ලිපි

බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අන්තර්ජාලයට

බි‍්‍රතාන්‍ය පුස්තකාලය විසින් බි‍්‍රතාන්‍ය පුස්තකාලයේ සහ ඉන්දියානු කාර්යාල එකතුවේ එක් අංශයක් වන හියු නෙවිල් අත්පිටපත් එකතුවේ අන්තර්ගත වන ශ්‍රී ලාංකික පුස්කොළ පොත් (අත්පිටපත්) හතරක් ඩිජිටල්කරණය කර ඇත. එය ‘ පැරණි ශ්‍රී ලාංකික පුස්කොළ පොත් අත්පිටපත් කිරීමේ නියමු ව්‍යාපෘතිය’ ලෙස නම් කර ඇති අතර, මෙම ව්‍යාපෘතිය වෙත ශ්‍රී ලංකාවේ ලාභ නොලබන සංවිධානයක් වන ' පරමත්ථ' අයතනය විසින් නොමසුරුව සහාය දක්වන අතර, එලෙස ඩිජිටල්කරණය කළ පින්තූර අන්තර්ජාලය හරහා නොමිලේ ලබා ගත හැකි වන ලෙස ප්‍රවේශය සකසා තිබීම මෙම ව්‍යාපෘතියේ එක් විශේෂ ලක්ෂණයකි.

රජගල පූර්ව බ්‍රාහ්මී පර්වත ලිපිය උදෙසා විකල්ප අර්ථකථනයක්

මහින්ද, භද්‍රසාල, ඉට්ඨිය හා උත්තිය තෙරවරුන්ගේ ප්‍රතිමා කරවීමක් එහි අන්තර්ගතය තුළ දක්නා ලැබේ. දෙවැන්න කාල අවකාශීය වශයෙන් ක්‍රි. පූ. දෙවැනි සියවසi  තරම් ඈත අතීතයකට අයත් වූවක් වන අතර වර්තමාන අම්පාර දිස්ත්‍රික්කයේ රජගල පුරාවිද්‍යා ක්ෂේත්‍රයේii  පර්වත තලයක් මත පිහිටි ගරා වැටුණු ස්තූප ගොඩැල්ලකට ආසන්නයේ කොටවා තිබී සොයා ගන්නා ලද්දකි.

බණ්ඩාරවෙල සංස්කෘතිය: බණ්ඩාරවෙල පල්ලිය කන්ද – ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස සංකීර්ණය

ජනප්‍රිය ව්‍යවහාරයේ ‘පල්ලිය කන්ද’ නමින් ප්‍රචලිත මෙම ස්ථානය මෙතෙක් මධ්‍ය කදුකරයේ හඳුනාගෙන ඇති වැදගත්ම ප්‍රාග් ඓතිහාසික එළිමහන් ජනාවාස...

සිරාන් දැරණියගල: කොදෙව්වක උපන් මහද්වීපයකටත් වඩා විශාල මිනිසා

සිරාන් දැරණියගල විශාල කුශාග්‍ර බුද්ධිමතෙකි, පර්යේෂකයෙකි, අප රටේ ඉතිහාසය, පුරාවිදයාව විප්ලවය වෙනසකට පාත්‍ර කිරීමට ණැනනුවන හා ශ්‍රමය කැපකල පුරෝගාමියෙකි.

ඇමසන් මහ වනය මැදින් සොයාගත් ප්‍රාග්ඓතිහාසික සිතුවම් සහිත සිස්ටන් දෙව්මැදුර

ඇමසන් වනයේ කොලොම්බියා රාජ්‍යට අයත් කොටසේ වනය තුළින්  සැතපුම් අටක් පමණ දිගට විහිදෙන ගුහා පියැසි සංකීර්ණයක  ඇති ප්‍රාග්ඓතිහාසික...

ශ්‍රී ලංකා මුහුදේ ගිලුණු නැවු, ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් මගින් අනාවරණය වූ තොරතුරු

ශ්‍රී ලංකා මුහුදේ ගිලුණු නැවු, ජලාශ්‍රිත පුරාවිද්‍යා ගවේෂණ හා කැණීම් මගින් අනාවරණය වූ තොරතුරු පිළිබඳව විස්තරාත්මක දැනගැනීමට රසික මුතුකුමාරණ මහතා විසින් පවත්වන ලද දේශනය නැරඹීමට එක්වන්න.

14. යාපනයෙන් හමු වූ පැරණිම ගල් මෙවළම් – ඇචුලියානු අත්පොරො

ඇචුලියානු අත්පොරෝ කියන්නේ මීට අවුරුදු ලක්ෂ ගණනාවකට පෙර ලෝක මට්ටමින් ව්‍යාප්ත වුණු ගල් ආයුධ සම්ප්‍රදායක්. පුදුම හිතෙනවා, සන්නිවේදන තාක්‍ෂණයවත් වැඩිල නැති කාලෙක මේ වගේ දෙයක් ලෝකෙ පුරා ම ව්‍යාප්ත වෙනව කිය එක.

ටැම්පිට විහාර හා ඒවායේ බිතුසිතුවම්

ටැම්පිට විහාර මහනුවර යුගයේ දී වඩාත් ප‍්‍රචලිත වූ සම්ප‍්‍රදායකි. මෙම පිළිම ගෙවල් ඉදිකරන ලද්දේ බුුදුන් වහන්සේ වෙනුවෙන් අද පූජා කිරීම සඳහා වන අතර ඒවා පිළිබඳව අදහස් ඉදිරිපත් කරන එස්.යු. දැරණියගල මහතා පවසන්නේ "මෙම ටැම්පිට විහාර ඒවා නිර්මාණය කර ඇති අවදියට අයත් දේශීය ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් සහ මූර්ති කලාව මෙන්ම බිතුසිතුවම් ද ආරක්ෂා වී පවතින කුඩා කලාගාර වැනිය." යනුවෙනි.

අනුරාධපුර, රළපනාව කිරිවෙහෙර අප‍්‍රකාශිත ටැම් ලිපි

අනුරාධපුර දිස්ති‍්‍රක්කයෙහි නොච්චියාගම ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව පිහිටි රළපනාව නම් ගම රළපනාව නම් වූ සුන්දර වැව ආශ‍්‍රය කොටගෙන ගොඩනැඟුණු සාම්ප‍්‍රදායික වැව් ගමකි. 1890 දශකයෙහි උතුරු මැද පළාතේ සිවිල් සේවයේ නියුක්තව සිටි බි‍්‍රතාන්‍ය ජාතික ආර්.ඩබ්ලිව්. අයිවර්ස් මහතා රළපනාවේ වැව අති රමණිය විලක් බඳු එකක් යැයි වාර්තාකර ඇත (අයිවර්ස් 2004:282). පුත්තලම අනුරාධපුර මාර්ගයේ අනුරාධපුර නගරයට කිලෝමීටර් 20ක් පමණ මෙපිටින් පිහිටි සිංහාරගම හංදියෙන් දකුණට හැරී ගුරු පාරෙහි කිලෝමීටර් 1ක් පමණ රළපනාව වෑ කණ්ඩිය මතින් ගමන් කිරීමෙන් රළපනාව කිරිවෙහෙර රජමහා විහාරයට පැමිණිය හැකි ය. මෙය වසර දහස් ගණනක ඉතිහාසයට උරුමකම් කියන නිශ්චිත ගොඩනැඟිල්ලකට අයත් සේ හඳුනාගත නොහැකි ගල්කණු, ගල් කුට්ටි, කැටයම් රහිත සඳකඩපහණ ආදී ශිලා ඉදිකිරීම් අංග මෙන්ම ශිලා යූපගල, පහන් ආදී වස්තු බොහොමයකින් සමන්විත විහාරස්ථානයකි. විහාරස්ථානයට උතුරු දිශාවෙන් යාබද ඉඩමෙහි රළපනාව වලව්ව පිහිටි භූමිය වේ. අයිවර්ස් සඳහන් කරන පරිදි 1849 වන විට අනුරාධපුර බටහිර දිසාව (කොට්ඨාශය) රළපනාවේ රටේ මහත්මා විසින් පාලනය කොට ඇති අතර 1870 වන විට ඔහු විසින් රළපනාව වැවෙහි සොරොව්ව ද ප‍්‍රතිසංස්කරණයකර අවසන්කොට තිබී ඇත (අයිවර්ස් 2004:153,282).

අන්දරවැව, මහාශිලා සුසානයෙන් හමුවන වීදුරු පබළු හා ලෝහ මෙවලම්

ශ‍්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික අවධියට අයත් ජනාවාස තොරතුරු අධ්‍යනයේ දී එම ජනාවාස හා සුසාන ආශ‍්‍රිත ව ලැබෙන්නා වූ පබළු පිළිබඳ අධ්‍යයනය කිරීම ද අතිශයින්ම වැදගත් වේ. විශේෂයෙන් ම මෙහි දී කානීලියන් හා ඇගේට් පාෂාණය මෙන් ම වීදුරු උපයෝගී කරගෙන නිර්මාණය කර ඇති පබළු වැඩි වශයෙන් වාර්තා වී තිබේ. මෙම පබළු අතර වීදුරු පබළු පූර්ව ඓතිහාසික යුගයේ දී මෙරට නිර්මාණය කළ බවට තොරතරු සුසාන ආශි‍්‍රත ව ලැබී ඇති පබළු හා පබළු නිශ්පාදනයට අදාළ කාර්මික ශේෂ තුළින් පැහැදිළි වේ. ඒ අතර විවිධ හැඩයන්ගෙන් සමන්විත විදුරු පබළු රාශියක් හමු වී තිබේ. ඒවා නිල්, කොළ, දුඹුරු හා සුදු ආදී වර්ණවලින් නිර්මාණය කර ඇති බව හමු වී ඇති සාධක තුළින් පැහැදිලි වේ. අනුරාධපුරයේ වීදුරු පබළු නිර්මාණය සම්බන්ධ ව පැරණිතම කාලනීර්ණ දැනට ලැබී ඇත්තේ කහටගස්දිගිලිය, කොක්එබේ මෙගලිතික සුසානය ඇසුරිනි. එම සුසානයෙ 2016 වර්ෂයේ සිදුකරන ලද කැනීම්වල දී ක‍්‍රිස්තු පූර්ව 790ට දින නියම වී ඇති සුසානය තුළින් නිල් කොළ හා දුඔුරු වර්ණයෙන් නිරිමිත වීදුරු පබළු ලැබී තිබේ

ලක්දිව පුරාවිද්‍යාත්මක උරුමය හා සම්බන්ධ නෛතික අර්ථනිරූපණ

බැරගම සද්ධානන්ද හිමි හා යමුනා හේරත් පාළි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම අතීත මානවයාගේ ක්‍රියාකාරිත්වයෙන් ශේෂ වූ ද්‍රව්‍යමය සාධක පුරාවිද්‍යාත්මක උරුමය යන්නෙන් සරලව අර්ථ දැක් වේ. ඊට...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි