අභිලේඛන හා පුරා අක්‍ෂර විද්‍යාව

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්

මහින්ද, භද්‍රසාල, ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා කරවීමක් එහි අන්තර්ගතය තුළ දක්නා ලැබේ. දෙවැන්න කාල අවකාශීය වශයෙන් ක්‍රි. පූ. දෙවැනි සියවසi  තරම් ඈත අතීතයකට අයත් වූවක් වන අතර වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේii  පර්වත තලයක් මත පිහිටි ගරා වැටුණු ස්තූප ගොඩැල්ලකට ආසන්නයේ කොටවා තිබී සොයා ගන්නා ලද්දකි.

ඇමසන් මහ වනය මැදින් සොයාගත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් සහිත සිස්ටන් දෙව්මැදුර

ඇමසන් වනයේ කොලොම්බියා රාජ්‍යට අයත් කොටසේ වනය තුළින්  සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පියැසි සංකීර්ණයක  ඇති ප්‍රාග්ඓතිහාසික...

උතුරු මැද පලාතේ ස්ථාන කිහිපයකින් අප්‍රකාශිත ශිලාලේඛන සොයා ගැනේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් උතුරු මැද පලාතේ සිදු කරන ලද කේෂත්‍ර නිරීක්ෂණකයදී අප්‍රකාශිත ශිලා ලිපි කිහිපයක් සොයා ගෙන ඇත.

දෙමළ බ්‍රාහ්මී යනු කුමක් ද?

මෑතක දී දෙමළ දේශපාලඥයෙකු විසින් කළ ප්‍රකාශයක් නිසා සිංහල ජනතාව අතර කැළඹීමක් ඇති විය. දෙමළ දේශපාලකයන් ඇතැම් අදහස් ප්‍රකාශකරන්නේ සත්‍ය බවට ඔවුන් විශ්වාසකරන, වැරදි බවට ඔප්පුකර නැති, මෑතදී සොයාගත් පුරාවිද්‍යාත්මක සාධක මත ය. එසේ හෙයින් ඒ පිළිබඳ ව වංශකතා අනුව ඉදිරිපත් කරන අදහස් වලින් ඒවා විඛණ්ඩනය කළ නොහැකි ය. ඒ අදහස්වලට විරුද්ධව මතයක් ඉදිරිපත් කළ හැක්කේ එම නව පුරාවිද්‍යාත්මක සාධක ගැන අධ්‍යනයකින් පසුව පමණක් බව සැලකීම වැදගත් ය.

අනුරාධපුර, ථූපාරාම ස්තූපයේ සලපතළ මළුවේ ඇති කුරුටු සංකේත

පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. සංක්ශේපය අතීත ජනසමාජ ජීවත් වූ ආකාරය ගොඩනැඟීම පුරාවිද්‍යාවේ ප‍්‍රධානතම කාර්ය බව අපි දනිමු. මේ සඳහා, පුරාවිද්‍යාඥයා බහුල...

ආනෙයිකෝඩ්ඩේ ලෝහ මුද්‍රාව දෙමළ නිජ භූමිය පිළිබඳ සාධකයක් ද?

සුමේධ වීරවර්ධන දර්ශන අධ්‍යයන අංශය, ශාස්ත‍්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. ආනෙයිකෝඩ්ඩේ යනු, ශ‍්‍රී ලංකාවේ උතුරු වෙරළාසන්නයේ පිහිටි ගමකි. යාපන දිස්ත‍්‍රික්කයට අයත් ගමක් වන එහි පිහිටා ඇති...

අනුරාධපුර, මිරිසවැටිය ස්තූපයේ සළපතල මළුවේ ගල් පුවරු මත සටහන් කළ සංකේත

බැරගම සද්ධානන්ද හිමි පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. Abstract There can be found many evidences on the symbols that used by...

අනුරාධපුර, රළපනාව කිරිවෙහෙර අප‍්‍රකාශිත ටැම් ලිපි

අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙහි නොච්චියාගම ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව පිහිටි රළපනාව නම් ගම රළපනාව නම් වූ සුන්දර වැව ආශ‍්‍රය කොටගෙන ගොඩනැඟුණු සාම්ප‍්‍රදායික වැව් ගමකි. 1890 දශකයෙහි උතුරු මැද පළාතේ සිවිල් සේවයේ නියුක්තව සිටි බි‍්‍රතාන්‍ය ජාතික ආර්.ඩබ්ලිව්. අයිවර්ස් මහතා රළපනාවේ වැව අති රමණිය විලක් බඳු එකක් යැයි වාර්තාකර ඇත (අයිවර්ස් 2004:282). පුත්තලම අනුරාධපුර මාර්ගයේ අනුරාධපුර නගරයට කිලෝමීටර් 20ක් පමණ මෙපිටින් පිහිටි සිංහාරගම හංදියෙන් දකුණට හැරී ගුරු පාරෙහි කිලෝමීටර් 1ක් පමණ රළපනාව වෑ කණ්ඩිය මතින් ගමන් කිරීමෙන් රළපනාව කිරිවෙහෙර රජමහා විහාරයට පැමිණිය හැකි ය. මෙය වසර දහස් ගණනක ඉතිහාසයට උරුමකම් කියන නිශ්චිත ගොඩනැඟිල්ලකට අයත් සේ හඳුනාගත නොහැකි ගල්කණු, ගල් කුට්ටි, කැටයම් රහිත සඳකඩපහණ ආදී ශිලා ඉදිකිරීම් අංග මෙන්ම ශිලා යූපගල, පහන් ආදී වස්තු බොහොමයකින් සමන්විත විහාරස්ථානයකි. විහාරස්ථානයට උතුරු දිශාවෙන් යාබද ඉඩමෙහි රළපනාව වලව්ව පිහිටි භූමිය වේ. අයිවර්ස් සඳහන් කරන පරිදි 1849 වන විට අනුරාධපුර බටහිර දිසාව (කොට්ඨාශය) රළපනාවේ රටේ මහත්මා විසින් පාලනය කොට ඇති අතර 1870 වන විට ඔහු විසින් රළපනාව වැවෙහි සොරොව්ව ද ප‍්‍රතිසංස්කරණයකර අවසන්කොට තිබී ඇත (අයිවර්ස් 2004:153,282).

අභිලේඛන මඟින් අනාවරණය වන කණිට්ඨතිස්ස රජු ගේ ජීවන චරිතය

බැරගම සද්ධානන්ද හිමි පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම ඉතිහාසය යනු, අතීත සිද්ධීන් පිළිබඳ විස්තරයක් හෙවත් යටගියාව පිළිබඳව වර්තමානයේ සිදුකෙරෙන අධ්‍යයනයක් ලෙස ගිනිය හැකි...

බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ පෞරාණිකත්වය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවෙන් අනාවරණය වි ඇති සාධක පිළිබඳ අවලෝකනයක්

මහාවංසය වැනි පාළි වංසකාවල දැක්වෙන අදහස් හා අනුගත වෙමින් පෙරදිග බොහෝ විද්වතුන් විසින් පිළිගනු ලැබූයේ ලංකාවේ ලේඛන ක‍්‍රමය ඇති මූල ඓතිහාසික යුගයේ ආරම්භය දේවානම්පියතිස්ස රජ සමයේ දී සිදු වූ බවයි. එනම් ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසෙන් ලංකාවේ මූල ඓතිහාසික යුගය සනිටුහන් වන බවයි. එහෙත් අනුරාධපුර ඇතුළු නගරයෙන් අනාවරණය වූ සාධක අනුව මේ වන විට ලංකාවේ මූල ඓතිහාසික යුගය ක‍්‍රිස්තු පූර්ව හය වැනි සියවස දක්වා සියවස් තුනක් ආපස්සට ගමන් කරන බව තහවුරු වී ඇත. පසුගිය දශක තුනක පමණ කාලය තුළ දී ඉන්දීය විද්වතුන් විසින් මේ තත්ත්වය පිළිගැනීමට මැළිකමක් දැක් වුව ද පසු කාලීනව දකුණු ඉන්දියාවේ සිදුකරන ලද කැනීම් තුළින් ලද සාධක අනුව ඔවුන් දැන් ඒ මතය පිළිගැනීමට ඉදිරිපත් වී ඇත. මේ අතුරින් ප‍්‍රකට විද්වතෙකු වූ ඉරවතම් මහාදේවන් හා කේ. රාජන් පෙරමුණ ගෙන ඇත. එබැවින්, මූල ඓතිහාසික යුගයේ ආරම්භය පිළිබඳ ව පිළිගෙන සිටි ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ සිට අවම වශයෙන් තවත් වසර තුන් සියයක් ආපස්සට ගෙන යාමට කලාපීය වශයෙන් කෙරී ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව හැකි වී ඇති බව පිළිගත යුතු ව ඇත.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි

X
X