ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය: තර්ජන, අභියෝග හා අනාගතය ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය 2020

ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය

ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය : තර්ජන, අභියෝග හා අනාගතය යන මැයෙන් ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය  ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය සමඟ එක්ව archaeology.lk ආයතනය මඟින් 2020 සැප්තැම්බර් මස 24 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා නිපුණතා සංවර්ධන ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරය තුළ පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 තෙක් පැවැත්වෙයි.

දේශන

  1. බෞද්ධ උරුම සංරක්ෂණය උදෙසා විද්වතුන්ගේ කාර්යභාරය (මුඛ්‍ය දේශනය) – ආචාර්ය ගාමිණී විජේසූරිය
  2. ශ‍්‍රී ලාංකේය බෞද්ධ උරුමයේ බහුවිධතාව – මහාචාර්ය නිමල් ද සිල්වා
  3. ශ‍්‍රී ලාංකේය බෞද්ධ උරුම ස්ථානීය අනන්‍යතා විකෘතිකරණය – ආචාර්ය ඉෂංඛ මල්සිරි
  4. බෞද්ධ උරුම විනාශයේ විවිධ පැතිකඩ – පුරාවිද්‍යා චක‍්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
  5. ශ‍්‍රී ලාංකේය බෞද්ධ උරුමයේ ප‍්‍රභවය හා පැවැත්ම සම්බන්ධයෙන් මහාවිහාර සම්ප‍්‍රදායේ දැක්ම – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන
  6. බෞද්ධ උරුම සංරක්ෂණය පිළිබ`ද ජාතිකවාදී දැක්මක් – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල

මෙම වැඩසටහන සඳහා 200 ක පිරිසක් සහභාගී කරගැනීමට අපේක්ෂා කරනු ලැබෙයි. සම්මන්ත්‍රණය සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකරන අතර එදින දිවා අහාරය සහ සියලුම සංග්‍රහ නොමිලයේ සපයනු ලබයි.

මෙම ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය සඳහා පහත දැක්වෙන පෝරමය පුරවා ලියාපදිංචි විය හැක. යම්කිසි හේතුවක් මත ලියාපදිංචියෙන් පසුව ඔබට සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට නොහැකි වන්නේ නම් ඒ පිළිබඳව 2020 සැප්තැම්බර් මස 23 වන දින හෝ එදිනට පෙර පහත දුරකථන අංකය වෙත දැනුම් දිය යුතු වෙයි.

සිතුමි බොතේජු (archaeology.lk) – 0342 238 980 / 071 746408