පුරාවිද්‍යා ගවේෂණ හා කැනීම්

පුරාවිද්‍යා කැනීමක් සැළසුම් කිරීමේ දී අවධානය යොමුකළ යුතු අංශ

පුරාවිද්‍යා කැණීමක් යනු විනාශකාරි ක්‍රියාවකි․ කැණීමක් සිදු කිරීමෙන් අනතුරුව එම භූමිය තුළ වන තැන්පතුව සම්පූර්ණ වශයෙන්ම ඉවත් වන බැවින් කුමන අයුරකින් හෝ එම භූමිය නැවත ප්‍රතිනිර්මාණය කිරිමට හැකියාවක් නොමැත․ එම නිසා පුරාවිද්‍යා කැණීමක් විනාශකාරී ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය․ පුරාවිද්‍යා කැණීමකින් සිදුවන මෙම විනාශය අවම කරගැනීම සඳහා පුරාවිද්‍යා කැණීමක් මැනවින් සංවිධානය කිරිම සිදුකළ යුතු අතර ඒ සඳහා පුරාවිද්‍යාඥයා විසින් මනා විධිමත් සැලසුමක් සකසා ගත යුතු වේ․ විශේෂයෙන්ම පුරාවිද්‍ය කැණීම් කටයුතු සංවිධානය කිරීමේ දී ඒ සඳහා සැලකිය යුතු මුදලක් වැය වන බැවින් අනිවාර්යෙන්ම ඒ සඳහා පිරිවැය ඇස්තමේන්තුවක් සකස් කළ යුතුය․

ප‍්‍රාග් ඓතිහාසික, මූල ඓතිහාසික හා ඓතිහාසික යුගයන්හි පොළොන්නරුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්

පොළොන්නරුව කියූ පමණින් ම අප බොහෝ දෙනෙකු දන්නේ චූලවංශයේ වීරයන් වූ මහා පරාක‍්‍රමබාහු රජුගේ මහාවිජයබාහු රජුගේ යුගයේ බිහි වූ පොළොන්නරුවේ සමෘද්ධිමත් යුගය ගැන පමණි. කොටින්ම කියතොත් පොළොන්නරුව රාජධානියක්ව පැවැති 12 වැනි සියවස දක්වා පමණි. නමුත් පොළොන්නරුව යනු, ගල් අවි භාවිත කරමින් දඩයමින් හා ආහාර එකතු කිරීමෙන් ජීවත්වූ ගල් යුගයේ මිනිසුන් මෙන්ම පූර්ව ඓතිහාසික යුගයේ විවිධ තාක්‍ෂණික පෙරළි කළ කෘෂි කාර්මික ජනතාවක් විසින් පරිහරණය කළ භූමියක් වග බොහෝ දෙනෙකු නොදනී. ඒ අනුව පොළොන්නරුව යනු හුදෙකලාව ම නිර්මාණය වූ රාජධානියක් නොව කාලාන්තරයක් තිස්සේ ජනාවාසකරණයට නතු වූ ප‍්‍රදේශයකි. ඓතිහාසික යුගයෙන් ඔබ්බට වසර දහස් ගණනක් ඈතට දිව යන ඉතිහාසයක උරුමක්කාරයන් වීමේ භාග්‍යය අපට ද හිමි ව ඇත. 2001 වසරේ සිට මේ දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යාපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණ සහ කැනීම් මෙන්ම ම විසින් සිදුකළ ස්වාධීන පර්යේෂණ ඔස්සේ ඓතිහාසික සඳහන්වලින් ඔබ්බට ගොස් පුරාවිද්‍යාත්මක සාධක මත තහවුරු කිරීමට දැරූ ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයකි.

පොළොන්නරුවේ කඳුරුවෙල බලකොටුව පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් : 2009 -10 වර්ෂවල මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ව්‍යපෘතියේ කැනීම් හා පර්යේෂණ අංශය මඟින් සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵල

ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී හා ව්‍යාපාති කළමනාකරු, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව. පර්යේෂණ අරමුණ චන්ද්‍රිකා ඡායාරූප පරීක්‍ෂා කිරීමෙන් භූමියෙහි මතුපිට...

කූරගල ගවේශනය 2014 – අදියර 1- වාර්තාව

මහාචාර්ය රාජ් සෝමදේව මහතා 2014 දී සිදු කල කූරගල ගවේශනයේ වර්තාව ඔබට දැන් PDF ගොනුවක් ලෙස භාගත හැක.

අනුරාධපුර, ඇතුළුනුවර හා පුරාවිද්‍යා පර්යේෂණ

සටහන හා ඡායාරුප චන්දිම බණ්ඩාර අඹන්වල විවිධාකාර ගති ලක්ෂණ නිරූපණය කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර දසදහස් ගණනකින් සමන්විත ශ්‍රී ලංකාවේ එම පුරාවිද්‍යා...

වල්මීතලාව, හුණුගලාගල ගුහා කැනීම, 2013

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දකුණුදිග බෑවුමේ පිහිටි හුණුගලින් නිර්මාණය වූ ගුහාවක් වශයෙන් “හුණුගලගල ගුහාව” හැඳිනගත හැකි වේ. මෙම ගුහාව වසර මිලියන ගණනාවකට පුර්වයෙන් වික්‍රාන්ත...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි