කලා හා කලා ඉතිහාසය

ටැම්පිට විහාර හා ඒවායේ බිතුසිතුවම්

ටැම්පිට විහාර මහනුවර යුගයේ දී වඩාත් ප‍්‍රචලිත වූ සම්ප‍්‍රදායකි. මෙම පිළිම ගෙවල් ඉදිකරන ලද්දේ බුුදුන් වහන්සේ වෙනුවෙන් අද පූජා කිරීම සඳහා වන අතර ඒවා පිළිබඳව අදහස් ඉදිරිපත් කරන එස්.යු. දැරණියගල මහතා පවසන්නේ "මෙම ටැම්පිට විහාර ඒවා නිර්මාණය කර ඇති අවදියට අයත් දේශීය ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් සහ මූර්ති කලාව මෙන්ම බිතුසිතුවම් ද ආරක්ෂා වී පවතින කුඩා කලාගාර වැනිය." යනුවෙනි.

බදුල්ල, කුරුල්ලන්ගල ප‍්‍රාථමික ශෛලියේ සිතුවම්

ගම්පොළ විජය හිමි හැඳින්වීම කුරුල්ලන්ගල, ප‍්‍රාථමික සිතුවම් සහිත අප‍්‍රකට පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයකි. ගමන් කිරීමේ පවතින දුෂ්කරතාව හේතුවෙන් එය නරඹන්නන්ගෙන් ව්‍යුක්තව පවතීයි....

පොළොන්නරුව, ගල් විහාරයේ ප‍්‍රතිමා

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ගල් විහාරය නමැති උත්කෘෂ්ඨ මනරම් බුද්ධ ප‍්‍රතිමා පන්තියකින් සමන්විත සිද්ධස්ථානය බිහි විය. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්ථය සහිත 'උත්තරාරාමය' යන නමින් හඳුන්වා ඇත. විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් පසු කාලයේ මෙම සිද්ධස්ථාන 'ගල් විහාරය' යන නමින් මහජනතාව අතර ප‍්‍රචලිත වන්නට ඇති බව මහැඳුරු ආරිය ලගමුවගේ අදහසයි (ලගමුව 1999:142). මහාවංසයේ මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකර වූ බව පැහැදිලිව සඳහන්ව ඇත.

ඓතිහාසික මාළිගාවිල පුදබිමේ බුදු පිළිමය හා බෝසත් පිළිමය

ස්ඵටික හුණු ගලින් (ලවණ ගිරි පාෂාණය) නිමවන මෙම පිළිමය අඩි 45ක පමණ උසකින් සමන්විත වේ. ආන්ද්‍රා ශෛලයට අනුව නිර්මාණය කරන ලද මෙම පිළිමය මෙරට පිහිටි උසම හිටි පිළිමය ලෙස ද සැළකේ. සමභංග ඉරියව්ව හා අභය මුද්‍රව නිරූපිත ය. ඒකාංශ චීවරය රැළි සහිත ය. අඩවන් නේත‍්‍රා ය. සමචතුරදස‍්‍රාකාර හැඩයෙන් යුත් ගඩොළින් කළ සුවිශාල ප‍්‍රතිමා ගෘහයකි. මෙය ගෙඩිගේ සම්ප‍්‍රදායට අයත් පිළිම ගෘහයක් ලෙස සැළකේ. මෙම පිළිම ගෘහය තුළ පද්ම පීඨයක් සකසා මාධ්‍යයෙහි පිළිමය පිහිටුවා ඇත. ප‍්‍රතිමා ගෘහයට නැගෙනහිරින් ප‍්‍රදක්ශිනා පථයක්, පියගැටපෙළ 3ක්, සඳකඩ පහනක් සහ මුරගල් 2කී. ප‍්‍රතිමාව හා පිළිම ගෘහය වටා වැලි ඇතිරු මළුවකි. එහි පාදෝවනයක් ස්ථාපිත කර ඇත. මෙහි ශේෂ වී ඇති වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ අනුව පිළිම ගෘහය වටා ප‍්‍රාකාරයක් ද තිබෙන්නට ඇති බව සැළකිය හැකි ය. මෙම පිළිමය 1991 වසරේ දී රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලදී. 1991 වසර වනවිට පිළිමය කොටස්වලට කැඞී කැබලිව තිබිය දි වාර්තා වී ඇත.

පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍රයවලින් අනාවරණය වන අනුරාධපුර යුගයේ නර්තන කලාව

සංස්කෘතියක් ගොඩනැගීමේ දී ඔවුනට ආවේණික සංස්කෘතික අංග බිහිවන අතර ඒවා ඒ ඒ රටට ප‍්‍රදේශයට හා ජීවත්වන මිනිසුන්ගේ අදහස්වලට අනුව වෙනස්වෙමින් ඔවුනට ගැලපෙන අයුරින් සකස්වීම සිදුවේ. මේ අනුව ප‍්‍රාථමික සංස්කෘතිය ගොඩනැගෙන අවස්ථාවේ දීම නර්තනය ආරම්භ වන්නට ඇත. ප‍්‍රාථමික මිනිසා තම ගෝත‍්‍රයන්ගේ සුභසෙත ල`ගාකර ගැනීම, දඩයම් සාර්ථක කර ගැනීම, වර්ෂාව ලබාගැනීම, යුධ ජයග‍්‍රහණ ආදී අවස්ථා සැමරීමේ දී නර්තනය යොදාගන්නට ඇතැයි සිතිය හැකි ය.

පොලොන්නරුව, කන්දේගම ප‍්‍රාකෘතික ශෛල සිතුවම්

එල්.එම්. දිනේෂ් කුමාර විමලසේන මූළ පද : පොලොන්නරුව, කන්දේගම, ප‍්‍රාකෘතික ශෛල සිතුවම්, උත්කීර්ණ (Engraving) ශිල්ප ක‍්‍රමය, සන්නිවේදන අර්ථ 1. අධ්‍යයන සංක්‍ෂිප්තය පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් නැගෙනහිර පළාතේ අම්පාර...

වෛකල්පිත කලාකෘති : ශ්‍රි ලංකාවේ පුරාණ දෘශ්‍ය ප්‍රකාශන කිහිපයක්

කලාත්මක නිර්මාණ සම්බන්ධයෙන් සහස්‍රක වර්ෂ දෙකකට ආසන්න ඓතිහාසික සම්ප්‍රදායයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. අප දැන් තේරුම්ගෙන ඇති පරිදි එම සම්ප්‍රදායට අයත් කලාකෘතීන් වැඩිමනක් ආගමික සංයුතියට අයත් වන අතර ඊට සමාන්තර වන පරිදි ම ‍භෞතික අර්ථයෙන් යුත් ප්‍රභූ කලාවක් ද එ සමයෙහි පැවතිණි.

නොදිය විය යුතු දියතරිප්පු: දියතරිප්පු නිර්මාණ ක්‍රියාවලිය හා සම්බන්ධ සමාජ හා තාක්‍ෂණික පසුබිම පිළිබඳ මූලික විමර්ශනයක්

චන්දිම බණ්ඩාර අඹන්වල තාවකාලික කථිකාචාර්ය (2008-10), පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ෙප්රාෙදණිය විශ්වවිද්‍යාලය, ෙප්රාෙදණිය. chandimaambanwala@yahoo.com පිවිසුම “සත්‍ය ලෙස ජීවන කලාවේ ප්‍රගමණය පිළිබඳ සාක්ෂි වශයෙන් ගිණිය හැක්කේ අවශ්‍යතාවන්ගේ ස්වභාවය (ගුණය) විනා...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි