පුරාවිද්‍යා කෙටි සටහන්

02. ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළම්

මේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළමක්.‍ සෙන්ටිමීටර් 3ක් විතර ඇති. 'බලංගොඩ උල් මෙවළම්' (Balangoda Point) කියල කියන්නේ මෙවට. ජ්‍යාමිතික නොවන හැඩයක් තියෙන 'ක්ෂුද්‍ර ශිලා' නැතිනම් ඉතා කුඩා ගල් මෙවළමක්...

01. ක්ෂුද්‍ර ශිලා මෙවලම්

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සන්දර්භයකින් අනාවරණය වු ක්ෂුද්‍ර ශිලා මෙවලමකි. අඩ සඳ ආකාර මෙය තිරුවාණා ගලකින් නිමවා ඇති අතර...

06.ආසියාවේ පැරණිම බ්‍රාහ්මී ලේඛන අනුරපුරයෙන්

බ්‍රාහ්මී අක්ෂර කියන්නේ අපේ කලාපයේ පරණම අකුරු පද්ධතියක්. මෙම අකුරු ජනප්‍රිය වුනේ මෞර්ය අසෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 268-232) තමන්ගේ...

03. සත්ව අස්ථි මෙවළම්

මෙන්න මෙවුවට තමා කියන්නේ 'සත්ව අස්ථි මෙවළම්' කියල. මේ තියෙන්නේ ගම්පහ අලවල පොත්ගුල් ලෙණ කැනීම අතරවාරයේ ඒ කියන්නේ 2010 විතර අනාවරණය වූ මානව කෘතක කීපයක්.

07. ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව

මෙහි පැරණිම බ්‍රාහ්මි අකුරු කියවිය යුත්තේ අපි සාමාන්‍යයෙන් කරන ආකාරයට වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට කියලා. මහාචාර්ය ඉන්ද්‍රපාල මැතිතුමා මෙයින් යට තියෙන පැරණිම බ්‍රාහ්මි අකුරු "කොවෙන්ත" නැත්නම් "කොවෙතං" කියලයි කියවන්නේ.

32. බලංගොඩ මිනිසාගේ ජීවනෝපාය

ලංකාවේ වගේම දකුණු හා ගිණිකොණදිග ආසියාවේ දඩයක්කාර රැස්කරන්නන්ගේ ජනසමාජ ගැන කරපු මානවවංශ ගවේෂණ අනුව ලංකාවේ පරිසරයේ දැකගත හැකි, කෑමට ගතහැකි සෑම ශාක වර්ගයක්ම කෑමට ගත්ත කියන එකට සැකයක් නෑ.

29. දියතරිප්පු

දියතරිප්පු නිර්මාණ කිරීම සඳහා පාවිච්චි කරන්නේ සරළ උපකරණ කීපයක්. දැතේ මහන්සිය තමයි ප්‍රධාන. මේ තියෙන සීමිත උපකරණ අතර පට්ටලය කියන සරළ ලිවරය තමයි වැදගත්. පට්ටලය උපකාරයෙන් තමා පාෂාණ කපා ගැනීම, රටා කපා ගැනීම, කොටස් වෙන්කර ගැනීම වගේ දේවල් කරන්නේ.

27. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ශෛලියේ ගුහා චිත්‍ර

ඇදිම (Paintings) හා සීරීම (Engravings) කියන ක්‍රම දෙකටම මේ සිතුවම් ඇඳල තියෙනවා. බුරුසු වගේ දේවල් භාවිත කරල සිතුවම් රූපණය කිරීමට ඇඳීම කියල කියනවා. මේ ක්‍රමයේ දි අගුරු, අළු, මැටි වගේ දේවල් පාට වශයෙන් යොදාගෙන තියෙනවා.

26. ඉරණමඩු පාංශු සංකීර්ණය හා ලංකාවේ පුරාශිලා යුගය

මේ පාංශු කලාපය හරිම විශේෂයි. රටේ වෙරළබඩනේ පිහිටල තියෙන්නෙත්. ඒ නිසා ප්‍රාග් ඓතිහාසික මිනිස්සු ගැන විස්තර මේ තුළ තියෙන්න තියෙන ඉඩ බොහොම වැඩියි. ප්‍රාග් ඓතිහාසික මිනිස්සු මුහුදට ගොඩක් ආස වෙලා තියෙනවා.

25. වරකාපොල, දොරවකකන්ද ඇතුබැඳි ලෙන

දොරවකකන්දේ පහළ ජනාවාස මට්ටම්වලින් සංක්‍රාන්ති කාලයක් පිළිබඳ සාධක අනාවරණය වෙනව කියලයි විජේපාල මැතිතුමා කියන්නේ. ඒ කියන්නේ මධ්‍යශිලා යුගයේ හිටපු මිනිස්සු නවශිලා යුගය දෙසට ගමන් කළ බව පෙන්නුම් කරනවා.

24. අභිලේඛන විද්‍යාව, පුරා අක්‍ෂර විද්‍යාව හා සෙල්ලිපි

මේ කාරණෙත් කිවුවේ නැත්නම් අඩුවක්. ලංකාවේ පැරණි ලියවිලි ගැන ප්‍රකාශන දෙකක් නිල වශයෙන්ම තියෙනවා. පළමු වැනි එක තමයි Epigraphia Zeyalanica කියන පොත. 1912 තමයි ඉස්සෙල්ලම පළ වුනේ.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි