අභිලේඛන හා පුරා අක්‍ෂර විද්‍යාව

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්

මහින්ද, භද්‍රසාල, ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා කරවීමක් එහි අන්තර්ගතය තුළ දක්නා ලැබේ. දෙවැන්න කාල අවකාශීය වශයෙන් ක්‍රි. පූ. දෙවැනි සියවසi  තරම් ඈත අතීතයකට අයත් වූවක් වන අතර වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේii  පර්වත තලයක් මත පිහිටි ගරා වැටුණු ස්තූප ගොඩැල්ලකට ආසන්නයේ කොටවා තිබී සොයා ගන්නා ලද්දකි.

ඇමසන් මහ වනය මැදින් සොයාගත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් සහිත සිස්ටන් දෙව්මැදුර

ඇමසන් වනයේ කොලොම්බියා රාජ්‍යට අයත් කොටසේ වනය තුළින්  සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පියැසි සංකීර්ණයක  ඇති ප්‍රාග්ඓතිහාසික...

උතුරු මැද පලාතේ ස්ථාන කිහිපයකින් අප්‍රකාශිත ශිලාලේඛන සොයා ගැනේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් උතුරු මැද පලාතේ සිදු කරන ලද කේෂත්‍ර නිරීක්ෂණකයදී අප්‍රකාශිත ශිලා ලිපි කිහිපයක් සොයා ගෙන ඇත.

දෙමළ බ්‍රාහ්මී යනු කුමක් ද?

මෑතක දී දෙමළ දේශපාලඥයෙකු විසින් කළ ප්‍රකාශයක් නිසා සිංහල ජනතාව අතර කැළඹීමක් ඇති විය. දෙමළ දේශපාලකයන් ඇතැම් අදහස් ප්‍රකාශකරන්නේ සත්‍ය බවට ඔවුන් විශ්වාසකරන, වැරදි බවට ඔප්පුකර නැති, මෑතදී සොයාගත් පුරාවිද්‍යාත්මක සාධක මත ය. එසේ හෙයින් ඒ පිළිබඳ ව වංශකතා අනුව ඉදිරිපත් කරන අදහස් වලින් ඒවා විඛණ්ඩනය කළ නොහැකි ය. ඒ අදහස්වලට විරුද්ධව මතයක් ඉදිරිපත් කළ හැක්කේ එම නව පුරාවිද්‍යාත්මක සාධක ගැන අධ්‍යනයකින් පසුව පමණක් බව සැලකීම වැදගත් ය.

අනුරාධපුර, ථූපාරාම ස්තූපයේ සලපතළ මළුවේ ඇති කුරුටු සංකේත

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. සංක්ශේපය අතීත ජනසමාජ ජීවත් වූ ආකාරය ගොඩනැඟීම පුරාවිද්‍යාවේ ප‍්‍රධානතම කාර්ය බව...

අන්දරවැව, මෙගලිතික සුසානයෙන් හමු වූ බ‍්‍රාහ්මී ලේඛන හා ශී‍්‍ර ලංකාවේ පැරණිම බ‍්‍රාහ්මී ලේඛන පිළිබඳ විමර්ශනයක්

සිරාන් දැරණියගල විසින් 1988 වර්ෂයේ දී අනුරාධපුර ඇතුළුපුරයේ සිදුකරන ලද AMP 88 හා රොබින් කනිංහැම් විසින් සිදු කර ඇති AMP 88 කැනීමෙන් සොයාගෙන ප‍්‍රකාශයට පත්කර ඇති ශ‍්‍රී ලංකාවේ බ‍්‍රාහ්මී ලේඛන කි‍්‍රස්තු පූර්ව 500-600 කාලයට අයත් වන බවට දැරණියගල විසින් ප‍්‍රකාශයට පත්කර ඇති කරුණ, අන්දරවැව මෙගලිතික සුසාන ආශ‍්‍රිත කැනීමෙන් හමු වූ මැටි බඳුන් මත පිළිස්සීමෙන් පසුව සටහන් කර ඇති බ‍්‍රහ්මී අක්‍ෂරවලින් තහවුරුවන බව පෙන්වා දිය හැකිය.

පුරාණ ලංකාවේ ක‍්‍රියාත්මක බැංකු ක‍්‍රම පිළිබඳව කියැවෙන තෝනිගල සෙල්ලිපිය

වව්නියාවේ සිට හොරොව්පොතානට පිවිසෙන මාර්ගයේ 6 වැනි සැතපුම් කණුවට මදක් නුදුරින් උතුරු දිශාවට වන්නට උතුර - උතුරු මැද දෙ පලාත වෙන් කරන සීමාවෙහි තිලක්කුලම නම් පෙදෙසේ පිහිටි ගල් තලාවක් මත තෝනිගල සෙල්ලිපිය සටහන්ව ඇත. එසේම ‘නාගරගල’ යන නමින්ද මෙම ස්ථානය ගම් වැසියෝ හඳුන්වනු ලබති. සෙල්ලිපිය පිහිටි පර්වතය හාත්පස බෙහෙවින් විනාශයට පත්ව ඇති විවිධ ආරාමික වාස්තු විද්‍යාත්මක අවශේෂයන් බොහොමයක් දැක ගත හැකි ය. මෙම නටඹුන් වලට ආසන්නව ගල්තලාවේ වෙන් වෙන්ව සටහන් කල සෙල්ලිපි තුනක් දැකගත හැකි ය. මින් එකක් අපගේ මාතෘකාවට අදාල සෙල්ලිපිය වන අතර අනෙක එම සෙල්ලිපියේම තවත් පිටපතක කොටසකි. ඇතැම්විට ප‍්‍රථමයෙන් ලියන්නට පටන් ගන්නට ඇත්තේ දෙ වැනියට කී සෙල්ලිපිය විය හැකි ය. එය කෙටීමේ දී සිදු වූ කිසියම් දෝෂයක් නිසාවෙන් ලිපිය බාගෙට සටහන් කර නවතා දමා නව ලිපිය සම්පූර්ණ වශයෙන් සටහන් කළා වීමට පිළිවන. අනෙක් තුන්වැනි ලිපිය තෝනිගල ප‍්‍රධාන ලිපියට සියවස් කිහිපයකට පෙර ලියන ලද තනි අක්‍ෂර පෙලකින් යුතු ලිපියකි. මෙම ලිපිය මෙතෙක් පලකළ බවට සාධක නැත. සෙනරත් පරණවිතාන පවා දැක ඇත්තේ මුලින් සදහන් කළ ලිපි දෙක පමණි (Paranavitana 1933:197).  නමුත් මෙහි දී අපගේ අවධානය යෙමුවන්නේ අක්‍ෂර පේළි 17කින් යුතු ප‍්‍රධාන ලිපිය පිළිබඳව ය. මෙහි මුල් අක්‍ෂර පේළි හතර අඩි 9ක් දිගින් ද පහේ සිට දහසය දක්වා ඇති පේළි අඩි 8ක් හා අවසාන පේළිය අඩි 2ක් දිගින් යුක්ත ය. අඩි 10ක පමණ ප‍්‍රදේශයේ පැතිරුණු ලිපියෙහි එක් අක්‍ෂරයක සාමාන්‍යය ප‍්‍රමාණය වන්නේ අඟල් 3ක් පමණ ය.

හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරයේ පුස්කොළ පොත් පිළිබඳ විමර්ශනයක්

දීපාංජනී ඇල්ලේපොල හා අනුෂා අතුකෝරාළ ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1. හැඳින්විම නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ, හඟුරන්කෙත ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, මාදන්වල ගමේ පිහිටි මාදන්වල රජමහා විහාරය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන්...

ලක්දිව පැරණි ම පුස්කොළ පොත් පිළිබඳ හැඳින්වීමක්

වයි. කේ. තිස්ස බණ්ඩාර පුස්තකාලයාධිකාරි, බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය, පුත්තලම පාර, අනුරාධපුරය. ආදියෙහි පටන් ලිවීමට යොදාගත් දැනුදු වෙසෙසි වුවමනාවක් සඳහා කලාතුරකින් යොදාගැනෙන ද්‍රව්‍ය විශේෂයකි, පුස්කොළය. "පුස්කොළ" යන...

වහරල සෙල්ලිපි පිළිබඳ අභිලේඛන හා සමාජ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්

ආර්.එම්. මංගලිකා රාජපක්ෂ පර්යේෂණ නිලධාරි (පුහුණු වන), අභයගිරි විහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය. mangalikarajapaksha90@gmail.com හැඳින්වීම වර්තමානයේ ශ‍්‍රී ලංකාව යනුවෙන් ව්‍යවහාර කෙරෙන භූ සංස්කෘතික කලාපයෙහි, ශිෂ්ටාචාරවත් යුගයකට පදනම...

දැයට අහිමි කළ පළමු වැනි ගජබා රජු ගේ පාළුමැකිච්චාව ගිරි ලිපිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තෙල්. chandimaambanwala@yahoo.com රටක හෝ යම් ජාතියක අනන්‍යතාව විදහා දක්වන්නේ එ රට හෝ ජාතිය සතු...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි

X
X