘතිය

මහාචාර්ය අනුර මනතුංග මහතාට
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය.
අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

මහාචාර්ය මාලිංග අමරසිංහ මහතාට
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය

ආචාර්ය මංගල කටුගම්පොළ මහතාට
අංශාධිපති, පුරාවිද්‍යා අධ්‍යනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය.

ආචාර්ය නිමල් පෙරේරා මහතාට
හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

ආචාර්ය ශ්‍රියාණි හැතුරුසිංහ මහත්මියට
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යනාංශය, කැලණිය විශ්ව විද්‍යාලය.

කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි මහතාට
සත්ත්ව පුරාවිද්‍යාඥ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්ව විද්‍යාලය.

සොනාලි රංගිකා ප්‍රේමරත්න මෙනවියට
පර්යේෂණ සහකාර, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්ව විද්‍යාලය.

සම්පත් ගුණතිලක මහතාට
බාහිර කථිකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්ව විද්‍යාලය.

මූලාශ්‍ර

Cohen, K.M., Finney, S.C., Gibbard, P.L. & Fan, J.-X. (2013; updated). The ICS International Chronostratigraphic Chart. Episodes 36: 199-204.

Gradstein, F.M., James, G.O., & Frits, J.h., (2012; updated). On The Geologic Time Scale, Newsletters on Stratigraphy, Vol. 45/2, 171–188.

Dr. Nimal Perera, Mr. Kalum Nalindra Manamendra-Archchi & Mr. Sampath De Goonathilake’ Lectures and Notes.

Wayland, E. J. 1925 The Jurassic rocks of Tabbowa. Spolia Zeylanica. 13(2): 195-208.

Wayland, E. J. 1920 The Preliminary note on some fossiliferous beds in Ceylon. Spolia Zeylanica.11

Wayland E. J. and A. M. Davies 1923 The Miocene of Ceylon. Quaternary Journals of the Geological Society London.79 (4): 584-602

Sitholey, R.V. 1944. Jurassic plants from the Tabbowa series in Ceylon. Spolia Zeylanica, Bulletin of the National Museums of Sri Lanka, 24(1): 3-17 pp.

Satish Chandra Das Sah, 1953 Spores and other micro-remains from a carbonaceous shale (Jurassic) in Andigama, Ceylon. Spolia Zeylanica Vol 27, Part 1. pp 1-12

Epa, R., Perera, N., Manamendra-Arachchi, K and Meegaskumbura,M 2011 Sri Lanka’s Aruwakkalu fossil deposit dates to the BurdigalianAge. Ceylon Journal of Science (Bio.Sci) 40 (2):163-174.

Deraniyagala, P.E.P. 1968 Some aspect of the Tertiary period in Ceylon. Journal of Royal Asiatic Society (Ceylon Branch). 12(new series): 86-108.

Deraniyagala, P. E. P. 1969b. A Miocene vertebrate faunal from the Malu member of Ceylon. Spolia Zeylanica. 31(2): 551-570

Deraniyagala, P. E. P. 1963a.Some indicators of the Pleistocene stratigraphical chronology of Ceylon. Spolia Zeylanica. 30(1): 1-3

Deraniyagala, P. E. P. 1958a. The Pleistocene of Ceylon. Ceylon National Museums Publication. 164pp

මනමේන්ද්‍ර-ආරච්චිල කේ.එන්. (2014) අනුරාධපුර පුරා ජෛවවිවිධත්වය සහ වර්තමාන ජෛව විවිධත්වය.

Edirisooriya, G.,H.A. Dharmagunawardhane, 2013,Plant Insect-Interactions in Jurassic Fossil Flora from Sri Lanka, International Journal of Scientific and Research Publications, Volume 3, Issue 1.

Edirisooriya, G.,H.A. Dharmagunawardhane, 2013, New Spacies of Bennettitlas from Jurassic Rocks of Sri Lanka  International Journal of Scientific and Research Publications, Volume 3, Issue 2.

Action Plan for Conservation and Sustainable Use of Palaeobiodiversity in Sri Lanka 2014 Biodiversity Secretariat, Ministry of Environment & Renewable Energy.

International Commission on Stratigraphy. (2021). Retrieved 22 February 2021, from https://stratigraphy.org/(2021). Retrieved 22 February 2021, from https://stratigraphy.org/ICSchart/ChronostratChart2020-03.pdf

https://www.seegrid.csiro.au/wiki/CGIModel/GeologicTime

http://www.stratigraphy.net/

 

මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා

අතීත හෝමෝවරුන් අතරින් වඩාත් ප්‍රකට සහ වඩාත් මතහේදාත්මක සංවාද සදහා මුල පිරූ මානව විශේෂය වූයේ හෝමෝ නියැන්ඩතාල් ය. නියැන්ඩතාල් මානවයා මුලින් හෝමෝ සේපියන් මානව ගණයට ඇතුළත් වූ නමුත් උප විශේෂ තත්ත්වයෙන් එනම් හෝමෝ සේපියන්ස් නියැන්ඩතාලෙන්සිස් (Homo sapiens neanderthalensis) මගින් වෙන්කර හඳුනාගෙන ඇත. DNA විශ්ලේෂණයෙන් ලැබෙන සාක්ෂි මගින් අදින් වසර ලක්ෂ 3කට පෙර පෙළපත් දෙක බෙදී ගිය බවත්, නව DNA සාක්ෂි මගින් එම දින නිර්ණය කිරීම් තවත් ආපස්සට එනම් අදින් වසර ලක්ෂ 8ක් දක්වා අතීතයකට ඇද දැමිය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි. කෙසේ වෙතත්, DNA සාක්ෂි පෙන්නුම් කරන්නේ, නූතන මානවයින් හා නියැන්ඩතාල් මානවයින් අන්තර් අභිජනනය කර ඇති බවට බවත්, සමහරවිට කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා එක් වරක දී හෝ කිහිප වරකදී අප්‍රිකාවෙන් පිට වී ගොස්, ඒ වන විටත් මැදපෙරදිග හා යුරෝපයේ ජීවත් වූ නියැන්ඩතාල් මානවයින් සමග සහයෝගයෙන් ජීවත් වූ බවයි. වර්තමානයේ දී වුවද යුරේසියානුවන් සහ ඕස්ට්‍රේලියානුවන් සාමාන්‍යයෙන් 2.5% නියැන්ඩතාල් මානව ජාන සංයුතියකින් සමන්විත ය (Noonan 2010). මේ අනුව, කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයාගේ මූලාරම්භය සඳහා අප්‍රිකානු සම්භවයක් සහිතව ගොඩනගන ලද ආකෘතිය තවමත් වලංගු වන අතර නියැන්ඩතාල් මානවයා අප්‍රිකාවෙන් පිටත පරිණාමය වූ වෙනම මානව විශේෂයක් ලෙස විද්වතුන් පිළිගනී. නමුත් නියැන්ඩතාල් මානවයා සතු සමහර කායච්ඡේදවිද්‍යාත්මක ලක්ෂණ හා සංජානන හැකියාවෙන් නූතව මානවයා අභිබවා සිටි බව ද නොරහසකි.

රූපය 1- ඊශ්‍රායලයේ Carmel කන්දේ Tabun ගුහාවෙන් සොයාගත් අදින් වසර 130,000 ක් පැරණි හෝමෝ නියැන්ඩතාල් හිස් කබලක් (උපුටා ගැනීම - Natural History Museum)
රූපය 1- ඊශ්‍රායලයේ Carmel කන්දේ Tabun ගුහාවෙන් සොයාගත් අදින් වසර 130,000 ක් පැරණි හෝමෝ නියැන්ඩතාල් හිස් කබලක් (උපුටා ගැනීම – Natural History Museum)

නියැන්ඩතාල් මානවයා සතු සලකුණු අදින් වසර ලක්ෂ 3 සිට 30,000ක් දක්වා පමණ කාලයකට අදාලව බටහිර යුරේසියාවෙන් හමුවේ. නමුත් යුරෝපයේ ප්‍රථම නූතන මානවයා පෙනීසිටීමෙන් පසු සහස්‍ර කිහිපයකට පසු ඔවුන් ෆොසිල වාර්තාවෙන් අතුරුදහන් විය (අවම වශයෙන් අදින් වසර 40 000 පෙර). එකී ෆොසිල සුවිශේෂී ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ වල අද්විතීය සංකලනයකින් සංලක්ෂිත වන අතර මුස්ටේරියන් ශිලා මෙවලම් සමග සන්දර්භ ගත වී දක්නට ලැබේ. වර්තමාන සම්මුතිය ඔවුන්ව පැරණි ලෝකයේ කොටස් වලින් (අප්‍රිකානු මහද්වීපය) හුදකලා වූ සහ මුල්කාලීන මධ්‍ය ප්ලයිස්ටොසීන යුගයේ වූ නූතන මිනිසුන් සමඟ පොදු පූර්වජ ලක්ෂණ බෙදාගත් යුරේසියානු මානව පරම්පරාවක් ලෙස සලකයි. යුරෝපයේ වූ අයිස් යුගයේ අධික සීතල, නියැන්ඩතාල් මානවයා සතු වූ කායව්‍යුහ විද්‍යාවේ පරිණාමය සඳහා අඩු වැඩි වශයෙන් වගකිව යුතු යැයි සැලකේ.

පළමු නියැන්ඩතාල් ෆොසිල

කායච්ඡේදවිද්‍යාත්මකව නූතන මානවයා හා නියැන්ඩතාල් මානවයා පිළිබද කතිකාවත සවිගැන්වෙන ප්‍රධාන පර්යේෂණ ආකාර ද්විත්වයකි. එනම් ෆොසිල සාධක හා ජාන විද්‍යාත්මක සාධක ලෙස ය. ෆොසිල සාධක කෙරෙහි අවධානය යොමු කළ විට පැහැදිලි වෙන්නේ කායච්ඡේද විද්‍යාත්මකව නූතන මානවයා හා නියැන්ඩතාල් මානවයා උපත ලබා ඇත්තේ හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් (Homo heidelbergensis) මානවයාගෙන් වන අතර, එම මානවයා අප්‍රිකානු සම්භවයක් සහිත හෝමෝ අර්ගෙස්ටර් (Homo ergaster) මානවයා ගුරු කොට පරිණාමය වී ඇති බවත් ය. නවතම ජානවිද්‍යාත්මක සාක්ෂි අනුව කායච්ඡේදවිද්‍යාත්මකව නූතන මානවයා හා නියැන්ඩතාල් මානවයාගේ පරම්පරා අදින් වසර ලක්ෂ 8කට පමණ පෙර අප්‍රිකාවේ දී වෙන් වී ඇති බවත්, පසුව එය ඩෙනිසෝවන් මානවයා හා හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයා දක්වා දිගු වන බවත්, නියැන්ඩතාල් හා ඩෙනිසෝවන් ගහන එකිනෙකින් ජාන විද්‍යාත්මකව වෙන් වූයේ අදින් වසර ලක්ෂ 6කට පමණ පෙර බවත් තහවුරු වේ. කෙසේ වෙතත්, මෙලෙස දේශීයකරණය වූ කණ්ඩායම් අතර අන්තර් අභිජනනය අඛණ්ඩව සිදු වූ බවට ද ජාන විද්‍යාත්මක පර්යේෂණ සාක්ෂි දරයි (Rogers et al. 2017).

නියැන්ඩර්තාල් මානව අවශේෂ 19 සියවසේ මුල් භාගයේදී සොයා ගන්නා ලද නමුත් (Engis child 1830, Forbes Quarry adult 1848), වර්ෂ 1856 දී ජර්මනියේ නියැන්ඩර් මිටියාවතෙන් ෆොසිල සැකිල්ල සොයා ගන්නා තෙක් ඒවායේ වැදගත්කම හඳුනා නොගත්තේ ය. එම සොයාගැනීම දළ වශයෙන් 1859 දී ඩාවින්ගේ On The Origin of Species කෘතිය හා සමකාලීන වේ. මෙම විශේෂ මානව ගණය සදහා නියැන්ඩතාල් යන නාමය එහි පළමු ෆොසිල අනාවරණය කරගත් ප්‍රදේශය ගුරුකොට ගත් අතර, මෙම ෆොසිලවිද්‍යාත්මත සොයාගැනීම නූතන මිනිසුන් සමඟ නියැන්ඩතාල්වරුන්ගේ සම්බන්ධතාවය වටා අද වන තෙක් සංකේන්ද්‍රණය වී ඇති අඛණ්ඩ විවාදයේ ආරම්භය සනිටුහන් කරයි.

රූපය 2- හෝමෝ නියැන්ඩතාල්වරුන් ජීවත් වූ භූගෝලීය ප්‍රදේශ (උපුටා ගැනීම - Natural History Museum)
රූපය 2- හෝමෝ නියැන්ඩතාල්වරුන් ජීවත් වූ භූගෝලීය ප්‍රදේශ (උපුටා ගැනීම – Natural History Museum)

නමුත්, එලෙස අනාවරණය කරගත් නියැන්ඩතාල් මානව සැකිල්ලේ පෞරාණිකත්වය සහ වඳ වී ගිය මානව විශේෂයක් ලෙස එහි තත්ත්වය වහාම පිළිගැනීමට ලක් නොවිණි. ඒ වෙනුවට, එහි වූ සුවිශේෂී බාහිර රූපවිද්‍යාත්මක ලක්ෂණල නූතන මිනිස් කණ්ඩායමක් සතුව පැවති විවිධ ව්‍යාධි (Pathologies) ලෙස ආරෝපණය විය. එහි පෞරාණිකත්වය ස්ථිරව තහවුරු වූයේ, ශිලාමෙවලම් සහ වඳ වී ගිය සතුන්ගේ අස්ථි සමඟ එකට හමු වූ අතිරේක සමාන ෆොසිල සැකිලි සොයා ගැනීමත් සමඟ පමණි. නූතන මිනිසුන්ගේ ෆොසිල පූර්වගාමීන් ලෙස ඔවුන්ගේ පෞරාණිකත්වය පිළිගත් පසු, නූතන මානවයන් සහ විශේෂයෙන්ම නූතන යුරෝපීයයන් සමඟ නියැන්ඩතාල්වරුන්ගේ සබඳතාව දැඩි ලෙස විවාදයට ගැනීමට පටන් ගත්තේය. 1910 – 1920 කාලයේ ප්‍රමුඛ මතය නියෝජනය කළේ ඔවුන්ගේ කාලයේ සිටි Marcellin Boule සහ Sir Arthur Keith වැනි විද්‍යාඥයන් විසිනි. ඔවුන් නියැන්ඩතාල් මානවයා වෙනම විශේෂයක් ලෙස හුදකලා කළ අතර, නූතන මිනිසුන්ගේ පරිණාමීය ලක්ෂණ සමග සාපේක්ෂව ගත් කළ නියැන්ඩතාල්වරුන් ප්‍රක්ෂේපණය කළ ප්‍රාථමික අස්ථි විද්‍යාත්මක ලක්ෂණ හේතුවෙන් නූතන මානවයා සමග තිබිය හැකි සියළුම ආකාරයේ පරිණාමීය සබදතා ප්‍රතික්ෂේප කරන ලදී (Boule 1909).

නියැන්ඩතාල් මානවයා කෙරෙහි වූ මෙම සංජානනය 1930 ගණන්වල සිට වෙනස් විය. ජීව විද්‍යාවේ නූතන භාවිතය සමග Mayr, Simpson සහ Dobzhansky යන විද්‍යාඥයින්, නියැන්ඩතාල් මානවයින් සහ අනෙකුත් ප්ලයිස්ටොසීන ෆොසිල මානවයන් නූතන හෝමෝ සේපියන්වරුන්ට නෑකම් දැක්විය හැකි පරිණාමීය කුලකයක් තුළ තැන්පත් කරන ලදී. මෙම මතයට අනුව, නියැන්ඩතාල් මානවයින් මන්දගාමී නමුත්, ක්‍රමානුකූල පරිණාමය හරහා නූතන මිනිසුන් බවට පරිණාමය වී ඇතැයි සැලකේ (Tattersall 2000; Trinkaus & Shipman 2005). වර්තමානයේ දී පුරාමානවවිද්‍යාඥයින් බහුතරයක් නියැන්ඩතාල් මානවයා සලකන්නේ වෙනස් බටහිර යුරේසියානු පරිණාමීය පරම්පරාවක් ලෙස වන අතර, එය බොහෝ විට නූතන මිනිසුන්ගේ පරිණාමයට සැලකිය යුතු දායකත්වයක් ලබා නැති බව පිළිගැනේ.

භූගෝලීය පැතිරීම

මෙතෙක් යුරෝපයේ හදුනාගෙන ඇති පැරණිතම මානව අවශේෂ ආසන්න වශයෙන් වසර මිලියන 1.2 කට පෙර කාල නිර්ණය කර ඇති අතර ඒවා ස්පාඤ්ඤයේ Sima del Elefante (Carbonell et al. 2008) වෙතින් සොයා ගෙන ඇත. බොහෝවිට හෝමෝ ගණයේ මුල් පුර්වජ ගහන ලෙස හැඳින්වෙන මෙම මුල් යුරෝපීය මානව කොටස, පසුකාලීන, යුරෝපීය, හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් සහ නියැන්ඩතාල් ට උපත ලබා දුන් මූල ලෙස විද්වතුන් සලකයි (Bermúdez de Castro et al. 1997).

ෆොසිල වාර්තාවේ නියැන්ඩතාල්වරුන්ගේ පහළ වීම අතිශයින් ක්‍රමානුකූල වන අතර,  අදින් වසර 600,000 කට පෙර (Bischoff et al. 2003) යුරෝපියානු මානව ෆොසිලවල (හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් ලෙස ද මුල් කාලීනව හැඳින්විණි) නියැන්ඩතාල් ලක්ෂණ ප්‍රථම වරට දිස්වේ. එකී නියැන්ඩතාල් ලක්ෂණවල තීව්‍රතාවය කාලයත් සමඟ වැඩි වන අතර, ආසන්න වශයෙන් අදින් වසර 200, 000 සිට 100,000 දක්වා කාලයකට පෙර පටන් නිශ්චිතවම නියැන්ඩතාල් අස්ථිවිද්‍යාත්මක ලක්ෂණ පෙන්වයි. ආසන්න වශයෙන් අදින් වසර 70,000 සිට 30,000 පමණ පෙරවූ  ප්ලයිස්ටොසීන් යුගයේ “සම්භාව්‍ය”නියැන්ඩර්තාල් ලක්ෂණ නිරීක්ෂණය කළ හැකි ය. නියැන්ඩතාල් වැනි ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් තීව්‍රවෙමින් පෙන්නුම් කරන්නේ කාලයාගේ ඇවෑමෙන් යුරෝපයේ හෝමෝ හයිඩ්ල්බර්ගෙන්සිස් මානවයාගේ සිට නියැන්ඩතාල්වරුන් දක්වා අඛණ්ඩ පරිණාමීය ගමනක් පැමිණි බව ය (Rosas et al. 2006; Tattersall & Schwartz 2006). නියැන්ඩතාල් පරිණාමයේ මෙම ක්‍රියාවලිය විස්තර කර ඇත්තේ “අධිවර්ධන ආකෘතිය (Accretion Model)” ලෙසිනි (Dean et al. 1998; Hublin 2009).

ආසන්න වශයෙන් අදින් වසර 30,000 කට පමණ පෙර නියැන්ඩතාල්වරු ෆොසිල වාර්තාවෙන් අතුරුදහන් විය, ඒ වසර 40,000 කට පමණ පෙර යුරෝපයේ නූතන මානවයන් පළමු වරට පෙනී සිට සහස්‍ර කිහිපයකට පසුවය. අයිබීරියාවේ නියැන්ඩර්තාල් මානවයන් අවසන් වරට පෙනී සිටි දිනය ලෙසින් වසර 24,000කට පෙර ඉතා මෑත කාලීන දිනයක් ලබා දී ඇති නමුත් (Finlayson et al. 2006) ස්තරගත පිහිටීම් හා ඇති නොගැලපීම් (Delson & Harvati 2006) හේතුවෙන් එහි වලංගුභාවය ප්‍රශ්න කිරීමට ලක් වී ඇත.

යුරෝපය තුළ, නියැන්ඩතාල්වරු අයිබීරියාවේ සිට රුසියාව දක්වා සහ මධ්‍යධරණී මුහුදේ සිට උතුරු යුරෝපය දක්වා තම වාසස්ථාන ලෙස භාවිත කර ඇත. ග්ලැසියර කාලවලදී නියැන්ඩතාල්වරුන් යුරෝපයේ දකුණු අර්ධද්වීපයට සංක්‍රමණය වී ඇති අතර (Harvati et al. 2003, 2009; Finlayson et al. 2006), යුරෝපයේ දැඩි දේශගුණික සීමා මායිම්වලින් පිටත, නියැන්ඩතාල් මානව වාසස්ථාන පෙරදිග සහ බටහිර ආසියාවේ උස්බෙකිස්තානය සහ සයිබීරියාවේ පවා අනාවරණය වී ඇත (Krause et al. 2007).

කායික විද්යාත්මක ලක්ෂණ

නියැන්ඩතාල් මානවයින් බොහෝ විට ඔවුන්ටම ආවේණික කායික විද්‍යාත්මක ලක්ෂණවලින් සමන්විත ය. එනම්, හිස්කබල, දන්ත වින්‍යාසය හා පශ්චාත් හිස්කබල ආශ්‍රිත ලක්ෂණ රාශියකින් සංලක්ෂිත ය. ඊට අමතරව ප්‍රාථමික යැයි හැදින්විය හැකි ලක්ෂණ කීපයක් ද ඔවුට පෙර සිටි පූර්වජ ගහන සමග බෙදාහදා ගත් බවක් ද දක්නට ලැබේ (Harvati 2015). තවදුරටත් නියැන්ඩතාල්වරුන්ගේ මුහුණ බර, අඛණ්ඩ සහ ද්විත්ව ආරුක්කු සහිත අස්ථි හා ඇහි බැම මගින් අනෙකුත් මානවයින්ගෙන් වෙන්කර හදුනාගත හැකි වේ. අක්ෂි කුහර විශාල හා වටකුරු ස්වභාවයක් ගනී. නාසික විවරය ඉතා විශාල හා පුළුල් වන අතර, මධ්‍යම මුහුණේ මදක් වැඩුණු අස්ථිමය ප්‍රක්ෂේපණයක් සහිත ය, කම්මුල් අස්ථි වක්‍ර ලෙස දිශානත වී ඇත. දන්ත වින්‍යාසය සැලකූ විට යටි හකු පසු බසිමින් පවතින බවක් නිරීක්ෂණය කෙරෙන අතර, නෙරා ඇති නිකටක් නොමැත; තවද, පහළ චාර්වක දත් සහ යටි හකු අතර පැහැදිලි ඉඩක් ඇත (Retromolar space) (Trinkaus 1987; Franciscus 2003; Nicholson & Harvati 2006). නියැන්ඩතාල් මානව පසුපස දත්වල විහිදීම, සම්පුර්ණයෙන්ම නූතන මිනිසුන්ගේ දත් සමඟ අතිච්ඡාදනය වේ. කෙසේ වෙතත්, නියැන්ඩතාල් මානව ඉදිරිපස දත් සහ විශේෂයෙන් කෘන්තක විශාල වන අතර නූතන මිනිසුන්ට සාපේක්ෂව දන්ත ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ කිහිපයක් නියැන්ඩර්තාල් මානවයන් තුළ බහුලව දක්නට ලැබේ (Bailey 2002, 2004). විශේෂ කරුණක් ලෙස නියැන්ඩතාල් මානව දත් ගෙවීයාමේ විශේෂ රටාවකින් නිරීක්ෂණය වේ, එනම්, ඉදිරිපස දත් සාමාන්‍යයෙන් එකම පුද්ගලයාගේ පිටුපස දත් වලට වඩා බොහෝ සෙයින් ගෙවී ගොස් ඇත (Keith 1913; Trinkaus 1983).

රූපය 3 - නියැන්ඩතාල් මානවයකුගේ (වම) හා නූතන හෝමෝ සේපියන් මානවයකුගේ සම්පූර් ණ සැකිල්ලක් (උපුටා ගැනීම - Natural History Museum)
රූපය 3 – නියැන්ඩතාල් මානවයකුගේ (වම) හා නූතන හෝමෝ සේපියන් මානවයකුගේ සම්පූර් ණ සැකිල්ලක් (උපුටා ගැනීම – Natural History Museum)

නියැන්ඩතාල් මානවයා සතු විශාල නාස් කුහරය සහ ආශ්‍රිත ව්‍යුහ ශීත දේශගුණයට අනුවර්තනය වීමට බොහෝ කලක සිට අනුවර්තනය වී අතර විද්වත් මතය අනුව, සීත වාතය උණුසුම් කිරීම උෂ්ණත්වය යාමනය කිරීම සඳහා හැඩගැසී ඇති බවයි (Dean 1988; Hubbe et al. 2009). එමෙන්ම ඔවුන්ගේ අසමමිතික දන්ත රටාව ඔවුන් දත් කාර්යකරන මෙවලම් ලෙස භාවිත කිරීම තුළින් සිදුවූ ජෛව යාන්ත්‍රික ප්‍රතිවිපාක බව විද්වත් මතයයි (Trinkaus 1983; Rak 1986). තුන්වන අර්ථකථනය නම්, නියැන්ඩතාල් මානවයාගේ රූප විද්‍යාව මූලික වශයෙන් අහඹු ලෙස මෙහෙයවන ක්‍රියාවලීන්ගේ (එනම් ජාන ප්ලාවිතය වැනි) ප්‍රතිඵලයක් ලෙස සැලකීමයි (Dean et al. 1998; Weaver et al. 2007).

නියැන්ඩතාල් මානවයාගේ සාමාන්‍ය කපාල ධාරිතාවය නූතන මිනිසුන්ට වඩා විශාල වන අතර එය ආසන්න වශයෙන් ඝන සෙන්ටිමීටර 1520 (ඝන සෙන්ටිමීටර 1,200 සිට 1,700 දක්වා) පරාසක් ගනී (Pearce et al. 2013). නියැන්ඩතාල් මානවයාගේ  කපාල ධාරිතාවය සීතල දේශගුණයට අනුවර්තනය වීමට පිටිවහලක් වූ බවට ද අදහස් පල වී ඇත (Churchill 1998). නූතන මිනිසුන්ට සාපේක්ෂව නියැන්ඩතාල් මානවයාගේ කපාල ධාරිතාවය විශාල වුවද, එය ඔවුන්ගේ විශාල ශරීර ස්කන්ධයට සාපේක්ෂව කුඩා විය හැකිය (Ruff et al. 1997). නියැන්ඩතාල් සහ නූතන මානව යන දෙපාර්ශවයේ ම කපාල ධාරිතාවය විශාල වීමේ ලක්ෂණය පරම්පරා දෙකෙහි දක්නට ලැබෙන වෙනස් පරිණාමීය ගමන් පථ අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් බව නිසැක ය (Bruner et al. 2003).

නියැන්ඩතාල් සැකිල්ල සමස්තයක් ලෙස ශක්තිමත් වන අතර, කලවා සහ අත්වල, ඝන අස්ථි, සහ ශක්තිමත් මාංශ පේශී සහ අස්ථිබන්ධන (ligament) සලකුණු සහිත ව කැපී පෙනේ. ඇස්තමේන්තුගත උස සාමාන්‍යයෙන් පිරිමින් සඳහා සෙන්ටිමීටර 169 ක් සහ කාන්තාවන් සඳහා සෙන්ටිමීටර 160 ක් පමණ වන අතර එය මුල් මානව පූර වජයන්ට වඩා අඩු අගයකි. තවදුරටත් ඔවුන්ගේ ඉළ ඇට (rib cage) පුළුල් හා ගැඹුරු වන අතර ඉහළ ප්‍රදේශයෙන් පටු ආකාරයක් ගන්නා අතර, (Franciscus & Churchill 2002; Sawyer & Maley 2005) සාපේක්ෂව කෙටි දුරස්ථ අත් පා සහ ජංඝක අස්ථිය (Tibia) සහ ඌර්වස්ථීය (Femur) කෙළවර ඝන ලෙස නිමවී තිබිණි (බොහෝ විට සීත දේශගුණයට දක්වන ලද කායච්ඡේදවිද්‍යාත්මක අනුවර්තනයක් ලෙස) (Trinkaus 1983; Ruff 1991; Ruff et al. 1997; Weaver 2003). තවදුරටත්, නියැන්ඩතාල් මානව කලවයේ සහ ශ්‍රෝණියෙහි ඇති ශක්තිමත් බව හා පුළුල් බව වැනි ලක්ෂණ ද ශීත දේශගුණයට සම්බන්ධ ලෙස විද්වතුන් විසින් අර්ථකථනය කර ඇත (Pearson 2000; Weaver 2003). නමුත් මෙම අනුවර්තන නියැන්ඩතාල් මානවයා අදාල පරිසර තත්ත්ව තුළ නොනැසී රැකීමේ ක්‍රියාන්විතයේ දී අවාසිදායක ලෙස සටහන් වී ඇත (Aiello & Wheeler 2003).

මෙතෙක් සිදු කර ඇති අධ්‍යයන අනුව නියැන්ඩතාල් දරුවන් නූතන සේපියන් දරුවන්ට වඩා වේගයෙන් වර්ධනය වූ බව අනාවරණය වී ඇත (Dean et al. 2001; Ramirez Rozzi & Bermudez De Castro 2004; Smith et al. 2007). නියැන්ඩතාල්වරුන්ට ද වෙනස් ජාන විකාශනයන් (demography ) ඇති බව පෙනේ: නියැන්ඩතාල් ක්ෂේත්‍ර තුලින් නව යොවුන් වියේ සහ ප්‍රධාන වයස්වල (prime age adults) වැඩිහිටියන්ගේ ප්‍රතිශතය වයොවෘධ වැඩිහිටියන් හා ළදරුවන්ට සාපේක්ෂව අසාමාන්‍ය ලෙස ඉහළ ය. මෙම රටාව අනුරූපීයව අඩු වැඩිහිටි ආයු අපේක්ෂාවක් (low adult life expectancy) හා තරුණ හා ප්‍රමුඛ වයස්වල නියැන්ඩතාල්වරුන් අතර ඉහළ මරණ අනුපාතිකයක් (high mortality rate) යෝජනා කරයි (Berger & Trinkaus 1995; Trinkaus 2011).

තාක්ෂණය, ආහාර  සහ හැසිරීම් රටාව

ප්‍රංශයේ Dordogne හි Le Moustier නම් ස්ථානයෙන් හමු වී ඇති අවශේෂ මත නම් කර ඇති මුස්ටේරියන් ශිලාමෙවලම් තාක්‍ෂණය සමඟ නියැන්ඩතාල්වරු ඍජුවම සම්බන්ධ වේ. මුස්ටේරියන් (Mousterian) ශිලාමෙවලම් සාමාන්‍යයෙන් පුළුල් පරාසයක හැඩතල සහ කාර් යය මෙවලම් බවට පරිවර්තනය කළ හැකි ශිලා පතුරු නිෂ්පාදනය සඳහා ලෙවාලුවා (Levallois) සහ මණ්ඩලාකාර පතුරු ගැසීමේ (discoidal flaking) ශිල්පීය ක්‍රම උපයෝගී කරගෙන ඇත. මුස්ටේරියන් මෙවලම් යුරෝපයේ වසර 200,000 සිට 150,000 දක්වා කාලයකට පෙර අනාවරණය වූ නමුත්, බොහෝ ක්ෂේත්‍ර වසර 130,000 සිට 30,000 දක්වා කාල පරාසයක් දක්වා පැරණි ය. බොහෝ මුස්ටේරියන් ක්ෂේත්‍රවල ශිලාමෙවලම් නිෂ්පාදනය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය එම ස්ථානයේ සිට කිලෝමීටර් පහක සිට හය දක්වා පරාසයකින් ව්‍යුත්පන්න කරගැනීමට නැඹුරු වී ඇති අතර කුඩා සංරචක ප්‍රමාණයක් පමණක් දුරස්ථ මූලාශ්‍රවලින් සම්පාදනය කරගනෙ ඇත. ජර්මනියේ ෂනිගර් (Schöningen) හි සොයා ගන්නා ලද සහ ආසන්න වශයෙන් වසර 400,000කට පෙර දින නියම කරන ලද හොඳින් සංරක්ෂණය වී ඇති ලී හෙලි කිහිපයකින් සනාථ වන පරිදි, ලී මෙවලම් ද නියැන්ඩතාල්වරුන් භාවිත කර ඇත (Thieme 1997; Shea & Brooks 2000).

රූපය 4 - Mousterian මෙවලම් (උපුටා ගැනීම - Wikiwand)
රූපය 4 – Mousterian මෙවලම් (උපුටා ගැනීම – Wikiwand)

මෑතක් වනතුරු, මුස්ටේරියන් ශිලාමෙවලම් ස්ථිතික මානව සංස්කෘතියක් නියෝජනය කරන බව සලකනු ලැබීය. කෙසේ වෙතත්, මුස්ටේරියන් ක්ෂේත්‍ර නැවත කාලනිර්ණය කිරීම තුළින් කලාපීය මෙලවම් භාවිතය කාලයත් සමඟ මෙන්ම, දේශගුණික විපර්යාස සඳහා ද අනුවර්තිත තාක්ෂණික ප්‍රතිචාර පෙන්නුම් කරන බව විද්වත් මතයයි (Kuhn 1995).

නියැන්ඩතාල් ක්ෂේත්‍ර ආශ්‍රිතව විවිධ සතුන්ගේ සත්ත්ව අවශේෂ බහුලව දක්නට ලැබෙන අතර, ඔවුන්ගේ ආහාර වේලෙහි අධික ලෙස සත්ත්ව මාංශමත රඳා පැවති බව පෙන්නුම් කරයි. බයිසන් ගවයින්, ගවයන්, අශ්වයන්, මුවන්, රතු මුවන්, අයිබෙක්ස්, වල් ඌරා සහ ගැසල් වැනි සතුන් ඒ අතර ප්‍රධාන වේ (Shea & Brooks 2000). ගොඩබිම් වෙසෙන සතුන් පමණක් නොව බෙල්ලන් හා සාගර ක්ෂීරපායීන් වැනි සතුන් ද, ළගා විය නොහැකි සතුන් ලෙස ගැනෙන කුරුල්ලන් ද නියැන්ඩතාල් මිනිසුන් පරිභෝජනය කර ඇති බවට මධ්‍යධරණි ප්‍රදේශයෙන් සාක්ෂි හමුවේ (Hockett & Haws 2005; Stringer et al. 2008a; b; Muñiz et al. 2019).

නියැන්ඩතාල් ෆොසිලවල රසායනික සංයුතිය අධ්‍යයනය කිරීමෙන් ඔවුන්ගේ ආහාර රටාව හදුනාගැනීමට හැකි ය. නියැන්ඩර්තාල් නිදර්ශක ගණනාවක් ආශ්‍රයෙන් අස්ථිවල කාබන් සහ නයිට්‍රජන් වල ස්ථායී සමස්ථානිකවල අනුපාත විශ්ලේෂණය පුළුල් කාල පරාසයක් (වසර 130,000 සිට 30,000 පමණ පෙර) දක්වා සිදු කර ඇත. එවැනි විශ්ලේෂණ ශාකභක්ෂක සත්ත්ව මාංශ මත දැඩි ලෙස රඳා පවතින බව නිරන්තරයෙන් පෙන්වා දී ඇත, තවදුරටත් නියැන්ඩතාල් අස්ථිවල සමස්ථානික සංයුතිය අනුව ඔවුන් ආහාර දාමයේ ඉහළම විලෝපිකයන්ට සමාන වන බව විද්වත් පිළිගැනීමයි (Fizet et al. 1995; Bocherens et al. 1999, 2005; Richards et al. 2000). තවත් අධ්‍යයනවලින් රයිනෝසිරස් හෝ මැමත් වැනි විශාල සතුන් පරිභෝජනය කිරීම ද යෝජනා කර ඇත (Bocherens et al. 2005). සමස්ථානික විශ්ලේෂණ පර්යේෂණ තුළින් ඉහළ පැලියොලිතික් නූතන මානවයන්ට වඩා තියුනු ලෙස හා වෙනස්ව, නියැන්ඩතාල් මානවයින් තම ආහාර වේල සදහා සමුද්‍රාශිත ආහාර එක් කරගත් බව සනාථ වේ (Richards et al. 2001, 2005).

නියැන්ඩතාල්වරුන්ගේ සංකේතාත්මක චින්තනය සහ භාෂාව සඳහා වූ හැකියාව තවමත් පර්යේෂණ මට්ටමේ  පවතී. කලාත්මක හෝ පුද්ගලික ආභරණ වැනි හැකියාවන් යැයි සැකකළ හැකි “සංකේතාත්මක” පුරාකෘති, පශ්චාත් ඉහළ පැලියොලිතික් ස්ථාන සමඟ පමණක් නොව, නියැන්ඩතාල් ක්ෂේත්‍ර ආශ්‍රිතව ද අතිශයින් දුර්ලභ වේ. එවැනි සාක්ෂි නොමැතිකම මානව සංජානන හැකියා සහ භාෂාවේ ඌනතාවයක් පෙන්නුම් කිරීම උදෙසා භාවිතා වී ඇත. නමුත් නියැන්ඩතාල්වරුන් මියගිය පසු භුමදානය සිදු කිරීම හා මියගියඅය සදහා මල් පිදීම ඔවුන් ලබා සිටි ඉහළ සංස්කෘතික චාරවත් බව ප්‍රකට කරයි. ඒ අනුව නියැන්ඩතාල්වරු යනු ඔවුන්ගේ මළවුන් තනිව   සොහොන් වල මිහිදන් කළ (individual graves) පළමු විශේෂයයි. සිරුරු බොහෝ විට නවා ඇත (flexed position). ඔවුන් පොළොවේ වළක් හාරා, ශරීරය ඒ තුළට නමා, සමහර විට ඒ සමඟ තවත් අයිතම නිදන් කළ බවට සාක්ෂි හමුවේ. එම ද්‍රව්‍ය බොහෝ විට යම් පුද්ගලික වැදගත්කමක් ඇති ද්‍රව්‍ය ලෙස අර්ථකථනය කරනු ලැබේ, ඒ අතර සත්ව ඇටකටු සහ කැඩුණු මෙවලම් බහුල ව දක්නට ලැබේ.

රූපය 5 - නියැන්ඩතාල්වරුන් දඩයම් කිරීම (ප්‍රතිනිර්මිත) (උපුටා ගැනීම - www.ucl.ac.uk)
රූපය 5 – නියැන්ඩතාල්වරුන් දඩයම් කිරීම (ප්‍රතිනිර්මිත) (උපුටා ගැනීම – www.ucl.ac.uk)

නියැන්ඩතාල් මානවයා ලෝකයෙන් වද වී යාම

බොහෝ විද්වතුන්ගේ මතය වන්නේ, නියැන්ඩතාල්වරුන් අවසානයේ, ඔවුන් නූතන යුරෝපීයයන් බවට පරිණාමය වීම හෝ නූතන මානව ජාන සංචිතය විසින් ඔවුන්ව අවශෝෂණය කරගත් බවයි. කෙසේවෙතත්, නූතන මිනිසුන් සමඟ සීමිත ජාන හුවමාරුවක් පමණක් සිදු වුවද, බොහෝ දෙනෙක් එය සැබෑ වඳවීමක් ලෙස සලකති. නියැන්ඩතාල්වරුන්ගේ වඳවීම සඳහා උපන්‍යාස කිහිපයක් යෝජනා වී ඇති අතර, බොහෝ විට ඒවා මුල් නූතන මානවයන් සමඟ ඇති වූ  සෘජු හෝ වක්‍ර තරඟකාරීත්වයකින් පසුව සිදු වී බව කියයි. සමහර විද්‍යාඥයින් යෝජනා කරන්නේ ඔවුන්ගේ වඳවීම පසුකාලීන ප්ලයිස්ටොසීන් දේශගුණ විපර්යාසයත් සමග සමකාලීන වන බවයි (Stewart 2005). පුරාමානවවිද්‍යාඥයන් වෙනස් වූ දේශගුණික සහ පාරිසරික තත්ත්වයන් නියැන්ඩතාල්වරුන් වඳවීමේ ප්‍රධාන ගාමක බලවේගයන් ලෙස සලකයි. නියැන්ඩතාල්වරුන් ෆොසිල වාර්තාවෙන් අතුරුදහන් වූ කාල සීමාව ඉතා අස්ථායී දේශගුණික තත්ත්වයන් විසින් ආධිපත්‍යය දැරූ බව මෑතකදී ලබා ගත හැකි සවිස්තරාත්මක පුරාකාලගුණවිද්‍යාත්මක වාර්තා මගින් පෙන්වා දී ඇත (Straus 2005). නියැන්ඩතාල් මානවයන් පෙර පැවති සීතල දේශගුණය සදහා මූලිකව අනුවර්තනය වුවද, ඔවුන්ගේ වද වීමට එකම හේතුව ලෙස දේශගුණික විපර්යාස පිළිගැනීම දුෂ්කර වන්නේ නූතන මානවයාට වඩා වැඩි කපාල ධාරිතාවකින් හෙබි, පරිසරය පිළිබද අනල්ප වූ දැනුමක් තිබූ මානව විශේෂයක් සදහා පවත්නා පරිසරයට උචිතව හැඩගැසීමට නොහැකි වීම සාධාරණ හේතුවක් නොවන නිසාවෙනි. විකල්පයක් ලෙස දකින්නේ නූතන මිනිසුන්ගේ ආගමනය සමග වේගවත් වූ දැඩි ලෙස සීමිත සම්පත් සඳහා තරඟයක් පැවතීම තුළින් දැඩි ආතතියට පත් නියැන්ඩතාල් ගහනය ක්‍රමයෙන් යුරෝපයෙන් මැකී ගිය බව ය. ඒ බව ඔවුන්ගේ ශිලා මෙවලම් ආශ්‍රයෙන්, එනම් දියුණු තාක්ෂණික අභිවර්ධනයක් පෙන්නුම් නොකරන ආයුධ කට්ටල මගින්, තාක්ෂණික වශයෙන් දියුණුවේ හිනිපෙත්තටම ගොස් සිටි හෝමෝ සේපියන් මානවයා සමග තරග කළ නොහැකි විය (Bowler et al. 2003; Harvati 2015; Wren & Burke 2019). ඒ අනුව, උච්චාවචනය වූ දේශගුණය සහ පරිසරයේ බලපෑම් සහ නූතන මිනිසුන් සමඟ තරඟකාරිත්වය අතර අන්තර් ක්‍රියාකාරිත්වය අවසානයේ නියැන්ඩතාල්වරුන්ගේ අභාවයට හේතු වූ බව වර්තමානයේ පිළිගන්නා මතය වී තිබේ.

කෙටි වාර්තා චිත්‍රපට 

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්
  4. මානව පරිණාමයේ ගමන 4 – හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. හෝමෝ සේපියන්ස් මානවයා
  6. ඩෙනිසෝවන් මානවයා හා මානව පරිණාමයේ නව මානව විශේෂ
  7. මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම
  8. මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

References

Aiello, L. & P. Wheeler. 2003. Neanderthal thermoregulation and the glacial climate, in T. van Andel & W. Davies (ed.) Neanderthals and modern humans in the European landscape during the last glaciation: 147–66. Cambridge: McDonald Institute for Archaeological Research.

Bailey, S.E. 2002. A closer look at Neanderthal postcanine dental morphology: The mandibular dentition. The Anatomical Record 269: 148–56. 

Bailey, S.E. 2004. A morphometric analysis of maxillary molar crowns of Middle-Late Pleistocene hominins. Journal of human evolution 47: 183–98. 

Berger, T.D. & E. Trinkaus. 1995. Patterns of Trauma among the Neandertals. Journal of Archaeological Science 22: 841–52. 

Bermúdez de Castro, J.M., J.L. Arsuaga, E. Carbonell, A. Rosas, I. Martı́nez & M. Mosquera. 1997. A Hominid from the Lower Pleistocene of Atapuerca, Spain: Possible Ancestor to Neandertals and Modern Humans. Science 276: 1392–95. 

Bischoff, J.L., D.D. Shamp, A. Aramburu, J.L. Arsuaga, E. Carbonell & J.M. Bermudez de Castro. 2003. The Sima de los Huesos Hominids Date to Beyond U/Th Equilibrium (>350kyr) and Perhaps to 400–500kyr: New Radiometric Dates. Journal of Archaeological Science 30: 275–80. 

Bocherens, H., D. Billiou, A. Mariotti, M. Patou-Mathis, M. Otte, D. Bonjean & M. Toussaint. 1999. Palaeoenvironmental and Palaeodietary Implications of Isotopic Biogeochemistry of Last Interglacial Neanderthal and Mammal Bones in Scladina Cave (Belgium). Journal of Archaeological Science 26: 599–607. 

Bocherens, H., D.G. Drucker, D. Billiou, M. Patou-Mathis & B. Vandermeersch. 2005. Isotopic evidence for diet and subsistence pattern of the Saint-Césaire I Neanderthal: review and use of a multi-source mixing model. Journal of human evolution 49: 71–87. 

Boule, M. 1909. L’homme fossile de la Chapelleaux-Saints. Paris.

Bowler, J.M., H. Johnston, J.M. Olley, J.R. Prescott, R.G. Roberts, W. Shawcross & N.A. Spooner. 2003. New ages for human occupation and climatic change at Lake Mungo, Australia. Nature 421: 837–40. 

Bruner, E., G. Manzi & J.L. Arsuaga. 2003. Encephalization and allometric trajectories in the genus Homo : Evidence from the Neandertal and modern lineages. Proceedings of the National Academy of Sciences 100: 15335–40. 

Carbonell, E. et al. 2008. The first hominin of Europe. Nature 452: 465–69. 

Churchill, S.E. 1998. Cold adaptation, heterochrony, and neandertals. Evolutionary Anthropology: Issues, News, and Reviews 7: 46–60. 

Dean, C., M.G. Leakey, D. Reid, F. Schrenk, G.T. Schwartz, C. Stringer & A. Walker. 2001. Growth processes in teeth distinguish modern humans from Homo erectus and earlier hominins. Nature 414: 628–31. 

Dean, D., J.-J. Hublin, R. Holloway & R. Ziegler. 1998. On the phylogenetic position of the pre-Neandertal specimen from Reilingen, Germany. Journal of Human Evolution 34: 485–508. 

Dean, M.C. 1988. Another look at the nose and the functional significance of the face and nasal mucous membrane for cooling the brain in fossil hominids. Journal of Human Evolution 17: 715–18. 

Delson, E. & K. Harvati. 2006. Return of the last Neanderthal. Nature 443: 762–63. .

Finlayson, C. et al. 2006. Late survival of Neanderthals at the southernmost extreme of Europe. Nature 443: 850–53. 

Fizet, M., A. Mariotti, H. Bocherens, B. Lange-Badré, B. Vandermeersch, J.P. Borel & G. Bellon. 1995. Effect of diet, physiology and climate on carbon and nitrogen stable isotopes of collagen in a late pleistocene anthropic palaeoecosystem: Marillac, Charente, France. Journal of Archaeological Science 22: 67–79. 

Franciscus, R.G. 2003. Internal nasal floor configuration in Homo with special reference to the evolution of Neandertal facial form. Journal of human evolution 44: 701–29. 

Franciscus, R.G. & S.E. Churchill. 2002. The costal skeleton of Shanidar 3 and a reappraisal of Neandertal thoracic morphology. Journal of human evolution 42: 303–56. 

Harvati, K. 2015. Neanderthals and Their Contemporaries, in Handbook of Paleoanthropology: 2243–79. Berlin, Heidelberg: Springer Berlin Heidelberg. 

Harvati, K., E. Panagopoulou & P. Karkanas. 2003. First Neanderthal remains from Greece: the evidence from Lakonis. Journal of human evolution 45: 465–73. 

Harvati, K., E. Panagopoulou & C. Runnels. 2009. The paleoanthropology of Greece. Evolutionary Anthropology: Issues, News, and Reviews 18: 131–43. 

Hockett, B. & J.A. Haws. 2005. Nutritional ecology and the human demography of Neandertal extinction. Quaternary International 137: 21–34. 

Hubbe, M., T. Hanihara & K. Harvati. 2009. Climate signatures in the morphological differentiation of worldwide modern human populations. Anatomical record (Hoboken, N.J. : 2007) 292: 1720–33. 

Hublin, J.J. 2009. The origin of Neandertals. Proceedings of the National Academy of Sciences 106: 16022–27. 

Keith, A. 1913. Problems relating to the Teeth of the Earlier Forms of Prehistoric Man. Proceedings of the Royal Society of Medicine 6: 103–24.

Krause, J. et al. 2007. The derived FOXP2 variant of modern humans was shared with Neandertals. Current biology : CB 17: 1908–12. 

Kuhn, S.L. 1995. Mousterian lithic technology: an ecological perspective. Princeton: Princeton University Press.

Muñiz, F. et al. 2019. Following the last Neanderthals: Mammal tracks in Late Pleistocene coastal dunes of Gibraltar (S Iberian Peninsula). Quaternary Science Reviews 217: 297–309. 

Nicholson, E. & K. Harvati. 2006. Quantitative analysis of human mandibular shape using three-dimensional geometric morphometrics. American journal of physical anthropology 131: 368–83. 

Noonan, J.P. 2010. Neanderthal genomics and the evolution of modern humans: Figure 1. Genome Research 20: 547–53.

Pearce, E., C. Stringer & R.I.M. Dunbar. 2013. New insights into differences in brain organization between Neanderthals and anatomically modern humans. Proceedings of the Royal Society B: Biological Sciences 280: 20130168. 

Pearson, O.M. 2000. Postcranial remains and the origin of modern humans. Evolutionary Anthropology: Issues, News, and Reviews 9: 229–47.

Rak, Y. 1986. The Neanderthal: A new look at an old face. Journal of Human Evolution 15: 151–64.

Ramirez Rozzi, F. v & J.M. Bermudez De Castro. 2004. Surprisingly rapid growth in Neanderthals. Nature 428: 936–39. 

Richards, M.P., P.B. Pettitt, E. Trinkaus, F.H. Smith, M. Paunović & I. Karavanić. 2000. Neanderthal diet at Vindija and Neanderthal predation: The evidence from stable isotopes. Proceedings of the National Academy of Sciences 97: 7663–66. 

Richards, M.P., P.B. Pettitt, M.C. Stiner & E. Trinkaus. 2001. Stable isotope evidence for increasing dietary breadth in the European mid-Upper Paleolithic. Proceedings of the National Academy of Sciences 98: 6528–32. 

Richards, M.P., R. Jacobi, J. Cook, P.B. Pettitt & C.B. Stringer. 2005. Isotope evidence for the intensive use of marine foods by Late Upper Palaeolithic humans. Journal of Human Evolution 49: 390–94. 

Rogers, A.R., R.J. Bohlender & C.D. Huff. 2017. Early history of Neanderthals and Denisovans. Proceedings of the National Academy of Sciences 114: 9859–63. 

Rosas, A., M. Bastir, C. Martínez-maza, A. García-Tabernero & C. Lalueza-Fox. 2006. Inquiries into Neanderthal craniofacial development and evolution: “accretion” versus “organismic” models, in : 37–69. 

Ruff, C.B. 1991. Climate and body shape in hominid evolution. Journal of Human Evolution 21: 81–105.

Ruff, C.B., E. Trinkaus & T.W. Holliday. 1997. Body mass and encephalization in Pleistocene Homo. Nature 387: 173–76. 

Sawyer, G.J. & B. Maley. 2005. Neanderthal reconstructed. The Anatomical Record Part B: The New Anatomist 283B: 23–31.

Shea, J.S. & A.S. Brooks. 2000. Mousterian, in E. Delson, I. Tattersall, J.A. van Couvering & A.S. Brooks (ed.) Encyclopedia of human evolution and prehistory, 2nd ed.: 453–60. New York: Garland.

Smith, T.M., M. Toussaint, D.J. Reid, A.J. Olejniczak & J.-J. Hublin. 2007. Rapid dental development in a Middle Paleolithic Belgian Neanderthal. Proceedings of the National Academy of Sciences 104: 20220–25. 

Stewart, J.R. 2005. The ecology and adaptation of Neanderthals during the non-analogue environment of Oxygen Isotope Stage 3. Quaternary International 137: 35–46. 

Straus, L.G. 2005. Neanderthals and Modern Humans in the European Landscape during the Last Glaciation: Archaeological Results of the Stage 3 Project . Tjeerd H. van Andel , William Davies. Journal of Anthropological Research 61: 278–81. 

Stringer, C.B. et al. 2008a. Neanderthal exploitation of marine mammals in Gibraltar. Proceedings of the National Academy of Sciences 105: 14319–24. 

—. 2008b. Neanderthal exploitation of marine mammals in Gibraltar. Proceedings of the National Academy of Sciences 105: 14319–24. 

Tattersall, I. 2000. Paleoanthropology: The last half-century. Evolutionary Anthropology: Issues, News, and Reviews 9: 2–16.

Tattersall, I. & J.H. Schwartz. 2006. The distinctiveness and systematic context of Homo neanderthalensis, in : 9–22.

Trinkaus, E. 1983. The Shanidar Neandertals. Elsevier. 

Thieme, H. 1997. Lower Palaeolithic hunting spears from Germany. Nature 385: 807–10. 

Trinkaus, E. 1987. The Neandertal face: evolutionary and functional perspectives on a recent hominid face. Journal of Human Evolution 16: 429–43. 

—. 2011. Late Pleistocene adult mortality patterns and modern human establishment. Proceedings of the National Academy of Sciences 108: 1267–71. 

Trinkaus, E. & P. Shipman. 2005. Neandertals: Images of ourselves. Evolutionary Anthropology: Issues, News, and Reviews 1: 194–201. 

Weaver, T.D. 2003. The shape of the Neandertal femur is primarily the consequence of a hyperpolar body form. Proceedings of the National Academy of Sciences 100: 6926–29. 

Weaver, T.D., C.C. Roseman & C.B. Stringer. 2007. Were neandertal and modern human cranial differences produced by natural selection or genetic drift? Journal of human evolution 53: 135–45.

Wren, C.D. & A. Burke. 2019. Habitat suitability and the genetic structure of human populations during the Last Glacial Maximum (LGM) in Western Europe. PLOS ONE 14: 12-26.

 

 

මානව පරිණාමයේ ගමන 3- මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්

හෝමෝ හැබිලිස් මානවයා පරිණාමයට පෙර, පළමු වසර මිලියන හතරක් හෝ ඊට වැඩි කාලයක් සඳහා, ෆොසිල වාර්තාව කායච්ඡේදවිද්‍යාත්මක ලක්ෂණ අතින් ප්‍රාථමික බව, එනම්, රදනක දතේ ප්‍රමාණය අඩුවීම, පශ්චාත් හිස්කබලේ (postcranial) වූ දිගටි හැඩය අඩු වීම වැනි කාරණා මගින් සංලක්ෂිත වේ: සහෙලන්ත්‍රොපස් (Sahelanthropus), ඔරියොන් (Orrorin), අරිඩිපිතෙකස් (Ardipithecus), ඔස්ට්‍රලෝපිතෙකස් (Australopithecus) සහ පරන්ත්‍රොපස් (Paranthropus) යන වානර මානව විශේෂ ඒ සදහා උදාහරණ ලෙස ගිණිය හැකි ය. ප්ලයෝසීන යුගය අවසන් වී වසර මිලියන 2.5 කට පමණ පෙර ගෝලීය දේශගුණය වෙනස් වෙමින් පැවතීම නිසා (deMenocal 2004), මානව ෆොසිල වාර්තාවේ සමගාමී වෙනසක් නිරීක්ෂණය කළ හැකිය. පරිසරය වැඩිවශයෙන් සිසිල් වීමක් සමග ෆොසිල වාර්තාවේ කායව්‍යුහවිද්‍යාත්මක හා චර්යාත්මකව වෙනස් ලක්ෂණ නිරීක්ෂණය කළ හැකි විය. එය වර්තමාන මානවයා අයත්වන හෝමෝ ගණයේ මූලාරම්භයයි. 

මානව ෆොසිල සොයායාම…

1964 දී, ලුවිස් ලීකී (Louis Leakey), පිලිප් ටොබායස් (Philip Tobias), සහ ජෝන් නේපියර් (John Napier) ඔස්ට්‍රලෝපිතෙකස් දිගුව අවසන් වන්නේ කොතැනින්ද සහ හෝමෝ ආරම්භ වන්නේද යන ගැටළුව වෙත මුල්ම ප්‍රවිශ්ඨ වීම සනිටුහන් කළේ ය (Leakey et al. 1964). මීට වසර මිලියන 1.75 කට පමණ කාලනිර්ණ කර ඇති, Olduvai Gorge ආශ්‍රිත හිස් කබලේ කොටස්, හකු කොටස් සහ මැණික් කටුව සහ ගාත්‍රා අස්ථි  (Susman 2008) සොයා ගැනීම, මෙම මානව ෆොසිල පිලිබද ව කතුවරුන් තුළ වූ කුතුහලය වැඩි කිරීමට පෙලඹී ඇත. මේ කාලය වන තුරු, Homo erectus ට වඩා ප්‍රාථමික ලක්ෂණ පෙන්නුම් කළ හෝමෝ නිදර්ශක වාර්තා වී නොමැත. පසුකාලීන ව, නැගෙනහිර අප්‍රිකාවේ මුල් හෝමෝ ගණයට අදාල සොයාගැනීම් හි අතොරක් නැති විය (Leakey 1961, 1971, 1973a; b; Day 1971; Day & Leakey 1973; Day et al. 1976; Johanson et al. 1987). මෙම නව ෆොසිල හැබිලිස් මානවයා පිළිබද වූ පුළුල් විද්‍යාත්මක පිළිගැනීමට දායක වූ නමුත්, එය වසර 15ක ප්‍රතිරෝධයකින් පසුව ස්ථාපිත වීම විශේෂ කරුණකි (Tobias 2009).

හෝමෝ කුලයට අයත් ආදිතම සාමාජිකයන් අතරින් වඩාත් ප්‍රසිද්ධ විශේෂ වන්නේ Homo habilis, Homo rudolfensis, හා Homo erectus (වගුව 1) ය. හෝමෝ ඉරෙක්ටස් හා සසදන විට හෝමෝ හැබිලිස් හා හෝමෝ රුඩොල්ෆෙන්සිස් යන විශේෂ වඩාත් ප්‍රාථමික මට්ටමේ පරිණාමීය ලක්ෂණ දරයි. බොහෝ විට ඔවුන් එකිනෙකාගෙන් ව්‍යුහ විද්‍යාව සහ හැසිරීම් වලින් වෙනස් වන ආකාරය සහ පෙර සිටි ඔස්ට්‍රලෝපිතකස්වරුන්ගෙන් වෙනස් වන්නේ කෙසේද යන්න පිලිබද ව පර්යේෂණ සිදුවී ඇත්තේ අල්ප වශයෙනි. නමුත් අවබෝධ කරගතයුතු කරුණ වන්නේ නූතන මිනිසුන් හා සසඳන විට එය ව්‍යුහ විද්‍යාත්මකව සහ චර්යාත්මකව (anatomically and behaviorally) ප්‍රාථමික වුවද, මෙම මානව විශේෂ තුන, මානව පරිණාමීය ගමනේ, විශේෂයෙන් මොළයේ සහ ශරීරයේ ප්‍රමාණය වැඩි වීම සහ වඩ වඩාත් සංකීර්ණ මෙවලම් භාවිතය හා හැසිරවීම හරහා විශාල ඉදිරි පිම්මක් සනිටුහන් කරන බවය.

වගුව 1- හොමෝ හැබිලිස්, හෝමෝ රුඩොල්ෆෙන්සිස් හා හෝමෝ ඉරෙක්ටස් මානවයින්ගේ තොරතුරු

මානව විශේෂය වසර මිලියන ප්‍රධාන ෆොසිල පූර්ව නාමකරණ ප්‍රධාන භූගෝලීය කලාප
හෝමෝ හැබිලිස්

Homo habilis

2.4–1.4 KNM-ER 1805 (cranium); KNM-ER 1813 (cranium); KNM-ER 42703 (maxilla); OH 7 (type; parts of skull, hand); OH 8 (foot); OH 16 (cranium); OH 24 (cranium); OH 62 (partial skeleton); OH 65 (maxilla); SK 847 (cranium) Australopithecus habilisHomo rudolfensis Omo, Ethiopia; Ileret and Koobi Fora, Kenya; Olduvai Gorge, Tanzania; Drimolen, Sterkfontein, and Swartkrans, South Africa
හෝමෝ රුඩොල්ෆෙන්සිස්

Homo rudolfensis

1.9 UR 501 (mandible) Homo habilisAustralopithecus rudolfensis Koobi Fora, Kenya; Uraha, Malawi
හෝමෝ ඉරෙක්ටස්

Homo erectus

1.8–0.4 Perning 1 (calvaria); Ngandong 7 (cranial vault); Ngandong 13 (cranial vault); Sangiran 2 (cranial vault); Sangiran 17 (cranium); Trinil 2 (type; skullcap); Zhoukoudian XII (calvaria); D2280 (calvaria); D2282 (cranium); D2700 (cranium); D3444 (cranium); KNM-ER 992 (mandible); KNM-ER 1481 (femur); KNM-ER 3733 (cranium); KNM-ER 3883 (cranium); KNM-ER 42700 (cranial vault); KNM-OG 45500 (cranial vault); KNM-WT 15000 (skeleton); OH 9 (cranial vault); OH 28 (partial pelvis) Homo ergasterHomo georgicusHomo erectus sensu stricto Mojokerto, Ngandong, Sambungmachan, Sangiran, and Trinil, Java, Indonesia; Zhoukoudian, Hexian, Nanjing, and Gongwangling, China; Narmada, India; Dmanisi, Georgia; Salé, Morocco; Buia, Eritrea; Daka, Middle Awash, Ethiopia; Ileret, Koobi Fora, Olorgesailie, and West Turkana, Kenya; Olduvai Gorge, Tanzania; Sterkfontein and Swartkrans, South Africa

 

 

 

 

 

 

 

 

 

 

 

වසර මිලියන 2.3 සිට 1.4 දක්වා කාලයට අයත් වන හෝමෝ හැබිලිස් මානවයා, ඔස්ට්‍රලෝපිතිකස් විශේෂයකින් පැවත එන බව සාමාන්‍යයෙන් දන්නා මතය වේ. හෝමෝ හැබිලිස්  නැඟෙනහිර අප්‍රිකාවේ පරිණාමය වූයේ නම්, ඔස්ට්‍රලෝපිතිකස් ඇෆරෙන්සිස් සහ ඔස්ට්‍රලෝපිතිකස් ගාහි යන පූර්වජයන් ගුරුකොට පරිණාමය වී ඇත, අනෙක් අතට  හෝමෝ හැබිලිස් දකුණු අප්‍රිකාවේ පරිණාමය වූයේ නම්, ඔස්ට්‍රලෝපිතිකස් ඇෆිරිකානස් හා ඔස්ට්‍රලෝපිතිකස් සෙඩීබා යන මානවයින් පූර්වජ අපේක්ෂකයන් ලෙස හැදින්විය හැකි ය. මෙම ගැටළුවට පිළිතුරු අත්‍යවශයෙන් ම අනාගත පර්යේෂණ මත රදා පවතිනු ඇත. කෙසේ වෙතත්, හෝමෝ හැබිලිස් මානවයා ගැන දැනට සිදුවී ඇති පර්යේෂණ මත පදනම්ව, ඔහු හෝමෝ සේපියන් ඇතුළු හෝමෝ කුලයේ පසුකාලීන සියලුම විශේෂවල පොදු පූර්වජයෙකු බව බොහෝ දෙනා පිළිගෙන ඇත.

රූපය 1 - මානව පූර්වජයින් හා හෝමෝ ඉරෙක්ටස් මානව ෆොසිල (උපුටා ගැනීම Smithsonian Institution ඇසුරෙනි)
රූපය 1 – මානව පූර්වජයින් හා හෝමෝ ඉරෙක්ටස් මානව ෆොසිල (උපුටා ගැනීම Smithsonian Institution ඇසුරෙනි)

Leakey, Tobias සහ Napier දිගින් දිගටම තර්ක කළේ ඔවුන් සොයා ගත් ෆොසිල, හෝමෝ ඉරෙක්ටස් තරම් විශාල මොළයක් හෝ ශරීරයක් නොමැති බවත්, එය ඔස්ට්‍රලෝපිතකස් තරම් ප්‍රාථමික හා වානර නොවන බවයි. මේ අනුව, ඔවුන් හෝමෝ ගණයට අයත් නිදර්ශක සඳහා මූලික අවශ්‍යතා කිහිපයක් හදුන්වා දෙන ලදී. පළමුවෙන්ම, මොළයේ ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 600 ට වඩා වැඩි විය යුතු අතර, එය සියලුම ඔස්ට්‍රලෝපිතිකස් නිදර්ශකවල කපාල ධාරිතාවයට වඩා විශාලය. ඊට අමතරව, හිස් කබලේ අස්ථි සුමට හා වටකුරු විය යුතු අතර, ඔස්ට්‍රලෝපිතිකස් ප්‍රදර්ශනය කරන ලද ලෝම අවම හෝ නොමැති විය යුතු ය. හිස් කබල රූප විද්‍යාවෙන් (cranial morphology) ඔබ්බට, හෝමෝ ගණයට අයත් වීමේ දෙවන නිර්ණායකය ලෙස ඔවුන් තර්ක කළේ, විශාල මොළය හා සම්බන්ධ චර්යාත්මක සහ සංජානන සංකීර්ණත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරන ශිලාමෙවලම් සෑදීමේ හැකියාව ඔවුන් සතු විය යුතු බවයි. ශිලාමෙවලම් සහිත සන්දර්භයකින් හෝමෝ ෆොසිල සැකිල්ලක් කිසිවෙකු වර්තමානය වන විටත් සොයාගෙන නැතත්, අසල ඇති ශිලාමෙවලම්වල නිර්මාතෘන් ඔවුන් යැයි පුරාවිද්‍යාඥයින් නිගමනය කරයි.

තවදුරටත් Leakey සහ සගයන් යෝජනා කළේ හෝමෝ ගණයේ මුහුණ සහ හකු ප්‍රදේශය, ඔස්ට්‍රලෝපිතකස් විශේෂයට වලට වඩා කුඩා විය යුතු බවත්, සහ පශ්චාත් කපාල (postcranial) සැකිල්ල නූතන සේපියන් මානවයින්ට සමාන විය යුතු බවත් ය. එමෙන් ම හෝමෝ හැබිලිස් මානවයාගේ නිත්‍ය වූ ඍජු චලනයක් තිබියදීත්, තවමත් ප්‍රාථමික ගති ලක්ෂණ (තරමක් අපසරනය වන මහපටැඟිල්ලක් වැනි ලක්ෂණ) තිබූ අතර, පෙර ඔස්ට්‍රලෝපිතිකස් සාමාජිකයින් මෙන් නොව, දෙපයින් ඇවිදීම සඳහා පාද සම්පූර්ණයෙන්ම අනුවර්තනය වී ඇති බව පැහැදිලි වේ. හෝමෝ ගණයේ ෆොසිල වාර්තාෙවේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණ ලෙස සම්පූර්ණ ලෙස ද්විපාදකරණයට ලක් වීම හා විශාල කපාල ධාරිතාවක් සහිත මොළයක් තිබීම දැක්විය හැකි ය. මෙම ගති ලක්ෂණ සමූහයට අමතර ව, සමස්තයක් වශයෙන් කුඩා දත් පිහිටීම, (කෘන්තක හා සසඳන විට සාපේක්ෂ කුඩා චාර්වක සහ පුරස්චාර්වක දත් පිහිටීම), තවදුරටත් ප්‍රමාණයෙන් කුඩා වූ රදනක දත්, ඝන එනැමලය, හා පරාවලයික දන්ත වක්‍ර (parabolic dental arch) පිහිටයි. එනම්, දත් කලින් මානව සහ මානව නොවන වානරයන්ගේ මෙන් v-හැඩය හෝ u-හැඩය වෙනුවට අශ්වලාඩමක (horseshoe shape) හැඩයක් සාදයි.

රූපය 2 - මානව හිස්කබලේ ඇති වූ වෙනස්කම් (උපුටා ගැනීම Britannica ඇසුරෙනි)
රූපය 2 – මානව හිස්කබලේ ඇති වූ වෙනස්කම් (උපුටා ගැනීම Britannica ඇසුරෙනි)

හෝමෝ හැබිලිස් මානවයා

හෝමෝ හැබිලිස් යනු කුඩා ප්‍රමාණයේ සිරුරක් සහිත මානවයෙක් වූ අතර, ඔස්ට්‍රලෝපිතෙකස් සහ පරන්ත්‍රොපස් විශේෂවලට වලට වඩා විශාල මොළයක් (ඝන සෙන්ටිමීටර 600කට වඩා වැඩි) සහිත විය. කෙසේ වෙතත්, KNM-ER 1813 වැනි නිදර්ශක ආශ්‍රිත හිස්කබලේ ධාරිතාව ඝන සෙන්ටිමීටර 510ක් පමණක් නිසා, විචල්‍යමය පරාසය පිළිබද යම් යම් වෙනස්කම් දැකිය හැකි ය (Miller 1991). එම නිදර්ශකය සතු මොලයේ වටකුරු බව හා චාර්වක දත් පටු වීම හා තෙවන චාර්වක දත ප්‍රමාණයෙන් කුඩා වීම මනුෂ්‍යත්වය ලගාකරගැනීම පිළිබද මුල්කාලීන ඉගි සපයයි (Wood 1992). ඔවුන්ගේ දන්ත එනමලය තවමත් ඝන වූ අතර හකු තවමත් ශක්තිමත් වීම තුළින් පෙන්නුම් කරන්නේ ඔවුන් දෘඩ ආහාර වර්ග කිහිපයක් වෙත අනුවර්තනය වෙමින් පැවති බවයි (Haeusler & McHenry 2004). ක්ෂුද්‍ර දන්ත අධ්‍යයන (Dental microwear) අධ්‍යයනවලින් පෙනී යන්නේ හෝමෝ හැබිලිස් මානවයාගේ ආහාර නම්‍යශීලී වූ අතර ඔවුන් කොළ, දැවමය ශාක සහ සමහර සත්ව පටක වැනි දැඩි ආහාර ඇතුළු පුළුල් පරාසයක ආහාර අනුභව කිරීමට සමත් වූ නමුත් ඔවුන් ඒවා නිතිපතා පරිභෝජනය නොකළ බවයි (Ungar et al. 2006).

රූපය 3 - හොමෝ හැබිලිස් මානව ෆොසිලයක් හා ජාන විද්‍යාත්මක සාධක අනුව සිදුකරන ලද ප්‍රතිනිර්මිත හෝමෝ හැබිලිස් මානවයා

රූපය 3 – හොමෝ හැබිලිස් මානව ෆොසිලයක් හා ජාන විද්‍යාත්මක සාධක අනුව සිදුකරන ලද ප්‍රතිනිර්මිත හෝමෝ හැබිලිස් මානවයා

හෝමෝ හැබිලිස් මානවයාගේ ආහාර රටාව සඳහා තවත් සාක්ෂියක් ලැබෙන්නේ මීට වසර මිලියන 2.6කට පෙර සොයාගත් පැරණිතම කැපුම් සහ සීරුම් ලකුණු සහිත අස්ථි කිහිපයකිනි. විශාල සතුන්ගේ මාංශ හා අස්ථි වෙන් කිරීමේ සලකුණු සමග මස් සහ ඇට මිදුළු අනුභව කිරීම පිළිබඳ සෘජු සාක්ෂි හෝමෝ හැබිලිස් මානවයාගේ ෆොසිල සාක්ෂි සමග සමකාලීන වේ (Domínguez-Rodrigo et al. 2005). බොහෝ විද්‍යාඥයන්ගේ මතය වන්නේ හැබිලිස් ඇතුළු මුල් හෝමෝවරුන් විසින් පුරාවිද්‍යා වාර්තාවල ඇති මුල්ම ශිලාමෙවලම් සාදා භාවිත කළ බවයි. කෙසේ වෙතත්, මෙම උපකල්පනය පරීක්ෂා කිරීමට අපහසු වන්නේ මුල් මානව වර්ග කිහිපයක් එකම කාලයකදී සහ එකම භූගෝලීය ප්‍රදේශයක, පැරණිතම මෙවලම් භාවිතය ආශ්‍රිත සලකුණු සොයාගෙන ඇති බැවිනි (Bobe 2004; Domínguez-Rodrigo et al. 2005).

ඔල්දුවායි ගෝජ් (Olduvai Gorge) හි  OH 62 දරන අර්ධ ලෙස සංරක්ෂණය වූ නිදර්ශකය (Johanson et al. 1987) ඇසුරෙන් සිදුකර ඇති විද්‍යාත්මක නිගමන අනුව එම හෝමෝ හැබිලිස් නිදර්ශකයේ ශරීර ප්‍රමාණය සහ අත් පා සමානුපාත ය,  හෝමෝ ඉරෙක්ටස් ගේ නම් එම අනුපාතය විෂම වේ (Haeusler & McHenry 2004; Larson 2009). මෙම විශේෂය සඳහා පශ්චාත් හිස්කබල් ෆොසිල (post cranial fossils) හිඟකම සැලකිල්ලට ගෙන ශරීර ස්කන්ධය ඇස්තමේන්තු කිරීම අපහසු ය, සාමාන්‍යයෙන් පිළිගත් ශරීර බර ඇස්තමේන්තුව කිලෝග්‍රෑම් 34ක් වන අතර, එම අගය ඔස්ට්‍රලෝපිතෙකස් සහ පරන්ත්‍රොපස් සඳහා වන ඇස්තමේන්තුගත ස්කන්ධයට වඩා කුඩාය (කිලෝග්‍රෑම් 44) සහ හොමෝ ඉරෙක්ටස් (කිලෝග්‍රෑම් 56- 75) ට වඩා කුඩා වේ (Ruff et al. 1997).

හෝමෝ රුඩොල්ෆෙන්සිස්  මානවයා  (Homo rudolfensis)

හෝමෝ ඉරෙකටස් හා හෝමෝ හැබිල්ස් යන මානව විශේෂවල අතරමැදි ලක්ෂණ දරන හෝමෝ රුඩොල්ෆෙන්සිස් මානවයා පිලිබද අනාවරණය වී ඇත්තේ අල්ප වශයෙනි. මෙම විශේෂය නියෝජනය කරනු ලබන්නේ කෙන්යාවේ කූබිෆෝරා (Koobi Fora) (KNM-ER 1470) හි දත් රහිත හිස් කබලකින් සහ මලාවි (Malawi) (UR 501) හි හකු අස්ථියකින් පමණි. KNM-ER 1470 නිදර්ශක අංකය දරන හිස්කබලේ ධාරිතාව ඝන සෙන්ටිමීටර 752ක් (Holloway 1983) ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, දත් දුර්වල ලෙස සංරක්ෂණය වී ඇති නමුත්, දත් කුහර (alveoli or tooth sockets) විශාල වන අතර, ඒවායේ අඩංගු වූ දත්වල ප්‍රමාණයද එමගින් නිර්ණය කරගත හැකි ය (Wood & Collard 1999).

හෝමෝ හැබිලිස් හා සසඳන විට හෝමෝ රුඩොල්ෆෙන්සිස් මානවයා හට විශාල සහ පළල් වූ දත් තිබී ඇත. ඔවුන්ගේ දත් ඔස්ට්‍රලෝපිතිකස් සාමාජිකයින් අතර දක්නට ලැබෙන ඒවාට වඩා මදක් කුඩා වූ අතර, හෝමෝ රුඩොල්ෆෙන්සිස් මානවයා හට මුල් මිනිසුන් තුළ දක්නට ලැබෙන දැඩි ලෙස ගොඩනඟන ලද හකු සහ ශක්තිමත් හකු මාංශ පේශී බැඳීම් නොතිබුණි. මෙම ව්‍යුහ විද්‍යාත්මක වෙනස්කම් හෝමෝ රුඩොල්ෆෙන්සිස් සහ පෙර පූර්වජයින් අතර වූ ආහාර විවිධත්වය පෙන්නුම් කරයි. අනෙකුත් මුල් හෝමෝ විශේෂ මෙන්ම හෝමෝ රුඩොල්ෆෙන්සිස් මානවයා ද ඔවුන්ගේ ආහාර සැකසීමට ශිලාමෙවලම් භාවිතා කරන්නට ඇත. කෙසේ වෙතත්, මෙවලම් නිෂ්පාදනය සහ භාවිතය ආරම්භ වූ කාලයේ මුල් මානව වර්ග එකකට වඩා වැඩි ගණනක් ජීවත් වූ බැවින්, පළමු ශිලා මෙවලම් සෑදීමට සහ භාවිතා කිරීමට වගකිව යුත්තේ කුමන විශේෂද යන්න විද්‍යාඥයින්ට නිශ්චිතව පැවසීමට අපහසුය. හෝමෝ රුඩොල්ෆෙන්සිස් මානව ෆොසිල හා සමාන්තර ස්ථරවල දැනට ශිලා මෙවලම් හමු වී නැත, නමුත් හෝමෝ රුඩොල්ෆෙන්සිස් මානවයා ජීවත් වූ එම කාල වකවානුවේම පවතින ශිලා මෙවලම් අනාවරණය වී ඇත.

රූපය 4 – Homo rudolfensis ෆොසිලය (උපුටා ගැනීම Smithsonian Institution ඇසුරෙනි)

හෝමෝ ඉරෙක්ටස් මානවයා   (Homo erectus)

ලන්දේසි ජාතික Eugene Dubois ඉන්දුනීසියාවේ ජාවා දූපතේ Trinil නදි නිම්නයෙන් හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ පළමු ෆොසිල සොයා ගන්නා ලදී (Baur 1895). මුල්ම නාමකරණයේ දී Pithecanthropus erectus ලෙස හැඳින්වූ අතර, හිස් කබලේ ඉහළ කොටස (top of the brain case and the browridges) කුඩා හා ප්‍රාථමික පෙනුමක් ඇති, විශේෂයෙන් එය පෙර මානව පූර්වජයින් සමග සංසන්දනය කළ නොහැකි තරම් බාහිර රූපවිද්‍යාත්මකව වෙනස් ලක්ෂණ පෙන්නුම් කෙරිණි (Dunsworth 2010). කෙසේ වෙතත්, හිස්කබලේ වූ බාහිර රූපවිද්‍යාත්මක ලක්ෂණ හා ගාත්‍රා අස්ථි පැහැදිලිවම සෘජු, විශාල ශරීරයක් ඇති මානවයතුට අයත් බව හැගවිණි. මෙකී මූලික සොයාගැනීම්වලට අමතරව තවත් ඉරෙක්ටස් ෆොසිල ඉන්දුනීසියාව (Sartono 1972), චීනය (Black 1927, 1934; Weidenreich 1944; Clarke et al. 1970; Hughes & Tobias 1977), උතුරු අප්‍රිකාව (Arambourg 1955; Arambourg & Biberson 1956), ජෝජියාව (Gabunia & Vekua 1995; Gabunia et al. 2000; Lordkipanidze et al. 2005, 2007; Rightmire et al. 2006) හා ඉන්දියාව (Sonakia & Kennedy 1985) ආශ්‍රයෙන් ද සොයා ගැනිණි. කෙසේ වෙතත්, හෝමෝ ඉරෙක්ටස් මානවයෙක් සතු වූ හොඳම තනි නිදර්ශකය වන්නේ කෙන්යාවේ බටහිර ටර්කානා නිම්නයේ Nariokotome ක්ෂේත්‍රයෙන් හමු වූ පිරිමි ළමයෙකුට අයත් සම්පූර්ණ ෆොසිල සැකිල්ලයි (Brown et al. 1985).

රූපය 5 - Nariokotome boy නැතහොත් Turkana Boy නම් වූ හොමෝ ඉරෙක්ටස් ෆොසිලය (උපුටා ගැනීම Smithsonian Institution ඇසුරෙනි)
රූපය 5 – Nariokotome boy නැතහොත් Turkana Boy නම් වූ හොමෝ ඉරෙක්ටස් ෆොසිලය (උපුටා ගැනීම Smithsonian Institution ඇසුරෙනි)

විශාල ශරීර ප්‍රමාණය, විශාල මොළය සහ කුඩා දත් සහිත, බොහෝ හෝමෝ ඉරෙක්ටස් මානව ෆොසිල අනෙකුත් මුල් හෝමෝ විශේෂ දෙකෙන් වෙනස් වේ. හෝමෝ ඉරෙක්ටස්  මානවයාට අයත් දත් හෝමෝ හැබිලිස් සහ හෝමෝ රුඩොල්ෆෙන්සිස් මානව විශේෂවලට වඩා කුඩා වන අතර මුල් නිදර්ශක වල විශාල දත් තිබුණද, කාලයත් සමඟ දතේ ප්‍රමාණය අඩු වීමක් නිරීක්ෂණය කළ හැකි ය. හෝමෝ ඉරෙක්ටස් මානවයාට බොහෝ නිදර්ශකවල ඉහළ කෘන්තක දත සවලක් ආකාරයේ පැතලි හැඩැති (shovel) වන අතර නූතන මිනිසුන් තුළ ද දක්නට ලැබෙන ලක්ෂණයක් ලෙස ගිණිය හැකි ය.

හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ කපාල ධාරිතාවය ඝන කියුබික් සෙන්ටිමීටර් 700 – 1300ත් අතර අගයක් ගන්නා අතර එය පැහැදිලිවම පූර්වජයන්ට වඩා වෙනස් ආකාරයක් ගනී. බාහිර රූපවිද්‍යාත්මක ව වුවද හිස්කබලේ ඝන ඇහිබැමක් නිරික්ෂණය කළ හැකි අතර, අන් මානවයන්ගෙන් වෙනස් වූ supra-orbital torus නම් අස්ථි ප්‍රදේශයකට ප්‍රවේශ වේ. එමෙන් ම නළල ප්‍රදේශය තරමක් පසුපසට විහිදුණු ආකාරයක් ද වේ. මූලිකවම හිස්කබල දිගින් වැඩි හා උසින් අඩු (long and low) ස්වභාවයක් ගන්නා අතර නූතන මානවයාගේ එය මුළුමනින්ම රවුම් ආකාර ගනී. භාෂාවක් හෝ සන්නිවේදන කටයුතු භාවිත කරන ලද පළමු හෝමෝ සාමාජිකයා ලෙස ඉරෙක්ටස් හැදින්වෙන්නේ ඔවුන්ගේ ෆොසිල කායච්ඡේදවිදයාත්මකව අධ්‍යයනයේ දී හමු වූ Hyoid අස්ථිය නිසාවෙනි. එනම් එම අස්ථිය මගින් හඩක් නිපදවීමේ හැකියාව ඉරෙක්ටස් මානවයාට තිබූ බව සනාථ වේ (Capasso et al. 2008). හෝමෝ ඉරෙක්ටස් මානවයා ආහාර දාමයේ මුල් පුරුකක් ලෙස ක්‍රියාකරන ලද අග්‍ර විලෝපිකයෙකි. ඒ බව ඔහු දඩයම් කරන ලද විශාල හා මධ්‍යම ප්‍රමාණයේ සතුන් (අලි ඇතුන්, බොවිඩේ කුලයට අයත් සතුන්) තුළින් මූර්තිමත් වේ.

හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ පරිණාමය සමග Acheulean ශිලාමෙවලම් කර්මාන්තය අතිශයින් බද්ධ වී පවතින අතර, ගින්දර භාවිතා කිරීමට, දඩයම් කිරීමට සහ කණ්ඩායම් ලෙස එක්රැස් වීමට, තුවාල වූ හෝ අසනීප වූ කණ්ඩායම් සාමාජිකයින්ට රැකබලා ගැනීමට සහ සමහර විට මුහුදු ගමන් සිදුකිරීමට සහ කලාව කෙරෙහි වූ හැකියාව අත්කරගත් මුල්ම මානව පූර්වජයින් ලෙස හෝමෝ ඉරෙක්ටස් මානවයා හැදින්වේ.

මුල් හෝමෝවරුන්ගේ චර්යාත්මක ලක්ෂණ

මුල් හෝමෝවරුන්ගේ හැසිරීම් හි සංකීර්ණත්වය සඳහා උදාහරණ ලැබෙන්නේ මානව ෆොසිල හා සම්බන්ධ පුරාවිද්‍යාත්මක අවශේෂ මගිනි. ලතින් නාමයෙන් පරිවර්තනය කර ඇති පරිදි, හෝමෝ හැබිලිස් හෙවත්  Handy man, පළමු ශිලා මෙවලම් නිෂ්පාදකයා ලෙස සැලකේ. ඔවුන් ප්‍රාථමික ශිලාමෙවලම් නිර්මාණය කරන ලද අතර, Olduvai Gorge ආශ්‍රිතව සොයාගැනුණු මූලික සොයාගැනීම් තුලින් එම තාක්ෂණය ඔල්දුවාන් කර්මාන්තය (Oldowan industry) ලෙස නම් කරන ලදී. මාංශ වෙන් කර ගැනීම සඳහා භාවිත කරන ලද කෙටීම් ආයුධ, පතුරු ආයුධ, න්‍යාෂ්ටි  සහ මිටි ගල් වැනි ආයුධ, සත්ත්වපුරාවිද්‍යාත්මක සාක්ෂි සමඟ සම්බන්ධ වන්නේ කලාතුරකිනි (Roche et al. 2009). එපමණක් නොව, මුල් හෝමෝ බොහෝ විට ගොදුරු දඩයම් කිරීමට වඩා සත්ව මළකුණු මත යැපුණු බව අනාවරණය වේ. පසුකාලීනව ඇචුලියන් මෙවලම් භූගෝලීය වශයෙන් පුළුල්ව භාවිතා කිරීමෙන් ඇඟවෙන්නේ ඒවා මාංශ සකස් කිරීමට පමණක් සීමා නොවී බහුකාර්යය මෙවලම් කට්ටලයක් ලෙස භාවිතයේ පැවති බව ය (Roche et al. 2009). උදාහරණයක් ලෙස, ශාක ද්‍රව්‍ය සැකසීම සඳහා ද ශිලා මෙවලම් මහෝපකාරී වනු ඇත. Oldowan ආයුධ, ප්‍රාථමික හා සරල වුවද, කාලය සහ පතුරු නිෂ්පාදනයේ දී නිරීක්ෂණය වූ විචල්‍යතා හරහා වෙනස් වූ බව පෙන්නුම් කෙරේ (Braun et al. 2008a; b; Roche et al. 2009).

රූපය 6 – Oldowan ශිලා මෙවලම් (උපුටා ගැනීම The Smithsonian Institution)
රූපය 6 – Oldowan ශිලා මෙවලම් (උපුටා ගැනීම The Smithsonian Institution)

මානව පරිණාමීය ගමන් මගේ මුල්ම ශිලා මෙවලම් භාවිතය අදින් වසර මිලියන 2.6ක් පැරණි අවසාදිත ඇසුරේ සොයාගන්නා ලදී (Semaw et al. 2003). සත්ත්ව අස්ථි මත වූ කැපුම් ලකුණු ඔස්ට්‍රලෝපිතකස් ගාහි ට අයත් ෆොසිල අවශේෂ ඇසුරේ අර්ථකතනය කළ අතර (Heinzelin et al. 1999),  එය එසේ වී නම් පළමු හෝමෝ ගණයේ සාමාජිකයාගේ පහළ වීම තවත් වසර ලක්ෂයක් පමණ ආපස්සට ගැනීමේ හැකියාව ඇත. නමුත් ඒ සදහා ප්‍රමාණවත් පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙතෙක් ගොනු වී නැත. තවදුරටත් පලමු ශිලා මෙවලම් නිෂ්පාදනය කිරීමේ ගෞරවය හිමිවන්නේ හෝමෝ හැබිලිස් හට ය.

ශිලා මෙවලම් වාර්තාවේ මෙම මීළඟ තාක්ෂණික අදියර ඇචුලියන් ආයුධ වන අතර හෝමෝ ඉරෙක්ටස් හා අප්‍රිකානු මහද්වීපය සමඟ සමීපව සම්බන්ධ වේ. මෙම නව තාක්‍ෂණයේ විශේෂ අංගය ලෙස කඳුළු බිංදුවක හැඩැති ද්විමුහුණත් “අත්පොරොව” හැඳින්වේ (රූපය 5). ඒවා තියුණු දාරවලින් සමන්විත බැවින්, ශාක ද්‍රව්‍ය සැකසීමට සහ සතුන්ගේ සම, මාංශ හා අස්ථි එකිනෙකින් වෙන්කර ගැනීම සඳහා අත්පොරොව භාවිතා කර ඇති බවට සාක්ෂි හමුවේ. වඩාත් දියුණු ඇචුලියන් මෙවලම් – ඒවා මුලින් සොයාගත් ප්‍රංශයේ ශාන්ත ඇචූලියන් පුරාවිද්‍යා ක්ෂේත්‍රය සමග නම් කර ඇත. Oldowan මෙවලම් වලට වඩා නිර්මාණ කාර්යය දුෂ්කර වූ ඇචුලියන් මෙවලම් පසුපස හෝමෝ ඉරෙක්ටස් මානවයා අත් කරගත් සංජානන හා චර්යාත්මක සංකීර්ණත්වය නිරූපණය වේ. හෝමෝ ඉරෙක්ටස් මානව ෆොසිල හමුවන සෑම භුගෝලීය ප්‍රදේශයකින්ම ඇඩුලියන් ආයුධ හමු නොවේ, උදාහරණ ලෙස ජෝජියාවේ Dmanisi හා නැගෙනහිර ඉන්දියාවෙන් බහුලව හෝමෝ ඉරෙක්ටස් ෆොසිල හමු වුවද ඇචුලියන් තාක්ෂණය අදාල ද්‍රව්‍යාත්මක සාක්ෂි හමුවන්නේ අල්ප වශයෙනි. ඒ සදහා විය හැකි උපකල්පනයක් ලෙස පුරාමානව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉරෙක්ටස් මානවයා නැගෙනහිර හා අග්නිදිග ආසියාවට විසිරී යනන්ට පෙර ඔවුන් වෙනත් අමුද්‍රව්‍ය භාවිත කරමින් ආයුධ නිපදවන්නට ඇති බවත්, එම ප්‍රදේශවල ඇති නිවර්තන දේශගුණය හේතුවෙන් අද වන විට ඒවා පුරාවිද්‍යාත්මක වාර්තාව තුල දක්නට නොවන බවත් ය. දැනට මෙම පෙරදිග-බටහිර සංසිද්ධිය පිළිබඳ විවාදය දිගටම පවතින අතර, එය මුලින්ම රටාව නිරීක්ෂණය කළ පුරාවිද්‍යාඥයාගේ නමින් Movius Line ලෙස හදුන්වනු ලබන මනංකල්පිත රේඛාව ඇසුරෙන් ඉරෙක්ටස් ව්‍යාප්තිය බෙදා දක්වනු ලබයි (Movius 1948).

රූපය 7 – ඇචුලියන් අත්පොරොව (උපුටා ගැනීම bradshawfoundation.com)
රූපය 8 - Movius Line (උපුටා ගැනීම ScienceDirect)
රූපය 8 – Movius Line (උපුටා ගැනීම ScienceDirect)

ශිලා මෙවලම් තාක්ෂණයේ දියුණුවත් සමඟ, හෝමෝ ඉරෙක්ටස් මානවයා මාංශ භාවිතය වැඩි කළ බවට කායච්ඡේදවිද්‍යාත්මක සාක්ෂි ඇත. හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ චාර්වක දත් මත ඇති තුණ්ඩ (cusps), ඉන්පෙර සිටි මානව ජූර්වජයින්ගේ චාර්වක දත්වල ඇති රටාවට වඩා දැඩි වන අතර, මෙම දන්ත විෂමතාවය මාංශ කැබලි කරගැනීමට (Ungar 2004, 2012) හෝ පොදුවේ දැඩි ආහාර කැඩීමට ප්‍රයෝජනවත් වනු ඇත (Ungar & Scott 2009). කෙසේ වෙතත්, ක්ෂුද්‍ර දන්තවිද්‍යාත්මක  (dental microwear) අධ්‍යයනවලින් ලැබෙන සාක්ෂි, මුල් හෝමෝවරු නිරන්තරයෙන් දැඩි ආහාර අනුභව කළ බවට පූර්ණ සහාය නොදක්වයි. කෙසේ වෙතත්, පොදුවේ ගත් කල, මෙම මානවයින් ජීවත් වූ විවිධ පරිසර තත්ත්වවලට අනුව දන්ත රූපවිද්‍යාත්මක සාක්‍ෂි විචලනය වූ  බව නිගමනය කළ හැකි ය (Ungar & Scott 2009).

පාරිසරික වෙනස් වීම් හා මුල්ම හෝමෝවරුන්

Plio-Pleistocene කාලපරිච්ඡේදයේ සංක්‍රාන්තිය ගෝලීය දේශගුණික විපර්යාස හේතුවෙන් නැගෙනහිර අප්‍රිකානු පරිසරයේ විශාල වෙනසක් සනිටුහන් කරයි (deMenocal 2004; Maslin & Trauth 2009). මෙම කාල පරිච්ඡේදය තුළ දේශගුණික විචල්‍යතාවය, ක්ෂීරපායී ෆොසිල වාර්තා, Plio-Pleistocene මානව පරිණාමය, විචලනය සහ අනුවර්තනය සමඟ සම්බන්ධ වී ඇතැයි උපකල්පනය කෙරේ (Potts 1998a; b; Maslin & Trauth 2009). සිසිල් වූ Plio-Pleistocene දේශගුණය අප්‍රිකානු වැසි වනාන්තර, උප සහරා අප්‍රිකාවේ බහුලව පැතිරී ඇති සැවානා තණබිම් වලට ව්‍යාප්ත වීමට ඉඩ හැරියේ ය. මෙම මුල් සැවානා විශාල තෘණ ශාක භක්‍ෂක සතුන්ගෙන් ගහණ වූ අතර එය හෝමෝ ඉරෙක්ටස් මානවයා සඳහාම වූ නිත්‍ය ආහාර සංචිතයක් බදු විය – බොහෝ විට මෙම වනාන්තර නොවන පරිසර කෙරෙහි (සැවාණා තෘණ භූමි) දැඩි ලෙස අනුවර්තනය වූ පළමු මානව වර්ගය ලෙස ද ඉරෙක්ටස් මානවයා හැදින්වේ (Reed 1997). වසර මිලියන 2.5 ත් 2 ත් අතර කාලයට පෙර ශුෂ්ක, සෘතුමය තෙත් සහ වියලි කලාපීය වාසස්ථාන පැරණිතම හෝමෝවරුන් විසින් පරිභෝජනය කළ අතර, ඉන් පසුව මානවයින් වැඩි වැඩියෙන් විවෘත හා තෙත් තණබිම් වලට වැඩි නැඹුරුවක් දැක්වීය (Reed & Russak 2009). Koobi Fora හි (Braun et al. 2010) හි වසර මිලියන 1.9 ක් පැරණි ක්ෂේත්‍රයකදී අනුභව කරන ලද කැස්බෑවන්, කිඹුලන් සහ මත්ස්‍යයින් මෙම පුරාණ පාරිසරික අර්ථ නිරූපණය හා සාධාරණීකරණයට සහාය දක්වයි. හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ දන්ත එනමලයේ ජෛව භූ රසායනික විශ්ලේෂණය තුළින් (Biogeochemical analysis of tooth enamel) හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ  බාහිර පෙනුම සහ ව්‍යාප්තිය වැඩිවන තෘණ බිම් පරිසරයකට සම්බන්ධ කරයි(Bobe & Leakey 2009; Sponheimer & Lee-Thorp 2009).

තව දුරටත් සත්ත්වපුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ ආහාර රටාව තුළ සත්ව ප්‍රෝටීන් වැඩි වශයෙන් අඩංගු බව සනාථ කර ඇත. විශාල ක්ෂීරපායී අස්ථිවල ශිලා මෙවලම්වලින් කැපූ බවට සලකුණු නිරීක්ෂණය කළ හැකි අතර, එලෙස අස්ථි ආශ්‍රිත පුරාවිද්‍යාත්මක සන්දර්භ ඇසුරේ හෝමෝ ඉරෙක්ටස් මානවයාට අදාල පුරාකෘති පැතිරීම බහුල වේ (Roche et al. 2009). ආදිතම මානවයින් මාංශ අනුභව කිරීමේ සහ ආහාර පිසීමේ හැකියාව පිළිබඳ සාක්ෂි අතර දිගු පරතරයක් පවතී. තවද සහ ඉහත සඳහන් කළ පරිදි, හෝමෝ ඉරෙක්ටස් මානවයාට හට සිය දඩයම් උපාය මාර්ගයට ප්‍රක්ෂේපන (projectiles) සාර්ථකව ඇතුළත් කිරීමේ හැකියාව නොතිබෙන්නට ඇත. ශරීරය ද්විපාදකරණය සඳහා අනුවර්තනය වී ඇතත්, උරහිස උඩින් විසි කිරීමේ සංකීර්ණ හා දුෂ්කර කාර්යය සඳහා තවමත් අස්ථිවිද්‍යාත්මක වෙනස්කම් ගොඩනැගී නොතිබිණි (Larson et al. 2007). එපමණක් නොව, හෝමෝ ඉරෙක්ටස් මානවයා හා සම්බන්ධ විශේෂිත ප්‍රක්ෂේපණ ආයුධ (හෙල්ල වැනි) පුරාවිද්‍යා සන්දර්භය තුළ දක්නට නොමැත.

විශේෂයෙන් ඉරෙක්ටස් හට උරුම වූ දිගු පාද, දිගු දුරක් ධාවනය කිරීමේ හැකියාව තිළිණ කර තිබූ අතර, ඒ මගින් දඩයම් කාර්යයයේ දී විශාල වාසියක් වන්නට ඇති බවට සැකයක් නැත. තවදුරටත්, ෆොසිල වාර්තාවේ එන දිගු ගාත්‍රා, පටු නම්‍යශීලී ඉණ සහ කෙටි නළල වැනි ලාක්ෂණික සලකුණු එවැනි දැඩි විඳදරාගැනීමේ හැකියාවක් අවශ්‍ය වූ ක්‍රියාකාරකම් සඳහා අනුවර්තනය වී ඇති බව පෙනේ (Bramble & Lieberman 2004; Lieberman et al. 2009). Turkana විලට නැගෙනහිරින් පිහිටි Ileret ප්‍රදේශයෙන් සංරක්ෂණය වී ඇති ෆොසිල පා සටහන් පෙන්නුම් කරන්නේ ඉරෙක්ටස් ගේ පාද ශරීරයේ අනෙකුත් කොටස් මෙන්ම ඇවිදීමට සහ ධාවනය සඳහා හොඳින් අනුවර්තනය වී තිබුණු බව ය (Lieberman et al. 2009; Bennett et al. 2009). මෙම සියලු ආහාර සෙවීමේ ක්‍රියාකාරකම් විවෘත, හිරු රශ්මියෙන් දැවෙන සැවානා මත සිදු වීමත් සමඟ, ඉරෙක්ටස් හට පරිසරයේ උෂ්ණත්වය නියාමනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් විය. සිරුරේ ලොම් ගැලවී යාමෙන් දැඩි දහඩිය සිසිලනය වීම ආරම්භ වන්නට ඇති බව විද්වත් මතයයි (Jablonski 2004).

රූපය 9 – Turkana විලට නැගෙනහිරින් පිහිටි Ileret ප්‍රදේශයේ ඇති ඉරෙක්ටස් ෆොසිල පා සටහන්

සමාලෝචනය..

අප්‍රිකාවේ හෝමෝ ගණයේ මූලාරම්භය, පාර්ශවික ද්විපාදකරණයට (partial bipedalism) නතු වූ වානර මානවයින්ගේ සිට ප්‍රාථමික, විශාල මොළයක් ඇති, ශිලා මෙවලම් සාදන, බොහෝ දුර ගමන් කළ හැකි, මාංශ අනුභව කරන්නන් වෙත අවධානය යොමු කරවයි. මානව කුලයේ මෙම මුල් කොටස විශේෂ තුනකින් නියෝජනය වේ: එනම්, හෝමෝ හැබිලිස්, හෝමෝ රුඩොල්ෆෙන්සිස් සහ හෝමෝ ඉරෙක්ටස් ය. හෝමෝ හැබිලිස් මානවයා විසින් තවදුරටත් ඔස්ට්‍රොලෝපිතිකස් ජාන සමග සම්බන්ධ කරන ප්‍රාථමික ලක්ෂණ රඳවා ගත් නමුත්, ඔහු පළමු ශිලාමෙවලම් නිර්මාතෘ ලෙස අවිවාදයෙන් පිළිගැනේ. හැබිලිස් මානවයා හා සසඳන විට සාපේක්ෂ වශයෙන් විශාල මොළයක් සහ විශාල දත් ඇති බව හැර හෝමෝ රුඩොල්ෆෙන්සිස් මානවයා ගැන දන්නේ අල්ප වශයෙන් වන අතර, එම විශේෂය හා මුල් පුර්වජයින් ජීවත් වූ කාලය හා අවකාශය අතිච්ඡාදනය වී ඇත. විශාල මොළයක් ඇති හෝමෝ ඉරෙක්ටස් මානවයාගේ පුරාණජීවවිද්‍යාව සහ පරිණාමය පිළිබඳ අපගේ අවබෝධය, ඒ සම්බන්ධයෙන් පොහොසත් ෆොසිල වාර්තාව මත රදා පවතී. හෝමෝ ඉරෙක්ටස් මානවයා යනු අනිවාර්යෙන් ම ප්‍රථම වරට ඍජු කායවිලාසයක් හා සම්පූර්ණයෙන්ම ද්විපාදකරණයට ලක් වූ ශරීරයක් සහිත වන්නා වන අතරම, අප්‍රිකාවෙන් පිටත විසිරී ගිය මානව පරම්පරාවේ පළමුවැනි සාමාජිකයා ද වේ.

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මුල් හෝමෝ සාමාජිකයින්: හෝමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස්
  4. හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. මානව නූතනත්වය: හෝමෝ සේපියන් මානවයාගේ පහළ වීම
  6. මානව විවිධත්වය හා නව මානව විශේෂ
  7. මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම
  8. මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

කෙටි වාර්තාමය චිත්‍රපට

References

Arambourg, C. 1955. A recent discovery in human paleontology: Atlanthropus of ternifine (Algeria). American Journal of Physical Anthropology 13: 191–201. 

Arambourg, C. & P. Biberson. 1956. The fossil human remains from the Paleolithic site of Sidi Abderrahman (Morocco). American Journal of Physical Anthropology 14: 467–89. 

Baur, G. 1895. Pithecanthropus erectus eine menschenähnliche Übergangsform aus Java von Eug. Dubois, Militärarzt der niederländisch-indischen Armee mit zwei Tafeln und drei in den Text gedruckten Figuren. The Journal of Geology 3: 237–38.

Bennett, M.R. et al. 2009. Early Hominin Foot Morphology Based on 1.5-Million-Year-Old Footprints from Ileret, Kenya. Science 323: 1197–1201. 

Black, D. 1927. Further Hominid Remains of Lower Quaternary Age from the Chou Kou Tien Deposit. Nature 120: 954–954. 

Black, D. 1934. III. The croonian lecture. – On the discovery, morphology, and environment of Sinanthropus pekinensis. Philosophical Transactions of the Royal Society of London. Series B, Containing Papers of a Biological Character 223: 57–120. 

Bobe, R. 2004. The expansion of grassland ecosystems in Africa in relation to mammalian evolution and the origin of the genus Homo. Palaeogeography, Palaeoclimatology, Palaeoecology 207: 399–420. 

Bobe, R. & M.G. Leakey. 2009. Ecology of Plio-Pleistocene Mammals in the Omo—Turkana Basin and the Emergence of Homo, in : 173–84. 

Bramble, D.M. & D.E. Lieberman. 2004. Endurance running and the evolution of Homo. Nature 432: 345–52. 

Braun, D.R., T. Plummer, P. Ditchfield, J. v. Ferraro, D. Maina, L.C. Bishop & R. Potts. 2008a. Oldowan behavior and raw material transport: perspectives from the Kanjera Formation. Journal of Archaeological Science 35: 2329–45. 

Braun, D.R., J.C. Tactikos, J. v. Ferraro, S.L. Arnow & J.W.K. Harris. 2008b. Oldowan reduction sequences: methodological considerations. Journal of Archaeological Science 35: 2153–63. 

Braun, D.R., J.W.K. Harris, N.E. Levin, J.T. McCoy, A.I.R. Herries, M.K. Bamford, L.C. Bishop, B.G. Richmond & M. Kibunjia. 2010. Early hominin diet included diverse terrestrial and aquatic animals 1.95 Ma in East Turkana, Kenya. Proceedings of the National Academy of Sciences 107: 10002–7. 

Brown, F., J. Harris, R. Leakey & A. Walker. 1985. Early Homo erectus skeleton from west Lake Turkana, Kenya. Nature 316: 788–92. 

Capasso, L., E. Michetti & R. D’Anastasio. 2008. A Homo erectus hyoid bone: possible implications for the origin of the human capability for speech. Collegium antropologicum 32: 1007–11.

Clarke, R.J., F.C. Howell & C.K. Brain. 1970. More evidence of an advanced hominid at Swartkrans. Nature 225: 1219–22. 

Day, M.H. 1971. Postcranial remains of Homo erectus from Bed IV, Olduvai Gorge, Tanzania. Nature 232: 383–87. https://doi.org/10.1038/232383a0.

Day, M.H. & R.E. Leakey. 1973. New evidence of the genus Homo from East Rudolf, Kenya. I. American journal of physical anthropology 39: 341–54. 

Day, M.H., R.E. Leakey, A.C. Walker & B.A. Wood. 1976. New hominids from East Turkana, Kenya. American journal of physical anthropology 45: 369–435. 

deMenocal, P.B. 2004. African climate change and faunal evolution during the Pliocene–Pleistocene. Earth and Planetary Science Letters 220: 3–24. 

Domínguez-Rodrigo, M., T.R. Pickering, S. Semaw & M.J. Rogers. 2005. Cutmarked bones from Pliocene archaeological sites at Gona, Afar, Ethiopia: implications for the function of the world’s oldest stone tools. Journal of human evolution 48: 109–21. 

Dunsworth, H.M. 2010. Origin of the Genus Homo. Evolution: Education and Outreach 3: 353–66. 

Gabunia, L. & A. Vekua. 1995. A Plio-Pleistocene hominid from Dmanisi, East Georgia, Caucasus. Nature 373: 509–12. 

Gabunia, L. et al. 2000. Earliest Pleistocene hominid cranial remains from Dmanisi, Republic of Georgia: taxonomy, geological setting, and age. Science (New York, N.Y.) 288: 1019–25. 

Haeusler, M. & H.M. McHenry. 2004. Body proportions of Homo habilis reviewed. Journal of Human Evolution 46: 433–65. 

Heinzelin, J. de, J.D. Clark, T. White, W. Hart, P. Renne, G. WoldeGabriel, Y. Beyene & E. Vrba. 1999. Environment and Behavior of 2.5-Million-Year-Old Bouri Hominids. Science 284: 625–29. 

Holloway, R.L. 1983. Human paleontological evidence relevant to language behavior. Human neurobiology 2: 105–14.

Hughes, A.R. & P. v Tobias. 1977. A fossil skull probably of the genus Homo from Sterkfontein, Transvaal. Nature 265: 310–12. 

Jablonski, N.G. 2004. The Evolution of Human Skin and Skin Color. Annual Review of Anthropology 33: 585–623. https://doi.org/10.1146/annurev.anthro.33.070203.143955.

Johanson, D.C. et al. 1987. New partial skeleton of Homo habilis from Olduvai Gorge, Tanzania. Nature 327: 205–9. 

Larson, S.G. 2009. Evolution of the Hominin Shoulder: Early Homo, in The first humans—origin and early evolution of the genus Homo: 65–75. 

Larson, S.G., W.L. Jungers, M.J. Morwood, T. Sutikna, Jatmiko, E.W. Saptomo, R.A. Due & T. Djubiantono. 2007. Homo floresiensis and the evolution of the hominin shoulder. Journal of human evolution 53: 718–31. 

Leakey, L.S.B. 1961. New Finds at Olduvai Gorge. Nature 189: 649–50. 

Leakey, L.S.B., P. v. Tobias & J.R. Napier. 1964. A New Species of The Genus Homo From Olduvai Gorge. Nature 202: 7–9. 

Leakey, M.D. 1971. Discovery of postcranial remains of Homo erectus and associated artefacts in Bed IV at Olduvai Gorge, Tanzania. Nature 232: 380–83. 

Leakey, R.E. 1973a. Further evidence of lower pleistocene hominids from East Rudolf, North Kenya, 1972. Nature 242: 170–73. 

—. 1973b. Evidence for an advanced plio-pleistocene hominid from East Rudolf, Kenya. Nature 242: 447–50. 

Lieberman, D.E., D.M. Bramble, D.A. Raichlen & J.J. Shea. 2009. Brains, Brawn, and the Evolution of Human Endurance Running Capabilities, in : 77–92. 

Lordkipanidze, D. et al. 2005. Anthropology: the earliest toothless hominin skull. Nature 434: 717–18. 

—. 2007. Postcranial evidence from early Homo from Dmanisi, Georgia. Nature 449: 305–10. 

Maslin, M.A. & M.H. Trauth. 2009. Plio-Pleistocene East African Pulsed Climate Variability and Its Influence on Early Human Evolution, in : 151–58. 

Miller, J.A. 1991. Does brain size variability provide evidence of multiple species in Homo habilis? American journal of physical anthropology 84: 385–98. 

Movius, H.L. 1948. The Lower Palaeolithic Cultures of Southern and Eastern Asia. Transactions of the American Philosophical Society 38: 329. 

Potts, R. 1998a. Environmental hypotheses of hominin evolution. American journal of physical anthropology Suppl 27: 93–136. 

Potts, R. 1998b. Variability selection in hominid evolution. Evolutionary Anthropology: Issues, News, and Reviews 7: 81–96. 

Reed, K.E. 1997. Early hominid evolution and ecological change through the African Plio-Pleistocene. Journal of Human Evolution 32: 289–322. 

Reed, K.E. & S.M. Russak. 2009. Tracking Ecological Change in Relation to the Emergence of Homo Near the Plio-Pleistocene Boundary, in : 159–71. 

Rightmire, G.P., D. Lordkipanidze & A. Vekua. 2006. Anatomical descriptions, comparative studies and evolutionary significance of the hominin skulls from Dmanisi, Republic of Georgia. Journal of Human Evolution 50: 115–41. 

Roche, H., R.J. Blumenschine & J.J. Shea. 2009. Origins and Adaptations of Early Homo: What Archeology Tells Us, in : 135–47. 

Ruff, C.B., E. Trinkaus & T.W. Holliday. 1997. Body mass and encephalization in Pleistocene Homo. Nature 387: 173–76. 

Sartono, S. 1972. Discovery of Another Hominid Skull at Sangiran, Central Java. Current Anthropology 13: 124–26. 

Semaw, S. et al. 2003. 2.6-Million-year-old stone tools and associated bones from OGS-6 and OGS-7, Gona, Afar, Ethiopia. Journal of human evolution 45: 169–77.

Sonakia, A. & K.A.R. Kennedy. 1985. Skull Cap of an Early Man from the Narmada Valley Alluvium (Pleistocene) of Central India. American Anthropologist 87: 612–16. https://doi.org/10.1525/aa.1985.87.3.02a00060.

Sponheimer, M. & J.A. Lee-Thorp. 2009. Biogeochemical Evidence for the Environments of Early Homo in South Africa, in : 185–94. 

Susman, R.L. 2008. Brief communication: Evidence bearing on the status of Homo habilis at Olduvai Gorge. American Journal of Physical Anthropology 137: 356–61. 

Tobias, P. v. 2009. Homo habilis—A Premature Discovery: Remembered by One of Its Founding Fathers, 42 Years Later, in : 7–15. 

Ungar, P. 2004. Dental topography and diets of Australopithecus afarensis and early Homo. Journal of human evolution 46: 605–22. 

Ungar, P.S. 2012. Dental Evidence for the Reconstruction of Diet in African Early Homo. Current Anthropology 53: S318–29. 

Ungar, P.S. & R.S. Scott. 2009. Dental Evidence for Diets of Early Homo, in : 121–34. 

Ungar, P.S., F.E. Grine, M.F. Teaford & S. el Zaatari. 2006. Dental microwear and diets of African early Homo. Journal of Human Evolution 50: 78–95. 

Weidenreich, F. 1944. Giant Early Man from Java and South China. Science 99: 479–82. 

Wood, B. 1992. Origin and evolution of the genus Homo. Nature 355: 783–90. 

Wood, B. & M. Collard. 1999. The changing face of genusHomo. Evolutionary Anthropology: Issues, News, and Reviews 8: 195–207. 

 

 

 

 

 

 

 

මිනිස් සත්ත්වයා: ජෛව මානව විද්‍යා ප්‍රවේශය – 2022 මාර්ගගත අත්පොත

ජෛව මානව විද්‍යා

මෙම කෘතිය ආචාර්ය සමන්ති කුලතිලක විසින් සිංහල බසින් ලියන ලද ජෛව මානව විද්‍යාව පිළිබඳ නවතම කෘතියයි. මෙය විවෘත ප්‍රවේශ (නොමිලේ) මාර්ගගත අත්පොත ලෙස ඉදිරිපත් කර ඇත. මෙම කෘතියේ පහතින් දක්වා ඇති කතු වැකියේ මෙම පොත ඉදිරිපත් කිරීමේ අභිලාෂය දක්වා ඇත.

ආචාර්ය සමන්ති කුලතිලක කැනඩාවේ මවුන්ට් රොයල් විශ්ව විද්‍යාලයේ සහායක මාහාචාර්යවරියක ‌ලෙස සේවය කරයි.

මිනිස් සත්ත්වයා: ජෛව මානව විද්‍යා ප්‍රවේශය – කතුවැකිය

ජෛව මානව විද්‍යාව හදාරන සිසු සිසුවියන්ට මෙන්ම මිනිසාගේ ජෛවී තොරතුරු විමසන්නන් හට සිංහල බසින් ලියැවුණු මූලාශ්‍ර දුර්ලභ ය. මෙම විෂයය පිළිබඳව අවබෝධය පුළුල් කිරීම පිණිස වඩාත් විස්තරාත්මකව නව තොරතුරු සහ අදහස් ඇතුළත් කර, ජෛව මානව විද්‍යාව පිළිබඳ තොරතුරු ප්‍රචලිත කිරීමේ මූලික අභිලාෂය පෙරටු කොට ගෙන මෙම කෘතිය ඉදිරිපත් කරමි.

සම්පුර්ණ කෘතිය කියවන්න

මිනිසා සත්ත්වයෙකි” නම් වූ පොත් පිංච මීට අවුරුදු ගණනාවක කලින් රචනා කළෙමි. එහි අඩංගු කරුණු, ක්ෂේත්‍රයේ පරිණාමය සමගම යල් පැන ගොස් ඇත. “මිනිස් සත්ත්වයා: ජෛව මානව විද්‍යා ප්‍රවේශය” ලෙස නව කෘතියක් ලිවීමට අදහස් කළේ එම නිසයි.

ඉතා මෑතකදී ගෝලීය වශයෙන් බලපෑ වසංගත තත්ත්වයට අනුවර්තනය වෙමින් පරිගණක තාක්ෂණය සහ ඩිජිටල් මාධ්‍ය පරිහරණය කිරීමේ වඩාත් යුහුසුලු වූ ලාංකේය ප්‍රජාවක් හමුවේ මාර්ගගත අත්වැලක් ලෙස මෙම කෘතිය සැකසීම වඩාත් සුදුසු බව පෙනී ගියේය. තව ද, නොමිලේ දැනුම ප්‍රදානය කිරීමේ මහඟු කර්තව්‍යයට සම්බන්ධ වීමට මා නිරතුරු උත්සාහ කරමි. ඒ අනුව, අන්තර්ජාලය හරහා ඕනෑම කෙනෙකුට පරිශීලනය කිරීමට අවකාශ ලබාදෙමින් මාර්ගගත විවෘත ප්‍රවේශ මූලාශ්‍රයක් ලෙස මෙම කෘතිය රචනා කර සකස් කරමි.

මිනිස් සත්ත්වයා” කෘතියේ අන්තර්ගතය ශාස්ත්‍රීය මට්ටමෙන් විචාරාත්මකව ප්‍රතිපෝෂණය කරමින් උපදෙස් ලබාදුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය-මහාචාර්යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයට මගේ හෘදයංගම ස්තුතිය පුද කරමි.

පෙළපොත් සමාලෝචන කමිටු ප්‍රකාශය

මානව විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Professor Praneeth Abhayasundera, PhD.

Professor Charmalie Nahallage, PhD.

Dr. Nelum Yapa, PhD.

Dr. Tharaka Ananda, PhD.

— සමන්ති කුලතිලක —

දකුණු ආසියාව ජනාවාසකරණය මානව විද්‍යාත්මක ඇසින්

මාර්ගගත උරුම දේශන මාලාව – විසි වැනි පියවර “දකුණු ආසියාව ජනාවාසකරණය මානව විද්‍යාත්මක ඇසින්” මැයෙන් ආචාර්ය සමන්ති කුලතිලක මවුන්ට් රෝයල් විශ්ව විද්‍යාලය – කැනඩාව 2020 ජුලි 13 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවැත් වු දේශනයේ පටිගත කල විඩියෝව

ආචාර්ය සමන්ති කුලතිලක පිළිබඳ හැඳින්වීම

samanti_kulatilakeDr. Samanti Kulatilake

BA (Adv) – Anthropology (University of Manitoba, Canada) (First Class)
MPhil – Biological Anthropology (University of Cambridge, UK)
PhD – Biological Anthropology (University of Cambridge, UK)Thesis: Cranial Diversity and the Evolutionary History of South Asian Populations

Teaching – Research Interests & ExperienceBiological (Physical) Anthropology, Bio-archaeology, Human Osteology, Evolution of Human Diversity, Affinities, Adaptations and Dispersals, Palaeopathology, Palaeodemography, Cranial variation, Mortuary Practices, Statistics for Anthropology, Palaeogenomics, Biological Anthropology of South Asians​ and Field Studies in Anthropology. ​

2011 – present Associate Professor, Mount Royal University, Canada (Dept. of Sociology and Anthropology)

2008 – 2011 Assistant Professor (Tenure-Track) Mount Royal University, Canada (Dept. of Sociology and Anthropology)

2003 – 2008 Contract Instructor Mount Royal College, Canada (Dept. of Earth Sciences & Dept. of Behavioural Sciences, Dept. of Sociology and Anthropology)

2005 Contract Instructor, University of Lethbridge, Calgary Campus, Canada (Dept. of Management)

1999 – 2001 Senior Lecturer, University of Sri Jayewardenepura, Sri Lanka (Dept. of Sociology and Anthropology)

1995 – 1997Lecturer, University of Sri Jayewardenepura, Sri Lanka (Dept. of Sociology and Anthropology)

1993 – 1994 Assistant Lecturer University of Sri Jayewardenepura, Sri Lanka (Dept. of Sociology and Anthropology)

1992 – 1993 Research Officer, Postgraduate Institute of Archaeology, Sri Lanka

DistinguishedFacultyAward 2021

මෙවැනි තවත් ලිපි

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

මානව පරිණාමයේ ගමන 2- මනුෂ්‍යත්වයේ මූල බීජ: මුල් වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය

human_evolution

මානව පරිණාමය නම් වූයේ මිහිමත ජීවය, මනුෂ්‍යත්වය බවට පත්වීමේ නොනිමි කතාන්දරයයි. මීට වසර මිලියන පහකට පෙර පෘථිවියේ මිනිසුන් නොසිටි අතර, එවකට සිටි වානරයින් සහ වඳුරන් අතර පෙනුමෙන් හෝ හැසිරීමෙන් මිනිසුන්ට සමීපව සමානකම් ඇත්තවුන් හඳුනාගත නොහැකි තරම් විය. මධ්‍ය මයෝසීන යුගයේ (දළ වශයෙන් අදින් වසර මිලියන 16–11.6) හෝ අග මයෝසීන යුගයේ (අදින් වසර මිලියන 11.6–5.3) වාසය කළ වානර විශේෂ අතර හොමිනිඩ් පවුලේ වෘක්ෂ මූලය සොයා ගත හැකි බව සාමාන්‍ය මතය වේ. අණුක විද්‍යාත්මක ඇස්තමේන්තු (Genetic Molecular Clock) මත පදනම් වූ ප්‍රවේණික දත්ත පශ්චාත් මයෝසීන් පරම්පරාවකින් නූතන මානව වර්ගයාගේ සම්භවය සිදුවූ බවට වන මතයට සහාය දක්වයි (Chen & Li 2001). විවිධ යුරේසියානු සහ අප්‍රිකානු මයෝසීන ප්‍රිමාටා සාමාජිකයින්, මුල් මානව පවුලේ මුතුන් මිත්තන් විය හැකි බවට ඒ තුළින් අනුබල දී ඇති අතර, එය ප්ලියෝසීන යුගයේදී (අදින් වසර මිලියන 5.3–2.6) ෆොසිල විද්‍යාත්මක වාර්තා ඇසුරේ දර්ශනය වේ. මේ පිළිබදව විද්වතුන් අතර වුවද එක් සම්මුතියක් නොමැති වුවද, මෙම ප්‍රිමාටා ලක්ෂණ දරන ෆොසිල වර්තා ලෙස, කෙන්යාපිතෙකස් (Kenyapithecus), ග්‍රයිපොපිතෙකස් (Griphopithecus), ඩ්‍රයෝපිතෙකස් (Dryopithecus), ග්‍රෙකෝපිතෙකස් (Graecopithecus), ඖරනෝපිතෙකස් (Ouranopithecus),  සම්බුරුපිතෙකස් (Samburupithecus), සහෙලන්ත්‍රොපස් (Sahelanthropus), සහ ඔරියොන් (Orrorin) යන ෆොසිල නිශ්චිතවම අයත් වේ.

මයෝසීන යුගය හා මානව පරිණාමය

සහෙලන්ත්‍රොපස් (Sahelanthropus), ඔරියොන් (Orrorin) සහ  අරිඩිපිතෙකස් (Aridipithecus) ඇතුළු පළමු හොමිනින් (මිනිස් පරම්පරාවේ ද්විපාද වානරයන්) අප්‍රිකාවේ මයෝසීන් අවසානයේ පෙනී සිටියේය. චිම්පන්සින් හා මිනිසුන් එකිනෙකාගෙන් වෙන් වී අපසරණය වූයේ ද මෙම කාලවකවානුවේ දී යැයි සැලකේ. පසුගිය වසර 20 තුළ, මයෝසීන යුගයේ වූ ෆොසිල වාර්තාවල නව සොයාගැනීම්, අප්‍රිකානු වානරයන්ගේ සහ නූතන මිනිසුන්ගේ පරිණාමය පිළිබද මෙතෙක් දැන සිටි කාලය, භූ විද්‍යාව සහ හේතුඵල විද්‍යාව පිළිබඳ අපගේ අදහස් අභියෝගයට ලක් කර ඇත. අප්‍රිකානු වානරයන්ගේ සහ මිනිසුන්ගේ පොදු මුතුන් මිත්තන් අප්‍රිකාවෙන් හමුවනු ඇතැයි ඩාවින් අනාවැකි පළ කළේ ය. එහෙත් වානර මානව ෆොසිල බහුතරය හමුවන්නේ යුරෝපයෙන් සහ ආසියාවෙන් ය.

ඩාවින්ගේ අප්‍රිකානු මානව සම්භවය පිළිබද අනාවැකිය කෙසේ වෙතත් 1920 ගණන්වල කෙන්යාවේ සොයාගැනීම් මගින් තහවුරු වූ බවක් පෙනෙන්නට තිබූ අතර, ඉන් අනතුරුව පර්යේෂකයින්ගේ වැඩි අවධානය අප්‍රිකානු මහද්වීපය වෙත යොමු වී ඇත. 1933 දී Arthur Hopwood විසින් නම් කරන ලද ප්‍රොකොන්සල් (Proconsul), අප්‍රිකානු වානරයන්ගේ සෘජු පූර්වජයෙකු ලෙස පුළුල් ලෙස පිළිගනු ලැබූ අතර, 1962 දී Louis Leakey විසින් කෙන්යාපිතෙකස් (Kenyapithecus) අනාවරණය කළ විට, බොහෝ දෙනා විශ්වාස කළේ හොමිනිඩ් පවුලේ පැරණිතම සාමාජිකයා අප්‍රිකාවෙන් සොයාගෙන ඇති බවයි (Leakey 1968). ග්‍රීසියේ Louis de Bonis සහ හංගේරියාවේ Miklos Kretzoi ගේ සොයාගැනීම් සමඟ යුරෝපය වෙත නැවත අවධානය යොමු වූයේ 1970 ගණන්වලදීය. එහි දී එම නව ෆොසිල වාර්තා වන ඖරනෝපිතෙකස් (Ouranopithecus) සහ රැද්‍රාපිතෙකස් (Rudapithecus) හුවා දක්වමින් පර්යේෂකයන් තර්ක කළේ මෙම ෆොසිල ආදිතම මානව පූර්වජයෙකුට සමීපව හෝ සෘජුවම සම්බන්ධ බවයි (Begun et al. 2012). යුරෝපයේ එම නව සොයාගැනීම් තිබියදීත්, බොහෝ පර්යේෂකයන් දිගින් දිගටම ඉදිරියට ගෙනගියේ මනුෂ්‍යත්වය අප්‍රිකාවේ ආරම්භ වූ බවට ඩාවින්ගේ අදහසයි,  ඒ අනුව යුරෝපීය සම්භවය නියෝජනය කරන්නේ මානව පරිණාමීය ගමන්මගේ පසුකාලීන අර්ධයක් වන අතර, එය අප්‍රිකානු පරම්පරාවේ මූලාරම්භයෙන් පසුව යුරෝපයට සංක්‍රමණය වූ බව වර්තමාන පර්යේෂණ ආශ්‍රයෙන් තහවුරු වී ඇති මතයයි (Wilshaw 2018).

1980 දශකයේ පකිස්ථානයෙන් වඩාත් සම්පූර්ණ ෆොසිල නිදර්ශක සොයා ගැනීම බොහෝ පර්යේෂකයන් නිගමනය කළේ කෙන්යාපිතෙකස්, රාමාපිතෙකස් (Ramapithecus), හෝ රැද්‍රාපිතෙකස් ලෙසින් විවිධ ලෙස හඳුන්වනු ලබන ෆොසිල වානරයන් ඇත්ත වශයෙන්ම Leakey හ‍ෙ Kretzoi යෝජනා කළ පරිදි මිනිසුන්ට සමීපව සම්බන්ධ නොවන බවයි (Pilbeam 1966). Ramapithecus ඔරංඔටන්ගේ සමීප ඥාතියෙකු ලෙස නැවත අර්ථකථනය කරන ලද අතර (Prasad 1982), එහි ගණනාමය (genus name) මීට පෙර නම් කරන ලද සිවාපිතෙකස් (Sivapithecus) සමඟ සමානාර්ථ දැරීය. මෑතක දී අනාවරණය කරගන්නා ලද මානව පරිණාමය පිළිබද නව සොයාගැනීම් මානව වර්ගයාගේ අප්‍රිකානු සම්භවය පිළිබද අදහස වඩාත් ශක්තිමත්ව ගොඩනැගීමට දායක වී ඇත (Lipson & Pilbeam 1982). බොහෝ විද්‍යාඥයින්ගේ අදහස අනුව ග්‍රයිපොපිතෙකස්  (Griphopithecus) හොමිනිඩ් පවුලේ ආදිතම පූර්වජයා ලෙස සැලකේ (Begun 2000). එම මානවයා දළ වශයෙන් වසර මිලියන 16 සිට 16.5 දක්වා කාලය තුළ ප්‍රථම වරට ජර්මනියෙන් හා තුර්කියෙන් හමු වූ ඝන එනමල් සහිත, ශක්තිමත් හකු සහිත වානර වර්ගයකි (King et al. 1999). විශේෂයෙන් ප්‍රොකොන්සල් (Procunsal) වැනි ආදි මානව දත් සමග සැසදීමේ දී ග්‍රයිපොපිතෙකස් දරණ දත් වඩා නවීන පරිණාමීය ලක්ෂණ පෙන්වයි (Mortzou & Andrews 2008). නමුත් ප්‍රොකොන්සල් සහ මධ්‍යම මයෝසීන හොමිනිඩ් සාමාජිකයින් සාමාන්‍ය වඳුරෙකුට වඩා උකුලේ, මැණික් කටුවෙහි සහ අතෙහි වැඩි සංචලතා පරාසයක් සහ බලවත් ග්‍රහණය කිරීමේ හැකියාවන් (Powerful Gripping Abilities) පෙන්නුම් කරයි. එය කායච්ඡේද විද්‍යාත්මකව ව්ස්තාපිත මානව පරිණාමයේ පළමු ලක්ෂණය ලෙස ගිණිය හැකි ය.

රූපය 1 – Procunsal විශේෂයට අයත් හිස්කබලක් (ඡායාරූපය Yale Peabody Museum of Natural History අඩවියෙන්)

යුරෝපීය වානර මානව ෆොසිල අතර ඩ්‍රයපිතෙකස් (Dryopithecus) අවශේෂ විශේෂ වේ. එම වානර මානව විශේෂය අර්ථ දක්වනු ලැබුවේ ප්‍රංශයෙන් හමුවූ කොටස් තුනකින් යුතු වූ පිරිමි හකු අස්ථි කැබැල්ලකින් (Solà & Köhler 1993) හා Humerus අස්ථියේ මධ්‍ය කොටසකිනි (Morbeck 1975). ග්‍රීසිය, ස්පාඤ්ඤය සහ හංගේරියාවෙන් වඩාත් සම්පූර්ණ නිදර්ශක සොයා ගැනීමත් සමඟම, මහා වානර සහ මානව පරිණාමය පිළිබද උනන්දුවක් දක්වන පර්යේෂකයන් අතර අවධානය නැවත යුරෝපය වෙත යොමු විය (O’Connor 1976). වසර මිලියන 12කට පමණ පෙර ඩ්‍රයපිතෙකස් පෙනුම එම අවස්ථාවේදීම සිවාපිතෙකස්ගේ ප්‍රථම පෙනුමට සමාන හා සමාන්තර වන අතර, එයින් ඇඟවෙන්නේ ඔවුන් වසර මිලියන 13 සිට 16 දක්වා වූ කාලය තුල දී පොදු පූර්වජයෙකුගෙන් අපසරනය වී ඇති බවයි (Andrews 1983; Kelley 1988). පසුකාලීන විශේෂ හා සසඳන විට සාපේක්ෂව ප්‍රාථමික වීමට අමතරව, ඩ්‍රයපිතෙකස්ගේ දත් තුනී එනමලයක් සහ වටකුරු බවින් අඩු දන්ත දාර (less rounded cusps) සහිත ය (Andrews 1983). පසුකාලීනව ඇති වූ ඩ්‍රයපිතෙකස් , හිස්පැනෝපිතෙකස්  (Hispanopithecus) (Almécija et al. 2007; Alba et al. 2012), රුද්‍රාපිතෙකස් (Deane et al. 2013), හා ඖරනෝපිතෙකස් (de Bonis & Koufos 2014) වඩා පශ්චාත් හිස්කබලෙන් ව්‍යුත්පන්න වූ පරිණාමීය ලක්ෂණ ජීවමාන වානරයන් සමඟත්, හිස් කබලේ ගෘහිත ලක්ෂණ අප්‍රිකානු වානර මානවයින් සමඟත් සමපාත වේ.

මානව පරිණාමය
රූපය 2 – Dryopithecus විශේෂයට අයත් පහළ චාර්වක දතක් (ඡායාරූපය උපුටා ගැනීම අන්තර් ජාලය ඇසුරෙනි)

කොරාරපිතෙකස් (Chororapithecus) වානර මානව විශේෂය ඉතියෝපියාවේ Chorora ප්‍රදේශයේ හි අදින් වසර මිලියන 10 ක් පමන පැරණි ක්ෂේත්‍රයකින් සොයාගත් හුදකලා වූ දත් කීපයක් මගින් මූර්තිමත් වේ. මුල්ම සොයාගැනීම්වල අදහස වූයේ නූතන ගෝරිල්ලන්ගේ චාර්වක දත්වල ඇති කැපුම් දාර (Haile-Selassie 2001; Semaw et al. 2005) කොරාරපිතෙකස් ගණයේ ෆොසිල නිදර්ශකයේ ද පිහිටීම හේතුවෙන් කොරාරපිතෙකස් ගෝරිලන්ගේ ද ආදිතම පූර්වජකු වන බව ය (Suwa et al. 2007). සමස්තයක් ලෙස කොරාරපිතෙකස් ගණයේ දත්වල රූප විද්‍යාව සහ ක්‍රියාකාරී ව්‍යුහ විද්‍යාව ගෝරිල්ලන්ට වඩා වෙනස් ආකාරයක් ගනී. අප්‍රිකාවේ නකාලි ප්‍රදේශයෙන් හමු වූ නකාලිපිතෙකස් (Nakalipithecus) අර්ථකතනය කර ඇත්තේ දිරාපත් වූ දත් කීපයක් හා කැබලි වූ හකු අස්ථියක් ආධාරයෙනි (Kunimatsu et al. 2007). නකාලිපිතෙකස් හා ඖරනෝපිතෙකස් සතු රදනක දත්වල ඇති රූපවිද්‍යාත්මක සමානකම නිසා එම විශේෂ දෙක මානව පරිණාමීය ගමන් මගේ සමානතා පෙන්නුම් කරන බව විද්‍යාඥයින්ගේ අදහසයි (Morita et al. 2017).

රූපය 3 – මානව පරිණාමීය ගමන් මග (ඡායාරූපය උපුටා ගැනීම අන්තර් ජාලය ඇසුරෙනි)
රූපය 3 – මානව පරිණාමීය ගමන් මගේ පරිණාමීය බෙදීම් (ඡායාරූපය උපුටා ගැනීම අන්තර් ජාලය ඇසුරෙනි)

ප්ලයෝසීන යුගය හා මානව පරිණාමය

ඉතියෝපියාවේ සිට දකුණු අප්‍රිකාව දක්වා වූ භූගෝලීය කලාපයේ වානර මානව විශේෂ දුසිමකට වඩා වැඩි ප්‍රමාණයක් පරිණාමය වී ඇති අතර, මානව පරිණාමයේ අනුවර්තිත කාලය (Epoch of Adaptive Radiation) ලෙස ප්ලයෝසීන යුගය හැදින්විය හැකි ය (Toussaint et al. 2012). මයෝසීන යුගයේ අගභාගයේ සහ මුල් ප්ලියෝසීන යුගය තුළ සිදුවූ ගෝලීය වනාන්තර ආවරණය අඩුවීමට සමගාමීව,  අරිඩිපිතෙකස් (Ardipithecus) විශේෂ වද වී අතර, වසර මිලියන 3 කට පමණ පෙර ප්ලයෝසීන යුගය තුළ බොහෝ ඔස්ට්‍රලෝපිතකස් මානව ගණ උපත ලැබ නැවත වද වී ගොස් ඇත (White et al. 2015). කිසිදු නාමකරණයක් ස්ථාපිත කර නොමැති කෙන්යානු ස්ථාන කිහිපයකින් (උදා: Lothagam හා Tabarin) ඔස්ට්‍රලෝපිත් ද්‍රව්‍යාත්මක සංස්කෘතියක් (Australopithecus anamensis හෝ afarensisට අදාල විය හැකි යැයි සැලකෙන) මයෝසීන යුගය අග භාගයේ සිට හමු වී ඇත (White et al. 2009). ඔස්ට්‍රොලෝපිතකස් මානවයින් වනාන්තර පරිසරයෙන් පිටත කොපමණ කාලයක් ගත කළේද යන්න පිළිබඳව විවාදයක් පවතින අතර, ඔවුන් නිසැකවම සුවිශේෂී පාරිසරික නිකේතන (Ecological Niche) අත්පත් කරගත් බව, අස්ථිවිද්‍යානුකූල (craniofaciodental) රූප විද්‍යාව මෙන්ම ඔවුන්ට වැඩි කාර්යය ප්‍රමාණයක් ඉටුකරගැනීමට සහය වන ලෙස කායච්ඡේද විද්‍යාත්මකව හැඩගැසී තිබූ බහුකාර්යය දෑත් සාක්ෂි දරයි (Strait 2010).

රූපය 4 – අප්‍රිකාවේ ඇති මානව ෆොසිල හමුවන ක්ෂේත්‍ර (ඡායාරූපය උපුටා ගැනීම අන්තර් ජාලය ඇසුරෙනි)

ඔස්ට්‍රලෝපිතිකස්, යනු ලතින් බසින් “දකුණු වානරයා”යන අරුත් දේ. නැගෙනහිර, උතුරු-මැද, සහ දකුණු අප්‍රිකාවේ ස්ථාන ගණනාවකින් හමු වූ ෆොසිල මගින් මෙම මානව විශේෂය අර්ථකතනය කිරීමට විද්වතුන් පෙළඹී ඇත. විවිධ ඔස්ට්‍රලෝපිතිකස් මානව විශේෂ මීට වසර මිලියන 4.4 සිට මිලියන 1.4 දක්වා ජීවත් වූ අතර, ප්ලයෝසීන (Pliocene) සහ  ප්ලයිස්ටොසීන (Pleistocene) යුග (වසර මිලියන 5.3 සිට 11,700 දක්වා පැවතිණ) දක්වාම නොනැසී පැවතී ඇත. “දකුණු වානරයා” යන අරුත ඇති ගණ නාමයෙන් අදහස් කරන්නේ පළමු ව දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ෆොසිල මානවයා යන අදහස ය. ඔස්ට්‍රලෝපිතිකස් ගණයේ වඩාත් ප්‍රසිද්ධ නිදර්ශකය වන්නේ “Lucy” වන අතර, එය ඉතියෝපියාවනේ හමුවූ වසර මිලියන 3.2 දක්වා කාල නිර්ණය කර ඇති, මනාව සංරක්ෂණය වී තිබූ ෆොසිල සැකිල්ලකි. ෆොසිල සාක්ෂි මගින් සංලක්ෂිතව ඇති පරිදි, ඔස්ට්‍රලෝපිතිකස් සාමාජිකයින් තුළින් මානව හා වානර ගතිලක්ෂණවල එකතුවක් විද්‍යාමාන වේ. ඔවුන් නූතන මිනිසුන්ට සමාන වූයේ දෙපයින් ඇවිද ගිය (Bipedalism) ලෙසින් නමුත්, වානරයන්ට මෙන්, ඔවුන්ට කුඩා මොළයක් තිබුණි (Strait 2010). ඔවුන්ගේ රදනක දත් වානරයන්ගේ දත්වලට වඩා කුඩා වූ අතර ඔවුන්ගේ චාර්වක දත් නූතන මිනිසුන්ගේ දත්වලට වඩා විශාල විය. ඒවායේ ඇඹරුම් මතුපිට (grinding surface) නූතන මානවයාට වඩා රළු ගතියක් මෙන් ම ගෙවුණු මතුපිටක් (worn occlusal surface) දක්නට ලැබීමෙන් ඔවුන්ගේ රළු ආහාර රටාව (raw dietary pattern) පිළිබද අදහසක් ලබාගත හැකි ය (Skinner et al. 2020).

ඔස්ට්‍රලෝපිතිකස් ගණයට පරන්ත්‍රොපස් (Paranthropus) (2.3-1.2 mya) ඇතුළත් වේ, එය ඔස්ට්‍රලෝපිතිකස් විශේෂ තුනකින් සමන්විත වේ – ඔවුන්ගේ ඉතා විශාල කම්මුල් දත් දැවැන්ත හකු වල පිහිටුවා ඇති නිසා “ශක්තිමත්” ලෙස නාමකරණය වේ. Paranthropus robustus සහ Paranthropus boisei “ශක්තිමත්” ඔස්ට්‍රලෝපිතකස්වරු ලෙස හැඳින්වේ (Kelley & Schwartz 2012; Dean et al. 2020). විශාල චාර්වක දත්, දැවැන්ත හකු සහ ඉදිරියට ප්‍රක්ෂේපණය කරන බලවත් ලෙස ගොඩනඟන ලද කම්මුල් (cheek bones) එම ෆොසිල වාර්තාවට ඇතුළත් වේ (Rak et al. 2021). ශක්තිමත් හකු ගොඩගැනී තිබුණේ වී නමුත්, ඔවුන් දෘඩ ආහාර ආහාරයට ගත්තේ කෙසේ ද ප්‍රශ්නය පිළිබද ව පුරාමානවවිද්‍යාඥයින් මෑතකදී වැඩි අවධානයක් යොමු කර ඇත. එම පර්යේෂණවල ප්‍රකාශිත ප්‍රතිඵල අනුව, දකුණු අප්‍රිකානු සම්භවයක් දරන පරන්ත්‍රොපස් රොබස්ටස් විසින් දෘඩ ආහාර එනම් ගෙඩි හා බීජ වර්ග (nuts and seeds) ආහාරයට ගත් බවය. එම මානව විශේෂය පිළිබද ව 1994 වර්ෂයේ සිදුකෙරුණු පර්යේෂණවලට අනුව ඔවුන් මූලිකව ම C3 ඝණයේ ආහාර (උදා. ගස්වල පලතුරු සහ කොළ) හා සියයට 25ක පමණ ප්‍රතිශතයකින් C4 ගණයේ ආහාර (උදා: නිවර්තන තෘණ සහ අතු) පරිභෝජනය කර ඇති බව අනාවරණය වේ. නමුත් නැගෙනහිර අප්‍රිකානු ප්‍රදේශයින් සම්භවය වුණායැයි සැලකෙන පරන්ත්‍රොපස් බෝසෙයි සියයට 80කට වැඩි ප්‍රතිශතයක් C4/ CAM ගණයේ ආහාර පරිභෝජනය කර ඇත, විශේෂ කරුණක් නම් එම ආහාර රටාව සමකාලීනව ජීවත් වූ තෘණ භක්ෂණ ප්‍රිමාටාවකු වන තෙරෝපිතෙකස් (Theropithecus) ට සමාන බවක් දැරීමයි. මානව පරිණාමයේ කතාන්දරය සුවිශේෂී වන්නේ මෙවන් වූ සියුම් කරුණු නිසාවෙනි, එනම් එකිනෙකට හාත්පසින් වෙනස් ආහාර රටාවක් තිබිය දීත්, එකිනෙකට දුරස්වූ භූගෝලීය කලාපවලින් පැන නැගුණත්, මෙම වදවී ගීය ඔස්ට්‍රලෝපිතෙකස් විශේෂ දෙක බාහිර රූපවිද්‍යාත්මක වශයෙන් සමානතා දරන්නේ කෙසේ ද? (Sponheimer et al. 2022). මානව පරම්පරාවේ (hominins) ඔස්ට්‍රලෝපිතිකස් නොවන සාමාජිකයන් අතරට සහෙලන්ත්‍රොපස් චාඩෙන්සිස් (Sahelanthropus tchadensis) (වසර මිලියන 7-6), ඔරියොන් ටුගන්සිස් (Orrorin tugenensis) (වසර මිලියන 6), අරිඩිපිතෙකස් කඩබ්බා (Ardipithecus kadabba) (වසර මිලියන 5.8–5.2) සහ අරිඩිපිතෙකස් රමිඩුස් (Ar. ramidus) (වසර මිලියන 5.8–4.4) සහ අතිරේක විශේෂයක් වන  කෙන්යාත්‍රොපස් ප්ලට්යොපස් (Kenyanthropus platyops) (වසර මිලියන 3.5) අයත් වේ (Guy et al. 2005).

ආදිතම මානව විශේෂ සහ ඔස්ට්‍රලෝපිතකස් අනාමෙන්සිස් (Australopithecus anamensis)

මානව වර්ගයේ ආදිතම සාමාජිකයා හඳුනා ගැනීම දුෂ්කර වන්නේ නූතන මානවයාගේ පූර්වගාමීන් වඩ වඩාත් වානර තත්ත්වයට පත් වන නිසා ෆොසිල වාර්තාව කාලයාගේ ඇවෑමෙන් විනාශ වී ඇති බැවිනි. එම ෆොසිල වාර්තාවල අන්තර්ගත පොදු පූර්වජයන්ගේ සමාන ලක්ෂණයක් වන්නේ මානව සහ වානර ගතිලක්ෂණ මිශ්‍ර වී තිබීමයි. නිදසුනක් වශයෙන්, වර්තමානයේ දී උපකල්පනය කරන ලද පැරණිතම විශේෂය වන සහෙලන්ත්‍රොපස් චාඩෙන්සිස්, තරමක් සමාන රදනක දතක් සහ වැඩි දුරක් ඉදිරියට ප්‍රක්ෂේපණය නොකෙරුණු මුහුණක් (facial projection) සහිත ය. කෙසේ වෙතත්, මොළයේ ප්‍රමාණය ඇතුළු අනෙකුත් බොහෝ පැතිවලින් එය වානරයෙකි. මෙම විශේෂය ඍජු කාය විලාසයකින් ගමන් කළේද යන්න නොදන්නේ තනි හිස් කබලක්, හකු අස්ථියක් හෝ කිහිපයක කොටස් (පහළ හකු) සහ දත් කිහිපයක් පමණක් හමු වී ඇති බැවිනි (Ward et al. 2001).

කෙසේ වෙතත්, දෙපාවත්කරණය (Bipedalism), මධ්‍යම කෙන්යාවේ Baringo විල අසල Tugen කඳුකරයේ හමු වූ පූර්ව ඔස්ට්‍රලෝපිතකස් ගණයට අයත් යැයි සැලකෙන වන වසර මිලියන හයක් පැරණි ඔරියොන් ටුගන්සිස් (Orrorin tugenensis) හි නිශ්චිතව ම ස්ථාපිත වී ඇති බව පෙනේ. වර්ෂ 2001 දී මෙම ෆොසිල පැරණිතම මානව විශේෂයක් ලෙස විස්තර කරන ලදී. O. tugenensis නූතන මිනිසුන් සමඟ ද්විපාදවාදයේ ගතිලක්ෂණ බෙදාහදා ගන්නා ලෙස පෙනෙන පාද අස්ථි (femurs) විශේෂ කොට සැලකිය හැකි ය. පසුකාලීන මානවයින් මෙන්, එය ඝන එනමල් සහිත දත් ඇති නමුත්, පෙර මානව වර්ග මෙන් නොව, වානර ලක්ෂණ සහිත රදනක හා පුරස්චාර්වක දත් දක්නට ලැබුණි. එහි මානවීය ලක්ෂණ පාදඅස්ථියේ නිරූපිත මානව ලක්ෂණ මත තවදුරටත් රදා පැවතුණි (Ward et al. 2001).

මුල්ම මානව ආදේශනයක් ලෙස තවත් මුල් කාලීන මානව අපේක්ෂකයෙකු වූ අරිඩිපිතෙකස්  (Ardipithecus) අදින් වසර මිලියන 5.8-4.4 දක්වා කාලනිර්ණය කර ඇත. එනම්, Ardipithecus kadabbaට අයත් හුදකලා වූ දත් හා අත් පා අස්ථි ෆොසිල අවශේෂ (වසර මිලියන 5.8-5.2), ඉතියෝපියාවේ අෆාර් කලාපයේ මධ්‍ය අවාෂ් ගංගා නිම්නයෙන් සොයා ගන්නා ලදී (Haile-Selassie 2001; Semaw et al. 2005). එහි රදනක දත රූපවිද්‍යාත්මක ලක්ෂණ අනුව වානරයින්ට සමාන වන අතර, අරිඩිපිතෙකස්  වෙතින් දිස්වන ඇඟිලි අස්ථිය (toe bone) ද්විපාදකරණයේ ව්‍යුහ විද්‍යාව (Bipedal Anatomy) ප්‍රදර්ශනය කරයි. Ardipithecus ramidus, 1992 දී අවාෂ් නිම්නයේ මධ්‍ය අරාමිස් (Aramis) නම් ක්ෂේත්‍රයෙන් සොයා ගන්නා ලදී, තලා දැමන ලද,  විකෘති වූ අර්ධ ඇටසැකිල්ලක් ලෙස එය සොයාගෙන ඇත. හිස් කබල වානරයකුට සමාන කුඩා මොළයක් හෙවත් කපාල ධාරිතාව 300-350 cc (ඝන අඟල් 18.3-21.4) සහිත, මෙන්ම ප්‍රක්ෂේපිත නාසයක් (Projectile nose) සහිත ය. හිස් කබලේ සුසුම්නා ශීර්ෂකය (Foramen Magnum) මොළ‍ෙයේ පිහිටීමට සමාන්තරව යටින් පිහිටා ඇත, එය දෙපයින් දෙපාවත් කරණය පිළිබද කායච්ඡේද විද්‍යාත්මක සාක්ෂියකි (Kimbel et al. 2014). Ardipithecus ramidusගේ මෙවන් කායව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ තුළින් යෝජනා කරන්නේ එය වෘක්ෂලතා සැකසුමකට අදාල පරිසර තත්ව යටතේ අනුවර්තනය වූ බවයි. ඔහුගේ අත් නූතන මිනිසුන්ට වඩා වෙනස් ය. ඒවා ඉතා දිගු වන අතර එමඟින් නිකුත් වන ඇඟිලි තුඩු අවම වශයෙන් දණහිස දක්වා විහිදේ. මෙම විශේෂයේ අතිශයින් විශාල අත් මගින් ගස් අතර ආශ්‍රිත ක්‍රියාකාරකම් ඇතුළත් ජීවන රටාවක් යෝජනා කරයි. ශ්‍රෝණිය වානරයන්ගේ සහ මිනිස් ගතිලක්ෂණවල මිශ්‍රණයකි; එය වානරයෙකුගේ ශ්‍රෝණියට වඩා පළල්, කෙටි සහ පටු වන අතර එමගින් ද්විපාදකරණයට ලක් වූ ශ්‍රෝණියක් සිහිගන්වයි. පාදය විශේෂයෙන් වානර මෙන් දිගටි ඇඟිලි සහිත වන අතර ගස්වල ගමන් කිරීම සඳහා සම්පූර්ණයෙන්ම අනුවර්තනය වේ. Ardipithecus ramidus හා සම්බන්ධ සත්ව ෆොසිල, පරාග සහ අනෙකුත් පුරාවිද්‍යාත්මක සාක්ෂි ඔහු එය වනාන්තරගත පරිසරයක ජීවත් වූ බව සනාථ කරයි.

රූපය 5- අරිඩිපිතෙකස් රමිඩුස් ගේ ෆොසිලයක් (උපුටා ගැනීම- Australian Museum වෙතිනි)

ඔස්ට්‍රලෝපිතිකස් ගණයේ පැරණිතම සාමාජිකයා ඔස්ට්‍රලෝපිතිකස් අනාමෙන්සිස් (Australopithecus anamensis) වේ. එම ෆොසිල වාර්තාව උතුරු කෙන්යාවේ Turkana විල අසල Kanapoi හා Allia Bay අසල සොයා ගන්නා ලදී (Ward et al. 1999). හුදකලා වූ දත්, ඉහළ සහ යටි හකු, හිස් කබලේ කොටස් සහ සොයාගැනීම් ස්ථානවලින් සොයා ගන්නා ලද ගාත්‍රා අස්ථි විශ්ලේෂණය කිරීමෙන් පසුව මෙම විශේෂය ප්‍රථම වරට 1995 දී විස්තර කරන ලදී. ෆොසිල වසර මිලියන 4.2-3.9 දක්වා දිවෙන අතර, ඔස්ට්‍රලෝපිතිකස් අනාමෙන්සිස් ෆොසිල වනාන්තරයේ සහ තණබිම් ආශ්‍රිතව දිවි ගෙවූ සතුන් විශේෂ කිහිපයක් සමඟ සමකාලීන වේ (Dumouchel et al. 2021). එකී ෆොසිල උද්ගත හනු සහිත ය (Progantic jaws). පසුකාලීන මානවයින්ගේ දත් මෙන්  ඝන එනමලයක් ඇත (Haile-Selassie 2021). විශේෂයෙන්ම ඔහුගේ ගාත්‍රා අස්ථි පසුකාලීන ද්විපාදකරණයට අදාල සාක්ෂි නිශ්චිතව ප්‍රදර්ශනය කරන මානව පූර්වජයින්ට ආසන්න ලෙස ම වර්ධනය වී ඇති බවක් නිරීක්ෂණය කළ හැකි ය (Kimbel et al. 2006; Skinner et al. 2020).

ඔස්ට්‍රලෝපිතකස් ඇෆරෙන්සිස් (Australopithecus aferensis)

ඔස්ට්‍රලෝපිතිකස් ගණයේ වඩාත් ප්‍රසිද්ධ සාමාජිකයා Australopithecus afarensis ය. අදින් වසර මිලියන 3.8 සහ 2.9 mya අතර කාල නිර්ණය කරන ලද, Australopithecus afarensis වෙත පවරා ඇති ෆොසිල වලින් සියයට 90 ක් ව්‍යුත්පන්න වී ඇත්තේ ඉතියෝපියාවේ Afar Hadar නිම්නය වෙතින් ය (Kimbel & Delezene 2009). අමතරව චාඩ්, කෙන්යාව, හා ටැන්සානියාවෙන්  ද Australopithecus afarensis ෆොසිල සොයාගෙන ඇත. මෙම විශේෂයේ වඩාත් අවධානයට ලක් වූ  ෆොසිල නියැදිය අප්‍රිකාවේ හඩාර් වෙතින් පැමිණ ඇති අතර, එහිදී හමුවූ නිදර්ශකවලට වැඩිහිටි ගැහැණු ළමයෙකුගේ (“Lucy “) සියයට 40ක සම්පූර්ණ ඇටසැකිල්ලක් සහ අවම වශයෙන් වැඩිහිටියන් නව දෙනෙකුගේ සහ දරුවන් හතර දෙනෙකුගේ අස්ථි ෆොසිල එකම ස්ථානයක දී කැණීම් කර සොයාගෙන ඇත. Australopithecus afarensis ආශ්‍රිතව හමුවූ අනෙකුත් සත්ව අවශේෂ මගින් අදහස් කරන්නේ ඔවුන් තෘණ බිම් සහිත වනාන්තර ආශ්‍රයේ වාසය කරන ලද බවය.

රූපය 6 – Australopithecus aferensis ගේ ප්‍රතිනිර්මිත ඡායාරූපයක් (ඡායාරූපය උපුටා ගැනීම අන්තර් ජාලය ඇසුරෙනි)
රූපය 6 – Australopithecus aferensis ගේ ප්‍රතිනිර්මිත ඡායාරූපයක් (ඡායාරූපය උපුටා ගැනීම අන්තර් ජාලය ඇසුරෙනි)

Australopithecus afarensis ගේ කායිකරූප විද්‍යාව වානර ලක්ෂණ සහ මනුෂ්‍ය ගති ලක්ෂණ සහිත වේ. නාසයේ ව්‍යුහ විද්‍යාව තරමක් වානර වේ. දත්වල සැකැස්ම පිළිබඳ ඇතැම් ලක්ෂණ වානරයන් සිහිගන්වන අතර දන්ත ආරුක්කුව (dental arch) වානර ලක්ෂණ දරයි (Australopithecus afarensis ගේ දන්ත ආරුක්කුව සෘජුකෝණාස්‍රාකාර හැඩයකින් යුක්ත වන අතර, එබැවින් එය නූතන මිනිසුන් තුළ දක්නට ලැබෙන පරාවලයික දන්ත ආරුක්කුවෙන් වෙනස් වේ) (Kimbel & Delezene 2009). Australopithecus afarensis ගේ හිස් කබලේ ධාරිතාවය 380-530 cc අතර පරාසයක පවතී, එය නූතන මිනිසාගේ ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ වේ (Gunz et al. 2020). මීට අමතරව, හකු සහ හිස් කබලේ ඇති බොහෝ ව්‍යුහ විද්‍යාත්මක තොරතුරු වානර පරම්පරාවක් පෙන්නුම් කරන අතර නමුත් වෙනත් ඔස්ට්‍රලෝපිතෙකස් විශේෂ වලින් Australopithecus afarensis දියුණු පරිණාමීය ලක්ෂණ දරන බව විද්වත් මතය යි (Kimbel et al. 2004). මෙම විශේෂයේ ශ්‍රෝණිය, උකුල, දණහිස සහ වළලුකර යන බොහෝ ලක්ෂණවලින්, නූතන මිනිසුන් තුළ නිරීක්ෂණය කරන ලද කායිකව්‍යුහ විද්‍යාව හා ක්‍රියාකාරිත්වයට බෙහෙවින් සමාන ය. වක්‍ර වූ ඇඟිලි සහ පාදයේ අස්ථි වානර පූර්වජ ලක්ෂණවලින් ව්‍යුත්පන්න වූ පරිණාමීය ශේෂයන් විය හැකිය. අත් හා පාදයේ දිග හා සසඳන විට අත් සාපේක්ෂ වශයෙන් දිගු වන අතර, කොඳු ඇට පෙළේ මානව ආකාර වක්‍ර (humanlike curvatures) ප්‍රදර්ශනය වන අතර පාදයේ අභිසාරී මහා ඇඟිල්ලක් (convergent great toe) සහ තියුණු වක්‍රාකාර ලක්ෂණ පෙන්වා ඇත (Wynn et al. 2013).

1925 දී දකුණු අප්‍රිකානු මානව විද්‍යාඥ රේමන්ඩ් ඩාට් (Raymond Dart) දකුණු අප්‍රිකාවේ Taung කැණීම්වලින් සොයා ගත් දරුවෙකුගේ හිස් කබල හඳුනා ගැනීම සඳහා ඔස්ට්‍රලෝපිතෙකස් යන ගණ නාමය නිර්මාණය කළේය (Dart 1925; Falk et al. 2012). ඔහු එය හැඳින්වූයේ “අප්‍රිකාවේ දකුණු වානරයා” යන අර්ථය ඇති  ඔස්ට්‍රලෝපිතෙකස් අෆ්රිකානස් (Australopithecus africanus) යනුවෙනි. එතැන් සිට 1960 දක්වා ඔස්ට්‍රලෝපිතිකස් ගණය පිළිබදව දැන සිටි සියල්ලම පාහේ දකුණු අප්‍රිකාවේ හුණුගල් ගුහා වලින් ආශ්‍රිතව හමු වු ෆොසිල නියැදි ආශ්‍රයෙන් සිදුකෙරුණු පර්යේෂණ මත රදා පැවතිණි.

මෙම ඔස්ට්‍රලෝපිතකස් සාමාජිකයා අදින් වසර මිලියන 3.67 සිට 2 දක්වා දකුණු අප්‍රිකාවේ මධ්‍ය ප්ලියෝසීන සිට මුල් ප්ලයිස්ටොසීන කාලය දක්වා ජීවත් වී ඇත. ඉන්පසුව 2008 දී පළමු ඔස්ට්‍රලෝපිතිකස් සෙඩීබා (Australopithecus sediba) අවශේෂ, යොවුන් පිරිමි දරුවකුගේ යැයි සැලකෙන ෆොසිල හකු සහ collarbone, දකුණු අප්‍රිකාවේ Transvaal ප්‍රදේශයේ Malapa ගුහාවෙන් පිටත සොයා ගන්නා ලදී (Berger et al. 2010; Du & Alemseged 2019). එම නිදර්ශකයේ වයස අවුරුදු මිලියන 1.8 ත් 2.0 ත් අතර පැරණි බව ගණන් බලා ඇත. ඔස්ට්‍රලෝපිතිකස් සෙඩීබා අවශේෂ කෙටි ඇඟිලි සහ දිගටි මාපටැඟිල්ලක් ප්‍රදර්ශනය කර ඇති අතර, එය ඔස්ට්‍රලෝපිතිකස් සෙඩීබා හට සරල මෙවලම් සෑදීමට සහ භාවිතා කිරීමට ඉඩ සලසා දී ඇති බව පර්යේෂණවල නියැලෙන්නන්ගේ අදහසයි (de Ruiter et al. 2013). ශ්‍රෝණිය, පාදය සහ පාදය සහ හිස් කබල තුළ මේවා සහ අනෙකුත් මානව සමාන ව්‍යුහයන් පැවතීම—ඒවායින් බොහොමයක් නූතන මානවයාගේ මුල්ම අවිවාදිත පූර්වගාමියා වන Homo erectus හි ද නිරීක්ෂණය වී ඇත—සමහර පුරාමානවවිද්‍යාඥයන්ගේ අදහස වන්නේ ඔස්ට්‍රලෝපිතිකස් සෙඩීබා හෝමෝ ගණයේ සෘජු මුතුන්මිත්තෙකු විය හැකි බවයි. අනෙකුත් පුරාමානවවිද්‍යාඥයින් මෙම ප්‍රකාශය විවාද කරමින්, ඔස්ට්‍රලෝපිතිකස් සෙඩීබා , ඔස්ට්‍රලෝපිතිකස් අෆ්රිකානස් විශේෂයේ දිගුවක් විය හැකි බවත් නැගෙනහිර අප්‍රිකාවේ හමු වූ හෝමෝගේ සැබෑ සෘජු මුතුන් මිත්තන් සමග සමගාමීව පවතින්නට ඇති බවටත් තර්ක කරයි (Ledogar et al. 2016).

රූපය 7 – Taung Child නම් වූ Australopithecus africanus විශේෂයට අයත් ෆොසිලය (ඡායාරූපය උපුටා ගැනීම The Smithsonian Institution's Human Origins Program)
රූපය 7 – Taung Child නම් වූ Australopithecus africanus විශේෂයට අයත් ෆොසිලය (ඡායාරූපය උපුටා ගැනීම The Smithsonian Institution’s Human Origins Program)

ඔස්ට්‍රලෝපිතිකස් කායිකරූපවිද්‍යාත්මක ලක්ෂණ

ඔස්ට්‍රලෝපිතකස් අත් පා රූප විද්‍යාව සැලකීමේ දී, සමහර විශේෂ ගස් ආශ්‍රිත පරිසරයකට වඩාත් අනුවර්තනය වී ඇති අතර අනෙක් ඒවා ඊට අඩු වැඩි වශයෙන් සැවාණා බිම් සදහා අනුවර්තනය වී ඇති බව පෙනේ. වඩා වැදගත් කරුණක් නම්, නැගෙනහිර අප්‍රිකානු ඔස්ට්‍රලෝපිිතිකස් මානව වර්ග, එනම් Australopithecus anamensis, afarensis සහ garhi, දකුණු අප්‍රිකාවේ Australopithecus africanus සහ sediba වඩා වෙනස් මානව වර්ග නියෝජනය කිරීමයි (Strait 2010). නැඟෙනහිර අප්‍රිකානු විශේෂ භෞමික පරිසරයකට වඩාත් අනුවර්තනය වී ඇති අතර දකුණු අප්‍රිකානු ආකෘතීන් වඩාත් ප්‍රාථමික කඳු නැගීමේ දක්වයි.  එම කායික ලක්ෂණ වඩාත් සංක්ෂිප්තව දක්වන්නේ නම් පහත පරිදි වේ.

හිස් කබල හා කපාල ධාරිතාවය

  • ඝණ කියුබික් සෙන්ටිමීටර 300-350 පමණ වේ, එය නූතන ගැහැණු චිම්පන්සියන් හා බොනොබෝ සතුන්ගේ කපාල ධාරිතාවයට සමාන වේ.
  • හිස් කබල කොඳු ඇට පෙළට ඉහළින් පිහිටා ඇති අතර, එයින් සම්පූර්ණ ද්විපාදකරණය පෙන්නුම් නොවෙතත්, යම්තරමකට කෙලින් ඇවිද ගිය බව විද්‍යාමාන වේ.

ශරීර ප්‍රමාණය හා හැඩය

  • නූතන චිම්පන්සියන්ට ප්‍රමාණයෙන් සමාන ය.වැඩුණු ගැහැණු ෆොසිල නිදර්ශකයක් සෙන්ටිමීටර 120 ක් පමණ උසකින් යුක්ත ය.
  • පිරිමින්ට වඩා ගැහැණුන් ශරීර ප්‍රමාණයෙන් තරමක් විශාල විය.
  • සිරුරේ හැඩය මිනිසුන්ට වඩා වානරයෙකු මෙන් වූ නමුත් සැලකිය යුතු ලක්ෂණ ගණනාවකින් ජීවත් වන අප්‍රිකානු වානරයන්ගෙන් වෙනස් විය.

ගාත්‍රා අස්ථි

  • ප්‍රාථමික සහ ව්‍යුත්පන්න ලක්ෂණ මිශ්‍රණයෙන් ඇඟවෙන්නේ මෙම විශේෂයට බිම කෙළින් ඇවිදීමට හැකි වූ බවත් කාර්යක්ෂම ලෙස ගස් නැගීමට හැකි වූ බවත් ය.
  • සිව්පා වානරයින් (quadrupedal apes) මෙන් නොව වඩාත් ශක්තිමත් ව හා දිගුව පරිණාමය වූ ගාත්‍රා අස්ථි
  • මැණික් කටුවෙහි අස්ථි (midcarpal joint) නම්‍යශීලී බවක් ලබා දුන් අතර අත්ල අස්ථි (palm bones)  කෙටි විය. මෙම ලක්ෂණවලින් ගස්වල අතු දිගේ ගමන් කරන විට අත්ල ශරීර බරට සහාය විය හැකි විය.
  • ඇඟිලි අස්ථි දිගු හා වක්‍ර වූ අතර, මෙම ලක්ෂණ දෙකම අතු ග්‍රහණය කර ගැනීමට ප්‍රයෝජනවත් විය. ඉහළ සහ පහළ පාදවල අස්ථි (femur and tibia) ද්විපාදවාදයට ලක්ෂණ දැරී ය. එමෙන් ම පාද සාපේක්ෂව පැතලි වූ අතර ආරුක්කු නොමැති වීම, මෙම විශේෂයට බොහෝ දුරට ඇවිදීමට හෝ දිගු දුරක් ධාවනය කිරීමට නොහැකි බව පෙන්නුම් කරයි.

ශ්‍රෝණිය

  • ශාක මත ජීවත් වීම සහ ද්විපාදකරණය යන කාර්යය ද්විත්වයටම ප්‍රයෝජනවත් අංග මිශ්‍රණයක් ඇති අතර විශේෂය තවමත් ගස්වල සැලකිය යුතු කාලයක් ගත කරන බව නිරීක්ෂණය වේ.
  • පැතලි අස්ථි කෙටි හා පළල් වන අතර, එමගින් ඇවිදීමේදී එක් කකුලක් මත සමබර වීම සඳහා මෙය ශරීරයේ ස්කන්ධ කේන්ද්‍රය (centre of mass) සමබර කළේ ය.
  • ශ්‍රෝණයේ ඉහළ කොටසේ පිහිටා ඇති sciatic knotch ප්‍රමාණයෙන් සහ හැඩයෙන් පසු හොමිනින්වරුන්ට වලට සමාන වේ. මෙය නවීන මානව ව්‍යුත්පන්න ලක්ෂණයක් වන අතර චිම්පන්සියන් තුළ දක්නට නොලැබේ.

හකු අස්ථි හා දත්

  • සාපේක්‍ෂව විශාල රදනක දත් හා චාර්වත දත් තවදුරටත් වානර ලක්ෂණ දරයි.
  • දන්ත එනමලයේ ඝනකම චිම්පන්සින් සහ පසුකාලීන හොමිනින්වරුන්ගේ අතරමැදි ලක්ෂණ දරයි.
  • රදනක දත්වල ප්‍රක්ෂේපණ අගය වානරයින්ට වඩා සාපේක්ෂව අඩු අගයක් ගනී. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ ම රදනක දත් එකම උසකින් යුතු වූ නමුත්, එනැමලය උසින් අඩු ය.
  • ඉහළ රදනක දත් අප්‍රිකානු වානරයින්ගේ මෙන් උල් හැඩැති නොව දියමන්තියක බාහිරරූපාකාර ගනී. නමුත් පහළ රදනක දත් තවමත් සාපේක්ෂව අඩු ව්‍යුත්පන්න ලක්ෂණ දරයි.
  • නූතන මානවයින්ට සාපේක්ෂව හකු සැලකිය යුතු ඉදිරි ප්‍රක්ෂේපණයක් පෙන්නුම් කරන නමුත්, අප්‍රිකානු වානරයන්ට වඩා අඩු ප්‍රක්ෂේපණ අගයක් ගනී.
  • පුරස්චාර්වක දත් වානරයින්ට වඩා දියුණු ලක්ෂණ පෙන්නුම් කරයි.

සමාලෝචනය

නව අප්‍රිකානු වානර මානව විශේෂ සහ හොමිනින් සොයාගැනීම් වර්තමානය වන විට වේගවත් වෙමින් පවතී. එබැවින් මානව පරිණාමීය ගමන යනු එක් මානව වර්ගයක් වද වී ගිය පසු තවත් මානව වර්ගයකගේ පහළ වීම හෙවත් එකා පසුපස එකා පරිණාමය සිදු වූ රේඛීය ක්‍රියාදාමයක් ය යන මානසිකත්වයෙන් මිදිය යුතු අතර දේශීයකරණය වූ පරිසර තත්වයන්ට අනුවර්තනය වී එකී වෙනස් පරිසරික කලාප වල නොනැසී දීර්ඝකාලීනව ජීවත් වීමේදී මිනිසාගේ ශරීරයේ ඇති වූ කායච්ඡේදවිද්‍යාත්මක ලක්ෂණ හේතුවෙන් එකිනෙකට වෙනස් මානව විශේෂ නිරීක්ෂණය කළ හැකි ය යන්න නූතන පර්යේෂණවලින් අනාවරණය වන විද්‍යාත්මක සත්‍යය වන්නේ ය. එවැනි මානව විශේෂ ගණනාවක් ඇති බව වටහා ගත යුතුය, එබැවින් කාලය සහ භූගෝලීය අවකාශය හරහා ඒකාකාර වෙනස්කම් දැකීමට අපේක්ෂා නොකළ යුතුය.

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. පශ්චාත් මයෝසීන වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. හොමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස් මානවයා
  4. හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. හෝමෝ සේපියන්ස් මානවයා
  6. ඩෙනිසෝවන් මානවයා හා මානව පරිණාමයේ නව මානව විශේෂ
  7. මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම
  8. මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

References

Alba, D.M., S. Almécija, I. Casanovas-Vilar, J.M. Méndez & S. Moyà-Solà. 2012. A Partial Skeleton of the Fossil Great Ape Hispanopithecus laietanus from Can Feu and the Mosaic Evolution of Crown-Hominoid Positional Behaviors. PLoS ONE 7: 7-15. https://doi.org/10.1371/journal.pone.0039617.

Almécija, S., D.M. Alba, S. Moyà-Solà & M. Köhler. 2007. Orang-like manual adaptations in the fossil hominoid Hispanopithecus laietanus : first steps towards great ape suspensory behaviours. Proceedings of the Royal Society B: Biological Sciences 274: 2375–84. https://doi.org/10.1098/rspb.2007.0750.

Andrews, P.J. 1983. The Natural History of Sivapithecus, in New Interpretations of Ape and Human Ancestry: 441–63. Boston, MA: Springer US. https://doi.org/10.1007/978-1-4684-8854-8_17.

Begun, D.R. 2000. Middle Miocene Hominoid Origins. Science 287: 2375–2375. https://doi.org/10.1126/science.287.5462.2375a.

Begun, D.R., M.C. Nargolwalla & L. Kordos. 2012. European Miocene Hominids and the Origin of the African Ape and Human Clade. Evolutionary Anthropology: Issues, News, and Reviews 21: 10–23. https://doi.org/10.1002/evan.20329.

Berger, L.R., D.J. de Ruiter, S.E. Churchill, P. Schmid, K.J. Carlson, P.H.G.M. Dirks & J.M. Kibii. 2010. Australopithecus sediba : A New Species of Homo -Like Australopith from South Africa. Science 328: 195–204. https://doi.org/10.1126/science.1184944.

Chen, F.-C. & W.-H. Li. 2001. Genomic Divergences between Humans and Other Hominoids and the Effective Population Size of the Common Ancestor of Humans and Chimpanzees. The American Journal of Human Genetics 68: 444–56. https://doi.org/10.1086/318206.

Dart, R. 1925. Australopithecus africanus The Man-Ape of South Africa. Nature 115: 195–99. https://doi.org/10.1038/115195a0.

de Bonis, L. & G.D. Koufos. 2014. First discovery of postcranial bones of Ouranopithecus macedoniensis (Primates, Hominoidea) from the late Miocene of Macedonia (Greece). Journal of Human Evolution 74: 21–36. https://doi.org/10.1016/j.jhevol.2014.05.015.

de Ruiter, D.J., T.J. DeWitt, K.B. Carlson, J.K. Brophy, L. Schroeder, R.R. Ackermann, S.E. Churchill & L.R. Berger. 2013. Mandibular Remains Support Taxonomic Validity of Australopithecus sediba. Science 340. https://doi.org/10.1126/science.1232997.

Dean, C., C. Zanolli, A. le Cabec, M. Tawane, J. Garrevoet, A. Mazurier & R. Macchiarelli. 2020. Growth and development of the third permanent molar in Paranthropus robustus from Swartkrans, South Africa. Scientific Reports 10: 19053. https://doi.org/10.1038/s41598-020-76032-2.

Deane, A.S., M.C. Nargolwalla, L. Kordos & D.R. Begun. 2013. New evidence for diet and niche partitioning in Rudapithecus and Anapithecus from Rudabánya, Hungary. Journal of Human Evolution 65: 704–14. https://doi.org/10.1016/j.jhevol.2013.08.003.

Du, A. & Z. Alemseged. 2019. Temporal evidence shows Australopithecus sediba is unlikely to be the ancestor of Homo. Science Advances 5. https://doi.org/10.1126/sciadv.aav9038.

Dumouchel, L., R. Bobe, J.G. Wynn & W.A. Barr. 2021. The environments of Australopithecus anamensis at Allia Bay, Kenya: A multiproxy analysis of early Pliocene Bovidae. Journal of Human Evolution 151: 102928. https://doi.org/10.1016/j.jhevol.2020.102928.

Falk, D., C.P.E. Zollikofer, N. Morimoto & M.S. Ponce de León. 2012. Metopic suture of Taung ( Australopithecus africanus ) and its implications for hominin brain evolution. Proceedings of the National Academy of Sciences 109: 8467–70. https://doi.org/10.1073/pnas.1119752109.

Gunz, P., S. Neubauer, D. Falk, P. Tafforeau, A. le Cabec, T.M. Smith, W.H. Kimbel, F. Spoor & Z. Alemseged. 2020. Australopithecus afarensis endocasts suggest ape-like brain organization and prolonged brain growth. Science Advances 6. https://doi.org/10.1126/sciadv.aaz4729.

Guy, F., D.E. Lieberman, D. Pilbeam, M.P. de León, A. Likius, H.T. Mackaye, P. Vignaud, C. Zollikofer & M. Brunet. 2005. Morphological affinities of the Sahelanthropus tchadensis (Late Miocene hominid from Chad) cranium. Proceedings of the National Academy of Sciences 102: 18836–41. https://doi.org/10.1073/pnas.0509564102.

Haile-Selassie, Y. 2001. Late Miocene hominids from the Middle Awash, Ethiopia. Nature 412: 178–81. https://doi.org/10.1038/35084063.

—. 2021. From Trees to the Ground: The Significance of Australopithecus anamensis in Human Evolution. Journal of Anthropological Research 77: 457–82. https://doi.org/10.1086/716743.

Kelley, J. 1988. A new large species of Sivapithecus from the Siwaliks of Pakistan. Journal of Human Evolution 17: 305–24. https://doi.org/10.1016/0047-2484(88)90073-5.

Kelley, J. & G.T. Schwartz. 2012. Life-History Inference in the Early Hominins Australopithecus and Paranthropus. International Journal of Primatology 33: 1332–63. https://doi.org/10.1007/s10764-012-9607-2.

Kimbel, W., C. Lockwood, C. Ward, M. Leakey, Y. Rak & D. Johnson. 2006. Was Australopithecus anamensis ancestral to A. afarensis? A case of anagenesis in the hominin fossil record. Journal of Human Evolution 51: 134–52. https://doi.org/10.1016/j.jhevol.2006.02.003.

Kimbel, W.H. & L.K. Delezene. 2009. “Lucy” redux: A review of research on Australopithecus afarensis. American Journal of Physical Anthropology 140: 2–48. https://doi.org/10.1002/ajpa.21183.

Kimbel, W.H., Y. Rak, D.C. Johanson, R.L. Holloway & M.S. Yuan. 2004. The Skull of Australopithecus afarensis. Oxford University Press. https://doi.org/10.1093/oso/9780195157062.001.0001.

Kimbel, W.H., G. Suwa, B. Asfaw, Y. Rak & T.D. White. 2014. Ardipithecus ramidus and the evolution of the human cranial base. Proceedings of the National Academy of Sciences 111: 948–53. https://doi.org/10.1073/pnas.1322639111.

King, T., L.C. Aiello & P. Andrews. 1999. Dental microwear ofGriphopithecus alpani. Journal of Human Evolution 36: 3–31. https://doi.org/10.1006/jhev.1998.0258.

Kunimatsu, Y. et al. 2007. A new Late Miocene great ape from Kenya and its implications for the origins of African great apes and humans. Proceedings of the National Academy of Sciences 104: 19220–25. https://pnas.org/doi/full/10.1073/pnas.0706190104. https://doi.org/10.1073/pnas.0706190104.

Leakey, L.S.B. 1968. Lower Dentition of Kenyapithecus africanus. Nature 217: 827–30. https://doi.org/10.1038/217827a0.

Ledogar, J.A. et al. 2016. Mechanical evidence that Australopithecus sediba was limited in its ability to eat hard foods. Nature Communications 7: 10596. https://doi.org/10.1038/ncomms10596.

Lipson, S. & D. Pilbeam. 1982. Ramapithecus and hominoid evolution. Journal of Human Evolution 11: 545–48. https://doi.org/10.1016/S0047-2484(82)80108-5.

Morbeck, M.E. 1975. Dryopithecus africanus forelimb. Journal of Human Evolution 4: 39–46. https://doi.org/10.1016/0047-2484(75)90088-3.

Morita, W., N. Morimoto, Y. Kunimatsu, A. Mazurier, C. Zanolli & M. Nakatsukasa. 2017. A morphometric mapping analysis of lower fourth deciduous premolar in hominoids: Implications for phylogenetic relationship between Nakalipithecus and Ouranopithecus. Comptes Rendus Palevol 16: 655–69. https://doi.org/10.1016/j.crpv.2016.10.004.

Mortzou, G. & P. Andrews. 2008. The deciduous dentition of Griphopithecus alpani from Paşalar, Turkey. Journal of Human Evolution 54: 494–502. https://doi.org/10.1016/j.jhevol.2007.08.001.

O’Connor, B.L. 1976. Dryopithecus (Proconsul) africanus: Quadruped or non-quadruped? Journal of Human Evolution 5: 279–83. https://doi.org/10.1016/0047-2484(76)90030-0.

Pilbeam, D. 1966. Notes on Ramapithecus, the earliest known hominid, andDryopithecus. American Journal of Physical Anthropology 25: 1–5. https://doi.org/10.1002/ajpa.1330250102.

Prasad, K.N. 1982. Was Ramapithecus a tool-user? Journal of Human Evolution 11: 101–4. https://doi.org/10.1016/S0047-2484(82)80034-1.

Rak, Y., W.H. Kimbel, J. Moggi-Cecchi, C.A. Lockwood & C. Menter. 2021. The DNH 7 skull of Australopithecus robustus from Drimolen (Main Quarry), South Africa. Journal of Human Evolution 151: 102913. https://doi.org/10.1016/j.jhevol.2020.102913.

Semaw, S., S.W. Simpson, J. Quade, P.R. Renne, R.F. Butler, W.C. McIntosh, N. Levin, M. Dominguez-Rodrigo & M.J. Rogers. 2005. Early Pliocene hominids from Gona, Ethiopia. Nature 433: 301–5. https://doi.org/10.1038/nature03177.

Skinner, M.M., M.G. Leakey, L.N. Leakey, F.K. Manthi & F. Spoor. 2020. Hominin dental remains from the Pliocene localities at Lomekwi, Kenya (1982–2009). Journal of Human Evolution 145: 102820. https://doi.org/10.1016/j.jhevol.2020.102820.

Solà, S.M. & M. Köhler. 1993. Recent discoveries of Dryopithecus shed new light on evolution of great apes. Nature 365: 543–45. https://doi.org/10.1038/365543a0.

Strait, D.S. 2010. The Evolutionary History of the Australopiths. Evolution: Education and Outreach 3: 341–52. https://doi.org/10.1007/s12052-010-0249-6.

Suwa, G., R.T. Kono, S. Katoh, B. Asfaw & Y. Beyene. 2007. A new species of great ape from the late Miocene epoch in Ethiopia. Nature 448: 921–24. https://doi.org/10.1038/nature06113.

Sponheimer, M., D.J. Daegling, P.S. Ungar, R. Bobe & O.C.C. Paine. 2022. Problems with Paranthropus. Quaternary International. https://doi.org/10.1016/j.quaint.2022.03.024.

Toussaint, E.F.A., F.L. Condamine, G.J. Kergoat, C. Capdevielle-Dulac, J. Barbut, J.-F. Silvain & B.P. le Ru. 2012. Palaeoenvironmental Shifts Drove the Adaptive Radiation of a Noctuid Stemborer Tribe (Lepidoptera, Noctuidae, Apameini) in the Miocene. PLoS ONE 7: e41377. https://doi.org/10.1371/journal.pone.0041377.

Ward, C., M. Leakey & A. Walker. 1999. The new hominid speciesAustralopithecus anamensis. Evolutionary Anthropology: Issues, News, and Reviews 7: 197–205.

Ward, C.V., M.G. Leakey & A. Walker. 2001. Morphology of Australopithecus anamensis from Kanapoi and Allia Bay, Kenya. Journal of Human Evolution 41: 255–368. https://doi.org/10.1006/jhev.2001.0507.

White, T.D., B. Asfaw, Y. Beyene, Y. Haile-Selassie, C.O. Lovejoy, G. Suwa & G. WoldeGabriel. 2009. Ardipithecus ramidus and the paleobiology of early hominids. Science (New York, N.Y.) 326: 75–86.

White, T.D., C.O. Lovejoy, B. Asfaw, J.P. Carlson & G. Suwa. 2015. Neither chimpanzee nor human, Ardipithecus reveals the surprising ancestry of both. Proceedings of the National Academy of Sciences 112: 4877–84. https://doi.org/10.1073/pnas.1403659111.

Wilshaw, A. 2018. Out of Africa hypothesis, in The International Encyclopedia of Biological Anthropology: 1–7. Hoboken, NJ, USA: John Wiley & Sons, Inc. https://doi.org/10.1002/9781118584538.ieba0357.

Wynn, J.G., M. Sponheimer, W.H. Kimbel, Z. Alemseged, K. Reed, Z.K. Bedaso & J.N. Wilson. 2013. Diet of Australopithecus afarensis from the Pliocene Hadar Formation, Ethiopia. Proceedings of the National Academy of Sciences 110: 10495–500. https://doi.org/10.1073/pnas.1222559110.

කෙටිවාර්තාමය චිත්‍රපට

  1. NOVA Science Documentary – Dawn of Humanity
  2. Australopithecus Evolution
  3. Australopithecus to Homo habilis (4-1.5MYA). The Human Story Part 1
  4. Origins of Genus Homo–Australopiths and Early Homo

 

 

 

 

මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය

මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය

පසුගිය වසර 150ක පමණ කාලය තුළ පුරාවිද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා ජීවවිද්‍යාඥයින් එක්ව සිදු කරන ලද මානව පරිණාමය පිළිබද පර්යේෂණ සම්පිණ්ඩනය කර ගත් විට තිබිය හැක්කේ එක් සත්‍යයකි. එනම්, සියලුම ජීවීන් (දැනට පවතින), සතුන්, ශාක, දිලීර, බැක්ටීරියා සහ අතීතයේ ජීවත් වූ සියලුම ජීවීන්, චාල්ස් ඩාවින්ගේ ජීවන වෘක්ෂයේ (Tree of Life) හි අතුපතර කොහේ හෝ රැදී ඇති බවකි. එම මානව පරිණාම වෘක්ෂයේ මුලට සම්බන්ධ නමුත් වර්තමානයේ මිහිතලය මත නොවන, වඳ වී ගිය ජීවීන් අපගේ මුතුන් මිත්තන් ය. අපගේ ශාඛාවට සම්බන්ධ ශාඛාවල සිටින අය අපගේ සමීප, නමුත් මුතුන් මිත්තන් නොවන, ඥාතීන් වේ.

මානව පරිණාමයේ ‘දීර්ඝ’ කතාන්දරය දළ වශයෙන් වසර බිලියන තුනකට පෙර ජීවන වෘක්ෂය පාමුලින් සරලම  ජීවන රටාව සමඟ ආරම්භ වූ ගමනකි. මානව වර්ගයා ලෙස අප වර්තමානයේ එම වර්ගීකරණයේ උච්චතම අවස්ථාව වෙත ළගා වී ඇත්තේ, විවිධ සංකීර්ණ පරිණාමීය අවධීන් පසුකිරීමෙන් අනතුරුව ය. දැනට අප වර්ගයේ කශේරුකාවක් ඇති සතුන්ගේ කණ්ඩායමේ ඉහළම පරිණාමීය ජීවියා ලෙස සැලකුණද, මීට වසර මිලියන 500කට පමණ පෙර මානව වර්ගයා අයත් වූයේ සිව්පා පෘෂ්ඨවංශී කාණ්ඩයට ය. අනතුරුව වසර මිලියන 200කට පෙර ක්ෂීරපායීන් ලෙසත්, වසර මිලියන 90කට පෙර කුඩා ක්ෂීරපායී කණ්ඩායමක් වූ ප්‍රිමාටා ගෝත්‍රිකයන් ලෙසත් මානව වර්ගයා හැදින්විණි. මානව පරිණාම වෘක්ෂයේ අතුපතර ඇති කුඩාම බෙදීමක් ලෙස වදුරන් හා වානර පවුල හැදින්විය හැකි අතර හෝමෝ සේපියන් ඇතුළු සමස්ත හෝමෝ ගණය අයත් වන්නේ ඒ අතරින් මහා වානර (Great Ape) කුලකයට ය. අදින් වසර මිලියන 15-12 අතර වකවානුව හිදී තවත් කුඩා බෙදීමක් ලෙස අප්‍රිකානු වානර කුලකයට නූතන මානවයා ගමන් කළේ ය.  අදින් වසර මිලියන 11ත් 9ත් අතර දක්වා කාලයේ දී තවත් අනු බෙදීමක් ලෙස පරිණාමයේ අවසන් බෙදීම දක්වා මානවයා ගමන් කළේ ය. ඒ අප්‍රිකානු ගෝරිල්ලාගෙන් ඛණ්ඩනය වූ බොනොබෝ (bonobo) සතුන්, චිම්පන්සීන් හා නූතන මානවයා ද අයත් වූ කුලකයට ය. එම කුඩා කුලකය අදින් වසර මිලියන 8-6 අතරතුර කුමන හෝ නිමේෂයකදී චිම්පන්සීන් හා බොනොබෝ සතුන්ගෙන් වෙන් ව හෝමෝ නම් පරිණාමයේ විශිෂ්ඨතම පූර්වජ සමූහයේ එකම සමාජිකයා ලෙස නූතන මානවයා (Homo sapiens) වර්තමානය දක්වාම නොනැසී පැවත ඒ.

මනුෂ්‍යත්වයේ ආරම්භය
රූපය 1- මානව වර්ග ඇතුළත් ජීවන වෘක්ෂය (Tree of Life) උපුටා ගැනීම arstechnica.com

හොමිනොයිඩ් ජානගත ලක්ෂණ දරන මානව පූර්වජයින්ගේ ආරම්භය මයෝසීන යුගය ආරම්භයේ දී හෝ ඔලිගොසීනය අවසානයේ දී අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිතව සිදු වී ඇති අතර, ඔවුන් වර්තමාන පැරණි ලෝක වදුරන්ට හා කොලබස් වදුරන්ට බෙහෙවින් රූපවිද්‍යාත්මකව සමාන ලක්ෂණ දරයි. ඒ සදහා ලැබී ඇති ෆොසිල සාධක ලෙස අදින් වසර මිලියන 23-14 අතරතුර කාලයක දී  ජීවත් වූ ප්‍රොකොන්සල් ඇෆ්රිකානස් (Proconsul africanus), පළතුරු ආහාරයට ගත් අතර, වර්තමාන වදුරකුට වඩා විශාල නමුත් වානරයකුට වඩා කුඩා කපාල ධාරිතාවක් දැරීය (Walker et al. 1983). එම ෆොසිලය වදුරන් හා වානර මානවයින් අපසරණය වූ පොදු පූර්වජයා ලෙස ප්‍රාථමික පරිණාමීය අවකාශයක ලා ගිණිය හැකි ය. කාර්යාත්මකව හා පරිසර විද්‍යාත්මකව පරිචිත ලක්ෂණ දැරූ ඔවුන් අදින් වසර මිලියන 14කට පමණ පෙර වු ග්ලැසියර දියවීමේ පාරිසරික සංසිද්ධිය හේතුවෙන් සිදුවූ නැගෙනහිර අප්‍රිකානු නිවර්තන වැසිවනාන්තර සැවාණාකරණය වීමේ පාරිසරික අභියෝගය හමුවේ නොනැසී පැවතීමට විවිධ බාහිර රෑපවිද්‍යාත්මක ලක්ෂණ දියුණු කරගත්හ. මෙකී ලක්ෂණ පළමු වරට කෙන්යාපිතිකස් (Kenyapithecus) වානර මානව ෆොසිල තුළින් මූර්තිමත් වේ (Pickford 1985; McCrossin & Benefit 1997). අප මානව විශේෂයේ ආරම්භය විහිදෙන්නේ නැගෙනහිර අප්‍රිකාවේ මහා බාධක නිම්නයට ය (Great Rift Valley). අදින් වසර ලක්ෂ හතරකට පෙර, ආන්තික පාරිසරික වෙනස්කම් නැගෙනහිර අප්‍රිකානු නිම්නයට දුෂ්කර කාලපරිච්ඡේදයක් සලකුණු කළේ ය. මිරිදිය ජලය වරින් වර වියළී ගිය අතර විශාල තණබිම් වියැකී ගියේය. නමුත් පාරිසරික අස්ථාවරත්වය මෙම කලාපයෙන් ජීවය හෝ වඳ වී යාමට හේතු වූයේ නැත. ඒ වෙනුවට, එය ඔවුන්ගේ හැසිරීම් සහ සංස්කෘතියේ විශාල ඉදිරි පිම්මක් සමඟ අනුවර්තනය වීමට පොළඹවන ලදී (Adventures in the Rift Valley). ඒ බව මුල් මානවයින් විසින් දියුණු කරන ලද  වඩාත් සංකීර්ණ ශිලා මෙවලම් සහ ආයුධ, හා සංකේතාත්මක සන්නිවේදනයේ වර්ධනය තුළින් මූර්තිමත් වේ (Potts et al. 2020).

රූපය 2- නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි මහා බාධක නිම්නය උපුටාගැනීම – www.thoughtco.com

නැගෙනහිර අප්‍රිකාවේ බාධක නිම්නය මානව පරිණාමය අධ්‍යයනය කිරීමට ඉඩ සලසන මානව ෆොසිලවලින් පොහොසත් භූගෝලීය ප්‍රභවයකි. භූගෝල විද්‍යාත්මකව සැලකූ විට, ශීඝ්‍රයෙන් ඛාදනය වෙමින් පවතින උස්බිම් විසින් නිම්නය අවසාදිතවලින් පුරවා, ෆොසිල සංරක්ෂණය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කළේය. මානව විද්‍යාඥ ඩොනල්ඩ් ජොහැන්සන් විසින් වසර මිලියන 3කට වඩා ඈතට දිවෙන Lucy නම් අර්ධ ඔස්ට්‍රලෝපිතකස් සැකිල්ලක් ඇතුළුව නූතන මානවයන්ගේ මානව පූර්වජයින් කීප දෙනෙකුගේ අස්ථි අනාවරණය කරගැනීමට සමත් වී ඇත.

මානව පරිණාමයේ අධ්‍යයන ගමන් මග තුළ හමුවන දැවැන්තයින් වන, රිචඩ් සහ මේරි ලීකී ද මෙම කලාපයේ සැලකිය යුතු පර්යේෂණ ප්‍රමාණයක් සිදුකර ඇත. වර්ෂ 2008 දී, තවත් මානව පූර්වජයින් මෙහි දී  අනාවරණය කරගන්නා ලදී: නැගෙනහිර ඉතියෝපියාවේ අෆාර් නිම්නයෙන් හමු වූ වසර මිලියන 10 ක් පැරණි කොරාරපිතිකස් ඇබසිනිකස් (Chororapithecus abyssinicus) නම් වානර මානවයෙකු සහ වසර මිලියන 10 ක් පැරණි නකාලිපිතකස් නකයාමි (Nakalipithecus nakayamai) නැමති ෆොසිල මිනිසා ඒ අතර ප්‍රධාන වේ. ඒ අනුව මෙම ප්‍රදේශය පසුගිය වසර මිලියන ගණන තුළ මානව පරිණාමය සඳහා තීරණාත්මක ස්ථානයක් නියෝජනය කළ හැකි බව සනාථ වී ඇත. විශේෂයෙන්ම, සමහර ඉතියෝපියානු ප්‍රදේශ පුරාමානවවිද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉතා වැදගත් වේ: නිදසුනක් වශයෙන්, අවාෂ් ගඟේ මධ්‍ය නිම්නයේ (Middle Awash Valley)  ඇති ෆොසිල වසර මිලියන 6 සිට මේ දක්වා සමස්ත මානව පරිණාමය පිළිබඳ සාක්ෂි දරයි.

ඉතියෝපියානු බාධක නිම්නය තුළින් පහත සදහන් මානව ෆොසිල හමුවී ඇත.

  • අරිඩිපිතෙකස් මානව ගණයට අදාලව
    • අරිඩිපිතෙකස් කඩබ්බා (Ardipithecus kadabba) අදින් වසර මිලියන 5- 5.7 දක්වා පැරණි ය.
    • අරිඩිපිතෙකස් රමිඩුස් (Ardipithecus ramidus) අදින් වසර මිලියන 4ක් දක්වා පැරණි ය.
  • ඔස්ට්‍රලෝපිතිකස් (Australopithecus) මානව ගණයට අදාලව
    • ඔස්ට්‍රලෝපිතිකස් අනාමෙන්සිස් (Australopithecus anamensis) අදින් වසර මිලියන 1 ක් දක්වා පැරණි ය.
    • ඔස්ට්‍රලෝපිතිකස් අෆරෙන්සිස් (Australopithecus afarensis) අදින් වසර මිලියන2 ක් දක්වා පැරණි ය. ප්‍රකට ලුසී නම් ඔස්ට්‍රලෝපිතෙකස් අෆරෙන්සිස් මානව සැකිල්ල සොයාගනු ලැබුවේ ද ඩොනලඩ් ජොහැන්සන් හා පර්යේෂණ කණ්ඩායම විසින් මෙම නිම්නයේ අවාෂ් ගංගා නිම්නයේ දී ය.
  • හෝමෝ මානව ගණයට අදාලව
    • හෝමෝ හැබිලිස් මානව ෆොසිල අදින් වසර මිලියන 3 දක්වා පැරණි ය.
    • හෝමෝ ඉරෙක්ටස් මානව ෆොසිල අදින්ව සර මිලියන 5 දක්වා පැරණි ය.
    • හෝමෝ සේපියන්ස් මානව අදින් වසර 150,000ක් දක්වා පැරණි ය.
මානව පරිණාමයේ සුවිශේෂි සංදිස්ථානයක් වන ලුසී
රූපය 3- Australopithecus aferensis Lucy ප්‍රතිනිර්මාණය කිරීම – www.thoughtco.com
රූපය 4- Australopithecus aferensis Lucy සම්පූර්ණ සැකිල්ල – www.sciencefriday.com

පාරිසරික වෙනස්වීම් ඇසුරේ මානව භූමිකාව

මෙලෙස මානව කායච්ඡේද විද්‍යාත්මක ලක්ෂණ හා චර්යාවේ පරිණාමය අදින් වසර ලක්ෂ 7කට පෙර, උතුරු අර්ධගෝලයේ  ග්ලැසියර දියවීම හා ඒ සමගාමීව මුහුදු මට්ටම් වෙනස් වීම කරණ කොටගෙන ලෝක දේශගුණයේ විවිධාකාර වූ උච්ඡාවචනයන්ට අනුව සිදුවුණු වර්ෂාපතනයේ හා වනාන්තර ආවරණයේ වෙනස්වීම් උදෙසා සිදු වූ හැඩගැසීම්වල ප්‍රතිඵලයක් ලෙස ගිණිය හැකි ය (Behrensmeyer 2006; Diniz-Filho & Bini 2019). පසුකාලීනව, අප්‍රිකාවේ සිට දකුණු හා නැගෙනහිර ආසියාව දක්වාත්, ඉන්පසු යුරෝපය දක්වාත් ව්‍යාප්ත වීමට මිනිසුන්ට හැකි වන පරිදි කායික විද්‍යාත්මක අනුවර්තන වර්ධනය වූයේ මෙම පාරිසරික ආතති සහගත සහ නිරන්තරයෙන් වෙනස් වන දේශගුණික පසුබිමට එරෙහිව ය. ගින්දර පාලනය, ඇඳුම් පරිහරණය සහ දඩයම් කිරීමේ සහ ආහාර සෙවීමේ නව කුසලතා මෙම සාර්ථකත්වය පිටුපස නිරන්තරයෙන් සැගවී ඇත.

වත්මනින් වසර මිලියන භාගයකට පමණ පෙර, මානව පූර්වජයින් පැරණි ලෝකයේ බොහෝ ප්‍රදේශවලට ළඟා වී ඇත, එය ෆොසිල හා ගල්ආයුධ සාධක මෙන්ම ජානවිද්‍යාත්මක සාධක ඇසුරේ ද සනාථ වේ. නමුත් ඔවුන් ඉන් නොනැවතී අඛණ්ඩව තම පරිණාමීය ලක්ෂණ දියුණු කරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ලොව විවිධ ප්‍රදේශවලින් නව මානව විශේෂ සොයාගැණිනි: ඔවුන් අතර නියැන්ඩර්තාල්, ඩෙනිසෝවන් සහ කායච්ඡේද විද්‍යාත්මකව නූතන මිනිසුන් ප්‍රධාන ස්ථානයක් ගනී. නමුත් සියල්ල අවසන එකී සියලු මානව වර්ගයා අභිබවා නූතන හෝමෝ සේපියන්වරුන් ලෝකය අතික්‍රමණය කරන්නේ නියැන්ඩතාල්වරුන් අදින් වසර 40,000කට පමණ පෙර දී මානව පරිණාමයේ පින්තාරුවෙන් සදහටම ඉවත්කර දමමිනි (Higham et al. 2014). මෙතක් කල් වෙනස්වන පරිසර තත්ත්වයන්ට අනුකූලව තම පැවැත්ම වෙනස් කරගත් මානව විශේෂයක් වෙනුවට, තම අවශ්‍යතා හා වුවමනා වෙනුවෙන් නිර්දය ලෙස තමා අවට ඇති පරිසරය වෙනස් කිරීම පාඨය කරගත් විප්ලවවාදී හෝමෝ සේපියන්වරුන්ගේ පහළ වීම පළමුවරට ෆොසිල සාධක ඇසුරෙන් චිත්‍රණය වන්නේ අදින් වසර 250,000කට පමණ පෙර මොරොක්කෝවෙන් නමුත් ජානවිද්‍යාත්මක සාධක අනුව එය අදින් වසර 275,000ක් දක්වා පැරණි ය (Hublin et al. 2017). මෙම විප්ලවවාදී පැවැත්ම බොහෝසෙයින් සේපියන්වරුන්ගේ සංජානන කුසලතාවන් හා සම වේ. එය ඔවුන්ගේ තාක්ෂණයෙන්, නිර්මාණශීලීත්වයෙන් සහ කලාවන් තුළින් පිළිබිඹු වේ. ඔවුන්ගේ ජයග්‍රහණය අවසන් වූයේ සුන්දා සමුද්‍ර සන්ධිය හරහා මුහුදෙන් ඕස්ට්‍රේලියාව සහ බෙරිං ගොඩබිම් පාලම හරහා උතුරු ඇමරිකාවට නව ලොව ජනාවාසකරණය කිරීමෙනි (Salzano 2011; Raff et al. 2011).

අනතුරුව…..

මනුෂ්‍යත්වයේ කතිකාවත ආරම්භ වන්නේ කොතැනින්ද? මෙම සාකච්ඡාවේ දී, වත්මනින් වසර මිලියන 6 සිට මිලියන 2 දක්වා අප්‍රිකාවේ ජීවත් වූ මානව පරම්පරාවේ පැරණිතම සාමාජිකයන් සඳහා සාක්ෂි එනම්, පැරණිතම මනාව පූර්වජයින්ගේ භෞතික අවශේෂ (ෆොසිල අස්ථි සහ සැකිලි) සහ ගල් ආයුධ, සත්ව ඇටකටු සහ මුල් ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි මත පදනම්ව ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම අවශ්‍ය වේ. ඒ අනුව ඉතිහාසය පිළිබද පොදු නිරීක්ෂණ කිහිපයක් සමග ආරම්භ වන මෙම පඨීතය තුළින්, අපගේ සමීපතම ජීවමාන ඥාතීන් වන ගෝරිල්ලන් සහ චිම්පන්සින් ඇතුළත් වන ප්‍රිමාටා ගෝත්‍රය තුලින් හොමිනින් පරම්පරාව බිහිවීමේ පසුබිම හා මීට වසර මිලියන 3.5 කට පමණ පෙර නැගෙනහිර සහ දකුණු අප්‍රිකාවේ හොමිනින් පරම්පරාවේ පළමු මෙවලම භාවිතා කරන සාමාජිකයින් ගවේෂණය කරමින්, විවිධ හොමිනින් විශේෂවල වර්ධනය, ව්‍යාප්තිය සහ වඳවී යාමේ පාරිසරික වෙනස්කම් මගින් ඉටු කරන ලද තීරණාත්මක කාර්යභාරය ද විස්තර කෙරේ.

ඉතිරිව ඇති ෆොසිල සාධකවල ඛණ්ඩිත ස්වභාවය මෙම මානව පූර්වජයින්ගේ හැසිරීම තේරුම් ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත් කරන නමුත්, මානව පරිණාමය පිළිබද නවතම විද්‍යාත්මක සොයාගැනීම් සහ දත්ත විශ්ලේෂණ තාක්ෂණික ශිල්පීය ක්‍රම තුළින් මුල් අප්‍රිකානු මානව පූර්වජයින්ගේ ජීවිතය කෙසේ ගතවුණිද යන්න සම්බන්ධයෙන් අසමසම දර්ශනයක් සපයයි. ෆොසිල වාර්තා යෝජනා කරන්නේ මෙම කාල පරාසය තුළ බොහෝ කාල පරිච්ඡේදවල එක් මානව විශේෂ එකකට වඩා සහජීවනයෙන් සිටි බවත්, පරිණාමයේ අවසන් අදියරේදී එනම් සේපියන්වරු පහළවීමත් සමග මානවයාගේ පරිණාමීය සංකීර්ණත්වය පෙන්නුම් කරන බවත්, එහි විවිධ හමුවන විවිධ මානව විශේෂ විවිධ ආහාර සහ පාරිසරික වාසස්ථාන කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, මානව පරිණාමයේ ගමන තනි රේඛිය සංසිද්ධියක් නොව බහුරේඛීය පරිණාමයක් වීම සදහා වැඩි අවකාශයක් ඇති බවත් ය. මෙම පඨිතය මුල් මානව පූර්වජයින් වෙනස්වන දේශගුණයට ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකාරය සහ ඔවුන් මිනිසුන් ලෙස අප ඇසුරු කරන ගුණාංග වර්ධනය කර ගත් ආකාරය ෆොසිල විද්‍යාත්මකව හා පුරාවිද්‍යාත්මක ද්‍රව්‍යාත්මක සංස්කෘතික ප්‍රවේශයක් තුළින් ගවේෂණය කරයි.

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. පශ්චාත් මයෝසීන වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. හොමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස් මානවයා
  4. හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. හෝමෝ සේපියන්ස් මානවයා
  6. ඩෙනිසෝවන් මානවයා හා මානව පරිණාමයේ නව මානව විශේෂ
  7. මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම
  8. මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

References

Behrensmeyer, A.K. 2006. Climate Change and Human Evolution. Science 311: 476–78. https://doi.org/10.1126/science.1116051.

Diniz-Filho, J.A.F. & L.M. Bini. 2019. Will life find a way out? Evolutionary rescue and Darwinian adaptation to climate change. Perspectives in Ecology and Conservation 17: 117–21. https://doi.org/10.1016/j.pecon.2019.06.001.

Higham, T. et al. 2014. The timing and spatiotemporal patterning of Neanderthal disappearance. Nature 512: 306–9. https://doi.org/10.1038/nature13621.

Hublin, J.-J. et al. 2017. New fossils from Jebel Irhoud, Morocco and the pan-African origin of Homo sapiens. Nature 546: 289–92. https://doi.org/10.1038/nature22336.

McCrossin, M.L. & B.R. Benefit. 1997. On the Relationships and Adaptations of Kenyapithecus, a Large-Bodied Hominoid from the Middle Miocene of Eastern Africa, in D.R. Begun, C.V. Ward & M.D. Rose (ed.) Function, Phylogeny, and Fossils: 241–67. Boston, MA: Springer. https://doi.org/10.1007/978-1-4899-0075-3_12.

Pickford, M. 1985. A new look at Kenyapithecus based on recent discoveries in Western Kenya. Journal of Human Evolution 14: 113–43. https://doi.org/10.1016/S0047-2484(85)80002-6.

Potts, R. et al. 2020. Increased ecological resource variability during a critical transition in hominin evolution. Science Advances 6: 27–56. https://doi.org/10.1126/sciadv.abc8975.

Raff, J.A., D.A. Bolnick, J. Tackney & D.H. O’Rourke. 2011. Ancient DNA perspectives on American colonization and population history. American Journal of Physical Anthropology 146: 503–14. https://doi.org/10.1002/ajpa.21594.

Salzano, F.M. 2011. The Prehistoric Colonization of the Americas: Evidence and Models. Evolution: Education and Outreach 4: 199–204. https://doi.org/10.1007/s12052-011-0330-9.

Walker, A., D. Falk, R. Smith & M. Pickford. 1983. The skull of Proconsul africanus: reconstruction and cranial capacity. Nature 305: 525–27. https://doi.org/10.1038/305525a0.

මානව පරිණාමය පිළිබද කෙටි වාර්තාමය චිත්‍රපට

 

 

 

 

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය

වසර මිලියන 13.8කට ඉහත දී පදාර්ථය, ශක්තිය, කාලය හා අවකාශය සංකලනයෙන් ගොඩනැගුණු පෘථවිය මත මනුෂ්‍යත්වය හෝ ඊට ආසන්නතම චර්යා පහළ වන්නේ අදින් වසර මිලියන 3කට ආසන්න කාලයේ දීය. මෙකී මානව සංවර්ධන තුළින් ගොඩනැගුණු ප්‍රාග් ඉතිහාසය වර්තමානයේ දී මානව පරිණාමය ලෙස ලොව පුරා පර්යේෂකයින්ගේ හා කියවන්නන්ගේ මහත් වූ අවධානයට පාත්‍ර වී ඇත.

ලංකාවට අයත් භු සීමාව තුළ මානව පරිණාමයට අදාල පුරාවිද්‍යාත්මක සාක්ෂි අල්ප වන්නේ වුවද, ඉන්දියාව, අග්නිදිග ආසියාව වැනි අසල්වැසි රාජ්‍යය තුළ මානව පරිණාමයේ ශේෂ වූ සාධක අනල්ප ය.

අන්තර්විද්‍යාත්මක හා බහුවිෂයාත්මක ප්‍රවේශයකින් යුතුව අධ්‍යනය කෙරෙන මෙම විෂය පථය කියවීම, තේරුම් ගැනීම හා වැඩිදුර ගවේෂණ සිදුකිරීම අතිශයින් විනෝදජනක වනවා පමණක් නොව අතීතය, වර්තමානය හා අනාගතය හේතුඵල සහිතව කියවීමට හා හරියාකාරව හැඩගස්වා ගැනීමට මහෝපකාරී වනු ඇත. නමුත් ලංකාවේ පුරාවිද්‍යාව, මානව විද්‍යාව හෝ වි‍ෂය පිළිබද උනන්දුවක් දක්වන අයෙකුට මෙකී දැනුම් පද්ධතිය වෙත ප්‍රවේශ වීමට ඇති ප්‍රධානතම බාධකය ලෙස එම විෂයාත්මක සොයාගැනීම් ඉංග්‍රීසි භාෂාවෙන් පැවතීම හදුනාගත හැකි ය.

එමෙන් ම, යාවත්කාලීන වන සොයාගැනීම් මෙන්ම නව සොයාගැනීම් වෙත ප්‍රවේශ වීමට ඇති බාධා ද බොහෝ විට දැකිය හැකි වේ. එනයින් මෙම ලිපි පෙළේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ විවිධ බාධා හේතුවෙන් එකලස් කිරීමට අපහසු වී ඇති මානව පරිණාමය හා අදාල විෂයගෘහිත දැනුම් කරුණු හා පර්යේෂණ වාර්තා, පාසල් හෝ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් හා උනන්දුවක් දක්වන ඕනෑම අයෙකු වෙත පහසුවෙන් ලගා කරවීම ය.

archaeology.lk වෙබ් පිටුවේ සතිපතා පළ වීමට නියමිත මෙම ලිපි මාලාවේ මතු දැක්වෙන මාතෘකා ඔස්සේ කරුණු පෙළ ගැස්වීමට නියමිත ය.

  1. මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
  2. මානව පරිණාමයේ ගමන 2: පශ්චාත් මයෝසීන වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
  3. මානව පරිණාමයේ ගමන 3: හොමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස් මානවයා
  4. මානව පරිණාමයේ ගමන 4: හෝමෝ නියැන්ඩතාල් මානවයා
  5. හෝමෝ සේපියන්ස් මානවයා
  6. ඩෙනිසෝවන් මානවයා හා මානව පරිණාමයේ නව මානව විශේෂ
  7. මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම
  8. මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
  9. නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම

කාබන් 14: මුලු ලොවක් වෙනස් කළ සමස්ථානිකයේ කතාව

කාබන් 14: දෛවෝපගත ආරම්භය

මාර්ටින් කාමෙන් නැමති ඇමරිකානු රසායනවිද්‍යාඥයා තම විද්‍යාගාරය තුළ දින තුනක් තිස්සේ නිදිවරමින් යම් කාර්යයක නියලෙමින් සිටියේය.ඔහු සහ ඔහුගේ සගයා වූ සෑම් රූබන් ගේ සමස්ත අවධානය යොමු වී තිබුණේ අනුපරමාණුක අංශුවලින් සමන්විත මිනිරන් කුට්ටියක රසායනික ක්‍රියාකාරීත්වය කෙරෙහිය. ඔවුන් තම පර්යේෂණයේ අගට පැමිණෙමින් සිටියහ. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ ප්‍රායෝගිකව භාවිතයට ගත හැකි නවකාබන් ආකෘති කිහිපයක් නිර්මාණය කිරීමය.

මාර්ටින් කාමෙන්
මාර්ටින් කාමෙන්. US National Archives Public Domain Archive

දවස් ගණනක් තිස්සේ එකදිගටම විද්‍යාගාරය තුළ හිඳීම නිසා අතිමහත් වෙහෙසට පත් කාමෙන් 1940 පෙබරවාරී 27වන දින කැලිෆෝනියිවේ බර්ක්ලි හි පිහිටි තම විද්‍යාගාරයෙන් එළියට පැමිණියේ යම් විවේකයක් ලබා ගැනීමටය. හරිහමන් කෑමක් සහ විවේකයක් නොමැති විම නිසා ඔහුගේ පෙනුම විශාල වශයෙන් වෙනස්ව තිබිණි. සැබවින්ම ඔහුට එකී ස්වාභාවය නිසාම අනපේක්ෂිත අභාග්‍යකට මුහුණදෙන්නට සිදුවුයේ මෙවන් පසුබිමකය.

එම දිනයේදී මිනිමැරුම් කිහිපයක් සිදුකළ අපරාධකරුවෙකු හඹාගිය බර්ක්ලි පොලීසියට මහමගදී කාමෙන් මුණ ගැසෙන අතර පොලිස් නිළධරයන් විසින් ඔහු එම අපරාධකරුබවට සැකකරමින් අත්අඩංගුවට ගෙන තම පොලිස් රිය තුළම දමාගෙන යන අතර සැකකටයුතු මිනිමරුවෙකු ලෙස සලකා ඔහුව නොයෙක් වදබන්ධනයට ලක්කළේය.

මේ ආකාරයෙන් පසුගිය ශතවර්ෂය තුළ අවසන්කරන්නට නියමිතව තිබූ අග්‍රගණ්‍ය සහ විප්පලවිය පර්යේෂණයක් එකී පර්යේෂණයේ නියලුන ප්‍රධාන පර්යේෂකයා මිනීමරුවෙකු ලෙස සලකා දඩුවම් පැමිණුවේ නම් ආරම්භයේදීම අවසන්වන්නට ඉඩ තිබිණ. එහෙත් ඇසින් දුටු සාක්ෂිකරුගේ මැදිහත් විමෙන් පසුව කාමෙන්ට පොලිසීයෙන් පිටව යන්නට හැකිවිය.

ඔහු සහ සෑම් රූබන් නැවතත් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විකිරණශීලී විද්‍යාගාරයට පැමිණෙන විට එහි තබාගිය මිනිරන් කුට්ටිය විකිරණශීලී ක්‍රියාවලියකට පාත්‍ර වෙමින් පැවති බව ඔවුහු අවබෝධකරගත්හ.

ඔවුන් දෙදෙනාට ඔවුන් විසින් ඉතා අග්‍රගණ්‍ය ගුණවලින් යුත් ද්‍රව්‍යක් නිර්මාණය කර ඇති බව තේරුම් ගැනිමට එතරම් කාලයක් ගියේ නැත. එය අනාගතයේදී විවිධ විද්‍යාත්මක ක්ෂෙත්‍රයන් විපරිනාමයට ලක්කිරීමටත්, ප්‍රධාන ගණයේ සොයාගැනීම් කිරීමට ලොවපුරා සිටින විද්‍යාඥයින්ට සහය වීමටත් නියමිතව තිබිණි. සත්‍යවශයෙන්ම මිණිරන් කුට්ටිය විකිරණශීලී ක්‍රියාකාරීත්වයට භාජනය කිරීමෙන් ඔවුන් විසින් කාබන් 14 සමස්ථානිකය නිර්මාණය කොට තිබිණි. එහෙත් දෛවයේ සරදමකට මෙන් එකී පර්යේෂණ ඔවුන් අතින් සම්පූර්ණත්වයට පත්වුයේ නැත.

කාමෙන් සහ රූබන් යන දෙදෙනා විසින් මෙකී පර්යේෂණය සිදුකරමින් සිටියේ දෙවන ලෝක යුද්ධය ලොව පුරා ඇවිලෙමින් ගිය සමයකය.ලිතුවේනියානු සහ බෙලරුසියානු සංක්‍රමණික පවුළකින් පැවත ආ කාමෙන් පිළිබඳව, දෙවන ලෝක යුද්ධය සඳහා ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වීමෙන් අනතුරුව එකී ආරක්ෂක අංශ විසින් සැක පහළ කළ අතර ඔවුන් ඔහු පිලිබඳ ඔත්තු බැලීමට කටයුතු කරමින් සිටියදී ඔහු වරක් සෝවියට් තානාපති නිළධාරීන් සමඟ භෝජන සංග්‍රහයකට සම්බන්ධ වී සිටිනු දුටුවේය. එම සිදුවීමේන් පසුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරෙයෙහි ඔහු දැරූ ධූරයෙන් ඔහුව ඉවත් කළ අතර ඔවුන් විසින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ආරක්ෂක අංශ භාරයට ගත්තේය.

ඔහු ඉන්පසුව එනම් 1948 වර්ෂයේදී ඇමරිකාවේ House Un-American Activities Committee ඉදිරියට පැමිණවීමේන් අනතුරුව සෝවියට් වරුන්ට රාජ්‍ය රහස් ලබාදිම සම්බන්ධයෙන් චෝදනාවට ලක්විය. එහෙයින් මෙම පසුබිම තුළ විසිවන ශතවර්ෂයේ අගවන තෙක් ඔහු විසින් කළ සොයාගැනිම සම්බන්ධ නිසි ගෞරවයට ඔහුව ප්‍රාත්‍ර නොකිරීමට ඇමරිකානු බළධරයෝ කටයුතු කළහ.

රූබන්ගේ ඉරණම ඊටත් වඩා අන්ත වූ අතර ජපන් ජාතිකයන් විසින් පර්ල් වරායට බෝම්බ හෙලීමෙන් පසුව, ඔහු, රසායනික අවියක් වූ ෆෝසෝන වායුවේ (phosgene gas) භෞතවේදිමය බලපෑම් පිළිබඳ අධ්‍යනය කිරීමට පටන්ගත් අතර එක් පර්යේෂණයක් අතර තුර රසායනික ද්‍රව්‍ය බහා තිබූ භාජනය පිපිරීමෙන් ෆෝසෝන වායුවට ඔහු විරාවරණය වීමෙන් පැය කිහිපයකට පසුව මරණයට පත්විය.

මෙනයින් කාබන් 14 සමස්ථානිකය සොයා ගැනිම විසිවන සියවස තුළ මිනිසා විසින් කළ අති සුවිශේෂ සොයාගැනීමක් වන අතරම ඒ සඳහා ප්‍රාරම්භක පියවර තැබූ ප්‍රධාන පුද්ගලයන් දෙදෙනෙකුගේ ජීවිතවලට අත්වූ අවාසනාවන්ත ඉරණම ඔවුන් දිවිගෙවූ ව්‍යාකූල කාලය පිළිබඳවද චිත්‍රයක් ලබාදෙයි.

නමුත් 1940 පෙබරවාරී 27 සීතල රාත්‍රියේ සිට හිමිදිරිය දක්වා වූ කාලය තුළ කායිකවිද්‍යාව, ජීවරසායන විද්‍යාව,පුරාවිද්‍යාව, භූවිද්‍යාව, ජෛවවෛද්‍ය ක්ෂේත්‍රය, සාගරවිද්‍යාව, පුරාදේශගුණික විද්‍යාව මෙන්ම න්‍යෂ්ටික රසායානික විද්‍යාව යන විෂය ක්ෂේත්‍රවල විප්ලවක් සිදුවීමට පටන් ගත් බව ඉතිහාසයෙන් කිසිදා වසන් කළ නොහැකි සත්‍යකි. සැබවින්ම පෘථිවි තළය තුළ මේදක්වා සොයාගෙන ඇති ජීවය සඳහා ඇති වටිනාම සමස්ථානිකය එම රැයේ ඉපදිණ.
සැබවින්ම මෙලොව පවතින ජීවී සියල්ලක්ම සකස් වී ඇත්තේ කාබන් පරමානු මගිනි. සැබවින්ම ජීවය යනු කාබන්මය. එය අප මෙලොව දිවි ගෙවන ආකාරය පිළිබද තීරණාත්මක සාධකයක් බවට පත්වෙයි.

එනම් මෙලොව සත්ව ජනාවාසය සහා සුදුසු පරිසරයත් නිර්මාණය විම සඳහා පමණක් නොව ජීවය සම්බන්ධ සියලුම පාර්ශ්වයන් කෙරෙහි එය බලපායි. දිගුකල් පවතින ජිවකාලයක් සහිත කාබන් සමස්ථානිකය සොයා ගැනිමත් සමඟ එය මෙම මිහිතලය මත ජීවයේ පැවැත්ම සම්බන්ධ සියලුම පාර්ශ්වයන් මෙන්ම මෙන්ම ඇතැම් විට විශ්වයේ පැවැත්ම ද අවබෝධ කරගැනීමට හැකි ඉතා අඟනා මෙවලමක් බවට පත්විය.

කාබන් 14 යනු කුමක්ද?

යම් මූලිකාංගයක න්‍යෂ්ටිය සැකසි ඇත්තේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන උප පරමාණුක අණු මඟිනි. යම් මූලිකාංගයක න්‍යෂ්ටියේ ඇති ප්‍රොටෝන ප්‍රමාණය එහි රසායනික චර්යාව නිර්වචනය කරයි. එහෙත් එකම මූලද්‍රව්‍යක ඇති පරමාණු තුළ ඒවායෙහි න්‍යෂ්ටි තුළ විවිධ ප්‍රමාණයේ නියුට්‍රෝන ගණනාවක් අන්තර්ගත විය හැකිය. මෙම විවිධ ආකෘති සමස්ථානික වශයෙන් හඳුන්වනු ලබයි.

කාබන් මූලද්‍රව්‍යට ප්‍රධාන සමස්ථානික 03 ක් ඇත. එනම් කාබන් 12, කාබන් 13 සහ කාබන් 14 යනාදි වශයෙනි. පළමුව සඳහන් කරන ලද සමස්ථානික ද්විත්වය ස්ථිතිකව පවතින අතර කාබන් 14 සමස්ථානිකය විකිරණශීලීව ක්ෂය වෙයි.

කාබන් 14 තුළ එහි න්‍යෂ්ටිය වටා ප්‍රෝටෝන අනු හයක් සහ නියුට්‍රෝන අනු අටක් ඇත. අපගේ ශරීරය තුළ සහ පිටත ලෝකය තුළ බහුලව ඇති කාබන් වන, කාබන් 12 තුළ මෙයට වෙනස්ව ඇත්තේ ප්‍රෝටෝන හයක් සහ නියුට්‍රෝන හයකි. මෙහිද ඉතා වැදගත් කරුක් වන්නේ කාබන් 14 තුළ ඇති වැඩිපුර තිබෙන නියුට්‍රෝන යුගල එකී කාබන් 14 පරමාණුවේ න්‍යෂ්ටිය අස්ථායිකරණ අතර එහෙයින් එය විකිරණශීලි ලෙස නයිට්‍රජන් පරමාණුවක් බවට හායනය වීමයි.වඩා වැදගත් කරුණ නම් මෙම ක්ෂයවීමේ ක්‍රියාවලිය සාපෙක්ෂව යම් දීර්ඝකාලයක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක් වන අතර එනිසා එමඟින් වසර දසදහස්ගණනක් පැරණි කාබනික නියඳියක් තුළ සිදුවන වෙනස්කම් මැනබැලීමට හැකිය.

කාබන් 14 දිනනීර්ණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

අනතරීක්ෂයේ ඇති කිරණ පෘතිවියේ ඉහළ වායුගෝලය මග ගැටෙමින් ඒවා තුළ දරා සිටින නියුට්‍රෝන වාතය හරහා රැලිති ධාරා වශයෙන් මුක්ත කරයි. මෙකී පරමාණු පෘථිවි වායුගෝලයේ සංයුතියේ ඇති ප්‍රධානම අංගය වන නයිට්‍රජන් මූලද්‍රව්‍යෙය් ඇති පරමාණු සමඟ ගැටෙන අතර එයින් කොටසක් කාබන් 14 පරමාණු බවට පරිවර්තනය කරයි.පෙරලා මෙම මෙම පරමාණු ඔක්සිජන් සමඟ සංයෝග වී විකිරණශීළී කාබන් ඩයොක් සයිඩ් නිර්මාණය කරයි.එකී කාබන්ඩයොක්සයිඩ් ශාක මඟින් අවශෝෂණය කරන අතර ඉන් පසුව සතුන් විසින් ආහාරයට ගනු ලබයි. මේ අනුව මෙම මිහිතලය තුල සිටින සියලුම ජීවී ඒකකයක්ම තරමක් හෝ විකිරණශීලී භාවයට පත්වෙයි.

කාබන් 14 කාල නිර්ණයේ පදනමග උපුටා ගැනීම - Guardian graphic පරිවර්ථනය - කලංගි රොඩ්‍රිගෝ
කාබන් 14 කාල නිර්ණයේ පදනමග උපුටා ගැනීම – Guardian graphic පරිවර්ථනය – කලංගි රොඩ්‍රිගෝ

ඕනෑම නියඳියක ඇති කාබන් 14 පරමාණු ප්‍රමාණයෙන් අඩක් ක්ෂය වීමට වසර 5730 කාලයක් ගතවන බව ගණනය කර ඇත.

එනම් යම් ජීවියෙකු මිය ගිය පසුව විකිරණශීලී කාබන් යම් නිශ්චිත රටාවක් ඔස්සේ ක්ෂය වීමට පටන් ගනී. කාබන් 14 සමස්ථානිකය වැනි විකිරණශීලී සමස්ථානිකයක ඇති පරමානු වලින් අඩක් ක්ෂය වීමට ගතවන කාලය සමස්ථානිකයක අර්ධ ජීවකාලය (half-life of the isotope) යනුවෙන් හඳුන්වයි. ඒ අනුව කාබන් 14 සමස්ථානිකයේ අර්ධජීව කාලය වසර 5730 ක් ලෙසට ගණනය කර ඇත.

සමස්ථානිකයෙන් සමස්ථානිකයට එහි අර්ධ ජීව කාලය වෙනස් වෙයි. උදාහරණයක් ලෙස, යුරේනියම්-238 සමස්ථානිකයේ අර්ධජීව කලාය වසර මිලියන 4500 ක් වන අතර නයිට්‍රජින්-17 සමස්ථානිකයට ඇත්තේ තත්ත්පර 4.173 ක ජීව කාලයකි. පහත සඳහන් වගුව දෙස බැලීමෙන් සියයට සියයක් විකිරණශීලී කාබන් ඇති බවට උපකල්පනය කළ නියඳියක ඇති එකී විකිරණශීලී කාබන් සංයුතිය වසර 5730 ක අවෑමෙන් හරි අඩකින් අඩුවන බව අවබෝධ කරගත හැකිය. එමෙන්ම වසර 11.460 ක අවෑමෙන් ඉන් හරි අඩක් ද වශයෙන් එය දිගින් දිගටම ක්ෂය වී යයි.

කාබන් 14 සමස්ථානිකය කාලයට සාපෙක්ෂව ක්ෂයවන ආකාරය
කාබන් 14 සමස්ථානිකය කාලයට සාපෙක්ෂව ක්ෂයවන ආකාරය.මෙහි ‘Y‘ අක්ෂයෙන් සමස්ථානිකය සතු කාබන් සංයුතියද ‘X‘ අක්ෂයෙන් කාලයද දැක්වෙයි. උපුටා ගැනීම – https://www.parks.ca.gov/?page_id=24000

විලාර්ඩ් ලිබීගේ කාර්යභාරය

කාබන් 14 සමස්ථානිකය සොයා ගැනීමේ ඉතිහාසය කෙරෙහි අවධානය යොමු කිරීමේදී වර්තමානය තුළ සිටින මානව ප්‍රජාව සඳහා එමඟින් අත්පත්කර ගත හැකි වාසි ගණනාවක් ඇති බව විද්‍යාඥයින් විසින් ඉතා ඉක්මනිනිම අවබෝධ කර ගත්තේය. මාර්ටින් කාමෙන් සහ සෑම් රූබන් විසින් කාබන් 14 සමස්ථානිකය පිළිබඳ ආරම්භ කරන ලද මූලික පර්යේෂණවලින් අනතුරුව, චිකාගෝ විශ්වවිද්‍යාලයේ විලාර්ඩ් ලිබී නම් රසායනවිද්‍යාඥයා ද කාබන් 14 සමස්ථානිකය පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්බ කළේ එවන් පසුබිමකය. එහිදී කාබන් 14 සමස්ථානිකය වඩාත් ඵලප්‍රයෝජන සහිත කාර්යයන් සඳහා භාවිතා කළ හැකි බව ඔහුට අවබෝධ විය. ලිබී අවබෝධ කරගත්තේ යම් ප්‍රාණියෙකු මිය ගිය පසුව එමඟින් කාබන් 14 ඇතුළ අනෙකුත් කාබන් සමස්ථානික අවශෝෂණය කර ගැනීම නවතා දමන බවය.

විලාර්ඩ් ලිබී විසින් 1960 වර්ෂයේදී රසායන විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ ය.
විලාර්ඩ් ලිබී විසින් 1960 වර්ෂයේදී රසායන විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ ය. උපුටා ගැනීම – Bettmann Archive

එමෙන්ම එම ජීවී ඒකකය තුළ ඇති කාබන් 14 සමස්ථානික ඉතා සෙමින් ක්ෂය වීමට පටන් ගන්නා බවය. එහෙයින් යම් ජීවී ඒකකයකින් ලබා ගන්නා නියඳියක ඇති විකිරණශීලීතාව ගණනය කිරීමෙන් එහි පවතින කාබන් 14 සමස්ථානික සංයුතිය ගණනය කළ හැකි බව සහ එය මිය ගිය දිනය මැන ගත හැකි බව එමගින් තහවුරු කර ගත්තේය. පුරාවිද්‍යාවේ විද්‍යාව සහ පාෂාණධාතු විද්‍යාව(paleontology ) වැනි විෂය ක්ෂේත්‍ර විප්ලවීය වෙනසක බඳුන් වූයේ මෙම සොයාගැනීමත් සමඟය.

එහෙත් ලිබීට විසඳා ගැනීම සඳහා යම් පෙහෙළිකාවක් පැවතිණ එනම් මෑකතදී මිය ගිය සතුන්ගේ සහ ශාකවල පටක වල කාබන් 14 සමස්ථානික සංයුතිය ඉතා අඩු මට්ටමක පවැතීමයි.එනම් කාබන් පරමාණු ට්‍රිලියනක් අතුරින් කාබන් 14 සමස්ථානික ඇත්තේ එකක් පමණක් වීමයි. මෙයින් පැහැදිලිව වෙනස්ව ස්වාභාවික පරිසරයේ විකිරණශීලීබව එනම් පාෂාණ සහ අනෙකුත් මූලාශ්‍රවල ඇති තෝරියම් සහ යුරේනියම් වලින් සිදුවන විකිරණශීලිතාව ඉතා ඉහළ මට්ටමකි පවතී. විද්‍යාඥයින් ස්වාභාවික පරිසරය තුළ පවතින මෙවැනි අධිකතර ක්‍රියාවලියක් තුළ කාබන් 14 සමස්ථානිකයේ දුර්වලසංඥා වෙන්කොට ගන්නේ කෙසේද? .

ලිබී මෙම ගැටලුව විසඳාගැනීමට ඔහුගේ අනාවරකයන් ඉතා සුපරීක්ෂාකාරීව සකසමින් සහ ඔහුගේ උපකරණයෙහි බිත්ත මතට සංවේදී වන පරිදි ඕනැම වර්ගයක විකිරණයක් සුසරකිරීම සඳහා වූ ක්‍රම වර්ධනය කරමින් කටයුතු කළේය. ඔහු ඉන්පසුව මීතේන් වායුව දෙසට හැරිණි. එකිනෙකට වෙනස් මූලාශ්‍ර දෙකකින් ලබාගත් නියඳි දෙකක් සංසන්ධනය කරමින් ඔහුගේ උපක්‍රමය අවසන් වශයෙන් වලංගුභාවයට පත්කිරීම සඳහා අවශ්‍ය කාබන් සංයුතුයක් එතුළ තිබිණි.

ඔහු ඒ සඳහා භාවිතා කළ නියැඳි දෙකින් එක් නියැදියක් ලබාගත්තේ දශක ගණනකට පමණ පෙර තම කාබන් 14 සමස්ථානික ක්ෂය වීමට ලක්වූ ෆොසිල ඉන්ධනයක් වූ ස්වාභාවික වායු මඟිනි.දෙවැනි නියැදිය ලබාගත්තේ බැල්ටිමොර් නඟරයේ මළ අපද්‍රව්‍ය පද්ධතියකින් වන අතර මනුෂ්‍යෙයකුගේ මළ අපද්‍රව්‍යවලින් එය ලබා ගත්තේය. ලිබි එම නියැදිය පිලිබඳ විද්‍යාත්මක හේතු දැක්වීම වශයෙන් එය මිනිසුන් විසින් මෑතකදී නිෂ්පාදනය කර ඇති නිසා කාබන් 14 සමස්ථානිකවලින් පොහොසත් වනු ඇති බව සඳහන් කළේය.

සැබවින්මඑය ඔහුට ප්‍රත්‍යක්ෂ වශයෙන් සොයා ගැනීමට හැකිවිය. අතීත මීතේන් වායුව තුල කාබන් 14 සමස්ථානික හමු නොවීය. මෙයින් වෙනස්ව මානවයින්ගෙන් මළ අපද්‍රව්‍යවලින් අලුතින්ම උකහාගත් මීතෙන් මට්ටම , සමස්ථානික තුළ බහුලව තිබිණි. සැබවින්ම මළ අපවහන පද්ධිතයෙන් සොයාගත් වැදගැම්මකට නැති මළ සාම්පළකින් විද්‍යාවේ නවමු පියවරක් තැබීම සඳහා අඩිතාලමක් දැමුවේය.

ඉන්පසුව ලිබී ඔහුගේ විකිරණශීලීතාව මැනගැනීමෙන් දිනනීර්ණ කිරීමේ ක්‍රමයේ, අවසන් ප්‍රත්‍යක්ෂ කිරීම වශයෙන් කාලවකවානු හොඳින් දන්නා පුරාතන නියැඳි මාලාවක් ලබා ගත්තේය. එයට තුන්වන සිසොස්ට්‍රිස් නම් ඊජිප්තු පාරාවෝගේ සොහොනේ ගැබ තුළින් හමුවූ නෞකාවේ කොටසක්, මළ මුහුදෙන් හමුවූ ලේඛන ඔතා තිබුණු ලිනන් රෙදි කැබැල්ලේ කොටසක් සහ පොම්පේ නුවර ගිනිකදු පිපිරීමේ මොහොත තුළ පිසූ පාන්කැබැල්ලක් යනාදිය විය. සැබවින්ම ඔහුට ලැබුණු දිනනීර්ණයන් ඒ පිළිබඳව සඳහන් ඓතිහාසික දිනවාකවානු සමඟ කදිමට ගැලපිණි.

එය සැබවින්ම අද්විතීය සොයා ගැනීමක් වූයෙන් 1960 වර්ෂයේදී විලාඩ් ලිබීට රසායන විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමිවිය. එහෙත් ඔහු එක් අන්තයතික් තරමක් අවාසනාවන්ත විය. මක් නිසාද යත් ලිබී උපකල්පනය කළේ වායුගෝලය තුල කාබන් 14 නිෂ්පාදනය වීමේ අනුපාතය පසුගිය වසර දසදහස මුලුල්ලේ නියතව පැවති බවය. සත්‍ය වශයෙන්ම එය ඊට වඩා වෙනස් මට්ටමින් උච්චාවචනය වී ඇත.

එනම් සූර්ය ලප වල ක්‍රියාකාරීත්වය (sunspot activity), වායුගෝලය තුළ සිදුකළ න්‍යෂ්ටික බෝම්බ පිපුරුම් පරීක්ෂාවන් සහ ෆොසිල ඉන්ධන දහනයෙන් පරිසරයට මුදාහැරෙණ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ක්‍රමක්‍රමයෙන් ඉහළයාම නිසා මෙකී උච්චාවචනයන් ඇතිවී ඇත. එහෙත් විද්‍යාඥයින් විසින් පිළිගනු ලබන්නේ විකිරණශීලී දිනනීර්ණ ක්‍රියාවලියේ මූල පදනම ශක්තිමත් වුවද සැබවින්ම දිනනීර්ණ ක්‍රියාවලිය තුළදී මෙකී තත්ත්වයන් සැලකිල්ලට ගත යුතුව තිබූ බවය.

AMS දිනනීර්ණ ක්‍රමය භාවිතයට පැමිණෙයි ( accelerator mass spectrometry – ත්වරක ස්කන්ධ වර්ණාවලිමිතිය)

වඩාත් මැතකදී, විකිරණශීලී -කාබන් දිනනීර්ණ ක්‍රමය කාබන් 14 න්‍යෂටියකින් මුක්ත කරනු ලබන විකිරණශීලීතාව මැනගැනීමේ සරල ක්‍රියාවලියේ සිට නියඳියක ඇති සමස්ථානිකයේ පරමාණු ප්‍රමාණය සෘජුවම මැන ගැනිම දක්වා පරිවර්තනය වී ඇත. මෙය සිදු කරනු ලබන්නේ ත්වරක ස්කන්ධ වර්ණාවලිමිතිය accelerator mass spectrometry (AMS) නම් තාක්ෂණය භාවිතා කරමිනි. එමඟින් විදයාඥයින්ට ඉතාම කුඩා ප්‍රමාණයේ නියැඳියකින් අස්ථි, මානවකෘති කාබන් සංයුතිය සහිත වෙනත් අංග දිනනීර්ණය කිරීමට ඉඩ හසර ලබා දුන්නේය. සැබවින්ම මෙය ද විප්ලවිය පියවරක් විය. යම් දිනයක් සොයා ගැනිම සඳහා කාබන් ග්‍රෑම් ප්‍රමාණයක් වෙනුවට ඒ සඳහා අවශ්‍ය වුයේ යම් කාබන් මිලිග්‍රෑම් ප්‍රමාණයක් පමණි.

මේ අයුරින් AMS ක්‍රමය සංවර්ධනය කළ විද්‍යාඥයින් 1960 දශකයේ සිට විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය තුළ විප්ලවයක් සඳහා මගපෑදුවේය. එය එවක වර්ධනය වෙමින් පැවති “ නව පුරාවිද්‍යාවේ“ උපනතිය සඳහාද විශාල දායකත්වයක් සැපවූයේය. මෙම තාක්ෂණය භාවිතයෙන් එවකට සංස්කෘතික ඓතිහාසික පුරාවිද්‍යාව විසින් ස්ථාපිත කොට පැවති උපන්‍යාසයන් ගණනාවක් විද්‍යාත්මකව බැහැර කිරීම සඳහා පුරාවිද්‍යාඥයින්ට සහය විය.

ඉන් එක් ප්‍රධාන දායකත්වයක් නම් අතීත යුරෝපීය සංස්කෘතීන් මැදපෙරදිග ආරම්භ වූ භාවිතයන් සහ අදහස් මත යැපෙමින් ක්‍රමයෙන් කෘෂිකාර්මික ව්‍යාප්තියත් සමඟ බටහිර දෙසට පැතිර ගියේය යන අදහස බැහැරකිරීමට දායක විමයි. විකිරණශීලී දිනිනීර්ණ ක්‍රමයෙන් පෙන්වා දුන්නේ මිට හාත්පසින්ම වෙනස් චිත්‍රයක් වන අතර එමඟින් බ්‍රිතාන්‍යෙය්. ප්‍රංශයේ සහ මධ්‍යම යුරෝපයේ පැවති නියොලිතික සංස්කෘති ස්වාධීනව වර්ධනය වූ බව පැහැදිලි කළේය .

පසුකාලීනව මෙම තාක්ෂණය බ්‍රිතාන්‍යයේ. සුවිස්ටර්ලන්තයේ සහ එක්සත් ජනපදයේ විද්‍යාගාර මඟින් භාවිතයට ගත්තේය. එහිදී සිදුවූ කැපීපෙනන සොයා ගැනිමක් නම් ටියුරින් මෘත ආවරණය(Turin shroud) යනුවෙන් හඳුන්වන ලද ඇතිරිල්ල මැසීම සඳහා භාවිතා කළ හනකෙඳි දිනනීර්ණය කිරීම සඳහා මෙම ක්‍රමය භාවිතයට ගැනීමයි. මෙම රෙදි කැබැල්ල මත දිගුරැවුලක් සහි කිසියම් ත පුද්ගලයෙකුගේ මුහණක සෘණ ඡායාවක් සිතුවම් කොට තිබිණි. එය ඒ වන විටත් බොහෝ දෙනෙකු විසින් විශ්වාස කළේ කුරුසයේ ඇණ ගැසීමෙන් අනතුරුව ඉන් මුදාගෙන පහළට ගත් අවස්ථාවේ යේසූ ස්වාමි දචරුවන්ගේ ශ්‍රී දේහය ආවරණ කිරීම සඳහා භාවිතා කළ රෙදි කැබැල්ල එය බවය. එම රෙද්දේ කුඩා කොටස් කිහිපයක් පමණක් භාවිතා කරමින් විද්‍යාඥයෝ එය ක්‍රි.ව 1260 – 1390 ත්අතර නිර්මාණය කරන ලද්දක් බවට දිනනීර්ණය කළහ.

ටියුරින් මෘත ආවරණය(Turin shroud)
ටියුරින් මෘත ආවරණය(Turin shroud) උපුටා ගැනීම – Photograph Jorge Guerrero AFP Getty Images

පසුගිය වසර ගණනාව මුළුල්ලේ කාබන් 14 විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය මඟින් ලබාගන්නා ඵලප්‍රයෝජන ඉපැරණි මානවකෘති දිනනීර්ණය කිරීමෙන් ඔබ්බට ගොස් ඇත. විවධ ඖෂධ වර්ග කාබන් 14 සමග එකට ගලපා පානය කිරීමට සලස්සවා එකී ඖෂධ ශරීරය හරහා ගමන් කරවීමෙන් එවායේ ඇති සුරක්ෂිතබව සහ සඵලතාව මැන ගැනීමට කටයුතු කර ඇත. එපමණක් නොව පර්යේෂකයන් විසින් මෙකී සමස්ථානිකය ශාක, කාබන් ඩයොක්සයිඩ් සීනී බවට පර්වර්තන වන ක්‍රමය පරීක්ෂාකර බැලීම සඳහාද භාවිතා තර ඇති අතර එමඟින් ප්‍රභාසංස්ලේශන ක්‍රියාවලිය තුළ පවතින ඉතා සංකීර්ණ ක්‍රියාවලිය අවබෝධ කර ගැනීමටද උත්සහ දරා ඇත.

මේ ආකාරයට මිනිසාගේ අතීතය සහ ඔහු විසූ පරිසරය ගැන පමණක් නොව ස්වාභාවික සංසිද්ධීන් ගැනද ප්‍රමාණික අවබෝධයක් ලබා ගැනීමට මෙකී ක්‍රමය හරහා අපට හැකියාව ලැබී ඇත.

විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය පුරාවිද්‍යාව තුළ භාවිතා කිරීම

ප්‍රධාන වශයෙන් පුරාවිද්‍යාත්මක ස්ථලයන් දිනනීර්ණය කිරීම සඳහා ප්‍රධාන විධික්‍රම දෙකක් පවතී. එනම් සාපෙක්ෂ දිනනීර්ණ ක්‍රමය සහ නිරපේක්ෂ දිනනීර්ණ ක්‍රමයයි.

සාපක්ෂ දිනනීර්ණ ක්‍රමය ලෙස සලකුනුයේ යමකට සාපෙක්ෂව යම් දෙයක් පරණ හෝ අලුත් ලෙස කාලික ඇගයීමට ලක්කිරීමයි. පුරාවිද්‍යාත්මක තැන්පතුවක් වැනි ස්තරීභූත සංදර්භයක භූමියේ මතුපිට පෘෂ්ටයට ආසන්න වස්තූන් කාලනුරූපීව ඉන් යට ඇති වස්තු වලට වඩා මෑතකාලීන සංසිද්ධිවලට අයත් බව සලකනු ලබයි. සාපෙක්ෂ කාල නීර්ණ ක්‍රමය ඇතැම් ප්‍රෙද්ශවල මැනවින් භාවිතයට ගත හැකි වුවද එය අදාළ කරගැනීමේදී ගැටලු ගණනාවක් පැණ නඟී. උදාහරණයක් වශයෙන් මූසික පවුලට අයත් සතුන් යම් පුරාවිද්‍යාත්මක ස්තලයක තැන්පතුවක ඇති වස්තූක් තිබෙන තැන සිට වෙනත් තැනකට රැඟෙන යාම හරහා එකී වස්තුවේ තත්‍ය සංදර්භය වෙනස් වෙයි. එපමණක් නොව ගංවතුර වැනි ස්වාභාවික විපත් නිසා පුරාවිද්‍යාත්මක ස්තලයක ඇති මතුපිට පස් ස්තර සෝදායාම සිදුවෙයි.

නිරපේක්ෂ කාලනීර්ණය හරහා දක්වන්නේ වර්තමානයට පෙර එකී වස්තුවේ නිරපේක්ෂ ජීව කාලයයි. ඓතිහාසික ලේඛන සහ දිනදර්ශන එවැනි නිරපේක්ෂ දිනයන් සොයාගැනීම සඳහා භාවිතා කළ හැකිය. නමුත් එවැනි ලිඛිත සාධක සොයාගත නොහැකි කාල වකවානු තුළ සිදූ මානව චර්යාව සදහා දිනනීර්ණයන් ලබා ගැනීමේදී නිරපේක්ෂ කාලනීර්ණ ක්‍රමයක් ලෙස විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය පිහිටට පැමිණෙයි.

පුරාවිද්‍යාත්මක නියැඳි සඳහා දිනනීර්ණ ලබා දීමේදී විවිධ කාලරාමු ගණනාවක ගැටලු මතුවෙයි. උදාහරණයක් වශයෙන් ක්‍රිස්තියානී කාල රාමු ක්‍රමය ආරම්භය වශයෙන් සලකා බලනුයේ ජේසු ස්වාමී දරුවන් ඉපදුන වර්ෂය වන අතර එය ක්‍රි.ව 1 හෙවත් AD 1 (Anno Domini) ලෙස හඳුන්වනු ලබයි.එමෙන්ම ජේසු ස්වාමී දරුවන්ගේ ඉපදීමට ප්‍රථමව සිදුවූ සියල්ලක්ම හඳුන්වනු ලබන්නේ ක්‍රි.පූ හෙවත් BC (Before Christ) ලෙසිනි. ග්‍රීකයන් මුලින්ම ඔලිම්පික් ක්‍රීඩා ආරම්භ කරන ලද ක්‍රි.පූ 776 තම ආරම්භක වර්ෂය වශයෙන් සලකනු ලැබුවේය.

ඉස්ලාම් ජාතිකයන් විසින් මක්කමෙන් නබිනායක තුමන් පිටව ගිය ක්‍රි.ව 662 වර්ෂය තම වර්ෂ ක්‍රමයේ ආරම්භය ලෙස සලකනු ලබයි. එපමණක් නොව මායානු දිනදර්ශනය තම යොමු වර්ෂය වශයෙන් සලකා බලනුයේ ක්‍රිතපූ 3114 යි. එමෙන්ම බෞද්ධයන් විසින් සලකා බලනු ලබන බුද්ධ වර්ෂ ක්‍රමය ගෞතම බෞද්ධ පරිනිර්වාණය සිදු වූ වර්ෂය වන ක්‍රි.පූ 543 ලෙස සලකා බලනු ලබයි.

ඓතිහාසික කාල පරිච්චේදයක් පිලිබඳව සඳහන් කිරීමේදී ඉහත ඒනෑම වර්ෂ ක්‍රමයක් භාවිතා කළ හැකි වුවද ශාස්තාලීය ප්‍රජාව තුල පොදුවේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමය භාවිතා කිරීමට වැඩි කැමත්තක් දක්වන අතර ඓතිහාසික නොවන එනම් ලිතිත ඉතිහාසයට පෙර කාල පරිච්ඡේදයන් දැක්වීමේදී විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය යටතේ ලබාගත් දිනනීර්ණයන් භාවිතා කරණ අතර එහිදී යොමු වර්ෂය වශයෙන් සලකනු ලබන්නේ 1950 වර්ෂය වන අතර පොදුවේ මෙහිදී සඳහන් කළ යුතු කරුණක් නම් ඓතිහාසික ලේඛන සොයා ගත නොහැකි විශේෂයෙන්ම ප්‍රාග්ඓතිහාසික ස්තලයක් දිනනීර්ණ කිරීමේදී පුරාවිද්‍යාඥයින් මහත් අභියෝගයකට මුහුණ පෑවද යම් පුරාවිද්‍යාත්මක ස්තලයක කාබනික අවශේෂ සොයාගැනීමට හැකිවනතාක් විකිරණශීලී දිනනීර්ණ ක්‍රමය යනු ලොව ඕනෑම පුරාවිද්‍යාත්මක ස්තලයක් දිනනීර්ණය කිරීම සඳහා භාවිතා කළ හැකි ක්‍රමයකි.

එය අදින් වසර 50000 ක සිට අදින වසර 400 දක්වා වූ කාල පරාසයකට අයත් අතීතය දිනනීර්ණය කිරීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමයක් ද වෙයි.

කාබන් 14 දිනනීර්ණ ක්‍රමය යටතේ දිනනිර්ණය කළ හැකි ද්‍රව්‍ය

පුරාවිද්‍යාත්මක ස්තලයකින් හමුවන සියල්ලක්ම පාහේ අපට විකිරණශීලී කාබන් දිනනිර්ණය සඳහා යොදාගත නොහැකිය. එහෙත් එහිදි හමුවන කාබනික සංයුතියක් සහිත බොහෝ ද්‍රව්‍ය එසේත් නැතිනම් සියලුම ද්‍රව්‍ය එකී ක්‍රමය යටතේ දිනීර්ණයට ලක්කළ හැකිය. ඇතැම් අකාබනික ද්‍රව්‍යයන්ද. විශේෂයෙන්ම බෙලිකටුවක ඇති ඇරගනයිට් (aragonite)  සංඝටක එකී ඛනිජද්‍රවය සැකසීම සඳහා  වායුගෝලය සමඟ සමතුලිත වෙමින් කාබන් 14 සමස්ථානිකය රාශීභූත වනතෙක්  එකී ද්‍රව්‍ය දිනිනීර්ණයට  ලක්කළ හැකිය.

විකිරණශීලී දිනිනීර්ණ ක්‍රමය භාවිතයට පැමිණි පසුව බහුලව දිනීර්ණය සඳහා භාවිතා කළ ද්‍රව්‍ය අතරට අඟුරු, බීජ, අස්ථි, බෙලිකටු, සම්, වගුරු මඩ, වැව්මඩ, පස්, හිසකෙස්, මැටිවළං, පරාග. බිතුසිතුවම්. කොරල්පර, රුධිර අවශේෂ, රෙදි වර්ග, කඩදාසී, ලාටුවර්ග, ජලය වැනි ද්‍රව්‍ය භාවිතා කර ඇත.

මෙම ද්‍රව්‍ය වල ඇති විකිරණශීලී කාබන් සංයුතිය විශ්ලේශනය කිරීමට පෙර  ඒ මත ඇති අපරිසිදුකාරක ද්‍රව්‍ය (contaminants) ඉවත් කිරීම සඳහා භෞතික සහ රසායනික  පෙර පිරියම් කටයුතු සිදු  කරනු ලබයි.

විකිරණශීලී සමස්ථානික පිළිබඳ කථා කිරීමේදී හමුවන වචන පැහැදිලි කිරීමක්

ථූපාරාමය ආරාම සංකීර්ණය, අනුරාධපුරය

ථූපාරාමය ආරාම සංකීර්ණය පිළිබඳව වූ සාහිත්‍යාගත සාධක

මහින්දාගමනයෙන් පසුව මෙරට ඉදිකරනු ලැබූ ප්‍රථම දාගැබ වශයෙන් මහාවංසගත වන්නේ අනුරාධපුර ථූපාරාමය චෛත්‍යය යි. මීට ප්‍රථමයෙන් මහියංගනය සහ ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකර තිබුණ ද ඒ පිළිබඳව ලිඛිත සාධක ප්‍රකට නොවේ. අනුරාධපුර ථූපාරාමය ආරාම සංකීර්ණය හුදෙක් එක් චෛත්‍යයක් පමණක් නොව ස්තූපය හා සම්බන්ධිත විහාර සංකීර්ණයක් වශයෙන් සැලකිය හැකි ය.

ථූපාරාමය ආරාම සංකීර්ණය
ථූපාරාම ස්තූපය

දේවානම්පියතිස්ස රාජ්‍ය පාලන සමයේ දී (ක්‍රිස්තු පූර්ව 250-210) සිදු වූ මිහිඳු මහා රහතන් වහන්සේගේ ලංකාගමනය හේතුවෙන් ලක්දිව පුරා සංවිධානාත්මක ලෙස බුදුදහම ව්‍යාප්ත විය. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ඍජුව ලැබීම හේතු කොටගෙන ඒ හා සම්බන්ධ වෙහෙර-විහාර ආදිය ඉදිවීම ද මෙම ව්‍යාප්තියට බලපෑ මූලික හේතුවකි. මෙකල ඉදිකළ එක විහාර සංකීර්ණයක් වූ ථූපාරාමය ආරාම සංකීර්ණය ඉදිකිරීම පිළිබඳ සවිස්තරාත්මක සටහනක් මහාවංසයෙහි සඳහන් වේ.

“….ස්ථවිරයන් වහන්සේ ඒ ධාතු පාත්‍රය සෑගිරියෙහි තබා අකුධාතුව රැගෙන සාමණේරයන් විසින් ලකුණු කරන ලද ස්ථානය වූ මහා නාග වනයට වැඩි සේක… හස්ති තෙම… ථූපාරාමවෙහි චෛත්‍යය ස්ථානයෙන් පිටිපස කරණ ලද්දා වූ ‘ප්‍රමොජ වස්තු’ නම් දෙවස්තානයට ගොස් බෝධි ස්ථානයෙහි නැවතී පූර්ව දිගට අභිමුඛවැ සිටියේ ය. එකල්හි ඒ ස්තූප ස්ථානය හිඟුරු වැල් හා හිය වැලින් වැසුණේ ය…. නරේන්ද්‍ර තෙම ඒ චෛත්‍ය ස්ථානය මත්තෙහි කෙණ්ඩයක් පමණ උස් වූ ථූපයක් දින කීපයකින් බඳවා එහි ධාතු පිහිටුවීම නුවර ඝෝෂා කරවා ථූපාරාමයට එළඹියේ ය….” ආදී වශයෙන් දක්වා ඇත.

ථූපාරාමය ඉතිහාස

මහමෙව්නා උයනේ උසම ස්ථානයේ ඉදිකරන ලද ථූපාරාම චෛත්‍යය උදෙසා වටදාගෙය ඉදිකරවන ලද්දේ ලම්භකර්ණ වංශික වසභ රාජ සමයේ දී (ක්‍රිස්තු වර්ෂ 67-109) ය. ලජ්ජිතිස්ස, ගෝඨාභය (ක්‍රිස්තු වර්ෂ 253-261), පළමුවන උපතිස්ස (ක්‍රිස්තු වර්ෂ 365-410), ධාතුසේන (ක්‍රිස්තු වර්ෂ 459-477), දෙවන අග්ගබෝධි (ක්‍රිස්තු වර්ෂ 608-615), දෙවන කාශ්‍යප (ක්‍රිස්තු වර්ෂ 650-659), මානවම්ම (ක්‍රිස්තු වර්ෂ 684-718), දෙවැනි මිහිඳු (ක්‍රිස්තු වර්ෂ 777-791), දෙවන සේන (ක්‍රිස්තු වර්ෂ 853-887) යන රාජ්‍ය පාලයකයන් වරින් වර ථූපාරාමයෙහි ප්‍රතිසංසකරණ කරවා ඇත.

ථූපාරාම චෛත්‍ය නිර්මාණ ලක්ෂණ

ථූපාරාමය ආරාම සංකීර්ණයේ නෂ්ටාවශේෂ වර්තමානයේ අක්කර 3.5 ක පමණ භූමි ප්‍රමාණයක විසිරී පවතියි. මෙහි සීමා පවුර අඩි 4 1/2 ක ඝනකමකින් යුක්ත වන්නට ඇතැයි සැලකේ.

ථූපාරාම ස්තූපය පොළොව මට්ටමේ සිට අඩි 11.4 ක් උසින් වූ කවාකාර වේදිකාවක් මත පිහිටා ඇති අතර වේදිකාවේ විෂ්කම්භය අඩි 164.5 කි. දාගැබ වටා වූ කැටයම් සහිත සමකේන්ද්‍රික ශිලා ස්ථම්භ අතීතයේ අර්ධ ගෝලාකාර හැඩති පියස්සක් දරන ලද බවට සාධක වේ. මෙම ශිලා ස්ථම්භ ඇතුලත සිට පිටත කවයට එන විට උසින් අඩුවන ලෙස නෙලා ඇත. අතීතයේ ථූපාරාම චෛත්‍යය ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වුවත් 1862 දී සිදුකරන ලද ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව ඝන්ඨාකාර හැඩයකට පරිවර්තනය වී තිබේ. ස්තූපයෙහි වර්තමාන උස අඩි 63 ක් වන අතර විෂ්කම්භය අඩි 59 කි. විහාරයට ඇතුල් වන දොරටුවෙහි බැතිමතුන්ගේ පා දෝවනය කිරීම පිණිස ශිලාමය බඳුනක් ද ස්ථාපනය කොට ඇත.

මෙරට ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්, මහාචාර්ය සෙනරත් පරණවිතානයන් තම Stupa in Ceylon (සිංහල පරිවර්තනය ලංකාවේ ස්තූපය) ග්‍රන්ථයේ ථූපාරාම දාගැබ පිළිබඳව මෙසේ දක්වා ඇත.

“….ථූපාරාමය පිළිබඳ ඉතාම වැදගත් ලක්ෂණය වනුයේ ස්තූපය වටේ ඒකකේන්ද්‍රීයව පිහිටුවන ලද අලංකාර ගල් කුලුණු පේළි සතරයි. තනිගලින් නිමකළ එම කුලුණුවල කඳ මුල සිට උසින් තුනෙන් කොටසක් පමණ චතුරශ්‍රාකාර වූ අතර, එතැන් සිට අෂ්ටාශ්‍රාකාර වේ. වෙන් වශයෙන් නෙලන ලද කුලුණු හිස් කූඩුම්බි තව් හා කූඩිම්බි මාර්ගයෙන් කුලුණු කඳට සම්බන්ධ කර තිබේ. පළමුවන හෙවත් ඇතුළුම කුලුණු වටය දාගැබ වටේ තනා තිබූ උස් බිම් තීරය මත අඩිතාලමේ ගර්භයේ සිට අඩි 3 අඟල් 1 දුරින් පිහිටියේ ය. මේ වටය අඩි 22 අඟල් 10 උස ඇති කුලුණු 52 කින් යුක්ත ය.

දෙවන කුලුණු පේළි වටය සිට අඩි 10 අඟල් 3 ක් දුරින් පිහිටි අතර ආරම්භයේ අඩි 21 උස වූ කුලුණු 36 න් සමන්විත විය. තුන්වන වටය දෙවන වටයෙන් ඈත් වී තිබෙන්නේ අඩි 9 අඟල් 7 ක පරතරයකි. එහි කුලුණු 40 වූ අතර උස අඩි 19 පමණ විය. පිටතින්ම ඇති කුලුණු වටය තුන්වන වටයේ සිට අඩි 14 දුරින් පිහිටා තිබේ. මෙහි අඩි 14 ක් උස් වූ කුලුණු 48 ක් විය. පිටතින්ම පිහිටි කුලුණු වටය සහ ඉහත සඳහන් බිම් තීරයේ ගැටිය අතර මළු පෙදෙස ගල්පුවරු අතුරා ඇත. සලපතළ මළු පෙදෙසෙහි වටයේ සිට (පරිධියේ) අඩි 5 ක් පමණ ඇතුළතින් සහ තෙවන හා සිව්වන කුලුණු වටයන් අතර ස්තූපය වටේ ඉදිකරනු ලැබූ ගඩොල් බිත්තියක සලකුණු සොයාගෙන තිබේ…”

ථූපාරාමය ආරාම සංකීර්ණයෙහි ස්තූපය හැරුණු කොට විවිධ කාලවල දී ඉදිකරවන ලද තවත් ගොඩනැගිලි කිහිපයක් ද වේ. පෙර ‘දළදාගේ’ ලෙස ව්‍යවහාරිත ගොඩනැගිල්ල මෑතක දී ප්‍රතිමා ගෘහයක් වශයෙන් හඳුනාගෙන තිබේ. අදියර දෙකකින් ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ එහි ගර්භගෘහයට සම්බන්ධ කොට තනා ඇති මණ්ඩපය යි. මෙය හින්දු ආභාෂයක ලක්ෂණ ගෙනහැර පායි. ගර්භගෘහය, මණ්ඩපය සහ අන්තරාලය යන කොටස් වලින් සමන්විත මෙහි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කොට තිබූ බවට සාධක වේ. ක්‍රිස්තු වර්ෂ 9-10 පමණ කාලයට අයත් දොරටුපාල රූප සහ සඳකඩපහණ ආදියෙන් මෙහි ප්‍රවේශ දොරටු අලංකරණය කොට තිබේ.

ස්තූපයට ගිනිකොණ දෙසින් පිහිටි කැටයම් සහිත ගලින් යුත් ළිඳ නිර්මාණය කොට ඇත්තේ බැතිමතුන්ගේ පැන් පහසුව පිණිස ය. දකුණු දෙසින් පිහිටි පදලාංඡන ස්තූපය මෑතක් වනතෙක් ම සංඝමිත්තා තෙරණියගේ ආදාහන ස්තූපය ලෙස වරදවා හඳුනාගෙන තිබිණි. මෙහි වූ චෛත්‍ය හතර (04) චෝළ ආක්‍රමණ හමුවේ විනාශ වී තිබී සිව්වන මහින්ද (ක්‍රිස්තු වර්ෂ 956-972) විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී. සිව්වන කාශ්‍යප රාජ්‍ය කාලයේ (ක්‍රිස්තු වර්ෂ 898-914) දී ථූපාරාම ආරාම භූමියෙහි භික්ෂුණීන් වහන්සේලා වෙනුවන් ආරාමයක් ඉදිකරවා දුන් බව ද සඳහන් වේ. මෙම චෛත්‍ය හතරෙන් කුඩාම චෛත්‍යය වූ ශිලා ස්තූපය ලංජිතිස්ස රජු කල එනම් 6 වන සියවසේ දී කරන ලද බවට සැලකේ.

ථූපාරාමය ආරාම සංකීර්ණයෙහි උපෝසථඝරය භාතිකාභය (ක්‍රිස්තු පූර්ව 19- ක්‍රිස්තු වර්ෂ 9) විසින් කරවන ලද්දකි. එය ඉන් අනතුරුව රජවරුන් කිහිපදෙනෙකු විසින් ම ප්‍රතිසංස්කරණය කරවා ඇත. මෙම භූමියෙහිම ඉදිකරවා ඇති සංඝමිත්තා තෙරණියගේ ආදාහන ස්තූපය උත්තිය රජ දවස ඉදිකළ බව මහාවංසයෙහි දැක්වේ. ඒ අසලම පිහිටි ගොඩනැගිල්ල හඳුන්වන්නේ චිත්‍රශාලා නමිනි.

මෙහි ගිනිකොණින් පිහිටි බෙහෙත් ඔරුවක් සහිත ගොඩනැගිල්ල සිව්වන කාශ්‍යප විසින් ගිලන් භික්ෂූන් උදෙසා ඉදිකරන ලද ආරෝග්‍ය ශාලාව වශයෙන් හඳුනාගෙන ඇත. මෙහි දානශාලාව පොළොන්නරු රාජධානි යුගයේ දී ලීලාවතී රැජිණ (ක්‍රිස්තු වර්ෂ 1197-1200) විසින් කරවන දල බවට අනුමාන කෙරේ.

අනුරාධපුර යුගයේ මුල්ම ආරාම සංකීර්ණ අතුරෙන් එකක් වන ථූපාරාම ආරාම සංකීර්ණයෙහි වැදගත්ම අංගය වන්නේ ථූපාරාම ස්තූපය යි. දකුණු අකු ධාතුව තැන්පත් කොට ඇති ථූපාරාම ස්තූපය, ඓතිහාසිකව සහ පුරාවිද්‍යාත්මකව සනාථ කළ හැකි මහින්දාගමනයෙන් පසු ඉදිකරන ලද පැරණිතම දාගැබ වේ.

මෙම පිටපතින් සැදු විඩීයෝව පහතින් නරඔන්න.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න – http://www.ccf.gov.lk/index.php?option=com_content&view=article&id=41&Itemid=170&lang=si

https://sinhala.archaeology.lk/%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%b0%e0%b6%b4%e0%b7%94%e0%b6%bb-%e0%b6%ae%e0%b7%96%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8-%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%96%e0%b6%b4/

සකුනි හතරසිංහ

B.A. in Archaeology (University of Kelaniya)

M.Sc. (following) in Archaeology (Postgraduate Institute of Archaeology)