සටහන හා ඡායාරූප : මහින්ද කරුණාරත්න
මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල කොටුව, ගාල්ල.
ගාල්ලේ ස්ථාපිත කොට ඇති මධ්‍යයම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥයින් විසින් 2013 අගෝස්තු මාසයේ දී උතුරුදිග ලංකාවේ ඩෙල්ෆ් දූපතේ සිදුකළ පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල දී මෙතෙක් අනාවරණය නොවී පැවති සෙල්ලිපි තුනක් පළමු වරට අනාවරණය කරගැනිමට සමත් වී ඇත.
![Delft-Brahami-Inscription-Chandima Ambanwala](https://i0.wp.com/www.archaeology.lk/sinhala/wp-content/uploads/2015/12/Delft-Brahami-Inscription-Chandima-Ambanwala.jpg?fit=630%2C450&ssl=1)
![Delft-Tamil-Inscription 01-Chandima Ambanwala](https://i0.wp.com/www.archaeology.lk/sinhala/wp-content/uploads/2015/12/Delft-Tamil-Inscription-01-Chandima-Ambanwala.jpg?fit=630%2C450&ssl=1)

![Delft-Tamil-Inscription 02-Chandima Ambanwala](https://i2.wp.com/www.archaeology.lk/sinhala/wp-content/uploads/2015/12/Delft-Tamil-Inscription-02-Chandima-Ambanwala.jpg?fit=630%2C450&ssl=1)

ඉතා පැරණි කාලයට අයත් බෞද්ධ විහාරයන් ගේ සාධක රැසක් දැකගත හැකි ඩෙල්ෆ් දූපත පුරා විවිධ පුරාකෘති විසිරී ඇති බව නිරීක්ෂණය කළ හැකි වේ. මේවා අතර එකිනෙකට වෙනස් ප්‍රමාණයන් ගේ පැරණි ස්තූප තුනක් පිළිබඳ සාධක දැකගත හැක. මෙම ස්තූප අතුරින් විශ්කම්භය මීටර 13.54 ක්, පරිදිය මීටර 31.93 ක් හා උස සෙන්ටිමීටර 58ක් වන විශාලම ස්තූපයට අයත් සළපතර මළුවේ අතුරා ඇති ගල් මත මෙම අභිනවයෙන් අනාවරණය කරගන්නා ලද කෙටි සෙල්ලිපි තුන සටහන් කර ඇත.
![Meritime Archaeology Unit-Delft-Jaffna-Sri Lanka-Buddhist Temple-Mahinda Karunarathne-Archaeology (4)](https://i2.wp.com/www.archaeology.lk/sinhala/wp-content/uploads/2015/12/Meritime-Archaeology-Unit-Delft-Jaffna-Sri-Lanka-Buddhist-Temple-Mahinda-Karunarathne-Archaeology-4.jpg?fit=720%2C405&ssl=1)

![Meritime Archaeology Unit-Delft-Jaffna-Sri Lanka-Buddhist Temple-Mahinda Karunarathne-Archaeology (3)](https://i1.wp.com/www.archaeology.lk/sinhala/wp-content/uploads/2015/12/Meritime-Archaeology-Unit-Delft-Jaffna-Sri-Lanka-Buddhist-Temple-Mahinda-Karunarathne-Archaeology-3.jpg?fit=720%2C405&ssl=1)

මෙම ලිපි තුනෙක් දෙකක් දෙමළ අක්ෂර භාවිතයෙන් සටහන් කර ඇති අතර අනෙක් ලිපිය බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන් කර ඇත. මෙම දෙමළ ලිපි දෙක එහි පවතින අක්ෂර විද්‍යාත්මක සාධක අනුව ක්‍රිස්තු වර්ෂ 14-15 සියවස්වලින් පසු යුගයට අයත් වේ. මෙහි ඇති බ්‍රාහ්මී ලිපිය ක්‍රිස්තුවර්ෂ 1- 2 වැනි සියවස් අතර කාලයට අයත් විය හැකි බව අභිලේඛනඥයින් ගේ අදහසයි. එ මෙන් ම එම ලිපියේ කියවාගත හැකි කොටස අනුව මෙම පැරණි බ්‍රාහ්මී ලිපිය සිංහල ප්‍රාකෘත බසින් ලියන ලද ලිපියක් බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ අභිලේඛන විද්‍යාව හා පුර අක්ෂර විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය චන්දිම අඹන්වල මහතා පෙන්වා දේ.
![ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ගවේෂණ කණ්ඩායම](https://i0.wp.com/www.archaeology.lk/sinhala/wp-content/uploads/2015/12/Meritime-Archaeology-Unit-Delft-Jaffna-Sri-Lanka-Buddhist-Temple-Mahinda-Karunarathne-Archaeology-1.jpg?fit=540%2C294&ssl=1)

මෑත කාලයේ ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සිදුකළ අනාවරණය කිරීම් අතර මෙම සොයාගැනීම වැදගත් සොයාගැනීමක් වන අතරම වැඩිදුර අධ්‍යයන කටයුතු මේ වන විට සිදුකරමින් පවති.
මහින්ද කරුණාරත්න හා චන්දිම අඹන්වල archaeology.lk කණ්ඩායමේ සමප්‍රාරම්භකයින් වේ.
![Chandima Ambanwala-Archaeology.lk-Sri Lanka-Prehistory-Epigraphy-Palaeography (1)](https://i2.wp.com/www.archaeology.lk/sinhala/wp-content/uploads/2015/12/Chandima-Ambanwala-Archaeology.lk-Sri-Lanka-Prehistory-Epigraphy-Palaeography-1.jpg?resize=150%2C150&ssl=1)

![Mahinda Karunarathne-Archaeology.lk-Sri Lanka-Zoo-Archaeology-Meritime Archaeology](https://i2.wp.com/www.archaeology.lk/sinhala/wp-content/uploads/2015/12/Mahinda-Karunarathne-Archaeology.lk-Sri-Lanka-Zoo-Archaeology-Meritime-Archaeology.jpg?resize=150%2C150&ssl=1)

Really useful
[…] යාපනයේ ඩෙල්ෆ් දූපතෙන් සෙල්ලිපි තුනක්…. මංගලිකා රාජපක්ෂ (2015) […]