මැදමහනුවර ධම්මසිරි හිමි
ශ්‍රී ලංකා භික්ෂු සමාජය වනාහි ක්‍රිස්තු පූර්ව තුන් වැනි ශතවර්ෂයේ දී පමණ නිල වශයෙන් ඇරඹි අද දක්වා පැවත ආ අති දීර්ඝ කාල පරිච්ඡේදය තුළ දී ධනාත්මක හා සෘණාත්මක ප්රවණතාවන් කෙරේ විවිධ ස්වරූපයේ නැඹුරුතා දක්වා ඇති බව එහි ඓතිහාසික විකාශනය පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. ගත වූ මෙම කාලය තුළ මෙ රට භික්ෂු සමාජය ඒ ඒ අවධීන්හි ක්‍රියාත්මක සමාජ – ආර්ථික ක්‍රියාකාරීත්වයට සෘජුවම මුහුණ දෙන ලදී. මූලාශ්රයාගත ඓතිහාසික සාක්ෂි පෙන්වා දෙනුයේ දේශයේ සමාජ – ආර්ථික හා දේශපාලනික විචල්‍යතාවන් සංඝ සමාජයේ උච්චාවචනයන් කෙරේ දැඩි බලපෑම් එල්ල කළ බව ය. මෙම ශාස්ත්‍රීය ලේඛනය මගින් අප හඳුනා ගැනීමට උත්සහ දරනුයේ එකී ශාසනික විචල්‍යතා, විපර්යාස හමුවේ පාරිශුද්ධ බුද්ධ වචනය සුරක්ෂිතව පවත්වා ගැනීමට ඒ ඒ කාලවකවානුවල දී රටේ දේශපාලන හා ශාසනික නායකත්වය සම්මුතිවාදීව ක්‍රියාත්මක වූ ආකාරයයි. එම තත්ත්වය වඩාත් හොඳින් හඳුනා ගත හැක්කේ සුප්‍රසිද්ධ “කතිකාවත්” හරහා ය. එම කතිකාවත් ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලැබේ. ඒවා නම්, 1 විහාර කතිකාවත් හා 2. ශාසන කතිකාවත් වශෙයනි. . . .
සම්පූර්ණ ලිපිය කියවීම සඳහා – 2016.11.02 දිවයින බදාදා අතිෙර්කය