31 C
Colombo
Friday, May 7, 2021
- Advertisement -

AUTHOR NAME

එන්. එච්. සමරසිංහ

17 POSTS
0 COMMENTS
එන්. එච්. සමරසිංහ මහතා1976 වසරේ දී එවකට විද්‍යෝදය නමින් හඳුන්වනු ලැබූ වර්තමාන ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයෙන් කලා උපාධියක් ලබා රජයේ ආයතන කිහිපයක විවිධ තනතුරු දරා 2010 වසරේ දී විශ්‍රාම ලැබීය. ලංකාවේ පෞරාණික ස්ථාන හා ලෝක උරුමයන් පිළිබඳව විස්තරාත්මකව සොයා බැලීමට විශේෂ උනන්දුවක් දක්වන ‌මෙතුමා විශ්‍රාම ගැනීමෙන් පසු ලංකාවේ බොහෝ පෙදෙස්වල ‌මෙන් ම විදේශයන් කීපයක සැරිසරා දැකබලා ගත් දේ අන් අය සමග බෙදා ගැනීමට කැමැත්තක් ද දක්වයි. එතුමා ඒ ‌වෙනුවෙන් ම "සැරිසර සමරු" නමින් බ්ලොග් අඩවියක් ද පවත්වා ගෙන යනු ලබයි. 

තිරියායේ පිහිටි ගිරිහඬු සෑ පුද බිම

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ ‌වෙළෙඳුනට වැදගත් ‌වෙළෙඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ වෙළඳාමට පැමිණි වෙළඳුන් දෙ දෙනෙකුගෙන් වෙළඳ භාණ්ඩ වලට වඩා ඉමහත් වටිනාකමකින් යුත් දායාදයක් ශ්‍රී ලාංකිකයනට ලැබී ඇත. ඒ අද ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් බවට පත්ව ඇති, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි.

අනුරපුරයේ පිහිටි ජේතවන විහාරය

මිහිඳු හිමියන් ලංකාවට පැමිණ ලක්වැසියනට දහම් දෙසන ලද්දේ නන්දන උයනේ සිටයි. එහි සිට දෙසු දහම සිරිලක පුරා වේගයෙන් පැතිරිණ. දහම පැතිරුනේ නන්දන උයනේ සිට බැවින් එය 'ආලෝකය විහිදුවන උයන' යන අරුතෙන් එය 'ජෝතිවනය' නමින් පතළව පසුව ජේතවනය නම් විය.

අනුරපුරයේ අභයගිරි විහාරය

පුළුල් භුමි ප්‍රදේශයක් පුරාම විවිධ පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ රාශියක් දැකිය හැකි නගරයක් ලෙස අනුරාධපුරය ලෝකප්‍රකට ය. ක්‍රිස්තු පුර්ව පමණ සමයේ සිට 12 වන සියවස පමණ කාලය දක්වා විවිධ කාලවල ඉදිකරන ලද ආරාම සංකීර්ණ රාශියක් අනුරාධපුරයේ තිබූ බව දැකිය හැකි ය. මේ අතර පුජාභූමි ප්‍රදේශයේ පිහිටි අභයගිරි විහාර සංකීර්ණයට හිමිවන්නේ වැදගත් තැනකි. එය අනුරාධපුරයේ පැවති විහාරාම අතරින් විශාලතම ආරාම සංකීර්ණයයි. කලාත්මක වාස්තු විද්‍යාත්මක ආදී විවිධ මානයන්ගෙන් බලන විට අනුරාධපුරයේ පිහිටි ආකර්ශනීය ස්මාරකයන් බොහෝමයක් අයත්වන්නේ අභයගිරි සංකීර්ණයට බව පෙනේ.

අනුරාධපුර‌යේ මහා විහාරය

ශ්‍රී ලංකාවේ පළමුවන දේශපාලන හා ආගමික  අගනුවර අනුරාධපුරය බව පොදු පිළිගැනිම වී ඇත. මල්වතු ඔය ඉවුරේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පමණ ඇරඹුණු සේ සැලකෙන, වසර 1500කට වැඩි  කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වූ මේ නගරය විශිෂ්ට සභ්‍යත්වයක කෙන්ද්‍රස්ථානයයි. ලංකාවට බුදු දහම පැමිණ ව්‍යාප්ත වීම හේතුවෙන් මේ නගරය පුරා ඉතා විශාල ආගමික සිද්ධස්ථාන බිහිවිය. දෙස් විදෙස් පතල අධ්‍යාපන මධ්‍යස්ථාන බිහිවිය. බෞද්ධ සංස්කෘතිය දස දෙස පතල විය 12 වන සියවසේ ආක්‍රමණ හේතුවෙන් අගනුවර පොළොන්නරුවට සංක්‍රමණය වුයෙන් මේ අලංකාර නගරය වල්බිහිවන්නට විය.

ඓතිහාසික පොළොන්නරුවේ දළදා මළුව

අනුරාධපුර රාජධානිය 1017දී චෝල ආක්‍රමණයෙන් සොළින්ට අයත්වූ පසු පොළොන්නරුව පාලන නගරයක් ලෙස වර්ධනය විය. විජයබාහු  රජතුමා විසින් චෝල පාලනයෙන් රට බේරාගෙන දන්ත ධාතුන් වහන්සේ හා පාත්‍රා ධාතුව පොළොන්නරුවට ගෙනෙන ලදී. එතුමා විසින් මෙහි දළදා මාලිගාවක් තනවා ධාතුන් වහන්සේලා මෙහි තැන්පත්  කරවන ලදී. එතුමා විසින් නිර්මාණයකරවූ ප්‍රධාන විහාර සංකීර්ණය පොළොන්නරුවේ දළදා මලුවයි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී මෙය වැඩි දියුණුවූ අතර, වැව්, විහාරාරාම, රාජකීය මාලිගා ආදියද පොළොන්නරුවේ නිර්මාණය විය. එසේම  මෙම දළදා මලුව නිශ්ශංක මල්ල රජුගේ කාලයේදී තවත් සංවර්ධනය වින.

මිහින්තලේ – සිංහලයන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරයේ උපත

තම රටවැසියන්ගේ අභිමානය හුවා දැක්වීම සඳහා නොයෙකුත් ජාතින් විසින් ඔවුන්ගේ මුලාරම්භය ඇදහිය නොහැකි සිද්ධීන් ගෙන් පිරුණු දේව ආදී කතා පුවත් වලට සම්බන්ද කොට ඇති බව ග්‍රීක, රෝම හා ඉන්දියානු ආදී පුරාවෘත කියවීමේ දී අපට පෙනී යයි. සිංහලයන්ගේ ආරම්භය ගැන ද හයවන සියවසේ දී පමණ ලියු වංශ කතාවල ද සඳහන් කොට ඇත්තේ අද්භූත සිද්ධීන්ගෙන් සපිරි උත්පත්ති කතාවන්ය. විශ්වාස කළ නොහැකි සිද්ධි ගණනාවක් වංශ කථාවල ඇතුළත් වුවත් ක්‍රිස්තු පුර්ව පස්වන සියවසේ දී පමණ උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්ය භාෂාවක් කතාකළ ඉන්දු ආර්ය ජනතාවක් මේ දිවයිනේ පදිංචි වූ බව නම් සත්‍යයකි. ඔවුන් සිංහලයන් ලෙස හැඳීන් වූ අතර ඔවුන් වාසය කළ දිවයින සිංහලද්වීප යනුවෙන් පැරණි සංස්කෘත පොත් වල සඳහන් කොට ඇත.

මාලිඟාවිල හා දඹේගොඩ ස්මාරක

ඓතිහාසික මාලිගාවිල හිටි බුදු පිළිමය හා දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව අනුරාධපුර යුගයේ බෞද්ධ ප්‍රබෝදය රජරටට පමණක් සිමා නොවි, රට පුරාම පැතිර ගොස් තිබුණු බව අපට පසක් කරවයි. මොනරාගල දිස්ත්‍රීක්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටි මාලිගාවිල සහ දඹේගොඩ පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයට බුත්තල සිට ඔක්කම්පිටිය හරහා කිලෝමීටර් 18 ක පමණ දුරක්ද A 4 මාර්ගයේ කුඹුක්කන සිට ඔක්කම්පිටිය හරහා කිලෝමීටර් 15 ක පමණදුරක්ද ගෙවා ලඟාවිය හැක.

Latest news

- Advertisement -spot_img
X
X