අදහස් හා මතිමතාන්තර

පුරාවිද්‍යාව පිළිබඳ කෙටි හැඳින්වීමක්

චන්දිම බණ්ඩාර අඹන්වල පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. හැඳින්වීම වත්මන් ලෝකයේ වර්ධිත න්‍යායවාදි මූලාංග හා ප‍්‍රායෝගික ක‍්‍රමවේදයන්ගේ අත්දැකීම් මඟින් ශීඝ‍්‍ර වර්ධනයක් අත් කරගත් විෂයකි, පුරාවිද්‍යාව. සරළ...

පුරාවිදු උරුමය, නිධානය හා ජන සමාජය

විශ්ව සම්භවය මෙන් ම මානව පරිණාමය පිළිබඳ කරනු ලබන අධ්‍යයනයන්හි දී ප‍්‍රස්තූත විෂයෙහි උපයෝගීතාව අතිශය තීරණාත්මක ය. පුරාවිද්‍යා විෂය වූ කලී අතීතය පිළිබඳව කරනු ලබන සොයා බැලීම්, විශ්ලේෂණයන්, විග‍්‍රහයන් මෙන් ම අතීත උරුම කරුවන්ගේ ජීවන ශෛලීය තේරුම් ගැනීමත් ප‍්‍රමුඛ කාර්යයන් ලෙස හඳුන්වාලිය හැකි ය. ලෝක සම්භවයේ මූලාරම්භය පිළිබඳ හැඳිනීම දේවවාදී සංකල්ප මත ගොඩනැගුණු වග පරිණාමවාදී සංකල්ප ලෙස විමසිලිමත් වන විට පැහැදිලි ව පෙනෙන කරුණකි. චාල්ස් ඩාවින්ට පෙර මානව විද්‍යා චින්තකයන් දෙවියන් වහන්සේ විසින් මිනිසා මැවීම පීළිබඳ හාස්කම ගැන පුරාවෘත්තයන් ඈත අතීතයේ සිට ම නොයෙකුත් මිනිසුන් අතර පැවතිණි. සොභාවික සමාජ හා ආර්ථික පරිසර මෙම පුරාවෘත්ත බිහිකළ අය මත බල පෑ ආකාරය ඒ තුළින් පැහැදිලි කරගත හැකි ය. දෙවියන් වහන්සේ විසින් රතු මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ, අමරණිය ආත්මයක් ඇතුළු කළ සැටි බයිබලය කියයි.1 මැවුම්වාදී සංකල්ප අභියෝගයන්ට ලක් කරමින් විශ්ව සම්භවය මෙන් ම මානව පරිනාමය ඇතුළු අතීත අධ්‍යයනය හා ප‍්‍රතිකල්පිත ගොඩනැංවීම දක්වා වූ කි‍්‍රයාවලිය පුරාවිද්‍යාවේ හා පුරාවිදුවාගේ විෂයාන්ති‍්‍රක මූලික අරමුණු ලෙස පෙන්වා දිය හැකි ය.

අනුරාධපුරයේ තිසාවැව ආසන්නයේ පිහිටි පැරණි වෙස්සගිරිය

ශකිල රාජකරුණා මහින්දාගමනයත් සමඟ ව්‍යාප්තව යන ලක්දිව බෞද්ධ පුනර්ජීවනය රාජ්‍යත්වයේ පටන් ලාංකික ජන සමාජයේ සෑම ස්ථරයක් කෙරෙහිම අතිශය ප්‍රබල...

අනුරාධපුර, පන්කුලිය (අශෝකාරාමය) බුද්ධ ප‍්‍රතිමා වහන්සේ හා මහායාන දර්ශනය

ශ‍්‍රී ලාංකේය මානව ශිෂ්ටාචාරයේ ආරම්භය අදින් වසර 125,000 දක්වා දිව යන බව ආචාර්ය සිරාන් දැරණියගල සඳහන් කරයි. එහෙත් මෙරට සංස්කෘතිය ක‍්‍රමවත් ආකාරයෙන් සකස් වීම ආරම්භ වන්නේ ක‍්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ දී දේවානම්පිය තිස්ස (ක‍්‍රි.පූ. 250-210) රාජ්‍ය සමයේ සිදුවන මහින්දාගමනයත් සමඟ බව පිළිගැනීම වේ. පසුව මහාවිහාරය කේන්ද්‍රගත වෙමින් ශ‍්‍රී ලාංකේය භික්ෂු සංස්කෘතියත් ඒ හා බැදුණු මානව සංස්කෘතියෙත් විකාශනය සිදු විය. ඒ අනුව අනුරාධපුර මහාවිහාරය කේන්ද්‍ර ගත වෙමින් විහාර ආරාම නිර්මාණය වීම සිදු වී ඇත. සියවස් තුනක් පමණ අඛණ්ඩ ලෙස ගලා ආ භික්ෂු පරපුර වට්ටගාමිණි අභය (ක‍්‍රි.ව. 87-76) රාජ්‍ය සමයේ දි මහාවිහාරය සමඟ ගැටුම් ඇතිවන අතර මහායානික අදහස් ලාංකේය සමාජය තුළ ව්‍යාප්ත වන අතර (මව. xxxvii, ගාථා:1-16) මහාවිහාරය, අභයගිරිය වෙනම නිකායන් වශයෙන් ථේරවාද, මහායාන ලෙස බෙදී යන අතර විහාර ආරාම දෙක පදනම්ව අනු ආයතන ගණනාවක් බිහිවීම දැකගත හැකි ය. 6 වැනි සියවස වන විට ලාංකේය භික්ෂු සංවිධානයේ ප‍්‍රධානම ලක්ෂණය වූයේ ද මහාවිහරය, අභයගිරිය හා ඡේතවනාරාමය ලෙස විහාර තුනෙහි නායකත්වය යටතේ නිකාය නමින් වෙන වෙනම කණ්ඩායම් වලට සකස් ව පැවතිමයි (ගුණවර්ධන, 1993:7). 5 වැනි සියවසට අයත් වන බොහෝ අභිලේඛන හා සාහිත්‍ය මුලාශ‍්‍ර හි දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවතින විහාරස්ථාන හැඳින්වීමේ දී මෙම ප‍්‍රධාන නිකායන් තුනෙන් එකකට අයත් බව දැක්වීමට කටයුතු කර ඇති බව හඳුනාගත හැකි ය. මෙහි දී වර්ථමානයේ පන්කුලිය අශෝකාරාමය ලෙස හැඳින්වෙන පබ්බතාරාම ගණයට වැටෙන විහාරය පිළිබඳවත් එහි විශේෂ බුද්ධ ප‍්‍රතිමා වහන්සේ පිළිබඳවත් විමසීමට ලක්කරනු ලැබේ.

ශ‍්‍රී ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත (Digital) ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාව හා එසේ වාර්තා කිරීම සඳහා යෝජිත ආකෘතියක්

අනුරාධ පියදාස, චන්දිම බණ්ඩාර අඹන්වල, මහින්ද කරුණාරත්න archaeology.lk සම ප‍්‍රාරම්භක හා කණ්ඩායම් සාමාජික අධ්‍යයන සංක්‍ෂිප්තය අදින් වසර 125,000ක් දක්වා ඈතට ගමන්...

ජාතික පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා විශ්වවිද්‍යාලයීය දායකත්වය

ඩී.එම්. දුමින්ද ලක්සිරි කුමාර පර්යේෂණ නිළධාරී (පුහුණුවන) අභයගිරි විහාර ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, අනුරාධපුරය. laksirimax007@gmail.com  ග‍්‍රීක භාෂාවේ Archaios නම් වචනයෙන් පැරණි යන අර්ථය ද Logos නම් වචනයෙන්...

බුදුහාමුදුරුවෝ යක්‍ෂයින් ගිරි දිවයිනට පලවා හැරිය ද?

එච්. ජී. දයාසිසිර මානවවිද්‍යා පර්යේෂණ සම්බන්ධීකාරක බුදුහාමුදුරුවෝ බිම්තැන්නට වැඩල එහි සිටි යක්‍ෂයින් ගිරි දිවයිනට පලවා හැරිය බව වංශකතාකරුවන් කියනවා. “බුද්දිලා ඇත්තෝ සාසන පෝරු ගං පොජ්ජට මං ගච්චන...

පුරාතන ලාංකේය උරුම සංරක්‍ෂණ සංකල්පය: පෙර’පර දෙ දිග නූතන සංස්කෘතික උරුම සංරක්‍ෂණ සංකල්පය හා ක‍්‍රියාදාමය පිළිබඳ ජාතිකවාදි දැක්මක්

චන්දිම බණ්ඩාර අඹන්වල බාහිර කථිකාචාර්ය, සාමාජීය විද්‍යා හා මානවශාස්ත‍්‍ර පීඨය, ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ. chandimaambanwala@yahoo.com මහින්ද කරුණාරත්න බාහිර කථිකාචාර්ය, සාමාජීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශය, බුද්ධශ‍්‍රාවක භික්‍ෂු...

බැලූමෝ සිහිගිරි : සෙනරත් පරණවිතාන 114 වන ජන්ම දින අනුස්මරණ දේශනය

විනී විතාරණ සම්මාණිත මහාචාර්ය, රුහුණු විශ්වවිද්‍යාලය, මාතර. ගරු ඇමතිතුමාණන්ගෙන් අවසරයි, සියලු විද්වත් පිරිසගෙන් අවසරයි පරණවිතාන දේශනයක් මේ අවස්ථාවේ දි කිරිමට මට ආරාධනා කළ සංස්කෘතික ලේකම් විජේතුංග මහතාට...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි