ලංකාවේ පුරාවිද්යාව තුළත් කතාබහට ලක්වෙන අපේ ආර්ථිකය එක්කත් බද්ධ වුණු ලෝක උරුම ගැන කතාකරන්නයි මේ සටහන. ලංකාවෙත් මේ ලෝක උරුම කීපයක්ම තියෙනවා. සමහර අය විවිධ හේතු නිසා මේ ලෝක උරුම සංකල්පයට විරුද්ධ වෙනවා. හැබැයි මේ ලෝක උරුම සංකල්පය නිසා ඒවා ඇති රටවලට විවිධ වාසිත් ලැබෙනවා. ඒ කොහොම නමුත් අපි බලමුකෝ මුලින්ම උරුමය ගැන. උරුමය කියන්නේඹ පාරම්පරිකව හිමිවචේච දෙයකට. මේ විදිහට පුද්ගලයින්ට, පවුල්වලට, ජනකොටසකට හෝ ජාතියකට අයිති උරුම තියෙන්න පුළුවන්. ඒ වගේම මනුෂ්ය ප්රජාවටම අයිති නිර්මාණයත් තියෙනවා. ලෝකෙටම වැදගත් දේවලටයි ලෝක උරුම කියන්නේ. ලෝක උරුමය සඳහා මැදිහත් වෙන්නේ යුනෙස්කෝ ආයතනය. ඒ ආයතනය උරුමය ගැන දක්වන අදහස බලමු.
පුළුල් සංකල්පයක් වූ උරුමයට ස්වාභාවික හා සංස්කෘතික පරිසරය ඇතුළත් වෙනවා. එයට භූ දර්ශනය, ඓතිහාසික ස්ථාන, ක්ෂේත්ර හා නිර්මිත පරිසරය මෙන්ම ජෛව විවිධත්වය, පුරාවස්තු එකතූන්, අතීතයේ සිට ක්රියාත්මක වන සංස්කෘතික ක්රියාකාරකම්, දැනුම හා ජීවමාන අද්දැකීම් ඇතුළු වේ. එතුළින් ඓතිහාසික සංවර්ධනය, විවිධ ප්රදේශීය, ජාතික, දේශීය අනන්යතාවන් ප්රකාශ කෙරෙන අතර එය නූතන ජීවිතය සමඟ ඒකාබද්ධව පවතී.
