අපි කලිනුත් කතා කළා ලෝකයේ මිනිසුන්ගේ කතාව අවුරුදු ලක්ෂ ගණනාවක් ඈතට යනවා කියල. මේ අතීතය ගැනනේ අපි පුරාවිද්‍යාව වගේ විෂයන් වල දී හදාරන්නේ. අවුරුදු මිලියන 4,500ක් විතර පැරණි පෘතුවියේ අතිතය හදාරණ එක කරන්නේ භූ විද්‍යාව වගේ විෂයන්වල දි. මානව අතීත කතාව ගැන හොයද්දි විද්වතුන් ඒ සම්පූර්ණ කාලය යම් යම් අනු පරිච්ෙඡ්දවලට බෙදල තියෙනවා අධ්‍යයනය කිරීමේ පහසුව තකා. මේ බෙදීමේ දී පදනම් කරගෙන තියෙන්නේ ඒ ඒ කාලවල මිනිසුන් අත්කරගෙන තිබුණු ප්‍රමුඛ තාක්‍ෂණය. මෙතැන මතක තබාගත යුතු දෙයක් තමා තත්කාලීනව සිටි මිනිසුන් සියලු දෙනාම ඒ යුගයට අදාළ තාක්ෂණයේ හිටිය කියන එක නම් නෙවෙයි. සම කාලීන යම් ජන කණ්ඩායමක් ඒ ප්‍රමුඛ තාක්ෂණය අත්කර ගනිද්දි තව පිරිසක් පරණ පුරුදු විදිහටම ඉන්න පුළුවන්. මේ කාලේ සමහර අය ග්‍රහලෝක ගැන හොයද්දි තව පිරිසක් ඉන්නේ දඩයම් කරගෙන ජීවත් වෙලා. හිතල බැලුවොත් අපි ගාවත් ගල් යුගයේ ලක්ෂණ කොච්චර තියෙනව ද නේද?
ලෝක මට්ටමින් ගත්තහම මිනිස් අතීතය බෙදල තියෙන ආකාරය තමයි පහළින් පෙළ ගහල තියෙන්නේ. මේකේ තියෙන කාල නීර්ණ සමහර විට ටිකක් විතර පරණයි. මෙම කාල පරිච්ෙඡ්දකරණයේ රේඛීය ස්වභාවක් දැකගන්නත් පුළුවන්. ඒත් ඒ විස්තර මේ කතාවට ප්‍රමාණවත් කියලයි මම හිතන්නේ. දන්න කියන අයට අලුත් විස්තර පහළ කොමෙන්ට් විදිහට එකතු කරන්නත් පුළුවන්.
x පුරාශිලා යුගය (Palaeolitic Period)
- පහළ පුරාශිලා යුගය (Lower Palaeolitic)
- මධ්‍යම පුරාශිලා යුගය (MiddlePalaeolitic)
- ඉහළ පුරාශිලා යුගය (Upper Palaeolitic)
