28 C
Colombo
Wednesday, November 25, 2020

12. ශ්‍රී ලංකා ප්‍රාග් ඉතිහාසයේ ගුරු පොත

Must read

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.
Avatar
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.
පොතක් ගැන යමක් කියන්නයි මේ සටහන. ඒ ආචාර්ය සිරාන් යු. දැරණියගල මැතිතුමාගේ රචනයක් වන Prehistory of Sri Lanka, An Ecological Perspective නම් කෘතිය ගැනයි. 1992 දි වසරේ දි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සිහිවටන කෘති මාලාවේ 8 වැන්න විදිහට ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ මේ කෘතිය. මේ කෘතියට තමා සිරාන් දැරණියගල මැතිතුමාට දර්ශනසූරි නැත්නම් ආචාර්ය (PhD) උපාධිය හිමිවෙලා තියෙන්නේ. පොත ඉදිරිපත් කරල තියෙන්නේ එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට.
සිරාන් දැරණියගල මැතිතුමා අධ්‍යාපනය ලබල 1968 දී ලංකාවට ඇවිත් ශ්‍රී‍ ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් අංශයේ සහකාර කොමසාරිස්වරයෙකු විදිහට සම්බන්ධ වුනානේ. ඊට පස්සේ 1970 වන විට ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ පිළිබඳ අවධානය යෙදීම ආරම්භ කළා. තම පියතුමා වන පී.ඊ.පී. දැරණියගල මැතිතුමා කළ බෙල්ලන්බැඳිපැලැස්ස පුරාවිද්‍යා ස්ථානයෙන් අනාවරණය වු මාවන කෘති විශ්ලේෂණයෙන් තමා මේ වැඩ ආරම්භ කළේ. පසුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂන අදියර Vක් යටතේ පෙළ ගැස්සුවා. ඉතා කෙටියෙන් ඒවා සඳහන් කරන එක හොඳයි කියල හිතනවා, මොකද පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ඉන්න සමහර අයට පවා මේ ගැන හරිහමන් අවබෝධයක් ඇති බව පේන්න නැහැ. ඒ අනුව, I වැනි අදියරයේ දී මේ දක්වා ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධයෙන් පවතින දත්ත එක්රැස් කිරීමයි සිදුකළේ. එයින් අනතුරුව වෙරළබඩ කලාපය, උස්බිම් කලාපය මෙන්ම අතරමැදි කලාපය ආදි වශයෙන් ලංකාවේ සියලු කලාප ආවරණය වන ආකාරයට පොදුවේ සෑම තැනම ගවේෂණය කිරීම තමා II වැනි අදියරයට අයත් වුනේ. මේ ගවේෂණ මඟින් අනාවරණය වුණු දත්ත පදනම් කරගෙන මෙතෙක් විධිමත් අධ්‍යයනයකට භාජනය නොවුණු ලංකාවේ වෙරළබඩ සීමිත කලාපයක පැතිර තියෙන ඉරණමඩු පස් කලාපයේ හා රතු-දුඹුරු පස් කලාපයේ විධිමත්ව කැනීම් සිදුකර අධ්‍යයනය කිරීම තමා III වැනි අදියරයේ ඉලක්කය වුනේ. IV වැනි අදියර වශයෙන් තීරණය කරල තිබුනේ ඉහත අදියර තුන ඔස්සේ අනාවරණය කරගන්නා දත්ත හා තොරතුරු එක්රැස් කරල ඒහෙම නැත්නම් සංස්ලේෂණය කරල ලේඛනයක් සකස් කිරීම. ලංකාවේ තෙත් හා අතරමැදි කලාපයේ ගල්ලෙන් තැම්පතු ප්‍රාග් ඓතිහාසික දත්ත සඳහා පරික්ෂා කිරීම තමයි අවසාන නැත්නම් V වැනි අදියරයේ දි අපේක්ෂා කළේ. මේ මම ඉහත දැක් වූ පරියේෂණ වැඩසටහනේ IV වැනි අදියර තමා මේ මම කියන පොත. ලේසි පාසු ඉලක්කයක් නෙවෙයි. පැහැදිලියිනේ, අවුරුදු 20කට වඩා කාලයක සැලසුමක් හා වැඩපිළිවෙලක් තමා මේ පොතක් විදිහට ඵල දරල තියෙන්නේ.
මේ පොත 1992 දී වෙළුම් දෙකක් විදිහටයි පළ වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන් ගත්තොත් A4 ප්‍රමාණයට ටිකක් ලොකු පිටු 813ක් මේ පොතේ තියෙනවා. සම්පූර්ණ පොත පරිච්ඡේද 7ක් හා ඇමිණුම් IVකින් යුක්තයි. 1. හැඳින්විම, 2. නිදර්ශක, 3. කාලනීර්ණ, 4. චාතුර්ථික අවධියේ පරිසරය, 5. ප්‍රාග් ඓතිහාසික සංස්කෘතිය, 6. මානවවංශවේදය හා 7. නිගමන කියන මාතෘකා යටතේ තමා පරිච්ඡේද. මේ පොතේ දි වැඩි අවධානයක් යොමුකරල තියෙන්නේ ආචාර්ය දැරණියගල විසින් ඉරණඉඩු පාංශු සංකීර්ණයේ (Iranamadu Formation) හා රතුවන් දුඹුරු පාංශු කලාපයේ (Reddish-brown Earth) සිදුකරන ලද ගවේෂණ හා කැනීම් තුළින් අනාවරණය වූ දත්ත විශ්ලේෂණය කරන්නයි. එමඟින් පාරිසරික සාධක ලංකාවේ ප්‍රාග් ඉතිහාසය සඳහා සිදුකළ බලපෑම අවබෝධ කරගන්නයි. අන්තර්ගත බොහෝ පරිසරාත්මක සාධක නම් ක්‍ෂේත‍්‍රයේ අයටත් දුරවබෝධයි. මේක පොතක් කිවුවට නිකං දත්ත හා තොරතුරු තියෙන පොතක් පමණක් නෙවෙයි. ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ න්‍යායාත්මක රාමුව පැහැදිලි කරන්නක්. මෙයින් ඉදිරියට මෙරට ප්‍රාග් ඉතිහාසය හොයන ඕන කෙනෙකුට මේ රචනය ඒ සඳහා පාදක කරගන්න වෙනවා. ඒ තරමට ප්‍රාග් ඓතිහාසික මිනිසා හා සංස්කෘතිය සඳහා පරිසරය බලපා ඇති ආකාරය පුදුම හිතන තරම් දැනුමකින් විග්‍රහ කරල තියෙනවා.
මේ පොත සිංහල බසට පරවර්තනය කරන්න භාර අරන් තියෙනවා ලංකාවේ සිටි ප්‍රමුඛ පෙළේ භාෂාවේදියෙක් වගේම පඬිවරයෙක්. නමුත් එය කිරීමට බැරි බව පවසා අතහැරලා. මට තියෙන අවබෝධයත් මේ පොත පරිවර්තනය කරන්න අමාරුයි නෙවෙයි බෑ කියන එකයි. හැබැයි මේ පොතේ සාරාංශයක් වගේ තව පොතක් තියෙනවා The Prehistory and Protohistory of Sri Lanka කියල මධ්‍යම සංස්කෘතික අරමුදලින් මුද්‍රණය කරල ප්‍රකාශයට පක් කළ. මේ පොත ආචාර්ය දැරණියගල මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ම ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමා හා මේ ලේඛකයා එකතුව වසර 5කට වැඩි කාලයක පරිශ්‍රමයකින් පසු පරිවර්තනය කරල මුද්‍රණය සඳහා ඔන්න මෙන්න.
ඉතිං මේ පොතේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු ඈතම කාලයේ ගොඩනැඟුණු විදිහ. ඔවුන් ජීවත් වුණු පරිසරය. අදින් වසර 2,500ට ගොඩාක් එහා කාලේ. මේ දීර්ඝ පර්යේෂණාවලියක්. තවත් අහවර නැහැ. මේ දක්වල තියෙන පර්යේෂණ සැලැස්මේ V වැනි අදියර වශයෙන් තමා ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමාගේ Prehistoric Sri Lanka: Late Pleistocene Rockshelters and an Open-Air Site කියන පොත රචනා වෙන්නේ. ඒ පොතේ වැඩි අවධානය කුරුවිට ආසන්නයේ තියෙන බටදොඹ ලෙනටයි. මේ දේවල් ඔක්කොම කළේ අවශය විදිහට විදේශිය සහයත් අරගෙන ලංකාවේ ම ඉපදිල ලංකාවේම ජීවත් වෙන විද්වතුන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එහි නිළධාරින්ගෙත් දාඩිය මහන්සියෙනුත් අසිමිත කැපකිරිමුත් නිසා තමා අද අපි මේ දේවල් දන්නේ. මම මේ විදිහට ලියන්නේ. ඔබ මේ විදිහට සැපපහසුව සිටිමින් කියවන්නේ.
මම මේ කෙටි ලිපියෙන් පොත ගැන නෙමෙයිනේ කිවුවේ. පොතේ පසුබිම ගැන. මේ පොත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විකුණන්න තියෙනවා. අරගෙන ගෙදර තියාගත්තත් කමක් නැහැ. මොකද පුළුවන් දවසක දරුවෙක් හරි පිටු පෙරලල බලයි. ඒ එක් කෙනෙක් හරි මේ පොතේ තියෙන දේ තේරුම් ගත්තත් ඇති. ඔහු ලංකාවේ ප්‍රාග් ඉතිහාසය නව මානයකින් ගොඩනඟන බව මට විශ්වාසයි.
2020.03.27 / 10.44 AM

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -

Latest article

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
X
X