ලිපි

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්

මහින්ද, භද්‍රසාල, ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා කරවීමක් එහි අන්තර්ගතය තුළ දක්නා ලැබේ. දෙවැන්න කාල අවකාශීය වශයෙන් ක්‍රි. පූ. දෙවැනි සියවසi  තරම් ඈත අතීතයකට අයත් වූවක් වන අතර වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේii  පර්වත තලයක් මත පිහිටි ගරා වැටුණු ස්තූප ගොඩැල්ලකට ආසන්නයේ කොටවා තිබී සොයා ගන්නා ලද්දකි.

බණ්ඩාරවෙල සංස්කෘතිය: බණ්ඩාරවෙල පල්ලිය කන්ද – ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සංකීර්ණය

ජනප්‍රිය ව්‍යවහාරයේ ‘පල්ලිය කන්ද’ නමින් ප්‍රචලිත මෙම ස්ථානය මෙතෙක් මධ්‍ය කදුකරයේ හඳුනාගෙන ඇති වැදගත්ම ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස...

සිරාන් දැරණියගල: කොදෙව්වක උපන් මහද්වීපයකටත් වඩා විශාල මිනිසා

සිරාන් දැරණියගල විශාල කුශාග්‍ර බුද්ධිමතෙකි, පර්යේෂකයෙකි, අප රටේ ඉතිහාසය, පුරාවිදයාව විප්ලවය වෙනසකට පාත්‍ර කිරීමට ණැනනුවන හා ශ්‍රමය කැපකල පුරෝගාමියෙකි.

ඇමසන් මහ වනය මැදින් සොයාගත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් සහිත සිස්ටන් දෙව්මැදුර

ඇමසන් වනයේ කොලොම්බියා රාජ්‍යට අයත් කොටසේ වනය තුළින්  සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පියැසි සංකීර්ණයක  ඇති ප්‍රාග්ඓතිහාසික...

25. වරකාපොල, දොරවකකන්ද ඇතුබැඳි ලෙන

දොරවකකන්දේ පහළ ජනාවාස මට්ටම්වලින් සංක්‍රාන්ති කාලයක් පිළිබඳ සාධක අනාවරණය වෙනව කියලයි විජේපාල මැතිතුමා කියන්නේ. ඒ කියන්නේ මධ්‍යශිලා යුගයේ හිටපු මිනිස්සු නවශිලා යුගය දෙසට ගමන් කළ බව පෙන්නුම් කරනවා.

24. අභිලේඛන විද්‍යාව, පුරා අක්‍ෂර විද්‍යාව හා සෙල්ලිපි

මේ කාරණෙත් කිවුවේ නැත්නම් අඩුවක්. ලංකාවේ පැරණි ලියවිලි ගැන ප්‍රකාශන දෙකක් නිල වශයෙන්ම තියෙනවා. පළමු වැනි එක තමයි Epigraphia Zeyalanica කියන පොත. 1912 තමයි ඉස්සෙල්ලම පළ වුනේ.

23. ලංකාවේ මහාශිලා සම්ප්‍රදාය

දැනට ලැබිල තියෙන කාලනීර්ණ හා ඒ පිළිබඳ අවබෝධය අනුව මේ මහාශිලා සම්ප්‍රදාය සම්බන්ධ ඈතම කාලනීර්ණ ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව 6/7 වගේ සියවස්වල.

22. වෙස්සගිරියේ සිතුවම්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා 1972 වසරේ දි ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සි කියන සිතුවම් සංරක්‍ෂණ ශිල්පියා ගෙන්නලා මෙම සිතුවම් විනාශ වන එක අවම කරල තියෙනවා.

21. වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස

මෙම ලේඛනයේ ‘නකදිව’ යනුවෙන් අදහස් කර ඇත්තේ අද එනමින් හඳුන්වනු ලබන දූපත පමණක් නොව සම්පූර්ණ යාපන අර්ධද්වීපයමයි.

20. විශිෂ්ඨ ලාංකේය පුත්‍රයෙකු වූ සී.ඩබ්ලියු. නිකලස්

සී.ඩබ්ලියු. නිකලස් මැතිතුමා කියන්නේ මට දැනෙන විදිහට මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමාගේ ගුරුවරයෙක් වගේ. මෙතුමා විශිෂ්ඨ විද්වතෙක් වුනත් එතුමා ගැන විස්තර නම් බොහොම අප්‍රකටයි.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි