29 C
Colombo
Wednesday, November 25, 2020

TAG

Central Cultural Fund

රුවන්වැලි සෑයෙහි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ

කේ.එච්. තිලිනි දුමින්ද්‍යා පුරාවිද්‍යා නිලධාරි, ආළාහන පරිවෙන ව්‍යාපෘතිය, පොළොන්නරුව. රුවන්වැලි සෑය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා සේම එහි විද්‍යාමානව පවතින ස්තූප අංග නිරීක්‍ෂණය කිරීමේ දී ද වැදගත් වාස්තු විද්‍යාත්මක...

පොළොන්නරු යුගයේ ලංකාවේ පැවති රාජ්‍යය ආරක්ෂ‍ක සංවිධානය

ප‍්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව. පොළොන්නරු යුගයේ රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් එවකට සිටි රජවරුන් විසින් අනුගමනය කළ ක‍්‍රියා මාර්ග සහ එහි සංවිධානය කෙසේ...

ලංකාවේ ඔරු වර්ගයේ යාත‍්‍රා

ඩබ්.එච්. රුක්‍ෂාන් ප‍්‍රියන්දන මුහුදු පුරාවිද්‍යා ඒකකය, කොටුව, ගාල්ල. සංක්‍ෂේපය මෙරට ජල යාත‍්‍රා භාවිතය පිළිබඳ ඉතිහාසය ක‍්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈතට විහි දී යයි. පුරාවිද්‍යාත්මක හා සාහිත්‍ය...

ගාල්ල, සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය නරඹමු

කුඩා දිවයිනක් වූ ශ‍්‍රී ලංකාවේ, මුහුද සහ වෙරළ ආශ‍්‍රිත ව වෙසෙන ජනතාව අතර ඇත්තේ සමීප සම්බන්ධතාවකි. සිය දෛනික පරිභෝජන අවශ්‍යතා සඳහා නිරන්තරයෙන් ඔවුහු සාගරයේ ඇති ජෛව සම්පත් උපයෝගි කර ගත්හ. ඒ සඳහා සාගර තරණය කිරීමට ඇවැසි යාත‍්‍රා සහ ආම්පන්න තමන් විසින් ම නිපදවා ගත් අතර ධීවර කටයුතු ප‍්‍රධාන ජීවිකා වෘත්තීය බවට පත් කර ගත්හ. ඒ හා බැඳුණු වත්පිළිවෙත් ඇදහිලි, විශ්වාස, ජීවන රටාවන් සහ ජන වහරක් සහිත උප සංස්කෘතියක් ලෙස ධීවර ජනතාව හඳුනාගත හැකි ය

මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ මඟින් අනාවරණය කරගත් දකුණු මුහුදේ ගිලී ගිය දැව නෞකා

ක‍්‍රිස්තු පූර්ව යුගයේ සිටම ශ‍්‍රී ලංකාවේ නාවුක ගමනාගමනය සිදු වූ බවට සාක්‍ෂි සාහිත්‍ය මූලාශ‍්‍රයන් හී සඳහන් වේ. විජයාගමනයේ සිට සිදුවූ විවිධ සංක‍්‍රමණ පිළිබඳ ව එහි ලා සඳහන්ය. එකී පැමිණීම් ආගමික, සංස්කෘතික, දේශපාලන හා ආක‍්‍රමණික අරමුණු සාක්‍ෂාත් කරගැනීම උදෙසා සිදු වී ඇත. ඒ අතර විශේෂ වන්නේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ලූ නෞකාවේ නැවේ කුඹය, කෙනිපතය හා පළපත චූලංගන, මහාංගන, සිරිවඞ්ඩන යැයි මන්දිර තුනක් කරවා තැම්පත් කිරීමයි (මහාවංශය 19 68-70) මෙය විශේෂ වැදගත්කමක් හිමිවන සිදුවීමකි. ලොව සමුද්‍ර කෞතුකාගාර සංකල්පය පිළිබඳ සඳහන් පළමු සිදුවීම වන නිසාවෙනි. මෙරට ඉතිහාසයේ යාත‍්‍රාවන්ගේ කොටස් සඳහන් වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

අරිප්පු මුහුදු පතුළින් හමු වූ අල්ලිරාණි රැජිණගේ කරත්තය හෙවත් අරිප්පු ලී නෞකාව

නැගෙනහිර දිශාවට වන්නට රැහැන් ස්වරූපයෙන් යුතු කොටස් ගණනාවක් විසිර පවතී. මෙහි ඇතුළත තන්තුමය කොටසකින් යුක්ත ය. මේවා නෞකාවේ භාවිත කරන ලද කේබල් කොටස් විය හැක.  මෙහි අභ්‍යන්තර කුහරය කාබන් තතත්වයට පත්ව තිබේ. මතුපිට කැල්කේරියස් තදින් ගණට තැම්පත් වී තිබෙන අතර එම කොටස් සමඟ shell, banacules සහ marine oraganisms බහුල වශයෙන් දක්නට ලැබේ. එසේම දණ්ඬේ කැඞී ගිය කොටස් සහ මතුපිට දැකිය හැකි විඛාදන ඵලයන්ගේ භෞතික ලක්ෂණ අනුව රැහැන් කොටස් යකඩ වලින් නිර්මාණය කර තිබෙන බව අනුමාන කළ හැක. මෙහි අභ්‍යන්තරයේ කම්බි කොටස් තන්තු ස්වරූපයට පත්ව ඇත.

ප‍්‍රාග් ඓතිහාසික, මූල ඓතිහාසික හා ඓතිහාසික යුගයන්හි පොළොන්නරුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්

පොළොන්නරුව කියූ පමණින් ම අප බොහෝ දෙනෙකු දන්නේ චූලවංශයේ වීරයන් වූ මහා පරාක‍්‍රමබාහු රජුගේ මහාවිජයබාහු රජුගේ යුගයේ බිහි වූ පොළොන්නරුවේ සමෘද්ධිමත් යුගය ගැන පමණි. කොටින්ම කියතොත් පොළොන්නරුව රාජධානියක්ව පැවැති 12 වැනි සියවස දක්වා පමණි. නමුත් පොළොන්නරුව යනු, ගල් අවි භාවිත කරමින් දඩයමින් හා ආහාර එකතු කිරීමෙන් ජීවත්වූ ගල් යුගයේ මිනිසුන් මෙන්ම පූර්ව ඓතිහාසික යුගයේ විවිධ තාක්‍ෂණික පෙරළි කළ කෘෂි කාර්මික ජනතාවක් විසින් පරිහරණය කළ භූමියක් වග බොහෝ දෙනෙකු නොදනී. ඒ අනුව පොළොන්නරුව යනු හුදෙකලාව ම නිර්මාණය වූ රාජධානියක් නොව කාලාන්තරයක් තිස්සේ ජනාවාසකරණයට නතු වූ ප‍්‍රදේශයකි. ඓතිහාසික යුගයෙන් ඔබ්බට වසර දහස් ගණනක් ඈතට දිව යන ඉතිහාසයක උරුමක්කාරයන් වීමේ භාග්‍යය අපට ද හිමි ව ඇත. 2001 වසරේ සිට මේ දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණ සහ කැනීම් මෙන්ම ම විසින් සිදුකළ ස්වාධීන පර්යේෂණ ඔස්සේ ඓතිහාසික සඳහන්වලින් ඔබ්බට ගොස් පුරාවිද්‍යාත්මක සාධක මත තහවුරු කිරීමට දැරූ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි.

පොළොන්නරුවේ කඳුරුවෙල බලකොටුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් : 2009 -10 වර්ෂවල මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵල

ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී හා ව්‍යාපාති කළමනාකරු, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව. පර්යේෂණ අරමුණ චන්ද්‍රිකා ඡායාරූප පරීක්‍ෂා කිරීමෙන් භූමියෙහි මතුපිට කිසියම් වාස්තුවිද්‍යානුකූල සැළස්මක් පෙන්නුම් කළ අතර...

වළවේ උප නිම්නයේ පුරාණ වාරි තාක්ෂණය හා කෘෂි සභ්‍යත්වය : වේළිඔය උප නිම්නය ඇසුරින්

ඩී.එම්. නිරෝෂා උදයංගනී පර්යේෂණ නිලධාරිණි (පුහුණු වන), මධ්‍යම සංස්කෘතික අරමුදල, අභයගිරි විහාර ව්‍යාපෘතිය, අනුරාධපුරය. dm.niroshaudayangani@gmail.com අතීත දවස සිට ම බතබුලතින් සරුසාර වූ දිවයිනක උපන් ජාතියක් වූ ලාංකිකයන් වාරි...

පැරණි ලක්දිව පාලම් තාක්ෂණය

වර්තමාන ශ්‍රි ලංකාවේ ප්‍රචලිත ව ඇති නුතන පාලම් තාක්ෂණයෙහි මුලාරම්භය සිදු වී ඇතතේ බ්‍රිතාන්‍ය යුගයේ දි ය . බ්‍රිතාන්‍යන්ගේ වැවිලි කර්මාන්ත පදනම් කොටගත් ආර්ථිකයෙහි යටිතල ව්‍යුහය ලෙස වර්ධනය වූ මාර්ග පද්ධතිය හා සම්බන්ධව ආරම්භ වූ පාලම් ඉදිකිරීමේ කටයුතු කෙරෙහි පදනම් වී ඇත්තේ සම කාලීන ව බ්‍රිතාන්‍යයෙහි පැවති පාලම් තාක්ෂණයයි. 1822 දි කැලණි ගඟ හරහා බෝට්ටු පාලමක් ඉදිකීරිමෙන් ආරම්භ වුවත් , බ්‍රිතාන්‍යයන්ගේ පාලම් තාක්ෂණයෙහි මුල් පාලම් ගලින් හා ගඩොලින් කළ ආරුක්කු පාලම් විය. ඉන් අනතුරු ව 1850 ගණන් වල දි යකඩ පාලම් ඉදිකිරීමේ කටයුතු ප්‍රචලිත වු අතර 20 වැනි සියවස මුල් භාගය වන විට කොන්ක්‍රීට් පාලම් ඉදිකීරිමේ කටයුතු ද ආරම්භ විය.

Latest news

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
- Advertisement -
X
X