31 C
Colombo
Saturday, April 17, 2021
- Advertisement -

TAG

චන්දිම අඹන්වල

13. මිහින්තලේ අසළ පිහිටි මහකනදරාව ගල් පාලම

පැරණි අනුරාධපුර ඇතුළු නගරයේ සිට නැඟෙනහිර දෙසට ගමන්ගත් මාර්ගය එ නම් අනුරාධපුරයේ සිට ගෝකණ්ණ තිත්ථ අද විදිහට කිවුවොත් ත්‍රිිකුණාමලය දක්වා ගමන් ගත් මාවතට අයත් තුන් වැනි ගල්පාලම විදිහට තමා මහකනදරාව ගල් පාලම හඳුනාගන්න පුළුවන් වෙන්නේ.

15. පාළුමැකිච්චාව ගිරි ලිපිය

ලිපිය අනුව ‘ගාමිණි අබය’ නම් රජු විසින් ‘උප්පල’ නම් ප්‍රදේශයේ තිබූ ‘වඩමණක’ නම් වැව පන්දහසක වියදමින් ප්‍රතිසංස්කරණය කොට එහි ආදායම ‘තුබරබ’ නැත්නම් ථූපාරාම විහාරයේ භික්‍ෂූ සංඝයාගේ සිවුපසය පරිභෝජනය සඳහා පරිත්‍යාග කර ඇත.

 17. කඳුරුගොඩ මැටි පාත්‍ර කැබැල්ල

ආචාර්ය කාර්යේගේසු ඉන්ද්‍රපාල මැතිතුමාට අනුව මෙම ලිපිය යාපනය දිස්ත්‍රික්කයෙන් හමු වෙලා තියෙන පැරණිම ලේඛනය. මේ කියන්නේ සිංහල ප්‍රාකෘත ලිපියක් ගැනනේ. මේ ලිපිය අපහසුවක් නැතිව කියවන්න පුළුවන්. ඒ අකුරු පැහැදිලිව සටහන් කරල තියෙනවා.

18. පුරාවිද්‍යාවේ මූලාශ්‍රය

පුරාවිද්‍යාවේ දි මූලිකව මූලාශ්‍රය වර්ග දෙකක් හඳුන ගන්න පුළුවන් 1. ලිඛිත මූලාශ්‍රය හා 2. අලිඛිත මූලාශ්‍රය කියලා. මිනිස්සු තමන්ගේ කටින් නිකුත් වෙන ශබ්ද නැත්නම් සිතේ ඇඳුණු සංකල්ප අනෙක් අයට දැනවීම සඳහා නිර්මාණය කරගත් සංකේත පද්ධතියන්නේ භාෂාව කියන්නේ.

19. මිහින්තලේ, බෙහෙත් ගෙය

මෙතැන වෙලා තියෙන්නේ නිකංම නිකං වෙදකමක් නෙවෙයි. බාහිර රෝගීන්ටත් බෙහෙත් කරල. රොගීන් නේවාසික කරලත් බෙහෙත් කරල. උණුපැන් නාවනවා වගේ වැඩත් කරල. අවශ්‍ය අය බෙහෙත් ඔරුවක බස්සලා තියල. භාග විට සැත්කම් එ‍හෙමත් කරන්න ඇති

35. බලංගොඩ මිනිසාගේ භූමදානය හා ශරීර ලක්‍ෂණ

නූතන මානවයා ගැන ආසියාවේ පරණම සාධක අතර අපේ සාධක තියෙනවා. ෆා-හියන් ලෙනින් හමුවුණු හිස්කබල අදින් වසර වසර 31,000 කාලයට හා බටදොඹලෙනින් හමු වූ හකු ඇටය වසර 28,000ක් පැරණියි.

34. ජාතිකත්වය අනාථ කිරිම

කවුරු හරි කියනව නම්, මේ රටෙන් ‘මහාවිහාර ථෙරවාද බුදුදහමට හිමි තැන නැතිකරල දාන්න ඕන’ කියල, ‘හැදියාව ගොඩනැඟු සිංහලයින් මුළුගන්වන්න ඕන’ කියල ඒක මේ රටේ තියෙන අසාධාරණම කතාවක්.

33. බලංගොඩ මිනිස් ගහණය, වාස්තු හා හුවමාරුව

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු තියෙන ගල්ලෙනක් තාම සම්පූර්ණයෙන් ම හෝ ඒ ගැන දැනගන්න ප්‍රමාණවත් විදිහට කැනීම් කරල නැ. කැනීම් කරන්නේ සීමිත ප්‍රමාණයක් පමණයි.

36. ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

ඉරණමඩු පස් සැකැස්මේ කරපු පර්යේෂණවලින් ලංකාවේ පුරාශිලා යුගයක් ස්ථිරව තිබුණු බවත් එය වසර 125,000ක් හෝ ඊටත් එහා පරණ වෙන්න පුළුවන් කියලත් තහවුරු වුනා. ලංකාවේ වෙරළබඩ වගේම තෙත් කලාපයේ ගල්ලෙන් හා එළිමහන් ස්ථානවල සිදුකළ අධ්‍යයන මඟින් මධ්‍යශිලා යුගය ගැන පැහැදිලි අදහස් ඉදිරිපත් වුනා.

43. සොරබොර (බදුලු) ටැම් ලිපිය

අකුරුවල හැඩ අනුව මේ ලිපිය ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසේ මැද කාලයට අයිතියි කියලයි පරණවිතාන මැතිතුමා නිශ්චය කරන්නේ. ‘අ’, ‘ඉ’, ‘ක’ හා ‘බ’ වගේ අකුරු විවිධ හැඩයෙන් යුතු වීමත් විශේෂයක්. එකම ලිපියේ එකම අකුරු එක එක විදිහට.

Latest news

- Advertisement -spot_img
X
X