26 C
Colombo
Tuesday, April 20, 2021
- Advertisement -

AUTHOR NAME

නිලන්ති එදිරිසිංහ

1 POSTS
0 COMMENTS

පේරාදෙණියේ, පැරණි දැව ආරුක්කු පාලම

ඛි‍්‍රතාන්‍ය යටත්විජිත පාලන සමයේ ඇති වූ මහා මාර්ග සංවර්ධනය සහ ව්‍යාප්තිය දිවයිනේ සමාජ, ආර්ථික, දේශපාලනික සංස්ථාවන් කෙරේ කැපී පෙනෙන බලපෑමක් ඇති කරලීමට හේතු වූ සාධකයක් විය. ක‍්‍රිස්තු වර්ෂ 1815 ඉංගී‍්‍රසීන් කන්ද උඩරට යටත් කර ගැනීමත් සමඟ එතෙක් දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන ආ වෙ‍ළෙඳ කටයුතු, පාලන අධිකාරිත්වයේ බලය තහවුරු කරගැනීමේ අභිප‍්‍රායන් මෙන්ම ඛි‍්‍රතාන්‍යවාදී ආකල්ප සහ සමාජයීය සංස්කෘතික සන්ධර්භය දේශීයකරනය කරලීමේ ප‍්‍රයත්නයන් වඩා පහසුවෙන් ඉදිරියට ක‍්‍රියාත්මක කරලීමෙහිලා මාර්ග පද්ධතිය සංවර්ධනය කෙරේ ඔවුන් ගේ අවධානය යොමු කර වූ කාරණාවන් වූ බව හඳුනාගත හැකි ය. දීපව්‍යාප්ත මට්ටමින් දිවයිනේ ක්‍ෂේත‍්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් මෙකී පුළුල්, සංකීර්ණ සහ දුෂ්කර වූ මාර්ග සංවර්ධන ක‍්‍රියාදාමයේ නියමුවානන් ලෙස ශ්‍රීමත් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා කටයුතු කර ඇති අතර ඒ සඳහා ජෝන් ෆ්‍රෙසර්, තෝමස් ස්කිනර් හා කැප්ටන් ඩෝසන් යන අය ගේ සහය ඔහු වෙත ලැබී ඇත.

Latest news

- Advertisement -spot_img
X
X