ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය 1795 දී ගිලුණු HMS DIOMEDE නැව සොයා ගනී

HMS-Diomede-1795

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මගින් නැගෙනහිර වෙරළ තීරයේ ආරම්භ කරන ලද ගවේෂණ කටයුතු මේ වන විට සාර්ථකව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදු කරමින් පවතී. 15 ආරම්භ කරන ලද මෙම ගවේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් පුහුණු පාසලේ හා කිමිදුම් ඒකකයේ සහයෝගයද ලැබී තිබේ.මේ වන විට ගිළුණු නැව් දෙකක් ඇතුළු පුරාවිද්‍යා ස්ථාන කිහිපයක පර්යේෂණ කටයුතු සිදු වේ. උරපුවේලි ප්‍රදේශය, ඉරක්කන්ඩි ප්‍රදේශය හා කෝනේෂ්වරම් කෝවිල පාමුල ස්වාමි ගල ආශ්‍රිත ප්‍රදේශය ප්‍රධාන වේ. මේ අතර වැදගත්ම සොයා ගැනීම වන්නේ උප්පුවේලි වෙරළේ සිට කි.මි. 4 ක් පමණ දුරින් අඩි 140 (මීටර් 42 )පමණ ගැඹුරේ ඇති දැවමය නෞකාව හඳුනා ගැනීමට හැකි වීමය. ප්‍රාදේශීය කිමිදුම්කරුවන් හා මසුන් මරන්නන්ගෙන් ලද තොරතුරු අනුව සොයාගත් මෙම නෞකාව බ්‍රිතාන්‍යට අයත් 1795 දී ගිලීගිය ඩියොමඩේ (Diomede) නම් නෞකාව බව පැරණි ලිපි ලේඛන ආශ්‍රිතව කරන ලද පර්යේෂණ වලිව් තහවුරු කර ගැනීමට හැකි විය. 1960 දශකයේදී ආතර් සී ක්ලාක් මහතා ඇතුළු කණ්ඩායම මෙම නැව සොයා ගැනීමට උත්සාහ දරා තිබුණ ද නොහැකි වී තිබේ. නැව පිළිබඳ තොරතුරු

නැවේ නම                     HMS DIOMEDE
සාදන ලද දිනය                1781
ගිළුණු දිනය                    1795 අගෝස්තු 02
වර්ගය                          දැවයෙන් තැනූ කාලතුවක්කු 44 සහිත යුධ නැවකි
දිග                              අඩි 142
පළල                            අඩි 38
බර                              ටොන් 880

1795 ලන්දේසින්ගෙන් ත්‍රිකුණාමලය කොටුව ලබා ගැනීම සඳහා යුධ භටයින් හා ආයුධ රැගෙන පැමිණි මෙම නැව හදිසියේ ගල් පරයක හැපීයාම නිසා ගිලීගොස් තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක වන මුහුදු පුරාවිද්‍යා ඒකකයේ සමුද්‍ර පුරා විද්‍යා කණ්ඩායම මගින් මෙහි පර්යේෂණ කටයුතු සිදු වේ. නැව පිළිබඳ වැඩිදුර තොරතුරු

අන්තර්ජාලයේ පළවූ තතු පහත දිගුව මත ක්ලික් කිරීම මගින් ලබාගත හැකිය.

HMS-Diomede- 1795

ඡායාරූප 

 පර්යේෂණ කණ්ඩායම

අනාවරණය කොටගත් විවිධ පුරාවස්තු

විවිධ වර්ගයේ පුරාවස්තු

කාලතුවක්කුවක්

විවිධ පරිමාණයේ කාලතුවක්කු උණ්ඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here