ප්‍රග් ඉතිහාසය පාඩම් මාලාව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 12 : ශ‍්‍රී ලංකාවේ නවශිලා යුගය පිළිබඳ අසම්පූර්ණ සටහනක්…

ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික අවධිය පිළිබඳ සාකච්ඡාවේ දී ඒ පිළිබඳ උනන්දු අයගේ විශේෂ අවධානයට පාත‍්‍ර වී ඇති යුගයකි, ගල් යුගයේ මෑතම කාලපරිච්ඡේදය වන නවශිලා යුගය. මානව පරිණාම ගමන් මාර්ගයේ තවත් එක් විශේෂ යුගයක් වන මෙය අලුත් ගල් යුගය යන අරුත ගෙන එන අයුරින් නවශිලා හෙවත් නියෝලිතික කාලපරිච්ඡේදය (Neolithic Period) යනුවෙන් නම්කර ඇත. 'නියෝ' (Neo) යන්නෙන් නව හෙවත් අලුත් (New) යන්නත් 'ලිතික්' (Lithic) යන්නෙන් ගල් (Stone) යන්නත් අදහස් කර ඇත. ශබ්දකෝෂ හා විශ්වකෝෂයන්ගේ මෙම වචනය පිළිබඳ පරික්ෂා කිරීමේ දී හඳුනාගත හැක්කේ මානව පරිණාමයේ හමුවන ශිලා තාක්ෂණික යුගයේ අවසාන කාලපරිච්ඡේදය මෙම යෙදුමෙන් පැහැදිලි වන බවයි. ලංකාවේ දී නවශිලා යුගය, නියෝලිතික යුගය හා අලුත් ගල් යුගය වැනි විවිධ යෙදුම්වලින් මෙම කාලපරිච්ඡේදය හඳුන්වන බව දැකගත හැකි වේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 11 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය III/III – කලාව හා භෞතික මානවවිද්‍යාව

මානවයා විසින් ප‍්‍රධාන වශයෙන් වින්දනය අරමුණු කරමින් කලාව පිළිබඳ ආකල්පය ඇති කරගන්නා අතර මානවයාගේ මනසේ ඇතිවන්නා වූ සංවර්ධනයේ ඵලයක් වශයෙන් ද කලාව කෙරෙහි ආශක්ත වීමට අවස්ථාව ඇතිකර ගනී. ගෝලීය මට්ටමින් සලකා බැලූ විට මානවයා ඉහළ පුරාශිලා යුගයේ අත්කරගන්නා මානසික ප‍්‍රගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් කලාකෘති නිර්මාණය කරන බව පුරාවිද්‍යාඥයින් හා කලා ඉතිහාසඥයින් විසින් හඳුනාගනු ලැබ ඇත. ලොක් ප‍්‍රකට දකුණු ප‍්‍රංශයේ ලැස්කෝස් ගුහා (අදින් වසර 20,000 පමණ) හා උතුරු ස්පාඤ්ඤයේ ඇල්ටමීරා ගුහාවන්හි (ක‍්‍රිස්තු පූර්ව 34,000-12,000) ඇතුළු භිත්ති මත සටහන් කර ඇති සත්ව රූ මේ සම්බන්ධයෙන් ඇති ලෝ ප‍්‍රකට සිතුවම් අතර පවතී. ඊට අමතරව ලෝකයේ විවිධ පුරාවිද්‍යා කැනීම් තුළින් අනාවරණය වී ඇති පැස්බර බිත්තර කටුවල සටහන් කර ඇති සැරසිලි සටහන් මෙන් ම මැටියෙන් සකස් කළ මවුදෙවඟන නිරූපණය වේ යැයි සැලකෙන කාන්තා ස්වරූපි රූ කම් ද ඉහළ පුරාශිලා යුගයේ මානවයාගේ කලාත්මක චින්තනය ප‍්‍රකට කරන නිදර්ශක අතර පවතී. මේ නිර්මාණ කාලනීර්ණ වශයෙන් සලකා බැලූ විට ලංකාවේ මධ්‍යශිලා යුගය හා සැසදෙන 35,000-20,000ක් පමණ කාලයට ගමන් ගන්නා බව ද පෙනී යයි.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 10 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය II/III – ජීවනෝපාය, හුවමාරුව, ජනාවාස, අභිචාර හා වාස්තුවිද්‍යාව

මෙම සියලුම දත්ත විග‍්‍රහ කර බැලීමේ දී ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා මානවයාට තම ආහාරය වශයෙන් සමබර ආහාර වේලක් ලැබීමට ඇති බව උපකල්පණය කළ හැකි ය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 9 : ශ‍්‍රී ලංකාවේ මධ්‍යශිලා/ක්‍ෂුද්‍රශිලා යුගය – හැඳින්වීම, ක්‍ෂේත‍්‍ර, කාලනීර්ණය, පරිසරය හා තාක්‍ෂණය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. හැඳින්වීම මානව අතීතය අධ්‍යයනය කිරීමේ දි හමුවන...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 8 : රත්නපුර ශිලා කර්මාන්තය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. chandimaambanwala@yahoo.com හැඳින්වීම ශ‍්‍රී ලාංකේය මානවයාගේ අතීත සංස්කෘතිය හා...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 7 : රත්නපුර, ප්ලයිස්ටෝසීන සත්ත්ව හා ශාක සංහතිය

අදින් වසර මිලියන ගණනාවකට පෙර ආරම්භ වී දිගු කාලයක් තිස්සේ ක‍්‍රියාත්මක වූ විශේෂ ලක්ෂණ සහිත කාලපරිච්ෙඡ්දයක් නොහොත් භූ විද්‍යාත්මක අවධියක් වශයෙන් ප්ලයිස්ටොසීන (Pleistocene) අවධිය දළ වශයෙන් හඳුනාගත හැකි වේ. ප්ලයිස්ටෝසීන අවධියේ දී පෘතුවියේ සැලකිය යුතු ප‍්‍රමාණයක් හිමෙන් ආවරණය වී පැවති අතර ම වඩා ශිත දේශගුණ තත්ත්වයක් පැවති බව අනාවරණය කරගෙන ඇත.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 6 : පුරාශිලා යුගය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. පුරාශිලා යන වචනයෙන් හැඟවෙන ආකාරයෙන් ම මෙ මගින් කියැවෙන්නේ පැරණි ශිලා යුගය (old stone...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 5 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ නූතන අවධිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, සාමාජීය විද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේණ අතීතය පිළිබඳ ව...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 4 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ අතරමැදි අවධිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන් ගේ අතීතයේ පවත්නා ගුණාත්මක ලක්ෂණ අනුව අවස්ථා...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 3 : ප‍්‍රාග් ඓතිහාසික පර්යේෂණයන්ගේ ආරම්භක අවධිය

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. පිවිසුම යම්කිසි විෂයක් අධ්‍යයනය කිරීමේ දී විවිධ ආකාරයෙන් නැතිනම් විවිධ ප‍්‍රවේෂ (approaches) ඔස්සේ...

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග් ඉතිහාසය 2 : භූ විද්‍යාත්මක හා භූ ගෝල විද්‍යාත්මක පසුබිම

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. පුරාවිද්‍යාව වනාහි බහු විෂයාත්මක හා අන්තර් විෂයාත්මක විෂයන් වශයෙන් සලකනු ලැබේ. ස්වාභාවික විද්‍යාවන් හා...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි