රොෂාන් ප්‍රසන්න බණ්‌ඩාර
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තෙල්.
මහායානවාදයේ ආරම්භයේ නොතිබුණු බෝසත් සංකල්පය පසු කාලයේ දී ඇතිවීමට බලපා ඇත්තේ විඥානවාදය හා හින්දු ආකල්පවලට නැඹුරුවීමයි. මේ නිසා බෝධිසත්වවරයෝ යන අදහස ඔවුන් තුළ ඇති විය. ථෙරවාදී සංකල්පයේ බෝධිසත්වය යන වචනය සූත්‍ර ගණනාවක සදහන් කර ඇත. භෙරව සූත්‍රය වැනි සූත්‍රවල ‘බොධියා සත්තො බෝධිසත්තො’ යනුවෙන් සදහන් කර තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. ලෞකික චිත්තය, බෝධිසත්ත චිත්තය, බුද්ධ චිත්තය යනුවෙන් සිත තුන් අකාරයකින් පවතින අතර බෝධිසත්වයාගේ සිත බෝධිසත්ත චිත්තය නමින් හැදින්වේ. ‘සකල සත්වයන් සංසාරයෙන් ගොඩගනු පිණිස බුදුවෙම්වයි’ යනුවෙන් බෝධිසත්ව සිත් තුළ බුද්ධත්වය අපේක්‌ෂා කරයි. බෝසත්වරයකු විසින් උපදවාගත යුතු ප්‍රධාන බෝසත් ගුණය වන්නේ මහා කරුණාවයි. මහායාන බෝසත්වරයකු පිරිය යුතු දස පාරමිතාවන් පිළිබද කියවෙන අතර දාන, ශීල, ක්‌ෂාන්ති, වීර්යය, ධ්‍යාන, ප්‍රඥා, උපාය, පණිධාන, බල හා ඥාන යන දස පාරමිතාවන් වැදගත් වේ. ථෙරවාදයට අනුව බෝසත්වරයකු දාන, ශීල, නෙක්‌ඛම්ම, පඤ්ඤා, වීර්යය, ඛන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෙත්තා හා උපේක්‌ඛා යන දස පාරමිතා පිරිය යුතු බවට විශ්වාස කරයි….