02. ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළම්

ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළම්

මේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළමක්.‍ සෙන්ටිමීටර් 3ක් විතර ඇති. ‘බලංගොඩ උල් මෙවළම්’ (Balangoda Point) කියල කියන්නේ මෙවට. ජ්‍යාමිතික නොවන හැඩයක් තියෙන ‘ක්ෂුද්‍ර ශිලා’ නැතිනම් ඉතා කුඩා ගල් මෙවළමක් මේක. උල් ආයුධයක් වගේ තමා පේන්නේ. පිරිසිදු ගිනිගල් / තිරුවාණාවලින් සකස් කරල තියෙන මේ මෙවළ‍මේ හැම පැත්තෙම පතුරු ඉවත් කරල තමා හදල තියෙන්නේ. ගල් ආයුධ ගැන කතාකරද්දි ඒකට කියනා ‘බහු පතුරු ඉවත් කිරීම’ (poly facial) කියල.

මේ ගල් ආයුධ වර්ගය බුන්දල, බටදොඹලෙන වගේ තැන්වලිනුත් මහාචාර්ය රාජ් සෝමදෙව මැතිතුමාට උඩවලවේ නිම්ණයේ කළ පුරාවිද්‍යා කැනීම්වලිනුත් ලැබිල තියෙනවා. ලංකාවෙන්ම බැලුවොත් මේ වගේ ඒවා 7-8ක් විතර තමා හමුවෙලා තියෙන්නේ. මේ වගේ ඒවා ලංකාවෙන් හැර ලෝකයේ වෙනත් තැන්වලින් තාම හමුවෙලා නෑ. හැබැයි මේ හා තරමක් සමාන ගල් ආයුධ කීපයක් ඉන්දියාවේ ‘තෙරි සයිට්’ කියන පුරාවිද්‍යා සන්දර්බවලින් හමුවෙලා තියෙනවා කියලත් කියනවා.

මේ ගල් මෙවළම ගැන කතාකරන ඒ පිළිබඳ ලෝක පරිමාණයේ විද්වතෙක් වන සිරාන් දැරණියගල ආචාර්යතුමා කියල තියෙන්නේ මේ නායකත්වය පිළිඹිබු කරන සංඛේතයක්, වන්දනා කිරීම සඳහා භාවිත කළ (සමාජ මානව විද්‍යාවේ දි තොටම් කියල කියන්නේ) දෙයක් විය හැකියි කියල. ඒ හැර වෙනත් භාවිතයකට ගත්ත කියල හිතන්න අමාරුයි.

ආචාර්ය එච්. නිමල් පෙරේරා මැතිතුමාගේ Prehistoric Sri Lanka කියන පොතේ පිටකවරයෙන් තමා මේ රූපේ උපුටල ගත්තේ. සාධක නැති, ආත්මවාදි රාවනා කෙනෙක් පස්සේ කොර ගගහ යනවට වඩා ලෝකය ඉදිරියේ අපිට ආඩම්බර වෙන්න තියෙන දහස් ගණන් දේ අතුරින් මේ තවත් එකක් විතරයි කියලත් කියන්න කැමතියි. (මේක මහ රැවුලාගේ අහවල් එක කියල නම් කියන්න හදන්න එපා ඕන්න.)

Previous article01. ක්ෂුද්‍ර ශිලා මෙවලම්
Next articleIAHS මාර්ගගත දේශන මාලාව 05: නව සිංහබාහු ප්‍රවාදය
චන්දිම අඹන්වල
2006 වසරේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වසරේ දක්ෂතම පුරාවිද්‍යා ශිෂ්‍යයාට හිමි මහාචාර්ය පී. ලිලානන්ද ප්‍රේමතිලක හා වෛද්‍ය නන්දා ප්‍රේමතිලක විශිෂ්ට නිපුනතා ත්‍යාගය සමඟ ශාස්ත්‍රවේදි (ගෞරව) (BA(sp)) උපාධිය ලබාගන්නා ලද චන්දිම, 1998 වසරේ දී මොරටුව විශ්වවිද්‍යාල‍යේ වාස්තුවිද්‍යා පීඨයෙන් ස්මාරක හා කේෂේත්‍ර සංරක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද, 2010 වසරේ දී කොළඹ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (MSc.) ද හිමිකර ගන්නා ලදි. 2008 - 2010 කාලයේ දි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ ඔහු, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල‍යේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් 2011 වසරේ සිට සේවය කරන අතර එහි ප්‍රාග් ඉතිහාසිය හා අභිලේඛන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරයි.

3 COMMENTS

  1. *** (මේක මහ රැවුලාගේ අහවල් එක කියල නම් කියන්න හදන්න එපා ඕන්න.)*** මේ කෑල්ල අඹන්වල සර්ම ද එක්කලේ කියලා දැනගන්න කැමතී. (මා ඉගන ගත් ගුරුවරයාගේ ශාස්ත්‍රීය බස තරමක් වෙනස්ව ඇති බැවින් එය දැනගැන්මට පමණි)

    • මේ අඹන්වලගේ අදහස්. ෆේස්බුක් එකේ ලිපියක්. මේ රාවනා ගැන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here