විවිධ ලිපි

2023 දී වඩාත් ආකර්ෂණීය පුරාවිද්‍යාත්මක සොයාගැනීම් 7ක්

2023 දී වඩාත් ආකර්ෂණීය පුරාවිද්‍යාත්මක සොයාගැනීම් 7ක් නැතිවූ මායා නගරයක්; ඉතාලියේ ජලයෙන් යට වූ දේවස්ථානයක්; මළ මුහුද අසල ගුහාවක ඉතා හොඳින් සංරක්ෂණය වී ඇති කඩු යනාදී වූ මෙම සොයාගැනීම් ඉතිහාසය පිළිබඳ දෘෂ්ටිකෝණය වෙනස් කළහ.

සාමය සඳහා මානවවාදය – බෞද්ධ දර්ශනයේ පර්යාලෝකය – මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න

මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න (ගෝලීය සාමය, සමගිය හා සහජීවනය සඳහා සමයාන්තර කතිකාවත - 2011 මැයි 16 දින එක්සත් ජාතීන්ගේ මහ...

මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි

නාණක විද්‍යාවේ හා පුරාවිද්‍යාවේ උන්නතිය වෙනුවෙන් සිදුකරන ලද ශ්‍රාස්ත්‍රීය මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා ජීවිතකාලයේ දී එක්වරක්...

සම්මාණිත මහාචාර්ය සී.ඇම්. මද්දුම බණ්ඩාරයන් සාහිත්‍යසූරි (D.Litt.) සම්මාණයෙන් පිදුම් ලබයි

2022 අගොස්තු මස 31 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පවත්වනු ලබු වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේ දී මෙරට ප්‍රමුඛවිද්වතෙකු වන...

ජාත්‍යන්තර භූ කාලානුක්‍රමික සටහන හෙවත් භූ විද්‍යා කාල පරිමාණය

පෘථිවිය නිර්මාණයේ පටන් වර්තමානය දක්වා සමස්ථ භූ විද්‍යා කාලය ඒ ඒ කාල වකවානු සුවිශේෂී වූ ලක්ෂණ හා ජීවින් අනුව බෙදා දැක්වීම International Chronostratigraphic Chart - geologic time scale (GTS) හෙවත් භූ විද්‍යා කාල පරිමාණය අනුව සිදු වෙයි.

පුරාවිද්‍යා ආඥා පනතේ උපයෝගීතාව

කිසියම් රටක පොදු වූ අනන්‍යතාවයක් ලෙස එම රටෙහි පුරාවස්තු හැඳින්විය හැකිය. මෙම පුරාවස්තු කෙබඳු ආකාරයෙන් ආරක්ෂා කළ යුතුද යන්න සෑම රටකටම පොදු වූ නීති-රීති ඔස්සේ පෙන්වා දෙනු ලැබේ. අප රටෙහි එබඳු පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා යොදා ගනු ලබන නිතීරීතී පද්ධතියක් දැකිය හැකි අතර එලෙස එම නීතීරීතී අන්තර්ගත ප්‍රකාශනය වනුයේ පුරාවිද්‍යා ආඥා පනතයි. මෙම පුරාවිද්‍යා ආඥා පනත කෙබඳු ලෙසකින් පුරාවස්තු ආරක්ෂාව සඳහා හේතු සාධක වන්නේ ද සොයා බැලිය යුතුය. මේ අනුව පුරාවිද්‍යා ආඥා පනතේ ක්‍රියාකාරිත්වය හා ඒ තුළින් කෙබඳු ආකාරයට පුරාවස්තු විනාශය අවම කර ගැනීමට හේතු වන්නේද යන්න සොයා බැලීම මෙහි මූලික අරමුණ වන්නේය.

රෙදිපිළි නිමහම් රටා, මවයි උරුමයක සුපසන් රටා

ආචාර්ය ප‍්‍රියංකා විරාජිනී මැදගෙදර කරුණාරත්න පේෂකර්ම සහ ඇගළුම් තාක්ෂණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඉංජිනේරු පීඨය, මොරටු විශ්වවිද්‍යාලය, කටුබැද්ද, මොරටුව. හැඳින්වීම රෙදිපිළි නිම්හම් රටා යම් කාල වකවානුවක්, දේශයක්, ජාතියක් මෙන්ම...

පුරාතන ඉන්දීය ආර්ථිකය තුළ ශ‍්‍රම භාවිතය

පුරාතන සමාජ ආර්ථික රටාවන් තුළ 'ශ‍්‍රමය' යන්න සඳහා නිශ්චිත වූ අර්ථ කථනයක් නොසැපයේ. නමුත් මෑත කාලීන මිනිසා හා ඔහුගේ දේශපාලන, සමාජ හා ආර්ථික ක‍්‍රියාදාමයන් පිළිබඳව විවිධ විග‍්‍රහයන් ඉදිරිපත්වීම හා සමගාමීව 'ශ‍්‍රමය' පිළිබඳව පුළුල් කතිකාවතක් ගොඩනැඟී ඇත. විද්වතුන් අවධාරණය කරන පරිදි  පුරාතන ලෝකයේ ශ‍්‍රමය හා නිෂ්පාදන කටයුතු පිළිබඳව විග‍්‍රහ කර පැවතියේ දේව-මිත්‍යා කථා ඇසුරිනි. එහි දී ජගත් මාතා දෙවඟන හා පුරුෂ දෙවියා ආදි සංකල්ප භාවිතයට ගත් බව විශ්වාස කෙරේ (ධම්මජෝති හිමි 2002:261).  ශ‍්‍රමය හා ශ‍්‍රම සූරා කෑම පීළිබඳව මෑත කාලිනව යථාර්ථවාදී විග‍්‍රහයක් කරන ලද්දේ කාල් මාක්ස් විසිනි. ඔහුගේ දාර්ශනික අදහස් තුළ ශ‍්‍රමය හා එහි භාවිතාව පිළිබඳ අවධාරණය කර තිබීම තුළින් පැරණි සමාජ ආර්ථික රටාවන් තුළ ශ‍්‍රම භාවිතාව හා සබැඳි සාධාරණ පිළිිවෙතක් නොතිබුණේ ද යන්න පිළිබඳව ගැටළු මතු වේ.

මහනුවර යුගයේ රාජකීයයන්ගේ කලාත්මක චින්තනය : රෙදිපිළි මූලාශ්‍රය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සිදුකරන අධ්‍යයනයකි

රෙදිපිළි, අතීත ලංකාවේ ජනයාගේ කලාත්මක භාවිතය පිළිබඳ විශිෂ්ට නිදර්ශන සපයයි. වෙසෙසින් මහනුවර යුගයේ රාජකීයයෝ කලාත්මක රෙදිපිළි භාවිතය පිළිබඳව මහත් ප‍්‍රසිද්ධියක් ඉසිලූහ. සිල්ක්, ලේස්, බ්‍රොකේඞ්, සැටින්, මස්ලින් හා වෙල්වට් ආදී ආනයනික රෙදිපිළි සඳහා එකල ඉහළ ඉල්ලුමක් පැවතිණ. සිල්ක් චීනයෙන් ද සෝමාර, බෙනාරිස් හා කපු පිළි ඉන්දියාවෙන් ද ගෙන්වන ලදී. පෘතුගීසී ලේඛනවල ඔවුන් බ්‍රොකේඞ් රෙදි සුමාත‍්‍රා දූපත්වලින් මෙරටට ගෙන් වූ බව සඳහන් වේ. ඉතා සිනිදු මස්ලින් ඉන්දියාවේ වියන ලදී. ආනන්ද කුමාරස්වාමි මහතා එවන් අති විශේෂ මස්ලින් වර්ග තුනක් විස්තර කරයි. සිහින් මස්ලින්වලට ගලායන දිය, වියන ලද මද පවන, සහ සැදෑපින්න වැනි කාව්‍යමය නාම භාවිත කරන ලදී.

පෘතුගීසි හා ලන්දේසි පාලනය යටතේ ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික ඉඩම් භුක්ති ක‍්‍රමයේ සිදු වූ වෙනස්කම්

ආර්.එම්. අශානි දිලිනි රත්නායක ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය. ashanidilini@gmail.com සංක්‍ෂිප්තය පුරාණ ලංකාවේ ඉඩම් භුක්තිය හා රාජ්‍ය අතර පැවතියේ විශේෂ සබඳතාවයකි. ඉඩම්...

ශ‍්‍රී ලංකාවේ ස්පර්ශනීය සංස්කෘතික උරුමය අංකිත (Digital) ස්වරූපයෙන් වාර්තා කිරීමේ අවශ්‍යතාව හා එසේ වාර්තා කිරීම සඳහා යෝජිත ආකෘතියක්

අනුරාධ පියදාස, චන්දිම බණ්ඩාර අඹන්වල, මහින්ද කරුණාරත්න archaeology.lk සම ප‍්‍රාරම්භක හා කණ්ඩායම් සාමාජික අධ්‍යයන සංක්‍ෂිප්තය අදින් වසර 125,000ක් දක්වා ඈතට ගමන් කරන යටගියාවකට උරුමකම් කියන ශ‍්‍රී ලාංකේය...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි