31 C
Colombo
Friday, May 7, 2021

ගොලුබෙලි ව්‍යාප්තිය ඇසුරින් ප‍්‍රාග් ඓතිහාසික පරිසරය ප‍්‍රතිනිර්මාණය : විශේෂ අවධානය බුලත්සිංහල ෆාහියන්ලෙන, බටදොඹලෙන, බෙලිලෙන, පොත්ගුල්ලෙන, පොතාන හා බෙල්ලන්බැඳිපැලැස්ස

Must read

ති.ග. මහේෂ් ප‍්‍රියදර්ශන, මහින්ද කරුණාරත්න, කැලුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි, ගාමිණී අදිකාරි

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, බෞද්ධාලෝක මාවත, කොළඹ 7.

හැඳින්වීම

ශ‍්‍රී ලංකාව වූ කලී ජගත්, ජෛව විවිධත්ව උණුසුම් ස්ථානයක් ලෙස ගෝලීය ලෙස පිළිගත් ඉන්දියානු උපමහද්වීපයට දකුණින් පිහිටි උතුරු අක්ෂාංශ 50 551 සහ 90 501 අතරත්, නැඟෙනනහිර දේශාංශ 790 401 සහ 810 531 වර්ග කිලෝමීටර 65,610 ක් පුරා පැතිර ඇති දූපතකි. මෙම දූපත දකුණු ඉන්දියානු තුඩුවට ආසන්නව සමකයට උතුරින් පිහිටා ඇති අතර එය ඉන්දියාවත් සමඟ ඇති අවම දුර කිලෝමීටර 19ක් තරම් වේ. ඉන්දියාවත්, ශ‍්‍රී ලංකාවත් නොගැඹුරු පෝක් සමුද්‍ර සන්ධියෙන් වෙන් වුව ද එකම මහාද්වීපීය තලයක පිහිටා ඇත. අදින් වසර 7,000කට පෙර ශ‍්‍රී ලංකාව හුදකලා වූ දිවයිනක් වශයෙන් ඉන්දියානු උප මහද්වීපයෙන් වෙන්වීම හේතුකොටගෙන ගොලුබෙල්ලන්ගේ විශේෂණය වීම (Speciation) සිදුවිය. දැනට ශ‍්‍රී ලංකාව තුළ භෞමික හා මිරිදිය ආශ‍්‍රිතව හමුවන ගොලුබෙල්ලන්ගේ පූර්ව සම්භවය ගොන්ඩ්වානාලන්තය හා බැඳේ. ශ‍්‍රී ලංකාවේ භෞමික වාසී ගනයන් (Generas) 66ක් වාර්තා වන අතර එයින් ගනයන් 13ක් ඉන්දියානු උපමහද්වීපය හා මෙරට තුළ පමණක් වාර්තා වේ.

භූ-විද්‍යාත්මක ලෙස පළමු වන අඩතැන්නේ සිට තෙ වන අඩතැන්න දක්වා නියෝජනය කරන තෙත්, අතර මැදි හා වියලි වශයෙන් ප‍්‍රධාන දේශගුණික හා පාරිසරික කලාප 3ක් දක්නට ලැබේ. මෙම දේශගුණික කලාප පුරා ව්‍යාප්ත වූ භෞමික හා මිරිදිය වාසි ගොලුබෙල්ලන් (ග‍්‍රැස්ට්‍රෝපෝඩාවන්) ශ‍්‍රී ලංකාවේ විවිධ පරිසර පද්ධතිවලට අනුවර්තීව හැඩගැසී ඇත.

භෞමික ගොලුබෙල්ලන් විශේෂ 253ක් (Ranawana and Priyadarshana 2012,66) හා මිරිදිය ගොලුබෙලි විශේෂ 94ක් (Fernando and Weerawardhana 2002,50-59) දිවයිනේ වාර්තා වන අතර ඉන් භෞමික වාසීන්ගෙන් ගනයන් 5ක් පමණක් දිවයිනට ආවේණික වේ (Rathnadvipia, Ravana, Acavus, Oligospira, Aulopoma) (Ranawana and Priyadarshana 2012,65). නිවර්තන කලාපීය දේශගුණික තත්ත්වයන් පෙන්නුම් කරන පහතරට වැසි (Lowland Rain forest), උප කඳුකර හා කඳුකර වැසි වනාන්තර (Sub Montane / Montane Rainforest) තෙත් මෝසම් වනාන්තර (Moist Monsoon forest) වියළි මෝසම් වනාන්තර (Dry Monsoon forest) හා වගා බිම් (Cultivated Habitat) යන විවිධ භෞමික හා මිරිදිය පරිසර වාසස්ථාන 5ක් පුරාවට ගොලුබෙල්ලන්ගේ ව්‍යාප්තිය දක්නට ලැබේ (Raheem and Naggs, An Illustrated Guide to the Land Snails of Sri Lankan Natural Forests and Cultivated Habitats 2006) ප‍්‍රාග්ඓතිහාසික මානවයා ගේ වාසභූමි සියල්ලක ම පාහේ හමුවන භෞමික හා මිරිදිය වාසි ගොලුබෙල්ලන් අදින් වසර 38,000කට පමණ පෙර සිට වර්තමානය දක්වා ජීවත්වන ජීව දර්ශකයන් ලෙස හඳුනාගෙන ඇත (Perera 2010,26) බුලත්සිංහල ෆා-හියන් ලෙන, කුරුවිට බටදොඹලෙන, කිතුල්ගල බෙලිලෙන, අලවල පොත්ගුල්ලෙන, සීගිරිය පොතාන හා බෙල්ලන්බැඳිපැලැස්ස ආදී තෙත් හා වියලි කලාපීය ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් තුළ සිදු කොට ඇති පුරාවිද්‍යා පර්යේෂණයන් ඔස්සේ භෞමික හා මිරිදිය ගොලුබෙල්ලන් ගේ අවශේෂ වාර්තා වී ඇත (Perera 2010,141,184-186, 155-156, Karunarathne et al., 2009,15, Adikari, Aspects of the Prehistory of the Sigiriya-Dambulla Region 1998, 111, Adikari, Excavation at the Sigiri-Potana Cave Complex: A Priliminary Account 1994, 65-67) වර්තමානයේ හමුවන ගොලුබෙලි විශේෂයන්ට ඥාතීත්වයක් දක්වන ජීව දර්ශක විශේෂ (Bio Indicator Species) ඔස්සේ ප‍්‍රාග්ඓතිහාසික පරිසරය ප‍්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇත. දිවයිනට පමණක් ආවේණික වන භෞමික ගොලුබෙල්ලන්ගේ ගණයන් 5න් Acavus, Oligospira, Aulopoma යන ගනයන් 3 ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් තුළ වාර්තා වීම තුලින් ඔවුන්ගේ පුරාණ හා වර්තමාන පරිසර පද්ධති අතර ඇති සබඳතාව පැහැදිලි වේ. මෙම ගනයන් හා සම්බන්ධ විශේෂ බොහෝමයක් වාර්තාවන්නේ තෙත් ක්‍ෂුද්‍ර පරිසර වාසස්ථාන (Wet Micro Habitat) තුළ බැවින් පුරාණයේ පැවති දේශගුණික හා පාරිසරික ස්වභාවය වර්තමානයට සාපේක්ෂව එතරම් වෙනසකට ලක්ව නොමැති බව පැහැදිලි වේ.

මෙම විශේෂයන්ට අමතරව ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් ආශ‍්‍රිතව Cyclophorus spp., Theobaldius spp., Tortulosa spp., Cyathopoma spp., Thysanota spp., Glessula spp., Corilla spp., Cryptozona spp., Beddomea spp. ආදී වූ භෞමික විශේෂ හා Plaludomus spp., Theodoxis spp., Bellamya spp., Pila spp., Melanoides spp., Thiara spp., Lamellidens spp., Bithynia spp., Faunus spp. ආදී වූ මිරිදිය විශේෂ වාර්තා වේ.

ක‍්‍රමවේදය

පර්යේෂණය සිදුකිරීම සඳහා පළමුව පරිශීලන දත්ත එක්රැස්කළ අතර එම දත්ත අතර ඇති සබඳතාව සසදා බැලීම සඳහා ඝෘජු ලෙස ම ප‍්‍රාග්ඓතිහාසික සංදර්භයන් වෙත ගොස් දත්ත ලබාගැනීම සිදුකරන ලදි.

Line Transect Method (ලයින් ට‍්‍රාන්සෙක්ට් ක‍්‍රමවේදය) : ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයේ සිට තෝරාගත් දිශානුගතිකව අදින ලද මීටර 100ක පමණ ලණුවක් භාවිත කරමින් එම ලණුව දෙපස මීටර 5ක පමණ සීමාව ආශ‍්‍රිතව ගොලුබෙල්ලන් අධ්‍යයනය කිරීම මෙහි දී සිදුකරන ලදි. එහි දී හමු වන ගොලුබෙලි විශේෂ සමග ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් තුලින් හමු වී ඇති විශේෂ සංසන්දනාත්මක අධ්‍යයනය කිරීම. එමෙන් ම විශේෂයන්ගේ වර්තමාන පාරිසරික පැතිරීම හා ඔවුන්ගේ ක්‍ෂුද්‍ර වාසස්ථානයන් සසදා බැලීම ද සිදුකරන ලදි.

Random Collecting Method (අහඹු එක්රැස් කිරීමේ ක‍්‍රමවේදය) : සන්දර්භයන් අවට පරිසරය තුළ අහඹු ලෙස හමුවන ජීව නිදර්ශක හා කවච පරික්ෂාවට ලක්කිරීම හා ප‍්‍රාග් ඓතිහාසික නිදර්ශක සමග සැසදීම.

භාවිත උපකරණ : Vernier Callipers, අංකිත කැමරාව, ක්‍ෂුද්‍ර අත් කාචය (Double Prism Hand Lens), GPS

ග‍්‍රැස්ට්‍රෝපෝඩාවන් (භෞමික හා මිරිදිය වාසි ගොලුබෙල්ලන්) වර්තමාන ව්‍යාප්තිය

Cyclophorus spp., Theobaldius spp., Tortulosa spp., Cyathopoma spp., Thysanota spp., Glessula spp., Corilla spp., Cryptozona spp., Beddomea spp.ආදී වූ භෞමික විශේෂ හා Plaludomus spp., Theodoxis spp., Bellamya spp., Pila spp., Melanoides spp., Thiara spp., Lamellidens spp., Bithynia spp., Faunus spp. ආදී වූ මිරිදිය විශේෂයන් මෙතෙක් පර්යේෂණ සිදුකරන ලද ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් ආශ‍්‍රිතව වාර්තා වී ඇත.

භෞමික විශේෂ

Acavus spp. සිංහල ගොලුබෙල්ලා/ වෙද ගොලුබෙල්ලා (Sri Lanka Lustful Snail)

මෙම ගනයට අයත් විශේෂ 3ක් (Acavus haemastoma, Acavus phoenix, Acavus superbus) හා උප විශේෂ 7ක් (A. h. haemastoma, A. h. melanotragus, A. p. phoenix, A. p .castaneus, A. s. superbus, A. s. grevillei, A. s. roseolabiatus) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.

මෙම ගනය හා විශේෂයන් සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් ම ඉතා හොදින් තුරු ආවරණය සහිත වනාන්තර වාසීන් වන මොවුන් ගෙන් විශේෂ කිහිපයක් පමණක් ගෙවතු වනාන්තර වලින් ද හමුවේ. මෙම විශේෂ ගොන්ඞ්වානාලන්තය සම්භවයකින් පැවත එන වසර මිලියන 200ක් පමණ පැරණි විශේෂයන් වේ (Emberton 1990, 101-117)’බිත්තර මගින් බෝවන මෙම ගොලූබෙල්ලන් වරකට බිත්තර එකක් පමණක් දමන අතර එය කුරුලූ බිත්තරයකට සමාන වේ (1’5×2). ශ‍්‍රී ලංකාව පුරා පැතිරුණු ප‍්‍රාග්ඓතිහාසික සංදර්භයන් බොහොමයක මෙම ගනයට අයත් විශේෂ වාර්තා වේ. මොවුන්ගේ පරිසර වාසස්ථානය පහතරට තෙත් කලාපය හා අතරමැදි කලාපයේ තෙත් ක්‍ෂුද්‍ර වාසස්ථානයන්ට සීමාවේ.

Oligospira spp. මුක්කං ගොලූබෙල්ලා (Sri Lanka Blunted Snail)

මෙම ගනයට අයත් විශේෂ 3ක් (Oligospira polei, Oligospira skinneri, Oligospira waltoni) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.

මෙම ගනය හා විශේෂයන් සියල්ල ම දිවයිනට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් ම ඉතා හොඳින් තුරු ආවරණය සහිත වනාන්තර වාසීන් වේ. Acavidae කුලයට අයත් මෙම විශේෂ ගොඩිවානාලන්ත සම්භවයකින් පැවත එන වසර මිලියන 200ක් පමණ පැරණි වේ (Emberton 1990, 101-117)’නිවර්තන තෙත් කලාපීය වැසි වනාන්තර වාසීන් වන මොවුන් දිරාගිය කොළ රොඩු, කඳන් හා කුඩා පාෂාණ මත වාසයට ප‍්‍රියතාවක් දක්වයි.

Beddomea Spp. (Sri Lanka beddomea Snail)

CAMAENIDAE කුලයට අයත් මෙම ගණයේ විශේෂ 4ක් වාර්තා වේ. ඉන් (Beddomea albizonatus, Beddomea ceylanicus, Beddomea trifasciatus (Montane form) විශේෂ 3ක් තෙත් කලාපවාසින් වන අතර එක් විශේෂයක් (Beddomea intermedius) අතරමැදි කලාපයේ ද අනෙක් විශේෂ (Beddomea trifasciatus (Lowlands form) වියලි කලාප තුල ද වර්තා වේ. තෙත් ශාක පත‍්‍ර හා කඳන් මත වාසට වඩා ප‍්‍රියතාවක් දක්වයි.

Aulopoma spp. (Aulopom’s Operculate Snails)

පිධාන වැස්මක් (Operculum) සහිත කවච දරන මෙම ගණයට අයත් විශේෂ 4ක් (Aulopoma grande, Aulopoma helicinum, Aulopoma itieri, Aulopoma sphaeroideum) හා ප‍්‍රභේද 1ක් (A. itieri var. hofmeisteri) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.

මෙම ගණය හා විශේෂයන් සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන්ම ඉතා හොඳින් තුරු ආවරණය සහිත වනාන්තර වාසීන් වන මොවුන්ගෙන් විශේෂ කිහිපයක් පමණක් ගෙවතු වනාන්තර වලින් ද හමු වේ. බොහෝමයක් විශේෂ තෙත් කලාපය පුරා හමුවන අතර එක් උප විශේෂයක් අතරමැදි හා වියලි කලාපය තුළ හමු වේ.

Cyclophorus spp. (Sri Lanka Large Opeculate Snail)

මෙම ගණයට අයත් විශේෂ 4ක් (Cyclophorus alabastrinus, Cyclophorus ceylanicus, Cyclophorus involvulus, Cyclophorus menkeanus ) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ. මෙම ගනයේ විශේෂයන් දෙකක් පමණක් ශ‍්‍රී ලංකාවට ආවේණික වේ.

ප‍්‍රධාන වශයෙන් ම ඉතා හොඳින් තුරු ආවරණය සහිත තෙත් වාසස්ථාන වලට ප‍්‍රියතාවක් දක්වයි. තෙත් කලාපීය වැසි වනාන්තර වාසීන් වන මොවුන්ගෙන් එක් විශේෂයක් පමණක් වියලි කලාපය තුළ හමු වේ. දිරාගිය කොළරොඩු හා තෙතමනය හා පාසි සහිත කුඩා පාෂාණ මත වාසයට වඩා පි‍්‍රයතාවක් දක්වයි.

Theobaldius spp. (Theobald’s Operculate Snail)

මෙම ගනයට අයත් විශේෂ 12ක් : (Theobaldius annulatus, Theobaldius bairdi, Theobaldius cadiscus, Theobaldius crater, Theobaldius cytopoma, Theobaldius layardi, Theobaldius liliputianus, Theobaldius loxostoma, Theobaldius parapsis, Theobaldius parma, Theobaldius subplicatulus, Theobaldius thwaitesi) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.

මෙම ගණයන් හා ප‍්‍රභේද සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් ම ඉතා හොඳින් තුරු ආවරණය සහිත වනාන්තර වාසීන් වන මොවුන්ගෙන් බොහොමයක් තෙත් කලාපය පුරා හමුවන අතර විශේෂ කිහිපයක් පමණක් අතරමැදි හා වියලි කලාපය තුළ හමු වේ. තෙත් කොළරොඩු සහිත දිරාගිය කඳන් හා කුඩා පාෂාණ ආශ‍්‍රිතව වාසයට ප‍්‍රියතාවක් දක්වයි.

Tortulosa spp. (Sri Lanka Tortu’s Opeculate Snail)

මෙම ගණයට අයත් විශේෂ 26ක් (Tortulosa aurea, Tortulosa austeniana, Tortulosa barnaclei, Tortulosa blanfordi, Tortulosa colletti, Tortulosa congener, Tortulosa connectens, Tortulosa cumingi, Tortulosa decora, Tortulosa duplicate, Tortulosa eurytrema, Tortulosa greeni, Tortulosa haemastoma, Tortulosa hartleyi, Tortulosa layardi, Tortulosa leucocheilus, Tortulosa marginata, Tortulosa nevilli, Tortulosa nietneri, Tortulosa prestoni, Tortulosa pyramidata, Tortulosa rugosa, Tortulosa smithi,Tortulosa sykesi, Tortulosa templemani, Tortulosa thwaitesi) හා ප‍්‍රභේද 6ක් (Tortulosa greeni var. robusta, T. marginata var. crenulata, T.marginata var. notata, T. nevilli var. flaveola, T. nietneri var. caperata, T. nietneri var. unicolor) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.

මෙම ගනයේ විශේෂයන් හා ප‍්‍රභේද සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් නිවර්තන තෙත් කලාපීය වාසීන් වන මොවුන් තෙතමනය සහිත ගස් කඳන් මත හා පාෂාණ මත දක්නට ලැබේ. තෙත් ක්‍ෂුද්‍ර වාසස්ථාන වලට වඩාත් ප‍්‍රියතාවක් දක්වන මොවුන් පහතරට වැසි වනාන්තර (Lowland Rainforest) උපකඳුකර හා කඳුකර වැසි වනාන්තර (Sub Montane / Montane Rainforest) තෙත් මෝසම් වනාන්තර (Moist Monsoon forest) තුළ ජීවත් වේ.

Cyathopoma spp. (Cyathopom’s Operculate Snail)

මෙම ගනයට අයත් විශේෂ 14ක් (Cyathopoma album, Cyathopoma artatum, Cyathopoma ceylanicum, Cyathopoma colletti, Cyathopoma conoideum, Cyathopoma innocens, Cyathopoma leptomita, Cyathopoma mariae, Cyathopoma ogdenianum, Cyathopoma perconoideum, Cyathopoma prestoni, Cyathopoma serendibense, Cyathopoma turbinatum, Cyathopoma uvaense) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.

මෙම ගනයේ විශේෂයන් සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. තෙත් කලාපීය වැසි වනාන්තර වාසීන් වන මොවුන් දිරාගිය කොළරොඩු හා තෙතමනය හා පාසි රැඳී කඳන් මත වාසයට වඩා පි‍්‍රයතාවක් දක්වයි.

Thysanota spp. (Sri Lanka Micro Hairy Thysanota)

මෙම ගනයට අයත් විශේෂ 3ක් 3la (Thysanota elegans, Thysanota eumita, Thysanota hispida) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.

මෙම ගණයේ විශේෂයන් සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. තෙත් කලාපීය වැසි වනාන්තර වාසීන් වන මොවුන් තෙතමනය රැඳී දිරාගිය කොළරොඩු මත වාසයට වඩා පි‍්‍රයතාවක් දක්වයි. ක්‍ෂුද්‍ර බෙල්ලන් විශේෂයක් වන මොවුන් ක්‍ෂෙත‍්‍රයේ දී හඳුනාගැනීම තරමක් අපහසු වේ.

Glessula spp. (Sri Lankan Corkscrew Snail)

මෙම ගණයට අයත් විශේෂ 22ක් (Glessula capillacea,Glessula ceylonica, Glessula collettae, Glessula deshayesi, Glessula fulgens, Glessula inornata, Glessula lankana, Glessula layardi, Glessula nitens, Glessula pachycheila, Glessula pallens, Glessula panaetha, Glessula parabilis, Glessula prestoni, Glessula punctogallana, Glessula pusilla, Glessula reynelli, Glessula sattaraensis, Glessula serena, Glessula simony, Glessula sinhila, Glessula veruina) හා ප‍්‍රභේද 3ක් (G. inornata var. minor, G. pachycheila var. taprobanica, G. reynelli var. immitis) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.

මෙම ගනයේ විශේෂයන් 19ක් හා ප‍්‍රභේද සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් නිවර්තන තෙත් කලාපීය වාසීන් වන මොවුන් තෙතමනය සහිත කොළරොඩු මත ජීවත් වේ. තෙත් කලාපය පුරාවට පැතිරුණු ව්‍යාප්තියක් දරන මොවුන්ගෙන් විශේෂ කිහිපයක් පමණක් වියලි හා අතරමැදි කලාපයේ වාර්තා වේ.

Corilla spp. (Srilankan Toothed lip Snail)

මෙම ගනයට අයත් විශේෂ 10ක් (Corilla adamsi, Corilla beddomeae, Corilla carabinata, Corilla colletti, Corilla erronea, Corilla fryae,Corilla gudei, Corilla humberti, Corilla lesleyae, Corilla odontophora) හා ප‍්‍රභේද 2ක් : (C.adamsi var. hinidunensis, C.erronea var. eronella) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.

මෙම ගනයේ විශේෂයන් හා ප‍්‍රභේද සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් නිවර්තන තෙත් කලාපීය වාසීන් වන මොවුන් තෙතමනය සහිත කොළරොඩු මත ජීවත් වේ. තෙත් කලාපය පුරාවට පැතිරුණු ව්‍යාප්තියක් දරන මොවුන්ගෙන් විශේෂ කිහිපයක් පමණක් අතරමැදි කලාපයේ වාර්තා වේ.

Cryptozona spp.(Sri Lanka Hard Translucent Snail)

මෙම ගනයට අයත් විශශේෂ 6ක් (Cryptozona bistrialis, Cryptozona ceraria, Cryptozona chenui, Cryptozona Juliana, Cryptozona novella, Cryptozona semirugata) හා ප‍්‍රභේද 1ක් (C. juliana var. ganoma) ශ‍්‍රී ලංකාවේ දක්නට ලැබේ.

මෙම ගණයේ විශේෂ 4ක් හා ප‍්‍රභේදය ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. ප‍්‍රධාන වශයෙන් නිවර්තන තෙත් කලාපීය වාසීන් වන මොවුන් තෙතමනය සහිත කොළරොඩු මත ජීවත් වේ. තෙත් කලාපය පුරාවට පැතිරුණු ව්‍යාප්තියක් දරන මොවුන්ගෙන් එක් විශේෂයක් පමණක් වියලි හා අතර මැදි කලාපයේ වාර්තා වේ.

මිරිදිය විශේෂ

Paludomus spp. (Tropical Freshwater Snail)

PALUDOMINAE උප කුලයට අයත් පිධානයක් (Operculum) සහිත මිරිදිය වාසී මෙම බෙල්ලන් විශේෂය තරමක් වේගයෙන් ගලායන, ගල් සහිත කඳුකර දියපහරවල් තුළ ජීවත් වේ. මෙම ගනයට අයත් විශේෂ 44ක් හා උප විශේෂ 6ක් වාර්තා වන අතර විශේෂ 40ක් හා ප‍්‍රභේද සියල්ල ම ශ‍්‍රී ලංකාවට ආවේණික වේ.

බොහෝමයක් විශේෂ නිවර්තන වැසි වනාන්තර වාසීන් වන අතර විශේෂ කිහිපයක් පමණක් අතරමැදි හා වියලි කලාපීය දිය පහරවල් තුළ ජීවත් වේ. ප‍්‍රධාන වාසස්ථාන වශයෙන් මහවැලි, කැලණි, කළු හා වලවේ යන ගංගා හා ඒවාට අදාල අතු ගංගා හැඳින්විය හැකි වේ.

Theodoxis spp. (Freshwater Theodox)

NERITIDAE කුලයට අයත් ගනයන් 2ක් වාර්තා වන අතර Septaria ගනයේ විශේෂ 3ක් මිරිදිය හා කිවුල් දිය වාසීන් වන අතර Theodoxis ගනයේ හමුවන විශේෂය මිරිදිය වාසී ගලායන දියපහරවල් තුළ හමු වේ. මෙම විශේෂය Paludomus විශේෂයන්ට රූපීයව සමාන වන කුඩා ස්වරූපයක් දරයි.

THIARINAE උප කුලයට අයත් ගනයන් 3ක් වාර්තා වේ (Faunus, Melanoides, Thiara) Faunus ගනයට අයත් විශේෂ 1ක් හා ප‍්‍රභේදයක් ද, Melanoides ගණයට අයත් විශේෂ 5ක් හා ප‍්‍රභේද 4ක් ද, Thiara (Hairy Towerlid Snail) ගණයට අයත් විශේෂ 4ක් දක්නට ලැබේ. Melanoides (Malaysian Trumpet Snail) ගනයේ සාමාජිකයන් පහත රට හා උඩරට දිය පහරවල් ආශ‍්‍රිත ජීවත් වේ. Thiara ගණයේ සාමාජිකයන් කඳුකර කලාපීය දිය පහරවල් ආශ‍්‍රිතව ය. මිරිදිය හා කරදිය ජලාශ ආශ‍්‍රිතව Faunus (Black Faunus) ගනයේ සාමාජිකයන් වාර්තා වේ.

Bithynia spp. (Faucet Snail / Mud Bithynia)

PALUDESTRINIDAE කුලයට අයත් පිරමිඩාකාර මෙම බෙල්ලන් විශේෂය හෙමින් ගලා බස්නා දිය පහරවල් තුළ ජීවත් වේ. මෙම ගනයේ විශේෂ 3ක් වාර්තා වන අතර මඩ සහිත ජීරණය වූ පැළෑටි කොටස් සහිත දියපහරවල් සඳහා වඩා ප‍්‍රියතාවක් දක්වයි.

Bellamya spp. (River Snail)

VIVAPARIDAE කුලයට අයත් තියුණු අග‍්‍රයක් සහිත පිරමිඩාකාර මෙම බෙල්ලන් හෙමින් ගලා බසින දිය පහරවල් තුළ ගල්මත වාසය සඳහා ප‍්‍රියතාවක් දක්වයි. එමෙන්ම වැව් තාවුළු තුළ ද දක්නට ලැබේ. වියලි හා අතර මැදි කලාපය තුළ බහුලව වාර්තා වේ.

Pila spp. (Asian Apple Snail)
ශ‍්‍රී ලංකාවේ වාර්තාවන ජලජ ගොලුබෙල්ලන්ගෙන් විශාලතමයන් වේ. විශාල වටකුරු හැඩයෙන් යුතු පිධානයක් සහිත මෙම බෙල්ලන් පහත රට තෙත් කලාප යේ සිට වියලි කලාපය දක්වා හොදින් පැතිරුණු ව්‍යාප්තියක් ඇත. මෙම ගණයට අයත් විශේෂ 9ක් වාර්තා වේ. දිය කඩිති, කුඹුරු ඇළමාර්ග, ඉතා හෙමින් ගලා බසිනා දිය පහරවල් වලට ප‍්‍රියතාවක් දක්වයි.

Lamellidens spp. (Pond Clam)

UNIONIDAE කුලයට අයත් ගනයන් දෙකක් වාර්තා වන අතර Lamellidens ගනයේ දෙපියන් බෙල්ලන් විශේෂ 3ක් ද, Parreysia corrugata විශේෂ ය ද වාර්තා වේ. මඩ හා වැලි සහිත දිය පහරවල් හා වැව් පොකුණු පතුළ තුළ බහුලව හමු වේ.

පර්යේෂණය

පර්යේෂණය පියවර 3ක් ඔස්සේ රැගෙන යන ලදි.

පළමු වන පියවර – තෝරාගත් සංදර්භයන් තුළ සිදු කොට ඇති පර්යේෂණයන්ට අදාල ශාස්ත‍්‍රීය පර්යේෂණ පත‍්‍රිකා තුළ වාර්තාවන භෞමික හා මිරිදිය වාසී බෙල්ලන් පිළිබඳ තොරතුරු ලබාගැනීම.

දෙ වන පියවර – උක්ත සංදර්භයන් තුලින් සොයා ගන්නා ලද ප‍්‍රාග්ඓතිහාසික නිදර්ශක පරික්ෂාවට ලක්කිරීම තුළින් විශේෂයන් නිවැරදිව හඳුනාගැනීම.

තෙ වන පියවර – ප‍්‍රාග්ඓතිහාසික සංදර්භයන් වෙත ගොස් ඒ ආශ‍්‍රිතව හමුවන වර්තමාන ගොලුබෙල්ලන්ගේ ව්‍යාප්තිය, ක්‍ෂුද්‍ර පරිසර වාසස්ථාන, විවිධත්වය, පූර්ව කැනීම් මගින් අනාවරණය කොටගත් ගොලුබෙලි අවශේෂ සමඟ සැසදීම.

(බොල්ඩ් හා අන්ඩලයින් කොට දක්වා ඇත්තේ ප‍්‍රාග්ඓතිහාසික හා වර්තමානයේ සංදර්භය අවට හමු වන විශේෂයන් ය).

බුලත්සිංහල ෆාහියන් ලෙන

වර්තමානයේ හමුවන විශේෂ – Ruthvenia clathratula, Thysanota eumita, Eurychlamys regulate, Cryptozona chenui, Euplecta travancorica, Ratnadvipia irradians, Glessula parabilis, Allopeas layardi, Acavus superbus superbus,  Acavus superbus grevillei, Oligospira waltoni, Corilla adamsi, Beddomea albizonatus, Cyclophorus ceylanicus, Aulopoma itieri, Cyathopoma album, Leptopoma semiclausum, Theobaldius layardi, Tortulosa decora, Tortulosa haemastoma, Paludomus loricatus, Paludomus neritoides, Bellamya ceylonica,  Pila globosa, Pila carinata.

කුරුවිට, බටදොඹ ලෙන

වර්තමානයේ හමුවන විශේෂ – Philalanka circumsculpta, Ruthvenia clathratula, Thysanota eumita , Eurychlamys regulate, Cryptozona chenui, Cryptozona Juliana, Euplecta emiliana, Euplecta travancorica, Ratnadvipia irradians, Microcystina lita, Glessula inornata, Glessula parabilis, Allopeas layardi, Acavus superbus, Acavus superbus grevillei, Oligospira waltoni, Corilla adamsi, Corilla beddomeae, Beddomea albizonatus, Cyclophorus alabastrinus , Cyclophorus ceylanicus, Cyclophorus menkeanus, Aulopoma itieri, Cyathopoma album, Leptopoma semiclausum, Theobaldius layardi, Pterocyclus cumingi, Tortulosa aurea, Tortulosa decora, Tortulosa haemastoma, Tortulosa prestoni, Tortulosa pyramidata , Paludomus loricatus, Paludomus neritoides, Paludomus thwaitesi, Paludomus zeylanica, Bellamya ceylonica, Theodoxis perotetiana, Pila globosa, Pila carinata.

කිතුල්ගල බෙලිලෙන

වර්තමානයේ හමුවන විශේෂ – Philalanka circumsculpta,  Ruthvenia clathratula, Thysanota eumita, Eurychlamys regulate, Cryptozona chenuiCryptozona Juliana, Euplecta emiliana, Euplecta travancorica, Ratnadvipia irradians, Microcystina lita, Glessula inornata, Glessula parabilis, Allopeas layardi, Acavus superbus superbus, Acavus superbus reseolabiatus, Oligospira waltoni, Corilla adamsi, Corilla beddomeae, Beddomea albizonatus, Cyclophorus alabastrinus, Cyclophorus ceylanicus, Cyclophorus menkeanus, Aulopoma itieri, Cyathopoma album, Leptopoma semiclausum, Theobaldius layardi, Pterocyclus cumingi, Tortulosa aurea, Tortulosa decora, Tortulosa haemastoma, Tortulosa prestoni, Tortulosa pyramidata, Paludomus loricatus, Paludomus neritoides, Paludomus thwaitesi, Paludomus zeylanica, Bellamya ceylonica,Theodoxis perotetiana, Pila globosa, Pila carinata.

අලවල පොත්ගුල්ලෙන

වර්තමානයේ හමුවන විශේෂ – Cryptozona chenui, Cryptozona bistrialis, Euplecta emiliana, Glessula parabilis, Allopeas gracile, Allopeas layardi, Paropeas achatinaceum, Lissachatina fulica, Acavus superbus superbus, Acavus phoenix, Oligospira waltoni, Oligospira poleii, Corilla adamsi, Beddomea albizonatus, Cyclophorus ceylanicus, Aulopoma itieri, Theobaldius layardi, Tortulosa haemastoma, Paludomus loricatus, Paludomus neritoides, Bellamya ceylonica, Pila globosa, Pila carinata.

බෙල්ලන්බැඳිපැලැස්ස එළිමහන් පරිශ‍්‍රය

වර්තමානයේ හමුවන විශේෂ – Cryptozona bistrialis, Euplecta sp., Allopeas gracile, Lissachatina fulica, Acavus superbus superbus, Oligospira waltoni, Beddomea trifasciatus, Cyclophorus involvulus, Aulopoma itieri var hofmeisteri, Theobaldius sp., Rhachistia pulcher, Pterocyclus troscheli, Paludomus loricatus, Bellamya ceylonica, Pila layardi, Faunus alter, Melanoides tuberculata, Lamellidens marginalis, Lamellidens marginalis lamellate.

සීගිරිය පොතාන ගුහාව

වර්තමානයේ හමුවන විශේෂ – Cryptozona bistrialis, Euplecta sp, Allopeas gracile, Lissachatina fulica, Acavus phoenix castaneus, Beddomea trifasciatus, Cyclophorus involvulus, Aulopoma itieri var hofmeisteri,  Theobaldius sp, Eurychlamys vilipensa, Micraulax coeloconus, Mirus panos, Rhachistia pulcher, Pterocyclus troscheli, Paludomus solidus, Paludomus regalis, Bithynia inconspicua, Bellamya ceylonica, Pila layardi, Melanoides tuberculata, Lamellidens marginalis, Lamellidens marginalis lamellate.

සමාලෝචනය

දිවයින පුරා පැතිර ඇති ප‍්‍ර‍්‍රාග්ඓතිහාසික සංදර්භයන් බොහොමයක බහුලව හමුවන ACAVIDAE කුලයේ සාමාජිකයන් මෙතෙක් පර්යේෂකයන් හඳුනාගත්තේ Acavus superbus හා Acavus phoenix යන දෙ වර්ගය පමණි. නමුත් මෙම පර්යේෂණය තුලින් විවිධ වූ Acavus ගණයේ සාමාජිකයන් හමුවීම දක්නට ලැබේ. කුරුවිට බටදොඹ ලෙනින් හමුවන්නේ Acavus superbus විශේෂය හා Acavus superbus grevillei යන උප විශේෂයන් ය. මෙම විශේෂයන් හා උප විශේෂ මධ්‍යම කඳුකරයේ දකුණු හා බටහිර පා කඳු වල (Foothills) මීටර 30 හා 600 අතර උන්නතාංශයක් සහිත තෙත් වාසස්ථාන ආශ‍්‍රිතව හමු වේ. එබැවින් මෙම විශේෂයන් නිවර්තන තෙත් කලාපීය පරිසර ප‍්‍රජාවක් පෙන්නුම් කරන ජීව දර්ශකයන් ලෙස ප‍්‍රාග්ඓතිහාසික යුගයේ සිට අද දක්වා ම පැවත ඒ. ෆාහියන් ලෙනෙන් හමුවන උප විශේෂය Acavus superbus superbus වේ. කිතුල්ගල බෙලිලෙන තුලින් හමුවන්නේ Acavus superbus roseolabiatus (තෙත් කලාපයේ කිතුල්ගල, යටියන්තොට, සෙම්බුවත්ත, යක්දෙස්ස යන ප‍්‍රදේශවල හුදෙකලා වූ උප විශේෂයක් වේ) හා Acavus superbus superbus නම් උප විශේෂයන් ය. අලවල පොත්ගුල් ලෙනින් හමුවන්නේ Acavus phoenix (තෙත් කලාපයේ දකණු මධ්‍යම කොටස හා කළුතර-කොළඹ අතර මීටර 500ක උන්නතාංශය දක්වා හමු වේ) හා Acavus superbus යන විශේෂයන් ය. බෙල්ලන්බැඳිපැලැස්සෙන් හමුවන්නේ Acavus superbus superbus වුව ද සීගිරිය පොතාන ගුහාවෙන් හමුවන්නේ Acavus phoenix castaneus නම් උප විශේෂයයි. එම විශේෂයේ පැතිරීම තෙත් කලාපයේ මීටර 30-600 දක්වා වූ උතුරු අභ්‍යන්තර කොටස (මාතලේ, කුරුණෑගල, රිටිගල, මොරපිටිය) ඒ අනුව වියලි හා අතරමැදි කලාපයන් ආශ‍්‍රිතව හමුවන ප‍්‍රාග්ඓතිහාසික වාසස්ථානවලින් මෙතෙක් අනාවරණය වූ Acavus බෙල්ලන් බොහෝමයක් වර්තමානයේ හමුවන්නේ තෙත් ක්‍ෂුද්‍ර පරිසර වාසස්ථානයක බැවින් එකල පරිසරය මීට සමාන තෙත් පාරිසරික ස්වභාවයක් පැවති බවට හෝ ප‍්‍රාග් ඓතිහාසික මානවයා විසින් ඔවුන්ගේ සැබෑ වාසස්ථානයේ සිට තෙත් කලාපීය පරිසර පද්ධතියකින් රැගෙන ආවාද යන ගැටලුව මතු වේ (Raheem et al., 2000)’

ප‍්‍රාග්ඓතිහාසික සංදර්භයන් අශ‍්‍රිතව හමුවන Thysanota eumita,Cryptozona chenui, Euplecta emiliana, Glessula parabilis, Oligospira waltoni,Oligospira poleii, Corilla adamsi, Beddomea albizonatus, Cyclophorus ceylanicus, Cyathopoma album, Leptopoma semiclausum, Theobaldius layardi, Tortulosa haemastoma ආදී විශේෂ බොහොමයක ක්‍ෂුද්‍ර වාසස්ථානය තෙත් පාරිසරික ලක්ෂණ පෙන්නුම් කරන නිසාවෙන් හා වියලි හා අතරමැදි ප‍්‍රාග්ඓතිහාසික සන්දර්භයන් තුලින් බහුලව හමුවන මිරිදිය වාසි විශේෂයන් (Paludomusspp.)ද, තේත් කලාපිය වාසින් වන බැවින්ල එකල පැවති ප‍්‍රාග්ඓතිහාසික පරිසරය වර්තමානයේ මොවුන් ජීවත්වන පරිසරයට සමාන කමක් පෙන්නුම් කරයි.

කිතුල්ගල බෙලිලෙනින් හමු වූ අදින් වසර 21,000ක් ලෙසින් කාල නීර්ණයට ලක් කළ සෙන්ටිමීටරයක ප‍්‍රමාණයෙන් යුතු Cerithidea cingulata (Lesser Horn Shell) කලපු බෙල්ලකු අනාවරණය කොටගෙන ඇත. ප‍්‍රාග්ඓතිහාසික මානවයා වෙරළබඩ කලාපය හා පැවති සබඳතාව මෙයින් පැහැදිලි වේ. ඒ අනුව අතරමැදි හා වියලි කලාපයේ වාසය කළ ප‍්‍රාග්ඓතිහාසික මානවයා තෙත් කලාපීය පරිසරික කලාපයත් සමඟ පැවති සබඳතාව එම සංදර්භයන් තුළින් හමුවන බෙල්ලන් ඔස්සේ පිළිබිඹු වනවාදැයි අයකුට ප‍්‍රශ්න කිරීමේ හැකියාව ද ඇත.

කෘතඥතාව

ශ‍්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු කීට විද්‍යාඥ, නැසීගිය පී.බී. කරුණාරත්න, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් උපෙන්ද්‍ර දැරණියගල හා නියෝජ්‍ය අධ්‍යක්ෂ, ආචාර්ය නිමල් පෙරේරා, බි‍්‍රතාන්‍ය ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ පර්යේෂක ආචාර්ය ඩිනසාර්ඩ් රහීම් යන මහත්ම මහත්මීනට ද ඡායාරූප සපයා දුන් ස්වභාවවේදී ඉමේෂ් නුවන් බණ්ඩාර හා ස්වභාවවේදී ඩබ්.ඒ. අමිල චානක යන මහත්මයන් සඳහා කෘතඥතාව හිමිවිය යුතු වේ.

පරිශීලනය කළ ග්‍රන්ථ හා ලේඛන නාමාවලිය

  • Adikari, G. Aspects of the Prehistory of the Sigiriya-Dambulla Region. Colombo 7: Unpublished M. Phil Thesese , 1998.
  • Adikari, G. “Excavation at the Sigiri-Potana Cave Complex: A Priliminary Account.” Futher Studies in the Settlement Archaeology of the Sigiriya – Dambulla Region, 1994: 65-67.
  • Emberton, K.C. “Acavid Land Snails of Madagascar: Subgeneric Revision Based on Published Data (Gastropoda: Pulmonata: Stylommatophora).” Procedings of the Academy of Natural Sciences of Philadelphia, 1990: 101-117.
  • Fernando, C.H, and S.R Weerawardhana. A Guid to the Freshwater Fauna of Ceylon (Sri Lanka). Colombo, 2002.
  • Karunarathne, W., W.S. Weliange, G. Adikari, N. De Silva, K. Manamendra-Arachchi, D. Dilrukshi “Snail Consumption of Prehistoric Alavala Man.” Hunter for Hunter-gatherers at Alavala Cave. Colombo 7: Postgraduate Institute of Archaeology, 2009. 15.
  • Perera, H.N. Prehistoric Sri Lanka: Late Pleistocene Rockshelters and an open-air Site. Oxford: BAR International, 2010.
  • Raheem, D, Fred Naggs. An Illustrated Guide to the Land Snails of Sri Lankan Natural Forests and Cultivated Habitats. Leaflet, London: Natural History Museum, 2006.
  • Raheem, D, T.Inglis, C.Priyadarshana, T.G.M.Perera, L.J.K.R. Butterworth. Land- Snail Diversity in Sri Lankan Rainforests Remnants. Study, London: Natural History Museum, 2000.
  • Ranawana, K.B, and T.G.M Priyadarshana. “The Taxonomy Conservation Status of the Land Snails in Sri Lanka.” The National Red List 2012 of Sri Lanka, 2012: 65-76.

මෙම ලිපියේ සෝදුපත් බැලු මල්ෂා රණසිංහ මෙනවියට විශේෂ ස්තුතිය පිරි නැමේ.

----------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.10.01 දින www.archaeology.lk/sinhala වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් විය.
----------------------------------------------------------------------------------
- Advertisement -

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -spot_img

Latest article

X
X