ලිපි

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්

මහින්ද, භද්‍රසාල, ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා කරවීමක් එහි අන්තර්ගතය තුළ දක්නා ලැබේ. දෙවැන්න කාල අවකාශීය වශයෙන් ක්‍රි. පූ. දෙවැනි සියවසi  තරම් ඈත අතීතයකට අයත් වූවක් වන අතර වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේii  පර්වත තලයක් මත පිහිටි ගරා වැටුණු ස්තූප ගොඩැල්ලකට ආසන්නයේ කොටවා තිබී සොයා ගන්නා ලද්දකි.

බණ්ඩාරවෙල සංස්කෘතිය: බණ්ඩාරවෙල පල්ලිය කන්ද – ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සංකීර්ණය

ජනප්‍රිය ව්‍යවහාරයේ ‘පල්ලිය කන්ද’ නමින් ප්‍රචලිත මෙම ස්ථානය මෙතෙක් මධ්‍ය කදුකරයේ හඳුනාගෙන ඇති වැදගත්ම ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස...

සිරාන් දැරණියගල: කොදෙව්වක උපන් මහද්වීපයකටත් වඩා විශාල මිනිසා

සිරාන් දැරණියගල විශාල කුශාග්‍ර බුද්ධිමතෙකි, පර්යේෂකයෙකි, අප රටේ ඉතිහාසය, පුරාවිදයාව විප්ලවය වෙනසකට පාත්‍ර කිරීමට ණැනනුවන හා ශ්‍රමය කැපකල පුරෝගාමියෙකි.

ඇමසන් මහ වනය මැදින් සොයාගත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් සහිත සිස්ටන් දෙව්මැදුර

ඇමසන් වනයේ කොලොම්බියා රාජ්‍යට අයත් කොටසේ වනය තුළින්  සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පියැසි සංකීර්ණයක  ඇති ප්‍රාග්ඓතිහාසික...

36. ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල

ඉරණමඩු පස් සැකැස්මේ කරපු පර්යේෂණවලින් ලංකාවේ පුරාශිලා යුගයක් ස්ථිරව තිබුණු බවත් එය වසර 125,000ක් හෝ ඊටත් එහා පරණ වෙන්න පුළුවන් කියලත් තහවුරු වුනා. ලංකාවේ වෙරළබඩ වගේම තෙත් කලාපයේ ගල්ලෙන් හා එළිමහන් ස්ථානවල සිදුකළ අධ්‍යයන මඟින් මධ්‍යශිලා යුගය ගැන පැහැදිලි අදහස් ඉදිරිපත් වුනා.

43. සොරබොර (බදුලු) ටැම් ලිපිය

අකුරුවල හැඩ අනුව මේ ලිපිය ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසේ මැද කාලයට අයිතියි කියලයි පරණවිතාන මැතිතුමා නිශ්චය කරන්නේ. ‘අ’, ‘ඉ’, ‘ක’ හා ‘බ’ වගේ අකුරු විවිධ හැඩයෙන් යුතු වීමත් විශේෂයක්. එකම ලිපියේ එකම අකුරු එක එක විදිහට.

42. පුරාණ පංසල් සුරැකීම ගැන අදහසක්

ලංකාවේ හිටිය රජවරු දානපතියන් වෙහෙරවිහාර හැදුවේ වදින්නපුදන්න. එය නිවනට මඟක් කරගන්න. අපේ සම්ප්‍රදාය වුනේ විනාශ වුණු, වෙහෙරවිහාර පිළිම ආදිය කටුකොහොල් ඇරල පෙර තිබූ තත්ත්වයට පත් කරන එක. මේ ගැන උදාහරණ සියගණනක් අපේ වංශකතාවල තියෙනවා.

41. මිහින්තලේ, සිංහ පොකුණ

සිංහ පොකුණට පිවිසෙන තැන හුනුගලකින් හදපු කැටයම් නැති සඳකඩපහණක් දැකගන්න පුළුවන්. එ වගේම පොකුණ ඉදිරියේ විෂ්කම්භය අඩියක් පමණ වන ඇඹරුම් ගලක් ද දැකගන්න පුලුවන්. මෙතැන නාන අයට අවශ්‍ය ආලේපන ඇඹරීම සඳහා මෙය යොදාගන්න ඇති.

40. අනුරාධපුර යුගයේ විහාර සම්ප්‍රදා

වචනයෙන් කියැවෙන ආකාරයටම මේ ගොඩාක් විට විශාල පරිමාණයේ විහාර. පැරණිම කාලේ ජනප්‍රිය වුණු විහාර සම්ප්‍රදායක් මේක. මේ විහාර සම්ප්‍රදායේ මූලිකත්වය ලැබෙන්නේ ස්තූපයට. ස්තූපය මැදි කරගෙන තමයි අනෙකුත් නිර්මාණ තියෙන්නේ.

39. අම්පාර, රජගල සෙල්ලිපියක්

ඉන්දියාවේ හිටිය මෞර්ය වංශයේ බලවත්ම පාලකයා වුණු දෙවානම් ප්‍රියදර්ශි අසෝක අධිරාජයයා තුන්වැනි ධර්ම සංඝායනාවෙන් පසුව, ගිහි කල තමන්ගේ පුතණුවන් වූ මහා මහින්ද තරුන් වහන්සේ හා ඉත්තිය, උත්තිය, සම්බල, බද්ධසාල හා බණ්ඩුක උපාසක නම් පිරිස අපේ දිවයිනට එවනවා දහම් පනිවිඩය අරන්.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි