24 C
Colombo
Saturday, November 28, 2020

පොළොන්නරුවේ ගල් විහාරය

Must read

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.
එන්. එච්. සමරසිංහ
එන්. එච්. සමරසිංහhttps://sarisaraweb.wordpress.com
එන්. එච්. සමරසිංහ මහතා1976 වසරේ දී එවකට විද්‍යෝදය නමින් හඳුන්වනු ලැබූ වර්තමාන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබා රජයේ ආයතන කිහිපයක විවිධ තනතුරු දරා 2010 වසරේ දී විශ්‍රාම ලැබීය. ලංකාවේ පෞරාණික ස්ථාන හා ලෝක උරුමයන් පිළිබඳව විස්තරාත්මකව සොයා බැලීමට විශේෂ උනන්දුවක් දක්වන ‌මෙතුමා විශ්‍රාම ගැනීමෙන් පසු ලංකාවේ බොහෝ පෙදෙස්වල ‌මෙන් ම විදේශයන් කීපයක සැරිසරා දැකබලා ගත් දේ අන් අය සමග බෙදා ගැනීමට කැමැත්තක් ද දක්වයි. එතුමා ඒ ‌වෙනුවෙන් ම "සැරිසර සමරු" නමින් බ්ලොග් අඩවියක් ද පවත්වා ගෙන යනු ලබයි. 

එන්. එච්. සමරසිංහ

එන්. එච්. සමරසිංහ

පොළොන්නරුවේ නටබුන් බැලීමට හා වන්දනා කර ගැනීමට යන හැම දෙනා ම නොවරදවාම බලන හා ඉමහත් ගෞරවාදරයට හා ප්‍රශංසාවට ලක් කෙරෙන ප්‍රධානතම ස්මාරකය ගල් විහාරය යි. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 12 වන සියවසේ දී පමන කරවන ලද උත්තරාරාමය අද හැඳින්වෙන්නේ ගල් විහාරය යනුවෙනි. උත්තරාරාම සංකීර්ණය දිගින් යාර 56ක් පමණවන සෑම අතකටම බෑවුම් වූ පර්වතයක් කපා පිළියෙළ කරන ලද පිළිම කිහිපයකින් යුත් ශ්‍රේෂ්ඨ නිර්මාණයකි. යටත්විජිත සමයේ මේ නිර්මාණයන් දුටු ලුතිනන් ෆගන්, සැමුවෙල් බේකර්, ජේ.ඩබ්ලිව්. බර්ච් පළමු වැන වරට මේ නටබුන් රුපගත කළ ආර්.ඩබ්ලිව්. ස්ටුවර්ට් ආදීන් ගල් විහාරය ගැන වර්ණනාත්මක සටහන් තබා ඇත. 1907 එවකට සිටි පුරාවිද්‍යා කොමසාරිස් තුමා මේ හා සමකළ හැකි වෙනත් විහාරයක් ඉන්දීය මහාද්වීපය තුළ ද හමු නොවිය හැකි බව සටහන් කොට තිබේ.

Galwiharaya
ගල් විහාරය

පළමු ව මෙහි ඉදිකොට ඇත්තේ විජ්ජාධර ගුහා, නිස්සින්න පටිමා ගුහා හා නිපන්න පටිමා ලෙන යන ලෙන් තුනකි. පොළොන්නරු යුගයේ දී ම මිට හිටි පිළිමයක් සහිතව තවත් ලෙනක් ඉදිකොට ඇත. වර්ග දෙකක ලෙන් මෙහි දක්නට ලැබේ. තුන් පැත්තකින් ගඩොල් බිත්ති බැඳ ඇති ගුහා සහ ගල් පර්වතය හාරා පිළියෙළ කල ලෙනක් වශයෙනි. මෙය නිර්මාණය කිරීම සඳහා හාරා පිළියෙළ කළ ලෙන සඳහා අඩි 17ක් පමණ ද අනෙකුත් ප්‍රථිමා සඳහා  අඩි 15ක් පමණ ද ගලෙහි මුහුණත කපා ඇත.

 

විජ්ජාධර ගුහාව

Polonnaruwa

මේ විහාර සංකීර්ණයට පිවිසෙන විට පළමු ව හමුවන්නේ විජ්ජාධර ගුහාවයි. මෙහි තේමාව වී ඇත්තේ විශ්ව ව්‍යාපී ධර්මකාය සංකේතවත් කෙරෙන බුද්ධ මණ්ඩලය බවත්, මෙම ස්ථානය තාන්ත්‍රික බුදු දහමේ මන්ත්‍ර ගායනය සඳහා යොදා ගන්නට ඇති බවත්  සමහරු පවසති.  මෙහි තෙමහල් ප්‍රාසාදයක බිම් මහලේ වජ්‍ර මෝස්තර වලින් හා සිංහ රුප වලින් අලංකෘත ආසනයක පිපුණු  නෙලුම් මලක්  මත  මත සමාධි මුද්‍රාවෙන් හා වීරාසන ඉරියව්වෙන් වැඩ හිඳින හිඳි පිළිමයක් නෙලා ඇත. මුල් කාලයේ දී වර්ණ ගන්වා තිබූ  බවට සැලකෙන මෙහි උස ආසනයේ සිට උෂ්නිය දක්වා අඩි 15 යි අඟල් දෙකක් පමණ වේ. බුදු පිළිමයේ ශිර්ෂයට පිටුපසින් රශ්මි මාලාව කැටයම් කොට ඇත. තරමක් වෘතාකාර මුහුණකින් හා පටු නළලතකින් යුක්තව දක්ෂිනාවෘත කෙස් කැරලි හා සිහින් උෂ්ණිෂයක් සහිතව සිරස නිර්මාණය කර ඇත. අඩවන්වූ දෙනෙත් වලින් යුක්තව නෙළා ඇති පිළිමය  බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාගුණය ආදී අභ්‍යන්තර ගුණාග ඉස්මතුකොට පෙන්වීමට සමත්ව තිබේ. වැඩහිඳින ආසනයේ පිට ඇන්දේ හරස් පොලු මකර මුඛ, සිංහ රූප හා නෙලුම් මල් වලින් අලංකාර කර ඇත. ප්‍රාසාදයේ දෙ වන හා තෙ වන මහල්වල දෙ පැත්තේ කුඩා ධ්‍යානි බුදු පිළිම හතරකි.මේ පිළිම මහායාන බුදු දහමේ දැක්වෙන අමිතාභ, අමෝඝසිද්ධි, ආක්ශෝභය හා රත්නසම්භව යන බුදුවරුන්ගේ බවට අදහස් ප්‍රකාශවී ඇත.  වහල කොත් කැරලි වලින් සමන්විත ය.

හිඳි පිළිම ලෙන

Polonnaruwa
විජ්ජාධර ගුහාව

Polonnaruwa

මීළඟට හමු වන්නේ නිස්සන්න පටිමා ගෘහය හෙවත් හිඳී පිළිම ලෙනයි. මෙහි වජ්රාසනයක් මත ඡත්‍රයක් යට ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳින හිඳී අඩි 4 යි අඟල් 4ක් පමණ වන බුදු පිළිමයක් පිහිටි ගලින්ම නෙලා තිබේ. පිළිමය දෙ පස විජිනිපත් දරා සිටින දෙ දෙනෙකි. පිළිමයේ ශීර්ෂය දෙපසින් බ්‍රහ්ම හා විෂ්ණු දෙවි වරුන්ගේ පිළිම නෙලා ඇත. ලෙනෙහි බිත්තිවල  බිතුසිතුවම් ඇඳ තිබී ඇත. බිතු සිතුවම් වල ශේෂයන් තවමත් දොරටුව දෙපස දක්නට ඇත. මෙහි ඇති අතෙහි ශන්කයක් දරා සිටින මහලු දෙව් රුවක සටහන ශක්‍රයාගේ රුව යයි ද,  ඉන්ද්‍රසාල ගුහාවේ දී ශක්‍රයා බුදුන් වහන්සේ මුණ ගැසීම මෙයින් නිරුපනය කෙරෙන බවටද විශ්වාස කෙරේ.

PolonnaruwaPolonnaruwa

බිතු සිතුවම් වල ශේෂ

මේ ලෙන ඉදිරිපස වූ මණ්ඩපයක අත්තිවාරමක් ද දක්නට ඇත.

ශිලා ලේඛනය 

Polonnaruwa

හිඳී පිළිම ලෙන පසු කල විට දක්නට ලැබෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයේ කරවන ලද මධ්‍ යකාලින සිංහල භාෂාවෙන් ලියවී ඇති ශිලා ලිපියයි. පළමු වන මහා පරාක්‍රමබාහු රජතුමාගේ ආරාධනයෙන් මහා කාශ්‍යප තෙරුන් වහන්සේ විසින් සකස් කරන ලද කතිකාවතක් හෙවත් විනය නීති මාලාවක් මෙහි අන්තර්ගත ය.

හිටි පිළිමය

Polonnaruwa

මීළඟට දක්නට ලැබෙන්නේ හිටි පිළිමයයි. අඩි 23ක් පමණ උසට  ආභංග ඉරියව්වෙන් (ශරීරය මඳක් නැමී) පපුව හරහා අත් බැඳ ගෙන සිටින ආකාරයට පද්මාසනයක් මත දකුණු උරය විවෘතව මේ පිළිමය නෙලා ඇත. මේ පිළිමය පොළොන්නරු යුගයේම පසු අවස්ථාවක දී නිමවන ලද්දක් බව පෙනේ. වංශ කතාවල සඳහන් වන්නේ පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දේ හිඳී ඉරියව්වේ පිළිම දෙකක් හා සැතපෙන පිළිමයක් පමණක් බවයි. හිස්ව තිබුණු ඉඩ ප්‍රමාණය සම්පුර්ණ කරමින් තවත් එක් ප්‍රචලිත පිළිම වර්ගයක් වන හිටි පිළිමයක් පසු කලක දී නෙළුවා විය හැකි ය. මෙය බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් ද නැතහොත් ආනන්ද හිමියන්ගේ පිළිමයක් ද යන්න පිළිබඳව ද  විවධ මත ප්‍රකාශ වී ඇත. ආචාර්ය ඩී.ටී. දේවේන්ද්‍ර, එස්‌.එම්. බාරෝස්‌, ඒ.ඩී.ටී.ඊ. පෙරේරා  ආදී මත්වරුන්ගේ  මතය වී ඇත්තේ මෙහි ඇති අනෙක් පිළිමය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය නිරුපනය කරන අතර මේ පිළිමය  බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය නිසා ශෝකවන ආනන්ද හිමියන්ගේ බවයි. මේ මතය නොපිළිගන්නා  සෙනරත් පරණවිතාන, ප්‍රේමතිලක, ගොඩකුඹුර, රතනසාර හිමි සහ විමලකීර්ති හිමි ප්‍රමුඛ විද්වතුන් ප්‍රකාශ කරනු ලබන්නේ මේ පිළිමය පිපුණු නෙළුමක් මත සිටින ආකාරයෙන් හා මහා පුරුෂ ලක්ෂණයක් වන දක්ෂිනාවර්ත බොකුටු වූ හිසකෙස් සහිතව නෙලා ඇත්තේ බුදුරජානන් වහන්සේගේ පිළිමයක් නිසා බවයි. මේ පිළිමයේ මුද්‍රාව පිළිබඳවද මත කිහිපයකි. පරදුක්ඛ දුක්ඛිත, අනිමිසලෝචන, ස්වස්තික, රතනඝර, අවධාන හා වජ්‍රහුංකාර ආදී මුද්‍රාවන් මෙයින් නිරුපනය කෙරෙන බවට විවධ මත ඇත. බුදුරජානන්වහන්සේ අනුන්ගේ දුකෙහි දී ශෝක වූ බවක් පිළිගත නොහැකි ය. පිළිමයේ මුහුණේ මන්දස්මිතයක් මිස ශෝකී ස්වභාවයක් ඇති බවක් ද නොපෙනේ. මේ පිළිමය ද වෙනම ගුහාවක තිබුණු බව සිතිය හැකි ගඩොල් පාදමක නෂ්ටාවශේෂ ද ඇත.  එහෙයින් මෙය බුදුරජානන්වහන්සේගේ මහා කරුණා ගුණය ප්‍රකාශවන අවධාන මුද්‍රාවෙන් නිර්මිත පිළිමයක් ලෙස සැලකීම සාධාරණ ය.

ඔත් පිළිමය

PolonnaruwaPolonnaruwaPolonnaruwaPolonnaruwa

නිපන්න පටිමා ලෙන යනුවෙන් හැඳින්වෙන, වෙනම ඇතුළුවීමේ දොරක් හා ජනෙල දෙකක් ද සහිත වූ ලෙනෙහි මේ විහාර සංකීර්ණයේ ඇති අනෙක් බුදු පිළිමය අඩි 47ක් පමණ දිගට, සෝපාවක දකුණු ඇලයෙන් සැතපෙන ආකාරයට නෙලා ඇත. හිසට තබා ඇති කොට්ටය සිංහ මුහුණකින් යුක්තව තරමක් එබී තිබෙන ආකාරයෙන් හා දකුණු පාදය මත වන වම් පාදය තරමක් පසු පසට ගෙන තිබෙන ආකාරයෙන් නිර්මිත ය. පාදවල නෙලුම් මල් පමණක් කැටයම් කොට ඇත. උදර ප්‍රදේශයේ මඳක් ඉදිරියට නෙරූ අන්දමක් හා රැලි තුනක් දක්වා ඇත. දෙකන් කොපුල් තලයට පහත්ව ඇත. ඇස් බාගෙට පියවි ඇත. වමත අප්‍රාණිකව සිරුර මත ඇති බවක් පෙන්වා ඇත. හිස මඳක් පිටුපසට වී ඇත. සිවුර පොරවා ඇති අතර කෙලවර බිම ගෑවී ඇති බවක් පෙනේ. මේ ලෂණ නිසා මෙය පරිනිර්වාණය දැක්වෙන පිළිමයක් බවට ආනන්ද කුමාරස්‌වාමි, ආචාර්ය සෙනරත් දිසානායක ආදී මහතුන් අදහස් කරති. මෙසේ පාද තබාගෙන සිටීම සාමාන්‍ය සැතපෙන ඉරියව්ව මිස පරිනිර්වාණය දැක්වෙන ඉරියව්වක් නොවන බවක් සමහරු පවසති. චන්ද්‍රා වික්‍රමගමගේ, සෙනරත් පරණවිතාණ, චාල්ස්‌ ගොඩකුඹුර හා තිරාණගම රතනසාර හිමි ආදීන්ගේ  මතය වන්නේ මෙය බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරය දැක්වෙන සැතපෙන පිළිමයක්‌ වන බවයි. මේ විහාර සංකිර්ණයේ ඇත්තේ බුදු පිළිම වලට වස්තු විෂය වී ඇති තුන් ඉරියව්ව විදහා දැක්වෙන පිළිම බව ඔවුන්ගේ අදහසයි.

මේ පිළිම වලට අමතරව සැතපෙන පිළිමයට පිටුපසින් ගල් කුළුණු කීපයක් දක්නට ඇත. මෙහි ද කියම පිළිමයක් තැන්පත්  කර තිබෙන්නට ඇතයි විශ්වාස කෙරේ.

මේ විහාර සංකීර්ණයේ නෙලා ඇති පිළිමවල මුහුණු වලින් බුදුරජාණන් වහන්සේගේ අපරිමිත කරුණා ගුණය  ප්‍රකාශ කර ඇති ආකාරය, සමතුලිත තාවය ආරක්ෂා කරගනිමින් තාත්වික අන්දමින් එකම ගල්කුලකින් පිළිම රැසක් නිර්මාණය කර ඇති ආකාරය ගැන සිතා බලන විට මධ්‍ය කාලින හෙළ කලා ශිල්පීන්ගේ කලා කුසලතාව, ශිල්පිය දක්ෂතාව හා අධ්‍යාත්මික සංවරය කොපමණ දැයි අපට වටහා ගත හැකි ය.

Polonnaruwa

gal vihare - Copy
පුවත්පතක පලව තිබූ ඡායාරුපයක්

මෙහි තිබෙන ඔත් පිළිමයට සිවුරු පෙරවීම, අනෙක් පිළිම මත නොයෙක් දේ තැන්පත් කිරීම් ආදිය පසුගිය කාලයේ දී දකින්නට ලැබුණි. මෙවන් දේ කිරීමෙන් ඔවුන් සිදුකරන්නේ මේ ආගමික ස්මාරකවල අගය අවතක්සේරු කිරීමකි. එමෙන්ම එය කාලය හා ධනය වැයකරගෙන මේවා නැරඹීමට එන ශ්‍රී ලංකාවේ කලාව හා ඉතිහාසය අධ්‍යයනය කරන දේශීය හා විදේශීය විද්යාර්තීන්ට, වන්දනා කරුවන්ට හා සංචාරකයන්ට කරන අසාධාරණයක් විය හැකි වේ. කිසියම් බැතිමතෙකුට යමක් පුජා කිරීමට අවශ්‍ය නම් එය පිළිමය මත නොතබා සම්ප්‍රදායික ලෙස පිළිමය ඉදිරිපස ආසනය මත තබා පුජා කිරීම එයට කරන ගෞරවයක් බව තේරුම් නොගැනීම කණගාටුවට කරුණකි. 1982 සිට ම යුනෙස්කෝ ආයතනය මගින් ලෝක උරුමයක් ලෙස නම්කොට ඇති මෙය අප විසින් සුරැකිය යුතු පුණ්‍ය භූමියක් මෙන්ම කලාගාරයක් ද වේ.

---------------------------------------------------------------------------------
මෙම ලිපිය 2019.04.01 දින www.archaeeology.lk/sinhala වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් විය.
---------------------------------------------------------------------------------

More articles

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

- Advertisement -

Latest article

ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය කෘතියක් දිනා ගන්න

පුරාවිද්‍යා දැනුම බෙදා ගන්න උදව් කර වටිනා කෘතියක් දිනා ගන්න. ‘ශ්‍රී ලංකා පුරාවිද්‍යාව’ යූ-ටියුබ් චැනලය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාව හා සමගාමී විෂයයන් සම්බන්ධ තොරතුරු ජාතික හා...

මිහින්තලේ කළු දිය පොකුණ – විඩීයෝව

මෙම විඩීයෝව මිහින්තලේ කළු දිය පොකුණ පිළිබඳ කෙටි හැඳින්වීමකි. මෙහි පිටපත සිතානි ජයතිස්ස හා සිතුමී බො‌තේජු ගෙනි. කථනය හා ගායනය සිතාරා මහලේකම්. ඡායාරූප අනුරාධ...

‘පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන සංග්‍රහය 2019’ සඳහා ශාස්ත්‍රීය ලිපි ලබාගැනීම

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශය මඟින් පළකරනු ලබන ශාස්ත්‍රීය සංග්‍රහය වන The Journal of Archaeology and Heritage Studies සමර්පිත...

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන සමාජ අභියෝග

සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීමට බලපාන වර්තමාන අභියෝග පිළිබඳව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් සිදුකරන මෙම දේශනය ඔස්සේ අප බොහෝ දෙනකුට තිබෙන ගැටළු වලට පිළිතුරු අන්තර්ගතව ඇත. අප දන්නවා දෙපාර්තමේන්තුවක් වශයෙන් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙනත් ආයතන වලට සාපේක්ෂව විශාල අභියෝගයක් තිබෙන වග.

සීගිරිය හා එහි රජ උයන

බොහෝ ආන්දෝලානාත්මක මත වාද පිරිච්ච ස්ථානයක් හැටියට සීගිරිය උද්‍යානය අපට හැඳින්විය හැක. පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්  සෙනරත් දිසානායක මහතා විසින් පවත්වන ලද මෙම දෙසුම  නරඹා ඔබගේ දැනුම වඩවඩාත් වර්ධනය කරගන්න.
X
X