උරුම කළමනාකරණය

ලක්දිව පුරාවිද්‍යාත්මක උරුමය හා සම්බන්ධ නෛතික අර්ථනිරූපණ

බැරගම සද්ධානන්ද හිමි හා යමුනා හේරත් පාළි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, හෝමාගම. හැඳින්වීම අතීත මානවයාගේ ක්‍රියාකාරිත්වයෙන් ශේෂ වූ ද්‍රව්‍යමය සාධක පුරාවිද්‍යාත්මක උරුමය යන්නෙන් සරලව අර්ථ දැක් වේ. ඊට චංචල හා නිශ්චල මෙන්ම ස්පර්ෂ...

උරුමය ගෝලීයකරණය වීම තුළ ශ‍්‍රී ලාංකේය ජීවමාන පූජනීය උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණයේ දිශානතිය සහ අර්බුදය

අරුණ රාජපක්ෂ පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. හැඳින්වීම පසුගිය දශක කීපය තුළඋරුමය ගෝලීයකරණය වීමේ ප‍්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ජගත් උරුම ක්ෂේත‍්‍රයන්හි...

ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික ත‍්‍රිකෝණ ජගත් උරුම ක්‍ෂේත‍්‍ර සැලසුම්කරණය සහ කළමනාකරණය

අරුණ රාජපක්ෂ පුරාවිද්‍යා අධ්‍යයන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය. හැඳින්වීම මෙම පර්යේෂණය තුළ සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපෘතිය හරහා වූ උරුම සංරක්ෂණය, කළමනාකරණය සහ...

උරුම කළමනාකරණය : 2. සම්ප්‍රදායෙන් විද්‍යාත්මක ප්‍රවේශයට : යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත අවධි තුළ අර්බුධයට ලක්වන උරුම සංරක්ෂණයේ තිරසාරබව

ශ්‍රී ලංකාවේ උරුම සංරක්ෂණය සම්බන්ධයෙන් සිදුවන හඳුන්වාදීම් හරහා සිදුවන පරිවර්ථනයක් අප විසින් තේරුම් ගත යුත්තේ ඊට පූර්ව අවධීන්ට සාපේක්ෂවය. එහි දී පූර්ව යටත් විජිත අවධිය තුළ දේශීය අනන්‍යයතාවන් මත පදනම් වූ සාම්ප්‍රදායික සංරක්ෂණ ප්‍රවේශයක් තුළ දේශීය උරුම ස්ථානයන්ගේ තිරසාරබව තහවුරු වූ අතර යටත් විජිත අවධිය තුළ සාම්ප්‍රදායික ප්‍රවේශයෙන් විද්‍යාත්මක අවශ්‍යතාවන් අරමුණු කරගත් වෘත්තීමය ආයතනමය ප්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනාගත හැකි අතර එය දේශීය ප්‍රජා විරෝධතාවන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප්‍රවේශයක් වෙත ගමන් කිරීම හඳුනාගත හැකි අතර එය දේශීය ප්‍රජා විරෝධතාවන්ට ද හේතු විය. පශ්චාත් යටත් විජිත අවධිය තුළ ජාත්‍යන්තර ප්‍රවේශයක් වෙත දෝළනය වීම තුළ දේශීය ආගමික ප්‍රජා අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගැනීමට අපොහොසත් වීම වර්තමානයේ උරුමය හා සම්බන්ධ අර්බුධ රැසකට හේතු වී ඇත.

උරුම කළමනාකරණය : 1. සංකල්පමය ප‍්‍රවේශයක්

විශේෂ සංකල්ප වන උරුමය, උරුමය සංරක්ෂණය සහ කළමනාකරණය, සංචාරක ව්‍යාපාරය ආදී මාතෘකා පිළිබඳව මෙන් ම එම සංකල්පවල අෙන්‍යා්න්‍ය අවියෝජනීය සබඳතාව හා විඝටනාත්මක තත්වයන් සාකච්ඡා කෙරේ. උරුම සංකල්පය අතීත, වර්තමාන සහ අනාගතය සම්බන්ධ වන්නා වූ ගතික සංකල්පයක් මෙන් ම කි‍්‍රයාවලියකි. උරුමය ස්වාභාවික මෙන් ම සංස්කෘතික වශයෙන් ස්පර්ශනීය මෙන් ම අස්පර්ශනීය ගති ලක්ෂණයන්ගෙන් ද සමන්විත වේ. උරුමයන් විවිධ සන්දර්භයන්හි දී විවිධ වූ අනන්‍යතා ප‍්‍රකට කරන අතර උරුමයකට ලඟා කර ගත හැකි ඉහළම අනන්‍යතාව වන්නේ ජගත් උරුම අනන්‍යතාවයි.

මහනුවර, නාගරික උරුම සංරක්ෂණය හා ප‍්‍රජා සහභාගීත්වය

උරුම සංරක්ෂණය බහුවිධ පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීමෙන් සිදු වන කි‍්‍රයාදාමයක් වන අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රතිලාභ සම්බන්ධයෙන් උරුම ක්ෂේත‍්‍රය තුළ සහ හාත්පස ජීවත් වන ප‍්‍රදේශීය ප‍්‍රජාව නො සලකා හැරීමේ හෝ ප‍්‍රතිලාභ අහිමි වීමේ තත්වයකට මුහුණ පෑමට සිදු වී ඇත. උරුම කළමනාකරුවන් හා සැලසුම්කරුවන් මුහුණ දී ඇති ප‍්‍රබල අභියෝගයක් වන්නේ උරුම සම්පත් සංරක්ෂණය සහ ප‍්‍රජා යහසාධනය අතර තුලනයක් ඇති කිරීම ය. දියුණු වෙමින් පවතින රටවල උරුම ක්ෂේත‍්‍ර සංරක්ෂණයේ දී සහ සංවර්ධනයේ දී පාර්ශ්වකරුවන්ගේ මැදිහත්වීම හා සහයෝගය ප‍්‍රවර්ධනය කිරීම සඳහා විවිධ කි‍්‍රයාමාර්ග ගෙන ඇති අතර සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇත්තේ ඉන් අතළොස්සක් පමණි.

ජනප්‍රියම ලිපි

නවතම ලිපි