විවිධ

ආචාර්ය රෝලන්ඩ් සිල්වා : උරුමය රැකි උත්කෘෂ්ට මානවවාදියා

ක්‍රීෂේන් ‌මෙන්ඩිස්, කසුන් ජයසුරිය, ප්‍රසාද් ‌ෆොන්සේකා වාස්තු විද්‍යාව, පුරාවිද්‍යාව හා උරුම සංරක්‍ෂණය ගැන ශ්‍රී ලංකාවේ ප්‍රවීණයෙකු වූ ආචාර්ය රෝලන්ඩ් සිල්වා විද්වතාණන් අද දින දැයෙන් සමුගනී. එතුමා වසර 30ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ...

archaeology.lk ‌‌සමාජ සත්කාරයක් : භූගෝලීය තොරතුරු පද්ධති වැඩමුළුවේ ගාස්තු‌වෙන් 40%ක් . . .

පසුගිය 2019 අගෝස්තු 31 දින හා සැප්තැම්බර් 1 වැනි දින කොළඹ 7 පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය (PGIAR)...

පුරාවිද්‍යාඥයින් පිරිසක් ජනාධිපති සම්මානයට පාත්‍ර වේ

2018 වසර සඳහා අදාළ "විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාණ" උළෙලෙ දී ලංකාවේ ප්‍රමුඛපෙළේ පුරාවිද්‍යාඥ ආචාර්ය සිරාන් දැරණියගල මහතා ඇතුළු පිරිසක් සම්මාණයට පාත්‍ර වි ඇත. ඒ අනුව, ආචාර්ය එච්. නිමල් පෙරේරා, ඔෂාන් වෙදගේ, ආචාර්ය සිරාන් දැරණියගල, ජූඩ් පෙරේරා හා සමන් ඇරෑගම යන පුරාවිද්‍යාඥයින් මෙලෙස සම්මාණයට පාත්‍ර වී ඇත.  ඔවුන් විසින් පසුගිය වසරේ දී ලෝකයේ ප්‍රමුඛ පෙළේ සඟරාවක් වූ  Journal of Human Evolution 2017 හි පළ කරන ලද Fruits of the forest: Human stable isotope ecology and rain forest adaptations in Late Pleistocene and Holocene (∼36 to 3 ka) Sri Lanka ලිපිය සඳහා මෙම සම්මාණයට පාත්‍ර වී ඇත. මෙම පර්යේෂණාත්මක ලිපිය සඳහා Patrick Roberts, Nimal Perera, Oshan Wedage, Siran Deraniyagala, Jude Perera, Saman Eregama, Michael D. Petraglia, Julia A. Lee-Thorp යන විද්වතුන් තම දායකත්වය සපයා ඇත.

archaeology.lk තවත් සද්-කාර්යයක් : වසරේ දක්‍ෂතම පුරාවිද්‍යා උපාධිධාරියා සඳහා වූ ආචාර්ය පෝල් ඊ.පී. දැරණියගල හා සිරාන් යූ. දැරණියගල විශිෂ්ඨ නිපුනතා රන් පදක්කම

පසුගිය වසර අටක කාලයක් තිස්සේ ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා දැනුම හා තොරතුරු සිංහල හා ඉංග‍්‍රීසි යන දෙ බසින් විශ්වව්‍යාප්ත ගත කරමින් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කළ ලංකාවේ ප‍්‍රමුඛතම වෙබ් සමූහය වන ජාතික හා ජාත්‍යන්තර සම්මාණයෙන් පුද ලද archaeology.lk කණ්ඩායම තම අට වැනි සත්වත්සරය සමරමින් තවත් සද්-කාර්යයක් සඳහා මුළ පුරන ලදී. ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යාව උදෙසා විශිෂ්ඨ සම්ප‍්‍රදානයක් දැක් වූ අාචාර්ය පෝල් එඩ්වවර්ඞ් පීරිස් දැරණියගල හා ආචාර්ය සිරාන් උපේන්ද්‍ර දැරණියගල යන පිය-පුතු විද්වතුන් දෙපලගෙන් ශ‍්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්‍ෂේත‍්‍රයේ උන්තතිය හා ප‍්‍රගමනය උදෙසා සිදු වූ අමරණීය සේවය ස්මරණය කිරීම හා ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ දක්‍ෂතම විද්‍යාර්ථියාගේ සාමාර්ථ්‍ය ඇඟයීම සඳහා රන්පදක්කමක් පිරිනැමීමයි.

ග‍්‍රන්ථ එළිදැක්වීම : මාර්ග පුරාණය – ආචාර්ය පී. විදානපතිරණ

ලේඛක : ආචාර්ය පී. විදානපතිරණ ප්‍රකාශක : පුරාවිද්‍යා පශ්චාත් උපාධි අායතනය, ෙකාළඹ 7. මිල : රු. 800.00 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය...

මහාචාර්ය රාජ් සෝමදේව මහතා ගේ ශාස්ත්‍රීය කෘතියක් රාජ්‍ය ඇඟයීමට ලක් වේ

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක චමල් රාජපක්ෂ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් 30 වැනි දා කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති 2013 රාජ්‍ය සාහිත්‍ය...

ප්‍රකාශන උද්ධරණයේ දී යොදා ගන්නා ක්‍රම 1 : හාවර්ඩ් උද්ධරණ ක්‍රමය පිළිබඳ හැඳින්වීමක්

නිබන්ධනයක් හෝ ග්‍රන්ථයක් සම්පාදනයේ දී තමන්ගේ මත තහවුරු කිරීමට හෝ තමන්ගේ මත ගොඩනගා ගැනීමට වෙනත් ප්‍රකාශනවලින් කරුණු ඉදිරිපත් කරයි. ශාස්ත්‍රීය ප්‍රකාශනයක් සම්පාදනයේ දී පෙළෙහි (in-text) තමා පරිශීලනය කරන ලද තොරතුරු මූලාශ්‍ර කවරක් දැයි යන්න දැක්වීම අත්‍යවශ්‍ය කරුණකි. එ සේ නොකිරීම අන්‍යයන් ගේ අදහස් සොරාගැනීමක් (Plagiarism) ලෙස සැලකේ.

කුවේණියගේ ශාපය, වැද්දන් හා නවීකරණයේ ප්‍රතිරෝධය

සුදර්ශන් සෙනෙවිරත්න මහාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය. සිංහල පරිවර්තනය: පුජ්‍ය වෑතර මහින්ද හිමි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය. ජන සමුහය සහ පාරිසරික ව්‍යුහය වැද්දන්...

ජනප්‍රියම ලිපි

නවතම ලිපි