‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත සාර සංග්‍රහය මේ වන විට වෙළුම් පහක් ප්‍රකාශයට පමුණුවමින් පුරාවිද්‍යා විෂයයේ ප්‍රගමනය සඳහා අගනා දායකත්වයක් සපයා ඇත. මෙම සාර සංග්‍රහය සඳහා පර්යේෂණාත්මක ලේඛන සපයමින් අනුග්‍රහය දැක් වූ ඔබ සැමට කෘතඥතාව දැක්වීමට මෙය අවස්ථාවක් කරගැනීමට කැමැත්තෙමි.

මෙම සංග්‍රහයේ 2019 වසර සඳහා නියමිත හය වැනි වෙළුම ද කොටස් තුනක් වශයෙන් පළ කිරීම සඳහා සැලසුම් කර ඇත. ඒ අනුව, පුරාවිද්‍යාව මෙන් ම ඒ හා සම්බන්ධ වෙනත් විෂයයන් අළලා රචිත පර්යේෂණාත්මක ලේඛන පළ කරනු ලබන මෙම සංග්‍රහය උදෙසා ශාස්ත්‍රීය ලිපි කැදවීම මේ වන විට ආරම්භ කර ඇත.

මෙම සාර සංග්‍රහය සඳහා පර්යේෂණාත්මක අන්තර්ගතයක් සහිත ශාස්ත්‍රීය ලිපියක් ලබා දෙමින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් සිදුකරගෙන යනු ලබන ශාස්ත්‍රීය කාර්යය සාර්ථක කරගැනීම සඳහා සහය දක්වන මෙන් ඔබ වහන්සේගෙන් / ඔබ තුමාගෙන් / ඔබ තුමියගෙන් ඉල්ලා සිටිමු.

ලිපි ඉදිරිපත් කිරීමේ සම්මතයන්

විෂය ක්ෂේත්‍ර: පුරාවිද්‍යාව, ඉතිහාසය, උරුම කළමනාකරණය, ස්මාරක හා පුරාකෘති සංරක්ෂණය,  පුරාණ වාස්තුවිද්‍යාව, පැරණි වාරික්‍රම, පැරණි තාක්ෂනය, අභිලේඛන හා පුරාඅක්‍ෂර විද්‍යාව, සංස්කෘතික මානවවිද්‍යාව, මානවවංශ පුරාවිද්‍යාව, ජලාශ්‍රිත පුරාවිද්‍යාව හා සංචාරක ඇතුළු පුරාවිද්‍යාව හා ආශ්‍රිත වෙනත් විෂයයන්

භාෂාව සිංහල / Englis
අකුරු මාදිලිය සිංහල – FMAbhaya/ඉංග්‍රීසි – Times New Roman
අකුරු ප්‍රමාණය රධාන මාතෘකා – 16/ Bold,   අනු මාතෘකා – 14/Bold,   අන්තර්ගතය – 12
ප්‍රමාණය වචන 3,000 – 3,500 (අන්තර්ගතය අනුව වෙනස් විය හැක)
උද්ධරණ හාර්වඩ් උද්ධරණ (Harvard Referencing)

 

අධ්‍යයන සංක්‍ෂිප්තය හා මුඛ්‍ය පද :

වචන 250 – 300 අතර ප්‍රමාණයේ පර්යේෂණ සංක්‍ෂිප්තයක් හා මුඛ්‍ය පද 6ක් ලේඛනය ආරම්භයේ දැක්විය යුතුය.

කතුවරුන් පිළිබඳ විස්තර :

කතුවරුන් පිළිබඳ ප්‍රකාශනයේ දැක්විය යුතු විස්තර (අධ්‍යාපන     සුදුසුකම්, තනතුර, ආයතනය හා තැපැල් ලිපිනය) කතුවරයාගේ / කතුවරයාගේ නම් සමඟ දැක්විය යුතු යි.

සැලසුම්, සිතියම් හා ඵලක :

සැලසුම් හා සිතියම් ආදිය ලිපියේ අදාළ ස්ථානවල දැක්විය යුතුය. ඵලක ලිපියේ අදාළ ස්ථානවල හෝ ලිපිය අවසානයේ දැක්විය හැකි වේ. ඵලක ප්‍රමාණය කට හෝ ඊට අඩු ප්‍රමාණයකට සීමා කරන්නේ නම් මැනවි. මේ සියලු දේවල් jpeg ආකෘතියට වෙනම ලබාදිය යුතු වේ.

දුරකතන අංකය හා විද්‍යුත් ලිපිනය :

සංස්කරණ කටයුතු සඳහා සම්බන්ධීකරණය සිදුකළ යුතු ලේඛකයා හා සම්බන්ධ කරගත යුතු ආකාරය දැක්විය යුතු ය.

වැදගත් දින

ලිපි ලබාදිය හැකි අවසන් දිනය 2020 ඔක්තෝම්බර් 31
ලිපි තෝරාගත් / නොගත් බව දැනුම් දීම 2020 දෙසැම්බර් 31
සංස්කරණිත පිටපත ලේඛකයන් වෙත ලබාදීම 2021 පෙබරවාරි
සඟරාව මුද්‍රණය හා දොරට වැඩීම 2021 මැයි

‍‍

ලිපි ලබාදීම

දක්වා ඇති උපදෙස් අනුව සකසන ලද පර්යේෂණාත්මක ලේඛනයේ මෘදු පිටපත 2020.10.31 වැනි දින

හෝ ඊට පෙර පහත දැක්වෙන විද්‍යුත් ලිපිනයට හෝ තැපැල් ලිපිනයට ලැබීමට සලසන්න. පර්යේෂණ

ලිපිය හා සම්බන්ධ ඵලක හා ඡායාරූප jpeg ආකෘතියට වෙනම ඇමුණුමක් වශයෙන් ලබාදිය යුතු වේ.

 

විද්‍යුත් ලිපිනය :

editorjahs@gmail.com

තැපැල් ලිපිනය :

සංස්කාරක,

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහය,

පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය,

සමාජීය විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය,

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය,

මිහින්තලේ.

 

විශේෂ අවධානය සඳහා : දක්වා ඇති සම්මතයන් අනුව ලිපි ඉදිරිපත් කිරීම තදින්ම අපේක්ෂා කරනු ලැබේ. මෙම සම්මතයන් සපුරා නොතිබීම, අදාළ පර්යේෂණාත්මක ලිපි පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහයේ පළ කිරීම සඳහා සලකා බැලීමට හෝ නුසුදුසු වීමට හේතුවන බව කාරුණිකව සලකන්න.  

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here