26 C
Colombo
Tuesday, April 20, 2021
- Advertisement -

CATEGORY

විවිධ ලිපි

පුරාවිද්‍යාව පිළිබඳ කෙටි හැඳින්වීමක්

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. හැඳින්වීම වත්මන් ලෝකයේ වර්ධිත න්‍යායවාදි මූලාංග හා ප‍්‍රායෝගික ක‍්‍රමවේදයන්ගේ අත්දැකීම් මඟින් ශීඝ‍්‍ර වර්ධනයක්...

archaeology.lk සමාජ ‌මෙහෙවරක් : වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා උපාධිධාරියා සඳහා වූ ආචාර්ය පෝල් ඊ.පී. දැරණියගල හා සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුනතා රන් පදක්කම 2018

පසුගිය වසර නමයක කාලයක් තිස්සේ ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම හා තොරතුරු සිංහල හා ඉංග‍්‍රීසි යන දෙ බසින් විශ්වව්‍යාප්තගත කරමින් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය...

ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය 2006

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ජාතික පුරාවිද්‍යා ප්‍රතිපත්තිය 2006 ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගැසට් පත්‍රය (අති විශේෂ) අංක 1572/4 , 2008 ඔක්තෝබර් 20 වෙනි සඳුදා...

1998 අංක 24 දරන පුරාවස්තු (සංශෝධන) පනත : අන්තර්ගතය හා එහි වැදගත්කම පිළිබඳ විමසුමක්

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම ඕනෑම සමාජ ව්‍යුහයක පැවැත්ම හා ආරක්‍ෂාව පිණිස තත්කාලීන සමාජ සන්දර්භයට ගැලපෙන නෛතික පසුබිමක්...

අතීත ශ‍්‍රි ලාංකේය දුනුවායා හා ඔහුගේ අවිආයුධ

එච්.එම්. ඉසුරු හේරත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. ඉපැරණි ශ‍්‍රි ලාංකේය යුද්ධ විද්‍යාව (War science), යුද්ධ සංස්කෘතිය (War culture) හා යුද්ධ තාක්ෂණය (War Technology) පිළිබඳ ව පරික්ෂා කරන විට...

මග්ගානුමග්ග : ලංකාවේ ඓතිහාසික මාර්ග පද්ධතිය

ඓතිහාසික යුගයේ දී ශී‍්‍ර ලංකාවේ භාවිත වූ මාර්ග පද්ධතිය පිළිබඳ දැනුම ඓතිහාසික මුලාශ‍්‍රයවල ඉදහිට වාර්තාවන තොරතුරු, බි‍්‍රතාන්‍ය පාලන සමය තුළ ගවේශන ආශ‍්‍රිත තොරතුරුවලට සීමා වී පැවතිණ.  මෑත කාලීන ගවෙිශන පදනම් කර ගනමින් ක‍්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ සිට ක‍්‍රිස්තු වර්ෂ 13 වන ශත වර්ෂය දක්වා කාලය තුළ භාවිත වූ මාර්ග පද්ධතියේ ව්‍යාප්තිය එහි ගති ලක්ෂණ සහ එම මාර්ග පද්ධතිය යළි ගොඩනැඟීමට මෙහි දී අවධානය කරනු ලැබේ. දේශපාලන ස්ථාවරත්වය හා ප‍්‍රබලත්වය, ආර්ථික වර්ධනය, ආගමික සංස්ථාන්හි බහුලත්වය ආදී සාධක මාර්ග පද්ධතිවල ස්ථාවරත්වය හා ව්‍යාප්තිය සමග බැදී පැවතිණ. දකුණු ආසියාවේ සම කාලීන රාජ්‍යයන්හි පැවති මාර්ග පද්ධතිවල අනුගමනය කරන ලද තාක්ෂණ ක‍්‍රමවේදයන් සහ විධි නියමයන් ශී‍්‍ර ලංකාවේ ජාතික මාර්ග පද්ධතිය තුළින් ද  දක්නට ලැබේ. දිවයිනක් ලෙස පිහිටා තිබීමේ භූගෝලීය ප‍්‍රවේශය සමග අන්තර්ජාතික දිගු මුහුදු වෙළෙඳ මාර්ගවලට තිබි සබඳතාව ද නිසා අගනගරවල සිට ප‍්‍රාදේශීය හා ප‍්‍රත්‍යන්තයන් සම්බන්ධ කළ මාර්ග පද්ධතියට අදාළ යටිතල ව්‍යුහයක් ස්ථාපනය වී පැවතිණ

අනුරාධපුර යුගයේ සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය හා කලාව

ප‍්‍රස්තූත විෂය කරුණ අරඹයා විමර්ශනයක යෙදීම මෙම ලිපියේ අරමුණ වන අතර එය දුෂ්කර කර්යයක් ද වනු ඇත. සාහිත්‍යයික හා ප‍්‍රායෝගික තොරතුරු සමුදායකින් සුසැදි තත් යුගයේ ඉහත විෂය සුවිසල්, පුළුල්ව විසිරි පවත්නා පරාසයක් නිසාවෙනි. මුඛ්‍යාර්ථ සාහිත්‍යයෙහි ලා අවධානය යොමු කරමින් සම්පිණ්ඩණාත්මක විමසුමක යෙදෙන්නට වැඩිමනක් අදහස් කරමි.

පැරණි සිංහල නාවික හමුදාව

පුරාතනයේ සිට වර්තමානය දක්වා කාල පරිච්ෙඡ්දය තුළ ලෝකයේ බිහි වූ රෝමන්වරු, ග‍්‍රීක්වරු, පර්සියන්වරු, ෆිනිෂියන්වරු, චීනවරු, ඉන්දියන්වරු, අරාබිවරු, පෘතුගීසිවරු, බ්‍රිතාන්‍යවරු වැනි පෙර අපර දෙදිග ජාතින් සතුව ශක්තිමත් නාවික හමුදා පැවති බවට සාධක ඇත. එසේම ග‍්‍රීක්වරු සහ පර්සියන්වරු අතර පැණ නැගුණු සැලමිස් සටන, නැපෝලියන් (ප්‍රංශ) සහ නෙල්සන් (බි‍්‍රතාන්‍ය) අතර පැණ නැගුණු ට‍්‍ර‍්‍රැෆල්ගාර් නාවික සටන, රෝමන්වරු සහ ෆිනීෂියන්වරු අතර ඇතිවුණු පියුනික් යුද්ධය වැනි අතිශය රණකාමී නාවික යුද්ධ වලින් ලෝක සංග‍්‍රාම ඉතිහාසය වර්ණවත් වී ඇත.

අනුරාධපුරයෙන් හමු වූ කුරුස රූපය

අනුරාධපුර කුරුසිය පිළිබඳව අපගේ මාතෘකාවට ප‍්‍රවේශ වීමට මත්තෙන් කුරුසිය සංකේතයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීම වටනේ ය. කුරුසිය සලකුණෙහි බිහිවීම මානව ඉතිහාසයෙහි ආරම්භය තරම්ම දුරකට දිවේ. ප‍්‍රාථමික ආර්යය ශිෂ්ටාචාරයන්හි ශුද්ධ ගින්න, සූර්යයා, විදුලි කෙටීම හා උෂ්ණත්වය සංකේතවත් කිරීමට කුරුසිය සලකුණ යොදාගත් බව දැක්වේ

ශී‍්‍ර ලංකාවේ පුරාණ මැටි බඳුන් (පුරාවිද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ විමසුමක්)

ලෝක මැටි බඳුන් භාවිතය පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක දී විශේෂ අවධානයක් යුරෝපියානු කලාපයට හිමි වේ. මැටි බඳුන් නිර්මාණය හා භාවිතය කෙරෙහි මානවයා නව ශිලා යුගයේ දී යොමු වන්නනට ඇති බව විශ්වාස කරන අතර එය යුරෝපියානු කාලාපය කේන්ද්‍ර කර ගනිමින් සිදු වූවක් බව විද්වත් පිළිගැනීම යි. ලෝක මැටි බඳුන් නිෂ්පාදනයේ සකපෝරුව සොයා ගත් ශිෂ්ටාචාරය ලෙස ඊජිප්තු ශිෂ්ටාචාරය හඳුනා ගැනීම ද ඒ අතර විශේෂ වේ. ආසියානු කලාපයේ පුරාණ මැටි බඳුන් භාවිතය පිළිබඳව පැරණිම සාධක අදින් වසර 12,000ක් පැරණි බව විද්වත් පිළිගැනීමයි. යුරෝපය වාසය කළ ප‍්‍රාග් ඵෙතිහාසික මානවයා ආසියාතික කලාපයට විසරණය වීමත් සමග මැටි බඳුන් තාක්‍ෂණය ද සංක‍්‍රමණය වන්නට ඇත. ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය ආසියානු කලාපයේ සෙසු රටවල් සමග සැසදීමේ දී සම කාලීන වේ. ඇතැමෙක් එය නවශිලා යුගයේ සිදුවූවක් බව තර්ක කළ ද පිළිගැනීමට ප‍්‍රමාණවත් සාධක මෙතෙක් නොමැති තරම් ය. දකුණු ඉන්දියානු කාල රක්ත මැටි බඳුන් හා සම කාලීන ව ශී‍්‍ර ලංකාවේ මැටි බඳුන් භාවිතය සිදු වූ බව පිළිගැනීම යුක්ති සහගත ය.

Latest news

- Advertisement -spot_img
X
X