ලිපි

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්

මහින්ද, භද්‍රසාල, ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා කරවීමක් එහි අන්තර්ගතය තුළ දක්නා ලැබේ. දෙවැන්න කාල අවකාශීය වශයෙන් ක්‍රි. පූ. දෙවැනි සියවසi  තරම් ඈත අතීතයකට අයත් වූවක් වන අතර වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේii  පර්වත තලයක් මත පිහිටි ගරා වැටුණු ස්තූප ගොඩැල්ලකට ආසන්නයේ කොටවා තිබී සොයා ගන්නා ලද්දකි.

බණ්ඩාරවෙල සංස්කෘතිය: බණ්ඩාරවෙල පල්ලිය කන්ද – ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සංකීර්ණය

ජනප්‍රිය ව්‍යවහාරයේ ‘පල්ලිය කන්ද’ නමින් ප්‍රචලිත මෙම ස්ථානය මෙතෙක් මධ්‍ය කදුකරයේ හඳුනාගෙන ඇති වැදගත්ම ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස...

සිරාන් දැරණියගල: කොදෙව්වක උපන් මහද්වීපයකටත් වඩා විශාල මිනිසා

සිරාන් දැරණියගල විශාල කුශාග්‍ර බුද්ධිමතෙකි, පර්යේෂකයෙකි, අප රටේ ඉතිහාසය, පුරාවිදයාව විප්ලවය වෙනසකට පාත්‍ර කිරීමට ණැනනුවන හා ශ්‍රමය කැපකල පුරෝගාමියෙකි.

ඇමසන් මහ වනය මැදින් සොයාගත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් සහිත සිස්ටන් දෙව්මැදුර

ඇමසන් වනයේ කොලොම්බියා රාජ්‍යට අයත් කොටසේ වනය තුළින්  සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පියැසි සංකීර්ණයක  ඇති ප්‍රාග්ඓතිහාසික...

මහාථූප නාමකරණයේ විවිධත්වය කාල අවකාශීය පරිණාමය තුළ සලකා බැලීමක්….

හැඳින්වීම: බෞද්ධ ස්තූපකරණයට අදාළ ලාංකේය අත්දැකීම් වඩාත් විශ්වසනීය ලෙස ක්‍රි. පූ. තුන්වන සියවස දක්වා පසුපසට ගෙන යා හැකි බව ප්‍රකට කරුණකි. එතැන් සිට වර්තමානය දක්වා...

උතුරු මැද පලාතේ ස්ථාන කිහිපයකින් අප්‍රකාශිත ශිලාලේඛන සොයා ගැනේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි, මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන් උතුරු මැද පලාතේ සිදු කරන ලද කේෂත්‍ර නිරීක්ෂණකයදී අප්‍රකාශිත ශිලා ලිපි කිහිපයක් සොයා ගෙන ඇත.

කන්දේ යකාටත් බයනැති කොරෝනා යකාගෙන් වන්නිලඇත්තන්ටද බේරුමක් නැත

මේවන විට දඹාන ඇතුලු ඌව බිම්තැන්නෙත්, දානිගල, හේනබැද්ද, නිල්ගල රතුගල සහ සීතල වන්නියේත් දිවිගෙවන මොරානේ, උණාපනේ, නැබුදන්, අබල, තල මෙන්ම ඌරුවරිගේ වරිග පරම්පරාවල වන්නිල ඇත්තන්ට ද මේවන විට ගෝලියව පැතිරෙමින් පවතින කෝවිඩ් වසංගතයෙන් ගැලවීමට නොහැකි වී ඇත.

වසංගත පිළිබඳ පුරාවිද්‍යාව

ඉතිහාසය පුරා පැවති වසංගත පිලිබඳ පුරාවිදයා වාර්තා වලින් හෙලිකරණ කරුණු ඒවාට මානවයන් මුහුණ දුන් ආකාරය කතුවරුන් Charlotte Roberts (Professor of Archaeology, Durham University) Gabriel D. Wrobel (Associate...

ශිෂ්ටාචාරය වෙනුවෙන් දිවි පිදූ විරුවා: කාලිද් අල් අසාද්

2015 අගෝස්තු 18 වන  දින ඝාතනයට ලක් කරන ලද අප කතා නායකයා වන  කාලිද් අල් අසාද් නම් පුරාවිද්‍යාඥයා, ශ්‍රේෂ්ඨ මිනිසා, එලෙස දිවිදුන් ශ්‍රේෂඨයන් අතරින් එක් අයෙකි. ඝාතනයට ලක්වන විට අසූතුන් වියැතිව සිටි ඔහු, අයිසිස්( ISIS) සටන්කාමීන්ගෙන් ම්ලේච්ඡ භාවිතයෙන් බෙහෙවින් වෙනස්ව බටහිර ලෝකය තුළ සිටි වියත් ප්‍රජාවගේ ගෞරවාදාරයට ලක්වූ සිරියානු ඉතිහාසය හා පුරාවිද්‍යාව පිලිබඳ විෂය ප්‍රාමාණිකයෙකුව සිටියේය.

දෙමළ බ්‍රාහ්මී යනු කුමක් ද?

මෑතක දී දෙමළ දේශපාලඥයෙකු විසින් කළ ප්‍රකාශයක් නිසා සිංහල ජනතාව අතර කැළඹීමක් ඇති විය. දෙමළ දේශපාලකයන් ඇතැම් අදහස් ප්‍රකාශකරන්නේ සත්‍ය බවට ඔවුන් විශ්වාසකරන, වැරදි බවට ඔප්පුකර නැති, මෑතදී සොයාගත් පුරාවිද්‍යාත්මක සාධක මත ය. එසේ හෙයින් ඒ පිළිබඳ ව වංශකතා අනුව ඉදිරිපත් කරන අදහස් වලින් ඒවා විඛණ්ඩනය කළ නොහැකි ය. ඒ අදහස්වලට විරුද්ධව මතයක් ඉදිරිපත් කළ හැක්කේ එම නව පුරාවිද්‍යාත්මක සාධක ගැන අධ්‍යනයකින් පසුව පමණක් බව සැලකීම වැදගත් ය.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි