පසුගිය වසර 150ක පමණ කාලය තුළ පුරාවිද්‍යාඥයින්, මානව විද්‍යාඥයින් හා ජීවවිද්‍යාඥයින් එක්ව සිදු කරන ලද මානව පරිණාමය පිළිබද පර්යේෂණ සම්පිණ්ඩනය කර ගත් විට තිබිය හැක්කේ එක් සත්‍යයකි. එනම්, සියලුම ජීවීන් (දැනට පවතින), සතුන්, ශාක, දිලීර, බැක්ටීරියා සහ අතීතයේ ජීවත් වූ සියලුම ජීවීන්, චාල්ස් ඩාවින්ගේ ජීවන වෘක්ෂයේ (Tree of Life) හි අතුපතර කොහේ හෝ රැදී ඇති බවකි. එම මානව පරිණාම වෘක්ෂයේ මුලට සම්බන්ධ නමුත් වර්තමානයේ මිහිතලය මත නොවන, වඳ වී ගිය ජීවීන් අපගේ මුතුන් මිත්තන් ය. අපගේ ශාඛාවට සම්බන්ධ ශාඛාවල සිටින අය අපගේ සමීප, නමුත් මුතුන් මිත්තන් නොවන, ඥාතීන් වේ.
මානව පරිණාමයේ ‘දීර්ඝ’ කතාන්දරය දළ වශයෙන් වසර බිලියන තුනකට පෙර ජීවන වෘක්ෂය පාමුලින් සරලම ජීවන රටාව සමඟ ආරම්භ වූ ගමනකි. මානව වර්ගයා ලෙස අප වර්තමානයේ එම වර්ගීකරණයේ උච්චතම අවස්ථාව වෙත ළගා වී ඇත්තේ, විවිධ සංකීර්ණ පරිණාමීය අවධීන් පසුකිරීමෙන් අනතුරුව ය. දැනට අප වර්ගයේ කශේරුකාවක් ඇති සතුන්ගේ කණ්ඩායමේ ඉහළම පරිණාමීය ජීවියා ලෙස සැලකුණද, මීට වසර මිලියන 500කට පමණ පෙර මානව වර්ගයා අයත් වූයේ සිව්පා පෘෂ්ඨවංශී කාණ්ඩයට ය. අනතුරුව වසර මිලියන 200කට පෙර ක්ෂීරපායීන් ලෙසත්, වසර මිලියන 90කට පෙර කුඩා ක්ෂීරපායී කණ්ඩායමක් වූ ප්‍රිමාටා ගෝත්‍රිකයන් ලෙසත් මානව වර්ගයා හැදින්විණි. මානව පරිණාම වෘක්ෂයේ අතුපතර ඇති කුඩාම බෙදීමක් ලෙස වදුරන් හා වානර පවුල හැදින්විය හැකි අතර හෝමෝ සේපියන් ඇතුළු සමස්ත හෝමෝ ගණය අයත් වන්නේ ඒ අතරින් මහා වානර (Great Ape) කුලකයට ය. අදින් වසර මිලියන 15-12 අතර වකවානුව හිදී තවත් කුඩා බෙදීමක් ලෙස අප්‍රිකානු වානර කුලකයට නූතන මානවයා ගමන් කළේ ය. අදින් වසර මිලියන 11ත් 9ත් අතර දක්වා කාලයේ දී තවත් අනු බෙදීමක් ලෙස පරිණාමයේ අවසන් බෙදීම දක්වා මානවයා ගමන් කළේ ය. ඒ අප්‍රිකානු ගෝරිල්ලාගෙන් ඛණ්ඩනය වූ බොනොබෝ (bonobo) සතුන්, චිම්පන්සීන් හා නූතන මානවයා ද අයත් වූ කුලකයට ය. එම කුඩා කුලකය අදින් වසර මිලියන 8-6 අතරතුර කුමන හෝ නිමේෂයකදී චිම්පන්සීන් හා බොනොබෝ සතුන්ගෙන් වෙන් ව හෝමෝ නම් පරිණාමයේ විශිෂ්ඨතම පූර්වජ සමූහයේ එකම සමාජිකයා ලෙස නූතන මානවයා (Homo sapiens) වර්තමානය දක්වාම නොනැසී පැවත ඒ.
හොමිනොයිඩ් ජානගත ලක්ෂණ දරන මානව පූර්වජයින්ගේ ආරම්භය මයෝසීන යුගය ආරම්භයේ දී හෝ ඔලිගොසීනය අවසානයේ දී අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිතව සිදු වී ඇති අතර, ඔවුන් වර්තමාන පැරණි ලෝක වදුරන්ට හා කොලබස් වදුරන්ට බෙහෙවින් රූපවිද්‍යාත්මකව සමාන ලක්ෂණ දරයි. ඒ සදහා ලැබී ඇති ෆොසිල සාධක ලෙස අදින් වසර මිලියන 23-14 අතරතුර කාලයක දී ජීවත් වූ ප්‍රොකොන්සල් ඇෆ්රිකානස් (Proconsul africanus), පළතුරු ආහාරයට ගත් අතර, වර්තමාන වදුරකුට වඩා විශාල නමුත් වානරයකුට වඩා කුඩා කපාල ධාරිතාවක් දැරීය (Walker et al. 1983). එම ෆොසිලය වදුරන් හා වානර මානවයින් අපසරණය වූ පොදු පූර්වජයා ලෙස ප්‍රාථමික පරිණාමීය අවකාශයක ලා ගිණිය හැකි ය. කාර්යාත්මකව හා පරිසර විද්‍යාත්මකව පරිචිත ලක්ෂණ දැරූ ඔවුන් අදින් වසර මිලියන 14කට පමණ පෙර වු ග්ලැසියර දියවීමේ පාරිසරික සංසිද්ධිය හේතුවෙන් සිදුවූ නැගෙනහිර අප්‍රිකානු නිවර්තන වැසිවනාන්තර සැවාණාකරණය වීමේ පාරිසරික අභියෝගය හමුවේ නොනැසී පැවතීමට විවිධ බාහිර රෑපවිද්‍යාත්මක ලක්ෂණ දියුණු කරගත්හ. මෙකී ලක්ෂණ පළමු වරට කෙන්යාපිතිකස් (Kenyapithecus) වානර මානව ෆොසිල තුළින් මූර්තිමත් වේ (Pickford 1985; McCrossin & Benefit 1997). අප මානව විශේෂයේ ආරම්භය විහිදෙන්නේ නැගෙනහිර අප්‍රිකාවේ මහා බාධක නිම්නයට ය (Great Rift Valley). අදින් වසර ලක්ෂ හතරකට පෙර, ආන්තික පාරිසරික වෙනස්කම් නැගෙනහිර අප්‍රිකානු නිම්නයට දුෂ්කර කාලපරිච්ඡේදයක් සලකුණු කළේ ය. මිරිදිය ජලය වරින් වර වියළී ගිය අතර විශාල තණබිම් වියැකී ගියේය. නමුත් පාරිසරික අස්ථාවරත්වය මෙම කලාපයෙන් ජීවය හෝ වඳ වී යාමට හේතු වූයේ නැත. ඒ වෙනුවට, එය ඔවුන්ගේ හැසිරීම් සහ සංස්කෘතියේ විශාල ඉදිරි පිම්මක් සමඟ අනුවර්තනය වීමට පොළඹවන ලදී (Adventures in the Rift Valley). ඒ බව මුල් මානවයින් විසින් දියුණු කරන ලද වඩාත් සංකීර්ණ ශිලා මෙවලම් සහ ආයුධ, හා සංකේතාත්මක සන්නිවේදනයේ වර්ධනය තුළින් මූර්තිමත් වේ (Potts et al. 2020).
නැගෙනහිර අප්‍රිකාවේ බාධක නිම්නය මානව පරිණාමය අධ්‍යයනය කිරීමට ඉඩ සලසන මානව ෆොසිලවලින් පොහොසත් භූගෝලීය ප්‍රභවයකි. භූගෝල විද්‍යාත්මකව සැලකූ විට, ශීඝ්‍රයෙන් ඛාදනය වෙමින් පවතින උස්බිම් විසින් නිම්නය අවසාදිතවලින් පුරවා, ෆොසිල සංරක්ෂණය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කළේය. මානව විද්‍යාඥ ඩොනල්ඩ් ජොහැන්සන් විසින් වසර මිලියන 3කට වඩා ඈතට දිවෙන Lucy නම් අර්ධ ඔස්ට්‍රලෝපිතකස් සැකිල්ලක් ඇතුළුව නූතන මානවයන්ගේ මානව පූර්වජයින් කීප දෙනෙකුගේ අස්ථි අනාවරණය කරගැනීමට සමත් වී ඇත.
මානව පරිණාමයේ අධ්‍යයන ගමන් මග තුළ හමුවන දැවැන්තයින් වන, රිචඩ් සහ මේරි ලීකී ද මෙම කලාපයේ සැලකිය යුතු පර්යේෂණ ප්‍රමාණයක් සිදුකර ඇත. වර්ෂ 2008 දී, තවත් මානව පූර්වජයින් මෙහි දී අනාවරණය කරගන්නා ලදී: නැගෙනහිර ඉතියෝපියාවේ අෆාර් නිම්නයෙන් හමු වූ වසර මිලියන 10 ක් පැරණි කොරාරපිතිකස් ඇබසිනිකස් (Chororapithecus abyssinicus) නම් වානර මානවයෙකු සහ වසර මිලියන 10 ක් පැරණි නකාලිපිතකස් නකයාමි (Nakalipithecus nakayamai) නැමති ෆොසිල මිනිසා ඒ අතර ප්‍රධාන වේ. ඒ අනුව මෙම ප්‍රදේශය පසුගිය වසර මිලියන ගණන තුළ මානව පරිණාමය සඳහා තීරණාත්මක ස්ථානයක් නියෝජනය කළ හැකි බව සනාථ වී ඇත. විශේෂයෙන්ම, සමහර ඉතියෝපියානු ප්‍රදේශ පුරාමානවවිද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉතා වැදගත් වේ: නිදසුනක් වශයෙන්, අවාෂ් ගඟේ මධ්‍ය නිම්නයේ (Middle Awash Valley) ඇති ෆොසිල වසර මිලියන 6 සිට මේ දක්වා සමස්ත මානව පරිණාමය පිළිබඳ සාක්ෂි දරයි.
ඉතියෝපියානු බාධක නිම්නය තුළින් පහත සදහන් මානව ෆොසිල හමුවී ඇත.
- අරිඩිපිතෙකස් මානව ගණයට අදාලව
- අරිඩිපිතෙකස් කඩබ්බා (Ardipithecus kadabba) අදින් වසර මිලියන 5- 5.7 දක්වා පැරණි ය.
- අරිඩිපිතෙකස් රමිඩුස් (Ardipithecus ramidus) අදින් වසර මිලියන 4ක් දක්වා පැරණි ය.
- ඔස්ට්‍රලෝපිතිකස් (Australopithecus) මානව ගණයට අදාලව
- ඔස්ට්‍රලෝපිතිකස් අනාමෙන්සිස් (Australopithecus anamensis) අදින් වසර මිලියන 1 ක් දක්වා පැරණි ය.
- ඔස්ට්‍රලෝපිතිකස් අෆරෙන්සිස් (Australopithecus afarensis) අදින් වසර මිලියන2 ක් දක්වා පැරණි ය. ප්‍රකට ලුසී නම් ඔස්ට්‍රලෝපිතෙකස් අෆරෙන්සිස් මානව සැකිල්ල සොයාගනු ලැබුවේ ද ඩොනලඩ් ජොහැන්සන් හා පර්යේෂණ කණ්ඩායම විසින් මෙම නිම්නයේ අවාෂ් ගංගා නිම්නයේ දී ය.
- හෝමෝ මානව ගණයට අදාලව
- හෝමෝ හැබිලිස් මානව ෆොසිල අදින් වසර මිලියන 3 දක්වා පැරණි ය.
- හෝමෝ ඉරෙක්ටස් මානව ෆොසිල අදින්ව සර මිලියන 5 දක්වා පැරණි ය.
- හෝමෝ සේපියන්ස් මානව අදින් වසර 150,000ක් දක්වා පැරණි ය.
පාරිසරික වෙනස්වීම් ඇසුරේ මානව භූමිකාව
මෙලෙස මානව කායච්ඡේද විද්‍යාත්මක ලක්ෂණ හා චර්යාවේ පරිණාමය අදින් වසර ලක්ෂ 7කට පෙර, උතුරු අර්ධගෝලයේ ග්ලැසියර දියවීම හා ඒ සමගාමීව මුහුදු මට්ටම් වෙනස් වීම කරණ කොටගෙන ලෝක දේශගුණයේ විවිධාකාර වූ උච්ඡාවචනයන්ට අනුව සිදුවුණු වර්ෂාපතනයේ හා වනාන්තර ආවරණයේ වෙනස්වීම් උදෙසා සිදු වූ හැඩගැසීම්වල ප්‍රතිඵලයක් ලෙස ගිණිය හැකි ය (Behrensmeyer 2006; Diniz-Filho & Bini 2019). පසුකාලීනව, අප්‍රිකාවේ සිට දකුණු හා නැගෙනහිර ආසියාව දක්වාත්, ඉන්පසු යුරෝපය දක්වාත් ව්‍යාප්ත වීමට මිනිසුන්ට හැකි වන පරිදි කායික විද්‍යාත්මක අනුවර්තන වර්ධනය වූයේ මෙම පාරිසරික ආතති සහගත සහ නිරන්තරයෙන් වෙනස් වන දේශගුණික පසුබිමට එරෙහිව ය. ගින්දර පාලනය, ඇඳුම් පරිහරණය සහ දඩයම් කිරීමේ සහ ආහාර සෙවීමේ නව කුසලතා මෙම සාර්ථකත්වය පිටුපස නිරන්තරයෙන් සැගවී ඇත.
වත්මනින් වසර මිලියන භාගයකට පමණ පෙර, මානව පූර්වජයින් පැරණි ලෝකයේ බොහෝ ප්‍රදේශවලට ළඟා වී ඇත, එය ෆොසිල හා ගල්ආයුධ සාධක මෙන්ම ජානවිද්‍යාත්මක සාධක ඇසුරේ ද සනාථ වේ. නමුත් ඔවුන් ඉන් නොනැවතී අඛණ්ඩව තම පරිණාමීය ලක්ෂණ දියුණු කරගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ලොව විවිධ ප්‍රදේශවලින් නව මානව විශේෂ සොයාගැණිනි: ඔවුන් අතර නියැන්ඩර්තාල්, ඩෙනිසෝවන් සහ කායච්ඡේද විද්‍යාත්මකව නූතන මිනිසුන් ප්‍රධාන ස්ථානයක් ගනී. නමුත් සියල්ල අවසන එකී සියලු මානව වර්ගයා අභිබවා නූතන හෝමෝ සේපියන්වරුන් ලෝකය අතික්‍රමණය කරන්නේ නියැන්ඩතාල්වරුන් අදින් වසර 40,000කට පමණ පෙර දී මානව පරිණාමයේ පින්තාරුවෙන් සදහටම ඉවත්කර දමමිනි (Higham et al. 2014). මෙතක් කල් වෙනස්වන පරිසර තත්ත්වයන්ට අනුකූලව තම පැවැත්ම වෙනස් කරගත් මානව විශේෂයක් වෙනුවට, තම අවශ්‍යතා හා වුවමනා වෙනුවෙන් නිර්දය ලෙස තමා අවට ඇති පරිසරය වෙනස් කිරීම පාඨය කරගත් විප්ලවවාදී හෝමෝ සේපියන්වරුන්ගේ පහළ වීම පළමුවරට ෆොසිල සාධක ඇසුරෙන් චිත්‍රණය වන්නේ අදින් වසර 250,000කට පමණ පෙර මොරොක්කෝවෙන් නමුත් ජානවිද්‍යාත්මක සාධක අනුව එය අදින් වසර 275,000ක් දක්වා පැරණි ය (Hublin et al. 2017). මෙම විප්ලවවාදී පැවැත්ම බොහෝසෙයින් සේපියන්වරුන්ගේ සංජානන කුසලතාවන් හා සම වේ. එය ඔවුන්ගේ තාක්ෂණයෙන්, නිර්මාණශීලීත්වයෙන් සහ කලාවන් තුළින් පිළිබිඹු වේ. ඔවුන්ගේ ජයග්‍රහණය අවසන් වූයේ සුන්දා සමුද්‍ර සන්ධිය හරහා මුහුදෙන් ඕස්ට්‍රේලියාව සහ බෙරිං ගොඩබිම් පාලම හරහා උතුරු ඇමරිකාවට නව ලොව ජනාවාසකරණය කිරීමෙනි (Salzano 2011; Raff et al. 2011).
අනතුරුව…..
මනුෂ්‍යත්වයේ කතිකාවත ආරම්භ වන්නේ කොතැනින්ද? මෙම සාකච්ඡාවේ දී, වත්මනින් වසර මිලියන 6 සිට මිලියන 2 දක්වා අප්‍රිකාවේ ජීවත් වූ මානව පරම්පරාවේ පැරණිතම සාමාජිකයන් සඳහා සාක්ෂි එනම්, පැරණිතම මනාව පූර්වජයින්ගේ භෞතික අවශේෂ (ෆොසිල අස්ථි සහ සැකිලි) සහ ගල් ආයුධ, සත්ව ඇටකටු සහ මුල් ක්‍රියාකාරකම් පිළිබඳ සාක්ෂි මත පදනම්ව ඔවුන්ගේ හැසිරීම් පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීම අවශ්‍ය වේ. ඒ අනුව ඉතිහාසය පිළිබද පොදු නිරීක්ෂණ කිහිපයක් සමග ආරම්භ වන මෙම පඨීතය තුළින්, අපගේ සමීපතම ජීවමාන ඥාතීන් වන ගෝරිල්ලන් සහ චිම්පන්සින් ඇතුළත් වන ප්‍රිමාටා ගෝත්‍රය තුලින් හොමිනින් පරම්පරාව බිහිවීමේ පසුබිම හා මීට වසර මිලියන 3.5 කට පමණ පෙර නැගෙනහිර සහ දකුණු අප්‍රිකාවේ හොමිනින් පරම්පරාවේ පළමු මෙවලම භාවිතා කරන සාමාජිකයින් ගවේෂණය කරමින්, විවිධ හොමිනින් විශේෂවල වර්ධනය, ව්‍යාප්තිය සහ වඳවී යාමේ පාරිසරික වෙනස්කම් මගින් ඉටු කරන ලද තීරණාත්මක කාර්යභාරය ද විස්තර කෙරේ.
ඉතිරිව ඇති ෆොසිල සාධකවල ඛණ්ඩිත ස්වභාවය මෙම මානව පූර්වජයින්ගේ හැසිරීම තේරුම් ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත් කරන නමුත්, මානව පරිණාමය පිළිබද නවතම විද්‍යාත්මක සොයාගැනීම් සහ දත්ත විශ්ලේෂණ තාක්ෂණික ශිල්පීය ක්‍රම තුළින් මුල් අප්‍රිකානු මානව පූර්වජයින්ගේ ජීවිතය කෙසේ ගතවුණිද යන්න සම්බන්ධයෙන් අසමසම දර්ශනයක් සපයයි. ෆොසිල වාර්තා යෝජනා කරන්නේ මෙම කාල පරාසය තුළ බොහෝ කාල පරිච්ඡේදවල එක් මානව විශේෂ එකකට වඩා සහජීවනයෙන් සිටි බවත්, පරිණාමයේ අවසන් අදියරේදී එනම් සේපියන්වරු පහළවීමත් සමග මානවයාගේ පරිණාමීය සංකීර්ණත්වය පෙන්නුම් කරන බවත්, එහි විවිධ හමුවන විවිධ මානව විශේෂ විවිධ ආහාර සහ පාරිසරික වාසස්ථාන කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, මානව පරිණාමයේ ගමන තනි රේඛිය සංසිද්ධියක් නොව බහුරේඛීය පරිණාමයක් වීම සදහා වැඩි අවකාශයක් ඇති බවත් ය. මෙම පඨිතය මුල් මානව පූර්වජයින් වෙනස්වන දේශගුණයට ඔවුන් ප්‍රතිචාර දැක්වූ ආකාරය සහ ඔවුන් මිනිසුන් ලෙස අප ඇසුරු කරන ගුණාංග වර්ධනය කර ගත් ආකාරය ෆොසිල විද්‍යාත්මකව හා පුරාවිද්‍යාත්මක ද්‍රව්‍යාත්මක සංස්කෘතික ප්‍රවේශයක් තුළින් ගවේෂණය කරයි.
මනුෂ්‍යත්වයේ කතාන්දරය: මානව පරිණාමය
- මානව පරිණාමයේ ගමන 1: මනුෂ්‍යත්වයේ ආරම්භය
- පශ්චාත් මයෝසීන වානර මානවයින් හා ඔස්ට්‍රලෝපිතිකස් ගණය
- හොමෝ හැබිලිස් හා හෝමෝ ඉරෙක්ටස් මානවයා
- හෝමෝ නියැන්ඩතාල් මානවයා
- හෝමෝ සේපියන්ස් මානවයා
- ඩෙනිසෝවන් මානවයා හා මානව පරිණාමයේ නව මානව විශේෂ
- මානවයා අප්‍රිකාවෙන් පිටවී යාම
- මානවයා නවලොව ජනාවාසකරණය කිරීම (අමරිකාව හා ඕස්ට්‍රේලියාව)
- නියෝලිතික විප්ලවය හා මුල් කෘෂිකර්මයේ නැගීම
References
Behrensmeyer, A.K. 2006. Climate Change and Human Evolution. Science 311: 476–78. https://doi.org/10.1126/science.1116051.
Diniz-Filho, J.A.F. & L.M. Bini. 2019. Will life find a way out? Evolutionary rescue and Darwinian adaptation to climate change. Perspectives in Ecology and Conservation 17: 117–21. https://doi.org/10.1016/j.pecon.2019.06.001.
Higham, T. et al. 2014. The timing and spatiotemporal patterning of Neanderthal disappearance. Nature 512: 306–9. https://doi.org/10.1038/nature13621.
Hublin, J.-J. et al. 2017. New fossils from Jebel Irhoud, Morocco and the pan-African origin of Homo sapiens. Nature 546: 289–92. https://doi.org/10.1038/nature22336.
McCrossin, M.L. & B.R. Benefit. 1997. On the Relationships and Adaptations of Kenyapithecus, a Large-Bodied Hominoid from the Middle Miocene of Eastern Africa, in D.R. Begun, C.V. Ward & M.D. Rose (ed.) Function, Phylogeny, and Fossils: 241–67. Boston, MA: Springer. https://doi.org/10.1007/978-1-4899-0075-3_12.
Pickford, M. 1985. A new look at Kenyapithecus based on recent discoveries in Western Kenya. Journal of Human Evolution 14: 113–43. https://doi.org/10.1016/S0047-2484(85)80002-6.
Potts, R. et al. 2020. Increased ecological resource variability during a critical transition in hominin evolution. Science Advances 6: 27–56. https://doi.org/10.1126/sciadv.abc8975.
Raff, J.A., D.A. Bolnick, J. Tackney & D.H. O’Rourke. 2011. Ancient DNA perspectives on American colonization and population history. American Journal of Physical Anthropology 146: 503–14. https://doi.org/10.1002/ajpa.21594.
Salzano, F.M. 2011. The Prehistoric Colonization of the Americas: Evidence and Models. Evolution: Education and Outreach 4: 199–204. https://doi.org/10.1007/s12052-011-0330-9.
Walker, A., D. Falk, R. Smith & M. Pickford. 1983. The skull of Proconsul africanus: reconstruction and cranial capacity. Nature 305: 525–27. https://doi.org/10.1038/305525a0.
මානව පරිණාමය පිළිබද කෙටි වාර්තාමය චිත්‍රපට
- BBC Two – The Incredible Human Journey
- Human Origins 101 | National Geographic
- Seven Million Years of Human Evolution
- How Did Humans Become Earth’s Dominant Species?
- Theory of Evolution: How did Darwin come up with it?
- Professor Alice Roberts – Origins of Us: Human Anatomy and Evolution