උරුම කළමනාකරණයට ප්‍රවේශයක් – වැඩමුළුව

උරුම කළමනාකරණයට ප්‍රවේශයක් – වැඩමුළුව

ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් සංවිධානය කරනු ලබන උරුම කළමනාකරණය පිළිබද වැඩමුළුව 2019 මාර්තු මස 15 දින පෙරවරු 09.00 සිට පස්වරු 4.30 දක්වා කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේදී පැවැත්වීමට තීරණය කොට ඇත. එහි සම්පත් දායකත්වය සපයනු ලබන්නේ ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා විසින්ය.

ශ්‍රී ලාංකේය උරුමය කළමනාකරණ උදෙසා පුරාවිද්‍යා වෘත්තිකයන්ගේ දැනුම හා කුසලතා වර්ධනය මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වේ. සමුළුව සදහා ලියාපදිංචි විය හැක්කේ පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සංස්ථාගත සාමාජිකයන් (අධි සාමාජික, සාමාජික හා සහය සාමාජික) සදහා පමණි.

පූර්ව ලියාපදිංචිය තුළින් උපරිම සාමාජිකයන් 30ක් පමණක් මේ සදහා තෝරාගැනීමට තීරණය කොට ඇති අතර, ලියාපදිංචි ගාස්තු වශයෙන් රු 1000.00 ක මුදලක් අයකරනු ලැබේ.

විස්තර පත්‍රිකාවේ දක්වා ඇති දුරකථන අංකයන්ට ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබාගතහැකිය.

අයදුම්පත්‍රය පහත දිගුව මගින් භාගත හැකිය

SLCA-Workshop 2019-I-Registration form(Word Document)

SLCA-Workshop 2019-I-registration form(PDF)

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here