පුරාවිද්‍යා කෙටි සටහන්

02. ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළම්

මේ තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික ගල් මෙවළමක්.‍ සෙන්ටිමීටර් 3ක් විතර ඇති. 'බලංගොඩ උල් මෙවළම්' (Balangoda Point) කියල කියන්නේ මෙවට. ජ්‍යාමිතික නොවන හැඩයක් තියෙන 'ක්ෂුද්‍ර ශිලා' නැතිනම් ඉතා කුඩා ගල් මෙවළමක්...

01. ක්ෂුද්‍ර ශිලා මෙවලම්

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික සන්දර්භයකින් අනාවරණය වු ක්ෂුද්‍ර ශිලා මෙවලමකි. අඩ සඳ ආකාර මෙය තිරුවාණා ගලකින් නිමවා ඇති අතර...

06.ආසියාවේ පැරණිම බ්‍රාහ්මී ලේඛන අනුරපුරයෙන්

බ්‍රාහ්මී අක්ෂර කියන්නේ අපේ කලාපයේ පරණම අකුරු පද්ධතියක්. මෙම අකුරු ජනප්‍රිය වුනේ මෞර්ය අසෝක අධිරාජ්‍යයා (ක්‍රි.පූ. 268-232) තමන්ගේ...

03. සත්ව අස්ථි මෙවළම්

මෙන්න මෙවුවට තමා කියන්නේ 'සත්ව අස්ථි මෙවළම්' කියල. මේ තියෙන්නේ ගම්පහ අලවල පොත්ගුල් ලෙණ කැනීම අතරවාරයේ ඒ කියන්නේ 2010 විතර අනාවරණය වූ මානව කෘතක කීපයක්.

07. ආනෛකොඩ්ඩායි ලෝහ මුද්‍රාව

මෙහි පැරණිම බ්‍රාහ්මි අකුරු කියවිය යුත්තේ අපි සාමාන්‍යයෙන් කරන ආකාරයට වමේ සිට දකුණට නොව දකුණේ සිට වමට කියලා. මහාචාර්ය ඉන්ද්‍රපාල මැතිතුමා මෙයින් යට තියෙන පැරණිම බ්‍රාහ්මි අකුරු "කොවෙන්ත" නැත්නම් "කොවෙතං" කියලයි කියවන්නේ.

42. පුරාණ පංසල් සුරැකීම ගැන අදහසක්

ලංකාවේ හිටිය රජවරු දානපතියන් වෙහෙරවිහාර හැදුවේ වදින්නපුදන්න. එය නිවනට මඟක් කරගන්න. අපේ සම්ප්‍රදාය වුනේ විනාශ වුණු, වෙහෙරවිහාර පිළිම ආදිය කටුකොහොල් ඇරල පෙර තිබූ තත්ත්වයට පත් කරන එක. මේ ගැන උදාහරණ සියගණනක් අපේ වංශකතාවල තියෙනවා.

41. මිහින්තලේ, සිංහ පොකුණ

සිංහ පොකුණට පිවිසෙන තැන හුනුගලකින් හදපු කැටයම් නැති සඳකඩපහණක් දැකගන්න පුළුවන්. එ වගේම පොකුණ ඉදිරියේ විෂ්කම්භය අඩියක් පමණ වන ඇඹරුම් ගලක් ද දැකගන්න පුලුවන්. මෙතැන නාන අයට අවශ්‍ය ආලේපන ඇඹරීම සඳහා මෙය යොදාගන්න ඇති.

40. අනුරාධපුර යුගයේ විහාර සම්ප්‍රදා

වචනයෙන් කියැවෙන ආකාරයටම මේ ගොඩාක් විට විශාල පරිමාණයේ විහාර. පැරණිම කාලේ ජනප්‍රිය වුණු විහාර සම්ප්‍රදායක් මේක. මේ විහාර සම්ප්‍රදායේ මූලිකත්වය ලැබෙන්නේ ස්තූපයට. ස්තූපය මැදි කරගෙන තමයි අනෙකුත් නිර්මාණ තියෙන්නේ.

39. අම්පාර, රජගල සෙල්ලිපියක්

ඉන්දියාවේ හිටිය මෞර්ය වංශයේ බලවත්ම පාලකයා වුණු දෙවානම් ප්‍රියදර්ශි අසෝක අධිරාජයයා තුන්වැනි ධර්ම සංඝායනාවෙන් පසුව, ගිහි කල තමන්ගේ පුතණුවන් වූ මහා මහින්ද තරුන් වහන්සේ හා ඉත්තිය, උත්තිය, සම්බල, බද්ධසාල හා බණ්ඩුක උපාසක නම් පිරිස අපේ දිවයිනට එවනවා දහම් පනිවිඩය අරන්.

38. ලංකාවේ ලෝක උරුම

ලංකාවේ පුරාවිද්‍යාව තුළත් කතාබහට ලක්වෙන අපේ ආර්ථිකය එක්කත් බද්ධ වුණු ලෝක උරුම ගැන කතාකරන්නයි මේ සටහන. ලංකාවෙත් මේ ලෝක උරුම කීපයක්ම තියෙනවා. සමහර අය...

37. බලංගොඩ මිනිසාගේ අභිචාර හා කලාව

ලංකාවේ ජ්‍යාමිතික ක්‍ෂුද්‍රශිලා මෙවළම් කලාත්මක ලක්ෂණයන්ගෙන් අනූනයි. කලා නිමැවුම් විදිහට කෙළින්ම හිතන්න බැරිවුනත් මේ ගල් මෙවළම් බලංගොඩ මිනිසාගේ කලාත්මක අදහස් වගේම නිර්මාණශීලීත්වය පෙන්නනවා. ‘බලංගොඩ උල් මෙවළම්’ ගත්තත් සියුම් හා ඉහළ නිර්මාණ ලක්ෂණ අනූනයි.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි