පුරාවිද්‍යාව හැදෑරීමට ඔබට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන‌ෙයෙන් ශිෂ්‍යත්ව

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2019/2020 අධ්‍යන වර්ෂය සඳහා ලියාපදිංචි වන විද්‍යාර්ථීන් සඳහා ප්‍රථම වරට ශිෂ්‍යත්ව ප්‍රධාන කිරීමට පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මෙවර තීරණය කර ඇත.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ශාස්ත්‍රපති/ විද්‍යාපති/ දර්ශනපති/ දර්ශන ශුරී පාඨමාලාවල පර්යේෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය විද්‍යාගාර පහසුකම්, විශේෂ පුස්තකාල පහසුකම් හා සියලූ යටිතල පහසුකම්, පාඨමාලාවේ ගාස්තුවට යටත්ව (රු. 50,000.00 සිට රු. 100,000.00 දක්වා) නොමිලේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ලබා ‌දේ.

මෙම අධ්‍යනය වර්ෂය සඳහා පහත දක්වා ඇති පාඨමාලා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ද පහත දක්වා ඇත. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෛන් අධ්‍යයන කටයුතු කල හැක. අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2019 ජුලි මස 31 දින ‌වේ. අයදුම් පත් භාගත කිරී‌ෙමේ දිගු පහලින් දක්වා ඇත.

පුරාවිද්‍යාව|කෞතුකාගාර විද්‍යාව|උරුම අධ්‍යයනය|කලා ඉතිහාසය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව (එක් අවුරුදු)

  1. පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ විශ්වවිද්‍යාල ආයතනයකින් කුමන හෝ විෂයයක් සඳහා ලබා ගත් උපාධියක්
  2. අදාළ වෙනත් සුදුසුකම් (අධ්‍යයන සහ හෝ වෘත්තීයමය) සමඟ අධ්‍යයන මණ්ඩලයේ අනුමැතිය/විශ්වවිද්‍යාල සනාතන සභාවේ අනුමැතිය

පුරාවිද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය (දෑ අවුරුදු පාඨමාලා හා පර්යේෂණ)

  1. පුරාවිද්‍යාව හෝ අදාළ වෙනත් විෂයයක් සඳහා විශේෂවේදි පළමු හෝ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් (කොන්දේසි අදාල වේ) හෝ
  2. පුරාවිද්‍යාව හෝ අදාළ වෙනත් විෂයයක් සඳහා උපාධියක් හෝ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා සාමාර්ථයක් (කොන්දේසි අදාල වේ) හෝ
  3. අදාළ වෙනත් සුදුසුකම් (අධ්‍යයන) සමඟ අධ්‍යයන මණ්ඩලයේ අනුමැතිය/විශ්වවිද්‍යාල සනාතන සභාවේ අනුමැතිය

පුරාවිද්‍යාව|කෞතුකාගාර විද්‍යාව|උරුම අධ්‍යයනය|කලා ඉතිහාසය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (දෑ අවුරුදු පර්යේෂණ)

  1. පුරාවිද්‍යාව හෝ අදාළ වෙනත් විෂයයක් සඳහා විශේෂවේදි පළමු හෝ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් (කොන්දේසි අදාළ වේ) හෝ
  2. පුරාවිද්‍යාව හෝ අදාළ වෙනත් විෂයයක් සඳහා උපාධියක් හෝ පුරාවිද්‍යාව පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා සම්මාන සාමාර්ථයක් (කොන්දේසි අදාළ වේ) හෝ
  3. අදාළ වෙනත් සුදුසුකම් (අධ්‍යයන) සමඟ අධ්‍යයන මණ්ඩලයේ අනුමැතිය/විශ්වවිද්‍යාල සනාතන සභාවේ අනුමැතිය

පුරාවිද්‍යාව|කෞතුකාගාර විද්‍යාව|උරුම අධ්‍යයනය|කලා ඉතිහාසය පිළිබඳ දර්ශනපති උපාධිය (දෑ අවුරුදු පර්යේෂණ)

  1. පුරාවිද්‍යාව හෝ අදාළ වෙනත් විෂයයක් සඳහා දෑ අවුරුදු පශ්චාත් උපාධියක් (ශාස්ත්‍රපති උපාධිය (පර්යේෂණ හෝ දේශන)ඳ විද්‍යාපති හෝ
  2. පුරාවිද්‍යාව හෝ අදාළ වෙනත් විෂයයක් සඳහා කුම න හෝ උපාධියක් සහ පුරාවිද්‍යාව හෝ අදාළ වෙනත් විෂයයක් සඳහා දෑ අවුරුදු පශ්චාත් උපාධියක් (ශාස්ත්‍රපති උපාධිය|විද්‍යාපති උපාධිය)
  3. පුරාවිද්‍යාව හෝ අÞල වෙනත් විෂයයක් සඳහා විශේෂවේදි පළමු හෝ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිත ව උපාධියක් හෝ
  4. අදාළ වෙනත් සුදුසුකම් (අධ්‍යයන) සමඟ අධ්‍යයන මණ්ඩලයේ අනුමැතිය/විශ්වවිද්‍යාල සනාතන සභාවේ අනුමැතිය

පුරාවිද්‍යාව|කෞතුකාගාර විද්‍යාව|උරුම අධ්‍යයනය|කලා ඉතිහාසය පිළිබඳ දර්ශන විශාරද උපාධිය (තුන් අවුරුදු පර්යේෂණ)

  1. පුරාවිද්‍යාව හෝ අදාළ වෙනත් විෂයයක් සඳහා දෑ අවුරුදු දර්ශනපති උපාධියක් (කොන්දේසි අදාළ වේ) හෝ
  2. පුරාවිද්‍යාව හෝ අදාළ වෙනත් විෂයයක් සඳහා දෑ අවුරුදු පශ්චාත් උපාධියක් (ශාස්ත්‍රපති උපාධිය|විද්‍යාපති උපාධිය) හෝ
  3. පුරාවිද්‍යාව හෝ අදාළ වෙනත් විෂයයක් සඳහා විශේෂවේදි පළමු පෙළ සාමාර්ථයක් හෝ දෙවන පෙළ ඉහල සාමාර්ථයක් සහිත ව පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් (කොන්දේසි අදාළ වේ) හෝ
  4. පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ විශ්වවිද්‍යාල ආයතනයකින් කුමන හෝ විෂයයක් සඳහා ලබා ගත් උපාධියක් සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා සාමාර්ථයක්. (කොන්දේසි අදාළ වේ)

අයදුම් පත ‌‌මෙතනින් භාගත කරගන්න.

පර්යේෂණ යෝජනාව මෙතනින් භාගත කරගන්න.

වැඩි විස්තර සඳහා සහකාර ලේඛකාධිකාරි (අධ්‍යයන), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය දුරකථන: 011-2667885, 011-2694151-දිගුව 224

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here