27.7 C
Colombo
Thursday, October 29, 2020

13. මිහින්තලේ අසළ පිහිටි මහකනදරාව ගල් පාලම

Must read

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.

IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය

මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.
Avatar
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.
මෙතෙක් අපි කතා නොකරපු ආකාරයේ දෙයක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ ලංකාවේ මාර්ග පරිවරණය පිළිබඳ දෙස් දෙන, තාක්‍ෂණය හා නිර්මාණ කෞෂල්‍යයත් නිරූපණය කරන අනර්ඝ නිර්මාණයක් වන ගල් පාලමක් ගැනයි.
මිහින්තලේ ඓතිහාසික පුරවරයට එන අයෙකුට එන කුඩා නගරයේ සිට දකුණු පසට ගමන් ගන්නා ත‍්‍රිකුණාමලේ පාරේ කිලෝමීටරක් පමණ වූ කෙටි දුරක් ගියවිට මහකනදරාව වැව දෙසට ගමන් කරන මාවත හමු වේ. ඒ පාරේ ගමන් කර මහකනදරාව, ඓතිහාසික ගලේ පංසල පසු කර කෙටි දුරක් ඉදිරියට ගමන් කළ විට මහකනදරාව ඓතිහාසික ගල් පාලම අසලට එන්න පුළුවන්.
මේ ගල්පාලම මීට ගොඩාක් කාලයකට කලින් පුරවිද්‍යා දෙපාර්තමේන්තුම මඟින් හොයලබලල ඒ ගැන ලියලකියල තියෙනවා. ඒ විතරක් නම් මදෑ, මහන්සි වෙලා සල්ලි වියදම් කරල තහවුරු කරලත් තියෙන්නේ. මේ වගේ වැදගත් හුදකලා පැරණි නිර්මාණ බලන්න කෙනෙක් එන්නේ බොහොම කලාතුරකින්. අනුරාධපුරේට එහෙම නැත්නම් මිහින්තලේට අවුරුද්දකට දසදහස් ගණනක පිරිසක් ආවත් මේ ගල් පාලම බලන්න නම් එන්නේ බොහොම සුළු පිරිසක්. මේව බලන්න එනවනම් ඒවායේ ආරක්‍ෂාවත් වැඩි වෙනවා, ඒවා ගැන තියෙන අවධානයත් වැඩි වෙනව කියන එක ආය අමුතුවෙන් ලියන්න දෙයක් නෑනේ.
පැරණි අනුරාධපුර ඇතුළු නගරයේ සිට නැඟෙනහිර දෙසට ගමන්ගත් මාර්ගය එ නම් අනුරාධපුරයේ සිට ගෝකණ්ණ තිත්ථ අද විදිහට කිවුවොත් ත්‍රිිකුණාමලය දක්වා ගමන් ගත් මාවතට අයත් තුන් වැනි ගල්පාලම විදිහට තමා මහකනදරාව ගල් පාලම හඳුනාගන්න පුළුවන් වෙන්නේ. ඉන්ද්‍රකීර්ති සිරිවීර මහාචාර්යතුමා ලිවුව ‘ඉතිහාස තරංග’ කියන පොතේ මෙම පැරණි මාර්ගය ගොකණ්ණ දක්වා වැටී තිබුණේ අනුරාධපුරය, මිහින්තලේ, මහකනදරාව, පන්කුලම, රත්මලේ හරහා බව නිගමනය කරන්න පුළුවන් කියල, මේ පාලම ගැනත් ලියල තියෙනවා. මේ මාවතේ අනුරාධපුරේ ඉදල බලද්දි හමුවන පළමු වැනි ගල්පාලම වන්නේ, අනුරාධපුර ඇතුළු නගරයට නැඟෙනහිරින් පිහිටි නඛා වෙහෙරට ඔබ්බෙන් හාල්පාණු ඇළ හරහා යොදා ඇති ගල් පාලම යි. දෙ වැනි ගල්පාලම පළමු ගල් පාලමට නැඟෙනහිර දෙසින් මල්වතු ඔය හරහයි තියෙන්නේ. මේ ගල්පාලම් දෙකට පස්සේ හමුවන ගල්පාලම තමා අපි කතාකරන මහකනදරාව ගල් පාලම.
මහකනදරාව ගල් පාලම කියල දැන් හඳුන්වන මේ පාලම පැරණි කාලයේ වැලි ඔය හරහා ඉදිකරල තියෙන්න ඇති බව පෙනුනත් මේ ඔය මේ පාලම ළගින් මීටර් ගණනාවක් ඈතට විතැන් වෙලා තියෙන්නේ. හැබැයි මහකනදරා වැව වාන් දමන කාලෙට ඒ වැඩි වතුර වාන් දොරටුවලින් ගලා විත් මෙම පාලම යටින් තමා ගලාගෙන යන්නේ.
වයඹ දෙසට වැඩි බරක් සහිත ව උතුරු – දකුණු දිශානුගත ව පිහිටලා තියෙන මේ ගල්පාලම වර්තමානයේ උපරීම දිග මීටර් 29ක් විතර. සාමාන්‍ය පළල මීටර් 2.70ක් විතර. පාලම පිහිටුුවා ඇත්තේ එක් පෙළකට ගල්කණු 14 බැගින් වූ ගල්කණු පේළි තුනක් උඩ. මෙම ගල්කණුවක් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 25×35 ප්‍රමාණයේ ඒවා. පොළොවේ හැඩය විසම නිසා ගල් පාලම හඳන්න නම් සමතල පෘෂ්ඨයක් ලබාගන්න ඕන නේ. ඒ හින්ද එක් එක් කණුවේ උස එකිනෙකට වෙනස්. ගල්කණු එකිනෙක යා වන විදිහට සෙන්ටිමීටර් 38×25 ප්‍රමාණයේ ගල් බාල්ක පාවිච්චි කරල තියෙනවා. ඊට පස්සේ ඒවා උඩ දිග අතට ගල් පතුරු 7-6 වගේ යොදල මතුපිට පෘෂ්ඨය සකස් කරල තියෙනවා. ගල්කණු හා ගල්පතුරු එකිනෙක හොඳට පිරිද්දලා තියෙන්නේ මොන තත්ත්වයක් ඇති වුනත් ඒවා එකිනෙකින් ඈත් නොවන ආකාරයට ය.
පැරණි මූලාශ්‍රයවල දැක්වෙන ‘මහ වෙය’ නැතිනම් මහා විථියකට අයත් ගල්පාලමක් විදිහට හඳුන ගන්න පුළුවන් මහකනදරාව ගල්පාලම උඩින් ගොනුන් බැඳි කරත්තයකට වුනත් අපහසුවක් නැතිව යන්න පුළුවන්. දැන් ගල්පාලම බැලුවහම මේ කරුණ පැහැදිලියි. මේ වගේ ගල් පාලම් ලංකාව පුරා සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. 2010 විතර පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය පී. විදාණපතිරණ සිරිමතිය සමඟ මේ ලේඛකයාත් සම්බන්ධ වෙලා රට පුරාම කළ සොයාබැලීමක දී මේ ආකාරයේ ගල් පාලම් හා ගල් පාළම් නටඹුන් තැන් විසිපහකින් විතර හමු වුණා. තවත් හමු නොවුණු මේ වගේ නටඹුන් ස්ථාන තියෙන්න විශාල ඉඩක් තියෙනවා. ඔයාලටත් පුළුවන් ටිකක් හොයල බලන්න.
මිහින්තලාවට එන ඔබට පැයක් හමාරක් ගත කරල මේ පාලම දැකගන්න පුළුවන් නම් ඒ ඔබේ සංචාරයට අලුත් අරුතක් එක් කරන බවට සැකයක් නෑ. මේ ගමනේ අතුරු වාසිත් නැතුවාම නොවේ. ඒ සෞන්දර්යයෙන් අනූන මහකණදරාව වැව හා තදාශ්‍රි පරිසරය ආස්වාද කිරීමටත් ලැබෙනවා. ඒ විතරක් නොවේ පැරණි සිංහලයාගේ ආකර්ශනීය වාපී කරුමාන්තයක් වන මහකනදරාව වැව දැකබලාගන්නත් පුළුවන්. ඒ මඟින් අපේ විශිෂ්ඨ ඉතිහාස කතාව පිළිබද සාක්කිකරුවෙක් වෙන්නත් අවස්ථාව උදා වෙනවා.
මේ වගේ දේවල් තියෙද්දි ඒ ගැන හොයා බලන් නැතිව අපි ඇයි මේ හීන පස්සේ යන්නේ. මොනව හොයන්න ද?

මේ සමඟ අමුණා ඇති ඡායාරූපය http://www.lanka-excursions-holidays.comවෙබ් අඩවියෙන් උපුටා ගත්තක් කියල ස්තුති පූර්වකව කියන්න ඕන.

චන්දිම අඹන්වල
2020.03.27 / 10.47 PM

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -

Latest article

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.

IAHS මාර්ගගත දේශන මාලාව 10: ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය

මාර්ගගත උරුම දේශන මාලාව - දහ වැනි පියවර ශ්‍රී ලංකාවේ ඓතිහාසික මහාමාර්ග පද්ධතිය ඇහුම්කන් දෙන්න, මෙම විෂයේ ප්‍රාමාණිකයෙකුට, අපේ රටේ අතීතයේ මිනිසුන් භාවිතා කල මාර්ග පද්ධතිය පිළබඳ දැන ගන්න. ආචාර්ය පී විදානපතිරණ, විශ්‍රාමික කථාකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සාමාජික, ශ‍්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව විසින් 2020 ජුනි 08 වැනි සඳුදා රාත්‍රි 09.00 – 11.00 දක්වා පැවත්වු දේශනයේ පටිගත කල දේශනය.

IAHS මාර්ගගත දේශන මාලාව 09 : වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ.

මාර්ගගත උරුම දේශන මාලාව - නව වැනි පියවර වසර දෙදහසක් පමණ පැරණි ගොඩවාය ගිළුණු නෞකාව පිළිබඳ දියයට පුරාවිද්‍යා පරේෂණ ගොඩවාය වරාය හා ඒ අවට මුහුදේ ගීලි ඇති වසර දෙදහසක්(2000) පමණ පරණ නැව පිළිබඳ එම පරීක්ෂණ වලට සම්බන්ධ වු මුහුදු පුරාවිද්‍යාඥයෙකුගෙන් දැන ගන්න. සවන් දෙන්න.
X
X