ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් නැගෙනහිර පළාතේ 2012 ජුලි – අගෝස්තු ගවේෂණ වල ඡායාරුප එකතුවක් මෙහි ඇත. මේ සම්බන්ධ වැඩි තොරතුරු සඳහා “ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නවතම අනාවරණ: නැගෙනහිර පළාත” ලිපිය කියවන්න. [nggallery id=9]
ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නවතම අනාවරණ: නැගෙනහිර පළාත
ඒ. එම්. ඒ දයානන්ද හා මහින්ද කරුණාරත්න,
මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, කොටුව, ගාල්ල.
පර්යේෂණ පසුබිම
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය යටතේ ක්රියාත්මක වන මධ්‍යම සංසකෘතික අරමුදලට (Centarl Cultural Fund/CCF) අයත් ව්‍යාපෘතියක් ලෙසින් ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය (Maritime Archaeology Unit/ MAU) හැදින්විය හැකි ය. 1992 වර්ෂයේ දී ගාලූවරාය ආශ‍්‍රීත ව සිඳුකළ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ වලින් පසුව 2001 වර්ෂයේ ස්ථාපිත කළ මුහුදු පුරාවිද්‍යා ඒකකය ගාලූවරාය මුල් කරගනිමින් මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු රැසක් ක‍්‍රියාවට නැංවීය. ආරම්භක අවධියේ දී ගාලූවරාය ආශ‍්‍රිත ව ගවේෂණ කටයුතු වසර කීපයක්ම සිඳුකළ ද එම පර්යේෂණ ගාල්ල ප‍්‍රදේශයෙන් ඔබ්බට රැගෙන යමින් මුළු දිවයින පුරා මුහුදු තීරය ආවරණය වන පරිදි සිඳුකිරීමට සැලසුම්කරන ලදි. ඒ අනුව 2008 වර්ෂයේදී යුනෙස්කෝ ආධාර මත ආසියානු පැසිපික් කලාපයේ මුහුදු පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර පාසල ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට තීරණය කරමින් ඒ සඳහා අවශ්‍ය පුහුණු කටයුතු සඳහා උචිත දියයට පුරා ක්ෂේත‍්‍රයක් සෙවීම සඳහා සිඳුකළ පර්යේෂණ මත හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ කිරින්ද හා අම්බලන්තොට ගොඩවාය පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර අශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රිත ව පර්යේෂණ කටයුතු සිදුකරන ලදි. එහි දී මහාරාවණ පරය (Great Basses) ආශ‍්‍රිත ව ගිලී ඇති පුරා ක්ෂේත‍්‍ර තුනක පර්යේෂණ කටයුතු සිඳුකොට ඇත. එනම් රිදී කාසි නැව (Silver Wreck), බෝතල් නැව (Bottle Wreck), තඔ නැව (Copper Wreck) උදාහරණ ලෙසින් දැක්විය හැකි වේ. මෙම කටයුතු වලින් පසු ව කුඩා රාවණ පරය (Little Basses) ආශ‍්‍රිත ව යකඩ නැව ආශ‍්‍රිත පර්යේෂණ ද වැදගත් වේ.
2008 වර්ෂයේ සිඳුකළ වැදගත් පර්යේෂණයක් ලෙසින් අම්බලන්තොට ගොඩවාය පැරණි වරාය සිට කිලෝමීටර 3ක පමණ දුරින් හා නව වරායේ මුවදොර සිට කිලෝමීටර 4ක පමණ දුරින් ගැඔුරු මුහුදේ ගිලී ගොස් ඇති, මෙතෙක් ලංකාවෙන් සොයාගෙන ඇති පැරණි ම නෞකාව (ක‍්‍රිස්තු පූර්ව 2 – ක‍්‍රිස්තු වර්ෂ 2 වන සියවස් වලට කාලනීර්ණය කොට ඇත) පිළිබඳ පර්යේෂණ වැදගත් සංදිස්ථානයක් ලේසින් හැදින් විය හැකි ය.
2008 වර්ෂයේ දී ගාල්ලට නුදුරු හික්කඩුව හා අම්බලන්ගොඩ මුහුදු තීරයේ ගිලී ගිය වික්ටරි (Victory), අර්ල් ඔෆ් සාෆ්ට්ස්බරි (Earl of Shaftsburry), එස. එස්. කොන්ච් (S. S Conch), යන නෞකාවල පර්යේෂණ සිඳුකිරීම ද වැදගත් වේ.
2012 වර්ෂය වනතෙක් ශ‍්‍රී ලංකාවේ දකුණූ මුහුදු තීරයට පමණක් සීමාව පැවති මුහුදු පුරාවිද්‍යා පර්යේෂණයන් වයඔ දිග මුහුදු තීරයට විහිදුවා ලීම වැදගත් අවස්ථාවක් ලෙසින් දැක්විය හැකි වේ. ඒ අනුව හලාවත සිට මන්නාරම තෙක් සිඳුකළ මූලික ක්ෂේත‍්‍ර ගවේෂණය හා ද්වීතීක ව ක‍්‍රියාට නැංවූ දියයට දුරස්ථ සංවේදක (Remote Sensing Survey) පර්යේෂණය වැදගත් විය. එම පර්යේෂණ කටයුතු වලින් මෙතෙක් හඳුනානොගත් දියයට සංස්කෘතික උරුමයන් කිහිපයක්ම හඳුනාගැනීමට හැකියාව උදා වි ය. එහි දී මුහුද හා කලපු ආශ‍්‍රිත ව සිඳුකළ පර්යේෂණයන් ඔස්සේ කල්පිටිය කුඩාව මුහුදු තීරයේ ගිලී ඇති දැවමය නෞකාව හා පුත්තලම කලපුව ආශ‍්‍රිත ව දෙවන ලෝක යුධ සමයට අයත් ප‍්‍රහාරක යානා දෙකක සාධක සොයා ගනු ලැබී ය.
ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර පළාත ආශ‍්‍රිත නව පර්යේෂණ
2012 වර්ෂය සඳහා මුහුදු පුරාවිද්‍යා පර්යේෂණයන් පිළිබඳ ව ඇස්තමේන්තු ගත වැඩ සැලැස්මට අනුව ශ‍්‍රි ලංකාවේ නැගෙනහිර මුහුදු තීරය ආශ‍්‍රිත ගවේෂණ කටයුතු ආරම්භකිරීමට සැලසුම් කරන ලදි. ඒ අනුව 2012 වර්ෂයේ ජූලි මස 13 වන දින සිට අගෝසතු මස 26 දින දක්වා ත‍්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර දිස්ත‍්‍රීක්කයනට අයත් වෙරළ තීරයේ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ සිඳු කිරීමට නියමිත ව ඇත. නැගෙනහිර කලාපයේ ආරම්භ කළ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණ ප‍්‍රධාන අධියර 3ක් ඔස්සේ ක‍්‍රියාත්මක වේ.
1 ත‍්‍රීකුණාමල ප‍්‍රදේශය ආශ‍්‍රීත ගවේෂණය
2 මඩකලපු දිස්ත‍්‍රීකකය අවට ගවේෂණය
3 අම්පාර දිස්ත‍්‍රීකයේ පොතුවිල් ආශ‍්‍රිත ගවේෂණය
මෙම පර්යේෂණයට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ මුහුදු පුරාවිද්‍යාඥයන් වන ඩබ්. එම් චන්ද්‍රරත්න (ස්ථානභාර නිලධාරි), එස්. එම්. නන්දදාස, ඒ. එම්. ඒ දයානන්ද, රසික මුතුකුමාරණ, නදීකා කුමාරි, රුක්ෂාන් පියන්දන, ඉන්දික හේවගේ, සමීර ප‍්‍රසංග, චමල්. කේ. ගමගේ, මහින්ද කරුණාරත්න යන දසදෙනකුගෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් සහභාගී වේ.
නැගෙනහිර ගවේෂණයට සම්බන්ධ වූ මුහුදු පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම
1 ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශය ආශ‍්‍රීත ගවේෂණය
ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශය දියයට පුරාවිද්‍යා පර්යේෂණ 2012 ජුලි මස 13 වන දින සිට 31 වන දින දක්වා සිඳුකරන ලදි. එහි දී දියයට පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර ලෙසින් උප්පුවේලි හා ඉරක්කන්ඩි ආශ‍්‍රිත ව ගිලී ගිය නෞකාවන් දෙකක් පිළිබඳ ව පර්යේෂණ කටයුතු සිඳුකොට ඇත. එයට අමතර ව ස්වාම් රොක් ලෙසින් හඳුන්වන කෝණේෂ්වරම් කෝවිල හා වරාය ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශය ගවේෂණයට ලක්කරන ලදි.
උප්පුවේලී ප‍්‍රදේශයෙන් හමු වූ HMS Diomede නෞකාව
ත‍්‍රීකුණාමලය උප්පුවේල ප‍්‍රදේශයේ සිල්වර් බීච් ලෙස හඳුන් වන, මුහුදුතීරය සිට කිලෝමීටර 3ක් පමණ දුරින් අඩි 140ක පමණ ගැඔුරේ පිහිටි නෞකාවක අවශේෂ මුහුදු පුරාවිද්‍යාඥයන්ට අනාවරණය කොට ගැනීමට හැකි වි ය. සංචාරකයිනට මඟපෙන්වන්නකු ලෙස කටයුතු කරන ප‍්‍රියන්ත හෙවත් කළු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තාගේ තොරතුරු වලට අනුව, එම ස්ථානය ගවේෂණයට ලක්කිරීමේ දී දැව නැවක අවශේෂ අනාවරණය කරගැනීමට හැකි වි ඇත. මෙම පුරා ක්ෂේත‍්‍රයේ ගවේෂණ කටයුතු සිදුකරන අතරතුර සිදුකළ පුස්තකාල ගවේෂණයෙන් එම නෞකාව පිළිබඳ ව වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකි විය. ඒ අනුව 1960 දශකයේ ද ආතර් සී ක්ලාක්, මයික් විල්සන් ඇතුළු කණ්ඩායම ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශයේ පරවි දූපත අසල දියයට ඡායාරූප ගත කිරීම (Underwater Filming) සිදුකර ඇත. එම කටයුතු වල දී HMS Diomede නැව සොයා ගැනීමට උත්සහා කොට ඇත (Clerk and Wilson 1964, 200). එහි දී ඔවුන් දක්වන පරිදි Diomede rock ලෙසින් හඳුන්වන ගල්පරය ආශ‍්‍රීත ව මෙම නැව සොයාගැනීමට උත්සහා දැරුව ද ඔවුන්ගේ උත්සහය අසාර්ථක වී ඇත (Clerk and Wilson 1964, 200). ඔවුන් දක්වන පරිදි ක‍්‍රිස්තුවර්ෂ 1795 වර්ෂයේ දී ශ‍්‍රී ලංකාවේ ත‍්‍රීකුණාමලය වරායට HMS Diomede නෞකාව Suffolk, Centurion, Heroine නමැති නෞකා 3 සමඟ පැමිණ ඇති අතර ඔවුන් ත‍්‍රීකුණාමලය ප‍්‍රදේශය පාලනය කළ ආණ්ඩුකාර වරයාට තමනට යටත් වන ලෙසට ඉදිරිපත් කරන ලද ඉල්ලීමට ආණ්ඩුකාරවරායා සුභවාදී ප‍්‍රතිචාරයක් දැක්වූ බව සඳහන් වේ. මෙම ගමනේ දී HMS Diomede නෞකාව අවාසනාවන්ත ලෙස හඳුනා නෙගත් ගල් පරයක වැදුණූ බව ද, නැව බේරාගැනීම සඳහා එහි කාර්ය මණ්ඩලය විසින් එහි සියලූ කාලතුවක්කු මහුදට දැමූ බව ද සඳහන් වේ. එහෙත් නැව බේරාගැනීමට දැරූ උත්සහයන් නිෂ්ඵල කරමින් නැව මුහුදු බත් වී ඇත. ආතර් සී. ක්ලාක් පවසන පරිදි මෙම නෞකාව ටොන් 887ක බරින් යුක්ත වූ බව ද කාලතුවක්කු 44කින් සමන්විත වූ බව ද පැවසේ (Clerk and Wilson 1964, 200).
HMS Diomede සම්බන්ධයෙන් අන්තර්ජාලයෙන් සිඳුකළ තොරතුරු ගවේෂණයේ දී නව තතු අනාවරණය කරගැනීමට හැකි වී ඇත. ඒ අනුව මෙම නැව නිර්මාණය සඳහා ඇණවුම් කොට ඇත්තේ 1779 වර්ෂයේ අගෝස්තු 14 වැනි දා ය. එහි නිර්මාපක ආයතනය වනුයේ ජේම්ස් මාටින් හිල් හවුස් නමැති ආයතනයයි. එහි සම්ප‍්‍රර්ණ වැඩ නිම කොට දියත්කිරීම සිඳුකොට ඇත්තේ 1781 වර්ෂයේ ඔක්තෝම්බර් 18 වැනි දා ය.
Career (Great Britain) | |
Name: | HMS Diomede |
Ordered: | 14 August 1779 |
Builder: | James Martin Hillhouse, Bristol |
Laid down: | March 1780 |
Launched: | 18 October 1781 |
Completed: | 14 March 1782 |
Fate: | Struck a rock on 2 August 1795 and sank almost immediately |
General characteristics | |
Class and type: | 44-gun Roebuck-class two-decker fifth rate |
Tons burthen: | 88737⁄94 (bm) |
Length: | 140 ft (42.7 m) (overall) 115 ft 6 in (35.2 m) (keel) |
Beam: | 38 ft 2 1⁄2 in (11.6 m) |
Depth of hold: | 16 ft 4 in (4.98 m) |
Sail plan: | Full-rigged ship |
Complement: | 300 |
Armament: | As built:
|
(මූලාශ්‍රය – http://en.wikipedia.org/wiki/HMS_Diomede_(1781))
මෙම නෞකාව විශේෂයෙන් ම නිරිමාණය කොට ඇත්තේ ඇමරිකානු පුනරුද යුධ සමයේ දී එරට වෙරළ සේවා කටයුතු සඳහා ය. මෙම නෞකාව මඟින් සිඳුකළ මෙහෙයුම් දෙකක් පිළිබඳ ව වාර්තා වේ. එනම් 1782 වර්ෂයේ දකුණු කැරලිනා ප‍්‍රදේශය අත්පත් කරගැනීම, 1794 වර්ෂයේ ඉන්දීය සාගරය අත්පත් කරගැනීම ය.
HMS Diomede නෞකාවේ වාර්තාගත කිරීම යටතේ ඡායාරූපගත කිරීම, වීඩියෝගත කිරීම සිඳුකළ අතර මිනුම් කටයුතු හා කටුසටහන් ඇදීම සිඳුකරන ලදි. එමෙන්ම එහි විසිරී ඇති කාලතුවක්කු 18ක් පමණ අංක ගත කරන ලදි. විශාල ප‍්‍රදේශයක පැතිර ඇති කුඩා ප‍්‍රමාණයේ තුවක්කු උණ්ඩ විශාල ප‍්‍රමාණයක්, කැඞී විසිරීගිය බෝතල් විශාල ප‍්‍රමාණයක් ද, දැව හා ලොහමය කොටස් ද හඳුනා ගැනීම ට හැකි වි ය.
අනාවරණය වූ කාලතුවක්කුවක්
විවිධ පරිමාණයේ කාලතුවක්කු උණ්ඩ
ඡායාරූප – රසික මුතුකුමාරණ හා නන්දදාස සමවීර, මුහුදු පුරාවිද්‍යා ඒකකය, ගාල්ල.
ඉරක්කණ්ඩි ප්‍රදේශයෙන් හමු වූ නෞකාව
අංක 234 ඉරක්කණ්ඩි ග‍්‍රාම නිලධාරි වසමේ නිලාවේලි ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයේ කොටකුඹ් ගංගාව ආශ‍්‍රිත ව ඇති ඇති ඉරක්කණ්ඩි කලපුවේ සිට කිලෝමීටර 2.5ක් පමණ දුරින් යුත් කොරල් දූපත් අසල මීටර් 7ක පමණ ගැඹුරක ස්ථාන ගත ව ඇත. මෙම නෞකාව පිළිබඳ ව සිඳුකළ පර්යේෂණ කටයුතු වල දී මිනුම කටයුතු, ඡායාරූප ගැනීම හා සැලසුම් ඇදීම සිඳුකරන ලදි.
කෙසේ වුව ද, මිනිසුනට පහසුවෙන් ළගාවිය හැකි නොගැඹුරු මුහුදේ නැව ස්ථානගත ව ඇති බැවිනි විශාල වශයේන් නැවට හානි සිදු වී ඇත. ඒ අනුව නැව පිළිබඳ ව හඳුනා ගැනීමට තිබූ සාධක බොහෝමයක් යකඩ එකතු කරන්නන් හා මසුන් මැරීමට පුපුරන ද්‍රව්‍ය මඟින් සිදුකරන ලද ක‍්‍රියාදාමයන් නිසා විනාශ වී ඇත.
දිගින් මීටර 90ක් පමණ වන නෞකාව යකඩ භාවිතයෙන් නිර්මාණය වූවකි. නැව හඳුනා ගැනීමට තිබෙන සාධක බොහෝමයක් විවිධ මානව ක‍්‍රියාකාරකම් නිසා අහිමි වී ඇත. නෞකාවේ ඉදිරිපස කොටස (Bow) හා පසු පස කොටස (Stern) පහසුවෙන් හඳුනාගත හැකි අතර අවර පෙත්ත (Propeller) ද පැහැදිලිව හඳුනාගත හැකි වේ. නැවේ බඳ කොටස් දෙපසට කඩා වැටී ඇති නමුත් ඇතැම් කොටස් මනා ව ආරක්ෂා වී ඇත. නැවේ එන්ජිමේ කොටස් තැන තැන විසිරී ඇත. නැංගුරම් 3ක් දැකගත හැකි අතර මෙහි රැගෙන ගිය භාණ්ඩ පිළිබඳ ව හෝ එහි උපයෝගිතාව පිළිබඳ ව මේ දක්වා තොරතුරු ලබාගැනීමට නොහැකි වී ඇත. ආශ‍්‍රිත කලාපයේ විහි දී යන ගල් පරයේ වැදීමෙන් මෙම නැව මුහුදු බත් වන්නට ඇතැයි ගල් පරය දෙපසට වැටී ඇති නෞකාවේ කොටස් අනුව අනුමාන කළ හැකි ය. ප‍්‍රදේශයේ ධීවරයෙක් වන අබ්දුල් කරීම් පවසන පරිදි ඔහුගේ පියා වන මොහොමඞ් අබ්බ‍්‍රහීම් 1936 වර්ෂයේ දී මෙම නෞකාව ගිලීයන ආකාරය තම දෑසින් දැක ඇත (2012 ජූලි 19 දින-සම්මුඛ සාකච්ඡාව).
කෝණේෂ්වරම් ආශ‍්‍රිත ස්වාමී රොක්
ත‍්‍රීකුණාමලය කෝණේෂ්වරම් දේවාලය ආශ‍්‍රිත ස්වාමී රොක් (Swami Rock) ලෙසින් හැදින්වෙන ස්ථානයේ පර්යේෂණ කටයුතු සිදුකිරීමේ දී වැදගත් සාධක රැුසක් හඳුනා ගැනීමට හැකියාව උදා විය. එහි දී ශිලා ස්ථම්භ මුදුන් කොටස් කිහිපයක සාධක, මැනවින් සකසන ලද මටසිලූටු ගල් පුවරු හා පැරණි ලෝහ නැංගුරමක් අනාවරණය කොටගෙන ඇත. මෙම තොරතුරු දින දෙකක දියයට ගවේෂණයකින් ලබාගන්නා ලද තොරතුරු වේ.
1960 දශකයේ දී ආතර් සී. ක්ලාක් හා මයික් විල්සන් ඇතුළු කණ්ඩායම ස්වාමි රොක් ආශ‍්‍රිත ව පර්යේෂණ රැගෙන ගොස් ඇත. එහි දී ඔවුන් ස්ථානයේ මුහුදු පත්ල ආශ‍්‍රිත ව ඡායාරූපමය වාර්තාකරණයක සිඳුකොට ඇත. එහි දී අලංකාර නෙළුම් මල් හැඩය සහිත ගල් කුළුණූ කොටස් ඡායාරූපයට නගා ඇත (Clerk, The Reefs of Taprobane 1956, 142).
ස්ථානයේ ඉතිහාස කථාන්දරය අනුව ගල් කුළුණූ 1,000ක් සමන්විත වූ ආගමික ස්ථානයක් පැවති බවත් පෘතුගීසීන් විසින් විසින් එය කඩා විනාශකොට ස්වාමි පර්වතයෙන් පහළට දැමූ බවත් සඳහන් වේ (Clerk, The Reefs of Taprobane 1956, 140-145).
මුහුදු පුරාවිද්‍යා ඒකකය විසින් සිදුකරන මෙම පර්යේෂණ මඩකලපුව හා අම්පාර දිස්තී‍්‍රක්කයේ ස්ථාන කිහිපයකට දිගැලි කිරීමට නියමිත ය. එය ඉදිරි දින කිහිපයේ සිඳුකිරීමට නියමිත ව ඇත. එහිදී තවත් බොහෝ නව තතු අනාවරණය කිරීමට හැකියාව උදාවනු ඇත.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
Clerk, Arther C. The Reefs of Taprobane. Hapor and Brothers, 1956.
Clerk, Arther C, and Mich Wilson. The Tresure of the Great Reef. New York: Harper and Row, 1964.
http://en.wikipedia.org/wiki/HMS_Diomede_(1781)
ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය 1795 දී ගිලුණු HMS DIOMEDE නැව සොයා ගනී
HMS-Diomede-1795
ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් නැගෙනහිර වෙරළ තීරයේ ආරම්භ කරන ලද ගවේෂණ කටයුතු මේ වන විට සාර්ථකව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදු කරමින් පවතී. 15 ආරම්භ කරන ලද මෙම ගවේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් පුහුණු පාසලේ හා කිමිදුම් ඒකකයේ සහයෝගයද ලැබී තිබේ.මේ වන විට ගිළුණු නැව් දෙකක් ඇතුළු පුරාවිද්‍යා ස්ථාන කිහිපයක පර්යේෂණ කටයුතු සිදු වේ. උරපුවේලි ප්‍රදේශය, ඉරක්කන්ඩි ප්‍රදේශය හා කෝනේෂ්වරම් කෝවිල පාමුල ස්වාමි ගල ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන වේ. මේ අතර වැදගත්ම සොයා ගැනීම වන්නේ උප්පුවේලි වෙරළේ සිට කි.මි. 4 ක් පමණ දුරින් අඩි 140 (මීටර් 42 )පමණ ගැඹුරේ ඇති දැවමය නෞකාව හඳුනා ගැනීමට හැකි වීමය. ප්‍රාදේශීය කිමිදුම්කරුවන් හා මසුන් මරන්නන්ගෙන් ලද තොරතුරු අනුව සොයාගත් මෙම නෞකාව බ්‍රිතාන්‍යට අයත් 1795 දී ගිලීගිය ඩියොමඩේ (Diomede) නම් නෞකාව බව පැරණි ලිපි ලේඛන ආශ්‍රිතව කරන ලද පර්යේෂණ වලිව් තහවුරු කර ගැනීමට හැකි විය. 1960 දශකයේදී ආතර් සී ක්ලාක් මහතා ඇතුළු කණ්ඩායම මෙම නැව සොයා ගැනීමට උත්සාහ දරා තිබුණ ද නොහැකි වී තිබේ. නැව පිළිබඳ තොරතුරු
නැවේ නම HMS DIOMEDE
සාදන ලද දිනය 1781
ගිළුණු දිනය 1795 අගෝස්තු 02
වර්ගය දැවයෙන් තැනූ කාලතුවක්කු 44 සහිත යුධ නැවකි
දිග අඩි 142
පළල අඩි 38
බර ටොන් 880
1795 ලන්දේසින්ගෙන් ත්‍රිකුණාමලය කොටුව ලබා ගැනීම සඳහා යුධ භටයින් හා ආයුධ රැගෙන පැමිණි මෙම නැව හදිසියේ ගල් පරයක හැපීයාම නිසා ගිලීගොස් තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්රියාත්මක වන මුහුදු පුරාවිද්‍යා ඒකකයේ සමුද්‍ර පුරා විද්‍යා කණ්ඩායම මගින් මෙහි පර්යේෂණ කටයුතු සිදු වේ. නැව පිළිබඳ වැඩිදුර තොරතුරු
අන්තර්ජාලයේ පළවූ තතු පහත දිගුව මත ක්ලික් කිරීම මගින් ලබාගත හැකිය.
ඡායාරූප
අනාවරණය කොටගත් විවිධ පුරාවස්තු
ඕමානයේ මැණික හෙවත් ඉන්දුනීසියානු සමුද්‍ර පුරාවිද්‍යාවේ ඛේදවාචකය
ඕමානයේ මුහුදු වෙරළක මහත් පරිශ්‍රමයක් දරා පාරම්පරික තාක්ෂණය උපයෝගී කරගනිමින් ගොඩනගන ලද Jewel of Muscat නැමති රුවල් යාත්‍රාව උත්සවශ්‍රීයෙන් 2010 අප්‍රේල් 19 වන දින ගාලූ වරායට සැපත්විය. 9 වන ශතවර්ශයට අයත් පැරණි රැවල් යාත්‍රාවක අනුරුවක් ලෙස මෙම යාත්‍රාව සකසා තිබේ. එම යාත්‍රාව මැදපෙරදිග නිපදවන ලදුව චීනය බලාගොස් ආපසු පැමිණෙමින් තිබියදී විනාශයට පත්වූවකි. ඉන්දුනීසියාවේ වෙරළ තීරයේ ගිලී තිබියදී 1998 වසරේ දී සොයාගන්නා ලද මෙම යාත්‍රාවේ අවශේෂ හා පුරාක්ෂේත්‍රය පිරීක්සා බැළූ පුරාවිද්‍යාඥයින් එම පැරණි සාම්ප්‍රදායන් අනුගමනය කරමින් එම යාත්‍රාවේ ප්‍රමාණයටම අනුරුව නිර්මාණය කර තිබේ.


සිංගප්පූරුවේ හා ඕමානයේ සංස්කෘතික සබඳතාවය මත ගොඩනැගුණු ව්‍යාපෘතියක් වන මෙහි අවසන් අදියර වන්නේ ඕමානයේ සිට පැරණි වෙළෙඳ මාර්ගය ඔස්සේ සිංගප්පූරු සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය වෙත ලඟාවීමය. ඉන්පසු ජලයෙන් ගොඩගෙන වියලා සංරක්ෂණය කර එහි අළුත් නවාතැන වන කෞතුකාගාරයේ නරඹන්නන් සඳහාම සැකසුණු විශේෂ ආකර්ශණීය මැදිරියක තැන්පත් වනු ඇත. නවීන තාක්ෂණික උපාංගයන්ගේ උපකාරයකින් තොරව පැරණි උපකරණ දිශාදර්ශක හා උපක්‍රම භාවිත කරමින් යාත්‍රා කරණ මේ රුවල් නෞකාව ඉන්දියාවේ කොචින් වරායටත්, ශ්‍රී ලංකාවේ ගාලූ වරායටත් මැලේසියාවටත් ලඟාවීමට නියමිතය.
ඛෙලිටුන්ග් නිධානය හා ඛෙලිටුන්ග් එකතුව (Belitung Collection) වශයෙන් හඳුන්වන ප්‍රදර්ශන මැදිරිය සිංගප්පූරු සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති ආකාර්ෂණීය අංගයකි. එම මැදිරිය පුරා ප්‍රදර්ශණය කර ඇත්තේ ඉහත කී පැරණි යාත්‍රාවෙන් සොයා ගන්නා ලද කෞතුක වස්තූන් දහස් ගණනකි. 9 වන ශතවර්ෂයට අයත් දුර්ලභ චීන පෙන්සීලේස් එකතුවක් සහ අලංකාරව කැටයම් කරන ලද රන්ල රිදී හා තඹ බඳුන් රාශියකගෙන් සැදුම්ලත් මෙම මැදිරියට එක්වන නවතම ආකර්ශණය වන්නේ Jewel of Muscat යාත්‍රාවයි.
යාත්‍රාව ගාලූ වරායට පිළිගැනීමෙන් පසුව ගෙවුණු දින කිහිපයේදීම මේ යාත්‍රාව හා එහි අසීරු චාරිකාව පිළිබඳව නොයෙක් දේශන හා නව නව තොරතුරු ඉදිරිපත් කරණ ලදී. යාත්‍රාව ඉදි කිරීමේ මූලිකයා වූ පුරාවිද්‍යාඥ ටොම් වොස්මර් මහතාත්, යාත්‍රාව නිර්මාණය කළ ශිලිපීන් හා එහි යාත්‍රික කණ්ඩායමත්, ඕමානය නියෝජනය කරමින් පැමිණි රාජතාන්ත්‍රිකයන් හා ව්‍යාපෘතියේ සංවිධායකවරුන් ද මේ පිළිබඳව නොයෙක් තොරතුරු දන්වන ලදී. පැරණි යාත්‍රා ඉදිකිරීමේ තාක්ෂණය, යාත්‍රාව නැවත ගොඩනැංවූ ආකාරය, පැරණි වෙළෙඳවරාය, මැදපෙරදිග හා චීනය අතර, පැවති වෙළෙඳ සබඳතා හා ඕමානයේ සිට සිංගප්පූරුව දක්වා රුවල් භාවිත කරමින් සුළගේ ආධාරයෙන් පමණක් යන මේ අසීරු චාරිකාව පිළිබඳ වූ මේ තොරතුරු අතරතුර ඉන්දුනීසියානු වෙරළේ ගිලී තිඛෙන පැරණි යාත්‍රාව පිළිබඳව කිසිවක් සඳහන් නෙවීය. මෙම යාත්‍රාව 1998 දී ඉන්දුනීසියාවෙන් හමු වූ බව පමණක් විටින් විට සඳහන් විය. සාගර නීතිය අනුව ඉන්දුනීසියානු මුහුදු තීරයේ පවතින සියළු පුරාක්ෂේත්‍රයෙන් හා පුරාවස්තූන් එම රටට අයත් වේ. එම රටෙන් හමු වූ මෙම යාත්‍රාවල පුරා ක්ෂේත්‍රය හෝ දහස් ගණනක් වූ වටිනා පුරාවස්තූන් ගැන සඳහන් කිරීමේ දී ඒවා අයත් රට ගැන සඳහන් නොවන්නේ කුමක් නිසාදරෑ මේ කතාවේදී ඕමානයට හෝ සිංගප්පූරුවට වඩා අයිතියක් ඉන්දුනීසියාවට නොමැතිද? සැබැවින්ම මේ නොකියවුණු කාන්තාරය පිටුපස සැඟව පවතින්නේ ඛේදවාචකයකි. තම උරුමයන් මුදලට විකුණූ රටක අවාසනාවන්ත කතාවකි. 1998 වසරේ දී ඉන්දුනීසියාවේ සුමාත්‍රා හා බෝර්නියෝ අතර පිහිටි ඛෙලිටුන්ග් නම් දූපත අසලින් මෙම පැරණි යාත්‍රාවේ අවශේෂ සොයාගන්නා ලදී. ස්වදේශීය මසුන් මරන්නන් විසින් සොයාගන්නා ලද මෙම ස්ථානයේ චීන පිඟන්බඩු සම්භාරයක් තිඛෙන බව සොයා ගැනීමෙන් පසු ප්‍රසිද්ධියට පත්විය. සමුද්‍ර පුරාවිද්‍යාව වෙනුවෙන් ක්‍රියාත්මක වන වගකිවයුතු ආයතනයන් නොවූ ඉන්දුනීසියාවට සහාය දීමට ජර්මානු පෞද්ගලික සමාගමක් ඉදිරිපත් විය.




ටිල්මන් වෝල්ටෆෑන්ග් (Tillman Walterfang) නැමැත්තෙකුගේ ප්‍රදානත්වයෙන් යුතු සීඛෙඩ් එක්ස්ප්ලොරේෂන්ස් (Seabed explorations) නැමති මෙම සමාගම මේ පුරාක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු කිරීමටත් පුරාවස්තූ ගොඩගැනීමටත් සම්පූර්ණ සහාය හා අරමුදල් යෙදවීමට ඉන්දුනීසියානු රජයට පොරොන්දු විය. එහෙත් මේ මුදල් යෙදවීම පිටුපස තවත් සැඟවුණු එකඟතාවක් විය. එනම්, ගොඩගන්නා ලද පුරාවස්තූන්ගෙන් 50% හෝ එහි වටිනාකම ඉන්දුනීසියාවට ලබා දී ඉතිරිය එම සමාගමට ලබාගැනීමේ භයානක එකඟතාවයයි. ඉන්දුනීසියාවට ලංකාවට මෙන්ම සංවර්ධනය වෙමින් පවතින ආසියානු රටවල් ගණනාවකට සංස්කෘතිය වෙනුවෙන් අවශ්‍ය තරම් වියදම් කිරීමට මුදල් නොමැත. සමුද්‍ර පුරාවිද්‍යාවට අනෙක් අංශයන්ට තරමටවත් මුදල් නොලැබේ. එහෙත් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන්න් එලෙසම තබා ගැනීමට හෝ රැක ගැනීමට විනා ඒවා මුදලට විකිණීමට පෙළඹී නොසිටීම සතුටට කරුණකි. ඉන්දුනීසියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ගණනාවක් විවිධ නම් වලින් හා පර්යේෂණ සමාගම් වල නාමයෙන් එන මේ නිධන් සොරුන්ගෙන් ග්‍රහනයට හසු වී තිබේ. එරට ජලාශ්‍රිත පුරාවිද්‍යා ක්ෂේත්‍ර රැක ගැනීමට හෝ පර්යේෂණය කිරීමට මුදල් නොමැති හෙයින් විවිධ පෞද්ගලික ආයෝජකයින්ට විකිණීම ඉන්දුනීසියානු රජයේ ප්‍රතිපත්තියක් බවට පත්ව තිබේ.
1998 වසර අගදී වහවහා වැඩ ඇරඹූ මෙම ජර්මාණු සමාගම පුරාක්ෂේත්‍රයෙන් දුර්ලභ ගණයේ චීන පිඟන් බඩු 60,000 කට අධික ප්‍රමාණයක් ගොඩ ගන්නා ලදී. ඊට අමතරව වෙනත් වටිනා පුරාවස්තූන් ද විය. මේ පුරාක්ෂේත්‍රයේ පර්යේෂණ කටයුතු හා වාර්ථා කටයුතු සඳහා ප්‍රකට සමුද්‍ර පුරාවිද්‍යාඥයෙකු වූ මයිකල් ෆ්ලිකර් (Michael Flecker) නැමැත්තාව බඳවා ගන්නා ලදී. මෙම පුරාවස්තු ගොඩගැනීම අතරතුර ඔහු විසින් පුරාක්ෂේත්‍රයේ තොරතුරු සටහන් කරගන්නා ලදී. අවාසනාවකට මෙන් මෙම සමාගම්වල අරමුණ වන්නේ පුරාක්ෂේත්‍රය විද්‍යානුකූලව පර්යේෂණයට ලක් කිරීමට වඩා එයින් හැකිතරම් පුරාවස්තූන් ප්‍රමාණයක් ගොඩ ගැනීමයි. මීටර 14 පමණ ගැඹුරේ පැවති මෙම යාත්‍ර්‍රාවේ අවශේෂ වැඩි ප්‍රමාණයක් ඉතා සුරක්ෂිතව පැවතිණ. යාත්‍රාවේ දැව පිරිද්දුම් පරීක්ෂා කිරීමේ දී ඒවා කිසිදු ලී හෝ ලෝහ ඇණවල භාවිතයකින් තොරව ලණුවලින් පමණක් බැඳ ඇති බවත් ලී එකිනෙකට සවිකර ඇති ආකාරය අනුව අනිවාර්යෙන් බටහිර ඉන්දියානු හෝ මැදපෙරදිග සම්භවයක් ඇති බවත් පෙනීගොස් තිබිණ. ලබාගත් දැව සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු මේ යාත්‍රාවේ මැදපෙරදිග සම්භවයත් කාල වකවානුවත් තහවුරු විය. යාත්‍රාව පිරී තිබුණේ වෙළෙඳ ද්‍රව්‍ය ලෙස චීනයේ සිට ප්‍රවාහණය කෙරුණු පිඟන් බඳුන් වලිනි. වැල්ලෙන් වැසී ආරක්ෂාව තිබූ යාත්‍රාවේ කොටස් හා නිර්මාණය තාක්ෂණය මනාව සටහන් කර ගැනීමට ඵසජය්ැක තකැජනැර හැකියාව ලැබිණ. වසර කිහිපයක් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියේ අවසාන සොයාගනු ලැබූ පුරාවස්තූන් තක්සේරු කරන ලදී. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් විය. ඒ අනුව පුරාවස්තූනගෙන් 50% හෝ වටිනාකමින් 50% ඉන්දුනීසියානු රජයට හිමි විය. අවාසනාවන්ත ලෙස ඔවුන් තෝරාගනු ලැබුවේ මුදලයි. සමාගම විසින් ඇමරිකානු ඩොලර් 2.5 ක් රජයට ගෙවන ලද අතර, එම පුරාවස්තූන්ගේ අයිතිය සමාගමට හිමි විය.
තම ඉලක්කය සපුරා ගත් සමාගම වසර කිහිපයකින් තම පුරාවස්තූ එකතුව සිංගප්පූරු කෞතුකාගාරයකට ඉතා අධික මුදලකට එනම් ඇ.ඩො. මිලියන 32 මුදලකට විකුණා අධික ලාභයක් ලබා ගන්නා ලදී. සිංගප්පූරු කෞතුකාගාරයේ නරඹන්නන් පිනවන මේ චීන පුරාවස්තු එකතුව ඉන්දුනීසියාවට අහිමි වූයේ එලෙසය. තම අනාගතය හා ආර්ථිකය සැලසුම් කරගත් සිංගප්පූරු ජාතිකයින් අධික මුදලක් ආයෝජනය කර ලබාගත් මෙම පුරාවස්තු ප්‍රදර්ශණය කර වසරක්පාසා ආයෝජනය කළ මුදලට සරිලන ලාභයක් උපයති. එහි නියම උරුමකරුවන් වූ ඉන්දුනීසියානුවන් මිලියන 2.5 ක්ෂණික ලාභයක් ලබාගෙන අදත් සිංගප්පූරුවට ගොස් මුදල් ගෙවා මැදිරියක ප්‍රදර්ශණය කර ඇති තමන්ගේම උරුමයන් දෙස බලා පැමිණෙයි. මුදල වෙනුවට පුරාවස්තූන් ලබාගත්තේ නම් වටිනා පුරාවස්තූන් 30,000 පමණ ඔවුන්ටද හිමිවේ. එය අයෝජනය කර ප්‍රදර්ශණය කිරීමට ඔවුන්ට ද හැකියාවක් ඇතිවනු ඇත. එසේ තම උරුමය විකුණා දැමූ ඉන්දුනීසියානුවෝ තම පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සිදු වූ දරුණු ඛේදවාචකයක් ලෙස මේ සිදුවීම අදත් හඳුන්වති.
උරුමය යනු භෞතික සාධකයක් පමණක් නොව ඒ වටා ගොඩනැගුණු සංස්කෘතීන් හා දැනුම වේ. ඛෙලිටූන්ග් පැරණි යාත්‍රාවේ තිබූ අනර්ග පුරාවස්තූන් ද යාත්‍රාව හා එහි ඉදිකිරීම් පිළිබඳව වූ දැනුමද ඉවත්කර ගැනීමෙන් පසු ඉන්දුනීසියාව ගැන කතා කිරීමට කිසිවකුටත් අවශ්‍ය නොවීය. පුරාකෘති එකතුවෙහි හිමිකරුවා වූ සිංගප්පූරුව පැරණි යාත්‍රා ඉදිකිරීම තවමත් යම්මට්ටමකින් රැකගත් ඕමානය හා එක්ව නැඇක දෙ ඵමිජ්එ තැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මයිකල් ෆ්ලිකර්ගේ පර්යේෂණ තොරතුරු අධ්‍යනය කල ටොම් වොස්මර් මහතා එය නිර්මාණය කිරීමේ වගකීම භාර ගන්නා ලදී. ඕමානයෙන්, ඉන්දියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් සොයාගත් දක්ෂ ශීල්පීන් රැසකගේ එකතුවෙන් යාත්‍රාව ප්‍රතිනිර්මාණය කරන ලදී. එහෙත් මේ කණ්ඩායමේ කිසිවෙකුත් ඉන්දුනීසියාවේ ගිලීගිය සැබෑ යාත්‍රාවේ අවශේෂ දැක නොමැත. ඉන්දුනීසියාව, පිලිපීනය, මලයාසියාව ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල් ගණනාවක්ම මේ ඛේදවාචකයට ගොදුරු වී සිටී. ඔවුන් එයින් ගොඩ ඒමට යම් යම් උත්සාහයන් දරමින් සිටියත් ඔවුන්ට සටන් කිරීමට සිදු වී ඇත්තේ කෝටි ගණනින් මුදල් වියදම් කරන නිධන් සොරුන් හා ඔවුන් ඉතසිතින් පිළිගන්නා දුෂිත රාජ්‍යපාලනයත් සමඟය. එහෙත් එම රටවල පවතින සංස්කෘතික උරුමයට සම්බන්ධ විවිධ ආයතන හා පුද්ගලයින් තම උරුමයන් රැක ගැනීමට වෙහෙස වී කටයුතු කරයි. ආයතන ගණනාවක සමුද්‍ර පුරාවිද්‍යාව පිළිබඳව අංශයන් පිහිටුවා ඇති අතර, සමුද්‍ර පුරාවිද්‍යාඥයින් පුහුණු කිරීමේ කටයුතු වලද නිරතව සිටී. තමන්ට අහිමිව ගිය අනර්ග ඛෙලිටුන්ග් එකතුව ගැනත් එහි ජනප්‍රියත්වය ගැනත් කණගාටු වන ඉන්දුනීසියාව එම යාත්‍රාවෙන් සොයාගත් ඔවුන් සතුව පවතින පිඟන් බඳුන් කිහිපය හා තවත් අවශේෂ වලට විශේෂ අවධානයක් යොමුකර කෞතුකාගාරයක තැන්පත් කර ඇත. එම පුරාක්ෂේත්‍රය ඇතුළු තවත් පුරා ක්ෂේත්‍ර ගණනාවක් පුරාවිද්‍යා උරුම ස්ථාන ලෙස ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත. සමාගම් සමඟ එකතුව සිදුකරන ව්‍යාපෘතීන් වඩාත් පරීකෂාකාරීව පාරදෘශ්‍යභාවයෙන් කිරීමට පෙළඹී සිටී. එමෙන්ම ජලාශ්‍රිත පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කිරීමේ වැදගත් කම ජනතාවට කියාදීමේ මහඟු කර්තව්‍යයේද ඉන්දුනීසියානු පුරාවිද්‍යා ආයතන නිරතව සිටී. මේ සියල්ලටම සමගාමීව නිදන් හොරුන්ද ක්‍රියාත්මක වී සිටී. පසුගිය අවුරුදු කිහිපය පුරා විවිධ ව්‍යාපෘති මඟින් සොයාගත් පුරාවස්තූන් 10,000 කට අධික ප්‍රමාණයක් 2010 වසර මැද දී ඉන්දුනීසියානු රජය සමඟ ඒකාබද්ධව ප්‍රසිද්ධියෙන් වෙන්දේසි කිරීමට පියවර ගන්නා ලදී. විවිධ රටවල පුරාවිද්‍යාවට ආදරය කරන පිරිස් හා ආයතන කෙතරම් විරෝධය පෑවද එය නතර කිරීමට අපොහොසත් විය. උරුමය විකිණීමට මෙන්ම ඒවා මිළදී ගැනීමට ද පිරිස සූදානම් ව සිටීම එයට හේතුව විය. මේ සිද්ධියට විරෝධය පාමින් ඕස්ට්‍රෙලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය ඉන්දුනීසියානු සංස්කෘතික අමාත්‍යාංශය හා එක්ව ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ජලාශ්‍රිත පුරාවිද්‍යා දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවන ලදී. UNESCO සංවිධානයද මේ පිළිබඳව දිගින් දිගටම එම රජයට විරෝධය පා සිටී. මේ විරෝධයන්ගේ ප්‍රතිඵලයක් ලෙස වෙන්දේසි දිනයේදී මේ පුරාවස්තු එකතුව ඉන්දුනීසියාව තුලම තබාගැනීමට එකඟවන සමාගමකට හෝ ධනවතෙකුට අළෙවි කිරීමට ඇති හැකියාව සොයාබැලීමට රජය තීරණය කරන ලදී
Jewel of Muscat යාත්රාව පිළිබඳ වූ අවසන් සම්මන්ත්‍රණයේදී විශේෂ දේශණයක් කල විශ්‍රාමික නාවික හමුදා නිළධාරී සෝමසිරි දේවේන්ද්‍ර මහතා තම දේශණය අවසානයේ ඉන්දුනීසියාවේ මේ ප්‍රතිපත්තිය පිළිබඳව පවසා පැමිණ සිටි ඕමානයේ හා ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රිකයිනට හා ආයතන ප්‍රධානීන්ට ප්‍රශංසාවක්, අනතුරු හැඟවීමක් මෙන්ම අවවාදයන් ද දෙන ලදී. ඕමානයත් ශ්‍රී ලංකාවත් තම උරුමයන් රැක ගැනීම පිළිබඳව ප්‍රශංසා කළ එතුමා මයිකල් ෆ්ලිකර් ඇතුළු ඔහුගේ කණ්ඩායම පසුගිය දශකයේ ලංකාවට පැමිණ ව්‍යාපෘති ආරම්භ කිරීමට උනන්දුව දැක් වූ ආකාරයත් අපේ උරුමයන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිපත්තිය හා පවතින පුරාවිද්‍යා නීතීන් හේතුවෙන් එම පිරිස පෙරළා යැවූ බවත් සඳහන් කරන ලදී. ඉන්දුනීසියාවේ තත්ත්වය මේ දෙරටේම ඇති නොවීමට නොපමාව කටයුතු කරන ලෙස දැනුම් දෙන ලදී. පැරණි වෙළෙඳ මාර්ගය ඔස්සේ යාත්‍රාකරණ Jewel of Muscat යාත්‍රාව තම පැරණි ගිමන් හලක් වූ ලංකාවටද පැමිණ තිබේ. ඔවුන් ඒ සමගම මහඟු පණිඩුඩයක් ද අපට ලබා දී තිබේ. උරුමය නොවිකුණා එයආරක්ෂා කර ගැනීමෙන් ද ආර්ථීක ලාභ ලබා ගැනීමට හැකි බව අප වටහා ගත යුත්තකි. අපගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමටත් එය මතු පරපුරට උරුමකර දීමත් අප සතු වගකීම නැවත නැවතත් අලුත් කර ගැනීමට මෙය විශේෂ අවස්ථාවකි.
රසික මුතුකුමාරණ සමුද්‍ර පුරාවිද්‍යාඥ, සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල.
අකුරළ වෙරලේ ඛේදවාචකය – අර්ල් ඔෆ් ශාෆ්ට්ස්බරි
රසික මුතුකුමාරණ
මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල.
පැරණි ලිපිලේඛන අධ්‍යයනය මදක් විඩාබර අලස කටයුත්තක් ලෙස සලකන අවස්ථා ඇතත් එමගින් පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට ලබාගත හැකි ප‍්‍රයෝජන අතිමහත් ය. මෙම ලිපිලේඛන අතර, පැරණි පුවත්පත් කියවීම එක්තරා ආකාරයක විනෝදාත්මක ආකර්ශනීය කාර්යයක් වන අවස්ථා ද වේ. වසර 50-100 පෙර පුවත්පතක ඇති ලිපි, පුවත් හා සමාජ තොරතුරු කියවීම රසවත් කාර්යයකි. එ කල සමාජ සිදුවීම් හා ප‍්‍රවෘත්ති වර්තමානය හා සැසදීමේ දී දැකිය හැකි වෙනස් වීමේ ප‍්‍රවනතාව මෙන් ම පුවත්පතේ ඇති බස්වහර ද ලේඛන ශෛලිය ද විවිධ වේ. මෙම පුවත්පත් වල ඇති තොරතුරු ජලාශ‍්‍රිත පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට සම්බන්ධ වන ආකාරය, ඉන් ඇති ප‍්‍රයෝජන හා එවන් ප‍්‍රවෘත්තියකින් හෙලිවුණු අපූර්ව සිද්ධිමාලාවක් පිළිබඳ තොරතුරු මෙම ලිපිය මගින් ඉදිරිපත් කරනු ලැබේ.


හික්කඩුව වෙරළ තීරයේ සංචාරක ආකර්ෂණය දිනාගත් කිමිදුම් ස්ථාන අතර, අර්ල් ඔෆ් ශාෆ්ට්ස්බරි (Earl of Shaftsbury) නම් ගිළුණු නෞකාව ද වේ. මීටර් 14 පමණ ගැඹුරු දියේ වැලි තලාවක් මත වැතිර පවතින මෙම විශාල ලෝහනෞකාව එහි ස්වභාවයත් ඒ වටා ගැවසෙන විසිතුරු මත්ස්‍ය රංචුත් නිසා ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. මෙම නෞකාව පිළිබඳව දක්නට ලැබුණු තවත් තොරතුරක් වන්නේ එය රුවල් භාවිත කල ලෝහමය යාත‍්‍රාවක් (Iron Sailing Vessel) බවයි. එ නම් පැරණි යුගයේ දැවමය රුවල් යාත‍්‍රාත් එහි දෙවන යුගය වන වාෂ්ප බලයෙන් යාත‍්‍රාකල හැකි ලෝහ නෞකා යුගයත් අතර, වන සංක‍්‍රාන්ති සමයට මෙම නෞකාව අයත් වීමයි. හික්කඩුව ප‍්‍රදේශයේ ගිළුණු නෞකා හා පුරාක්ෂේත‍්‍ර අලලා ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය ආරම්භ කළ සමීක්ෂණ කටයුතු ද සිදු කෙරෙමින් පවතින අවධියක මෙම නෞකාව වෙත ද අවධානය යොමුවිය. එහෙත් මෙම නෞකාව පිළිබඳව දැනගැනීමට හැකි වූ තොරතුරු ඉතා මඳවිය. ඒ අවට ජීවත්වන කිමිදුම් කණ්ඩායම් වෙතින් විමසීමේ දී ද මෙය 1893 දී ගිලිගිය බව පමණක් ඔවුන් දන්නා බව පවසන ලදී. මේ පිළිබඳව තොරතුරු සොයා කළ සමීක්ෂණ ඵල රහිත වු හෙයින්, 1893 වසර පදනම් කරගෙන එය ගිළුණු දිනය සොයා පුවත්පත් සමීක්ෂණයක් කිරීමට තීරණය විය. නැව ගිළුණු මාසයවත් නොදැන සිටීම හේතුවෙන් එම වසරේ සෑම පුවත්පතක්ම පරීක්ෂා කිරීමේ එනම්, එක් වර්ගයක පුවත්පත් 365ක් පරීක්ෂා කිරීමේ අභියෝගය පැවතින. මීට සමකාලීනව මෙම නැව පිළිබඳව තොරතුරු සොයමින් සිටි පුරාවිද්‍යා (විශේෂ) උපාධි අෙප්ක්ෂක සිසුවෙකුගේ සහාය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාව සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයට ලැබී තිබුණි. තොරතුරු සොයා අප ආයතනයට පැමිණි නිශාන්ත කුමාර නම් එම ශිෂ්‍යයා පුවත්පත් පරීක්ෂා කිරීමේ කාර්යය සඳහා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකරන ලදි. ක‍්‍රමානුකූලව පුවත්පත් පරීක්ෂා කල යුතු වූ අතර එම පුවත්පත් වල ලිපිලේඛන හා ප‍්‍රවෘත්ති පෙළ ගස්වා තිබූ ආකාරය අධ්‍යයනය කිරීමෙන් පසු වඩා අඩු කාලයකින් පුවත්පතක් පරීක්ෂා කිරීමේ හැකියාව වර්ධනය කරගැනීමට ලැබිණ. වර්තමාන පුවත්පතක ප‍්‍රධාන ප‍්‍රවෘත්ති, දේශපාලන පුවත්, ආර්ථික හෝ ක‍්‍රීඩා පුවත් ඇති ස්වභාවය පිළිබඳ අපහට දැනුමක් ඇත්තා සේම එ කල පුවත්පත් වල ද පුවත් වර්ග වෙනවෙනම පෙළගස්වා තිබෙනු දක්නට හැකි වේ.
එම වසර පුරා අඛණ්ඩව නිරීක්ෂණය කල හැකිව තිබූ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු එක්ස්සැමිනර් (Examiner) පුවත්පත මේ සඳහා තෝරාගන්නා ලදී. ක‍්‍රමානුකූලව පුවත්පතින් පුවත්පත පරීක්‍ෂාකිරීමේ දී මෙම නෞකාව අනතුරට පත්වීම පිළිබඳව පළ වූ පුවත සොයාගැනීමට හැකිවිය. ඉන්පසු දින කිහිපයේ ම එම පුවත්පත මෙම අනතුර හා නැවේ විස්තර වාර්තා කර තිබෙනු දක්නට ලැබිණ. අනතුර පිළිබඳව මෙන්ම එය වටා පෙළගැසුණු අනෙකුත් සිද්ධීන් ද විශේෂ ප‍්‍රවෘත්තිමය ආකර්ෂණයක් ලෙසින් පළ වී තිබූ අතර, එමගින් එ කල සමාජයේ වු ගැටළු හා ආකල්ප පිළිබඳව තොරතුරු රාශියක් විමර්ෂණය කිරීමට හැකිවිය.
සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය මෙම නෞකාව අධ්‍යයනය කිරිම සඳහා මූලික කිමිදුම් කටයුතු 2008 ජනවාරි මස දියත් කරන ලදී. ඉන් පසුව එම වසරේ මාර්තු හා අපේ‍්‍රල් මාසයන්හි දී මෙම පුරාක්ෂේත‍්‍රයේ මූලික මිණුම් කටයුතු හා වාර්තා ගත කිරීම් කටයුතු UNESCO ක්ෂේත‍්‍ර පාසලේ ක‍්‍රියාකාරකම් අතරතුර ලැබී තිබුණු සීමිත කාලසිමාව තුළ සිදු කරන ලදි. වැලි සහිත මුහුදු පතුලේ වම් ඇලයට හැරි වැතිර පවත්නා මෙම විශාල නෞකාව දැඩි ලෙස හානියට පත්ව කැඩිබිදී ගොස් ඇති බව දක්නට ලැබිණි. එහෙත් නෞකාවේ පසුපස කෙරවලේ සිට ඉදිරිපස දක්වා කොටස් තවමත් එකිනෙකට සම්බන්ධව තිබෙනු දක්නට ලැබිණ. මෙම විශාල යකඩ කඳන් විනාශ වී ඇත්තේ නැව ගිලියාමේ දී සිදු වූ අනතුරින් හා කාලයාගේ ඇවෑමෙන් පමණක් නොව පසුකාලීනව පුරාවස්තු හා යකඩ ලබා ගැනීම සඳහා කරන ලද විනාශයන් මගින් ද බව දක්නට ලැබිණ.
කොළඹ වරාය වෙත කිහිප වරක්ම පැමිණ පළපුරුදුකම් සහිත අර්ල් ඔෆ් ශාෆ්ට්ස්බරි නෞකාව 1893 මැයි මස පැමිණ තිබුනේ බොම්බාය වරායේ සිටය. ඇමරිකාවේ නිව්යෝර්ක් වරායේ සිට පැරෆින් තෙල් තොගයක් රැගෙන බොම්බායට පැමිණි නැව එම තෙල් ගොඩබෑමෙන් පසුව කොළඹ වරාය හරහා රැන්ගුන්හි ඩයමන්ඞ් දූපත් වෙත යමින් තිබුණි. මැයි 8 දින උදෑසන 3ට පමණ රළු මුහුදේ දියවැලකට හසු වෙමින් තම ගමන් මගින් ඉවතට ඇදී ගිය නෞකාව අම්බලන්ගොඩත් අකුරළත් අතර, වෙරළේ සිට කි.මී. 1 1/2පමණ දුරින් වු ගල් පරයක ගැටි තිබිණ. රළ පහරට හසුව දෙතුන් විටකම පරයේ හැපුණු නෞකාව නැවත දියඹට ගැනිමට සමත් වුව ද සිදු වූ ගැටීම හේතුවෙන් ඇති වූ සිදුරු වලින් විශාල වශයෙන් ජලය කාන්දු වීමට පටන් ගෙන තිබුණි. ඉන් පසුව ඉතා කෙටි වේලාවක් තුළ නෞකාව ජලයේ ගිලීගොස් තිබුණි. ඉන් පසුව ඇති වු සිද්ධින් පෙළ අතිශයින් උද්වේගකර විය. ඒ වනවිට ජලයෙන් මතුව තිබූ කුඹගස් මත එල්ලෙමින් දිවි ගලවා ගැනීමට නැවියෙක් උත්සාහ දරන ලදී. අකාරුණික සැඩපහරට හසුව විටින්විට ඔවුන් මුහුදට වැටුණු බවට සිද්ධිය මුහුණ දී දිවි බේරාගත් නැවියන් පවසා තිබිණ. එක් ජීවිතාරක්ෂක බෝට්ටුවක් දියත් කිරීමට නැවේ දෙවන නිළධාරීයා සමත් වූ අතර, එයට ගොඩ වූ 14 දෙනෙකු ගොඩබිම බලා යාත‍්‍රා කිරීමට පටන් ගත්හ. එහෙත් අවාසනාවන්ත අයුරින් වෙරළට මීටර 150 පමණ දුරින් තිබියදී රළකට හසුවූ බෝට්ටුව සම්පූර්ණයෙන්ම අනෙක් පස පෙරළීගොස් තිබිණ. අනතුරට හා වෙහෙසට පත්වූ පිරිසට මෙම කෙටි දුර පිහිනා යාමට පවා ශක්තියක් නොවීය. එමෙන්ම ඔවුන්ගේ යුරෝපීය ඇඳුම් ආයිත්තම් සමඟින් පිහිනීම අසීරු වු අතර ඔවුන් ගිලෙන්නට විය. වහා ක‍්‍රියාත්මක වූ පිරිස තම තමන්ගේ ඇඳුම් ගලවා දමා දිවි රැක ගැනීමට වෙරළට පිහිනන්නට විය. වෙරළට ළඟා වූ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට කෙළින් සිට ගැනීමට වත් ශක්තියක් නොවූ බව ද කිහිපදෙනෙක් කම්පනයට ලක් ව අවසිහියෙන් පසු වූ බව ද වාර්තා වී තිබිණ. එමෙන්ම ඔවුන් සතුව කිසිදෙයක් නොවූ අතර බොහෝ දෙනෙක් නිරුවතින් පසුවිය. පසුව ඔවුන් සඳහා ප‍්‍රදේශවාසීන් ඇඳුම් සපයන ලදී.
නැව ගිළුණු ස්ථානයේ ගැඹුර මීටර 14 ක් පමණ වූයෙන් දියෙන් මතුව තිබූ ප‍්‍රධාන කුඹගස් දෙකේ කොටස් මත එල්ලී සිටි පිරිස බේරා ගැනිම සඳහා ප‍්‍රදේශයේ ධීවරයින් හට පැවසුව ද ඔවුන් එයට අකමැති වූ බවත්, එතැනට පැමිණ සිටි රජයේ ඒජන්තවරයා බලකර කී විට විශාල මුදලක් ඒ සඳහා ගෙවන්නේ නම් පමණක් ඔවුන් යාමට කැමැත්ත ප‍්‍රකාශ කර සිටි බවත් පුවත්පත් වාර්තා කර තිබිණ. මෙම ක‍්‍රියාව පුවත්පත් කිහිපයකම පළ වී තිබූ අතර එය අම්බලන්ගොඩ දේශීය ජනතාවගේ පහත් හා මනුෂ්‍යත්වයට නොගැලපෙන ක‍්‍රියාවක් බවත් වාර්තා කර තිබිණ. පසුව මුදල් ගෙවීමට පොරොන්දු වීමෙන් පසු නැවේ කොටස් වල එල්ලී සිටීමට සමත් වූ නැවියන් සියළු දෙනා වෙරළට රැගෙන විත් අම්බලන්ගොඩ තානායමෙහි හා ඒ අසල වූ ඕලන්ද බංගලාවක නවාතැන් සපයන ලදී.
මෙම සිදුවීම් පෙළ, එය වාර්තාකර ඇති ආකාරය හා එම ලේඛන ශෛලීය අධ්‍යයනය කිරීමේ දී එකල පසුබිම හා පුවත්පතේ වාර්තා නොවූ බොහෝ දේ සොයා ගැනීමට හැකියාව ලැබේ. මෙකල යටත් විජිත පාලන තන්ත‍්‍රය හා යුරෝපීය ජනතාව කෙරේ දේශීය ජනතාවගේ දැඩි විරෝධයක් පැවති සමයකි. විශේෂයෙන්ම දකුණු ප‍්‍රදේශයේ පහතරට ජනතාව අතර මෙම විරෝධය තවත් වැඩිවී තිබිණ. එය අනෙක් පාර්ශවයෙන් ද එනම්, යුරෝපීය ජාතීන් වෙතින් ද දක්නට ලැබිණ. එනම් දේශීය ජනතාවගේ ඇඳුම් ලබා දුන් බව ද ඔවුන්ට ඇඳුමින් එම දිනය පුරා සිටීමට සිදු වූ බව පුවත්පත දින කිහිපයකදීම පුනපුනා වාර්තා කර තිබේ. එසේ සිටීමට සිදුවීම යුරෝපීන් හට මහත් අපහසුතාවක් ද අවමානයක් ද වූ බව මෙයින් හුවා දක්වන ලදී. මේ තත්වය වහාම නැව අයිති සමාගම වූ Messrs Carglill & Co (මෙසර්ස් කාර්ගිල් සහ සමාගම) වෙත දන්වන ලදුව ඔවුන් පසු දිනම කොළඹින් යුරෝපිය ඇඳුම් කට්ටල, සපත්තු හා හිස් වැසුම් 40 බැගින් අම්බලන්ගොඩට එවූ බව සඳහන් කර තිබේ. ව්‍යසනයට පත් වූ පිරිස බේරා ගැනීමට යාම ප‍්‍රතික්ෂේප කිරීම ශිෂ්ට සම්පන්න කටයුත්තක් නොවූ අතර, එයට පසුබිම් වූ සමාජ දේශපාලන තත්ත්වය ද සැලකිල්ලට ගත යුත්තකි. එමෙන්ම නැවේ කාර්ය මණ්ඩලය පිළිබඳව වාර්තා කිරීමේ දී ද සෑම විටම යුරෝපීයයන් හා එහි සිටි කළු ජාතිකයින් ගැන ද වෙනවෙනම පැවසීමෙන් එම භේදය වඩා කැපී පෙනේ. මියගිය පිරිස හා බේරාගත් පිරිස ගැන විස්තර කරන සැමවිටම ඔවුනගෙන් කීදෙනෙක් යුරෝපීය ජාතිකයින් ද කීදෙනෙකු ස්වදේශීය කළු ජාතිකයින් ද යන්න ප‍්‍රකාශ කිර තිබේ. අනතුරට පත් වූ නැවේ කාර්ය මණ්ඩලය 28 දෙනෙකු වූ අතර, එයින් 6 දෙනෙකු අනතුරින් දියේ ගිලී මියගොස් තිබිණ. එයින් තිදෙනෙකු යුරෝපීය යන් වූ අතර, අවාසනාවන්ත නැවේ කපිතාන්වරයා ද ඊට ඇතුළු විය. බේරාගත් පිරිසෙන් 5 දෙනෙකු යුරෝපීය ජාතිකයන් වූ අතර, අනෙක් පිරිස නැවේ සේවය කළ කළු ජාතිකයින් විය. නැව අනතුරට පත් වූ අවස්ථවේ නියමු කුටිය වෙත පැමිණි කපිතාන්වරයා එය බේරා ගැනීමට උත්සාහ දැරීම නිෂ්ඵල බව දැන දැඩි කම්පනයෙන් යුතුව තම කුටියට වැදී දොර වසාගත් බව අනතුරට ලක් වූ පිරිසෙන් එක් අයෙකු ප‍්‍රකාශ කර තිබිණ. මියගිය අයගේ සිරුරු සොයා ප‍්‍රදේශවාසීන් හා පොලීසිය වෙහෙසුණු අතර, දින තුනකට පසු ගොඩගම ප‍්‍රදේශයෙන් එනම්, විනාශ වූ නැවෙන් සැතපුමක් පමණ දකුණු දෙසින් කපිතාන්වරයාගේ සිරුර හමු විය. දැඩිලෙස විනාශ වී තිබූ සිරුර නැවේ ප‍්‍රධාන නිළධාරියා හා වඩු කාර්මිකයා විසින් හඳුනා ගනු ලැබිණ. මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව බලපිටියට ගෙන ආ දේහය ශාන්ත ජේම්ස් පල්ලියේ වූ සුසාන භූමියේ භූමදානය කරන ලදී. 1893 දි අවාසනාවන්ත අයුරින් ගිලී ගිය අර්ල් ඔෆ් ශාෆ්ට්ස්බරි නම් මෙම නෞකාව වර්තමානයේ සිය ගණනක් දෙස් විදෙස් කිමිදුම් කරුවන්ගේ හා සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්වුණු ස්ථානයකි. වැලිතලාවක් මත වැතිර තිබෙන මෙම යෝධ නෞකාවේ විහිදුණු කොටස් අතරින් කිමිදීයාමට මෙන්ම ඒ වටා රොක් වී සිටින දහස් ගණනක් විසිතුරු මසුන් නැරඹීමට ද සංචාරක කිමිදුම් කරුවන් රැගෙන යාම එම ප‍්‍රදේශයේ ජීවත්වන විශේෂයෙන්ම හික්කඩුව හා සීනිගම ප‍්‍රදේශයන්හි කිමිදුම් කණ්ඩායම් වල ජීවනෝපාය මාර්ගයක් ද වී තිබේ. කුඹගස් 4කින් සමන්විත මෙම යාත‍්‍රාව 1883 ස්කොට්ලන්තයේ ලෙයිත් (Leith) නම් ප‍්‍රදේශයේ රෙමේජ් සහ ෆර්ගසන් (Remage & Ferguson) සමාගම මගින් නිෂ්පාදනය කර තිබේ. අඩි 289.6 දිගින්, අඩි 42.1 පළලින් හා අඩි 24 උසින් යුතු නැව් බඳකින් සමන්විත මෙය ලන්ඩන් වරායට අයත් වු අතර, ඩි. බ‍්‍රවුන් සහ පුත‍්‍ර සමාගම (D. Brown & Sons) මගින් කළමනාකරණය කරන ලද්දකි. එමෙන්ම මෙම නැව ඉහළ අගයකින් හා වැදගත්කමකින් යුතු යාත‍්‍රාවක් ලෙස ලොයිඞ් සමාගමේ (Lloyds Register) ලියාපදිංචි කර තිබේ. බොහෝ වෙළෙඳ යාත‍්‍රා ලියා පදිංචි කිරීමේ හා රක්ෂණය කිරීමේ කටයුතු එම වකවානුවේ දී මෙම සමාගම මගින් සිදු කරනු ලැබීය.
අඩි පනහක හෙවත් මීටර 14-15 පමණ වූ ගැඹුරේ ගිළුණු යාත‍්‍රාව මදක් ඇළයට හැරී වැල්ල මත පිහිටා තිබී දෙවන දිනයේ දී නැවත සිරස් අතට හැරුණු අතර, කුඹගස් වල ඉහල කොටස් මුහුදු ජලයෙන් මතු වී තිබූ බව වාර්තා විය. දින කිහිපයකට පසුව එය වම් ඇළයට හැරී පෙරළී ගොස් වර්තමානයේ පිහිටා තිබෙන ආකාරයට පත්ව ඇත. 1893 වසරේ දී මෙම නැවේ වටිනාකම රුපියල් ලක්ෂ තූනකට ඇස්තමේන්තූ කර තිබූ අතර වෙළඳ ද්‍රව්‍ය ඉන්දිය වරායේ දී ගොඩබෑමෙන් පසු ලැබුණු විශාල මුදලක් ද, එනම්, නැව තවත් වෙළෙඳ ද්‍රව්‍ය මිළ දී ගැනීම සඳහා රැන්ගූන් වෙත යමින් තිබූ හෙයින්, මෙම නැවේ තිබී ඇත. හිස් නැව සමබර කිරීම සඳහා භාවිත කළ කළුගල් හෙවත් බැලස්ට් ගල් (Balast Stone) ඉන්දියොව් දී මෙම නැවට පටවා තිබූ අතර, එම ගල් අදත්ඒ ආශ‍්‍රිතව දක්නට ඇත. විටින් විට පුරාවස්තු සඳහා සහ යකඩ ලබා ගැනීම සඳහා කර ඇති විනාශයන් නැවේ දක්නට ඇති අතර, පුරාවිද්‍යා නීතිය අනුව මෙය නීතිවිරෝධී ක‍්‍රියාවක් වන අතර වසර 100 වඩා පැරණි හෙයින් ලංකාවේ නීති පද්ධතිය තුලින් මෙම ස්ථානය ආරක්‍ෂා වේ. මෙම ගිළුණු නැව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් පත‍්‍රයට ඇතුළු කර ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
ගොලුබෙලි ව්‍යාප්තිය ඇසුරින් ප‍්‍රාග් ඓතිහාසික පරිසරය ප‍්‍රතිනිර්මාණය : විශේෂ අවධානය බුලත්සිංහල ෆාහියන්ලෙන, බටදොඹලෙන, බෙලිලෙන, පොත්ගුල්ලෙන, පොතාන හා බෙල්ලන්බැඳිපැලැස්ස
ති.ග. මහේෂ් ප‍්‍රියදර්ශන, මහින්ද කරුණාරත්න, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි, ගාමිණී අදිකාරි
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ 7.
හැඳින්වීම
ශ‍්‍රී ලංකාව වූ කලී ජගත්, ජෛව විවිධත්ව උණුසුම් ස්ථානයක් ලෙස ගෝලීය ලෙස පිළිගත් ඉන්දියානු උපමහද්වීපයට දකුණින් පිහිටි උතුරු අක්ෂාංශ 50 551 සහ 90 501 අතරත්, නැඟෙනනහිර දේශාංශ 790 401 සහ 810 531 වර්ග කිලෝමීටර 65,610 ක් පුරා පැතිර ඇති දූපතකි. මෙම දූපත දකුණු ඉන්දියානු තුඩුවට ආසන්නව සමකයට උතුරින් පිහිටා ඇති අතර එය ඉන්දියාවත් සමඟ ඇති අවම දුර කිලෝමීටර 19ක් තරම් වේ. ඉන්දියාවත්, ශ‍්‍රී ලංකාවත් නොගැඹුරු පෝක් සමුද්‍ර සන්ධියෙන් වෙන් වුව ද එකම මහාද්වීපීය තලයක පිහිටා ඇත. අදින් වසර 7,000කට පෙර ශ‍්‍රී ලංකාව හුදකලා වූ දිවයිනක් වශයෙන් ඉන්දියානු උප මහද්වීපයෙන් වෙන්වීම හේතුකොටගෙන ගොලුබෙල්ලන්ගේ විශේෂණය වීම (Speciation) සිදුවිය. දැනට ශ‍්‍රී ලංකාව තුළ භෞමික හා මිරිදිය ආශ‍්‍රිතව හමුවන ගොලුබෙල්ලන්ගේ පූර්ව සම්භවය ගොන්ඩ්වානාලන්තය හා බැඳේ. ශ‍්‍රී ලංකාවේ භෞමික වාසී ගනයන් (Generas) 66ක් වාර්තා වන අතර එයින් ගනයන් 13ක් ඉන්දියානු උපමහද්වීපය හා මෙරට තුළ පමණක් වාර්තා වේ.
භූ-විද්‍යාත්මක ලෙස පළමු වන අඩතැන්නේ සිට තෙ වන අඩතැන්න දක්වා නියෝජනය කරන තෙත්, අතර මැදි හා වියලි වශයෙන් ප‍්‍රධාන දේශගුණික හා පාරිසරික කලාප 3ක් දක්නට ලැබේ. මෙම දේශගුණික කලාප පුරා ව්‍යාප්ත වූ භෞමික හා මිරිදිය වාසි ගොලුබෙල්ලන් (ග‍්‍රැස්ට්‍රෝපෝඩාවන්) ශ‍්‍රී ලංකාවේ විවිධ පරිසර පද්ධතිවලට අනුවර්තීව හැඩගැසී ඇත.
භෞමික ගොලුබෙල්ලන් විශේෂ 253ක් (Ranawana and Priyadarshana 2012,66) හා මිරිදිය ගොලුබෙලි විශේෂ 94ක් (Fernando and Weerawardhana 2002,50-59) දිවයිනේ වාර්තා වන අතර ඉන් භෞමික වාසීන්ගෙන් ගනයන් 5ක් පමණක් දිවයිනට ආවේණික වේ (Rathnadvipia, Ravana, Acavus, Oligospira, Aulopoma) (Ranawana and Priyadarshana 2012,65). නිවර්තන කලාපීය දේශගුණික තත්ත්වයන් පෙන්නුම් කරන පහතරට වැසි (Lowland Rain forest), උප කඳුකර හා කඳුකර වැසි වනාන්තර (Sub Montane / Montane Rainforest) තෙත් මෝසම් වනාන්තර (Moist Monsoon forest) වියළි මෝසම් වනාන්තර (Dry Monsoon forest) හා වගා බිම් (Cultivated Habitat) යන විවිධ භෞමික හා මිරිදිය පරිසර වාසස්ථාන 5ක් පුරාවට ගොලුබෙල්ලන්ගේ ව්‍යාප්තිය දක්නට ලැබේ (Raheem and Naggs, An Illustrated Guide to the Land Snails of Sri Lankan Natural Forests and Cultivated Habitats 2006) ප‍්‍රාග්ඓතිහාසික මානවයා ගේ වාසභූමි සියල්ලක ම පාහේ හමුවන භෞමික හා මිරිදිය වාසි ගොලුබෙල්ලන් අදින් වසර 38,000කට පමණ පෙර සිට වර්තමානය දක්වා ජීවත්වන ජීව දර්ශකයන් ලෙස හඳුනාගෙන ඇත (Perera 2010,26) බුලත්සිංහල ෆා-හියන් ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, අලවල පොත්ගුල්ලෙන, සීගිරිය පොතාන හා බෙල්ලන්බැඳිපැලැස්ස ආදී තෙත් හා වියලි කලාපීය ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් තුළ සිදු කොට ඇති පුරාවිද්‍යා පර්යේෂණයන් ඔස්සේ භෞමික හා මිරිදිය ගොලුබෙල්ලන් ගේ අවශේෂ වාර්තා වී ඇත (Perera 2010,141,184-186, 155-156, Karunarathne et al., 2009,15, Adikari, Aspects of the Prehistory of the Sigiriya-Dambulla Region 1998, 111, Adikari, Excavation at the Sigiri-Potana Cave Complex: A Priliminary Account 1994, 65-67) වර්තමානයේ හමුවන ගොලුබෙලි විශේෂයන්ට ඥාතීත්වයක් දක්වන ජීව දර්ශක විශේෂ (Bio Indicator Species) ඔස්සේ ප‍්‍රාග්ඓතිහාසික පරිසරය ප‍්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇත. දිවයිනට පමණක් ආවේණික වන භෞමික ගොලුබෙල්ලන්ගේ ගණයන් 5න් Acavus, Oligospira, Aulopoma යන ගනයන් 3 ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් තුළ වාර්තා වීම තුලින් ඔවුන්ගේ පුරාණ හා වර්තමාන පරිසර පද්ධති අතර ඇති සබඳතාව පැහැදිලි වේ. මෙම ගනයන් හා සම්බන්ධ විශේෂ බොහෝමයක් වාර්තාවන්නේ තෙත් ක්‍ෂුද්‍ර පරිසර වාසස්ථාන (Wet Micro Habitat) තුළ බැවින් පුරාණයේ පැවති දේශගුණික හා පාරිසරික ස්වභාවය වර්තමානයට සාපේක්ෂව එතරම් වෙනසකට ලක්ව නොමැති බව පැහැදිලි වේ.
මෙම විශේෂයන්ට අමතරව ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් ආශ‍්‍රිතව Cyclophorus spp., Theobaldius spp., Tortulosa spp., Cyathopoma spp., Thysanota spp., Glessula spp., Corilla spp., Cryptozona spp., Beddomea spp. ආදී වූ භෞමික විශේෂ හා Plaludomus spp., Theodoxis spp., Bellamya spp., Pila spp., Melanoides spp., Thiara spp., Lamellidens spp., Bithynia spp., Faunus spp. ආදී වූ මිරිදිය විශේෂ වාර්තා වේ.
ක‍්‍රමවේදය
පර්යේෂණය සිදුකිරීම සඳහා පළමුව පරිශීලන දත්ත එක්රැස්කළ අතර එම දත්ත අතර ඇති සබඳතාව සසදා බැලීම සඳහා ඝෘජු ලෙස ම ප‍්‍රාග්ඓතිහාසික සංදර්භයන් වෙත ගොස් දත්ත ලබාගැනීම සිදුකරන ලදි.
Line Transect Method (ලයින් ට‍්‍රාන්සෙක්ට් ක‍්‍රමවේදය) : ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයේ සිට තෝරාගත් දිශානුගතිකව අදින ලද මීටර 100ක පමණ ලණුවක් භාවිත කරමින් එම ලණුව දෙපස මීටර 5ක පමණ සීමාව ආශ‍්‍රිතව ගොලුබෙල්ලන් අධ්‍යයනය කිරීම මෙහි දී සිදුකරන ලදි. එහි දී හමු වන ගොලුබෙලි විශේෂ සමග ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් තුලින් හමු වී ඇති විශේෂ සංසන්දනාත්මක අධ්‍යයනය කිරීම. එමෙන් ම විශේෂයන්ගේ වර්තමාන පාරිසරික පැතිරීම හා ඔවුන්ගේ ක්‍ෂුද්‍ර වාසස්ථානයන් සසදා බැලීම ද සිදුකරන ලදි.
Random Collecting Method (අහඹු එක්රැස් කිරීමේ ක‍්‍රමවේදය) : සන්දර්භයන් අවට පරිසරය තුළ අහඹු ලෙස හමුවන ජීව නිදර්ශක හා කවච පරික්ෂාවට ලක්කිරීම හා ප‍්‍රාග් ඓතිහාසික නිදර්ශක සමග සැසදීම.
භාවිත උපකරණ : Vernier Callipers, අංකිත කැමරාව, ක්‍ෂුද්‍ර අත් කාචය (Double Prism Hand Lens), GPS
ග‍්‍රැස්ට්‍රෝපෝඩාවන් (භෞමික හා මිරිදිය වාසි ගොලුබෙල්ලන්) වර්තමාන ව්‍යාප්තිය
Cyclophorus spp., Theobaldius spp., Tortulosa spp., Cyathopoma spp., Thysanota spp., Glessula spp., Corilla spp., Cryptozona spp., Beddomea spp.ආදී වූ භෞමික විශේෂ හා Plaludomus spp., Theodoxis spp., Bellamya spp., Pila spp., Melanoides spp., Thiara spp., Lamellidens spp., Bithynia spp., Faunus spp. ආදී වූ මිරිදිය විශේෂයන් මෙතෙක් පර්යේෂණ සිදුකරන ලද ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් ආශ‍්‍රිතව වාර්තා වී ඇත.
භෞමික විශේෂ
Acavus spp. සිංහල ගොලුබෙල්ලා/ වෙද ගොලුබෙල්ලා (Sri Lanka Lustful Snail)
මෙම ගනයට අයත් විශේෂ 3ක් (Acavus haemastoma, Acavus phoenix, Acavus superbus) හා උප විශේෂ 7ක් (A. h. haemastoma, A. h. melanotragus, A. p. phoenix, A. p .castaneus, A. s. superbus, A. s. grevillei, A. s. roseolabiatus) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.
මෙම ගනය හා විශේෂයන් සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් ම ඉතා හොදින් තුරු ආවරණය සහිත වනාන්තර වාසීන් වන මොවුන් ගෙන් විශේෂ කිහිපයක් පමණක් ගෙවතු වනාන්තර වලින් ද හමුවේ. මෙම විශේෂ ගොන්ඞ්වානාලන්තය සම්භවයකින් පැවත එන වසර මිලියන 200ක් පමණ පැරණි විශේෂයන් වේ (Emberton 1990, 101-117)’බිත්තර මගින් බෝවන මෙම ගොලූබෙල්ලන් වරකට බිත්තර එකක් පමණක් දමන අතර එය කුරුලූ බිත්තරයකට සමාන වේ (1’5×2). ශ‍්‍රී ලංකාව පුරා පැතිරුණු ප‍්‍රාග්ඓතිහාසික සංදර්භයන් බොහොමයක මෙම ගනයට අයත් විශේෂ වාර්තා වේ. මොවුන්ගේ පරිසර වාසස්ථානය පහතරට තෙත් කලාපය හා අතරමැදි කලාපයේ තෙත් ක්‍ෂුද්‍ර වාසස්ථානයන්ට සීමාවේ.
Oligospira spp. මුක්කං ගොලූබෙල්ලා (Sri Lanka Blunted Snail)
මෙම ගනයට අයත් විශේෂ 3ක් (Oligospira polei, Oligospira skinneri, Oligospira waltoni) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.
මෙම ගනය හා විශේෂයන් සියල්ල ම දිවයිනට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් ම ඉතා හොඳින් තුරු ආවරණය සහිත වනාන්තර වාසීන් වේ. Acavidae කුලයට අයත් මෙම විශේෂ ගොඩිවානාලන්ත සම්භවයකින් පැවත එන වසර මිලියන 200ක් පමණ පැරණි වේ (Emberton 1990, 101-117)’නිවර්තන තෙත් කලාපීය වැසි වනාන්තර වාසීන් වන මොවුන් දිරාගිය කොළ රොඩු, කඳන් හා කුඩා පාෂාණ මත වාසයට ප‍්‍රියතාවක් දක්වයි.
Beddomea Spp. (Sri Lanka beddomea Snail)
CAMAENIDAE කුලයට අයත් මෙම ගණයේ විශේෂ 4ක් වාර්තා වේ. ඉන් (Beddomea albizonatus, Beddomea ceylanicus, Beddomea trifasciatus (Montane form) විශේෂ 3ක් තෙත් කලාපවාසින් වන අතර එක් විශේෂයක් (Beddomea intermedius) අතරමැදි කලාපයේ ද අනෙක් විශේෂ (Beddomea trifasciatus (Lowlands form) වියලි කලාප තුල ද වර්තා වේ. තෙත් ශාක පත‍්‍ර හා කඳන් මත වාසට වඩා ප‍්‍රියතාවක් දක්වයි.
Aulopoma spp. (Aulopom’s Operculate Snails)
පිධාන වැස්මක් (Operculum) සහිත කවච දරන මෙම ගණයට අයත් විශේෂ 4ක් (Aulopoma grande, Aulopoma helicinum, Aulopoma itieri, Aulopoma sphaeroideum) හා ප‍්‍රභේද 1ක් (A. itieri var. hofmeisteri) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.
මෙම ගණය හා විශේෂයන් සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන්ම ඉතා හොඳින් තුරු ආවරණය සහිත වනාන්තර වාසීන් වන මොවුන්ගෙන් විශේෂ කිහිපයක් පමණක් ගෙවතු වනාන්තර වලින් ද හමු වේ. බොහෝමයක් විශේෂ තෙත් කලාපය පුරා හමුවන අතර එක් උප විශේෂයක් අතරමැදි හා වියලි කලාපය තුළ හමු වේ.
Cyclophorus spp. (Sri Lanka Large Opeculate Snail)
මෙම ගණයට අයත් විශේෂ 4ක් (Cyclophorus alabastrinus, Cyclophorus ceylanicus, Cyclophorus involvulus, Cyclophorus menkeanus ) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ. මෙම ගනයේ විශේෂයන් දෙකක් පමණක් ශ‍්‍රී ලංකාවට ආවේණික වේ.
ප‍්‍රධාන වශයෙන් ම ඉතා හොඳින් තුරු ආවරණය සහිත තෙත් වාසස්ථාන වලට ප‍්‍රියතාවක් දක්වයි. තෙත් කලාපීය වැසි වනාන්තර වාසීන් වන මොවුන්ගෙන් එක් විශේෂයක් පමණක් වියලි කලාපය තුළ හමු වේ. දිරාගිය කොළරොඩු හා තෙතමනය හා පාසි සහිත කුඩා පාෂාණ මත වාසයට වඩා පි‍්‍රයතාවක් දක්වයි.
Theobaldius spp. (Theobald’s Operculate Snail)
මෙම ගනයට අයත් විශේෂ 12ක් : (Theobaldius annulatus, Theobaldius bairdi, Theobaldius cadiscus, Theobaldius crater, Theobaldius cytopoma, Theobaldius layardi, Theobaldius liliputianus, Theobaldius loxostoma, Theobaldius parapsis, Theobaldius parma, Theobaldius subplicatulus, Theobaldius thwaitesi) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.
මෙම ගණයන් හා ප‍්‍රභේද සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් ම ඉතා හොඳින් තුරු ආවරණය සහිත වනාන්තර වාසීන් වන මොවුන්ගෙන් බොහොමයක් තෙත් කලාපය පුරා හමුවන අතර විශේෂ කිහිපයක් පමණක් අතරමැදි හා වියලි කලාපය තුළ හමු වේ. තෙත් කොළරොඩු සහිත දිරාගිය කඳන් හා කුඩා පාෂාණ ආශ‍්‍රිතව වාසයට ප‍්‍රියතාවක් දක්වයි.
Tortulosa spp. (Sri Lanka Tortu’s Opeculate Snail)
මෙම ගණයට අයත් විශේෂ 26ක් (Tortulosa aurea, Tortulosa austeniana, Tortulosa barnaclei, Tortulosa blanfordi, Tortulosa colletti, Tortulosa congener, Tortulosa connectens, Tortulosa cumingi, Tortulosa decora, Tortulosa duplicate, Tortulosa eurytrema, Tortulosa greeni, Tortulosa haemastoma, Tortulosa hartleyi, Tortulosa layardi, Tortulosa leucocheilus, Tortulosa marginata, Tortulosa nevilli, Tortulosa nietneri, Tortulosa prestoni, Tortulosa pyramidata, Tortulosa rugosa, Tortulosa smithi,Tortulosa sykesi, Tortulosa templemani, Tortulosa thwaitesi) හා ප‍්‍රභේද 6ක් (Tortulosa greeni var. robusta, T. marginata var. crenulata, T.marginata var. notata, T. nevilli var. flaveola, T. nietneri var. caperata, T. nietneri var. unicolor) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.
මෙම ගනයේ විශේෂයන් හා ප‍්‍රභේද සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් නිවර්තන තෙත් කලාපීය වාසීන් වන මොවුන් තෙතමනය සහිත ගස් කඳන් මත හා පාෂාණ මත දක්නට ලැබේ. තෙත් ක්‍ෂුද්‍ර වාසස්ථාන වලට වඩාත් ප‍්‍රියතාවක් දක්වන මොවුන් පහතරට වැසි වනාන්තර (Lowland Rainforest) උපකඳුකර හා කඳුකර වැසි වනාන්තර (Sub Montane / Montane Rainforest) තෙත් මෝසම් වනාන්තර (Moist Monsoon forest) තුළ ජීවත් වේ.
Cyathopoma spp. (Cyathopom’s Operculate Snail)
මෙම ගනයට අයත් විශේෂ 14ක් (Cyathopoma album, Cyathopoma artatum, Cyathopoma ceylanicum, Cyathopoma colletti, Cyathopoma conoideum, Cyathopoma innocens, Cyathopoma leptomita, Cyathopoma mariae, Cyathopoma ogdenianum, Cyathopoma perconoideum, Cyathopoma prestoni, Cyathopoma serendibense, Cyathopoma turbinatum, Cyathopoma uvaense) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.
මෙම ගනයේ විශේෂයන් සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. තෙත් කලාපීය වැසි වනාන්තර වාසීන් වන මොවුන් දිරාගිය කොළරොඩු හා තෙතමනය හා පාසි රැඳී කඳන් මත වාසයට වඩා පි‍්‍රයතාවක් දක්වයි.
Thysanota spp. (Sri Lanka Micro Hairy Thysanota)
මෙම ගනයට අයත් විශේෂ 3ක් 3la (Thysanota elegans, Thysanota eumita, Thysanota hispida) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.
මෙම ගණයේ විශේෂයන් සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. තෙත් කලාපීය වැසි වනාන්තර වාසීන් වන මොවුන් තෙතමනය රැඳී දිරාගිය කොළරොඩු මත වාසයට වඩා පි‍්‍රයතාවක් දක්වයි. ක්‍ෂුද්‍ර බෙල්ලන් විශේෂයක් වන මොවුන් ක්‍ෂෙත‍්‍රයේ දී හඳුනාගැනීම තරමක් අපහසු වේ.
Glessula spp. (Sri Lankan Corkscrew Snail)
මෙම ගණයට අයත් විශේෂ 22ක් (Glessula capillacea,Glessula ceylonica, Glessula collettae, Glessula deshayesi, Glessula fulgens, Glessula inornata, Glessula lankana, Glessula layardi, Glessula nitens, Glessula pachycheila, Glessula pallens, Glessula panaetha, Glessula parabilis, Glessula prestoni, Glessula punctogallana, Glessula pusilla, Glessula reynelli, Glessula sattaraensis, Glessula serena, Glessula simony, Glessula sinhila, Glessula veruina) හා ප‍්‍රභේද 3ක් (G. inornata var. minor, G. pachycheila var. taprobanica, G. reynelli var. immitis) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.
මෙම ගනයේ විශේෂයන් 19ක් හා ප‍්‍රභේද සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් නිවර්තන තෙත් කලාපීය වාසීන් වන මොවුන් තෙතමනය සහිත කොළරොඩු මත ජීවත් වේ. තෙත් කලාපය පුරාවට පැතිරුණු ව්‍යාප්තියක් දරන මොවුන්ගෙන් විශේෂ කිහිපයක් පමණක් වියලි හා අතරමැදි කලාපයේ වාර්තා වේ.
Corilla spp. (Srilankan Toothed lip Snail)
මෙම ගනයට අයත් විශේෂ 10ක් (Corilla adamsi, Corilla beddomeae, Corilla carabinata, Corilla colletti, Corilla erronea, Corilla fryae,Corilla gudei, Corilla humberti, Corilla lesleyae, Corilla odontophora) හා ප‍්‍රභේද 2ක් : (C.adamsi var. hinidunensis, C.erronea var. eronella) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.
මෙම ගනයේ විශේෂයන් හා ප‍්‍රභේද සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් නිවර්තන තෙත් කලාපීය වාසීන් වන මොවුන් තෙතමනය සහිත කොළරොඩු මත ජීවත් වේ. තෙත් කලාපය පුරාවට පැතිරුණු ව්‍යාප්තියක් දරන මොවුන්ගෙන් විශේෂ කිහිපයක් පමණක් අතරමැදි කලාපයේ වාර්තා වේ.
Cryptozona spp.(Sri Lanka Hard Translucent Snail)
මෙම ගනයට අයත් විශශේෂ 6ක් (Cryptozona bistrialis, Cryptozona ceraria, Cryptozona chenui, Cryptozona Juliana, Cryptozona novella, Cryptozona semirugata) හා ප‍්‍රභේද 1ක් (C. juliana var. ganoma) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.
මෙම ගණයේ විශේෂ 4ක් හා ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් නිවර්තන තෙත් කලාපීය වාසීන් වන මොවුන් තෙතමනය සහිත කොළරොඩු මත ජීවත් වේ. තෙත් කලාපය පුරාවට පැතිරුණු ව්‍යාප්තියක් දරන මොවුන්ගෙන් එක් විශේෂයක් පමණක් වියලි හා අතර මැදි කලාපයේ වාර්තා වේ.
මිරිදිය විශේෂ
Paludomus spp. (Tropical Freshwater Snail)
PALUDOMINAE උප කුලයට අයත් පිධානයක් (Operculum) සහිත මිරිදිය වාසී මෙම බෙල්ලන් විශේෂය තරමක් වේගයෙන් ගලායන, ගල් සහිත කඳුකර දියපහරවල් තුළ ජීවත් වේ. මෙම ගනයට අයත් විශේෂ 44ක් හා උප විශේෂ 6ක් වාර්තා වන අතර විශේෂ 40ක් හා ප‍්‍රභේද සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ.
බොහෝමයක් විශේෂ නිවර්තන වැසි වනාන්තර වාසීන් වන අතර විශේෂ කිහිපයක් පමණක් අතරමැදි හා වියලි කලාපීය දිය පහරවල් තුළ ජීවත් වේ. ප‍්‍රධාන වාසස්ථාන වශයෙන් මහවැලි, කැලණි, කළු හා වලවේ යන ගංගා හා ඒවාට අදාල අතු ගංගා හැඳින්විය හැකි වේ.
Theodoxis spp. (Freshwater Theodox)
NERITIDAE කුලයට අයත් ගනයන් 2ක් වාර්තා වන අතර Septaria ගනයේ විශේෂ 3ක් මිරිදිය හා කිවුල් දිය වාසීන් වන අතර Theodoxis ගනයේ හමුවන විශේෂය මිරිදිය වාසී ගලායන දියපහරවල් තුළ හමු වේ. මෙම විශේෂය Paludomus විශේෂයන්ට රූපීයව සමාන වන කුඩා ස්වරූපයක් දරයි.
THIARINAE උප කුලයට අයත් ගනයන් 3ක් වාර්තා වේ (Faunus, Melanoides, Thiara) Faunus ගනයට අයත් විශේෂ 1ක් හා ප‍්‍රභේදයක් ද, Melanoides ගණයට අයත් විශේෂ 5ක් හා ප‍්‍රභේද 4ක් ද, Thiara (Hairy Towerlid Snail) ගණයට අයත් විශේෂ 4ක් දක්නට ලැබේ. Melanoides (Malaysian Trumpet Snail) ගනයේ සාමාජිකයන් පහත රට හා උඩරට දිය පහරවල් ආශ‍්‍රිත ජීවත් වේ. Thiara ගණයේ සාමාජිකයන් කඳුකර කලාපීය දිය පහරවල් ආශ‍්‍රිතව ය. මිරිදිය හා කරදිය ජලාශ ආශ‍්‍රිතව Faunus (Black Faunus) ගනයේ සාමාජිකයන් වාර්තා වේ.
Bithynia spp. (Faucet Snail / Mud Bithynia)
PALUDESTRINIDAE කුලයට අයත් පිරමිඩාකාර මෙම බෙල්ලන් විශේෂය හෙමින් ගලා බස්නා දිය පහරවල් තුළ ජීවත් වේ. මෙම ගනයේ විශේෂ 3ක් වාර්තා වන අතර මඩ සහිත ජීරණය වූ පැළෑටි කොටස් සහිත දියපහරවල් සඳහා වඩා ප‍්‍රියතාවක් දක්වයි.
Bellamya spp. (River Snail)
VIVAPARIDAE කුලයට අයත් තියුණු අග‍්‍රයක් සහිත පිරමිඩාකාර මෙම බෙල්ලන් හෙමින් ගලා බසින දිය පහරවල් තුළ ගල්මත වාසය සඳහා ප‍්‍රියතාවක් දක්වයි. එමෙන්ම වැව් තාවුළු තුළ ද දක්නට ලැබේ. වියලි හා අතර මැදි කලාපය තුළ බහුලව වාර්තා වේ.
Pila spp. (Asian Apple Snail)
ශ‍්‍රී ලංකාවේ වාර්තාවන ජලජ ගොලුබෙල්ලන්ගෙන් විශාලතමයන් වේ. විශාල වටකුරු හැඩයෙන් යුතු පිධානයක් සහිත මෙම බෙල්ලන් පහත රට තෙත් කලාප යේ සිට වියලි කලාපය දක්වා හොදින් පැතිරුණු ව්‍යාප්තියක් ඇත. මෙම ගණයට අයත් විශේෂ 9ක් වාර්තා වේ. දිය කඩිති, කුඹුරු ඇළමාර්ග, ඉතා හෙමින් ගලා බසිනා දිය පහරවල් වලට ප‍්‍රියතාවක් දක්වයි.
Lamellidens spp. (Pond Clam)
UNIONIDAE කුලයට අයත් ගනයන් දෙකක් වාර්තා වන අතර Lamellidens ගනයේ දෙපියන් බෙල්ලන් විශේෂ 3ක් ද, Parreysia corrugata විශේෂ ය ද වාර්තා වේ. මඩ හා වැලි සහිත දිය පහරවල් හා වැව් පොකුණු පතුළ තුළ බහුලව හමු වේ.
පර්යේෂණය
පර්යේෂණය පියවර 3ක් ඔස්සේ රැගෙන යන ලදි.
පළමු වන පියවර – තෝරාගත් සංදර්භයන් තුළ සිදු කොට ඇති පර්යේෂණයන්ට අදාල ශාස්ත‍්‍රීය පර්යේෂණ පත‍්‍රිකා තුළ වාර්තාවන භෞමික හා මිරිදිය වාසී බෙල්ලන් පිළිබඳ තොරතුරු ලබාගැනීම.
දෙ වන පියවර – උක්ත සංදර්භයන් තුලින් සොයා ගන්නා ලද ප‍්‍රාග්ඓතිහාසික නිදර්ශක පරික්ෂාවට ලක්කිරීම තුළින් විශේෂයන් නිවැරදිව හඳුනාගැනීම.
තෙ වන පියවර – ප‍්‍රාග්ඓතිහාසික සංදර්භයන් වෙත ගොස් ඒ ආශ‍්‍රිතව හමුවන වර්තමාන ගොලුබෙල්ලන්ගේ ව්‍යාප්තිය, ක්‍ෂුද්‍ර පරිසර වාසස්ථාන, විවිධත්වය, පූර්ව කැනීම් මගින් අනාවරණය කොටගත් ගොලුබෙලි අවශේෂ සමඟ සැසදීම.
(බොල්ඩ් හා අන්ඩලයින් කොට දක්වා ඇත්තේ ප‍්‍රාග්ඓතිහාසික හා වර්තමානයේ සංදර්භය අවට හමු වන විශේෂයන් ය).
බුලත්සිංහල ෆාහියන් ලෙන
වර්තමානයේ හමුවන විශේෂ – Ruthvenia clathratula, Thysanota eumita, Eurychlamys regulate, Cryptozona chenui, Euplecta travancorica, Ratnadvipia irradians, Glessula parabilis, Allopeas layardi, Acavus superbus superbus, Acavus superbus grevillei, Oligospira waltoni, Corilla adamsi, Beddomea albizonatus, Cyclophorus ceylanicus, Aulopoma itieri, Cyathopoma album, Leptopoma semiclausum, Theobaldius layardi, Tortulosa decora, Tortulosa haemastoma, Paludomus loricatus, Paludomus neritoides, Bellamya ceylonica, Pila globosa, Pila carinata.
කුරුවිට, බටදොඹ ලෙන
වර්තමානයේ හමුවන විශේෂ – Philalanka circumsculpta, Ruthvenia clathratula, Thysanota eumita , Eurychlamys regulate, Cryptozona chenui, Cryptozona Juliana, Euplecta emiliana, Euplecta travancorica, Ratnadvipia irradians, Microcystina lita, Glessula inornata, Glessula parabilis, Allopeas layardi, Acavus superbus, Acavus superbus grevillei, Oligospira waltoni, Corilla adamsi, Corilla beddomeae, Beddomea albizonatus, Cyclophorus alabastrinus , Cyclophorus ceylanicus, Cyclophorus menkeanus, Aulopoma itieri, Cyathopoma album, Leptopoma semiclausum, Theobaldius layardi, Pterocyclus cumingi, Tortulosa aurea, Tortulosa decora, Tortulosa haemastoma, Tortulosa prestoni, Tortulosa pyramidata , Paludomus loricatus, Paludomus neritoides, Paludomus thwaitesi, Paludomus zeylanica, Bellamya ceylonica, Theodoxis perotetiana, Pila globosa, Pila carinata.
කිතුල්ගල බෙලිලෙන
වර්තමානයේ හමුවන විශේෂ – Philalanka circumsculpta, Ruthvenia clathratula, Thysanota eumita, Eurychlamys regulate, Cryptozona chenui, Cryptozona Juliana, Euplecta emiliana, Euplecta travancorica, Ratnadvipia irradians, Microcystina lita, Glessula inornata, Glessula parabilis, Allopeas layardi, Acavus superbus superbus, Acavus superbus reseolabiatus, Oligospira waltoni, Corilla adamsi, Corilla beddomeae, Beddomea albizonatus, Cyclophorus alabastrinus, Cyclophorus ceylanicus, Cyclophorus menkeanus, Aulopoma itieri, Cyathopoma album, Leptopoma semiclausum, Theobaldius layardi, Pterocyclus cumingi, Tortulosa aurea, Tortulosa decora, Tortulosa haemastoma, Tortulosa prestoni, Tortulosa pyramidata, Paludomus loricatus, Paludomus neritoides, Paludomus thwaitesi, Paludomus zeylanica, Bellamya ceylonica,Theodoxis perotetiana, Pila globosa, Pila carinata.
අලවල පොත්ගුල්ලෙන
වර්තමානයේ හමුවන විශේෂ – Cryptozona chenui, Cryptozona bistrialis, Euplecta emiliana, Glessula parabilis, Allopeas gracile, Allopeas layardi, Paropeas achatinaceum, Lissachatina fulica, Acavus superbus superbus, Acavus phoenix, Oligospira waltoni, Oligospira poleii, Corilla adamsi, Beddomea albizonatus, Cyclophorus ceylanicus, Aulopoma itieri, Theobaldius layardi, Tortulosa haemastoma, Paludomus loricatus, Paludomus neritoides, Bellamya ceylonica, Pila globosa, Pila carinata.
බෙල්ලන්බැඳිපැලැස්ස එළිමහන් පරිශ‍්‍රය
වර්තමානයේ හමුවන විශේෂ – Cryptozona bistrialis, Euplecta sp., Allopeas gracile, Lissachatina fulica, Acavus superbus superbus, Oligospira waltoni, Beddomea trifasciatus, Cyclophorus involvulus, Aulopoma itieri var hofmeisteri, Theobaldius sp., Rhachistia pulcher, Pterocyclus troscheli, Paludomus loricatus, Bellamya ceylonica, Pila layardi, Faunus alter, Melanoides tuberculata, Lamellidens marginalis, Lamellidens marginalis lamellate.
සීගිරිය පොතාන ගුහාව
වර්තමානයේ හමුවන විශේෂ – Cryptozona bistrialis, Euplecta sp, Allopeas gracile, Lissachatina fulica, Acavus phoenix castaneus, Beddomea trifasciatus, Cyclophorus involvulus, Aulopoma itieri var hofmeisteri, Theobaldius sp, Eurychlamys vilipensa, Micraulax coeloconus, Mirus panos, Rhachistia pulcher, Pterocyclus troscheli, Paludomus solidus, Paludomus regalis, Bithynia inconspicua, Bellamya ceylonica, Pila layardi, Melanoides tuberculata, Lamellidens marginalis, Lamellidens marginalis lamellate.
සමාලෝචනය
දිවයින පුරා පැතිර ඇති ප‍්‍ර‍්‍රාග්ඓතිහාසික සංදර්භයන් බොහොමයක බහුලව හමුවන ACAVIDAE කුලයේ සාමාජිකයන් මෙතෙක් පර්යේෂකයන් හඳුනාගත්තේ Acavus superbus හා Acavus phoenix යන දෙ වර්ගය පමණි. නමුත් මෙම පර්යේෂණය තුලින් විවිධ වූ Acavus ගණයේ සාමාජිකයන් හමුවීම දක්නට ලැබේ. කුරුවිට බටදොඹ ලෙනින් හමුවන්නේ Acavus superbus විශේෂය හා Acavus superbus grevillei යන උප විශේෂයන් ය. මෙම විශේෂයන් හා උප විශේෂ මධ්‍යම කඳුකරයේ දකුණු හා බටහිර පා කඳු වල (Foothills) මීටර 30 හා 600 අතර උන්නතාංශයක් සහිත තෙත් වාසස්ථාන ආශ‍්‍රිතව හමු වේ. එබැවින් මෙම විශේෂයන් නිවර්තන තෙත් කලාපීය පරිසර ප‍්‍රජාවක් පෙන්නුම් කරන ජීව දර්ශකයන් ලෙස ප‍්‍රාග්ඓතිහාසික යුගයේ සිට අද දක්වා ම පැවත ඒ. ෆාහියන් ලෙනෙන් හමුවන උප විශේෂය Acavus superbus superbus වේ. කිතුල්ගල බෙලිලෙන තුලින් හමුවන්නේ Acavus superbus roseolabiatus (තෙත් කලාපයේ කිතුල්ගල, යටියන්තොට, සෙම්බුවත්ත, යක්දෙස්ස යන ප‍්‍රදේශවල හුදෙකලා වූ උප විශේෂයක් වේ) හා Acavus superbus superbus නම් උප විශේෂයන් ය. අලවල පොත්ගුල් ලෙනින් හමුවන්නේ Acavus phoenix (තෙත් කලාපයේ දකණු මධ්‍යම කොටස හා කළුතර-කොළඹ අතර මීටර 500ක උන්නතාංශය දක්වා හමු වේ) හා Acavus superbus යන විශේෂයන් ය. බෙල්ලන්බැඳිපැලැස්සෙන් හමුවන්නේ Acavus superbus superbus වුව ද සීගිරිය පොතාන ගුහාවෙන් හමුවන්නේ Acavus phoenix castaneus නම් උප විශේෂයයි. එම විශේෂයේ පැතිරීම තෙත් කලාපයේ මීටර 30-600 දක්වා වූ උතුරු අභ්‍යන්තර කොටස (මාතලේ, කුරුණෑගල, රිටිගල, මොරපිටිය) ඒ අනුව වියලි හා අතරමැදි කලාපයන් ආශ‍්‍රිතව හමුවන ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථානවලින් මෙතෙක් අනාවරණය වූ Acavus බෙල්ලන් බොහෝමයක් වර්තමානයේ හමුවන්නේ තෙත් ක්‍ෂුද්‍ර පරිසර වාසස්ථානයක බැවින් එකල පරිසරය මීට සමාන තෙත් පාරිසරික ස්වභාවයක් පැවති බවට හෝ ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසින් ඔවුන්ගේ සැබෑ වාසස්ථානයේ සිට තෙත් කලාපීය පරිසර පද්ධතියකින් රැගෙන ආවාද යන ගැටලුව මතු වේ (Raheem et al., 2000)’
ප‍්‍රාග්ඓතිහාසික සංදර්භයන් අශ‍්‍රිතව හමුවන Thysanota eumita,Cryptozona chenui, Euplecta emiliana, Glessula parabilis, Oligospira waltoni,Oligospira poleii, Corilla adamsi, Beddomea albizonatus, Cyclophorus ceylanicus, Cyathopoma album, Leptopoma semiclausum, Theobaldius layardi, Tortulosa haemastoma ආදී විශේෂ බොහොමයක ක්‍ෂුද්‍ර වාසස්ථානය තෙත් පාරිසරික ලක්ෂණ පෙන්නුම් කරන නිසාවෙන් හා වියලි හා අතරමැදි ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් තුලින් බහුලව හමුවන මිරිදිය වාසි විශේෂයන් (Paludomusspp.)ද, තේත් කලාපිය වාසින් වන බැවින්ල එකල පැවති ප‍්‍රාග්ඓතිහාසික පරිසරය වර්තමානයේ මොවුන් ජීවත්වන පරිසරයට සමාන කමක් පෙන්නුම් කරයි.
කිතුල්ගල බෙලිලෙනින් හමු වූ අදින් වසර 21,000ක් ලෙසින් කාල නීර්ණයට ලක් කළ සෙන්ටිමීටරයක ප‍්‍රමාණයෙන් යුතු Cerithidea cingulata (Lesser Horn Shell) කලපු බෙල්ලකු අනාවරණය කොටගෙන ඇත. ප‍්‍රාග්ඓතිහාසික මානවයා වෙරළබඩ කලාපය හා පැවති සබඳතාව මෙයින් පැහැදිලි වේ. ඒ අනුව අතරමැදි හා වියලි කලාපයේ වාසය කළ ප‍්‍රාග්ඓතිහාසික මානවයා තෙත් කලාපීය පරිසරික කලාපයත් සමඟ පැවති සබඳතාව එම සංදර්භයන් තුළින් හමුවන බෙල්ලන් ඔස්සේ පිළිබිඹු වනවාදැයි අයකුට ප‍්‍රශ්න කිරීමේ හැකියාව ද ඇත.
කෘතඥතාව
ශ‍්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු කීට විද්‍යාඥ, නැසීගිය පී.බී. කරුණාරත්න, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් උපෙන්ද්‍ර දැරණියගල හා නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා, බි‍්‍රතාන්‍ය ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ පර්යේෂක ආචාර්ය ඩිනසාර්ඩ් රහීම් යන මහත්ම මහත්මීනට ද ඡායාරූප සපයා දුන් ස්වභාවවේදී ඉමේෂ් නුවන් බණ්ඩාර හා ස්වභාවවේදී ඩබ්.ඒ. අමිල චානක යන මහත්මයන් සඳහා කෘතඥතාව හිමිවිය යුතු වේ.
පරිශීලනය කළ ග්රන්ථ හා ලේඛන නාමාවලිය
- Adikari, G. Aspects of the Prehistory of the Sigiriya-Dambulla Region. Colombo 7: Unpublished M. Phil Thesese , 1998.
- Adikari, G. “Excavation at the Sigiri-Potana Cave Complex: A Priliminary Account.” Futher Studies in the Settlement Archaeology of the Sigiriya – Dambulla Region, 1994: 65-67.
- Emberton, K.C. “Acavid Land Snails of Madagascar: Subgeneric Revision Based on Published Data (Gastropoda: Pulmonata: Stylommatophora).” Procedings of the Academy of Natural Sciences of Philadelphia, 1990: 101-117.
- Fernando, C.H, and S.R Weerawardhana. A Guid to the Freshwater Fauna of Ceylon (Sri Lanka). Colombo, 2002.
- Karunarathne, W., W.S. Weliange, G. Adikari, N. De Silva, K. Manamendra-Arachchi, D. Dilrukshi “Snail Consumption of Prehistoric Alavala Man.” Hunter for Hunter-gatherers at Alavala Cave. Colombo 7: Postgraduate Institute of Archaeology, 2009. 15.
- Perera, H.N. Prehistoric Sri Lanka: Late Pleistocene Rockshelters and an open-air Site. Oxford: BAR International, 2010.
- Raheem, D, Fred Naggs. An Illustrated Guide to the Land Snails of Sri Lankan Natural Forests and Cultivated Habitats. Leaflet, London: Natural History Museum, 2006.
- Raheem, D, T.Inglis, C.Priyadarshana, T.G.M.Perera, L.J.K.R. Butterworth. Land- Snail Diversity in Sri Lankan Rainforests Remnants. Study, London: Natural History Museum, 2000.
- Ranawana, K.B, and T.G.M Priyadarshana. “The Taxonomy Conservation Status of the Land Snails in Sri Lanka.” The National Red List 2012 of Sri Lanka, 2012: 65-76.
මෙම ලිපියේ සෝදුපත් බැලු මල්ෂා රණසිංහ මෙනවියට විශේෂ ස්තුතිය පිරි නැමේ.
----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.01 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
සීගිරිය, පොතාන ප‍්‍රාග් ඓතිහාසික ගුහාවෙන් අනාවරණය වී ඇති ක්‍ෂීරපායී සතුන් පිළිබඳ සාධක
මහින්ද කරුණාරත්න1*, කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරචි2, ගාමිණි අදිකාරි2
1පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අනගාරික ධර්මපාල මාවත, මහනුවර, 2පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධලෝක මාවත, කොළඔ 7.
සාරාංශය
සීගිරියේ පොතාන ප‍්‍රාග් ඓතිහාසික ගුහාව වියළි කලාපීය පරිසරයක පිහිටා ඇති අදින් වසර 6,000කට පමණ කාලනීර්ණය වූ මධ්‍ය ශිලා යුගයට අයත් මානව වාසස්ථානයකි. වසර 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් මෙම ගුහාව පර්යේෂණ කැනීමකට භාජනය කළ අතර එහි දී ලද පෘෂ්ඨවංශී සත්ත්ව අවශේෂ 40,520ක් මෙම අධ්‍යයනයට භාජනය කරන ලදී. බුලත්සිංහල ෆා-හියන්ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, අත්තනගොඩ අළුලෙන, අලවල පොත්ගුල්ලෙන යන ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන තෙත් කලාපය තුළ පිහිටා ඇති අතර එහි වාර්තා වනුයේ තෙත් කලාපීය සත්ත්ව විශේෂයන් ය. මේ අනුව, සළකා බලන කළ වියළි කලාපයේ පිහිටි පොතාන ලෙනෙන් ලද සත්ත්ව අවශේෂ වියළි කලාපීය සතුනට අයත් වන අතර මෙහි දී දේශගුණික වශයෙන් සහ ජීවවිද්‍යාත්මක ව වෙනස් කලාප දෙකක් සංසන්දනාත්මක ව අධ්‍යයනය කිරීමට අවස්ථාව සැළසේ. මෙම ශාස්ත‍්‍රීය ලිපියේ දී පොතාන ගුහාවෙන් ලද සත්ත්ව විශේෂ අතර ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නා ක්‍ෂීරපායී සතුත් පිළිබඳව විමර්ශනය කෙරෙනු ඇත. පොතාන ගුහාවෙන් ලද ක්‍ෂීරපායී සත්ත්ව විශේෂ අතර බහුතරය ගෝනා (Rusa unicolor), තිත්මුවා (Axis axis), වල්ඌරා (Sus scrofa), ඕලූමුවා (Mantiacus muntjak), මීමින්නා (Moschiola sp.), හරකා (Bos sp.), කුළුමීමා (Bubulus arnee), ඉත්තෑවා (Histrix indica), මා හම්බාවා (Petaurista philippensis) හා හැලි වඳුරා (Semnopithecus priam) යන සතුන් වේ. මෙම අධ්‍යයනයේ දී තෙත් කලාපීය ගුහා වලින් ලද ක්‍ෂීරපායී විශේෂ හා වියළි කලාපීය පොතාන ගුහාවෙන් ලද සත්ත්ව විශේෂ අතර සංසන්දනාත්මක අධ්‍යයනයක් ද සිදු කෙරේ.
පර්යේෂණ ක‍්‍රමවේදය
පොතාන ගුහාවේ කැනීම් සිදු කරන ලද්දේ කොටු ක‍්‍රමයට ය. එයින් හමු වූ සත්ත්ව අවශේෂ වියළි හා තෙත යන දෙයාකාරයෙන් හැළීමෙන් අනතුරු ව නිසි ලේබල යොදා පොලිතීන් මළු තුළ අසුරනු ලදී. පොතාන ගුහාවේ සංස්කෘතික ස්තර අතර තැන්පත් ව ඇති සියලු ම ද්‍රව්‍යයන් වටා ඝන පස් ආවරණයක් තැන්පත් ව ඇත. මේ හේතුව නිසා සමහර අස්ථි කැබළි හා දත්වල බාහිරයට විවෘත ව ඇත්තේ ඉතා සුළු කොටසකි. සත්ත්ව අවශේෂ හඳුනා ගැනීමේ දී මෙම තද පස් ආවරණය බාධාවක් වූ නිසා එම සත්ත්ව අවශේෂ වැඩිදුර හඳුනාගැනීම සඳහා සමහර නිදර්ශකවල එම පස් ආවරණය සූරා හෝ පීඩනයක් යොදා ගලවා දැමීමට සිදු විය. මෙම කටයුත්තේ දී කිසිම අයුරකින් රසායනයන් භාවිත නොකරන ලදී. නිදර්ශකය ජලයේ පොඟවා අන්වීක්ෂයක් තුළින් නිරීක්ෂණය කරමින් සියුම් වානේ තුඩු මඟින් එම පස් අංශු ඉවත් කරන ලදී. කුඩා අස්ථි අවශේෂ හඳුනා ගැනීමේ දී විශාලනය 10×20 සහිත අන්වීක්ෂයක් භාවිත කළ අතර අනෙකුත් කොටස් හඳුනා ගැනීමේ දී අත් කාචයක් උපයෝගී කර ගන්නා ලදී. වාර්තාකරණය සහ වැඩිදුර අධ්‍යයන සඳහා megapixel 7.2 වූ අංකිත කැමරාවක් ඇසුරෙන් තෝරාගත් නිදර්ශක ඡායාරූප ගත කරන ලදී.
වසර 1991 දී මෙම සත්ත්ව නිදර්ශක මේ ශාස්ත‍්‍රීය ලිපියේ දෙවන කර්තෘ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ ජූඞ් පෙරේරා යන මහතුන් විසින් හඳුනා ගැනීම සිදු කරන ලදී. ඉන් අනතුරු ව එම අවශේෂ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ තැන්පත් කරන ලදී. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් වසර 2010 දී නැවත හඳුනාගැනීම් කටයුතු සිදු කරන ලදුව එහි දී මෙම පොතාන කැනීමෙන් ලද සියලු ම සත්ත්ව අවශේෂ ගණනය කොට බර කිරා නැවත අධ්‍යයනය කරන ලදී. එහි දී වසර 1991 හඳුනාගැනීම්වලට වඩා තවත් සත්ත්ව අවශේෂ හඳුනාගැනීමටත් ඒ තුළින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසයට අදාළ සත්ත්ව පුරාවිද්‍යාත්මක අදහස් තවදුරටත් පුළුල් කිරීමටත් හැකි විය. අලුතෙන් හඳුන්වාදුන් නව ක‍්‍රමවේදයන්ට අනුව මෙම සත්ත්ව අවශේෂ ගබඩාකරණය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ දී මේ වන විටත් සිදු වෙමින් පවතී. එහි දී එක් නිදර්ශකයක් සඳහා එක් පොලිතීන් බෑගයක් ද, එක් එක් නිදර්ශකය වෙනුවෙන් සියලුම දත්ත ඇතුළත් ලේබලයක් ද යොදන ලදී. ඉන් අනතුරු ව ඒ වෙනුවෙන් සකස් කරන ලද විශේෂිත ලාච්චු තුළ නිදර්ශක ක‍්‍රමවත් පිළිවෙලකට සකස් කරනු ලදුව පරිගණක දත්ත ගොනු ලෙස ද, සාම්ප‍්‍රදායික ලේඛනගත ක‍්‍රමයට ද දත්ත සටහන් පවත්වාගෙන යනු ඇත.
පොතාන ප‍්‍රාග්ඓතිහාසික ගල් ගුහාව
පොතාන ප‍්‍රාග්ඓතිහාසික ගුහාවෙහි පැරණිතම සංස්කෘතික ස්තරය හෙවත් 10 වන ස්තරය අංගාර කාලනීර්ණයන්ට අනුව අදින් වසර 6,000ක් පමණ පැරණි වේ (කාබන් 14 කාලනීර්ණ 3913-3727 BC [Ua 5685] හා 3916-3709 BC [Ua 5686]). 1991 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ සේනක බණ්ඩාරනායක හා ගාමිණී අදිකාරි යන මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකළ පොතාන ගුහා කැනීමේ සංදර්භ 2, 3, 4, 7, 9, 10, හා 15 වශයෙන් වාර්තා කරන ලදී. පොතාන ප‍්‍රාග්ඓතිහාසික ගල් ගුහාව අන්තර් කලාපයේ පිහිටා තිබුණ ද එය වියළි කලාපයට අයත් යැයි ප‍්‍රකාශ කිරීම වඩාත් නිවැරදි වේ (Bandaranayake, 1994). නමුත් මෙම ගුහාවේ සමහර ස්තර වලින් හමුවන Acavus ගනයට අයත් තෙත් කලාපීය වැසි වනාන්තර පරිසරයන්ට සීමා වුණු ගස් ගොළුබෙල්ලන් අනුව පැහැදිලි වනුයේ එම ගුහාව අවට පරිසරය වර්තමානයට වඩා තෙත් පරිසරයක් දැරූ බව ය. පොතාන ගුහාව අවට වූ පරිසරය තෙත් කලාපීය තත්ත්වයේ සිට අන්තර් කලාපීය හා වර්තමානයේ වඩාත් වියලි තත්ත්වයන් දක්වා වෙනස්වන්නට ඇති බව Acavus ගනයේ ගස්ගොළුබෙලි සාධක මත පැහැදිලි වේ. මේ අනුව අදින් වසර 6,000ක පමණ සිට පොතාන ගුහාවේ ජීවත් වූ ප‍්‍රාග්ඓතිහාසික මානවයා තම ආහාරයට ඉහත දක්වන ලද සියලු ම පාරිසරික තත්ත්වයන් යටතේ, ගුහාව අවට පරිසරයේ ජීවත් වූ ක්‍ෂීරපායී සතුන් දඩයම් කොට ආහාරයට ගැනීම පිළිබඳ සාක්ෂීන්, ගුහාවේ සංස්කෘතික ස්තර අතර සුරක්ෂිත වී ඇති ක්‍ෂීරපායී සතුන්ට අයත් අවශේෂ මගින් පැහැදිලි වේ.
පොතාන කැනීමෙන් ලද සත්ත්ව අවශේෂ මඟින් හඳුනාගත් ක්‍ෂීරපායී විශේෂ
පසුගිය දශක හත තුළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාඥයින් විසින් ගල්ගුහා සහ විවෘත මානව ජනාවාසවල සිදු කරන ලද කැනීම් වලින් ලද සත්ත්ව අවශේෂ බොහෝ වැදගත් වනුයේ ඒවා අදින් වසර 38,000ක පමණ සිට පැවත එන බැවිනි (Deraniyagala, 1992 හා Perera, 2010. තෙත් කලාපයේ නිවර්තන වැසි ආවරණය තුළ පිහිටි ෆාහියන්ලෙන, බටදොඹලෙන, බෙලිලෙන, අළුලෙන, පොත්ගුල්ලෙන යන ගුහා කැනීම්වලින් ලද සත්ත්ව අවශේෂ පහතරට තෙත් කලාපීය සත්ත්ව ප‍්‍රජාව නියෝජනය කරනු ඇත. එසේ වුව ද වියළි කලාපයේ හෝ අන්තර් කලාපයේ වූ මධ්‍යශිලා යුගයේ මානව වාසස්ථානවල සිදු කළ කැනීම් අනුව බෙල්ලන්බැඳිපැළැස්ස හා පොතාන යන ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් ලද සත්ත්ව අවශේෂ පුරාවිද්‍යඥයින්ට වඩාත් ම වැදගත් වනුයේ ඒවා ඉහත තෙත් හා වියළි කලාප අතර සංසන්දනාත්මක අධ්‍යයනයන් සඳහා බොහෝ වැදගත් වන නිසා ය.
රටමැද ජීවත් වූ මධ්‍යශිලා යුගයේ මානවයා තම එදිනෙදා අවශ්‍යතා සියල්ලම පාහේ එම වාසස්ථානය අවට පරිසරයෙන් සපුරාගත් බව එම සත්ත්ව අවශේෂවලින් පැහැදිලි වේ. මෙම ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන කැනීම් මඟින් ලද සත්ත්ව අවශේෂ එකල එම වාසස්ථාන අවට පරිසරයේ කැටපතක් ලෙස දැක්විය හැකි ය.
අදින් වසර 6,000ක් පමණ දක්වා කාලනීර්ණයක් දරන පොතාන ගුහාවේ සංස්කෘතික සංදර්භවලින් ලද සත්ත්ව අවශේෂ මඟින් පුරාණ පාරිසරික තත්ත්වයන් අධ්‍යයනය කිරීමට මනා පිටිවහළක් ලැබෙන අතර ඊට අමතර ව එම පුරාණ මිනිසුන්ගේ සත්ත්ව රුචිකත්වය, දඩයම් ක‍්‍රමෝපායයන්, ආහාරයේ සමතුළිතතාව ආදී දෑ අධ්‍යයනය කිරීමට ද මෙම අවශේෂ බොහෝ සේ උපකාරී වේ. පොත්ගුල් ලෙනේ සිදුකළ කැනීම් මඟින් ලද සත්ත්ව අවශේෂ විශ්ලේෂණය මඟින් ක්‍ෂීරපායී විශේෂ 42ක් හඳුනාගෙන ඇති අතර බටදොඹ ලෙනෙහි සත්ත්ව විවිධත්වය ද මේ හා සමාන වේ (Manamendra-Arachchi et al., 2009).
පහත දක්වා ඇත්තේ පොතාන ගල්ගුහා කැනීමෙන් ලද සත්ත්ව අවශේෂ මඟින් හඳුනාගත් ක්‍ෂීරපායී සත්ත්ව විශේෂයන් වේ. ඉහත පර්යේෂණ ක‍්‍රමවේදය යන මාතෘකාව යටතේ දක්වන ලද එම සත්ත්ව අවශේෂ නිදර්ශක වටා බැඳී ඇති ඝන පස් ආවරණය කුඩා ක්‍ෂීරපායී සතුන්ගේ අවශේෂ වෙන් කොට හඳුනාගැනීමට බාධාවක් ව ඇති බැවින් පහත දැක්වෙන සත්ත්ව විශේෂ ලැයිස්තුවට තවත් ක්‍ෂීරපායී විශේෂ එකතු විය යුතු බව අපගේ හැඟීම වේ.
- මා වව්ලා (Pteropus giganteus, Common flying-fox) : කපාල හා අධෝහනු කොටස් හමු ව ඇත. හමු ව ඇති කපාල කොටස් අනුව හොඳින් වැඩුණු සතුන් ගුහාව වෙත රැගෙනවිත් ඇත.
- හැළි වඳුරා (Semnopithecus priam, Grey langur) : ප‍්‍රධාන වශයෙන් වියළි තැනිතලා බිමිවල වාසය කළ ද අන්තර් කලාපයේ ද වාර්තා වේ. දිවාකළ සැරිසරන ප‍්‍රිමාටාවකි. රිළවා සහ කළුවඳුරාට වඩා ප‍්‍රමාණයෙන් විශාල වේ. පුරශ්චාර්වක හා චාර්වක දත්වල තුණ්ඩ කේතු හැඩැති ය. සියලූ ම සැකිළි කොටස් හමු ව ඇත.
- කළු වඳුරා (Semnopithecus vetulus, Purple-faced leaf monkey) : ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත ව ඇත. පිරිමි සතුන්ගේ රදනක දත් දිග වුව ද රිළවුන්ගේ තරම් තියුණු නොවේ. පුරශ්චාර්වක හා චාර්වක දත්වල තුණ්ඩ හැළි වඳුරාට බොහෝදුරට සමාන වේ. සමස්ත සැකිල්ලේ ම කොටස් හමු ව ඇත.
- රිළවා (Macaca sinica, Toque monkey) : ශ‍්‍රී ලංකාව පුරා ම පැතිර ඇති ප‍්‍රිමාටාවෙකි. පිරිමි සතුන්ගේ රදනක දළ හැඩැති අතර ඒවා වඩාත් ම තියුණු ය. ලළාට අස්ථියේ උපරි අක්ෂිකූප පෙදෙස ඉදිරියට නෙරා ඇත. පුරශ්චාර්වක හා චාර්වක දත්වල තුණ්ඩ බොහෝ දුරට මොට හැඩැති අතර ඒවා තියුණු නොවේ. සමස්ත සැකිල්ලේ ම කොටස් හමු ව ඇත.
- කබල්ලෑවා (Manis crassicaudata, Pangolin) : ශ‍්‍රී ලංකාවේ ජීවත් වන භෞමික ක්‍ෂීරපායීන් අතුරින් දත් නොදරණ එක ම විශේෂය වේ. ඝනාවාසී කෘමීන් ජීවත් වන ඕනෑම කලාපයක ජීවත් වේ. වේ හුඹස් ඇති කලාපවලට වඩාත් ප‍්‍රිය කරයි. ගාත‍්‍රා සැකිළි කොටස් හමු ව ඇත.
- වල් හාවා (Lepus nigricollis, Black-naped hare) : ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්තව ඇත. මධ්‍ය ශිලා යුගයේ මානව වාසස්ථාන අතරින් වඩාත් ම අඩුවෙන් වාර්තාවන ක්‍ෂීරපායී විශේෂයකි. අධෝහනු කොටස් හමු ව ඇත.
- කොටියා හෙවත් දිවියා (Panthera pardus, Leopard) : දිවයිනේ පුළුල් ව ව්‍යාප්ත ව ඇත. ශ‍්‍රී ලංකාවේ විශාල ම මාංශ භක්ෂකයා වේ. පොතාන ගුහාවෙන් ඉතා සුළු වශයෙන් වාර්තාවන ක්‍ෂීරපායී විශේෂයකි. වර්තමාන දඩයක්කරුවන්ගේ ඉතා ප‍්‍රචලිත මාංශයක් ලෙස කොටි මාංශය හැඳින්විය හැකි ය.
- හඳුන් දිවියා (Prionailurus viverrinus, Fishing cat) : ශ‍්‍රී ලංකාවේ වල් බළල් විශේෂ තුනක් වාර්තාවන අතර වියළි කලාපයේ එම තිදෙනා ම වාසය කරනු ඇත. හඳුන් දිවියා හැරුණු විට කොළ දිවියා, Prionailurus rubiginosus හා වල් බළලා, Felis chaus යන විශේෂ ද සීගිරිය ආශ‍්‍රිත කලාපයේ ජීවත් වනු ඇත. මෙම විශේෂ තුනෙහි ම මාංශය දඩයක්කරුවන් තම ආහාරයට එක් කොට ගැනීමට මැලි නොවන නිසා ප‍්‍රාග් ඓතිහාසික මානවයා ද මෙම සතුන් දඩයම් කොට ආහාරයට ගැනීමට රුචිකත්වයක් දක්වා ඇති බැව් ගුහාවලින් හමු වන අස්ථි හා දත් අවශේෂ අනුව පැහැදිලි වේ. පොතාන ගුහාවෙන් හමුවන වල් බළල් අවශේෂ අතර ප‍්‍රමාණයෙන් විශාල දත් හඳුන් දිවියාගේ හා වල් බළලාගේ විය හැකි අතර ප‍්‍රමාණයෙන් කුඩා දත් කොළ දිවියාගේ විය හැකි ය. හඳුන් දිවියාගේත්, වල් බළලාගේත් සැකිළි අවශේෂ ප‍්‍රමාණාත්මකව සහ රූපවිද්‍යාත්මක ව බොහෝ දුරට එක සමාන බැවින් ඒවා එකිනෙකාගෙන් වෙන් කොට හඳුනාගැනීමට තරමක් අපහසු වේ. පොතාන ගුහාවෙන් හමුව ඇති බළල් අවශේෂ අතර හඳුන් දිවියාගේ අවශේෂ හැරුණු විට වල් බළලාගේ අවශේෂ ද ඇති බැව් අනුමාන කළ හැකි ය.
- මුගටීන් සහ හෝතඹුවන් (Herpestes spp, Mongoses) : ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ත්ව දඩයමේ සුලබ සත්ත්ව කාණ්ඩයක් ලෙස මුගටින් හා හෝතඹුවන් දැක්විය හැකි ය. මෙරට හෝතඹු හා මුගටි විශේෂ හතරක් වාර්තා වන අතර උන් පුළුල් ප‍්‍රදේශයක පැතිර ජීවත් වේ. හෝතඹුවන්ට අයත් දත්, අධෝහනු හා ගාත‍්‍රා සැකිළි ඉතා සුලබ ව පොතාන ඇතුළු සියලූ ම ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් හමු වේ. මුගටි හා හෝතඹු පුරශ්චාර්වක හා චාර්වක දත්වල වූ තුණ්ඩ ඉතා තියුණු අතර ඒවා කෘමී සතුන් ඇතුළු අනෙකුත් කුඩා පෘෂ්ඨවංශී සතුන් ආහාරයට ගැනීම සඳහා අනුවර්තනය වී ඇත.
- දියබල්ලා (Lutra lutra, Otter) : මිරිදිය ජලාශ හා දියකඩිති ආශ‍්‍රිත ව ජීවත් වන දියබල්ලා ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත ව ඇති ජලචර ක්‍ෂීරපායී සත්ත්වයෙක් වේ. පොතාන ලෙනෙන් මෙන් ම මෙරට සියලූ ම ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථාන තුළින් දිය බල්ලන්ට අයත් අවශේෂ හමු වේ. දිය බල්ලාගේ හිස් කබල පෘෂ්ඨෝදරීව පැතලි අතර එහි මුඛ කුහර ප‍්‍රදේශය තරමක් කුඩා වේ. දියබල්ලාගේ අවසාන පුරශ්චාර්වක හා චාර්වක දත් වඩාත් පුළුල් හා ස්ථුල ස්වරූපයක් දරයි. එහි තුණ්ඩ බොහෝදුරට තියුණු වේ. ඉතා සුළු වශයෙන් දියබල්ලන්ගේ අවශේෂ පොතාන ගුහාවෙන් හමු වේ.
- කළවැද්දා (Paradoxurus spp, Palm cats) : Paradoxurus ගණයට අයත් පහත දක්වා ඇති උගුඩුවාට අමතර ව දුඹුරු හෝ රන්වන් පැහැ ලොම් දරන කළවැදි විශේෂ තුනක් අප රටින් වාර්තා වේ. මෙම කළවැද්දන්ගේ පුරශ්චාර්වක හා චාර්වක දත් බොහෝදුරට උගුඩුවාට සාපේක්ෂව ස්ථුල පෙනුමක් දරනු ඇත. එම දත්වල තුණ්ඩ වඩාත් මොට වූ ස්වරූපයක් දරන අතර ඒවා යම් පමණකට ප‍්‍රමාණයෙන් විශාල වේ. Paradoxurus auratus, Paradoxurus montanus හා Paradoxurus stenocephalus යන විශේෂ තුන මෙයට ඇතුළත් වන අතර හමුව ඇති දත් සහ අස්ථි අවශේෂ මඟින් මෙම විශේෂ තුන එක්නෙකින් වෙන්කර ගැනීම අපහසු බැව් සඳහන් කළ යුතු ය (Groves et al., 0000).


- උගුඩුවා (Paradoxurus hermaphroditus, Black palm cats) : උගුඩුවා ශ‍්‍රී ලංකාවේ පහතරට හා කඳුකරයේ මධ්‍යම පෙදෙස් දක්වා පැතිර ජීවත් වේ. මනුෂ්‍ය වාසස්ථාන වල සුලබ ව දැකිය හැකි ය. බටදොඹලෙන හා පොත්ගුල් ලෙන යන ප‍්‍රාග්ඓතිහාසික ගුහාවලින් උගුඩු අවශේෂ සුලබ ව හමු වේ. ඒ අයුරින් ම පොතාන ලෙනෙන් ද උගුඩු දත්, අධෝ හනු සහ දිගු ගාත‍්‍රා අස්ථි හමු වේ.
- උරුලෑවා (Viverricula indica, Rnged-tail civet) : උරුලෑවා ශ‍්‍රී ලංකාව පුරා ම ව්‍යාප්තව ඇති ක්‍ෂීරපායී විශේෂයකි. මෙරට ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ත්ව ආහාරයේ ප‍්‍රධාන අංගයක් වූ උරුලෑවා පොතාන ගුහාවේ සංස්කෘතික ස්තර අතරින් ද හමු වේ. උරුලෑවාගේ පුරශ්චාර්වක හා චාර්වක දත් කළවැද්දාට හා උගුඩුවාට දළ වශයෙන් සමාන වුව ද උරුලෑවන්ගේ දත් ප‍්‍රමාණයෙන් මඳක් කුඩා අතර වඩාත් ම තියුණු වේ. පොතාන ලෙනෙන් හමුවන උරුලෑ අවශේෂ අතර අධෝහනු, හිස්කබල් කොටස් සහ දිගු ගාත‍්‍රා අස්ථි විශේෂයෙන් සඳහන් කළ හැකි ය.
- අලියා (Elephas maximus, Elephant) : ශ‍්‍රී ලංකාවේ අනෙකුත් සියලූ ම ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථානවල මෙන් පොතාන ලෙනෙහි ද ඉතා සුලූ වශයෙන් අලින්ට අයත් චාර්වක හෝ පුරශ්චාර්වක දත්වල කොටස් හමු වේ. මේවා කුමන කාරණයක් සඳහා උපයෝගී කර ගත්තේ ද යන්න සඳහන් කිරීම අපහසු ය.
- ගවයා (Bos sp, Cattle) : ගවයන්ට අයත් අවශේෂ බහුලව ම හමුවන ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථානය ලෙස පොතාන හැඳින්විය හැකි ය. විශේෂයෙන් ම සම්පූර්ණ දත් හමුවන නිසා පුරාණ ගවයින් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා මනා නිදර්ශක මෙම වාසස්ථානයෙන් හමු වේ. ශ‍්‍රී ලංකාවේ ප්ලයිස්ටොසීන අවධියේ ගවයින් වාසය කළ බව ෆොසිල සාධක මඟින් අනාවරණය වී ඇත (Deraniyagala, 1958). පොතාන ගුහාවෙන් හමුවන ගව නිදර්ශක මෙම ප්ලයිස්ටොසීන ගවයාගේ ද නොඑසේ නම් ඉන් පසු කාලයක දී මිනිසුන් විසින් රැගෙන එන ලද ගව විශේෂයකගේ ද යන්න නිවැරදි ව හඳුනාගැනීමට තවදුරටත් පර්යේෂණ සිදු කළ යුතු ව ඇත. පොතාන ලෙනෙහි අදින් වසර 6,000ක් පමණ පැරණි 10 වන සංස්කෘතික ස්තරයේ සිට ගව අවශේෂ හමු වේ.
- වල් මීමා (Bubalus arnee, Wild buffalo හා මී හරකා, Bubalus bubalis, Domestic buffalo) : පොතාන ලෙනෙන් හමුවන සත්ත්ව අවශේෂ අතර Bubalus ගණය දක්වා නිවැරදි ලෙස හඳුනාගත හැකි අස්ථි හා දත් හමු වී ඇති අතර ඒවා වල් මීමා ගේ හෝ මී හරකා ගේ විය හැකි ය. අදින් වසර 6,000කට කාලනීර්ණය වී ඇති 10 වන සංස්කෘතික ස්තරයෙන් හමු ව ඇති අවශේෂ වල්මීමා ගේ බව සඳහන් කළ හැකි අතර එය එසේ දැක්විය හැක්කේ එම අවධියේ දී ගෘහස්ථකරණයට ලක්වුණු මී හරකුන් ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගයේ වාර්තා නොවන නිසා ය. පොතාන ගුහාවෙහි 10 වන ස්තරයෙන් වල් මීමා හමු වුව ද ඊට ඉහළින් වූ නව ස්තර අතුරින් වල් මීමාත්, මී හරකාත් ය විශේෂ දෙක ම වාර්තා වන බව දැක්වීම වඩාත් නිවැරදි වේ. මෙම විශේෂ දෙක නිවැරදි ලෙස වෙන් කොට හඳුනාගැනීම සඳහා ප‍්‍රමාණාත්මක ව විශාල දත් හා අස්ථි කොටස් හමු නොවීම මෙම ගැටළුවට හේතු වී ඇත.
- ගෝනා (Rusa unicolor, Sambur) : ශ‍්‍රී ලංකාවේ ජීවත් වන මුව පවුලේ විශාල ම සාමාජිකයා වන අතර ගෝනා දිවයින පුරා ම පැතිර ජීවත් වේ. දත් හා සැකිළි කොටස් පොතාන ලෙනෙන් සුලබව හමු වේ. එම අවශේෂ අනුව සළකා බලන කළ පොතාන ලෙනෙහි ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයා ගෝනුන් සුලබ ව දඩයම් කොට ඇති බව සඳහන් කළ හැකි ය.


- වැලි මුවා (Muntiacus muntjack, Barking deer) : මෙරට වාසය කරන මුවන් අතරින් මධ්‍යම ප‍්‍රමාණයේ සිරුරක් සහිත වැලි මුවා සෑම කලාපයක ම වාගේ ව්‍යාප්තියක් දරන ක්‍ෂීරපායී සත්ත්වයෙක් වේ. පිරිමි සතුන්ට එක් කරුවක් දරන එමෙන් ම ඇතුල් දෙසට වක් වූ සිහින් අං යුවලක් ඇත. වැඩිහිටි පිරිමි සතුන්ගේ ඉහළ රදනකය දිගු හා පැතලි වන අතර එය මුඛයෙන් පිටතට නෙරා පිහිටයි. පොතාන ලෙනෙන් හමු ව ඇති වැලි මුව අවශේෂ අතර දත් විශේෂයෙන් සඳහන් කළ හැකි ය.
- වල් ඌරා (Sus scrofa, Wild boar) : වල් ඌරා යනු ප‍්‍රාග් ඓතිහාසික හා ඓතිහාසික සංදර්භවලින් වාර්තා වන සුලභ ක්‍ෂීරපායී විශේෂයකි. ශ‍්‍රී ලංකාව පුරා ම පැතිර ජීවත් වන වල් ඌරා වර්තමානයේ ද වඩාත් ප‍්‍රචලිත දඩයම් සත්ත්වයෙක් වේ. වල් ඌරාගේ පුරශ්චාර්වක සහ චාර්වක දත් සර්වභක්ෂක ලක්ෂණ දරන අතර අනෙකුත් සියලූ ම විශාල ක්‍ෂීරපායී සතුන්ගෙන් පැහැදිලි ව වෙන් කොට හඳුනා ගත හැකි ය. පොතාන ගුහාවේ විශාල ක්‍ෂීරපායී සතුන් අතරින් වල් ඌරන්ගේ සැකිළි අවශේෂ ඉතා සුලභ ව හමු වේ.


- මීමින්නා (Moschiola sp., Mouse deer) : ශ‍්‍රී ලංකාවේ ජීවත් වන කුර දරන කුඩා ම සත්ත්වයා වේ. මීමින්නන් විශේෂ දෙකක් මෙරට වාසය කරනු ඇත. එනම් ශ‍්‍රී ලංකා මීමින්නා, Moschiola meminna හා ශ‍්‍රී ලංකා කුරු මීමින්නා, Moschiola kathygre වේ. මෙම විශේෂ දෙක ම පොතාන ගුහාව අවට පරිසරයේ ජීවත්විය හැකි බැවින් මෙම ගුහා කැනීමෙන් හමු ව ඇති මීමින්නා අවශේෂ ඉහත විශේෂ දෙකෙන් කුමන විශේෂයකට අයත් ද යන්න ස්ථිර වශයෙන් ප‍්‍රකාශ කළ නොහැකි ය. මීමින්නාට අයත් අධෝහනු හා හිස්කබල් කොටස් පොතාන කැනීමෙන් වාර්තා වේ.
- ඉත්තෑවා (Hystrix indica, Porcupine) : ශ‍්‍රී ලංකාවේ විශාල ම කෘන්තකයා වන අතර සමස්ත දවයින පුරා පැතිර ජීවත් වේ. මෙම නිශාචර සත්ත්වයා බොහෝ පරාසයක වූ පරිසර පද්ධතීන්වල වාසය කරන අතර ප‍්‍රාග් ඓතිාහසික සමයේ සිට වර්තමානය දක්වා මිනිසුන්ගේ ප‍්‍රචලිත දඩයමක් බවට පත් ව ඇත. ඉත්තෑවුන්ගේ චාර්වක හා පුරශ්චාර්වක දත්වල ඇඹරුම් පෘෂ්ඨය වටකුරු හෝ ඕවලාකාර හැඩයක් දරන අතර දත් සිලින්ඩරාකාර වේ. පොතාන ගුහාවෙන් ඉත්තෑවුන්ගේ අධෝහනු හා දත් සුලභ ව හමු වේ.


- මාහම්බාවා (Petaurista philippensis, Giant flying squirrel) : මා හම්බාවා නිශාචර ප‍්‍රමාණයෙන් විශාල කෘන්තකයෙකි. විශාල තුරු සහිත පරිසරයන්ට ප‍්‍රිය කරන අතර දිවා කළ බොහෝවිට ගස් බෙන තුළ සැඟ වී ජීවත් වේ. ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සුලභ දඩයමක් ලෙස හම්බාවන් හැඳින්විය හැකි ය. දඬු ලේනාට සාපේක්ෂ ව මා හම්බාවාගේ අස්ථි ප‍්‍රමාණයෙන් විශාල වේ. අධෝහනු හා හිස්කබල් කොටස් සුලභ අතර පුරශ්චාර්වක හා චාර්වක දත්වල තුණ්ඩ වඩාත් කෝණික හැඩයක් දරයි.
- දඬුලේනා (Ratufa macroura, Giant squirrel) : ශ‍්‍රී ලංකාවේ සෑම පරිසර පද්ධතියක ම වාසය කරන කෘන්තක විශේෂයකි. නමුත් ඵල සහ බීජ සහිත විශාල ගස් ඇති කලාපයන්ට වඩාත් ප‍්‍රිය කරනු ඇත. දිවාචර හැසිරීම් පෙන්වන මෙම ලේනුන් බලංගොඩ මානවයාගේ සුලභ ආහාරයක් බව ප‍්‍රාග් ඓතිහාසික කැනීම් වලින් හමුවන දඬුලේන අවශේෂ මඟින් පැහැදිලි වේ. දඬු ලේනාගේ අධෝහනු, කපාල කොටස් සුලභ ව හමුවන අතර පුරශ්චාර්වක හා චාර්වක දත්වල වූ තුණ්ඩ වටකුරු ස්වරූපයක් දරයි.


සාකච්ඡාව
ශ‍්‍රී ලංකාවේ සත්ත්ව පුරාවිද්‍යාත්මක අධ්‍යයන සඳහා වඩාත් සිත් ගන්නා සුළු ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථානයක් ලෙස පොතාන ලෙන හැඳින්විය හැකි ය. මෙහි හමුවන ක්‍ෂීරපායී සතුන් අතුරින් ගවයා හැරුණු විට ඉතිරි විශේෂ සියල්ල ම පාහේ ෆාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලි ලෙන, අළුලෙන හා පොත්ගුල් ලෙන යන ප‍්‍රාග් ඓතිහාසික ගුහා වාසස්ථාන වලටත්, බෙල්ලන්බැඳිපැළැස්ස විවෘත ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථානයටත් බොහෝ සේ සමාන වේ. බටදොඹ ලෙනෙහි 4වන සංස්කෘතික ස්තරය අදින් වසර 13,000කට පමණ කාලනීර්ණය වී ඇති අතර පොතාන ලෙනෙහි පහතින් ම පිහිටි සංස්කෘතික ස්තරය ලෙස සැළකෙන 10වන ස්තරය අදින් වසර 6,000ක් පමණ පැරණි වේ. මේ අනුව සළකා බලන කළ අඛණ්ඩ සහ නිරවුල් ස්තරණයක් දැක්වෙන බටදොඹ ලෙනෙහි 4වන ස්තරයේ සිට අඛණ්ඩ පිහිටීමක් පොතාන ලෙනෙහි 10 වන ස්තරයෙන් නිරූපණය වේ. මෙහි දී පුරාවිද්‍යාඥයන් සඳහා වැදගත් වන සාධක පොතාන ලෙනෙන් හමුවන අතර ඒ අතරින් සංවාදයට තුඩු දෙනුයේ පොතාන ගුහාවේ 10 වන ස්තරයේ සිට හමුවන ගවයින්ගේ දත් හා සැකිළි අවශේෂ වේ. මක් නිසාද යත්, මධ්‍ය ශිලා යුගයේ මානවයින් වල් ගවයින් දඩයම් කළේ ද, එසේ නොමැති නම් වෙනත් අයුරකින් මෙරටට ගවයන් රැගෙන ආවේ ද යන කරුණු සනාථ කර ගැනීමට මෙම ගව අවශේෂ වඩාත් ම උපකාර වන බැවිනි. ප්ලයිස්ටොසීන අවධියේ මෙරට ජීවත් වූ ගවයාගේ හමුව ඇති අං කැබැල්ලේ ෆොසිලය මඟින් බොහෝ දේ ප‍්‍රකාශ කළ නොහැකි වුව ද මෙම පොතාන ලෙනෙන් හමුවන චාර්වක හා පුරශ්චාර්වක දත් මඟින් ඒ පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
මීට අමතර ව ගෝනුන්ට අයත් අවශේෂ ද පොතාන ගුහාවෙන් බහුල ව හමුවන බැවින් එහි වාසය කළ මානවයා උන් බෙහෙවින් දඩයම් කළ බව මේ අනුව අනුමාන කළ හැකි ය. වැසි වනාන්තර ආවණය තුළ වූ බටදොඹ ලෙනෙහි වාසය කළ මානවයාට වඩා වැඩි ප‍්‍රමාණයක් ගෝනුන් පොතාන මානවයා විසින් දඩයම් කළ බව ඉතා ම පැහැදිලි වේ. එකල පොතාන ගුහාව අවට වූ පරිසරයේ අදට වඩා ගෝනුන් වාසය කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.
තෙත් කලාපයේ ජිවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයා කුඩා ක්‍ෂීරපායීන් සඳහා ප‍්‍රමුඛත්වය දෙනු ලැබුව ද පොතාන මානවයා ගවයා, ගෝනා, තිත්මුවා හා වල්ඌරා ආදී විශාල ක්‍ෂීරපායී සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇතැයි මෙහි හමුවන සත්ත්ව අවශේෂ කියාපානු ඇත. පොතාන ගුහාව අවට වූ වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර තුළ මෙම විශාල ක්‍ෂීරපායී සතුන් බහුල ව වාසය කිරීමත්, උන් පහසුවෙන් දඩයම් කිරීමටත් හැකියාව තිබුණු බැවින් මෙම සතුන්ගේ අවශේෂ ගුහාවෙන් බහුල ව හමුවීමට හේතු සාධක වනු ඇත.
ස්තුතිය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා අධ්‍යයන හා සත්ත්ව විශ්ලේෂණ කටයුතු වල දී අපට නිරතුරු ව සහයෝගය දක්වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා යන මහතුන්ට අපගේ ස්තුතිය පිරිනමමු.මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කිරීමේ දී බෙහෙවින් සහාය වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ ජූඞ් පෙරේරා මහතාටත්, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සොනාලි රංගිකා පේ‍්‍රමරත්න මෙනවියටත් ස්තුතිවන්ත වෙමු.
පරිශීලනය කරන ලද ලිපි හා ග‍්‍රන්ථ
- Adikari, G., 1998. Aspect of the Prehistory of the Sigiriya-Dambulla region. Unpub. thesis submitted for the degree of Master of Philosophy (M. Phil.) PGIAR, University of Kelaniya: 443 pp.
- අදිකාරී, ගා., 2009. පුලතිසිපුර කලාපයේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විමසුමක්, පුලතිසි වංශය (සංස්. ජයතුංග, නි. පි.*, සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය, පිටු 183-192.
- Bandaranayake, S. 1994. Traversing an Archaeological Landscape. Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region (eds. Bandaranayake, S. & M. Mogren), The Postgraduate Institute of Archaeology, University of Kelaniya, 9-20 pp.
- Bossuyt, F., M. Meegaskumbura, N. Baenerts, D.J. Gower, R, Pethiyagoda, K. Roelants, A. Mannaert, M. Wilkinson, M.M. Bahir, K. Manamendra-Arachchi, P.K.L. Ng, C.J. Schneider, O. van Oomen & M.C. Milinkovitch, 2004. Local endemism within the Western Ghats-Sri Lanka Biodiversity Hotspot. Science, 306: 479-481 pp.
- Deraniyagala, S.U. 1992. The Prehistory of Sri Lanka: an ecological perspective. Memoir 8, 2nd ed. Archaeological Department, Colombo, 831 pp.
- Karunaratne, G.A., S. Rathnayake, G. Adikari, J. Perera & K. Manamendra-Arachchi. 2009. Small mammal hunt as evident from the Alavala Potgul-lena cave excavation. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 20 pp.
- Karunarathna, M., S.B. Konara, K.N. Manamendra-Arachchi & G. Adikari. 2011. Snail and crab consumption of prehistoric Alavala Potgul-lena cave man. International Association for Asian Heritage International Conference (07th & 8th April, 2011, Colombo) abstract volume (eds. Manatunga, A., R. Bandara & A. Wijesuriya), 73 p.
- Manamendra-Arachchi, K.N., J. Perera, W.S. Weliange, A. Thantilage, W. Karunaratne, G. Adikari & N. De Silva. 2009 Checklist of fauna in the excavation of prehistoric Alavala Potgul-lena cave. Hunting for hunter-gatherers at Alavala cave, Symposium on new discoveries from the excavation at Alavala, 3 rd Nov. 2009, abstracts (editor in- chief De Silva, N), Postgraduate instituite of Archaeology, University of Kelaniya: 47-51 pp.
- Manamendra-Arachchi, K.N., G. Adikari, N. De Silva, J. Weerasinghe, J. Perera, A. Thantilage, P. Vidanapathirana, W.S. Weliange, S.R. Premaratne, P.P. Algiriya, W. Karunarathne, D.J. Hettiarachchi, K. Bandara, S. Iroshana, K.N. Jayawardhana. 2010. Faunal and botanical remains found at Alavala Potgul-lena prehistoric cave site. Abstract volume of the Society of South Asian Archaeology 3rd international congress, 20th and 21nd August 2010, University of Kelaniya, Sri Lanka (eds. Shinde, V. & A. Manatunga), 65 p.
- Perera, H.N. 2010. Prehistoric Sri Lanka, late Pleistocene rockshelters and an open-air site. BAR International Series, 2142, xvi+268 pp.
- පෙරේරා, ජූ. 2009. පාහියන්ගල ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ව ආහාර රටාවේ විවිධත්වය. ජාතික පුරාවිද්‍යා සමුළුව ‐ 2009, කොළඹල පිටු 85‐95.
- Perera, J., G. Adikari & N. De Silva. 2009. Large mammal remains discovered from the Alavala Potgul-lena excavation. 2009. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 21 pp.
- Premaratne, S.R., G. Adikari & K. Manamendra-Arachchi. 2009. Reptile remains from prehistoric Alavala Potgul-lena cave. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 18 pp.
- පේ‍්‍රමරත්න, එස්. ආර්., කැ.න. මනමේන්ද්‍ර-ආරච්චි, ගා. අදිකාරී, ජූ. පෙරේරා, අ. තන්තිලගේ සහ පී. විදානපතිරණ. 2010. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික කැණීම් මගින් අනාවරණය කොටගෙන ඇති පක්ෂි අස්ථින් පිළිබඳ විමර්ශනයක්. වසර 2010 ජාතික පුරාවිද්‍යා සමුළුවට ඉදිරිපත් කළ ශාස්ත‍්‍රීය ලිපි එකතුව (ජූලි 7, 8 සහ 9), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ, 2 වන වෙළුම, පිටු 47-56.
- රණසිංහ, සු. 2009. වියළි කලාපීය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ත්ව පරිභෝජනය: සීගිරිය පොතාන ගුහාවේ සත්ත්ව අස්ථි විශ්ලේෂණයක්. අප‍්‍රකාශිත දර්ශනපති නිබන්ධය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කැලණිය විශ්වවිද්‍යාලය, පිටු 173.
- Seligmann, C.G. & B.Z. Seligmann. 1911. The Vaddas. Cambridge University Press, xx+463 pp.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ කක්කොට්ටන් පරිභෝජන රටාව: විශේෂ අවධානය සීගිරිය පොතාන ගුහාව
මහින්ද කරුණාරත්න1, සංජය බණ්ඩාර කෝනාර2, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරචිචි3, ගාමිණි අදිකාරි3
1පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අනගාරික ධර්මපාල මාවත, මහනුවර, 2භෞතවේද අංශය, වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය, 3පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ 7.
මුඛ්‍ය පද: කක්කොට්ටා, ප‍්‍රාග්ඓතිහාසික මානවයා, පාරිභෝජන රටාව, පොතාන ගුහාව, පුරාජීව විවිධත්වය
සාරාංශය
ජලජ අපෘෂ්ඨ වංශී සත්ත්ව කාණ්ඩයක් වන මිරිදිය කක්කොට්ටන් ශ‍්‍රී ලංකාවේ තෙත්බිම්, ඇලදොළ, කුඹුරු, වැව්, ගංගා, තෙත් ගල්තලා, ගස්බෙන ආදී තෙත් පරිසර පද්ධති ආශ‍්‍රිත ව ජීවත් වේ. විශේෂ (species) 51කින් පමණ සමන්විත මෙම සත්ත්ව කාණ්ඩයේ කක්කොට්ටන් අතරින් විශේෂ 50ක් දිවයිනට ආවේනික වේ. මෙම විශේෂ 51 ගන 7කට අයත්වන අතර ඒ අතරින් ඝණ (genera) 5ක් ශී‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රාග්ඓතිහාසික, ප්‍රොටෝ ඓතිහාසික හා ඓතිහාසික යුගයන්හී සිටම මානවයාගේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ආදී අංශයන් සමඟ කක්කොට්ටන් සම්බන්ධ වී ඇති බවට සාක්ෂීන් හමු වේ. සීගිරිය ආශ‍්‍රිත පොතාන ප‍්‍රාග්ඓතිහාසික ගුහාවෙන් හමුවන කක්කොට්ටන් අවශේෂ, ප‍්‍රාග්ඓතිහාසික මානවයා (කාබන් 14 කාලනීර්ණ 3913-3727 BC [Ua 5685] හා 3916-3709 BC [Ua 5686]) හා අධ්‍යනිත අපෘෂ්ඨ වංශිකයින් අතර පැවති සබඳතාවට සාක්ෂියක් වේ. 1991 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ සේනක බණ්ඩාරනායක හා ගාමිණී අදිකාරි යන මහාචාර්යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකළ පොතාන ගුහා කැනීමේ සංදර්භ 2, 3, 4, 7, 9, 10, හා 15 ඔස්සේ වාර්තා වු කක්කොටු අවශේෂ සංඛ්‍යාත්මකව 120ක් පමණ වේ. මනාව සුරක්ෂිත වී ඇති අවශේෂ අතරින් විශාල ප‍්‍රමාණයක් ගාත‍්‍රා කොටස් වේ. සෙසු ශරීර අවශේෂයන් අල්ප වන අතර අනෙකුත් ශරීරාංග හායනයට හෝ පරිභෝජනයට ලක්වන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. කක්කොට්ටන් ශ‍්‍රී ලංකාවේ වැදි ජනයාගේ හෝ නුතන මානවයාගේ ආහාර පාරිභෝජන රටාවට බොහෝ දුරට එක්නොවන සත්ත්ව විශේෂයකි. නමුත් පොතාන ගුහාවෙන් හමුවන අවශේෂයන් ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ කක්කොට්ටන් පාරිභෝජනය පිළිබඳ සාධක කියාපායි. වාර්තාවන පිළිස්සුම් ලක්ෂණ සහිත අවශේෂ ආහාර රටාවේ ලක්ෂණ පිළිබිඹුකරයි. පුරාවිද්‍යාඥයන් විසින් පසුගිය දශක 30 ඇතුළත සිදුකළ හඳුනාගැනීම් අනුව මෙතෙක් කැනීම් කොට ඇති ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථාන වලින් කක්කොට්ටන් අවශේෂ හමු වී ඇත. බුලත්සිංහල ෆා-හියන් ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, අත්තනගොඩ අළුලෙන, අලවල පොත්ගුල්ලෙන ආදී ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථාන උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. දළ වශයෙන් සලකා බලන විට අදින් වසර 40,000ක පමණ පෙර සිට මෙම ප‍්‍රාග් ඓතිහාසික සනදර්භයන් තුළින් කක්කොටු අවශේෂ හමු වේ.
පර්යේෂණ ක‍්‍රමවේදය
සීගිරිය අසල පොතාන ගුහාවේ කැනීමෙන් ලද සත්ත්ව අවශේෂ වියලි හා තෙත් හැලීමෙන් වෙන්කර ගැනීම, අංකිත කැලිපරය භාවිත කරමින් අස්ථි මිණුම් දැක්වීම, අන්වීක්ෂ පර්යේෂණය, අස්ථි අවශේෂ පිළිස්සී ඇති ද යන්න බාහිර පෙනුම ඇසුරින් පියවි ඇසින් නිරීක්ෂණය සිදු විය. විශේෂයෙන් ම මෙහි දී පිළිස්සීමෙන් පසුව ඇති වූ වර්ණ පිළිබඳ ව විශේෂ අවධානය යොමුකිරීම හා අංකිත කැමරාවක් භාවිතයෙන් ඡායාරූපමය වාර්තාකරණය ද සිදු විය.
පර්යේෂණයේ දී භාවිත නිදර්ශක
මෙම ශාස්ත‍්‍රීය ලිපියෙන් මූලික වශයෙක් විස්තර කරනුයේ සීගිරිය පොතාන ගුහාවෙන් ලද කක්කොටු අවශේෂ පිළිබඳව ය. එම අවශේෂ මූලික අධ්‍යයන වලින් අනතුරු ව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඇති ප‍්‍රාග්ඓතිහාසික සත්ත්ව අවශේෂ එකතුවේ තැම්පත් කොට ඇත.
හැඳින්වීම
ශී‍්‍ර ලංකාවේ වාර්තා වී ඇති මිරිදිය කක්කොට්ටන් විශේෂ සංඛ්‍යාව 51කි (Bahir, 1998; 1999[a]; Bahir & Ng, 2005; Bahir & Yeo, 2005; Bahir & Pethiyagoda, 2006; Ng, 1994; Ng, 1995[a]; Ng, 1995[b] සහ Ng & Tay, 2001) ජලජ අපෘෂ්ඨ වංශී කක්කොට්ටන් ශී‍්‍ර ලංකාවේ සෑම කලාපයක ම ජීවත් වේ. මහුදු මට්ටමේ සිට වඩාත් ම ඉහළ තැනි දක්වා එක ලෙස පැතිර ඇති නමුත් එකිනෙක විශේෂ වෙනස් මුහුදු මට්ටම් වල ද, වෙනස් භූගෝල කලාපයන් වල ද, ඔවුනට ම ආවේණික නිකේතනයන් වලට ද සීමා වී ඇත. මිරිදිය කක්කොට්ටන් ගංගා, වැව්, ඇලදොළ, පොකුණු, කුඹුරු, වගුරු බිම්, දිය සීරාව ඇති ගල්මත, වැසි වනාන්තර වල පිහිටි ගස් බෙන මත ආදී ඉතා පුළුල් පරිසරයක පැතිර ඇත (Bahir, 1999[b]).
ශී‍්‍ර ලංකාවේ වාර්තා වන මිරිදිය කක්කොට්ටන් අතරින් විශේෂ 50ක් දිවයිනට ආවේණික වේ. ඔවුන්ගේ ආවේණික ප‍්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් මෙරට ජීව විවිධත්වය සඳහා මෙම සත්ත්ව කාණ්ඩය බොහෝ සේ දායක වී ඇත. ආවේණික කක්කොට්ටන් බහුතරය ශී‍්‍ර ලංකාවේ තෙත් කලාපයට සීමා වේ (Bossuyt et al., 2004).
ශී‍්‍ර ලංකාවේ ආදිවාසී වැද්දන් තම ආහාරයට කක්කොට්ටන් එකතුකොට ගත්බවට මුලාශ‍්‍රවල හෝ සඳහන්ව නැත. ලාංකේය ජනතාව කෙරෙහි පවතින්නේ ද සම තත්ත්වයක් වේ. එසේ වුව ද දකුණු ඉන්දීය සම්භවයක් ඇති කදුකරයේ වාසය කරන ද්‍රවිඩ ජනතාව කක්කොට්ටන් ආහාරයට ගැනීමට පෙළඹේ : (ධනුෂ්ක සිරිවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන්, 2011). නමුත් කක්කොට්ටන් ආහාරයට නොගත්ත ද එම පරිසරයේ ම වාසය කරන Macrobrachium ගණයට අයත් විශාල ඉදිරි අඬු දරන Palaemonidae මිරිදිය ඉස්සන් (Fernando, 1990) ආහාරයට ගැනීමට ලාංකිකයන් පෙළබී සිටියි.
කකුළුවා
ශී‍්‍ර ලාංකේය ජනතාව කක්කොට්ටන් පරිභෝජනයට නොපෙළඹුන ද කලපු, මෝය, වෙරළ, හා මුහුදේ ජීවත්වන කකුළුවන් සුළභව අනුභව කරයි (Bahir, 1999[b]). සමස්තයක් වශයෙන් ගත්කළ සමකය ආසන්න උණුසුම් වෙරළ තීරයේ බොහෝ කකුළු විශේෂ වාසය කරන අතර උන්ගෙන් බහුතරයක් ආහාරයට එක්කොට ගැනීමට එම කලාපයේ ජීවත්වන ජනතාව අනාදිමත් කාලයක සිට පෙළඹී ඇත. කලපු හා වෙරළතීරයේ ඉතා පහසුවෙන් දඩයම් කළහැකි සත්ත්ව කාණ්ඩයක් වන බැවින් ද, වැඩි ප්‍රෝටීන ඵලදාවක් ලබාදෙන බැවින් ද, මාංශයේ වූ රසවත්භාවය නිසා ද ලොව වසන සියලූ ම ජනකොටස් පාහේ කකුළුවන් අනුභවයට ප‍්‍රියතාවක් දක්වයි.
ප‍්‍රාග් ඓතිහාසික කැනීම්වලින් ලද සත්ත්ව අවශේෂ විශ්ලේෂණයේ දී ක්ෂීරපායි සතුන් 75% කට වැඩි පමාණයක් නියෝජනය කරයි (Deraniyagala, 1992; Karunaratna et al., 2009; Manamendra-Arachchi et al., 2009; Manamendra-Arachchi et al., 2010; Perera, 2010; පෙරේරා, 2009 හා Perera et al., 2009). ගල් ඉබ්බන්, කිරි ඉබ්බන්, පිඹුරන් ආදී උරගයන් 10%ක් පමණ ද, ඉතිරි බහුතරය පක්ෂීන් ද නියෝජනය කරයි (Premaratne et al., 2009 හා පේ‍්‍රමරත්න ඇතුළු පිරිස, 2010). මිරිදිය බෙල්ලන්, ගස්ගොළුබෙල්ලන්, කක්කොට්ටන් වැනි අපෘෂ්ඨ වංශී සතුන්ට අයත් හමුව ඇති කවච කොටස් අනුව ප‍්‍රාග් ඓතිහාසික මානවයා තම අවට පරිසරයෙන් සොයාගත් කුඩා අපෘෂ්ඨ වංශි සතුන් සැලකිය යුතු ලෙස තම ආහාරයට එක් කොටගත් බව පැහැදිලි වෙයි (Karunarathna , et al., 2011) . ෆාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලිලෙන, අළුලෙන, පොත්ගුල්ලෙන, හා පොතාන ගුහා ආශ‍්‍රිත සිදුකළ කැනීම් සාධක උදාහරණ වේ. මහාපරිමාණයෙන් නොවුන ද ප‍්‍රාග්ඓතිහාසික මානවයා තම ආහාරයට මිරිදිය කක්කොට්ටන් එකතුකරගැනීමට පෙළඹී ඇති බවට ලැබී ඇති කක්කොටු සාක්ෂි අනුව පැහැදිලි වේ.
දඩයම හා එකතුකිරීම (hunting and gathering) මඟින් ප‍්‍රාග්ඓතිහාසික මානවයා ආහාර සපයාගැනීම සිදුවිය. පිරිමි පක්ෂය විශාල දඩයම් සොයාගිය අතර ඔවුන්ගේ කාන්තාවන් හා දරුවන් ගුහා අවටින් ගොළුබෙල්ලන්, කක්කොට්ටන් හා ආදී අපෘෂ්ඨවංශීන් මෙන්ම කටුස්සන් ආදී පෘෂ්ඨවංශීන් ද ඊට අමතරව වනයේ වූ ඇට හා ගෙඩි වර්ග එකතුකොට ඔවුන්ගේ කුසගින්න නිවා ගැනීමට පෙළඹෙන්නට ඇත. මෙවැනි කුඩා දෑ එකතුකොට ආහාරයට එක්කොට ගන්නට ඇත්තේ කුසගින්න නිවා ගැනීමට මෙන් ම විනෝදාස්වාදයක් ලබාගැනීමට ද විය හැකි ය. කක්කොට්ටන් වැනි කුඩා සතුන් එකතුකිරීම ආදිය සිදුකරන්නට ඇත්තේ වැඩිහිටියන්ට වඩා ළමුන් වීමට බොහෝ විට ඉඩ ඇත. පරිසරයේ නොයෙක් නිකේතන වල කක්කොට්ටන් වාසය කළ ද ආහාරයට ගතහැකි ප‍්‍රමාණයෙන් විශාල සතුන් කුස ගින්න නිවා ගැනීමට තරම් එක්රැස්කිරීම පහසු කටයුත්තක් නොවන බව සඳහන් කළ යුතු ව ඇත. මෙම කටයුත්ත ළමුන් සිදුකරන්නට ඇතැයි අනුමාන කරනුයේ වැඩිහිටියන් ආහාර රැස්කිරීමේ දී තම කණ්ඩායමට සෑහෙන තරම් රැස්කිරීමට වගකීමෙන් බැදී සිටින නිසාවෙනි.




තෙත් කලාපයේ වූ වැසිවනාන්තර ආශ‍්‍රිත ව මිරිදිය කක්කොට්ටන්ට ජීවත්වීම සඳහා බොහෝ නිකේතන ඇත. එම නිසා ඉහත දක්වන ලද සියලූ ම ගුහා වාසස්ථානවල ජීවත් වූ මානවයින්ට උන් අල්ලා ගැනීමට අපහසු නොවන්නට ඇත. මෙම ශාස්ත‍්‍රීය ලිපියේ මූලික අවධානය තෙත් හා වියලි කලාප අතර පිහිටි අන්තර් කලාපයේ ස්ථානගත වූ පොතාන ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථානයෙන් හමු වූ කක්කොටු අවශේෂ පිළිබඳ ව යොමුකරන අතර අනෙකුත් ගුහාවලින් ලද කක්කොටු තොරතුරු ද මීට සමගාමීව පෙල ගසනු ඇත. පොතාන ප‍්‍රාග්ඓතිහාසික ගල් ගුහාව අන්තර් කලාපයේ පිහිටා තිබුණ ද එය වියලි කලාපයට අයත් යැයි ප‍්‍රකාශ කිරීම නිවැරදි වේ (Bandaranayake, 1994). නමුත් මෙම ගුහාවේ සමහර ස්තරවලින් හමුවන Acavus ගනයට අයත් තෙත් කලාපීය පරිසරයන්ට හුරු වූ ගස් ගොළුබෙල්ලන් අනුව පැහැදිලි වනුයේ එම ගුහාව අවට පරිසරය වර්තමානයට වඩා තෙත් පරිසරයක් දැරූ බව ය. පොතාන ගුහාව අවට වූ පරිසරය තෙත් කලාපීය තත්ත්වයේ සිට අන්තර් කලාපීය හා වර්තමානයේ වඩාත් වියලි තත්ත්වයන් දක්වා වෙනස්වන්නට ඇති බව Acavus ගනයේ ගස්ගොළුබෙලි සාදක මත පැහැදිලි වේ. මේ අනුව අදින් වසර 6,000 ක පමණ සිට පොතාන ගුහාවේ ජීවත් වූ ප‍්‍රාග්ඓතිහාසික මානවයා තම ආහාරයට ඉහත දක්වන ලද සියලූ ම පාරිසරික තත්ත්වයන් යටතේ, ගුහාව අවට පරිසරයේ ජීවත් වූ කක්කොට්ටන් එකතුකොට ආහාරයට ගැනීම පිළිබඳ සාක්ෂීන්, ගුහාවේ සංස්කෘතික ස්තර අතර සුරක්ෂිත වී ඇති කක්කොට්ටන්ට අයත් අවශේෂ 120 මගින් පැහැදිලි වේ.
ප‍්‍රතිඑල
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ එවකට අධ්‍යක්ෂක මහාචාර්ය සේනක බණ්ඩාරනායක හා මහාචාර්ය ගාමිණී අදිකාරි ගේ අධීක්ෂණය යටතේ 1991 වර්ෂයේ සිදුකළ පොතාන ගුහාකැනීමේ සංදර්භ 2, 3, 4, 7, 9, 10, 15, මගින් වාර්තාවන සත්ත්ව අවශේෂ සංඛ්‍යාව 40,520ක් ව්. බහුතරය ගෝනා (Cervus unicolor), තිත්මුවා (Axis axis), වල්ඌරා (Sus scrofa), ඕලූමුවා (Mantiacus muntjak), මීමින්නා (Moschiola sp.), හරකා (Bos sp.), කුළුමීමා (Bubulus arnee), ඉත්තෑවා (Histrix indica), මා හම්බාවා (Petaurista philippensis), හැලි වඳුරා (Semnopithecus priam), ඇතුළු ක්ෂීරපායි සතුන් ද, කිරිඉබ්බා (Lissemys punctata), ගල්ඉබ්බා (Melanochelys trijuga), පිඹුරා (Python molurus) ඇතුළු උරගයන් ද, වළිකුකුලා (Gallus lafayetii) වැනි පක්ෂීන් ද නියෝජනය කරයි. Acavus ගණයේ ගස්ගොළු බෙල්ලන් ද බහුලව හමු වේ (Adikari, 1998; අදිකාරි, 2009 හා රණසිංහ, 2009). ගුහාවේ පාංශු වල වූ භෞතික ස්වභාවය අනුව සත්ත්ව අවශේෂ වටා පාංශු ගණ ව තැම්පත් වී පැවතීම සත්ත්ව පුරාවිද්‍යා කටයුතු සඳහා සත්ත්ව අවශේෂ හඳුනාගැනීමේ ක‍්‍රියාවලියට බාධාවක් වී ඇත. සත්ත්ව අවශේෂ තැලීම් හා පිළිස්සීම් වලට දැඩි ලෙස භාජනය වී පැවතීම පොතාන ගුහාවේ ජීවත් වූ මානවයා මෙම සතුන් ආහාරයට ගත් බවට සාධක සපය යි. මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කරනවිටත් සත්ත්ව අවශේෂ වැඩිදුරට අධ්‍යයනය සිදුකරමින් බවතින හෙයින් නුදුරු අනාගතයේ දී ඒ පිළිබඳ ව ගැඹුරින් සාකච්ඡා කළ හැකිවනු ඇත.
පොතාන සංස්කෘතික ස්ථරයන්ගෙන් වාර්තා වූ කක්කොට්ටන්ගේ අවශේෂ
සත්ත්ව අවශේෂ අතර කක්කොට්ටන් අවශේෂ සුරක්ෂිත වී තිබීම ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ ආහාර රටාව ගොඩනැගීමේ දී බොහෝ සේ වැදගත් වී ඇත. කක්කොට්ටන් අවශේෂ අතරින් බොහෝමයක් පිළිස්සී ඇති අතර ඒවා සියල්ල පාහේ කුඩා කැබලි වලට කැඞී ඇත. පොතාන මානවයා තම අවට පරිසරයෙන් එකතුකොටගත් කක්කොට්ටන් පුළුස්සා ආහාරයට ගෙන ඇතිබව ප‍්‍රත්‍යක්ෂ ය. කක්කොට්ටන් අවශේෂ කුඩා කැබලිවලට කැඞීමට ප‍්‍රධාන හේතු කීපයක් හඳුනාගත හැකි ය. ක්ෂීරපායි සතුන්ගේ අස්ථිවලට සාපේක්ෂව කක්කොට්ටන්ගේ බාහිර කවච කොටස් ඉතා මෘදු බැවින් ඉතා පහසුවෙන් කැඞී බිදී යා හැකිය. කක්කොට්ටන් පුළුස්සා ආහාරයට ගත් පොතාන මානවයා කක්කොට්ටාගේ මධ්‍ය ප‍්‍රදේශය වූ මාංශ ආහාරයට ගැනීමේ දී පෘෂ්ඨීය හා උදරීය බාහිර කවච කොටස් කඩා දමන්නට ඇත. ගාත‍්‍රා වල මධ්‍යයේ වූ සියුම් මාංශපේශීන් ආහාරයට ගැනීමේ පහසුව උදෙසාත් ගාත‍්‍රාකොටස් තම දත් වලින් හපා කැබලිකරන්නට ඇත.


වර්තමාන ජනයා කකුළුවන් ආහාරයට ගැනීමේ දී මෙම ක‍්‍රියාව අනුගමනය කරන බැවින් ප‍්‍රාග් මානවයන් අතින් කක්කොට්ටන් අවශේෂ කුඩා කොටස්වලට කැඞී බිදී යන්නට ඇති බව අනුමාන කළහැකිය. ඉහත දක්වන ලද වැසිවනාන්තර ආශ‍්‍රිතව ඇති ප‍්‍රාග්ඓතිහාසික මානව වාසස්ථාන වලින් හමුවන කක්කොටු අවශේෂයන් ද ඉතා කුඩා කොටස්වලට තැලී පොඩි වී හමුවන්නේ ද මෙම හේතුව නිසා වන්නට ඇත.
පොතාන ගුහාවෙන් හමුවී ඇති කක්කොට්ටන් අවශේෂ අතරින් කක්කොට්ටාගේ ඉදිරි ගාත‍්‍රා (cheliped හෙවත් claw) කොටස් බොහෝදුරට කැඞීබිඳී ගොස් නොමැති අතර එය අනෙකුත් ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථානවලට ද පොදු ලක්ෂණයක් වේ. කක්කොට්ටාගේ ඉදිරි ගාත‍්‍රා ගණත්වයෙන් වැඩි ශක්තිමත් අවයවයකි. ඒ අනුව මෙම අංග බිද දැමීමට වර්තමාන ජනයා මෙන් ම ප‍්‍රාග්ඓතිහාසික මානවයා ද බිද දමන්නට උනන්දු නොවන්නට ඇත. පොතාන ගුහාවෙන් ලද කක්කොට්ටන් අවශේෂවල උපරිම දිග මිලිමීටර 31.48 වන අතර කුඩාම කොටසේ දිග මිලිමීටර 12.67ක් වේ.
කක්කොට්ටාගේ ඉදිරි ගාත්‍රා – (cheliped හෝ claw) (පරිමාණ රේඛාව මිමි 10කි)
වම් පස කොටස පොතාන ගුහාවේ නව වන සංස්කෘතික ස්ථරයේ ද, දකුණු පස කොටස හත් වන ස්ථරයේ ද හමු වී ඇත
මිරිදිය කක්කොට්ටාගේ පෘෂ්ඨීය කවචය ගණත්වයෙන් අඩුවීම නිසා එය ඉක්මනින් බිඳී යන්නට හේතුවන්නට ඇත. කුඩාකොටස් වලට කැඞීයාමෙන් අනතුරු ව පාංශු අතරින් වෙන්කොට හඳුනා ගැනීමට කැනීම්කරුවා උත්සහා නොගැනීම, ඒවා පශ්චාත් විශ්ලේෂණ කටයුතු සඳහා හමුනොවීමට සෙසු සාධකයක් විය හැකි ය. මෙවැනි හේතූන් නිසා හමුව ඇති අවශේෂ අතර පිට කවච කොටස් දක්නට නොමැතිවීම පොතාන ගුහාවේ මෙන්ම අනෙකුත් ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථානයනට ද පොදු වූ ලක්ෂණයකි. මීට අමතරව කක්කොට්ටාගේ බඳ හා උදරීය ප‍්‍රදේශයනට අයත් කවච කොටස් බොහෝ සෙයින් කුඩා හා තුනී බැවින් ඒවා ද පශ්චාත් පර්යේෂණ කටයුතු සඳහා විද්‍යාගාරයට ලැබී නොමැත.
නිගමනය
ශී‍්‍ර ලංකාවේ ආදිවාසී වැද්දන් හා වර්තමාන ලාංකික ජනයා ද කක්කොට්ටන් පරිභෝජනයට නොපෙළඹුන ද මෙතෙක් තෙත් කලාපයේ හෝ වියලි කලාපයේ සිදුකළ ප‍්‍රාග්ඓතිහාසික කැනීම් මඟින් සනාථ වනුයේ ප‍්‍රාග්ඓතිහාසික සමයේ කක්කොට්ටන් පරිභෝජනය සිදුව ඇති බව ය. හමුව ඇති නිදර්ශක සංඛ්‍යාව බොහෝ අවම මට්ටමක පැවතුණ ද ඒවා ආහාරයට ගෙන ඇති බව එහි ඉතිරිව ඇති ලක්ෂණ අනුව පැහැදිලි ය. තම ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථාන වෙත කක්කොට්ටන් රැගෙන එන්නට ඇත්තේ එය ආහාරය සඳහා ම බව ඒ අනුව ප‍්‍රකාශ කළ හැකි ය. ගෙලසුදු මැදි-පිළිහුඩුවන් (Halcyon smyrnensis), දිය බල්ලන් (Lutra lutra) වැනි සතුන් තම ආහාරයට මිරිදිය කක්කොට්ටන් එකතුකරන බැවින් උන් ගුහාව තුළ දී කක්කොට්ටන් ආහාරයට ගත්තේ නම් ඒවායේ ඉතිරිකොටස් ප‍්‍රාග්ඓතිහාසික ගුහා මත පතිත විය හැකි ය. නරියන් (Canis aureus), දිවියන් (Panthera pardus) වැනි සතුන් කක්කොට්ටන් ආහාරයට ගන්නා බැවින් උන්ගේ වසුරු සමඟ එම කක්කොටිටන්ගේ කොටස් පිටවේ. නරියන් හා දිවියන් මානවයන් නොමැති කල ගුහා තුළ ජීවත්වුයේ නම් කක්කොට්ටන්ගේ අවශේෂ උන්ගේ වසුරු සමග තැම්පත් විය හැකිය. මෙවැනි ”සත්ත්ව අවශේෂ විසිරීමේ රටාව” (taphonomy) අධ්‍යයනය කිරීම වැදගත් වේ.
නරියෙකු වැනි සතෙක් විසින් කක්කොට්ටන් අහාරයට ගෙන වසුරු හෙලා ඇති අවස්ථාවකි – මෑතකාලීනව මහනුවර උඩවත්ත කැලය ආශ්‍රිතව ගන්නා ලද ඡායාරූපයකි.
කක්කොටු අවශේෂ වසුරු සමග පිටවූයේ නම් ඒවා එන්සයිම වල ක‍්‍රියාකාරීත්වය මගින් බොහෝ දුරට ජීරණය වීම ඔස්සේ තුනී වීම, එමෙන්ම හැපීම නිසා බොහෝවිට කුඩා කොටස්වලට කැඞීබිදී තිබිය හැකි ය. හමු වී ඇති අවශේෂ පිළිස්සීමට භාජනය වී ඇති බැවින් ප‍්‍රාග්ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජනයට මිරිදිය කක්කොට්ටන් එකතු වුවා ය යන්න පිළිබඳව නිවැරදි තීරණයකට එළැඹිය හැකි වේ. මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනයේ දී පොතාන ගුහාවේ කක්කොට්ටන් අවශේෂ පමණක් භාවිත කළ ද, මෙහි කර්තෘනට අනෙකුත් ප‍්‍රාග්ඓතිහාසික ගුහාවලින් ලද පුරුද්ද ඇති බැවින් කක්කොටු අවශේෂ සතුන් රැගෙන ආයේ ද නැතිනම් මානවයා ආහාර පිණිස රැගෙන ආවේ ද යන්න ප‍්‍රකාශ කළ හැකිය. මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කිරීමේ දී සරල දත්ත මත ගොනුකරණු ලැබුව ද මාතෘකාවට අදාල ලෙසින් ගැඹුරු අධ්‍යයනයකට ලක්කළ යුතු විෂය ක්ෂේත‍්‍රයක් බව සඳහන් කළ හැකි ය.
කෘතඥතාව
පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල, නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය ජගත් වීරසිංහ යන ආචාර්ය-මහාචාර්ය වරුනට ද, කකුළුවන් පිළිබඳ විශේෂඥ මොහොමඞ් බාහිර්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ ජූඞ් පෙරේරා මහතුනට ද චාමින්ද තිලක් කීර්තිරත්න, අනුරාධ පියදාස, චන්දිම අඹන්වල හා සොනාලි පේ‍්‍රමරත්න මා මිතුරු කැළ ට ද හිමිවිය යුතු ය.
විමර්ශනය කරන ලද ලිපි හා ග‍්‍රන්ථ නාමාවලිය
- Adikari, G., 1998. Aspect of the Prehistory of the Sigiriya-Dambulla region. Unpub. thesis submitted for the degree of Master of Philosophy (M. Phil.) PGIAR, University of Kelaniya: 443 pp.
- අදිකාරී, ගා., 2009. පුලතිසිපුර කලාපයේ ප‍්‍රාග් ඉතිහාසය පිළිබඳ විමසුමක්, පුලතිසි වංශය (සංස්. ජයතුංග, නි. පි.), සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය, පිටු 183-192.
- Bahir, M.M. 1998. Three new species of montane crabs of the genus Perbrinckia (Crustacea, Parathelphusidae) from the central mountains of Sri Lanka. Journal of South Asian Natural History. 3: 197-212 pp.
- Bahir, M.M. 1999(a). Description of three new species of freshwater crabs (Crustacea: Decapoda: Parathelphusidae: Ceylonthelphusa) from the south-western rain forests of Sri Lanka. Journal of South Asian Natural History. 4: 117-132 pp.
- Bahir, M. 1999(b). Edible crabs of Sri Lanka. Loris, Journal of the Wildlife and Nature Protection Society of Sri Lanka, 22 (2): 2-9 pp.
- Bahir, M.M. & P.K.L. Ng. 2005. Descriptions of the new species of freshwater crabs (Crustacea: Brachyura: Parathelphusidae: Ceylonthelphusa, Mahatha, Perbrinckia) from Sri Lanka. In: Yeo, D.C.J., K.L. Ng & R. Pethiyagoda (eds.), Contributions to biodiversity exploration and research in Sri Lanka. The Raffles Bulletin of Zoology, Supplement No. 12: 47-75 pp.
- Bahir, M.M. & D.C.J. Yeo. 2005. A revision of the genus Oziothelphusa Muller, 1887 (Crustacea: Decapoda: Parathelphusidae), with descriptions of eight new species. In: Yeo, D.C.J., K.L. Ng & R. Pethiyagoda (eds.), Contributions to biodiversity exploration and research in Sri Lanka. The Raffles Bulletin of Zoology, Supplement No. 12: 77-120 pp.
- Bahir, M.M. & R. Pethiyagoda. 2006. Conservation of Sri Lankan freshwater crabs. In: C. N. B. Bambaradeniya (ed.), The fauna of Sri Lanka, status of taxonomy, research and conservation. IUCN-The Conservation Union: 77-83 pp.
- Bandaranayake, S. 1994. Traversing an Archaeological Landscape. Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla region (eds. Bandaranayake, S. & M. Mogren), The Postgraduate Institute of Archaeology, University of Kelaniya, 9-20 pp.
- Bossuyt, F., M. Meegaskumbura, N. Baenerts, D.J. Gower, R, Pethiyagoda, K. Roelants, A. Mannaert, M. Wilkinson, M.M. Bahir, K. Manamendra-Arachchi, P.K.L. Ng, C.J. Schneider, O. van Oomen & M.C. Milinkovitch, 2004. Local endemism within the Western Ghats-Sri Lanka Biodiversity Hotspot. Science, 306: 479-481 pp.
- Deraniyagala, S.U. 1992. The Prehistory of Sri Lanka: an ecological perspective. Memoir 8, 2nd ed. Archaeological Department, Colombo, 831 pp.
- Fernando, C.H. 1990. Freshwater fauna and fisheries of Sri Lanka. Natural Resources, Energy & Science Authority of Sri Lanka. 444 pp.
- Karunaratne, G.A., S. Rathnayake, G. Adikari, J. Perera & K. Manamendra-Arachchi. 2009. Small mammal hunt as evident from the Alavala Potgul-lena cave excavation. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 20 pp.
- Karunarathna, M., S.B. Konara, K.N. Manamendra-Arachchi & G. Adikari. 2011. Snail and crab consumption of prehistoric Alavala Potgul-lena cave man. International Association for Asian Heritage International Conference (07th & 8th April, 2011, Colombo) abstract volume (eds. Manatunga, A., R. Bandara & A. Wijesuriya), 73 p.
- Manamendra-Arachchi, K.N., J. Perera, W.S. Weliange, A. Thantilage, W. Karunaratne, G. Adikari & N. De Silva. 2009 Checklist of fauna in the excavation of prehistoric Alavala Potgul-lena cave. Hunting for hunter-gatherers at Alavala cave, Symposium on new discoveries from the excavation at Alavala, 3 rd Nov. 2009, abstracts (editor in- chief De Silva, N), Postgraduate instituite of Archaeology, University of Kelaniya: 47-51 pp.
- Manamendra-Arachchi, K.N., G. Adikari, N. De Silva, J. Weerasinghe, J. Perera, A. Thantilage, P. Vidanapathirana, W.S. Weliange, S.R. Premaratne, P.P. Algiriya, W. Karunarathne, D.J. Hettiarachchi, K. Bandara, S. Iroshana, K.N. Jayawardhana. 2010. Faunal and botanical remains found at Alavala Potgul-lena prehistoric cave site. Abstract volume of the Society of South Asian Archaeology 3rd international congress, 20th and 21nd August 2010, University of Kelaniya, Sri Lanka (eds. Shinde, V. & A. Manatunga), 65 p.
- Ng, P.K.L. 1994. A note on the freshwater crabs of the genus Spiralothelphusa Bott, 1968 (Crustacea: Decapoda: Brachyura: Parathelphusidae), with description of a new species from Sri Lanka. Journal of South Asian Natural History. 1: 27-30 pp.
- Ng, P.K.L. 1995(a). A revision of the Sri Lankan montane crabs of the genus Perbrinckia Bott, 1969 (Crustacea: Decapoda: Brachyura: Parathelphusidae). Journal of South Asian Natural History. 1: 129-174 pp.
- Ng, P.K.L. 1995(b). Ceylonthelphusa scansor, a new species of tree-climbing crab from Sinharaja Forest in Sri Lanka (Crustacea: Decapoda: Brachyura: Parathelphusidae). Journal of South Asian Natural History. 1: 175-184 pp.
- Ng, P.K.L. & W.M. Tay. 2001. The freshwater crabs of Sri Lanka (Crustacea: Decapoda: Brachyura). Zeylanica. 6: 113-199 pp.
- Perera, H.N. 2010. Prehistoric Sri Lanka, late Pleistocene rockshelters and an open-air site. BAR International Series, 2142, xvi+268 pp.
- පෙරේරා, ජූ. 2009. පාහියන්ගල ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ව ආහාර රටාවේ විවිධත්වය. ජාතික පුරාවිද්‍යා සමුළුව ‐ 2009, කොළඹල පිටු 85‐95.
- Perera, J., G. Adikari & N. De Silva. 2009. Large mammal remains discovered from the Alavala Potgul-lena excavation. 2009. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 21 pp.
- Premaratne, S.R., G. Adikari & K. Manamendra-Arachchi. 2009. Reptile remains from prehistoric Alavala Potgul-lena cave. In: N. De Silva (eds.), Hunting for hunter-gatherers at Alavala Cave, Symposium on new discoveries from the excavation at Alavala, 3rd November 2009, Abstracts, Postgraduate Institute of Archaeology, University of Kelaniya, 18 pp.
- පේ‍්‍රමරත්න, එස්.ආර්., කැ.න. මනමේන්ද්‍ර-ආරච්චි, ගා. අදිකාරී, ජූ. පෙරේරා, අ. තන්තිලගේ සහ පී. විදානපතිරන. 2010. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික කැණීම් මගින් අනාවරණය කොටගෙන ඇති පක්ෂි අස්ථින් පිළිබඳ විමර්ශනයක්. වසර 2010 ජාතික පුරාවිද්‍යා සමුළුවට ඉදිරිපත් කළ ශාස්ත‍්‍රීය ලිපි එකතුව (ජූලි 7, 8 සහ 9), පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ, 2 වන වෙළුම, පිටු 47-56.
- රණසිංහ, සු. 2009. වියළි කලාපීය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ත්ව පරිභෝජනය, සීගිරිය පොතාන ගුහාවේ සත්ත්ව අස්ථි විශ්ලේෂණයක්. අප‍්‍රකාශිත දර්ශනපති නිබන්ධය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කැලණිය විශ්වවිද්‍යාලය, පිටු ංඩ ූ173ග
- Seligmann, C.G. & B.Z. Seligmann. 1911. The Vaddas. Cambridge University Press, xx+463 pp.
ශ‍්‍රී ලාංකේය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජනයෙහි වඳුරන් හා රිළවුන්ගේ නියෝජනය
රිවිරසිකා මැදගෙදර¹, කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි², ගාමිණී අදිකාරී¹, ජූඩ් පෙරේරා³, අර්ජුන තන්තිලගේ¹, පී. විදානපතිරණ¹
¹පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය. ² වනජීවී උරුම භාරය. ³ කෞතුකාගාර අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.
සාරාංශය
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භ තුළින් අදින් වසර 40,000ට එපිට සිට ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසින් ආහාරයට ගෙන ඉවත ළූ සත්ත්ව අවශේෂ හමු වේ. එම අවශේෂ අර්ධ පොසිල ලෙස හැදින්වීමට හැකි තරම් පාෂාණිභූත තත්ත්වයට පත්ව ඇත. මේවා දකුණු ආසියානු කලාපයේ ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන තුළින් හමුවන පැරණිතම සත්ත්ව අවශේෂ ලෙස දැක්විය හැකිය. පැරණිතම අවශේෂ බුලත්සිංහල ෆා-හියන් ලෙනෙන් ද, කුරුවිට බටදොඹ ලෙනෙන් ද හමු වේ. මෙම අවශේෂ අතර ප‍්‍රධාන වශයෙන් කළු වඳුරන්, රිළවුන්, දඩු ලේනුන්, හම්බාවන්, උගුඩුවන් හා කළවැද්දන් වැනි කුඩා ක්ෂීරපායී සතුන් ප‍්‍රමුඛස්ථානයක් ගනියි. තෙත් කලාපයේ වැසි වනාන්තර අතර වූ ප‍්‍රාග් ඓතිහාසික ගුහා වාසස්ථාන කැනීම් කොට පර්යේෂණයට භාජනය කළ සත්ත්ව අවශේෂ අතර විශාලතම ප‍්‍රතිශතය දළ වශයෙන් 20-25%ක් පමණ කළු වඳුරන් හා රිළවුන් නියෝජනය කෙරේ. මෙ තැන් සිට මෙම ලිපියේ කළු වඳුරා, වඳුරා යනුවෙන් හඳුන්වනු ලැබේ. මේ අනුව පැහැදිළි වන්නේ ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ ජීවත් වූ ප‍්‍රාග් ඓතිහාසික මානවයා ප‍්‍රධාන වශයෙන් කුඩා ක්ෂීරපායීන් මත යැපුන ද එහි විශාලතම ප‍්‍රතිශතය වඳුරන් හා රිළවුන් නියෝජනය වන බවය. මෙම ශාස්ත‍්‍රීය ලිපියෙන් මූලික වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජන රටාව තුළ වඳුරන් හා රිළවුන්ගේ නියෝජනයත් ඊට අමතරව උන් දඩයම් කිරීමේ ක‍්‍රමෝපායයන් පිළිබඳවත් ය. තෙත් කලාපීය වැසි වනාන්තර ආශ‍්‍රිතව ජීවත් වූ ප‍්‍රාග් මානවයා වනාන්තරයේ පොළව මට්ටමේ සිට මීටර් 20-25ත් ඉන් ඉහළ වියන් ස්තරයෙහි ජීවත් වන වඳුරන් හා රිළවුන් දඩයම් කිරීම අතිශය දුෂ්කර වුව ද උන් විශාල වශයෙන් දඩයම් කොට ආහාරයට ගෙන ඇත.
ප‍්‍රමුඛ පද: ශ‍්‍රී ලංකාව, ප‍්‍රාග් ඓතිහාසික මානවයා, කළු වඳුරා, රිළවා, ගුහා වාසස්ථාන, බටදොඹ ලෙන, ෆා-හියන් ලෙන, දඩයම් ක‍්‍රමෝපායන්
පර්යේෂණ ක‍්‍රමවේදය
පහත දැක්වෙන ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන තුළින් ලද වඳුරු හා රිළා අවශේෂ පර්යේෂණයට භාජනය කරන ලදී. බුලත්සිංහල ෆා-හියන් ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, උඩවලව ජාතික වනෝද්‍යානය තුළ පිහිටි බෙල්ලන්බැදිපැලැස්ස, අත්තනගොඩ අළුලෙන, අලවල පොත්ගුල්ලෙන, සීගිරිය අසළ පොතාන සහ අලිගල යන ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන ද අනුරාධපුර ඇතුළුනුවර, මාතොට ප‍්‍රාග් ඓතිහාසික හා ඓතිහාසික සන්දර්භ, ජේතවනාරාම පරිශ‍්‍රය, හුංගම මිනිඇතිලිය, පල්ලෙමළල ඇතුළු ප‍්‍රාග්ඓතිහාසික හා ඓතිහාසික වාසස්ථාන වලින් ලද වඳුරු හා රිළා අවශේෂ මෙම ශාස්ත‍්‍රීය ලිපිය සම්පාදනය කිරීම සඳහා උපයෝගී කරගන්නා ලදී. ප‍්‍රාග් ඓතිහාසික සන්දර්භ වලින් හමු වූ අර්ධ පොසිල තත්ත්වයේ වූ වඳුරු හා රිළා අවශේෂ හදුනා ගැනීමේදී වර්තමානයේ ජීවත් වන එම සතුන්ගේ සංසන්දනාත්මක අස්ථි එකතුවක සහාය ලබා ගන්නා ලදී. අවශේෂ මගින් ඒ ඒ සන්දර්භයේ වූ වඳුරු හා රිලා සංඛ්‍යාව ගණනය කිරීම සඳහා, ඉහළ හෝ පහළ හනුවේ අවසාන චාර්වක දත මගින්ද, ගාත‍්‍රා අස්ථිවල කෙළවරයන් මගින්ද ප‍්‍රකුර්චය අස්ථිය ද (Astragalus) හා පාර්ෂ්ණී අස්ථිය ද (Calcaneum) ආධාර කර ගන්නා ලදී. පැටවුන් හා වැඩිහිටියන් වෙන් කොට හදුනා ගැනීමේ දී විශේෂයෙන්ම දත් (කිරි දත් හා ස්ථර දත්) හා හිස් කබලේ වූ සීවන (sutures) හා අපිවර්ධ (epiphysis) පිහිටීම හෝ පෑහීම ආධාර කර ගන්නා ලදී. විද්‍යාත්මක නම් හා ඉංග‍්‍රීසි නම් Colin Groves (2007) හා Primate Taxonomy නම් ග‍්‍රන්ථයට අනුව සිදුකරන ලදී. ඉහත ප‍්‍රාග් ඓතිහාසික වාසස්ථාන වලින් හමු වූ වඳුරු හා රිළා අවශේෂ පහත දැක්වෙන ආයතනයන්හි තැන්පත් කර ඇති අතර එම නිදර්ශක එහි දී අධ්‍යයනය කරන ලදී. එම ආයතන නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ වූ අනුරාධපුරයේ පිහිටි කැනීම් හා විශ්ලේෂණ අංශය, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතිය වේ. මෙම ශාස්ත‍්‍රීය ලිපියෙන් එම අවශේෂවල මිනුම් හා බර ප‍්‍රකාශ නොකළ ද එම දත්ත අප විසින් එක් රැස්කර ගන්නා ලදී. එහිදී දශමස්ථාන දෙකක් ලබාගත හැකි ඩිජිටල් කැලිපරයක් ද (digital caliper) දශමස්ථාන 2 සටහන් වන ඩිජිටල් කිරුම් උපකරණයක් ද භාවිත කරන ලදී.
හැදින්වීම
දකුණු ඇමරිකානු, අප‍්‍රිකානු, දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු ඇතුළු බොහෝ කලාපයන්හි ජීවත් වන ගෝත‍්‍රික ජනයා මෙන්ම බොහෝ ග‍්‍රාමීය ජන කොටස් ද වඳුරන් හා රිළවුන් දඩයම් කිරීම හා ඔවුන් ආහාරයට ගැනීමට පෙළඹී ඇත. දකුණු ඉන්දියානු ගුහාවක් වන කර්නෝල් (Karnool) ගුහාවෙන් ද හමු වී ඇති වඳුරු හා රිළා අවශේෂ අනුව පැහැදිළි වන්නේ ශ‍්‍රී ලංකාවට සමාන ලෙස අනෙක් රටවල ද ප‍්‍රාග් ඓතිහාසික මානවයින් විසින් මෙම සතුන් දඩයම් කොට ආහාරයට ගෙන ඇති බවය (Deraniyagala 1971). සමකයට ආසන්නව පිහිටි ඝර්ම කලාපීය වනාන්තර තුළ වඳුරන් හා රිලවුන් ඇතුළු සමස්ථ අගේ‍්‍රෂයන් (Primata) විශේෂ බොහෝ සංඛ්‍යාවක් ජීවත් වේ. ඕස්ටේ‍්‍රලියානු මහද්වීපයේ වඳුරන් නොමැති වුව ද ලොව සමකයට ආසන්නව පිහිටි වනාන්තරවල ජීවත්වන සමස්ත මානව කොටස්වලට වඳුරන් හා රිළවුන් දඩයම් කිරීමේ අවස්ථාව ඇත.
දකුණු ඇමරිකානු ගෝත‍්‍රික ජනයා වැසි වනාන්තර වියනේ (Canopy) ජීවත්වන නව ලෝක වඳුරන් (new world monkeys) ඇතුළු අනෙකුත් ක්ෂීරපායී සතුන් මෙන් ම පක්ෂීන් ද දඩයම් කිරීම සඳහා විශේෂ ක‍්‍රමෝපායන් අනුගමනය කරනු ඇත. එහි දී පිඹින තුවක්කුව (blow gun) විශේෂයෙන් සඳහන් කළ හැකි ය (මේ පිළිබඳ වැඩි දුරටත් ලිපියේ පසු භාගයේ සාකච්ඡා කෙරේ). මේ ග්‍රෝත‍්‍රිකයින් මෙම පිඹින තුවක්කු භාවිත කිරීම තුළින් පැහැදිළි වන්නේ වැසි වනාන්තරයේ ඉහළ වියනේ ජීවත් වන වඳුරන් දඩයම් කිරීම සඳහා විශේෂ ක‍්‍රමෝපායන් යොදා ගන්නා බවය. ලොව දැනට ජීවත්වන ගෝත‍්‍රිකයන් මෙන්ම බොහෝ ග‍්‍රාමීය ජනයා, දකුණු ඇමරිකාවේ වැසි වනාන්තර තුළ ජීවත්වන කුඩාම ප‍්‍රමාණයේ මාමොසෙට් (Marmoset) වර්ගයේ ලොව කුඩාම අගේ‍්‍රෂයාගේ සිට අප‍්‍රිකාවේ ජීවත්වන ලොව විශාලතම වානරයා වන ගෝරිල්ලා (Gorilla gorilla) දක්වා වූ අගේ‍්‍රෂයන් මස් පිණිස දඩයම් කරනු ඇත. මේ පුරුද්ද වර්තමානයෙහි බොහෝ සේ සාකච්ඡ කොට ඇති අතර ඒ අනුව අපට ප‍්‍රාග් මානවයාගේ වඳුරු හා රිලා දඩයම් පිළිබඳ බොහෝ සෙයින් කරුණුකාරණා ගොඩ නැගිය හැකි ය.
ශ‍්‍රී ලංකාවේ වඳුරන් සහ රිළවුන්
ශ‍්‍රී ලංකාවේ වඳුරන් සහ රිළවුන් පිළිබඳ සාකච්ඡාව ආරම්භයේ දී ම අප රට වසන සමස්ත අගේ‍්‍රශයන් හෙවත් ප‍්‍රිමාටාවන් පිළිබඳව හැඳින්වීමක් කිරීම සුදුසු වේ. මක් නිසාද යත් එම දැනුම ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ ආහාර පරිභෝජන රටාව හා උන් දඩයම් කිරීම පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය වන බැවිනි. වඳුරන් හා රිළවුන් දිවා කල සැරිසරන අගේ‍්‍රෂයින් වන අතර උණහපුළුවන් (Loris) නිශාචර අගේ‍්‍රෂයින් වේ. ශ‍්‍රී ලංකාවේ උණහපුළු විශේෂ දෙකක් ජීවත් වේ. එනම්, විද්‍යාත්මකව Loris tardigradus (රතු උණහපුළුවා, Red slender Loris) සහ Loris lydekkerianus (අළු උණහපුළුවා, Gray slender Loris) වේ. මෙම විශේෂ දෙකෙන් ප‍්‍රථමයෙන් සඳහන් කරන ලද විශේෂය තෙත් කලාපයේ පැතිර ඇති අතර දෙවන විශේෂය වියළි කලාපයේ පැතිර ඇත. කෙසේ වුව ද මෙම විශේෂ දෙක අපගේ මූලික සාකච්ඡාවට අදාල නොවුනත් සමස්ත අගේ‍්‍රෂයින් පිළිබඳ හැදින්වීම සඳහා මේ කරුණු ඇතුළු කළ යුතුව ඇත (Phillips 1980, 81, 84; Nekaris, 2006; Nekaris and Jayawardena 2003; Nekaris and Jayawardena 2004).
ශ‍්‍රී ලංකාවේ වඳුරු විශේෂ 3ක් ජීවත් වේ (1 රූපය). එම විශේෂ නම්,
- Trachypithecus vetulcus සිංහල: නම කළු වඳුරා හෙවත් කොළ වඳුරා ඉංග‍්‍රීසි නම: Purple-faced Langur
- Semnopithecus priam සිංහල නම: හැලි වඳුරා ඉංග‍්‍රීසි නම: Tufted Gray langur
- Macaca sinica සිංහල නම: රිළවාඉංග‍්‍රීසි නම: Toque Macaque


මේ අතරින් ප‍්‍රථම සහ තෙවන යන විශේෂ දෙකම ශ‍්‍රී ලංකාවට ආවේනික වේ. ඉහත දක්වන ලද දිවාචර අගේ‍්‍රෂයින් ශ‍්‍රී ලංකාව පුරාම පැතිර ජීවත් වේ. නමුත්, කලාපීය වශයෙන් දැකගත හැකි එකිනෙකට වෙනස් දේශගුණික තත්ත්වයන්ට අනුවර්තනය වීමේ හේතූවෙන් හැලි වඳුරාගේ හැරුණු විට රිළවාගේත් කළු වඳුරාගේත් වෙනස් ශාරීරික ලක්ෂණයන් සහිත ගහනයන් හෙවත් උප-විශේෂ ලෙස ඒ ඒ කලාපයට වෙන්ව ජීවත් වේ (Deraniyagala 1955; Deraniyagala 1965; Phillips 1926; Phillips 1935; Phillips 1980: 81,84).
ශ‍්‍රී ලංකාව පැහැදිළි ලෙසම තෙත්, අතරමැදි හා වියළි යන ප‍්‍රධාන කලාප තුනට වෙන් කළ හැකි දූපතක් වුව ද අර්ධ ශුෂ්ක කලාප පහතරට වැසි වනාන්තර, කදුකර වැසි වනාන්තර ආදී වශයෙන් තවත් වෙනස්වෙනස් ලක්ෂණ පෙන්වන්නා වූ කලාප සමූහයකට වෙන් කළ හැකි ය (Gunathileke & Gunathileke 1983; Ashton et al. 1997; Erdelen 1984; Erdelen 1988). මෙම එකිනෙක කලාපයට වෙන් වූ පෘෂ්ටවංශී සතුන් ගණනාවක්ම මේ වන විට අනාවරණය කොට ගෙන ඇත (Deraniyagala 1952; Deraniyagala 1953; Deraniyagala 1955[b]∙ Erdelen 1984; Kotagama & Wijesinghe 1998; Manamendra-Arachchi et al. 2007; Manamendra-Arachchi & Pethiyagoda” 2005; Meegaskumbura & Manamendra-Arachchi 2005; Pethiyagoda 1991; Wickramasinghe & Munindradasa 2007).
පහතරට තෙත් කලාපයේ පුළුල් ප‍්‍රදේශයක පැතිර ජීවත් වන හැලි වඳුරා හැරුණු විට සමස්ත ශ‍්‍රී ලංකාව පුරාම පැතිර ජීවත්වන කළු වඳුරා හා රිළවාගේ එම කලාපයන්ට වෙන් වූ උප-විශේෂ මේ වන විට හදුනාගෙන ඇත (Phillips 1980:81,84). මෙම උප විශේෂ අතර බාහිර වශයෙන් වර්ණයෙන් ද හා ලොම්වල දිග අනුව ද මෙම බෙදීම් සිදුකර ඇත. රිළවුන් උප-විශේෂ හතරකට බෙදේ.
- Macaca sinica sinica පහතරට වියළි කලාපයේ පැතිර ඇත.
- Macaca sinica aurifrons ශ‍්‍රී ලංකාවේ බටහිර හා නිරිතදිග ප‍්‍රදේශයේ පහතරට වැසි වනාන්තරවල පැතිර ඇත.
- Macaca sinica opisthomelas මුහුදු මට්ටමේ සිට මීටර් 1,500ට ඉහළ කලාපයේ වූ හෝර්ට්න් තැන්න, හග්ගල, නුවරඑළිය ඇතුළු කදුකර වනාන්තරවල ජීවත් වේ.
- Macaca sinica longicaudata මෙම උප-විශේෂය මැණික් ගඟ, කතරගම යන කලාපයන්හි වාසය කරයි.
ඉහත උප-විශේෂ හතර අතුරින් M.s. aurifrons හා M.s. opisthomelas තෙත් කලාපයට සීමා වී ඇත. වර්තමාන නිරීක්ෂණයන්ට අනුව M.s. sinica හා M.s. longicaudata එකම පරිසර පද්ධතියක් නියෝජනය කරන උප-විශේෂ දෙකක් බැවින් දෙවන උප-විශේෂය ප‍්‍රථම උප-විශේෂයේ වල්ගය පමණක් දික් වූ ගහනයක් ලෙස සළකනු ලැබේ (නාහල්ලගේ සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් 2010). කළු වඳුරා හෙවත් කොළ වඳුරාගේ උප-විශේෂ පහත දැක්වෙන ලෙස ශ‍්‍රී ලංකාවේ ඒ ඒ කලාපයන්හි පැතිර ඇත.
- Trachypithecus vetulus vetulus තෙත් කලාපයේ නිරිතදිග ප‍්‍රදේශයේ පැතිර ඇත.
- Trachypithecus vetulus nestor තෙත් කලාපයේ බස්නාහිර ප‍්‍රදේශයේ පැතිර ඇත.
- Trachypithecus vetulus philbricki ශ‍්‍රී ලංකාවේ වියළි කලාපයේ විශේෂයෙන්ම, මීටර් 1500 දක්වා වූ ප‍්‍රදේශය.
- Trachypithecus vetulus monticola මධ්‍යම කදුකරයේ මීටර් 1200-2000 දක්වා වූ කලාපය.
- Trachypithecus vetulus harti උතුරු පෙදෙසේ තුනුකායි කලාපය.
ඉහත කළු වඳුරු උප-විශේෂ අතරින් T.v. vetulus හා T.v. nestor පහතරට තෙත් කලාපයට සීමා වී ඇති අතර එම උප-විශේෂ දෙක කළු ගඟන් ඉහළ හා පහළ යන කලාපවල පැතිර ජීවත් වේ. එමෙන් ම, T.v. monticola තෙත් කලාපයේ කදුකර ප‍්‍රදේශයට සීමා වී ඇත. T.v. philbricki හා T.v. harti පහතරට වියළි කලාපයේ බොහෝ දුරට එකම පරිසර පද්ධතියක ජීවත්වන සතුන් වීමේ හේතුව මත වෙනත් උප-විශේෂ දෙකකට වෙන් කිරීම පිළිබඳ විද්‍යාත්මක ගැටළු මතු වී ඇත (නාහල්ලගේ සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන්, 2010).
ඉහත දක්වන ලද රිලා හා කලූ වඳුරු උප-විශේෂ අප දැක්වූ ආකාරයට වෙනස් පරිසර පද්ධතීන්ට සීමා වී තිබුන ද එකිනෙක ගැටෙන සිමාවන් වල දී එම උප-විශේෂ අනිකා සමග අභිිජනනය කරයි. මෙහි දී උප-විශේෂ වෙනස්වන සීමාමායිම් වලදී එම උප-විශේෂ දෙකෙහිම ලක්ෂණ පෙන්නුම් කරන ගහනයන් දැකගත හැකි ය. උදාහරණයක් ලෙස සීගිරිය හා දඹුල්ල කලාපයේ දී Macaca sinica aurifronce උප-විශේෂයේත් Macaca sinica sinica උප-විශේෂයේත් මිශ‍්‍ර ලක්ෂණ පෙන්නුම් කරන සතුන් බොහෝ සේ දැකිය හැකිය.
හැලි වඳුරා සමස්ත වියළි කලාපය පුරා ම පුළුල් ලෙස පැතිර ඇත. එ මෙන් ම අන්තර් කලාපයේ වූ සමහර පරිසර පද්ධති තුළ ද උන් ජීවත් වේ. උතුරු මැද ප‍්‍රදේශයේ ජීවත් වන ගහනයේත් දකුණු ශ‍්‍රී ලංකාවේ රන්න අසල දකුණුදිග ප‍්‍රදේශයේ ජීවත්වන හැලි වඳුරු ගහනවලත් වර්ණ වෙනස්කම් නිරික්ෂණය කොට ඇත.
ප‍්‍රාග් ඓතිහාසික හෝ ඓතිහාසික වශයෙන් කාල නිර්ණය වී ඇති වඳුරු හා රිලා ශේෂ හඳුනාගැනීමේ දී අප විසින් මෙ තෙක් සිදුකොට ඇත්තේ විශේෂය (species) දක්වා හඳුනාගැනීම පමණි. ඉහත දක්වන ලද උප-විශේෂ (sub-species) පිළිබඳ විස්තරය මෙම අවශේෂ හඳුනා ගැනීමේ දී අප විසින් මෙතෙක් ක‍්‍රියාවට නංවා නොමැත. එම කරුණ තවත් පැහැදිලි කරන්නේ නම් ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් අනාවරණය කර ගත් වඳුරු හා රිලා අවශේෂ හඳුනා ගැනීමේ දී උප-විශේෂ මට්ටමින් වෙන් කිරීම සිදු වී නොමැති බවය. මෙම උප-විශේෂ අතරේ දැනට හඳුනාගෙන ඇති බාහිර වර්ණ වෙනස්කම් හා ලොම් වල වූ දිගු හා කෙටි බවේ වෙනස්කම් හැරුණු විට අස්ථි හෝ දන්ත වෙනස්කම් වල ඇති සියුම් ලක්ෂණ මේ වන තෙක් වෙන්කොට හඳුනාගැනීමට ප‍්‍රිමාටා විද්‍යාඥයින් වෙහෙස වී නොමැත.
තවදුරටත් අදහස් දක්වතොත් තෙත් කලාපයේ පහත රට ජීවත් වන (Macaca sinica aurifronse) හා වියළි කලාපයේ ජීවත්වන (M. s. sinica) ලබා ගන්නා වූ ආහාරයේ වෙනස්කම් ඇති බව නොරහසකි. තව දුරටත් විස්තර කරන්නේ නම් ඔවුන් ආහාරයට ගන්නා වූ ශාඛ විශේෂ අතර මෙම කලාප දෙකෙහි බොහෝ වෙනස්කම් ඇත. මේ ලක්ෂණ විශේෂයන් ම දත්වලත් අස්ථිවලත් තිබිය හැකිය. නමුත් වඳුරාගේ පහතරට තෙත් කලාපයේ වන උප-විශේෂ දෙක වන Trachypithecus vetulus vetulus හා T.v. nestor ගේ ඒ ආකාර වෙනස්කම් තිබේ ද යන්න සැක සහිත වන අතර එය තව දුරටත් ගවේෂණය කළ යුතු විෂයක්ව ඇත. මක් නිසාද යත් මෙම වඳුරු උප-විශේෂ දෙකම බොහෝ දුරට එක හා සමාන පරිසර පද්ධතිවල ව්‍යාප්තව සිටින බැවිනි. සත්ත්ව පුරාවිද්‍යාඥයින් විසින් උප-විශේෂවල වූ මෙම වෙනස්කම් හඳුනාගැනීමට නම් උන්ගේ දත් සහ අස්ථිවල වූ අතිශය සියුම් ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත.
වඳුරු හා රිළා අවශේෂ සත්ත්ව පුරා විද්‍යාත්මකව වෙන් කොට හඳුනා ගැනීම (2 සහ 3 රූපය):
මූලික වශයෙන් දත් හඳුනා ගැනීමේ දී තුණ්ඩවල (cusps) වූ හැඩය හා දත්වල ප‍්‍රමාණය භාවිත කරන ලදී. රිළවුන්ගේ තුණ්ඩ මොට හැඩති අතර උසින් අඩු ය. වඳුරාගේ දත්වල වූ තුණ්ඩ තියුණු අතර ඒවා උසින් වැඩි ය. රිළවුන්ගේ (පිරිමි සතුන්ගේ) ඉහළ රදනක ප‍්‍රමාණයෙන් විශාල අතර ඒවාහි පසු දාරය ඉතා තියුණු ය. රදනක දත් මගින් වඳුරන් හා රිළවුන් වෙන් කොට හඳුනා ගත හැකි සේම ලිංගික වශයෙන් ද වෙන් කොට හඳුනාගත හැකි ය. රිළවුන්ගේ යටි හනුව වඳුරන්ට සාපේක්ෂව දිගු අතර වඳුරන්ගේ යටි හනුව කෙටි වේ. හිස් කබලේ වූ අනෙකුත් ලක්ෂණ ප‍්‍රාග් ඓතිහාසික ගුහා අවශේෂ හඳුනා ගැනීමේ දී වඩාත් උපකාරී වේ. එනම්, රිළවුන්ගේ අන්තර්-අක්ෂිකූප (inter-orbital) පෙදෙස පටු වේ (වඳුරන්ගේ එය පළල් වේ), රිළවුන්ගේ උපරි-අක්ෂිකූප කලාපය ඉදිරියට නෙරා ඇත (වඳුරන්ගේ එය සුමටය), රිළවුන්ගේ උපරි-අක්ෂිකූප කලාපයේ ගැටිත්තක් ඇත (වඳුරන්ගේ එය සුමට වේ), රිළවුන්ගේ පූර්ව-ඌර්ධ්ව හනුව (pre-maxilla) හා උර්ධ්ව හනුව (maxilla) ඉදිරියට නෙරා ඇති අතර එම නිසා හොම්බ දිගුය (වඳුරන්ගේ එය සාපේක්ෂව කෙටි වේ). මීට අමතරව ගාත‍්‍රා සැකිළි පිළිබඳව අදහස් දක්වතොත් රිළවුන්ගේ ගාත‍්‍රා අස්ථි කෙටි අතර වඳුරන්ගේ දිගු වේ. අස්ථි විද්‍යාත්මක ලක්ෂණ විශාල සංඛ්‍යාවක් සඳහන් කළ හැකි වුව ද මෙම ශාස්ත‍්‍රීය ලිපියේ විෂය රාමුවට අනුව ඉතා දිගු විස්තරයක් අවශ්‍යය නොවනු ඇත.




ප‍්‍රාග් ඓතිහාසික මානවයා, වඳුරන් හා රිළවුන් දඩයම් ක‍්‍රමෝපායන්
දකුණු ඇමරිකානු ගෝත‍්‍රික ජනයා වැසි වනයේ වියන් ස්ථරයේ ජීවත් වන ක්ෂීරපායින් හා පක්ෂීන් දඩයම් කිරීමට භාවිත කරනු ලබන පිඹින තුවක්කු පිළිබඳ අවධානය යොමු කරමු. විෂ පොවන ලද තුඩු, බටයක ආධාරයෙන් කටින් පිඹ (blow guns) විද සතුන් දඩයම් කිරීම මෙහි දී සිදු වේ. ඇමසන් වැසි වනාන්තරයේ ජීවත් වන Dendrobates ගනයට අයත් මාරාන්තික විෂ මැඩියන්ගේ (Poison-arrow frog) විෂ මගින් මෙම තුඩු විෂ කවනු ලැබේ. එක් කුඩා මැඩියෙකුගෙන් තුඩු පනහක් පමණ විෂ පෙවිය හැකි ය(Manamendra-Arachchi and Pethiyagoda 2006) මෙම තුඩු ශරීරයේ ඇනීමෙන් විෂ රුධිරය සමග මිශ‍්‍ර වීම නිසා සත්ත්වයා ක්ෂණිකව මිය යයි. මෙම උපකරණය භාවිත කරමින් වැසි වනාන්තරයේ තුරු මුදුන් මත ජීවත් වන පක්ෂීන් හා ක්ෂීරපායින් ද එම ගෝත‍්‍රිකයන් විසින් දඩයම් කර ගනු ලැබේ. මීට අමතරව වියළි තැනිතලා හෝ සැවානා පරිසර සහ පඳුරු සහිත වනාන්තරවල ජීවත්වන වඳුරන් හා රිලවුන් දඩයම් කිරීමේ දී මිනිසුන් පිරිසක් ගොස් සතුන් කිහිප දෙනෙකු හුදකලා වූ ගස්වලට කොටු කර අවසානයේ දී පහර දී දඩයම් කරනු ලැබේ.
ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ජනයා උගුල් මගින් සතුන් අල්ලා ගැනීමේ ක‍්‍රමෝපායයන් පිළිබඳව මයර්ඩල් හා යසපාල විසින් සීගිරිය දඹුල්ල ප‍්‍රදේශයේ දී සිදු කළ මානව විද්‍යාත්මක අධ්‍යයනය ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ දඩයම් ක‍්‍රමෝපායයන් පිළිබඳ අධ්‍යයනය කිරීමට වැදගත් වේ (Myrdal and Yasapala 1994). මෙම දෙපළ විසින් ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික දඩයම් ක‍්‍රමෝපායයන් පිළිබඳ කරන ලද අධ්‍යයනය තුළ රිලවුන් දඩයම් කිරීම පිණිස ගැමියන් අටවන උගුල් පිළිබඳ විස්තර කර ඇත. විශේෂයන්ම වියළි කලාපයේ ජීවත්වන රිළවුන් බවභෝග වලට විශාල වශයෙන් හානි සිදුකරන නිසා ගොවියන් රිළවුන් සඳහා උගුල් ඇටවීම සිදුකරනු ලබයි. මෙතෙක් සත්ත්ව පුරාවිද්‍යාත්මක අධ්‍යයන සිදුකොට ඇති ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් ලද වඳුරු හා රිලා ශේෂ පිළිබඳව සිදුකළ හැකි අර්ථකථනයන් සංක්ෂිප්තව පහත දැක්වෙන අයුරින් ඉදිරිපත් කළ හැකිය.
- අන්තර් කලාපයේ වූ පොතාන හා අලිගල ගුහා තුළින් රිළවුන්ගේ හා හැළි වඳුරන්ගේ අස්ථි අවශේෂ හමු ව ඇත.
- වියළි කලාපයේ පිහිටි බෙල්ලන්බැඳිපැලැස්සෙන් හැලි වඳුරු අස්ථි හමු වී ඇත.
- පහත රට වැසි වනාන්තර ආවරණයේ පිහිටි ෆාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලි ලෙන, අලූ ලෙන සහ පොත්ගුල් ලෙන යන ගුහාවලින් වඳුරාගේත් රිලවාගේත් අවශේෂ හඳුනාගෙන ඇත. මේ අනුව රිලවා සහ වඳුරා යන විශේෂ දෙක දත් මගින් පැහැදිළි ලෙස ම හඳුනාගෙන ඇත්තේ පොත්ගුල් ලෙන ගුහාවෙන් ලැබුණු අවශේෂ මගින් ය.
- ඉහත දක්වන ලද වැසි වනාන්තර තුළ පිහිටි ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් හැලි වඳුරාට අයත් අවශේෂ හමු වී නොමැත.
- ප‍්‍රාග් ඓතිහාසික මානව වාසස්ථාන වලින් හමුවන වඳුරු/රිළා පැටවුන් හා වැඩිහිටියන්ගේ අවශේෂ අනුපාතය 25% සහ 75% අතර වන අගයක පිහිටන බව දළ වශයෙන් සඳහන් කළ හැකිය.
- සමස්ත තෙත් කලාපීය ගුහා පිිළිබඳ පොදුවේ කරුණු ඉදිරිපත් කරන්නේ නම් එහි දී වඳුරන් අනුපාතය 80%ට වැඩි වන අතර ඉතිරිය රිළවුන් නියෝජනය වේ. මේ අනුව පැහැදිළි වන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා රිලවුන්ට වඩා වඳුරන් දඩයම් කොට ආහාරයට ගෙන ඇති බවය.
- මෙම වඳුරු හා රිළා අවශේෂ වලින් දළ වශයෙන් 50% ක් පමණ පිළිස්සී ඇත.
- කිසිම විටක පූර්ණ හිස් කබලක් හමු වී නොමැත. හිස් කබල් සියල්ල ම පාහේ තළා ඇත. මෙය සිදු කරන්නට ඇත්තේ බොහෝ විිට මොළය ආහාරයට ගැනීම සඳහා විය හැකිය. එ මෙන් ම, ගාත‍්‍රාවල වූ දිගු අස්ථි ද තළා කොටස්වලට බිඳ ඇති අතර එය ඇට මිදුළු ආහාරයට ගැනීම සඳහා විය හැකිය.
- මනුෂ්‍ය වාසස්ථානවලට වඩාත් සමීපව ජීවත් වන රිලවුන්ට වඩා බොහෝ සේ කුලෑටි, තුරු වියනට ප‍්‍රිය කරන පොළව මට්ටමේ සිට ඉතා ඉහළින් ජීවත් වන වඳුරන් දඩයම් කොට ඇති බව අස්ථි හඳුනාගැනීම තුළින් සනාථ වී ඇත. නමුත්, මෙයට හේතුව කුමක්ද යන්න අප විසින් තව දුරටත් පර්යේෂණ සිදු කළ යුතුව ඇත.
සාකච්ඡාව
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ සත්ත්ව පරිභෝජනය තුළ වඳුරු හා රිළවුන්ගේ ප‍්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක පැවතුන ද ඒ තුළ රිළවුන්ගේ නියෝජනය අතිශය පහළ මට්ටමක පවතී. ප‍්‍රිමාටාවන් පිළිබඳ වූ වැඩමුළු වල දී සාකච්ඡාවට බඳුන් වූ පරිදි රිළවුන්ගේ ශරීරයේ ඇති අඩු මාංශ ප‍්‍රමාණය නිසා ප‍්‍රාග් මානවයා විසින් වැඩි බරින් හා විශාල ශරීරයකින් යුත් වඳුරන් දඩයම් කරන්නට ඇති බවට අදහස් පලවිය (නාහල්ලගේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් 2010). නමුත් බටදොඹ ලෙන, බෙලි ලෙන, අලුලෙන සහ පොත්ගුල් ලෙන සලකා බැලූ කළ පැහැදිලි වන්නේ Rattus ගනයට අයත් කෘන්තක මීයන්, Calotes හා Lyriocephalus ගනයන්ට අයත් කටුස්සන්, කිරි වවුලන් හෙවත් කෘමි භක්ෂක වවුලන් ආදී කුඩා සතුන් ද විශාල වශයෙන් ආහාරයට ගෙන ඇති බව ය. මේ හා සමාන කුඩා සතුන් දඩයම් කිරීමට පෙලඹුණු මානවයා කිලෝග්රෑම් කිහිපයක්ම බර ඇති රිලවුන් නොසලකා හැරීම තර්කානුකූලව සිදුවිය නොහැක්කකි. එ මෙන් ම රිලවුන් වඩාත්ම බුද්ධිමත් බැවින් උන්ගේ ඇති කුතුහලය නිසාම නිතරම පාහේ මනුෂ්‍ය වාසස්ථානවලට සමීප වේ. කෑමට හුරුපුරුදු වූ රිළවුන් වනාන්තර තුළ හා මායිම්වල පිහිටි නිවෙස්, ආරණ්‍ය ආදී මිනිසුන් ගැවසෙන ආහාර පානාදිය ඇති තැන්වලට ඉක්මනින්ම හුරුපුරුදු වේ. ප‍්‍රාග් ඓතිහාසික මානවයා ගැවසුණු ලෙන් අසලට ද මොවුන් පුරුදුව සිටි බැව් මේ අනුව උපකල්පනය කළ හැකිය. නමුත් රිළවුන් විශාල වශයෙන් දඩයම් කර ඇති බවක් ලැබෙන සාධක අනුව සිතාගත නොහැකිය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා පහසුවෙන් දඩයම් කළ හැකි රිළවුන්ට වඩා දුෂ්කරව දඩයම් කළයුතු වඳුරා දඩයම් කළේ මන්දැයි තව දුරටත් ගවේෂණය කළ යුතුව ඇත. ඉහත දක්වන ලද ගුහා ඇසුරින් සහ මාතොට කැනීමට අනුව ක‍්‍රිස්තුපූර්ව 1,800 තෙක් පැතිර ඇති ප‍්‍රාග් ඓතිහාසික සමය තුළ වඳුරු හා රිළා දඩයම බොහෝ සේ ප‍්‍රචලිතව තිබුණ ද ක‍්‍රිස්තුපූර්ව 1,360 න් පසුව ආරම්භ වූ ප්‍රොටෝ ඓතිහාසික යකඩ යුගයෙන් පසුව (Somadeva et al. 2008) වඳුරන් දඩයම් කිරීම ප‍්‍රාග් ඓතිහාසික යුගයේ තරම් ප‍්‍රචලිත වූ බවක් නොපෙනේ. අනුරාධපුර ඇතුළුනුවර සිදුකළ කැනීම් මගින් මෙය තව දුරටත් සනාථ වේ. ප්‍රොටෝ ඓතිහාසික යකඩ යුගයේත් මූල ඓතිහාසික යුගයේත් සහ ඉන් අනතුරුව ක‍්‍රිස්තුපූර්ව 3 සියවසින් පසුව එළඹි බෞද්ධ ජනසමාජය වඳුරන් හා රිළවුන් දඩයම හා අනුභවය බෙහෝ දුරට ප‍්‍රතික්ෂේප කළා විය හැකිය. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික මානවයා වඳුරන් හා රිළවුන් දඩයම් කිරීම සහ අනුභව කිරීම පිළිබඳව වන මෙම සාකච්ඡාවේ තවදුරටත් කරුණු අනාවරණය කිරීම සඳහා අනාගතයේ දී බොහෝ පර්යේෂණ කළ යුතුව ඇති බව අවසාන වශයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමු.
ස්තුතිය
කෞතුකාගාර නිදර්ශක අධ්‍යයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ප‍්‍රධාන උපදේශක ආචාර්ය සිරාන් දැරණියගල, නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය නිමල් පෙරේරා සහ කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මහාචාර්ය නිමල් ද සිල්වා යන මහතුන්ට ස්තුතිය පුද කරමු. වඳුරන් හා රිළවුන් පිළිබඳ විද්‍යාත්මක මූලාශ‍්‍ර සපයා දුන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවවිද්‍යා අංශයේ ආචාර්ය චාමලී නාහල්ලගේ මහත්මියට ද ස්තුතිය පුද කරමු. පර්යේෂණ කටයුතුවල දී නන්අයුරින් සහය වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දත්ත හා විශ්ලේෂණ අංශයේ ඒ.ඒ. විජයරත්න මහතාටත්, ගාමිණි සමරනායක මහතාටත් ක්ෂේත‍්‍ර කටයුතුවල දී සහාය වූ චින්තක කළුතොට මහතාටත්, ක‍්‍රිෂාන්ති ජයවර්ධන හා සොනාලි පේ‍්‍රමරත්න යන මෙනවියන්ටත්, සංසන්දනාතමක නිදර්ශන ලබාදුන් සුදත් නානායක්කාර මහතාටත් වඳුරන්ගේ ඡායාරූප ලබා දුන් විමුක්ති වීරතුංග, සරිත් පෙතියාගොඩ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ඡායාරූප ශිල්පී එස්. මදනායක යන මහතුන්ට අපගේ ගෞරවාදර ස්තුතිය පුද කරමු.
පරිශීලනය කළ ග්රන්ථ හා විමර්ශන ලිපි නාමාවලිය
- Ashton, M. S., S. Gunatilleke, N. de Zoysa, M. D. Dassanayake, N. Gunatilleke & S. Wijesundera, 1997. A field guide to the common trees and shrubs of Sri Lanka. Wildlife Heritage Trust Publications (Pvt.) Limited, Colombo. 432 pp.
- Bossuyt, F., M. Meegaskumbura, N. Baenerts, D. J. Gower, R, Pethiyagoda, K. Roelants, A. Mannaert, M. Wilkinson, M. M. Bahir, K. Manamendra-Arachchi, P. K. L. Ng, C. J. Schneider, O. van Oomen & M. C. Milinkovitch, 2004. Local endemism within the Western Ghats-Sri Lanka Biodiversity Hotspot. Science, 306: 479-481 pp.
- Corbet, G. B. & J. E. Hill, 1992. The mammals of the Indomalayan Region: a systematic review. Oxford Univ. Press. Oxford. viii+488 pp.
- Dela, L. 2007. Seasonal food use strategies of Semnopithecus vetulus nestor, at Panadura and Piliyandala, Sri Lnaka. Int. J. Primatol. 28: 607-626 pp.
- Dela, J. and N. Rowe. 2006. Western purple-faced langur, Semnopithecus vetulus nestor Bennett, 1833, In: Primates in peril: The world’s 25 most endangered primates, 2004-2006, R. A. Mittermeier, C. B. Valladares-Padua, A. B. Rylands, A. A. Eudey, T. M. Butynski, J. U. Ganzhorn, R. Kormos, J. M. Aguiar and S. Walker (compilers), pp. 12-13, 24. Primate Conserv. (20): 1-28.
- Deraniyagala, P. E. P., 1952. A coloured atlas of some vertebrates from Ceylon. Vol. 1, Fishes. Ceylon National Museums, Colombo. xii+1 plt.149 pp. (34 plts).
- Deraniyagala, P. E. P., 1953. A coloured atlas of some vertebrates from Ceylon. Vol. 2, Tetrapod Reptiles. Ceylon National Museums, Colombo. xii+XI plts.+101 pp. (35 plts).
- Deraniyagala, P. E. P., 1955(a). A new race of leaf monkey from Ceylon. Spolia Zeylanica. 27: 293-294.
- Deraniyagala, P. E. P., 1955(b). A coloured atlas of some vertebrates from Ceylon. Vol. 3, Serpentoid Reptiles. Ceylon National Museums, Colombo. vii+VII plts.+117 pp. (49 plts).
- Deraniyagala, P. E. P., 1965. A new subspecies of macaque, Macaca sinica longicaudata from Ceylon. Spolia Zeylanica. 30: 261-262 (2 plts.).
- Deraniyagala, S., 1971, The Ratnapura Fauna, Prehistoric Ceylon- a Summary in 1988, Ancient Ceylon, Journal of Archaeological Survey of Ceylon, Department of Archaeology,Colombo 1(2): 3-47 pp.
- Deraniyagala, S. U., 1992. The Prehistory of Sri Lanka: an ecological perspective. Memoir 8, 2nd ed. Archaeological Department, Colombo. 813 pp.
- Dittus, W. P. J. 1975. Population dynamics of the toque monkey, Macaca sinica. In: Socioecology and Psychology of Primates (edi. by Tuttle, R. H.), Mouton Publishers, The Hague, 125-151 pp.
- Eisenberg, J. E. & G. M. Mckay, 1970. An annotated checklist of the recent mammals of Ceylon with keys to the species. Ceylon J. Sci., boil. Sci. 8: 69-99.
- Erdelen, W. 1984. The genus Calotes (Saurea, Agamidae) in Sri Lanka: distribution patterns. Journal of Biogeography, 11: 515-525 pp.
- Erdelen, W. 1988. Forest ecosystems and nature conservation in Sri Lanka. Biol. Conserv. 43: 115-135 pp.
- Groves, C. P. 2001. Primate Taxonomy. Smithsonian Institution Press, Washington, DC, x+350 pp.
- Gunathileke, C. V. S. and I. A. U. N. Gunathileke. 1983. A forestry case study of the Sinharaja rainforest in Sri Lanka. In: Forest and Freshwater development and Conservation in Asia and the Pacific (edi. by Hamilton, L. S.), Westview Press, Colombo, 289-357 pp.
- Kotagama S. and Wijesinghe. 1998. Siri Laka Kurullo [in sinhala]. Wildlife Heritage Trust of Sri Lanka, Colombo. 394 pp., 32 pl.
- Manamendra-Arachchi, K., S. Batuwita & R. Pethiyagoda. 2007. A taxonomic revision of the Sri Lankan day-geckpos (Reptila: Gekkonidae: Cnemaspis), with description of new species from Sri Lanka and southern India. Zeylanika, 7(1): 9-122 (incl., 6 tabs., 46 figs. and 12 plts.).
- Manamendra-Arachchi, K. & R. Pethiyagoda. 2005. The Sri Lankan shrub-frogs of the genus Philautus Gistel, 1848 (Ranidae: Rhacophorinae), with description of 27 new species. In: You, D.C.J., K.L. Ng & R. Pethiyagoda (eds.), Contributions to biodiversity exploration and research in Sri Lanka. The Raffles Bullentin of Zoology, Supplement No. 12: 163-303 pp.
- Manamendra-Arachchi, K. & R. Pethiyagoda. 2006. Amphibians of Sri Lanka (in Sinhala). Wildlife Heritage Trust of Sri Lanka, Colombo. 440 pp., (88 plts.).
- Myrdal, E. & A. Yasapala, 1994. Hunting, trapping, catching and fishing. Further studies in the settlement archaeology of the Sigiriya-Dambulla, ed. Bandaranayake, S. and M. Mogren. The Postgraduate Institute of Archaeology, University of Kelaniya, 264-286 pp.
- Mckay, G. M. 1984. Ecology and biogeography of mammals. Pp. 413-429 in Fernando, C. H. (ed.), Ecology and biogeography in Sri Lanka. The Hague: Junk (Monographiae boil. vol. 57).
- Meegaskumbura, M. & K. Manamendra-Arachchi. 2005. Description of eight new species of shrub frogs (Ranidae: Rhacophorinae: Philatus) from Sri Lanka. In: You, D.C.J., K.L. Ng & R. Pethiyagoda (eds.), Contributions to biodiversity exploration and research in Sri Lanka. The Raffles Bullentin of Zoology, Supplement No. 12: 305-338 pp.
- Nahallage, C.A.D. and M.A. Huffman. 2007. Age-specific functions of stone handling, a solitary-object play behavior, in Japanese macaques (Macaca fuscata). American journal of Primatology 69:1-15 pp.
- Nahallage, C.A.D. and M.A. Huffman. 2007. Acquisition and development of stone handling behavior in infant Japanese macaques. Behaviour, 144:1193-1215 pp.
- Nahallage, C.A.D. and M.A. Huffman. 2008. Environmental and social factors associated with the occurrence of stone-handling behavior in a captive troop of Macaca fuscata. Int. J. Primatol.
- Nahallage, C.A.D., M.A. Haffman, N. Kuruppu and T. Weerasingha. 2008. Diurnal primates in Sri Lanka and people’s perception of them. Primate Conservation, 23:1-7 pp.
- Nekaris, K.A.I. 2006. Horton Plains Slender Loris, Ceylon mountain slender loris Loris tardigradus nycticeboides (Hill, 1942). In: Primates in peril: The world’s 25 most endangered primates, 2004-2006, R. A.
- Mittermeier, C. B. Valladares-Padua, A. B. Rylands, A. A. Eudey, T. M. Butynski, J. U. Ganzhorn, R. Kormos, J. M. Aguiar and S. Walker (compilers), pp. 10-11, 23. Primate Conserv. (20): 1-28.
- Nekaris, K.A.I. and J. Jayawardene. 2003. Pilot study and conservation status of the slender loris (Loris tardigradus and L. lydekkerianus) in Sri Lanka. Primate Conservation. (19): 83-90 pp.
- Nekaris, K.A.I. and J. Jayawardene. 2004. Survey of the slender loris (Primates, Lorisidae Gray, 1821: Loris tardigradus Linnaeus, 1758 and Loris lydekkerianus Cabrera, 1908) in Sri Lanka. J. Zool. Soc., Lond. 262: 327-338.
- Nowak, R. M., 1991. Walker’s Mammals of the World. Fifth ed. Johns Hopkins University Press, Baltimore, 1:1-642: 2:643-1629.
- Perera, N. 2007. A review of the Prehistory of Sri Lanka. Unpublished Ph.D. dissertation, school of Archaeology and Anthropology, Australian National University, Canbera, xii+508 pp.
- Pethiyagoda, R., 1991. Freshwater Fishes of Sri Lanka. Wildlife Heritage Trust, Colombo. xiv+362 pp.
Phillips, W. W. A., 1926. Guide to the mammals of Ceylon. IV. Monkey. Spolia Zeylanica. B, 13: 169-280 pp. (4 plts.). - Phillips, W. W. A., 1980, 1981, 1984. Manual of the mammals of Sri Lanka 2nd ed. Sri Lanka: Wildlife and Nature Protection Society, 390 pp.
- Rudran, R. 2007. A survey of Sri Lanka’s endangered and endemic western purple-faced langur (Trachypithecus vetulus nestor). Primate conserve. (22): 139-144 pp.
- Somadeva, R., R. Dissanayake & R. Fernando. 2008. The Galpaya Survey, report of the first field season 2006. Ed. de Silva., N. & R. Somadeva, occasional paper no.1, 2008, Postgraduate Institute of Archaeology, 155 pp.
- Weerakoon, D.K. & W.L.D.P.T.S. de A. Goonatilake, 2006. Taxonomic status of mammals of Sri Lanka. In: C. N. B. Bambaradeniya (ed.), The fauna of Sri Lanka, status of taxonomy, research and conservation. IUCN – The Conservation Union: 216-231 pp.
- Wickramasinghe, L.J.M. & D.A.I. Munindradasa. 2007. Review of the genus Cnemaspis Strauch, 1887 (Sauria: Gekkonidae) in Sri Lanka with the description of five new species. Zootaxa, 1490: 1-63 pp.
- Wilson, D.E., & D.M. Reeder (ed.), 1993. Mammal species of the World, a taxonomic and geographic refference. 2nd edition Smithsonian Institution press, Washington and London in association with nthe American society of mammalogists, xviii+1206 pp.
පැරණි ලක්දිව පාලම් තාක්ෂණය
කුසුම්සිරි කොඩිතුවක්කු
පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි, මධ්‍යම සංස්කෘතික අරමුදල, සීගිරිය ව්‍යාපෘතිය, සීගිරිය.


හැඳින්වීම
වර්තමාන ශ්‍රි ලංකාවේ ප්‍රචලිත ව ඇති නුතන පාලම් තාක්ෂණයෙහි මුලාරම්භය සිදු වී ඇතතේ බ්‍රිතාන්‍ය යුගයේ දි ය . බ්‍රිතාන්‍යන්ගේ වැවිලි කර්මාන්ත පදනම් කොටගත් ආර්ථිකයෙහි යටිතල ව්‍යුහය ලෙස වර්ධනය වූ මාර්ග පද්ධතිය හා සම්බන්ධව ආරම්භ වූ පාලම් ඉදිකිරීමේ කටයුතු කෙරෙහි පදනම් වී ඇත්තේ සම කාලීන ව බ්‍රිතාන්‍යයෙහි පැවති පාලම් තාක්ෂණයයි. 1822 දි කැලණි ගඟ හරහා බෝට්ටු පාලමක් ඉදිකීරිමෙන් ආරම්භ වුවත් , බ්‍රිතාන්‍යයන්ගේ පාලම් තාක්ෂණයෙහි මුල් පාලම් ගලින් හා ගඩොලින් කළ ආරුක්කු පාලම් විය. ඉන් අනතුරු ව 1850 ගණන් වල දි යකඩ පාලම් ඉදිකිරීමේ කටයුතු ප්‍රචලිත වු අතර 20 වැනි සියවස මුල් භාගය වන විට කොන්ක්‍රීට් පාලම් ඉදිකීරිමේ කටයුතු ද ආරම්භ විය. එලෙස 19 වැනි සියවසේ දි බ්‍රිතාන්‍යන් විසින් මෙ රටට හඳුන්වා දෙන ලද පාලම් තාක්ෂණය ක්‍රමයෙන් විකාශනයට පත්වුවත්, දේශීය තාක්ෂණය පදනම් කොටගත් විශිෂ්ඨ ගණයේ පාලම් තාක්ෂණයක් ඊට සියවස් ගණනාවකට පෙර සිට ම මෙරට ස්ථාපිතව තිබු බව ඓතිහාසික මුලාශ්‍රයන්ගෙන් මොනවට පැහැදිලි වේ. ඇතුම් විට නූතන ඉංජිනේරුමය ක්‍රමවේදයන්ට අනුකූලව බිහි වී ඇති ශ්‍රි ලංකාවේ පැරණි පාලම් තාක්ෂණය, පාලම් ප්‍රභේද 3ක් යටත් හඳුනාගත හැකි වේ. එනම් ගල් පාලම්, ලී පාලම් හා ග්‍රාමීය පාලම් වශයෙනි.
ගල් පාලම්
ශ්‍රි ලංකාවේ පැරණිම පාලම් ගලෙන් නිර්මාණය කරන ලද ඒවා වේ. ඉදිකිරීම් තාක්ෂණය අනුව ගල් පාලම් ගල් බාල්ක පාලම් (Stone Beam Bridges) හා ගල් ප්‍රවරු පාලම් (Stone Slab Bridges) වශයෙන් දෙයාකාරයකින් හඳුනාගත හැකි වේ. මේ අතරින් වඩාත් විශාල පාලම් ඉදිකීරිම සඳහා උපයෝගි කර ගෙන ඇත්තේ ගල් බාල්ක ක්‍රමයයි. මහා වංශයෙහි “සිලාසේතු” නමින් හඳුන්වා ඇති මෙ වැනි පාලම් කිහිපයක අවශ්‍ය දැනුම අනුරාධපුරය හා ඒ අවටින් හඳුනාගත හැකි වේ. අතීතයේ එම ප්‍රදේශයෙහි පැවති මාර්ග රටාව හඳුනා ගැනීමේ දි යථෝක්ත පාලම් වලින් ලැබෙනුයේ ඉමහත් රුකුලකි.
දැනට ශේෂ ව ඇති ගල් පාලම් අතරින් තුනක්ම අනුරාධපුරයේ මල්වතු ඔය හරහා දකන්ට ලැබෙන අතර, ඉන් බොහෝ දුරට නිර්මාණ ලක්ෂණ සුරැකී ඇතිතේ කිරිබත් වෙහෙරට නුදුරින් පිහිටි ගල් පාලමේ ය. තවත් පාලම් දෙකක අවශේෂ නඛා වෙහෙර සමීයෙහි දක්නට ලැබෙන අතර දැනට එහි දක්නට ලැබෙන්නේ ගල් කණු පමණි. අනුරාධපුරයේ හාල්පාන් ඇළ හරහා ද කුඩා ගල් පාලමක් දැකිය හැකිවන අතර එය දැනට අනුරාධපුරයේ ඇති ගල් පාලම් අතරින් හොඳින් ආරක්ෂා වී ඇති පාලමක් ලෙස හැඳින්විය හැකි ය. ඉන්දීය ඉතිහාසඥ ජින් ඩෙලොක් පුර්වෝක්ත ගල් පාලම් ක්‍රිස්තු වර්ෂ 5-9 සියවස්වලට අයත්වන බව සඳහන් කරයි. තවත් ගල් පාලමක් මිහින්තලය මහකනදරා ඔය අසල ද දැකිය හැකි ය. බොහොදුරට ආරක්ෂා වී ඇති එම පාලමෙහි දැනට ඉතිරිව ඇති කොටසේහි දිග මිටර 25 වන අතර පළල මිටර් 3කි.


යථෝක්ත ගල් පාලම් සියල්ල ම නිර්මාණය කර ඇත්තේ එක පෙළට දෙකක් හෝ තුනක් බැගින් වන සේ ගල් කණු පෙළක් සිටුවා, ඒ මත හරස් අතට ගල් බාල්ක යොදා එම බාල්ක මත දිගු අතට ගල් පුරු 7 හෝ 6ක් යෙදිමෙනි. මෙම ගල් පුවරුවක් දිගින් මිටර දෙකක් පමණ වේ. හරස් බාල්ක වල යටි පැත්තේහි සිදුරු කපා කුළුණු මුදුනේ ඇති කුඩුම්බිවලට ඒවා බස්සවා මෙම පාලම් වල තට්ටුව (decking) මතට සවි කර තිබේ. මෙම ක්‍රමයට නිමවා ඇති මඩකලපුවට නුදුරින් පිහිටි වනාති පාලම නම් ගල් පාලමක් පිළිබඳව එවර්තින් ටෙනර්ට් (1860) ද සඳහන් කරයි. එසේම යකා බැඳි පාලම නමින් හැඳින්වූ කලා ඔය හරහා පිහිටි තවත් පාලමක් පිළිබඳව මේජර් ෆොබස් (1840) ද සඳහන් කරයි. මෙම පාලම් දෙකම ක්‍රිස්තු පූර්ව 4 වන සියවසට දින නියම කළ හැකි බව ජෑන් ඩොලොක්ගේ අදහසයි.
නිර්මාණ ලක්ෂණ අනුව මෙම ගල් පාලමට බොහෝ සෙයින්ම සමාන ගල් පාලම් රැසක් ඉන්දියාවේ ඩෙකෑන් ප්‍රදේශයේ ද දැකිය හැකිවන අතර ඉන් බහුතරයක් ඇත්තේ කර්ණාටක හා තමිල්නාඩුවේ බටහිර ප්‍රදේශයේය. එහෙත් එම පාලම් සියල්ලම 15 වන සියවසෙන් පසුව ඉදිකරන ලද ඒවා වෙයි. තවත් ගල් පාලම් දෙකක් ගුජරාටයේ ඩොල්කා හා පැට්නා යන ප්‍රදේශවල දැකිය හැකි අතර ඒවා ජලාශ ආශ්‍රිත පාලම් වේ. එම පාලම් අයත් වනුයේ ක්‍රිස්තු පූර්ව 11-12 සියවස්වලට ය.
අනෙක් ගල් පාලම් ක්‍රමය වන ගල් පුවරු පාලම් වැඩි වශයෙන් දැකිය හැකි වනුයේ පධානඝර ආශ්‍රිතව ය. පධානඝර යනු භාවනා යෝගි භික්ෂුන් වහන්සේලා උදෙසා තැනු මාලකයකින් හා දිය අගලකින් වටවු ප්‍රසාදයකින් සමන්විත ගොඩනැඟිල්ලකි. ගල් පුවරු යොදා ඇත්තේ යථෝක්ත දිය අගල හරහා ප්‍රාසාදයට පිවිසිම සඳහා ය. එම ගල් පුවරුවල දෙකෙලවර සිදුරු දෙපළක් ද දැකිය හැකි වේ. එම සිදුරු හා හාත්පස ඇති උළු කැබලිති අනුව මෙම පාලම් වලට දැව කණු මත සෙවිලි කල පියස්සක් ද තිබෙන්නට ඇතැයි මහාචාර්ය සේනක බණ්ඩාරනායක අදහස් කරයි. මෙ වැනි පධානඝර, අනුරාධපුර බටහිර ආරාම, රිටිගල, අරන්කැලේ වැනි ස්ථානවල දැකිය හැකි වේ. ඒ හැරුණු විට රිටිගල වැනි කුඩා ජල මාර්ග හරහා ද ගල් පුවරු පාලම් දැකිය හැකි වේ .


ලී පාලම්
ලී පාලම් ශ්‍රි ලංකාවේ ඓතිහාසික මුලාශ්‍රයන් හි බහුල ව තොරතුරු සඳහන් වන පාලම් විශේෂය ලෙස හැඳින්විය හැකි ය. එහෙත් දැව ඉක්මණින් විනාශයට ලක්වන ඉදිකිරීම් මාධ්‍යක් බැවින් පැරණිම ලී පාලම් කිසිවක් අද දක්නට නොලැබේ.
ලී පාලම් පිළිබඳව පැරණි ම සාධකයක් ලෙස සැලකිය හැක්කේ හත්තවන ගල්ල විහාර වංශයෙහි එන තිසා වැව අසල වු ලී පාලම පිළිබඳ සඳහනයි. එසේම සීගිරියේ බටහිර දොරටුවේහි ඇතුළු දිය අගල හරහා ද අවශ්‍ය වු විටක ඉවත් කල හැකි ලීයෙන් තැනු පාලමක් (Draw Bridge) තිබෙන්නට ඇතැයි පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. එ සේ ම විසුද්ධි මාර්ග සන්නයෙහි මිනිසුන් හතර පස්දෙනෙකුට එකවර ගමන් කල හැකි ලැලී වලින් සෑදු ඇණ ගැසු “ජංස සේතු” හා කරත්ත ගමන් කල හැකි “සකට සේතු” නම් පාලම් ප්‍රභේද 2ක් ගැන ද සඳහන් වේ. 12-13 සියවස්වලට අයත් ලී පාලම් රැසක් පිළිබඳ ව තොරතුරු මහා වංශයෙහි ද සඳහන් වේ. ඒ අතරින් මහා පරාක්‍රම බාහු රජුගේ දේව නම් සෙනෙවිකු විසින් ගිරිබාවට උතුරින් කලා ඔය හරහා තැනු පාලම පිළිබඳ විස්තරය ඉතා වැදගත් වේ. ඇත්, අස්, රිය හමුදාවලට එතෙර යා හැකි පරිදි සවිමත්ව එම පාලම දිගින් රියන් 200ක් (මිටර 90ක්) වන බව සඳහන් වේ. මේ සඳහා රියන් 20 (මිටර 9) දිග බාල්ක, ලී කඳන්, යකඩ පටි, යකඩ ඇණ ආදිය ප්‍රයෝජනයට ගෙන ඇති බව ද මහා වංශයෙහි සඳහන් වේ (මහාවංශය 70:127-128).
මහා වංශයෙහි සඳහන් වන ආකාරයට අතීත ශ්‍රි ලංකාවේ වැඩිම පාලම් සංඛ්‍යාවක් ඉදි වී ඇතිතේ දෙ වැනි පරාක්‍රමබාහු (1236-71) රජ සමයේදී ය. මෙම කාර්යයෙහිලා දේව පතිරාජ නම් ඇමතිවරයෙකු ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර තිබේ. දිවයිනේ බටහිර ප්‍රදේශයෙහිත් ශ්‍රි පාද මාර්ගයෙහිත් මෙම පාලම් ඉදිකර තිබේ. මෙම පාලම් වල කිසිදු පුරාවිද්‍යාත්මක අවශ්‍යතාවක් හඳුනාගත නොහැකි බැවින් මේවා ද ලී පාලම් යැයි සිතිය හැකි ය. විවිධ ප්‍රමාණවලින් යුතු මෙම පාලම් අතර දිගම පාලම ලෙස හඳුනාගත හැකිවන්නේ කදලිසේන ග්‍රාමයෙහි ඉදිකළ යට්ඨි 100 දිගැති පාලමයි. එම දිග ප්‍රමාණය අඩි 1,000ක් යැයි ගයිගර් සඳහන් කරයි. මෙම පාලම පිහිටි කදලිසේන ගම කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙසෙල් හේනාව බව සි.ඩබ් නිකොලොස් ගේ අදහසයි. මේ හැරුණු විට කාල නදී මුඛෙහි හත්ථ 86ක් දිග තවත් පාලමක් ඉදිකර තිබේ. මෙය කළුගං මෝය අසල ඉදිවූවක් යැයි හඳුනා ගන්නා නිකොලොස් එහි දිග අඩි 129ක් (මිටර් 39ක්) බව සඳහන් කරයි. මීට අමතරව සාලග්ගාම ගංගාව (සල්ගමු) හරහා යට්ඨි 40 (මිටර් 120ක්) දිග පාලමක් ද සාලපාදප සොබිභ (සල්රුක් හෙබ) නම් ස්ථානයේ හත්ථ 150 (මිටර් 68ක්) දිග පාලමක් ද ඉදිකර බව මහා වංශයෙහි සඳහන් වේ (මහා වංශය 86:41-42). යථෝක්ත පාලම්වල දිග ප්‍රමාණ සසඳන විට දේව පතිරාජ ඇමති විසින් ශ්‍රි පාද මාර්ගයෙහි කරවන ලද හත්ථ 30-40 (මිටර් 14-17) තරම් කුඩා ඒවා බව පෙනේ. එම පාලම් අම්භගාම (අඹගමුව), බෝධිතල (බෝතලේ), ඛජ්ජෝත නදී (කනමැදිරි ඔය), කල්පනාගම (උලපනේ) යන ප්‍රදේශවල ඉදිකරවා තිබේ (මහාවංශය 68:22-25 ).


13 වන සියවසට අයත් යථෝක්ත ලී පාලම් පිළිබඳ තොරතුරු වලට පසුව ලී පාලම් පිළිබඳ කරුණු අනාවරණය වනුයේ 18 වන සියවසට අයත් වාර්තා හා පුරාවිද්‍යාත්මක සාධක ඇසුරෙනි. 1762 දි මහනුවරට පත්ව ආ පයිබස් (Pybus) නම් තානාපතිවරායාගේ ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා ගමන විස්තර කෙරෙන වාර්තාවක පළාපත්වල ප්‍රදේශයෙහි තිබු පියස්සක්ද සහිත ලී පාලමක් හා හුලංගමුවේ හි වු කැටයම් කල රූප සහිත පාලමක් ගැනද සඳහන් වේ. 18 වන සියවසට අයත් පියසිස් සහිත පාලම් වල ස්වභාවය මනාව වටහාගත හැකි ආරක්ෂිතව පවත්නා ලී පාලමක් බදුල්ල දිස්ත්‍රික්කයේ බෝගොඩ රජමහා විහාරයේ සමීපයේහි දැනුදු දැකිය හැකි ය. ලී කණු දෙකක් මත දිගු අතට යෙදු ලී බාල්ක තුනක් මත වූ ලැලි තට්ටුවකින් සැදි මෙම පාලමෙහි දිග මිටර් 16 කි. පාලම දෙපස , පියස්සෙහි බර දරා සිටින කැටයම් කල දැව කණු දෙපලකි. ඊට පිටතින් මිටර්යක් පමණ උසැති අත්වැල් දෙකකි. මෙහි පියස්ස පල දෙකකට නිමවා ඇති අතර පෙති උළු සෙවිලි කර තිබේ. මෙහි පාලමෙහි දිගින් අඩකට ආසන්න ආකෘතියක් පිළිමතලාව මහාමාර්ග කෟතුගාර භුමියේහි ද දැකිය හැකි ය. ඉහත පරිදි පියස්සක් ද සහිතව ලීයෙන් කල එහෙත් ලී කණුවලින් දරා සිටිනු වෙනුවට කැන්ටිලිවර් ක්‍රමයට නිමවා උළු සෙවිලි කොට ඇති ලී පාලම් නේපාලය, භුතානය වැනි රටවල අද ද සුලබව දැකිය හැකිය.
18 වන සියවසේ දි ලංකාවේ පැවති ලී පාලම් පිළිබඳ තොරතුරු රැසක් ලන්දේසි සිතුවම් හා වාර්තා අනුසාරයෙන් ලබා ගත හැකි වේ. ඒ අනුව විවිධ ක්‍රමවලට නිමවූ ලී පාලම් අතරින් වඩාත් සුලභ වී ඇත්තේ අවශ්‍ය විටක ඉවත් කල හැකි සල පාලම් (Braw Bridges) ය. ආරක්ෂාව සම්න්ධයෙන් ද වැදගත් ක්‍රමෝපායක් වූයෙන් මෙ වැනි පාලම් ඕලන්ද බලකොටු ආශ්‍රිත ව සුලභ ව ඉදි කෙරුණි. මාතර බලකොටුව දැක්වෙන ඇම්ස්ටර්ඩ්‍රෑම් හි රයික්ස් කෞතුකාගාරයෙහි (Rijksmuseum) ඇති සිතුවමකට අනුව එහි වු පාලම කොටස් තුනකට නිර්මාණය කොට තිබේ. ඒ අනුව, දෙ කෙලවර උස්කොට සල පාලම් ක්‍රමයට නිර්මාණය කල ඇති අතර මධ්‍යය කොටස හෙවත් ප්‍රධාන පාලම ජලයේ පාවෙන පරිදි සකසා තිබේ. මෙ වැනි පාවෙන ලී පාලම් කටුගස්තොට, අඔතැන්න වැනි ප්‍රදේශවල දැනුදු දැකිය හැකි ය. මීට අමතර ව ලංදේසීන් විසින් මාතර දිසාව සඳහා යොදාගෙන ඇති ලාංඡනය (Coats of Arc) ද දැව පාලමක් පිළිබඳ තවත් සාධකයක් සපයයි. මින් නිරූපණය වනුයේ නිල්වලා ගඟ හරහා වූ පාලමක් හා බලකොටු කුළුණ (Martello) යි.
ග්‍රාමීය පාලම්
සමස්ත පාලම් ඉතිහාසය ම විමසා බලන කල්හි පරිසරයට වඩාත් සමීප පාලම් ප්‍රභේදය ලෙස ග්‍රාමීය ප්‍රදේශ වල ප්‍රචලිත අඩි පාලම් හැඳින්විය හැකි ය. බොහෝවිට අඩිපාරවලට සම්බන්ධ වූ මෙම පාලම් නිර්මාණය කිරිම සඳහා උපයෝගී කරගෙන ඇත්තේ ලී දඬු හා වැල් වර්ග ය. විසුද්ධිමාර්ග සන්නයෙහි “දණ්ඩක සේතු” නමින් හැඳින්වනුයේ ද මෙම ගණයට අයත් පාලම් වර්ගයකි. කුඩා දිය පාරවල් හරහා යෙදූ දැව කඳකින් සෑදි දණ්ඩක සේතු වූ කලී නිශ්චිත වශයෙන්ම ඒදණ්ඩ යි. කොකිල, තිසර ආදි සංදේශ කාව්‍යන්හි එය යනුවෙන් සඳහන් වනුයේ ද ඒදණ්ඩ යි. මීට අමතර ව ගස් කඳන් සිටුවා ඒ හරහා ලී යොදා සැකසූ පාලම් පිළිබඳව ඓතිහාසික වාර්තාවන්හි සඳහන්වේ. 18 වන සියවසට අයත් හෙඩිට් (Heydt) ගේ වාර්තාවන් හි රත්නපුර ප්‍රදේශයෙහි කිරන් ඔය හරහා පොල් කඳන් හා උණ බට උපයෝගිකරගෙන තැනු පාලම පිළිබඳ විස්තර ඊට නිදසුනකි.
මේ අතර 18 වන සියවසට හා 19 වන සියවස මුල් භාගයට අයත් එල්ලෙන පාලම් (Suspension Bridges) කිහිපයක් පිළිබඳ තොරතුරු ඓතිහාසික වර්තාවලින් අනාවරණය වේ. ඉන් එකක් නම් ගුරුගොඩ ඔය හරහා මහනුවරට පිවිසෙන මාර්ගයට අයත් වු ඉද්ද මල් පාන පාලමයි. මෙය නිර්මාණය කර ඇත්තේ විශාල ගස් වල අතු අතරින් විහිදි එල්ලෙන ආකාරයටයි. එ සේ ම කුරුණෑගල ත්‍රිකුණාමලය මාර්ගයෙහි දැඳුරු ඔය හරහා වු තවත් එල්ලෙන පාලමක් පිළිබඳ තොරතුරු මේජර් පබිස් (1840) සඳහන් කරයි. ගඟ දෙපස වු ගස් දෙකක් මත වේ වැලක් ගැටගසා අත්වැල සඳහා තවත් වේ වැලක් ගැටගසා මෙම පාලම නිර්මාණය කර තිබේ. පාලමේ තැනින් තැන වැල් වලින් ගස්වල අතු වලට ගැට ගසා තිබේ.
මේ හැරුණු විට පාලම් ඉදිකිරිම දුෂ්කර වු පළලින් වැඩි ගංගා හරහා ඔරු, පාරු වැනි සරල පරිවාහන ක්‍රමද භාවිතයට ගෙන ඇති බව ද පෙනේ. ඒ අනුව නිශ්චිත ස්ථාන, තොටුපලවල් ලෙස භාවිතයට ගෙන තිබේ. ඒ සඳහා සම්බන්ධ පැරණිම සාධක ලෙස මාතලේ දිස්ත්‍රික්කයෙහි කණ්ඩලම හා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙහි මුතුගල්ල යන ස්ථාන වලින් හමු වී ඇති ක්‍රිස්තු පූර්ව 3-1 සියවස්වලට අයත් ලෙන් ලිපි දෙකක එන පිළිවෙලින් තොට බොජක (තොටුපල පාලක) හා තොඩික (තොටි) යන තනතුරු නාම දැක්විය හැකි ය.
මෙම ලිපියේ සෝදුපත් බැලු ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයේ මල්ෂා රණසිංහට විශේෂ ස්තුතිය.
(මෙම ලිපිය 2002.07.17 වැනි දින දිවයින බදාදා අතිරේකයේ පළ විය. මෙම ලිපිය සඳහා මුල් ඡායාරුප සොයාගත නොහැකි බැවින් archaeology.lk විසින් ෙවනත් ඡායාරුප ඇතුළු කර ඇති බව සලකන්න.)