වාස්තු විද්‍යාව හා නිර්මිත පරිසරය

ථූපාරාමය ආරාම සංකීර්ණය, අනුරාධපුරය

මහින්දාගමනයෙන් පසුව මෙරට ඉදිකරනු ලැබූ ප්‍රථම දාගැබ වශයෙන් මහාවංසගත වන්නේ අනුරාධපුර ථූපාරාමය චෛත්‍යය යි. මීට ප්‍රථමයෙන් මහියංගනය සහ ත්‍රිකුණාමලයේ ගිරිහඬු සෑය ඉදිකර තිබුණ ද ඒ පිළිබඳව ලිඛිත සාධක ප්‍රකට නොවේ. අනුරාධපුර ථූපාරාමය ආරාම සංකීර්ණය හුදෙක් එක් චෛත්‍යයක් පමණක් නොව ස්තූපය හා සම්බන්ධිත විහාර සංකීර්ණයක් වශයෙන් සැලකිය හැකි ය.

පොළොන්නරුව නිර්මිත පරිසරය තුළින් ඉස්මතුවන හින්දු ආගමික ගෘහ නිර්මාණ ශිල්පය

පොළොන්නරු යුගය ට අයත් විහාර, ගොඩනැඟිලි, මාළිගා මෙන්ම, අනෙකුත් ගෘහනිර්මාණයන්ගෙන් යුක්ත වූ පුරාණ නිර්මිත පරිසරය හුදෙක් ම පූර්ව මධ්‍යම සමයට අයත් ගොඩනැඟිලි කර්මාන්තයෙහි ඇති සැලැස්ම හා විශේෂාංග ලක්ෂණ මත පිහිටා ඇත. ඇතැම් තැන්වල දී පල්ලව, චෝළ, පාණ්ඩ්‍ය හා වෙනත් විදේශයන්ගේ ගෘහනිර්මාණ ආභාෂයෙන් මෙන් ම විලාශයන්ගෙන් ද සම්මිශ්‍රණය වූ බව පෙනේ.

කොළඹ, ලන්දේසි බලකොටුව හා එහි අවශේෂ

ක්‍රිෂේන් ‌මෙන්ඩිස් ඇම්ස්ටර්ඩෑම් විශ්ව විද්‍යාලය කොළඹ නැතහොත් කොළොන්තොට, කෝට්ටේ යුගයට පෙර ද පැවතී ඉතිහාසික වරායකි. 15 වැනි සියවසේ සිට කෝට්ටේ...

මාතර, රත්මලේ දෙ මහල් අම්බලම

බැරගම සද්ධානන්ද හිමි ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ දික්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රත්මලේ...

රුවන්වැලි සෑයෙහි වාස්තු විද්‍යාත්මක ලක්‍ෂණ

කේ.එච්. තිලිනි දුමින්ද්‍යා පුරාවිද්‍යා නිලධාරි, ආළාහන පරිවෙන ව්‍යාපෘතිය, පොළොන්නරුව. රුවන්වැලි සෑය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා සේම එහි විද්‍යාමානව පවතින ස්තූප අංග නිරීක්‍ෂණය...

පනාවිටිය අම්බලම

"අම්බලම" (Way Side Rest House) හුදෙක් ගැමි සමාජය හා බැදි ගෘහනිර්මාණයක් පමණක් නොවේ. විඩාවට පත් මිනිස් සිත, කය නිවන නවාතැන්පළක් ද වූ බව පුරාණ ජන සාහිත්‍යය අපට දෙස් දෙන්නේ ය. සිංහලේ අවසන් රාජධානි සමය වන මහනුවර යුගයේ දී වර්ධනයට පත්වන දාරුමය ඉදිකිරීම් කලාවෙහි ආරම්භය අපට හඳුනාගත හැකිවන්නේ ප‍්‍රාග් ඓතිහාසික යුගයෙහි පටන්ය. ප‍්‍රාග් ඓතිහාසික මානවයා නිවාස හා බලකොටු නිර්මාණය සඳහා දැව දඬු යෙදුවේ ය

කාර්මික පුරාවිද්‍යාවේ ආරම්භය හා විකාශනය

කේ.එච්. තිලිණි දුමින්ද්‍යා පුරාවිද්‍යා නිලධාරි, කැනීම් අංශය, ආළාහණ පරිවෙන ව්‍යාපෘතිය, පොළොන්නරුව. හැඳින්වීම සංකීර්ණ සමාජ සංකල්පය තුළ බිහි වී ඇති ප‍්‍රධාන අධ්‍යයන ක්ෂේත‍්‍රයක් ලෙස මානව සංස්කෘතිය හැඳින්විය හැකි ය. එහි එක්...

පුරාණ වාස්තු ශ‍්‍රාස්ත‍්‍රයේ කොරවක්ගල් භාවිතය හා විකාශනය පිළිබඳ විමර්ශනයක්: අභයගිරි පුරාවිද්‍යා පරිශ‍්‍රය ඇසුරින්

ඞී.එම්. නිෙරා්ෂා උදයංගනී පර්යේෂණ නිලධාරිණි (පුහුණු වන), මධ්‍යම සංස්කෘතික අරමුදල, අභයගිරි විහාර ව්‍යාපෘතිය, අනුරාධපුරය. dm.niroshaudayangani@gmail.com පුරාණ ශී‍්‍ර ලාංකීක වාස්තු විද්‍යාවේ කොරවක්ගලට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. තිරස් අතට පිහිට...

පැරණි ලක්දිව පාලම් තාක්ෂණය

වර්තමාන ශ්‍රි ලංකාවේ ප්‍රචලිත ව ඇති නුතන පාලම් තාක්ෂණයෙහි මුලාරම්භය සිදු වී ඇතතේ බ්‍රිතාන්‍ය යුගයේ දි ය . බ්‍රිතාන්‍යන්ගේ වැවිලි කර්මාන්ත පදනම් කොටගත් ආර්ථිකයෙහි යටිතල ව්‍යුහය ලෙස වර්ධනය වූ මාර්ග පද්ධතිය හා සම්බන්ධව ආරම්භ වූ පාලම් ඉදිකිරීමේ කටයුතු කෙරෙහි පදනම් වී ඇත්තේ සම කාලීන ව බ්‍රිතාන්‍යයෙහි පැවති පාලම් තාක්ෂණයයි. 1822 දි කැලණි ගඟ හරහා බෝට්ටු පාලමක් ඉදිකීරිමෙන් ආරම්භ වුවත් , බ්‍රිතාන්‍යයන්ගේ පාලම් තාක්ෂණයෙහි මුල් පාලම් ගලින් හා ගඩොලින් කළ ආරුක්කු පාලම් විය. ඉන් අනතුරු ව 1850 ගණන් වල දි යකඩ පාලම් ඉදිකිරීමේ කටයුතු ප්‍රචලිත වු අතර 20 වැනි සියවස මුල් භාගය වන විට කොන්ක්‍රීට් පාලම් ඉදිකීරිමේ කටයුතු ද ආරම්භ විය.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි