ජාතික පුරාවිද්‍යා සමුළුව 2019 – සාරාංශ පත්‍රිකා කැදවීම

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන ජාතික පුරාවිද්‍යා සමුළුව සඳහා වන සාරාංශ පත්‍රිකා කැදවීම මේ වන විට අරඔා ඇත.

මෙවර ජාතික පුරාවිද්‍යා සමුළුවෙහි මාතෘකාව වශයෙන්,

“පුරාවිද්‍යාව විද්‍යාවක් ලෙස – අතීතය, වර්තමානය සහ අනාගතය.”

“Archaeology as a Science – Past, Modern and Future”

ජාතික පුරාවිද්‍යා සමුළුව සදහා සාරාංශ පත්‍රිකා ඉදිරිපත් කිරීම සදහා ඔබ පහත සුදුසුකම්වලින් එකක් හෝ සපුරා තිබිය යුතුය.

  • පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශාස්ත්‍රීය අංශ නියෝජනය කරන නිලධාරියෙකු වීම.
  • විශ්ව විද්‍යාලවල පුරාවිද්‍යා හා ඉතිහාස අධ්‍යනාංශවල, මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා අධ්‍යයනාංශය හෝ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්යවරයෙකු හෝ ආචාර්යවරියක වීම.
  • ජාතික කෞතුකාගාරය, ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල පුරාවිද්‍යා විෂයට අදාළ නිලධාරියෙකු හෝ විද්වතෙකු වීම.
  • පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හෝ පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයෙකු වීම.
  • පුරාවිද්‍යාව හා ඒ හා සම්බන්ධ විෂයන්ට අදාළ උපාධිධාරීන් හා පශ්චාත් උපාධිලාභියෙකු වීම.
  • පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ අධිසාමාජිකයින් විසින් සහතික කරනු ලබන දේශණ පත්‍රිකා ද මේ සදහා සලක බලනු ලැබේ.

සාරාංශ පත්‍රිකාවල කර්තෘත්වය පහත පරිදි විය යුතුය.

  • කර්තෘන් දෙදෙනෙකුට වැඩි ප්‍රමාණයක් කර්තෘත්වය දරණ සාරාංශ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ දී එක් එක් සමකර්තෘවරයාගේ ශාස්ත්‍රීය විශේෂඥතාව සදහන් කර එවිය යුතුය. සාරාංශ පත්‍රිකා පිළිගැනීමේදී ඒ ඒ කර්තෘවරයාගේ දායකත්වය පත්‍රිකාවෙන් පිළිබිඹු වන ආකාරය වෙත අවධානය යොමු වේ. එසේ පිළිබිඹු නොවන අවස්ථාවල එම සාරාංශ පත්‍රිකාව ප්‍රතික්ෂේපවීමට හේතු වන බව දක්වා ඇත.

සාරාංශ පත්‍රිකාවන් හි,

  • වචන ප්‍රමාණය : 250 කට නොවැඩි විය යුතුය.
  • A4 කඩදාසියක එක් පසක සාරාංශ පත්‍රිකාව ද එහි අනෙක් පස කර්තෘන්, සමකර්තෘන් පිළිබද තොරතුරුද අඩංගු විය යුතුය.
  • මුඛ්‍ය පද ප්‍රමාණය : 5 කි.
  • භාෂාව : සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන් භාවිතා කල හැකිය.
  • එක් අයෙකුට උපරිම සාරාංශ පත්‍රිකා 02 ක් ඉදිරිපත් කල හැකිය.
  • සාරාංශ පත්‍රිකාව සමුහයක් විසින් ඉදිරිපත් කරන්නේ නම් එම සියලු දෙනා ඔවුන්ගේ කැමැත්ත සහතික කර යැවිය යුතුය(එසේ නොවන සාරාංශ පත්‍රිකා ප්‍රතික්‍ෂේප කෙරේ).

සාරාංශ පත්‍රිකා යොමු කිරීම,

  • සාරාංශ පත්‍රිකා 2019 පෙබරවාරි මස 15 වන දින හෝ එදිනට ප්‍රථම පහත ලියාපදිංචි ලිපිනයට හෝ විද්‍යුත් ලිපිනයට (E-Mail) යොමු කල යුතුය.
  • ලියාපදිංචි ලිපිනය           :  වැ.බ. අධ්‍යක්ෂක (ප්‍රවර්ධන)පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු                                          මාවත,කොළඹ 07.
  • විද්‍යුත් ලිපිනය (E- Mail) :  arch.promotion2017@gmail.com
  • දුරකථන අංකය             :  011 – 2688326 / 011 – 2665882 (දිල්හානි දිල්රුක්ෂිකා මහත්මිය)

(ඔබ සාරාංශ පත්‍රිකාවක් යොමු කිරීමෙන් අනතුරුව ඉහත දුරකථන අංකය වෙත ඇමතුමක් මගින් දැනුවත් කරන්න.)

පර්යේෂණ පත්‍රිකා තෝරා ගැනීම සම්බන්ධ තොරතුරු,

  • පර්යේෂණ පත්‍රිකා තෝරා ගැනීම විද්වත් මණ්ඩලයක් මගින් සිදුකරනු ලැබේ.
  • 2019 පෙබරවාරි මස අවසන් සතිය හෝ 2019 මාර්තු මස ඇතුලත සාරාංශ පත්‍රිකා තෝරා ගැනීම පිලිබදව දන්වනු ලැබේ.
  • 2019 අප්‍රේල් මස මුල් සතිය වන විට සම්පුර්ණ පත්‍රිකා කැදවා අවසන් කරනු ලැබේ.
  • ප්‍රමාද වී කරනු ලබන ඉල්ලීම් ප්‍රතික්ෂේප වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here