සැරිසර සමරු

ඉසුරුමුණිය

එන්.එච්. සමරසිංහ හෙළයන්ගේ පළමු වැනි අගනුවර වූ ක්‍රිස්තු පුර්ව 380 දී පමණ පණ්ඩුකාභය රජතුමා පිහිට වූ අනුරාධපුරය ලෝකයේ පැරණිතම නගරයකි. එමෙන්ම හෙළ ඉතිහාසයේ ද වැඩිම කාලයක් අගනුවර බවට පත්ව තිබු...

සිත් අලවන සිතුල්පව්ව

එන්.එච්. සමරසිංහ ශ්‍රී ලංකාවේ  රුහුණු ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව ජනාවාස සහිත ප්‍රදේශයක්ව තිබී ඇති බවට සාධක යාල...

අපේ නොවන අපේ උරුමය : තාරා දෙවඟන ප්‍රතිමාව

"වා රා නොව රුසිරු ඉසුරු දෙන සුරබි දෙන් සදිසී    තා රා බිසොවුනුදු නැමද යා ගන් එයින් නොලැසී" . . . තාරා දේවිය වන්දනා...

මධ්‍ය කාලීන හෙළ කලාගාරය, පොළොන්නරුව තිවංක පිළිම ගෙය

එන්.එච්. සමරසිංහ සිංහල චිත්‍ර ශිල්පීන් අනුරාධපුර යුගයේ සිට අනුගමනය කළ සම්භාව්‍ය සම්ප්‍රදාය පොළොන්නරු යුගයේ දී තරමක් වෙනස් වූ බවක්...

අනුරාධපුර, ඇතුළු නුවර

එන්.එච්. සමරසිංහ ක්‍රිස්තු පූර්ව පස් වන සියවසේ දී පමණ පණ්ඩුකාභය රජතුමා විසින් අනුරාධපුර නගරය හා බලකොටුව ඉදිකරන්නට ඇතැයි සැලකේ....

මැදිරිගිරිය වටදාගේ

එහෙත් මැදිරිගිරියට බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් හිමිවෙයි. මේ සිද්ධස්ථානය ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ සිට ක්‍රි.ව. 13 වන සියවස දක්වාම ක්‍රියාත්මකව පවත්වාගෙන ගොස් ඇත. අතීතයේදී මණ්ඩලගිරි, මැඩිලිගිරි ආදී නම් වලින් හඳුන්වා ඇති මේ සිද්ධස්ථානය පළමුවෙන්ම කවුරුන් විසින් ගොඩ නගන ලද්දේ දැයි අවිනිශ්චිතය. දෙවන සියවසේ අග භාගයේදී කනිට්ඨ තිස්ස රජුත්, හත්වන සියවසේ මුල් කාලයේදී  දෙවන අග්බෝ රජුත්, නවවන සියවසේ මැද භාගයේදී දෙවන සේන රජුත් මෙහි ඉදිකිරීම් කළබව මහා වංශය කියයි.

බුදුරුවගල පුද බිම

ශ්‍රී ලංකාවේ ගල් කුලක නෙලා ඇති විශාලතම බුද්ධ ප්‍රථිමාව ඇත්තේ  බුදුරුවගල පුදබිමේ ය. නිසල වන අරණක පිහිටි මේ පුදබිම දකින විට බැතිබර සිත් පුබුදුවාලයි....

පොළොන්නරුවේ ගල් විහාරය

එන්. එච්. සමරසිංහ පොළොන්නරුවේ නටබුන් බැලීමට හා වන්දනා කර ගැනීමට යන හැම දෙනා ම නොවරදවාම බලන හා ඉමහත් ගෞරවාදරයට හා ප්‍රශංසාවට ලක් කෙරෙන ප්‍රධානතම ස්මාරකය...

ඓතිහාසික මුල්ගිරිගල රජ මහා විහාරය

එන්.එච්. සමරසිංහ දකුණුදිග වෙරළබඩ තැනිතලාවේ දකුණු දෙසින් පිහිටි ශේෂ කඳු අතරින් උසම කන්ද ලෙස සැලකෙන මුල්ගිරිගල කන්දේ ස්වභාව සෞන්දර්යය වඩාත් ඔපවත් කොට ඇති පුද බිමකි,  මුල්ගිරිගල රජ...

තිරියායේ පිහිටි ගිරිහඬු සෑ පුද බිම

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ ‌වෙළෙඳුනට වැදගත් ‌වෙළෙඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ වෙළඳාමට පැමිණි වෙළඳුන් දෙ දෙනෙකුගෙන් වෙළඳ භාණ්ඩ වලට වඩා ඉමහත් වටිනාකමකින් යුත් දායාදයක් ශ්‍රී ලාංකිකයනට ලැබී ඇත. ඒ අද ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් බවට පත්ව ඇති, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි.

අනුරපුරයේ පිහිටි ජේතවන විහාරය

මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ලක්වැසියනට දහම් දෙසන ලද්දේ නන්දන උයනේ සිටයි. එහි සිට දෙසු දහම සිරිලක පුරා වේගයෙන් පැතිරිණ. දහම පැතිරුනේ නන්දන උයනේ සිට බැවින් එය 'ආලෝකය විහිදුවන උයන' යන අරුතෙන් එය 'ජෝතිවනය' නමින් පතළව පසුව ජේතවනය නම් විය.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි