සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

0
19229

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදු කල  මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක්  වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග. ඊට හේතුව වන්නේ මේ රටේ තිබෙන පුරාවස්තු ඝනත්වය යි.  ලංකාවේ පුරාවිද්‍යාත්මකව වටිනා ස්ථාන පමණක් 250,000 ඉක්මවනවා. මේ කරුණින් අදහස් වන්නේ රටේ හැම භූමි භාගයකම, ප්‍රදේශයකම පුරාවස්තු විසිරී තිබෙන බවයි.  එවන් පසුබිමක දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරෙන  විශාල අභියෝගයන් සහ එම අභියෝගයන් වලට කෙසේ නම් එම දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව මුහුණ දෙන්නේ ද යන්න පිළිබඳව දැනගැනීමට මෙම වීඩියෝව නරඹන්න.