ධනුෂ්ක සිල්වා
. . . දේශීය වශයෙන් මෙරට පැවති සම්ප්‍රදායික චාරිත්‍රානුකූල නීතිය, ඉන්දු ආර්යයන් මෙහි ගෙන ආ ඉන්දු-ආර්යය චාරිත්‍රානුබද්ධ නීතිය හා මහින්දාගමනයේ දායාදයක් ලෙස මෙරටට ලැබුණු ත්‍රිපිටක ධර්ම නීතිය අප රටෙහි නීති ඉතිහාසයේ වර්ධනයේ ප්‍රාථමික අවස්‌ථාවන් වේ. (විජයතුංග 2013) අවාසනාවකට මෙන් මෙරට වර්ධනය වෙමින් පැවති යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා ඒ ආශ්‍රිත තොරතුරු විධිමත්ව වාර්තා කර තැබීමේ සම්ප්‍රදායකට සිංහලයන් හුරුව නොසිටීමත්, නීතිය යනුවෙන් හඳුන්වන විෂය එකලාව වර්ධනය වීමට අවශ්‍ය ප්‍රමාණයේ නීති රචනා නොතිබීමත්, ඒවා ලිවීමට ලේඛකයන් විශේෂ අවධානයක් නොදීම ආදී කාරණා හේතුවෙන් අපට උරුම වන්නට තිබූ අගනා නීති සාහිත්‍යයක ලිත අයිතිය අපගෙන් දුරස්‌ථ වී තිබිණි.
එකී ඉතිහාසයේ අයිතිය අපට හිමිවන්නේ අනුරාධපුරයේ සිට යුග ගණනාවක් පසුකර බ්‍රිතාන්‍යයන් විසින් උඩරට රාජධානිය යටත් කර ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශ යාකරමින් ඒකීය පාලනයකට අවශ්‍ය ආයතනික රටාව පෙළගස්‌වමින් සිටින වකවානුවක නීති නිඝන්ඩුව නමැති නීති සංග්‍රහය සම්පාදනය කිරීමත් සමඟිනි. නීති සංග්‍රහයක් වශයෙන් සංගෘහිත වී දේශීයව වැඩෙමින් පැවති චාරිත්‍රානුකූල නීතියේ බොහෝ මූලධර්ම විස්‌තරාත්මකව විග්‍රහ කරන නීති නිඝන්ඩුව මෙරට නීතිය ලිත සාහිත්‍යයක් වශයෙන් වර්ධනය වන්නට රුකුල් දුන් ආදර්ශ කෘතිය සේ සැලකිය හැකිය. . . .
ඡායාරුපය – http://www.lawessaywriting.co.uk/wp-content/uploads/2013/08/photodune-4397967-law-dictionary-series-l2.jpg