32 C
Colombo
Thursday, December 9, 2021
- Advertisement -

AUTHOR NAME

අයි.ඩී.එම්. විජේබණ්ඩාර

3 POSTS
0 COMMENTS
පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

‘ඊලාම්’ සංකල්පය හා කප්රුක

අයි.ඩී.එම්. විජේබණ්ඩාර ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහනුවර. ප‍්‍රස්තූත විෂය කරුණ සම්බන්ධයෙන් වූ මෙම ලේඛනය මගින් උතුරුකරයේ පුරාතන අයිතිය මෙන් ම, දශක තුනක් තිස්සේ...

පුරාවිදු උරුමය, නිධානය හා ජන සමාජය

විශ්ව සම්භවය මෙන් ම මානව පරිණාමය පිළිබඳ කරනු ලබන අධ්‍යයනයන්හි දී ප‍්‍රස්තූත විෂයෙහි උපයෝගීතාව අතිශය තීරණාත්මක ය. පුරාවිද්‍යා විෂය වූ කලී අතීතය පිළිබඳව කරනු ලබන සොයා බැලීම්, විශ්ලේෂණයන්, විග‍්‍රහයන් මෙන් ම අතීත උරුම කරුවන්ගේ ජීවන ශෛලීය තේරුම් ගැනීමත් ප‍්‍රමුඛ කාර්යයන් ලෙස හඳුන්වාලිය හැකි ය. ලෝක සම්භවයේ මූලාරම්භය පිළිබඳ හැඳිනීම දේවවාදී සංකල්ප මත ගොඩනැගුණු වග පරිණාමවාදී සංකල්ප ලෙස විමසිලිමත් වන විට පැහැදිලි ව පෙනෙන කරුණකි. චාල්ස් ඩාවින්ට පෙර මානව විද්‍යා චින්තකයන් දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවීම පීළිබඳ හාස්කම ගැන පුරාවෘත්තයන් ඈත අතීතයේ සිට ම නොයෙකුත් මිනිසුන් අතර පැවතිණි. සොභාවික සමාජ හා ආර්ථික පරිසර මෙම පුරාවෘත්ත බිහිකළ අය මත බල පෑ ආකාරය ඒ තුළින් පැහැදිලි කරගත හැකි ය. දෙවියන් වහන්සේ විසින් රතු මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ, අමරණිය ආත්මයක් ඇතුළු කළ සැටි බයිබලය කියයි.1 මැවුම්වාදී සංකල්ප අභියෝගයන්ට ලක් කරමින් විශ්ව සම්භවය මෙන් ම මානව පරිනාමය ඇතුළු අතීත අධ්‍යයනය හා ප‍්‍රතිකල්පිත ගොඩනැංවීම දක්වා වූ කි‍්‍රයාවලිය පුරාවිද්‍යාවේ හා පුරාවිදුවාගේ විෂයාන්ති‍්‍රක මූලික අරමුණු ලෙස පෙන්වා දිය හැකි ය.

අනුරාධපුර යුගයේ සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය හා කලාව

ප‍්‍රස්තූත විෂය කරුණ අරඹයා විමර්ශනයක යෙදීම මෙම ලිපියේ අරමුණ වන අතර එය දුෂ්කර කර්යයක් ද වනු ඇත. සාහිත්‍යයික හා ප‍්‍රායෝගික තොරතුරු සමුදායකින් සුසැදි තත් යුගයේ ඉහත විෂය සුවිසල්, පුළුල්ව විසිරි පවත්නා පරාසයක් නිසාවෙනි. මුඛ්‍යාර්ථ සාහිත්‍යයෙහි ලා අවධානය යොමු කරමින් සම්පිණ්ඩණාත්මක විමසුමක යෙදෙන්නට වැඩිමනක් අදහස් කරමි.

Latest news

- Advertisement -spot_img
X
X