29 C
Colombo
Wednesday, November 25, 2020

TAG

Chandima Bandara Ambanwala

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 12 : ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ අසම්පූර්ණ සටහනක්…

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳ උනන්දු අයගේ විශේෂ අවධානයට පාත‍්‍ර වී ඇති යුගයකි, ගල් යුගයේ මෑතම කාලපරිච්ඡේදය වන නවශිලා යුගය. මානව පරිණාම ගමන් මාර්ගයේ තවත් එක් විශේෂ යුගයක් වන මෙය අලුත් ගල් යුගය යන අරුත ගෙන එන අයුරින් නවශිලා හෙවත් නියෝලිතික කාලපරිච්ඡේදය (Neolithic Period) යනුවෙන් නම්කර ඇත. 'නියෝ' (Neo) යන්නෙන් නව හෙවත් අලුත් (New) යන්නත් 'ලිතික්' (Lithic) යන්නෙන් ගල් (Stone) යන්නත් අදහස් කර ඇත. ශබ්දකෝෂ හා විශ්වකෝෂයන්ගේ මෙම වචනය පිළිබඳ පරික්ෂා කිරීමේ දී හඳුනාගත හැක්කේ මානව පරිණාමයේ හමුවන ශිලා තාක්ෂණික යුගයේ අවසාන කාලපරිච්ඡේදය මෙම යෙදුමෙන් පැහැදිලි වන බවයි. ලංකාවේ දී නවශිලා යුගය, නියෝලිතික යුගය හා අලුත් ගල් යුගය වැනි විවිධ යෙදුම්වලින් මෙම කාලපරිච්ඡේදය හඳුන්වන බව දැකගත හැකි වේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 11 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය III/III – කලාව හා භෞතික මානවවිද්‍යාව

මානවයා විසින් ප‍්‍රධාන වශයෙන් වින්දනය අරමුණු කරමින් කලාව පිළිබඳ ආකල්පය ඇති කරගන්නා අතර මානවයාගේ මනසේ ඇතිවන්නා වූ සංවර්ධනයේ ඵලයක් වශයෙන් ද කලාව කෙරෙහි ආශක්ත වීමට අවස්ථාව ඇතිකර ගනී. ගෝලීය මට්ටමින් සලකා බැලූ විට මානවයා ඉහළ පුරාශිලා යුගයේ අත්කරගන්නා මානසික ප‍්‍රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකෘති නිර්මාණය කරන බව පුරාවිද්‍යාඥයින් හා කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ලොක් ප‍්‍රකට දකුණු ප‍්‍රංශයේ ලැස්කෝස් ගුහා (අදින් වසර 20,000 පමණ) හා උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවන්හි (ක‍්‍රිස්තු පූර්ව 34,000-12,000) ඇතුළු භිත්ති මත සටහන් කර ඇති සත්ව රූ මේ සම්බන්ධයෙන් ඇති ලෝ ප‍්‍රකට සිතුවම් අතර පවතී. ඊට අමතරව ලෝකයේ විවිධ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වී ඇති පැස්බර බිත්තර කටුවල සටහන් කර ඇති සැරසිලි සටහන් මෙන් ම මැටියෙන් සකස් කළ මවුදෙවඟන නිරූපණය වේ යැයි සැලකෙන කාන්තා ස්වරූපි රූ කම් ද ඉහළ පුරාශිලා යුගයේ මානවයාගේ කලාත්මක චින්තනය ප‍්‍රකට කරන නිදර්ශක අතර පවතී. මේ නිර්මාණ කාලනීර්ණ වශයෙන් සලකා බැලූ විට ලංකාවේ මධ්‍යශිලා යුගය හා සැසදෙන 35,000-20,000ක් පමණ කාලයට ගමන් ගන්නා බව ද පෙනී යයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 10 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය II/III – ජීවනෝපාය, හුවමාරුව, ජනාවාස, අභිචාර හා වාස්තුවිද්‍යාව

මෙම සියලුම දත්ත විග‍්‍රහ කර බැලීමේ දී ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයාට තම ආහාරය වශයෙන් සමබර ආහාර වේලක් ලැබීමට ඇති බව උපකල්පණය කළ හැකි ය.

ශ‍්‍රී ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත (Digital) ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාව හා එසේ වාර්තා කිරීම සඳහා යෝජිත ආකෘතියක්

අනුරාධ පියදාස, චන්දිම බණ්ඩාර අඹන්වල, මහින්ද කරුණාරත්න archaeology.lk සම ප‍්‍රාරම්භක හා කණ්ඩායම් සාමාජික අධ්‍යයන සංක්‍ෂිප්තය අදින් වසර 125,000ක් දක්වා ඈතට ගමන් කරන යටගියාවකට උරුමකම් කියන ශ‍්‍රී ලාංකේය...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 8 : රත්නපුර ශිලා කර්මාන්තය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. chandimaambanwala@yahoo.com හැඳින්වීම ශ‍්‍රී ලාංකේය මානවයාගේ අතීත සංස්කෘතිය හා තාක්‍ෂණය පිළිබිඹු කරන පැරණිම සාධක අතර...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 7 : රත්නපුර, ප්ලයිස්ටෝසීන සත්ත්ව හා ශාක සංහතිය

අදින් වසර මිලියන ගණනාවකට පෙර ආරම්භ වී දිගු කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වූ විශේෂ ලක්ෂණ සහිත කාලපරිච්ෙඡ්දයක් නොහොත් භූ විද්‍යාත්මක අවධියක් වශයෙන් ප්ලයිස්ටොසීන (Pleistocene) අවධිය දළ වශයෙන් හඳුනාගත හැකි වේ. ප්ලයිස්ටෝසීන අවධියේ දී පෘතුවියේ සැලකිය යුතු ප‍්‍රමාණයක් හිමෙන් ආවරණය වී පැවති අතර ම වඩා ශිත දේශගුණ තත්ත්වයක් පැවති බව අනාවරණය කරගෙන ඇත.

අනුරාධපුර ගල්කිරියාගම, වනසිංහාරාම රජමහා විහාරයේ සිතුවම් පිළිබඳ අධ්‍යයනයක්

අශෝකා සිරිවර්ධන1, සමීර ප‍්‍රසංග2, චන්දිම බණ්ඩාර අඹන්වල3 1 ප්‍රධාන පුස්තකාලය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. 2 ඉතිහාස අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ. 3 පුරාවිද්‍යා හා...

ලංකාවේ වාරි තාක්‍ෂණය හා එහි තිරසාරත්වය උදෙසා බල පෑ සමාජ හා තාක්‍ෂණික සාධක පිළිබඳ විමසුමක්

චන්දිම බණ්ඩාර අඹන්වල සහකාර කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණි විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. පැරණි රජවරුන්ගේ සිත් සතන්හි ජනිත වී, කවුරුන් ද කියා නොදන්නා, සුවහසක් පැරණි හෙළ ඉංජිනේරුවන්ගේ බුද්ධි මහිමයෙන් ලක්බිමට...

යාපනයේ ඩෙල්ෆ් දූපතෙන් සෙල්ලිපි තුනක් හමු වේ

සටහන හා ඡායාරූප : මහින්ද කරුණාරත්න මුහුදු පුරාවිද්‍යා ඒකකය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ගාල්ල කොටුව, ගාල්ල. ගාල්ලේ ස්ථාපිත කොට ඇති මධ්‍යයම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥයින්...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 6 : පුරාශිලා යුගය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. පුරාශිලා යන වචනයෙන් හැඟවෙන ආකාරයෙන් ම මෙ මගින් කියැවෙන්නේ පැරණි ශිලා යුගය (old stone...

Latest news

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
- Advertisement -
X
X