ලිපි

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්

මහින්ද, භද්‍රසාල, ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා කරවීමක් එහි අන්තර්ගතය තුළ දක්නා ලැබේ. දෙවැන්න කාල අවකාශීය වශයෙන් ක්‍රි. පූ. දෙවැනි සියවසi  තරම් ඈත අතීතයකට අයත් වූවක් වන අතර වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේii  පර්වත තලයක් මත පිහිටි ගරා වැටුණු ස්තූප ගොඩැල්ලකට ආසන්නයේ කොටවා තිබී සොයා ගන්නා ලද්දකි.

බණ්ඩාරවෙල සංස්කෘතිය: බණ්ඩාරවෙල පල්ලිය කන්ද – ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සංකීර්ණය

ජනප්‍රිය ව්‍යවහාරයේ ‘පල්ලිය කන්ද’ නමින් ප්‍රචලිත මෙම ස්ථානය මෙතෙක් මධ්‍ය කදුකරයේ හඳුනාගෙන ඇති වැදගත්ම ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස...

සිරාන් දැරණියගල: කොදෙව්වක උපන් මහද්වීපයකටත් වඩා විශාල මිනිසා

සිරාන් දැරණියගල විශාල කුශාග්‍ර බුද්ධිමතෙකි, පර්යේෂකයෙකි, අප රටේ ඉතිහාසය, පුරාවිදයාව විප්ලවය වෙනසකට පාත්‍ර කිරීමට ණැනනුවන හා ශ්‍රමය කැපකල පුරෝගාමියෙකි.

ඇමසන් මහ වනය මැදින් සොයාගත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් සහිත සිස්ටන් දෙව්මැදුර

ඇමසන් වනයේ කොලොම්බියා රාජ්‍යට අයත් කොටසේ වනය තුළින්  සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පියැසි සංකීර්ණයක  ඇති ප්‍රාග්ඓතිහාසික...

ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික අවධියේ ඛනිජ සම්පත් පරිහරණය

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ විවිධ කාල පරාසවල මානව ජනාවාසකරණය සම්බන්ධයෙන් ඉතා වැදගත් වූ භුමි ප‍්‍රදේශයක් ලෙස ඌව පලාත හැදින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කරන ලද ගිහිපැවිදි විද්වත්හු ශ‍්‍රී ලංකාද්වීපයේ ආදිතම මානව ජනාවාස වීම් සම්බන්ධව ඉතිහාසයේ වැදගත් භූමි ප‍්‍රදේශ ලෙස සළකනු ලැබ ඇත්තේ උතුරු මැද පලාත මුල් කරගත් අනුරාධපුරය හා මාගම මුල් කරගත් තිස්සමහාරාමය ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශ වේ. එම නිසා ශ‍්‍රී ලංකාවේ ආදිතම ඉතිහාසයට අයත් මධ්‍යම කඳුකරය හා ඌව පලාත තුළ වූ ආදිතම ජන පැළපදියම් වීම් හා එහි සම්පත් පරිහරණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ඉතිහාසය ලියා ඇති ඉපැරණි මූලාශ‍්‍රය ග‍්‍රන්ථ තුළ තොරතුරු අන්තර්ගත වන්නේ මද වශයෙන් නිසා මෙම භූමි ප‍්‍රදේශයේ ආදිතම ඉතිහාසයට අයත් තොරතුරු ආන්තිකකරණයකට ලක්වී තිබේ. විශේෂ භූ රූපණයක් සහිත මධ්‍යම කඳුකරයේ කොටසකට හා අන්තර් මධ්‍යම මෙන්ම වියළි කලාපයට අයත්ව ඌව පලාත පිහිටා තිබේ. මෙම පලාතට අයත් ප‍්‍රධාන දිස්ත‍්‍රික්ක වන්නේ බදුල්ල හා මොනරාගල දිස්ත‍්‍රික්කයන්ය. ඌව පලාත තුළ මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව මෙම ප‍්‍රදේශවල මුල් ජන පැලපදියම් වීම් හා සම්පත් පරිහරණ ක‍්‍රියාවලියට අදාළ පුරාවිද්‍යා සාධක උතුරු මැද පලාතට වඩා බොහෝ පැරණි වන බව හඳුනාගෙන තිබේ. මෙම රචනය තුළින් සාකච්ඡාවට බඳුන් වන්නේ ඌව පලාතේ ප‍්‍රාග්, පූර්ව හා මුල් ඓතිහාසික සංස්කෘතික අවධිවල සිදු වූ මායව ජනාවාසකරණය හා ඛනිජ සම්පත් පරිහරණයේ ඉතිහාසය පිළිබඳවය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 12 : ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ අසම්පූර්ණ සටහනක්…

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳ උනන්දු අයගේ විශේෂ අවධානයට පාත‍්‍ර වී ඇති යුගයකි, ගල් යුගයේ මෑතම කාලපරිච්ඡේදය වන නවශිලා යුගය. මානව පරිණාම ගමන් මාර්ගයේ තවත් එක් විශේෂ යුගයක් වන මෙය අලුත් ගල් යුගය යන අරුත ගෙන එන අයුරින් නවශිලා හෙවත් නියෝලිතික කාලපරිච්ඡේදය (Neolithic Period) යනුවෙන් නම්කර ඇත. 'නියෝ' (Neo) යන්නෙන් නව හෙවත් අලුත් (New) යන්නත් 'ලිතික්' (Lithic) යන්නෙන් ගල් (Stone) යන්නත් අදහස් කර ඇත. ශබ්දකෝෂ හා විශ්වකෝෂයන්ගේ මෙම වචනය පිළිබඳ පරික්ෂා කිරීමේ දී හඳුනාගත හැක්කේ මානව පරිණාමයේ හමුවන ශිලා තාක්ෂණික යුගයේ අවසාන කාලපරිච්ඡේදය මෙම යෙදුමෙන් පැහැදිලි වන බවයි. ලංකාවේ දී නවශිලා යුගය, නියෝලිතික යුගය හා අලුත් ගල් යුගය වැනි විවිධ යෙදුම්වලින් මෙම කාලපරිච්ඡේදය හඳුන්වන බව දැකගත හැකි වේ.

උරුම කළමනාකරණය : 2. සම්ප්‍රදායෙන් විද්‍යාත්මක ප්‍රවේශයට : යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත අවධි තුළ අර්බුධයට ලක්වන උරුම සංරක්ෂණයේ තිරසාරබව

ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණය සම්බන්ධයෙන් සිදුවන හඳුන්වාදීම් හරහා සිදුවන පරිවර්ථනයක් අප විසින් තේරුම් ගත යුත්තේ ඊට පූර්ව අවධීන්ට සාපේක්ෂවය. එහි දී පූර්ව යටත් විජිත අවධිය තුළ දේශීය අනන්‍යයතාවන් මත පදනම් වූ සාම්ප්‍රදායික සංරක්ෂණ ප්‍රවේශයක් තුළ දේශීය උරුම ස්ථානයන්ගේ තිරසාරබව තහවුරු වූ අතර යටත් විජිත අවධිය තුළ සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් විද්‍යාත්මක අවශ්‍යතාවන් අරමුණු කරගත් වෘත්තීමය ආයතනමය ප්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනාගත හැකි අතර එය දේශීය ප්‍රජා විරෝධතාවන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනාගත හැකි අතර එය දේශීය ප්‍රජා විරෝධතාවන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප්‍රවේශයක් වෙත දෝළනය වීම තුළ දේශීය ආගමික ප්‍රජා අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වීම වර්තමානයේ උරුමය හා සම්බන්ධ අර්බුධ රැසකට හේතු වී ඇත.

පොළොන්නරුව, ගල් විහාරයේ ප‍්‍රතිමා

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගල් විහාරය නමැති උත්කෘෂ්ඨ මනරම් බුද්ධ ප‍්‍රතිමා පන්තියකින් සමන්විත සිද්ධස්ථානය බිහි විය. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්ථය සහිත 'උත්තරාරාමය' යන නමින් හඳුන්වා ඇත. විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් පසු කාලයේ මෙම සිද්ධස්ථාන 'ගල් විහාරය' යන නමින් මහජනතාව අතර ප‍්‍රචලිත වන්නට ඇති බව මහැඳුරු ආරිය ලගමුවගේ අදහසයි (ලගමුව 1999:142). මහාවංසයේ මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකර වූ බව පැහැදිලිව සඳහන්ව ඇත.

උරුම කළමනාකරණය : 1. සංකල්පමය ප‍්‍රවේශයක්

විශේෂ සංකල්ප වන උරුමය, උරුමය සංරක්ෂණය සහ කළමනාකරණය, සංචාරක ව්‍යාපාරය ආදී මාතෘකා පිළිබඳව මෙන් ම එම සංකල්පවල අෙන්‍යා්න්‍ය අවියෝජනීය සබඳතාව හා විඝටනාත්මක තත්වයන් සාකච්ඡා කෙරේ. උරුම සංකල්පය අතීත, වර්තමාන සහ අනාගතය සම්බන්ධ වන්නා වූ ගතික සංකල්පයක් මෙන් ම කි‍්‍රයාවලියකි. උරුමය ස්වාභාවික මෙන් ම සංස්කෘතික වශයෙන් ස්පර්ශනීය මෙන් ම අස්පර්ශනීය ගති ලක්ෂණයන්ගෙන් ද සමන්විත වේ. උරුමයන් විවිධ සන්දර්භයන්හි දී විවිධ වූ අනන්‍යතා ප‍්‍රකට කරන අතර උරුමයකට ලඟා කර ගත හැකි ඉහළම අනන්‍යතාව වන්නේ ජගත් උරුම අනන්‍යතාවයි.

මහනුවර, නාගරික උරුම සංරක්ෂණය හා ප‍්‍රජා සහභාගීත්වය

උරුම සංරක්ෂණය බහුවිධ පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීමෙන් සිදු වන කි‍්‍රයාදාමයක් වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් උරුම ක්ෂේත‍්‍රය තුළ සහ හාත්පස ජීවත් වන ප‍්‍රදේශීය ප‍්‍රජාව නො සලකා හැරීමේ හෝ ප‍්‍රතිලාභ අහිමි වීමේ තත්වයකට මුහුණ පෑමට සිදු වී ඇත. උරුම කළමනාකරුවන් හා සැලසුම්කරුවන් මුහුණ දී ඇති ප‍්‍රබල අභියෝගයක් වන්නේ උරුම සම්පත් සංරක්ෂණය සහ ප‍්‍රජා යහසාධනය අතර තුලනයක් ඇති කිරීම ය. දියුණු වෙමින් පවතින රටවල උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණයේ දී සහ සංවර්ධනයේ දී පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම හා සහයෝගය ප‍්‍රවර්ධනය කිරීම සඳහා විවිධ කි‍්‍රයාමාර්ග ගෙන ඇති අතර සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇත්තේ ඉන් අතළොස්සක් පමණි.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි